The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-14



දහතුන්වෙනි කොටස...



" දුවී බේබී... මම ඔයාට ඕන දේ ගෙනාවා..." කියමින් දුවිනි ළඟට කොල්ලෙක් ආවා.


ඒ කොල්ලා සුදු පාට කුඩුවගයක් දාපු විනිවිද පේන පොඩි කවරයක් දුවිනිට දුන්නම දුව්නි බෑග් එකෙන් සල්ලි මිටියක් අරන් දුන්නා.


ඒ කොල්ලා ගියාට පස්සේ දුවිනි ඒ කවරේ අතේ තියන් හිනාවුනා.


" මොනාද ඒ..."


" වශියක්..."


" වශියක්... විහිලු කරනවාද දුවී.. ඔයා ඕවත් විශ්වාස කරනවද.."


" ඩ්‍රග් එකක්.. මේක යෂ්ට දුන්නට පස්සෙ ඉතින් යෂ් මගේම තමා..." දුවිනි කිව්වා.


" අංකල් කේස් දාන්නැති වෙයි කියලා ශුවර්ද.. අනික බලන්නකෝ.. ඔයයි අංකල්ගේ දුව ඒත් ලියාරට අංකල් මුකුත් කළෙත් නෑ.. අංකල් ලියාරාගේ අම්මව දන්නවද..."


" මං හිතන්නේ එහෙම තමා.. මට පෙන්නේ ඒකිගේ අම්මා ඩෑඩ්ගේ ex girlfriend වගේ..."


" ආ.. ඒක තමා එහෙනම්..."







මේ අතරේ යෂ් රෑ තිබ්බ වැඩ ටිකත් ඉවර කරලා රූම් එකට එනකොට ලියා පේන්න හිටියේ නෑ.


" මේකි ආයේ අර රූම් එකට ගිහින්ද..."


එතකොට තමා යෂ් දැක්කේ බැල්කනිය පැත්තෙන් වැටිලා තියන හෙවනැල්ල.


" ආ මේ ඉන්නේ..."


" ඒයි මොකද මෙතන සීතලේ කරන්නේ..." යෂ් පිටිපස්සෙන් ඉඳන් කතා කරනකොට වෙන සිහියක හිටිය ලියාව ගැස්සිලා ගියා.


" අම්මෝ බය කරන්නෙපා මනුස්සයෝ...." ලියා පපුවටත් අත තියන් කිව්වා.


බැල්කනි එකේ තිබ්බ ඔංචිල්ලාවේ ඉඳගත්ත යෂ් කෙල්ලවත් ඇඳලා ඔඩොක්කුවට ගත්තා.


" මොකද කරන්නේ..."


" ම්ම්... මොනාද කරන්න ඕන වයිෆි..." යෂ් කෙල්ලගේ කනට කරලා ඇහුවා.


" අනේ යෂ් විකාර කරන්නෙපා අප්පා..." කියලා කෙල්ල නැඟිටින්න හැදුවත් යෂ් ආයේ කෙල්ලව ඇදල අරන් පොඩි බොක්ස් එකක් අතට දුන්නා.


" මොකක්ද මේ..."


" ඇරලම බලනවකෝ..."


කෙල්ල ඒ බොක්ස් එක ඇරලා බලද්දි තිබ්බේ වෙඩින් රින්ග්ස් දෙකක්.




" වාව්... ඒක ලස්සනයි යෂ්..."


" කෝ දෙනවකෝ දාන්න..." කියලා යෂ් කෙල්ලගේ අත අරගෙන මුද්ද දැම්මා.



ඊටපස්සේ අත අල්ලගෙනම,

" දැන් තමා ලස්සනම..."


" Thank you යෂ්..." කියලා කෙල්ල යෂ්ගේ බෙල්ල බඳාගත්තා.


" කෝ මට..." කෙල්ල අනික් රින්ග් එක යෂ්ගේ අතට දැම්මා.


