The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-12
එකළොස්වෙනි කොටස....
" ඒවා ඕන්නෑ කෝ දෙනවා ඕක අත්සන් කරන්න..." කියලා යෂ් ඇඳලා අරන් සයින් කරන්න තිබ්බ තැන්වල සයින් කරා.
ඊටපස්සේ දුවිනිත් සයින් කරා.
" හරි දැන් එහෙනම් මනාලයා මනාලිව සිප ගන්න..."
යෂ් දුවිනිගේ වේල් එක අයින් කරන්නබ්යද්දිම ආයේ පාරක් හෝල් එකේ දොර ඇරුනා.
" නවත්තනවා ඕක..."
කට්ටියම පුදුම වෙලා දොර දිහා බැලුවේ මනමාලිගේ කටහඬ දොර පැත්තෙන් ඇහුන හින්දා.
කට්ටිය දොර දිහායි මනමාලි දිහායි මාරුවෙන් මාරුවට බලනවා.
දැන් හැමෝටම ඕන වෙලා තිබ්බේ මනමාලි කවුද කියලා බලාගන්න.
වෙඩින් ඩ්රෙස් එකත් ඇඳගෙන දුවිනි දුවගෙන ආවේ ස්ටේජ් එකට. ඇවිත් ස්ටේජ් එකේ හිටුය මනමාලිගේ වේල් එක ඇදලා බිම දැම්මා.
එතන හිටියේ ලියා.
" තමුසේ... තමුසේ මොකද මෙතන කරන්නේ... දැන්ම මේක නවත්තනවා.. මම තමා bride... තමුසේ කොහොමද මගේ යෂ්ව මගෙන් උදුර ගන්නේ..." කියපු දුවිනි කෙල්ලට කනේ පාරක් ගැහුවත් දුවිනිගේ අත ලියාගේ කම්මුලේ නම් වැදුනේ නෑ.
හැබැයි ලියා වෙනදා වගේ අද කම්මුල් පාර නැවැත්තුවෙත් නෑ.
දුවිනිගේ අත අල්ලන් හිටියේ යෂ්.
" යෂ් ඔයා මොකද කරන්නේ.. මමයි මෙතන ඉන්න ඕන අද... මමයි ඔයාගේ මනමාලි... යෂ් මොනාද මේ කරන්නේ ආ.. අතහරිනවා අද මම මේකිව මරනවා..."
" දුවිනි... දැන් ලියා කියන්නේ මගේ වයිෆ්.. තමුසේ මගේ වයිෆ්ට ගහනකන් බලන් ඉන්න මම කොන්ද පණ නැති එකෙ කියලා හිතුවද ආ... "
" යෂ්... මම ඩෑඩ්ට කියනවා.. තමුන් මැරෙන්න ලෑස්ති වෙනව ලියා මේ දැන්ම මම තමුසෙව මරල දානවා...." කියපු දුවිනි වෙඩින් කේක් එක ළඟ තිබ්බ පිහිය අරන් ලියාට අනින්න ආවා.
ඒත් යෂ් දුවිනිගේ අත ඒ පාරත් අල්ලගත්ත හින්දා දුවිනිට බැරුවුනා ලියාට හානියක් කරන්න.
ඒත් එක්කම දුවිනිගේ අතේ තිබ්බ පිහිය ගත්ත ලියා,
" හහ්.. දුවිනි මං තමුසෙට කලින්ම කිව්වානේ යෂ්ව මගේ කරගන්නවා කියලා... තමුසේනේ ඇහුවේ නැත්තේ.. " කියමින් පිහිය දුවිනිගේ මූණ දිගේ අරන් ගියා.
දුවිනි කෙල්ලට ආයේ මොනාහරි කියන්න ගියත්,
" වැඩියේ දඟලන්න එපා දුවිනි.. මගේ අත මටම කන්ට්රෝල් නෑ.. ඔයාගේ ලස්සන මූණ මේ පිහියට කැපුනොත් තමුසේට ආයේ කසාදයක්වත් බැදගන්න බෑනේ..."
" දුවිනි... කවුද තමුන් මගෙ දුවට ඇටෑක් කරන්න තරන්..."
