The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story...🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-13



දොළොස්වෙනි කොටස....


යෂ් ආයෙමත් හැරිලා ගියේ ලියා ළඟට. යෂ් එනව ඇහිලා ලියා ආයේ ඔලුව ඉස්සුවේ බනින්න. ඒත් ලියාට වචනයක් කියන්නවත් ඉඩක් තියන්නේ නැතුව යෂ් කෙල්ලව උස්සලා කරට ගත්තා.


" මාව බිමින් තියනවා වලස් තඩියෝ... මාව කොහෙද එක්ක යන්නෙ..."


" ඇයි වයිෆි අද අපි දෙන්නගේ ෆස්ට් නයිට් එකනේ...."


" අර්.. මාව බිමින් තියනවා මිනිහෝ... මං කසාද බඳින්නම් කිව්වට ඒවට එකඟ නෑ මනුස්සයෝ..." ලියා යෂ්ගේ පිටට ගහමින් කෑගැහුවා.


" මොනාද ඒවා... මටත් කියන්නකෝ...." යෂ් කෙල්ලව තව ටිකක් අවුස්සන්න කිව්වා.


" අනේ යෂ් මාව බිමින් තියන්නකෝ...." ලියා අච්චර වෙලා අඩ අඬ හිටුයත යෂ්ගේ මේ වැඩේ හින්දා කෙල්ලට ඒ දේවල් සේරම අතක වුනා. යෂ්ටත ඕන වුනේ ඒ දේ තමා..


යෂ් කෙල්ලවත එක්කන් ආවේ ලිෆ්ට් එකට.

" මේ කොහෙද යන්නේ..." කෙල්ල පුදුමෙන් ඇහුවා.

" අපායට..."

" අපායට... අනේ මේ ඔයා එක්ක නම් අපායට යන්න බෑ මාව බිමින් තියන්න...." කෙල්ල ආයේ කෑගැහුවා.


කොල්ලා කෙල්ලව එක්කන් කෙලින්ම ගියේ ගරාජ් එකට. කොල්ලාගේ favoriteම car එකේ passenger sheet එකෙන් කෙල්ලව තියලා කොල්ලාත් කාර් එකට නැග්ගා. කෙල්ල කාර් එකෙන් බහින්න හදද්දී කෙල්ලව ආයේ අල්ලලා ගත්ත යෂ් ෂීට් බෙල්ට් එක දාන්න කෙල්ලට ළං වුනා. කෙල්ල හිතුවේ කිස් කරන්න යන්නෙ කියලා. කෙල්ල ඇස් දෙකත් වහගත්තා. ඒක දැක්ක යෂ්ට හිනාගියත් කෙල්ලගේ තොල්වලට පොඩි කිස් එකක් දීලා යෂ් අයින් වුනා.


මේ වෙනකොට රෑ දහයට විතර. යෂ් පාර දිගේ වාහනේ නිදහසේ අරන් ගියා. වාහන ගොඩක් තිබ්බෙත් නැති හින්දා පාරේ අමුතුම නිදහසක් තිබ්බේ. ලියාත් ආසාවෙන් තමා වටපිට බලබල ගියේ.


" අපි මේ කොහෙද යන්නේ..." ලියා වටපිට බලමින් කොල්ලාගෙන ඇහුවා.


" කොහෙද යන්න ඕනේ..."


" ම්ම්... බීච් යන්.. ඒත් කරුවල ඇතිනේ..." කෙල්ල කටේ ඇඟිල්ලකුත් ගහගෙන කිව්වා.


" කරුවල නම් තවත් හොඳයිනේ අද අපි දෙන්නාගෙ ෆස්ට් නයිට් එකනේ..."


" අර්.. ."


යෂ් කෙල්ලට ආයේ මුකුත් කියන්නේ නැතුවම කාර් එක බීච් එකට දැම්මා. බීච් එකේ කිසිම ලයිට් එකක් තිබ්බේ නැතත් ඒ වෙනකොට පෝයට දවස් දෙකක් විතර තිබ්බ හින්දා හඳ එළිය හොඳට වැටිලා තිබ්බේ ලයිට් දාලා වගේ තමා.