යෂ් ඊටපස්සේ යෂ්ගේ අතයි ලියාගේ අතයි එකට තියලා ෆොටෝ එකක් ගහලා FB දැම්මා.


" යෂ්..."


"ම්ම්...."


" ඇයි ඔයා ඒක..."


" තමුසේ මාව දාලා යනවද..."


" ආ... "


" මං අහන්නේ මාව දාලා යන අයිඩියා එකක් එහෙම තියනවද කියලා..."


" නෑ..."


" ම්ම්...තිබ්බත් වැඩක් නෑ මම තමුසෙට යන්න දෙන්නේ නෑ... ඒකයි මම ඒක පෝස්ට් කරේ..."


" ඒත් යෂ් ඒක ඔයාගේ වැඩවලට...."


" ඩෝන්ට් වොරි ප්‍රින්සස්... මට දැන් ඔයා තමා අංක එක..."


" මට ඒ තරන් ආදරේද යෂ්...."


" ඔව් බන්... උබ මාව දාලා ගියොත් දැන්නම් ඇත්තමයි මට පිස්සු හැදෙයි..."


" ඒත් යෂ් ඔයා මම ගැන හටියට නොදැන මට කොහොමද ආදරේ කරේ... බැරි වෙලාවත් මම පොලිසියෙන්වත් වුනානම්..."


" ඒත් මම උබට ආදරේයි බන්..." යෂ් ලියාගේ මූණ අතගාමින් කිව්වා.


දෙන්නාගේ ඇස් එකට ගැටුනේත් ඒ වෙලාවෙමයි. මෙච්චර දවසක් ලියාව ළඟින් තියාගෙම හැඟීම් පාලනය කරගෙන හිටියත් යෂ්ට දැන්නම් ඒක බෑ.


" princess මගේම වෙන්න කැමතිද..."


" යෂ්...."


" කැමති නැත්තන් කමක් නෑ බන්...."


" නෝ යෂ්..." කියපු ලියා යෂ්ගේ දෙතොල් සිප ගත්තා.


යෂ් ලියාවත් වඩාගෙන ඇඳට ගියේ අනුරාගී රාත්‍රියක් ගත කරන්න..


( හරි හරි දැන් එතනින් එහාට දේවල් වැඩක් නෑ...)



පහුවදා උදේ ලියා නැඟිටිනකොටත් යෂ් නැඟිටලා ලියාගේ මූණ දිහා බලන් ඉන්නවා.


" Good morning princess..."


" Good morning වලස් පැටියෝ...."


"මොකෝ දැන් මම තඩියා නෙවෙයිද පැටියාද...." යෂ් හිනාවෙමින් ඇහුවා.


"ම්ම්..  තඩියාම තමා මගේ කොන්දයි බඩයි හොඳටම රිදෙනවා..." ලියා අඩන මූණක් හදාගෙන කිව්වා.


" මැණික... ගොඩක් අමාරුද... ඉන්න මම උණු වතුර ටිකක් අරන් එන්නම්..." කියලා යෂ් නැඟිටලා යන්න හැදුවත් ලියා නැවැත්තුවා.


" ඕන්නෑ යෂ්... නාගත්තාම හරියයි... " කියලා ලියා ඇඳෙන් නැගිටින්න ගියේ.


යෂ් ලියාව උස්සන් ගිහින් බාත් ටබ් එකෙන් තිබ්බා. ඇත්තටම කිව්වොත් ඒක බාත්ටබ් එකක් කියන්නත් බෑ. ඒක පොඩි ස්විමින් පූල් එකක් වගේ.

මේ වගේ කියලා හිතන්නකෝ



ලියාව නාවලා ආපහු ඇඳ උඩින් ගෙනැත් තිබ්බේ පොඩි එකෙක්ව නාවල ගෙනත් තියනවා වගේ.


ලියාව ඇඳෙන් තිබ්බ ගමන් ලියා යෂ්ව බඳාගෙන අඬන්න ගත්තා.