ගාම්බීර කටහඩක් දොර පැත්තෙන් ඇහෙද්දී වෙඩින් හෝල් එකේ හිටිය හැමෝම හිටපු තැන්වලම හිටගත්තා.
යෂ්ගේ ගාඩ්ලා හිටිය තැන්වලම පපුවට අත තියන් බිම එක දණහිසක් නවන් දණ ගැහුවා. ඒත් ලියා නම් තාම ඒ ආව කෙනාව දැක්කෙ නෑ. මොකද ලියා හිටියේ දොරට පිටුපාලා.
දුවිනි ලියාව ඉක්මනට පස්සට තල්ලු කරලා ඒ කෙනා ගාවට දිව්වා.
වැටෙන්න ගිය ලියාව අල්ලගත්තේ යෂ්.
" ඩෑඩ්... යෂ් අර කෙල්ලව මැරි කරා ඩෑඩ්... අරකිව මරන්න ඕනා ඩෑඩ් මට ඒකිව මරන්න ඕනා..." දුවිනි අඬමින් කෑගැහුවා.
ඒ ඇවිත් හිටියේ දුවිනිගේ තාත්තා.
එඩ්වඩ් වින්ස්ටන්... රුසියාවේ මාෆියා කින්ග්...
අම්මා ලංකාවේ කෙනෙක් වගේම තාත්තා රුසියාවේ කෙනෙක් වෙච්ච එඩ්වඩ්ට තිබ්බේ ආකර්ෂණීය වගේම ගාම්භීර පෙනුමක්...
" යෂ්... මොකක්ද මේකේ තේරුම... රිචඩ් අර කෙල්ලව බෙල්ලෙන් ඇඳගෙන එනවා දැන්මම..."
එඩ්වඩ් එයාටම ආවේණික ඒ කටහඩින් කියනකොට ශාලාවේ තිබ්බේ ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරන් නිශ්ශබ්දයක්.
" අංකල්... ලියා කියන්නේ දැන් මගේ වයිෆ්... අංකල් ලියාට අතක් හරි තිබ්බොත් මාව හදාගත්තේ අංකල් කියන එකත් මට අමතක වෙයි..."
යෂ් ලියාව කාටවත් අල්ලන්නවත් බැරිවෙන්න ලියාව ඇඟට තද කරගනිමින් කිව්වා.
ලියා යෂ් දිහා බැලුවේ හරිම පුදුමෙන්.
" යෂ් තමුසේ මේ කොහෙවත් යන කෙල්ලක් හින්දා මට විරුද්ධ වෙන්නද යන්නේ... තමුසෙටත් එහෙනම් මැරෙන්න තමා වෙන්නේ යෂ්..."
" යෂ් උබ මොනාද මේ කරන්නේ.. අංකල් එක්ක හැප්පෙන්න අපිට පුලුවන්ද.." සෙතුත් ඒ අස්සේ යෂ්ට කෙඳිරුවා.
" යෂ් මාව අතාරින්න.. මම හින්දා ඔයාගේ ටීම් එකේ කාටවත් හානියක් වෙනවට මං කැමති නෑ..." ලියා යෂ්ගෙන් ඈත් වෙන්න හදමින් කිව්වා.
" තමුසේ කටවහගන්නවා..." යෂ්.
ඒත් රිචඩ් ඇවිත් කෙල්ලව යෂ්ගෙන් ඇදල ගන්න හැදුවා.
යෂ් නවත්තන්න හැදුවත් අන්තිමට රිචඩ් යෂ්ගේ අතට වෙඩි තිබ්බා.
ඒත් යෂ් වේදනාව ඉවසගෙන කෙල්ලව අල්ලගෙනම හිටියා.
" යෂ් මාව අතාරින්න යෂ්... ඔයාගේ අතින් ලේ ගලනවා යෂ් මාව අතාරින්න..." ලියා කොහොමහරි යෂ්ගේ අත් අතරින් මිදෙන්න දඟලින් කෑගැහුවා.
රිච්ඩ් කෙල්ලගේ කොණ්ඩෙන් ඇදලා කෙල්ලව යෂ්ගෙන් ගලව ගත්තා.
" ආව්... මාව අතාරිනාවා මට එන්න පුලුවන්.." කියපු කෙල්ල රිචඩ් කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලන් හිටිය අතට පහර දෙමින් කිව්වා.