" අනේ ඇත්තටම ආවා.. ශෝක් අප්පා...." කියපු කෙල්ල ලහි ලහියේ කාර් එකෙන් බැහැලා මුහුද පැත්තට දිව්වා. යෂුත් ඉක්මනට කාර් එකෙන් බැහැලා කෙල්ල පස්සෙ දිව්වේ මුහුදට පනින්න යනවා කියලා හිතාගෙන. ඒත් ඉතින් කෙල්ල ගියේ රැලි පාගන්න..


පොඩි එකෙක් වගේ මුහුදේ රැලි පාගන ලියාව දැක්කම යෂ්ට හිනා. ලියා නිදහසේ රැලි පාගන අතරේ ලියාගේ ෆොටෝ ටිකත් ගහගන්නත් යෂ් අමතක කරේ නෑ.


පැය භාගයක් විතර වතුරේ ඔට්ටුවෙලා ඔට්ටුවෙලා කෙල්ල යෂ් ළඟට ආවේ තෙත බරිත වෙලා.


" තමුසේ වතුර නාලානේ ඕයි... පොඩි එකෙක් වගේනේ වතුර එක්ක ඔට්ටු වුනේ..." යෂ් කෙල්ල දිහා බලමින් කිව්වා.


" මං පොඩි එකෙක් තමා මට යන්තම් තාම විස්සයි..."


" මං තමුසෙව කන්න එක්කන් යන්නම් කියලා හිටියේ දැන් ඉතින් ඔහොම එක්කන් යන්න පුලුවන් ඇයි... දැන් මොකද කරන්නේ... නඟිනවකෝ කාර් එකට මොනා කරන්නත්..."


" ඒත් ඉතිම් මං තෙමිලානේ.. ඇඟේ වැලිත් එක්ක.. ඔයාගේ කාර් එක තෙමෙයි..."


" කාර් එක ඕන එකක් බන්... නැඟපන්... මගේ දේවල් තමුසේගේත් තමා..." කියපු යෂ් කාර් එකට නැග්ගා. යෂ්ගේ ඒ කතාවට පුදුම වුන කෙල්ල මුකුත් නොකියා කාර් එකට නැග්ගා. යෂ් ගිහින් කාර් එක නැවැත්තුවේ බීච් රෝඩ් එකේම තිබ්බ රෙදි කඩයක් ළඟ.


" යන්..." කියලා කෙල්ලවත් එක්කන් කඩේට ගියා.


" මේ කඩ මෙච්චර වෙලා ඇරලා තියනවද..."


" කටවහගෙන එනවකො.."


යෂ් ඇතුළට යද්දි කැෂියර් එකේ හිටිය කොල්ලා,


" බොස් මේ රෑ වෙලා..." යෂ්ට ආචාර කරලා කිව්වා.


" ඔව් බන්.. ලේඩීස් සෙක්ෂන් එක.."


" ආ.. බොස් අර පැත්තේ ඉන්න මං එන්නම් පෙන්නන්න..."


" ඕන්නෑ.. " කියපු යෂ් ලියාවත් ඇදගෙන ගියා. ගිහින් ලස්සන කලුපාට ගවුමක් අරන් කෙල්ලට දුන්නා.


" යටිතල පහසුකනුත් ගනින්..." කියලා යෂ් ලියාට තව පැත්තක් පෙන්නලා කිව්වා.


යෂ්ට රවපු ලියා එතනින් ගියා. කෙල්ල විනාඩි දහයකට විතර පස්සේ ආවේ ඒ ඇඳුම් ඇදගෙන. යෂ් තෝරපු ගවුම කෙල්ලට ගාණ.


" හරි..." කෙල්ලට යෂ්ට රවුමක් කැරකිලාම පෙන්නලා කිව්වා. යෂ් කෙල්ලව ඇදගෙන ආයේ ෂොප් එකෙන් එළියට ගියා.


" සල්ලි ගෙවන්නෙ නැද්ද..."


" ෂොප් එකේ ඕනර් මොකටද බන් සල්ලි ගෙවන්නේ.."


යෂ් ආයේ ඩ්‍රයිව් කරන්න ගත්තා. ඒ අත්‍අරේ කෙල්ල දැක්කේ ස්ට්‍රීට් ෆුඩ් තියන තැනක්.


"අනේ නවත්තන්න... නවත්තන්න... යෂ්...." කියලා කෙල්ල කෑගැහුවා.


" ඇයි බන්..."


" අනේ අරකෙන් කමුකෝ..." කෙල්ල ඒ කඩේ පෙන්වමින් කිව්වා.