" ඇයි මැණික... ඔයාට ගොඩාක් රිදෙනවද... මම ආයේ තමුසෙට ළං වෙන්නේ නෑ ඕයි.. කෝ අඬන්න එපා.. මම කිරාට එන්න කියන්නද... බෙහෙත් මොනාහරි දෙන්න..."


" පිස්සුද යෂ්... මම ඇඬුවේ ඔයා මට සලකන විදිහට... දන්නවද මම චූටි කාලේ ආස වුනේ මාව මේ විදිහට තාත්තා බලාගන්නවට... ඒත් මට කවදාවත් තාත්තාගේ ආදරේ හම්බුනේ නෑ... යෂ් එයා මම හම්බෙලා සතියක් යනකනුත් මාව බලන්න ඇවිල්ලා තිබ්බේ නෑ යෂ්..." කියලා ලියා ආයේ අඬන්න ගත්තා.


" කෝ මැණික අඬන්න එපා... කෝ දැන් ඒවා වැඩක් නෑ.. මම ඔයාව හොඳට බලාගන්නවා.. මට ඔයාට තාත්තා කෙනෙක් වෙන්න බෑ.. ඒත් මම ඔයාට හොඳ සැමියෙක් වෙනවා... මේ ඒක නෙවෙයි අර බලන්නකෝ.." කියලා යෂ් කෙල්ලට ඇඳේ තිබ්බ දෙයක් පෙන්නුවා.


ඒක දැක්ක ලියා ලැජ්ජාවෙන් රතු වුනා.


" අනේ යෂ්... ඔයා නම්..."


ඒ රතු සලකුණ...


කෙල්ලගේ නළල සිප ගත්ත යෂ්,


" කෝ දැන් ඇඳුමක් දාගන්න අද කැම්පස් යනවද..."


" ඔව් ඔව් යන්න ඕනේ..."


" හ්ම්ම්.. හ්ම්ම්.. මේ හැබැයි අර විදූෂයාගෙන් ඈත්වෙලා ඉන්නවා ඈ..."

ලියා යෂ්ගේ කර වටේ අත දාගෙන.


" මොකෝ මගේ හස්බන්ඩ්ට ජෙලස්ද..." කියලා ඇහුවා.


" ජෙලස් හිතෙන්නේ නැද්ද බන්.. ඌ ඇවිත් බදාගත්ත හැටි විතරක්.. මට වෙඩි තියලා දාන්න හිතුනේ..."


" හරි හරි අනේ ඔච්චර නපුරු වෙන්න එපා.. මම විදූ අයියාගෙන් ඈත් වෙලා ඉන්නම්කෝ හාද..."





අදත් යෂ් ලියාව කැම්පස් එකට දැම්මා. අද නම් ලියා කාර් එකෙන් බහින්න කලින්ම යෂ්ට කිස් එකක් දීලා තමා බැස්සේ. මේ ආදරණීය කපල් එක දිහාට හැබැයි ඇස් කීපයක්ම යොමු වෙලා තිබ්බා.




එදා දවල් නිහාල් කම්පැනි එකේ වැඩ කර කර ඉන්නකොට ආවේ දුෂාන්.


" ඩෑඩී මම අරකිගේ විස්තරේ හොයාගත්තා..."


" මොනාද වෙන්නේ එතන..."


" ඒකි යෂේන්කාරයාව තමා මැරි කරලා තියෙන්නේ.. ඒත් යෂේන් මැරි කරන්න හිටියේ දුවිනි කියලා කෙනෙක්ලු.. බ්‍රයිඩ් මාරු වෙලා... ආරංචිය යන්නේ යෂේන් මාරු කරලා කියලා..."


" ඒ කියන්නේ ඒකි කලින් ඉඳලම ඌ එක්ක සම්බන්ධයක් තිබිලද..."


" නෑ ඩැඩී... එතන වෙන මොකක් හරි එකක් තියෙන්නේ..."


" එතකොට අර දුවිනි කියන්නේ කවුද..."