කොහොමහරි යෂ් ලියාගේ ඒ ආශාවත් ඉෂ්ට කරා.


කොහොමහරි දෙන්නා ගෙදර යන්න පිටත් වෙනකොට දොළහත් පහුවෙලා.


" යෂ් thank you so much... මම කවදාවත් මේ වගේ දෙයක් විදලා නෑ.. රෑට බීච් ගිහින්... තව ස්ට්‍රීට් ෆුට් කන එක. ඒවා මම ආසම දේවල් වුනාට මට කවදාවත් කරන්න හම්බෙලා නෑ... ඒ ඔක්කොටම වැඩියේ මං ආස මේ විදිහට පාරේ යනඑකට..." කියපු කෙල්ල ෂටර් එකෙන් එළිය බලන්,


" Thank you යෂ්.... " කියලා කෑගැහුවා.


කොහොමහරි ගෙදර එනකොට කෙල්ලට හොඳටම නින්ද ගිහින්.





පහුවදා උදේ නැගිට්ට ලියා කන්ෆියුස් වුනේ එයා හිටියේ එයාගේ ඇඳේ නෙවෙයි හින්දා.


" ආ.. මේ... අප්පටහුඩු මේ අර වලස් තඩියාගේ රූම් එක නේද..." කෙල්ල ඉක්මනට බැලුවේ ආපදාවක් වෙලාද කියලා.


" කිසිම ප්‍රශ්නයක් නෑ... වෙලාව කීයද අප්පා.... හුටා එකොළහයි... මං මෙච්චර වෙලා නිදාගත්තද...." ලියා ඉක්මනට ගියේ ආයෙමත් එයාගේ කාමරේට ගිහින් වොෂ් එකක් දාලා ඇඳුමක් දාගෙන සාලෙට ආවා.


ඒ එද්දි හිටිය අය දැකලා කෙල්ල ආයේ කන්ෆියුස් වුනා.


ඇවිත් හිටියේ එඩ්වඩ්.... දුව්නිත් පැත්තකින් ඉඳගෙන හිටියා.... කෙල්ල එනවා දැක්ක දුවිනි තරහෙන් නැඟිටින්න හැදුවත් එඩ්වඩ් දුව්නිව අල්ලගත්තා. ලියාට හිතාගන්න බැරි වුනා දැන් මොනාද කරන්න ඕන කියලා. කෙල්ලගේ වෙලාවට වගේ යෂ් ආවා.


" අංකල්..."


" ආ.. යෂ් ඉඳගනින්කෝ කොල්ලෝ... දුවේ ඔයත් ඉඳගන්නකෝ..." එඩ්වඩ් ලියා දිහා බලලා කිව්වා. ලියාත් ඇවිත් යෂ් ළඟින්ම ඉඳගත්තා.


" මට දැන් ඊයේ වෙච්ච දේ පැහැදිලි කරන්නකෝ..."


" අංකල්... ඊයේ වුන දේ ගැන කිව්වොත් මම ආදරේ කරන්නේ ලියාට... ඒ නිසා මටයි ඕන වුනේ එයාව මැරි කරන්න... මම දුවිනිට කවදාවත් ආදරේ කරේ නෑ.. එයයි මගේ පස්සෙන් එල්ලි එල්ලී ආවේ.. අනික දුවිනි හැදුවේ ලියාව කිසිම හේතුවක් නැතුව මරලා දාන්න.. අංකල් මම දැන් මේ දේ කියනවා.. ලියා කියන්නේ මගේ වයිෆ්.. එයාට ඔයාලා කවුරුම හරි කරදරයක් කරන්න හැදුවොත් මට ඔයාට තරන් බලයක් තිබ්බේ නැතත් මම නිකන් බලන් ඉන්නෙ නෑ... මම මරාගෙන හරි මැරෙනවා... මම ආදරේ ලියාට විතරයි දුව්නිට පැත්තටකට වෙලා ඉන්න කියන්න..." කියලා යෂ් එඩ්වඩ්ගේ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා.


" යෂ් එතකොට තමුන් මගේ අවුරුදු ගාණක්ම නාස්ති කරේ මේ දේ කියන්නද.. මේ කොහෙවත් යන එකියක් මැරි කරන්නද.. ඒකීගේ අම්මත් කරේ ඒ දේ මේකි කරන්නෙත් ඒ දේ..." කියලා දුවිනි කෑගැහුවා



ඒකට නම් ලියාට හොදටම තරහා ගියා. දුවිනිගේ කනට පාරක් ගැහුව ලියා දුවිනි දිහාට ඇඟිල්ලත් දික් කරලා,


" තමුසේ මගේ අම්මට මුකුත් කියන්න එන්න එපා.. මගේ අම්මා තරන් හොඳ අම්මා කෙනෙක් මේ ලෝකේ වෙන කොහෙවත් නැත්ජ්ව ඇති... අනික මේකත් මතක තියාගන්නවා.... I am not a mistress... මම දැන් officialy යෂ්ගෙ වයිෆ්... දැන් තමුසේ තමා අපේ මැදට එන්න යන්නේ..."


" දුවිනි යනවා කාර් එකට... " එඩ්වඩ් කේන්තියෙන් කිව්වා.


" ඒත් ඩෑඩ්..."


" කිව්වම යනවා..." දුවිනි පොළොවේ අඩියත් හප්පලා ගියා.


ඊටපස්සේ ලියායි යෂුයි දිහාට හැරුනු එඩ්වඩ්,


" පුතා මට ඔයාව දැක්කම මතක් වුනේ අවුරුදු ගාණකට කලින් හිටිය මාව... එදා මට මං ආදරේ කරපු කෙනාව මගේ ළඟට ගන්න බැරිවුනා.. ඒත් කොල්ලෝ උබ නම් great... මම උබලව ඈත් කරන්නෑ සතුටින් ඉදපන්... දෝණි මම කවුද කියලා දන්නවද..."


"ම්ම්.. දුව්නිගේ ඩෑඩ්... තව Russiaවල මාෆියා කින්ග්..."


හිනාවුන එඩ්වඩ්,


" ඔව් දෝණි... ඒ විතරක් නෙවෙයි මම ඔයාගේ අම්මගේ පරණම යාලුවෙක්... දෝණි රිෂිනි කෝ දැන්...."


" අම්මා අවුරුදු 12කට කලින් මැරුනා අංකල්.. මැරුනා නෙවෙයි මැරුවා..."


" මොකක්.... රිෂූ මැරුනා..."


" ඔව් අංකල්... නිහාල්... එහෙම නැත්තන් මගේ තාත්තාම මගේ අම්මව මැරුවා..."


" නිහාල් මම ඌව මරනවා..." කියමින් එඩ්වඩ් නැගිටලා යන්න ගියා.


" අංකල්... ඇත්තටම මම දන්නෑ ඔයා කොහොමද මගේ අම්මාඅ දන්නේ කියලා... ඒත්... අම්මගේ මරණෙට පලි ගන්න එක මම කරන්නම්.. ප්ලීස් ඔයා ඒ දේට මැදිහත් වෙන්න එපා..." කිව්ව කෙල්ල කිචන් එකට ගියා.


එඩ්වඩ් පුදුමෙන් කෙල්ල දිහා බලන් හිටියේ ලියා කියන්නේ තනිකර රිෂිනිම හින්දා.


තවත් දවස් ගෙවුනේ ලියාගේ කැම්පස් එකේ නිවාඩුවත් ඉවර වෙද්දි.


ලියා උදෙන්ම ලෑස්ති වුනේ කැම්පස් යන්න.


" කොහෙද යන්නේ..." කෙල්ල කලබලෙන් කෑම ගන්න හින්ද යෂ් ඇහුවා.


" university එකට... අද third yearඑකේ පළවෙනි දවස..."


" හිමීට කනවා හිරවෙයි..."


" බෑ බෑ යන්න පරක්කු වෙනවා නැත්තන්..."  කියපු කෙල්ල කටට කෑම පුරෝගත්තා.


" මං ගිහින් දාන්නම් හිමීට කනවා..." ඕන් එතකොට කෙල්ල හිමීට කෑවා.


" ගුඩ් මෝනින්ග්... " සෙතුත් ඇවිත් කෑම මේසෙන් ඉඳගන්න ගමන් කිව්වා.


" මෝනින්... මෝනින්...." කියපු ලියා ආයෙමත් කෑම එකට ෆෝකස් කරා.


" උබ කොහෙද බන් යන්න යන්නේ..." ලියා වෙනදට වඩා වෙනස් විදිහට ඇඳන් ඉන්න හින්දා සෙත් ඇහුවා.


" university..."