" දුවිනි කියන්නේ මම හොයාගත්ත විදිහට... Russiaවල එඩ්වඩ් වින්ස්ටන් කියන කෙනාගේ දුවලු.. එඩ්වඩ් කියන්නේ russiaවල සුපිරි පවුලක එකෙක්ලු.. "


" එඩ්වඩ් වින්ස්ටන් ඌ මැරිලා නැද්ද එතකොට..."


" ඩැඩී දන්නවද එයාව..."


" මොකද නැත්තේ... ඌ තමා අරකිගේ මහ එකීගේ ආදරවන්තයා... ඒකි ඌ හින්දා මට ඒකිට ළං වෙන්න දුන්නෙත් නෑ... මම ඒකිව රේප් කරපු හින්දා තමා ඔය ලියාරා හම්බුනෙත්..."


" ඒත් ඩැඩී මොකක්ද අර මැරුවා කිව්ව කතාව..."


" පුතා ඔයා නිකමටවත් හිතුවද මම කොහොමද ෆයර්ස්ලව අඳුරන්නේ කියලා.."


දුෂාන් නෑ කියන්න ඔලුව වැනුවා.


" ෆයර්ස්ලාගේ හිටපු නායකයා තමා රිෂිනි එහෙමත් නැත්තන් ලියාරාගේ අම්මාගේ තාත්තා... ලියාරාගේ සීයා... එතකොට දැන් නායකයා තමා එයාගේ පුතා..."


" මොකක්... ඒත් ඇයි ඩැඩී එයාලා ලියාරා ගැන බැලුවේ නැත්තේ... ලියාරා අපේ ගෙදර ඉන්නකොට අපුරූවට එයාට එක්ක යන්න තිබ්බනේ..."


" විනෝද් එහෙමත් නැත්තන් දැන් ෆයර්ස්ලාගේ නායකයා රිෂිනිගේ තාත්තා හදාගන්න ගත්ත පුතෙක්... හරියටම කිව්වොත් ෆයර්ස්ලාගේ නායකයා වෙන්න හිටියේ රිෂිනි..."


" ඒත් ඩැඩී එතකොට කොහොමද විනෝද් නායකයා වුනේ..."


" එඩ්වඩ් මීට අවුරුදු විසිපහකට විතර කලින් ලංකාවට ඇවිත් හිටියේ.. අපි දැනන් හිටියේ නෑ ඌ කවුද කියලා... ඒ දවස්වල මායි විනෝදුයි හොඳ යාලුවෝ.. මම එහෙ යනවා එනවා.. මම ඒ අතරේ රිෂිනිව දැකලා මට රිෂිනිව ඕන වුනා.. අංකලුත් කැමති වුනා... ඒත් ඒ වෙනකොටත් රිෂිනි එඩ්වඩ් එක්ක යාළු වෙලා.. ඒ අතරේ තමා අංකල් රිෂිනිට ටීම් එක භාර දෙන්න හැදුවේ.. රිෂිනි කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රිෂිනි scientist කෙනෙක් ඒකිට වෙනම ලැබ් එකක් ඉඳන්ම තියනවා.. ඒකිගේ ලැබ් එක තමා දැන් මං පාවිච්චි කරන්නේ... රිෂිනිට ටීම් එක භාර දෙන එකට විනෝද් කැමති වුනේ නෑ ඒ හින්දා විනෝද් කරේ එඩ්වඩ් ගැන බොරු කියලා රිෂිනිව එඩ්වඩ්ට බන්ඳන එක නැවැත්තුවා... විනෝද්ම තමා එඩ්වඩ්ව මරලා දැම්මෙත්... මං හිතන්නේ මොකක් හරි අවුලක් වෙලා තියනවා... ඊටපස්සේ රිෂිනිව මට බන්දලා දුන්නා... ඒත් අර නාකියා අදහස වෙනස් කරලා තිබ්බේ නෑ... ඊටපස්සේ විනෝදුයි මායි නාකියාවත් මරලා දැම්මා... රිෂිනිවත් මැරුවා..."