" ආ..ඒක තමා නේ.... මේ යෂ්... අද වරාය පැත්තේ ගිහින් එන්න වෙනවා... අර ලෝඩ් එක ඇවිල්ලා.. ඒක මෙහාට ගෙන්නගන්න ඕනේ... අරුන් නම් හැබැයි වදයක් වීගෙන එන්නේ... උන් ලෑස්ති වෙන්නේ අපේ  එක කොහොමහරි උන්ට ගන්නලු..."


" අ.. හීනෙන් තමා... එහෙනම් යමන්කෝ උබ ඉස්සරවෙලා මම ලියාව කැම්පස් දාලා එන්නම්... මේ උන් දන්නැද්ද අංකල් ඇවිත් ඉන්නේ කියලා..."


" නෑ වගේ බන්.. අංකල් වැඩියේ එළිපහළියට ගියේ නෑනේ... අර කැන්ඩි ගිය ගමන තාම ආවෙත් නෑනේ දැන් සතියක් විතර වගේනේ..."


"හ්ම්ම්... කමක් නෑ... බලමුකෝ අරුන් මොනාටද එන්නේ කියලා... "


" ඒක නෙවෙයි ලියා.. තමුසෙගේ තාත්තා නිහාල්කාරයට ෆයර් එකේ උන් එක්ක කන්ටැක්ට් තිබ්බද..."


" ම්ම්.. එයාලත් එක්කද කියලා නම් හරියටම දන්නෑ ඒත් මොකක් හරි මාෆියා සෙට් එකක් එක්ක කන්ටැක්ට් තියනවා... ඇයි ඒ..."


" ෆයර්ස්ලත් එක්ක තමා... ඊයේ නිහාල්කාරයා ඇවිත් තිබ්බා උන්ගේ පොට් එකට... පස්සෙ තමා දන්නේ ඌ මාසෙකට දෙතුන් සැරයක්වත් ඇවිත් යනවලු... "


" පොඩ්ඩක් ඉන්න.. හරිනේ එහෙනම්... එදා නියුලික් එක ෆයර්ස්ලට හම්බෙන්නෙ ඇත්තෙත් ඔහොම තමා එහෙනම්...." ලියා.


" ඒ කිව්වේ.."


" අම්මා මැරුනම එයාලා අම්මගේ පරීක්ෂනවල රිපෝට්ස් ගොඩාක් ගත්තා.... කොටින්ම කිව්වොත් අම්මිගේ ලැබ් එකත් එක්කම... ආමිව පාවලා දීලා තිබ්බේ ලැබ් එකේ හිටිය අම්මගේ අයමයි... අම්මගේ පැත්තට හිටිය අයව මරලා දාලා තිබ්බා.. මං එදා රජී අංකල්ව දකින කල් හිතුවේ අංකලුත් මැරුනා කියලා..."


" රන්ජිත් අංකල්ව අපිට හම්බුනේ කැළණි ගඟ දිගේ ගහගෙන එද්දි... අවුරුදු දෙකක් විතර කෝමා එකක් ඉඳලා තමා බේරගත්තේ..." සෙත්.


" හරි හරි දැන් ඕවා ඇති... ලියා දැන් පරක්කු වෙනවා කිව්වනේ..." යෂ්.


" අප්පටසිරි ඔව්නේ.. මේ සෙත් මාව කතාවට අල්ලගත්තනේ අප්පා..."


"කනවා කනව ඉක්මනට..."



යෂ් ලියාව ගෙනැත් කැම්පස් එක ළඟින් බැස්සුවා. ලියා යෂ් දිහා බලලා ,


" ම්ම්... මේ... මං යනවා එහෙනම්..." කියලා කාර් එකෙන් බැස්සා.


කෙල්ලට කැම්පස් එකේ ගේට් එකෙන් ඇතුළට යන්න හම්බුනේ නෑ කොල්ලෙක් ඇවිත් ලියාව බදාගත්තා. කෙල්ලත් ඒ කොල්ලව බදාගෙන පිටට තට්ටුවකුත් දාලා,


" අඩෙහ් සෑහෙන කාලෙකින් නේ අයියේ..." කියලා කිව්වා. ඒත් එක්කම තමා කෙල්ලට මතක් වුනේ යෂ් ගියාද නැද්ද කියලා බැලුවේ නෑ නේද කියලා. කෙල්ල ඉක්මනට ඒ කොල්ලාගෙන් ඈත් වෙලා බැලුවේ කාර් එක පැත්ත. ලියාට බුදු සරණයි. යෂ් කාර් එකෙන් එළියට බැස්සා. කෙල්ලට කෙළ ගිලුනේ බයටද මොකේටද කියලා හිතාගන්න බැරිවුනා.


යෂ් කෙලින්ම ඇවිත් ලියාව ඉනෙන් ඇදලා ළඟට ගත්තා. ඊටපස්සේ අර පිරිමි ළමයාට දකුණු අත දික් කරලා,


" Hi... I'm Yashen... Liyara's Husband..." කියලා කිව්වා.


" මොකක්... හස්බන්ඩ්.. " ලියා දිහා පුදුමෙන් බලමින් කිව්වා.


" ආ.. මේ විදු අයියේ..." ලියා.


" ඕහ්... ඔයාද එතකොට විදු අයියා කියන්නේ... anyway nice to meet you.."


විදු එහෙමත් නැත්තන් විදූෂ තාමත් පුදුම වෙලා බලන් ඉන්නවා.


" princess ඔයා මට කිව්වෙ නෑනේ ඔයාගේ lectures ඉවර වෙන්නේ කීයටද කියල..." යෂ් තවත් ලියාව ළඟට ගනිමින් කිව්වා.


" අහ්.. මේ..." කියලා ලියා කලබලෙන් ෆෝන් එක බැලුවේ යෂ්ගේ මේ අමුතු හැසිරීම ගැන හිතාගන්න බැරුව.


" මේ හතරට... "


" okay princess..." යෂ් කෙල්ලගේ තොල් දෙකටත් කිස් එකක් දීලා කෙල්ලට ඇහැකුත් ගහලා විදූෂටත් රවලා යන්න ගියා.


යෂ් ගියත් කෙල්ල තාමත් බලන් හිටියේ යෂ් ගිය පැත්ත. හැබැයි ලියාට එක දෙයක් තේරුනා යෂ් නම් දැන් හිටියේ සුපිරි ඊර්ෂ්‍යාවකින් කියලා. කෙල්ලට හිනාවකුත් ගියා. මේ හැමදේම දිහා බලන් හිටිය විදූෂට නම් ඇතිවුනේ දුකක්.. මොකද විදූෂ ලියාව දැක්ක දවසේ ඉඳන් ලියාට ආදරේ කරේ. ඒත් ඒ දේ ලියාට කියන්න තරන් විදූෂට හයියක් තිබ්බේ නෑ.


" ලියා.. ඔයා ඇත්තටම මැරි කරාද..."


" ඔව් විදූ අයියේ.. ඒ තමා මගේ හස්බන්ඩ්.. කොහොමද හැන්ඩ්සම් නේ.. දන්නවද එයාව දැක්ක දවසේ මට හිතුනේ මගේ හීන කුමාරයා මං ළඟට ආවා කියලා... ඒත් එයා මගේ වෙයි කියලා නම් හීනෙකින්වත් හිතුන්නෑ... " ලියා කියවගෙන කියවගෙන යද්දි විදූෂ ආසාවෙන් ඒ දිහා බලන් හිටියත් ඒ කියවන්නේ යෂ් ගැන කියලා මතක් වෙද්දි නම් විදූෂට අවුල්.


" කවද්ද මැරි කරේ.. දන්නවද මං ඔයා ගැන කොච්චර කලබල වුනාද කියලා... මං ඔයාව හොයාගෙන ඔයාගේ ගෙදරත් ගියා... ෂයිනි මට කිව්වා ඔයාව ආයේ දකින්නවත් හම්බවෙන්නේ නැතිවෙයි කියලා..."


" හරි හරි අයියේ... මේ බලන්න මම දැන් සීරීමක්වත් නැතුව ඉන්නවා... අනික මම වෙනදටත් වඩා සතුටින්..." කියලා කෙල්ල ලෙක්චර් හෝල් එකට ගියා.



හවස ලියා ලෙක්චර්ස් ඉවර වෙලා එද්දි යෂ් ඇවිත් හිටියා කෙල්ලව එක්ක යන්න. යෂ්ව දැක්කම කෙල්ලට දැනිච්ච සතුට කොච්චරද කියනවා නම් කෙල්ල ළඟ හිටිය විදූෂවත් අමතක කරලා දාලා යෂ් ළඟට දිව්වේ.