" එතකොට ඩැඩී එඩ්වඩ් කියන්නේ කවුද හරියටම..."


" අපි පස්සේ තමා දැනගත්තේ එඩ්වඩ් කියන්නේ රුසියාවේ වින්ස්ටන් පවුලේ කෙන්ක් කියලා... වින්ස්ටන් පවුල කියන්නේ රුසියාවේ ප්‍රදානම මාෆියා ගෑන්ග්වලින් එකක්... එඩ්වඩ්ගේ දුව කියන්නේ දුවිනි... දුවිනි බඳින්න හිටියේ යෂේන්... ඒත් දැන් බැන්ඳේ ලියාරා... හරිනේ කොල්ලෝ අපිට මඟ ඇරුනේ shadow ripper..."


" ඩැඩී කියන්නේ shadow ripper කියන්නේ යෂේන් කියලද..."


" මගේ ගෙස් එකක් විතරයි... සමහරවිට නොවෙන්නත් පුලුවන් මං කෝකටත් විනෝද්ට කියන්නම්.. යෂේන් ගැන විස්තර හොයගන්න පුලුවන්න නම්..."


" ඩැඩී ක්‍රමයක් තියනවා.. ලබන මාසේ නේද මිස්ටර් සමරසිංහගේ ඩෝටර් මැරි කරන්නේ...කොහොමත් යෂේන්ටත් ඉන්වයිට් කරයිනේ..."


" අන්න හරි කොල්ලෝ ඒ වැඩේ නම් මරු..."






තවත් සතියක්ම ගෙවිලා ගියේ යෂ් ලියා දෙන්නා ආදරෙන් කාලේ ගත කරද්දි.


ඒ අතරේ එමාටත් බබා හම්බුනා.



එකදවසක් උදේ ලියායි යෂුයි සෙතුයි තුන්දෙනා breakfast ගන්න ගමන් හිටියේ.


එතනට ලීලම්මා ආවා.


" චූටි මහත්තයෝ... මට සතියක විතර නිවාඩුවක් දෙන්න පුලුවන්ද... මගේ දුවගේ කකුල කැඩිලාලු මහත්තයෝ..."


" ආහ්.. ලීලම්මා ගිහින් එන්න... සෙත් ලීලම්මාට පනස්දාහක් විතර දීපන්..."


" අනේ සල්ලි ඕන්නෑ මහත්තයෝ.. මම ගිහින් එන්නම්... මම අනුලා නංගිට එන්න කියන්නද මේ දවස් ටිකට..."


" හා ලීලම්මේ... අනුලා නැන්දාට සතියකට එන්න කියන්න..."


" කවුද අනුලා නැන්දා කියන්නේ...." ලියා.


" එයා තමා ලීලම්මා නැති දවස්වලට උයන්න එන්නේ..."


" ඉතිම් මං උයන්නම්කෝ..."


" තමුසෙට උයන්නත් පුලුවන්ද..." යෂ්.


" ආයෙත් අහලා... දන්නෑ මේ ලියාගේ වැඩ... ලීලම්මා නැති දවස්වලට මං උයන්නම් don't worry..."


" අපිට කන්න පුලුවන් වෙයි නේද නංගි..."





යෂ් කෙල්ලවත් කැම්පස් දාලා කම්පැනි එකට ගියා. සෙත් කියන්නේ කොල්ලාගේ personal assistant.


" සමරසිංහගේ ඩෝටර්ගේ වෙඩින් එකට ඉන්විටේෂන් ඇවිත් තියනවා.. මොකද කරන්නේ යනවද..." සෙත්.


" කවද්ද තියෙන්නේ..."


" ලබන මාසේ විස්ස..."


" shedule එකට දාපන්... ලියාවත් එක්ක යන්..."


" ඒත් ශුවර් එකට ඕකට නිහාල්කාරයත් එයි බන්.."


" කමක් නෑ.. ඕනම දෙයක් හංඟන් ඉන්න පුලුවන් කාලෙකුත් තියනවනේ.. උබ හෙව්වද ලියාගේ අම්මාගේ ලැබ් එක ගැන..."