" ඔයා ආවද මාව එක්කන් යන්න.... ආදරෙයි ඈ..." කියලා කිව්වා. මීට කලින් කවදාවත් කෙල්ලව එක්ක යන්න කවුරුත් මෙහෙම ඇවිල්ලා නෑ. පොඩි කාලේ අම්මා ආවත් හරි අද තමා කෙල්ලව එක්ක යන්න කවුරුහරි ආවේ.


ලියාව අල්ලලා කාර් එකට තද කරගත්ත යෂ් ලියාගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොදක් කන පිටිපස්සෙ රැදෙව්වා.


" මට කිව්වට කමක් නෑ... තව කාටහරි ඔය වචනේ කියනවා ඇහුනොත් princess මම ඔයාට පනිශ් කරනවා...." ලියාගේ කනට කරලා සරාගී විදිහට යෂ් කිව්වා.


" අර්.. මෝඩයා වටේ ඉන්න ළමයිනුත් බලනවා අයින් වෙන්න..."


" මොකක්ද ඕයි තමුසේ එක්ක බෑනේ පොඩ්සක් රොමෑන්ටික් වෙන්න.. වයිෆ් කෙනෙක් වුනාම යුතුකම් ඉෂ්ට කරන්න දැනගන්න ඕනෙ... බලනවා තමුසේ එක්ක තාම හනිමූන්වත් යන්න බැරි..." ලියා ඉක්මනට යෂ්ගේ කට වැහුවේ යෂ් තවත් මොනාහරි කියන්න කලින්.



" යන් යන් ඉක්මනට ගෙදර..."


" එතකොට ගෙදර ගිහින් හනිමූන් යන්න පුලුවන්ද..." යෂ්ටත් ගස්සලා කෙල්ල ගිහින් කාර් එකට නැග්ගා. ඒත් ඉතින් කාර් එකේ ශීට්  එක උඩ තිබ්බ දේ දැකලා නම් කෙල්ලට යෂ් ගැන ඇත්තටම කිව්වොත් ආදරේ හිතුනා. එතන තිබ්බේ කෙල්ල කැමතිම chocolate milkshake එකයි ලස්සන dark red rose පොකුරකුයි..


" වාව්... යෂ්... ඔයා නම්..." කෙල්ලගේ කටට වචන එන්නෙත් නෑ. ඇස්වල කඳුලු පිරුනේ ඉබේටමයි.


" ඒයි ඇයි මේ අඬන්නේ... ආ..." කියලා යෂ් කෙල්ලගේ කම්මුලක් අතගමින් ඇහුවා.


" යෂ් ඔයා මට ආදරේද..." කෙල්ල කෙලින්ම යෂ්ගෙන් ඇහුවේ තවත් නම් මේ දේවල් දරාගන්න අමාරු නිසා.


" ලියා.. මම තමුසෙට ආදරේ නැත්තන් මෙච්චර දෙවල් කරනවද princess.... මං තමුසෙට ආදරෙයි බන්..."


" අර්... ඒක කියපු විදිහ... ඇත්තටම යෂ් ඔය තමුසේ බන් කියන ඒආ අඩු කරන්න බෑද අප්ප..."


" ට්‍රයි කරන්නම් හරිද... දැන් ඕක බොන්න කූල් එක යන්න ඉස්සරවෙල..."



දෙන්නම ගෙදරත් ආවා කොහොමහරි. යෂ් සාලේ නතර වෙද්දි කෙල්ල කාමරේට ගියා. ඒත් විනාඩි පහක් ගියේ නෑ කෙල්ල ආයේ සාලෙට ආවා.


" යෂ් කෝ මගේ රූම් එකේ තිබ්බ බඩු...."


" මගේ කාමරේ බලනවා..."


" ඈ.. මොකක්ද මනුස්සයෝ කරේ..."


" තමුසේ මගෙ වයිෆ්නේ මාත් එක්ක තමා ඉන්න ඕනේ..."


" මට බෑ... "


" එහෙනම් එනවකෝ...." කියලා කිව්ව යෂ් කෙල්ලව කරට අරන් කාමරේට ගිහින් දැම්මා. එතකොට තමා කෙල්ල දැක්කේ යෂ් කෙල්ලගේ කාමරේ තිබ්බ බඩු ඔක්කොම යෂ්ගේ කාමරේට ගෙනැල්ලා. 


" ගිහින් වොෂ් එකක් දාගන්නවා..." කියපු යෂ් රූ. එකෙන් එළියට ගියා. ලියා ඉතින් තවත් තර්ක කරලා වැඩක් නෑ කියලා දන්න හින්දා වෙන දෙයක් වෙච්චදෙන් කියලා වොෂ් එකක් දාගන්න ගියා.




මේ අතරේ රෑ වෙලා නිහාල්ගේ ගෙදර....


" ඩැඩී.. මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා..." ඩිනර් එක අරන් කට්ටියම සාලෙට වෙලා ඉඳගෙන හිටියේ..


" ඇයි..."


" මේ බලන්න... " කියල ෂයිනි නිහාල්ට ෆොටෝ වගයක් පෙන්නුවා. එතන ෂයිනි නිහාල් නිහාල්ගේ සෙකන්ඩ් වයිෆ් දිනූෂා වගේම දිනූෂාගේ පුතා දුෂානුත් හිටියා.


" මේ අරකි නේද... කවුද ඒ ඒකි එක්ක ඉන්න අනික් එකා..." ෂයිනි පෙන්නුවේ අද ලියා යෂ් එක්ක හිටිය ෆොටෝස්.. 


" කෝ බලන්න..." කියලා දුෂාන් ෆෝන් එක ගත්තා.


" මේ ඉන්නේ the king's එකේ owner නේද.... මේකි මොකද ඌත් එක්ක කරන්නේ... "


" ඒක තමා ඩැඩී අනික බලන්නකෝ ඒකි ඇදන් ඉන්න ඇඳුම් එහෙම ඒවා බ්‍රෑන්ඩ් නිව් ඒවා... shadow ripper කිව්වේ ඒකිව විකුණනවා කියලා නේද... ඒත් මේකි කොහොමද මෙච්චර සැපට ඉන්නේ..."


" එකනේ නිහාල්.. මේකිව shadow ripper කාටද විකිණුවේ එතකොට..."


" ෂයිනි ඔයාට කොහෙන්ද මේවා හම්බුනෙ..."


"කැම්පස් එකෙ එක්කෙනෙක් එව්වේ ඩැඩී... එයාට ඇහිලා තියනවා මේකි මැරි කරපු කතාවකුත්..."


" අර්.. මොකක්ද මේ වෙන්නේ... ෆයර්ස්ලට මම නියුලික් එක දුන්නත් ඒක වැඩක් වෙලා තිබ්බෙත් නෑ... දැන් මේකි මේ වගේ ඉන්නවා.. මොකක් හරි දෙයක් අපිට මඟ ඇරිලා තියනවා..."


"බය වෙන්න එපා ඩැඩ්.. මම හොයලා කියන්නම්..." දුෂාන්.




මේ අතරේ දුවිනි ක්ලබ් එකට වෙලා හිටියේ එයාගේ යාලුවා නටාෂා එක්ක.


" දුවී... ඔයා දැන් මේ හැමදේම අතහරිනවද..."


" පිස්සුද බිනූ... දැන් තමා හොඳම සෙල්ලම පටන් ගන්නේ... මම යෂ්ව මගේම කරගන්නවා ඉකමනටම... ඊටපස්සේ අරකිව මරලා දාන්නේ ඒකිටවත් හිතාගන්න බැරි විදිහට..."


" ඒත් බන් අංකල් ඉඩ දෙයිද..."


" ඩෑඩ් ගැන බලාගන්න පුලුවන්.. ඩෑඩ්ට විරුද්ධ වෙන්නබැරි විදිහේ දෙයක් මම කරන්නේ..."


" දුවී බේබී... මම ඔයාට ඕන දේ ගෙනාවා..." කියමින් දුවිනි ළඟට කොල්ලෙක් ආවා. ඒ කොල්ලා සුදු පාට කුඩුවගයක් දාපු විනිවිද පේන පොඩි කවරයක් දුවිනිට දුන්නම දුව්නි බෑග් එකෙන් සල්ලි මිටියක් අරන් දුන්නා.


ඒ කොල්ලා ගියාට පස්සේ දුවිනි ඒ කවරේ අතේ තියන් හිනාවුනා.


" මොනාද ඒ..."


" වශියක්..."


_________________________________


මොකද කියන්නේ.... මොනා වෙයිද දන්නෑනේ... මං දන්නෙත් නෑ😁


reaction දාන්න..comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page