" ඔව් බන්.. ඒක නිහාල්ගේ යටතේ තියෙන්නේ.. එතනින් තමා නියුලික් එළියට ගිහින් තියෙන්නේ.. ආරංචි විදිහට ලියාගේ අම්මා ළඟ වැඩ කරපු සෙට් එකක් තාම එතන වැඩ... "


" කෝකටත් ඇහැ ගහගෙන ඉඳපන්.. නිහාල් ෆයර්ස්ලා එක්ක සම්බන්ධ කොහොමද කියලත් හොයපන්...."


" ඒක ගැන මම පොඩි දෙයක් හොයාගත්තා.. ඒත් ඒකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..."


" මොකක්ද..."


" ලියාගේ සීයා තමයි ෆයර්ස්ලාගේ කලින් හිටපු ලීඩර්..."


" වට්... ඒ කියන්නේ නිහාල්ගේ..."


" නෑ නෑ.. රිෂිනි ඇන්ටිගේ..."


" ඒ කියන්නේ ලියාත් ඒවට සම්බන්ධ ද..."


" නෑ මට පෙන්නේ ලියා ඒ ගැන මුකුත් දන්නේ නෑ බන්... නංගිගෙන් මං ශේප් එකේ නිකමට ඔය විස්තර ඇහුවා.. කෙල්ල පොඩි කාලේ ඉඳන් රිෂිනි ඇන්ටි එක්ක ඉඳලා තියෙන්නේ.. පවුලේ කාත් එක්කවත් සම්බන්ධයක් තිබිලා නෑ..."


" මෙතන සෑහෙන කේස් එකක් තියනවා බන් ඒ කියන්නේ.. රිෂිනි ඇන්ටි මැරුනේ කොහොමද කියල හොයාගත්තා නම් වැඩේ ඔක්කොම හරි...."


" ඉතින් බන් නංගිගෙන්ම අහන්න පුලුවන්නේ..."


" පිස්සුද බන්... කෙල්ල දැන් තමා ටික ටික සනීප වේගෙන එන්නේ... කිරා කියලා තියෙන්නේ කෙල්ලගේ පරණ දේවල් අවුස්සන්න එපා කියලා.. මට හිතෙන්නේ අපිට ඒ ගැන අහගන්න ඉන්න හොඳම කෙනා තමා එඩ්වඩ් අංකල් කියලා.."


" ඒත් බන් එඩ්වඩ් අංකල් රිෂිනි ඇන්ටි මැරුනද කියලාවත් දන්නේ නෑනේ..."


" ඒත් එඩ්වඩ් අංකල් රිෂිනි ඇන්ටි ගැන හොඳට දන්නවා... ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආශ්‍රය කරන කෙනෙක්ට වැඩියේ..."


" උබ කියන්නේ ඒ දෙන්නා loversලා කියලද..."


" ඔව් මට හිතෙන්නේ එහෙම තමා... එදා එඩ්වඩ් අංකල් දැක්කට පස්සේ ලියා හැසිරුන විදිහත් අමුතුයි... ලියා අපිට නොකිව්වට එයත් ඒ ගැන මොනාහරි දන්නවා..."


" අනේ මන්දා බන්.. මම නම් එදා අංකල් කොයි වෙලේ වෙඩි තියයිද කියලා බයේ හිටියේ... ඒක නෙවෙයි මට පුදුමේ අර මඟුල සද්ද නොකර ඉන්න එක ඈ.."


" කව්ද දුවිනිද..."


" ඔව් බන්... ඒකි ඔහොම සයිලන්ට් එක්වෙ ඉන්න එකියක් නෙවෙයිනේ..."


" බයවෙන්න දෙයක් නෑ අනිවාර්යයෙන්ම ළඟදීම බෝම්බයක් පුපුරයි..."




හවස් වෙනකන් වැඩ ටික කරල යෂ් යන්න ලෑස්ති වෙනකොට සෙත්,


" උබ නංගිව එක්ක එන්නද යන්නේ...."


" නෑ බන්.. ලියා මැසේජ් එකක් දාලා තිබ්බා අද හොස්පිටල් එකටත් යන්න වෙනවා කියලා... මම යන්නේ මගේ ළමයි ටික බලන්න..."


" අම්මෝ යමන් යමන්... උබේ ළමයිට කන්න දෙන්න ගිහින් මේ දවස් ටිකේ කොල්ලෝ පස්දෙනෙක්ට තුවාල වෙලා.."


" ඒකනේ බන් උන්ට මගේ ළමයි කියන්නේ.." කියපු යෂ් ගෙදර ආවා.


යෂ් ළමයි කියන්නේ එයා හදන එයාගේ සුරතලුන් ටිකට. යෂ් ලියාට මුලින්ම කිව්වා third floor එකට යන්න එපා කියලා.. මේ third floor එකේ ඉන්නේ යෂ්ගේ ළමයි ටික තමා...


භගීරා... black panther කෙනෙක්...


රයන්... සිංහයෙක්....


රොකී... විකී... නිකී... ලුකී.... කුකී.... ඒ තමා බල්ලො ටික...


මුන් ගැන සාමාන්‍ය විදිහට නම් හිතන්න බෑ.. මොකද උන් කන්නේ මස් විතරයි...


මේ සෙට් එක හීලෑ යෂ්ට විතරයි...


මේ අය ගොඩක් වෙලාවට කන්නේ මිනී මස්..


මොකද යෂ්ගේ මැන්ෂන් එකේ අනිවාර්යයෙන්ම දවසට එක මිනිහෙක් හරි මරනවා..


මේ අයට අමතරව යෂ් ගාව තව සර්ප එකතුවකුත් තියනවා..


කොටින්ම කිව්වොත් third floor එක තමා යෂ්ගේ මැන්ෂන් එකේ තියන භයානකම තැන... එතනට යන්න සෙත් වුනත් බයයි...


යෂ් එයාගේ ළමයි ටිකත් බලලා සාලෙට ඇවිල්ලා වැඩ වගයක් කරලා වතුර ටිකකුත් බීලා රූම් එකට යන්න ගියේ ලියාව එක්ක එන්න කලින් වොෂ් එකක් එහෙම දාලා ලියාට මොනාහරි අරන් කලින්ම පිටත් වෙන්න.


ඒත් යෂ්ට ලිෆ්ට් එක ළඟටවත් යන්න හම්බුනේ නෑ මුලු ඇඟම රස්නේ වෙලා කොල්ලාගේ ඇඟෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තා. හොඳම දේ කියන්නේ යෂ්ට යෂ්ගේ හැඟීම් පාලනය කරගන්න එක තමා අමාරුම දේ වුනේ...


යෂ් අමාරුවෙන් හරි ගිහින් ලිෆ්ට් එකට නැග්ගා.. ඒත් ලිෆ්ට් එකේ හිටිය කෙනාව දැක්කම තමා කොල්ලාගේ ඇස් උඩ ගියේ...


" දුවිනි තමුසේ.. මොකද.... මෙතන..."


දුවිනි හිටියේ ඇඟ නිරාවරණය වෙලා පේන දුහුල් ඇඳුමක් ඇඳගෙන. මේ වෙලාවේ යෂ් හිටියෙත් හැඟීම් පාලනය කරගන්න බැරුව. දුවිනි යෂ් ළඟට ඇවිත් යෂ් ඇඳන් හිටිය ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා.


___________________________________


game start... apt.. apt...

ඒක ඔලුවෙන් යන්නෙ නෑ ළමයි...

ඊයේ කතාව දාන්න බැරි වුනාට සොරි ඈ.. ඒ හින්දා ඔන්න අද කලින්ම දුන්නා...

ළමයි හතුරගේ හතුරෝ මිතුරෝනේ... නිකමට කිව්වේ ඈ...

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page