රිචඩ් කෙල්ලගේ කොණ්ඩෙන් අතහැරියාම කෙල්ලම නිර්භීත විදිහට එඩ්වඩ් ළඟට ගියා.
" රිෂූ...." එඩ්වඩ් පුදුමෙන් කිව්වේ කෙල්ලත් පුදුමෙන් එඩ්වඩ් දිහා බලද්දි.
" ඩෑඩ් මේකිව මරලා දාන්න ඩෑඩ්... මේකිව දැන්ම මරලා දාන්න.." දුවිනි.
" කටවහගන්නවා... " කියපු එඩ්වඩ් කෙල්ල ළඟට අඩිය තියන්න ගත්තේ යෂ් කෙල්ල ළඟට දුවගෙන එද්දි.
ඒත් යෂ්ව එඩ්වඩ්ගේ පිරිස ඇවිත් අල්ලගත්තා.
සෙත්ටවත් කිරන්ටවත් කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකද එඩ්වඩ් කියන්නේ එයාලට හැප්පෙන්න පුලුවන් කෙනෙකුත් නෙවෙයි. අනික එඩ්වඩ් තමා මේ කොල්ලෝ තුන්දෙනාවම පොඩිකාලේ ඉඳන් බලාගත්තේ.
මේ අතරේ ලියාත් පුදුමෙන් බලන් හිටියේ එඩ්වඩ් දිහා.
කෙල්ල ළඟට ආව එඩ්වඩ් කෙල්ලගේ කම්මුලකින් අල්ලලා ආයෙමත් "රිෂූ.." කියලා මිමිණුවා.
" ඔයා මගේ අම්මව දන්නවද...." ලියා එහෙම අහද්දි එඩ්වඩ් පුදුමෙන් පස්සට වුනා.
" ඔයා කියන්නේ ඔයාගේ අම්මා..."
" රිෂිනි උඩගෙදර...." ඒක ඇහුවම එඩ්වඩ් වැටෙන්නත් ගියා.
" අංකල් ඔයා මගේ අම්මව දන්නවාද..." ලියා බිඳුනු කටහඬකින් අහද්දි එඩ්වඩ් ලියාව මඟහරිමින් යන්න ගියා.
" රිචඩ් කට්ටියම එක්ක එන්න යන්.. දුවේ ඔයාගේ නම මොකක්ද.." එඩ්වඩ් යන්න ගියත් ආයේ හැරිලා ඇහුවා.
" ලියාරා..."
" ලියාරා... යාරා...." කෙල්ලට හිනාවුන එඩ්වඩ් දුවිනිවත් ඇදගෙන එතනින් ගියා.
කට්ටියම පුදුමෙන් බලන් හිටියේ මොකක්ද ඒ වුනේ කියලා.
මොකද මරණ ගාණකින් ඉවර වෙන්න තිබ්බ දෙයක් එඩ්වඩ් කිසිම දෙයක් නොකර යද්දි පුදුම නැද්ද.
" මොකක්ද බන් ඒ වුනේ..." සෙත් යෂ් ළඟට යමින් කිව්වා.
ලියා නම් තාම බලන් හිටියේ එඩ්වඩ් ගිය දිහා.
" නංගි ඔයා කලින් එඩ්වඩ් අංකල්ව දැනගෙන හිටියද..." කිරන් අහද්දි තමා කෙල්ල හැරුනේ..
" නෑ අයියේ මම අදමයි දැක්කෙත්...." ලියා කිව්වා.
" යෂ් ඔයාට මොකද.. අයියේ යෂ්ට බෙහෙත් දාන්න වෙනවා ඉකමනට ලේ ගොඩාක් යනවා..." යෂ් අත අල්ලන් හිටිය තැනින් ලේ යනවා දැකලා තමා ලියාට මතක් වුනේ යෂ්ට වෙඩි වැදුනා කියලා.
" අඩෙහ් තව ටිකෙන් අමතක වෙනවා... යමන් බෙහෙත් දාන්න.."
" ඔහොම්මම ගෙදරම යන්.. " කියලා යෂ් කිව්වා. කවිට වෙඩින් හෝල් එකෙ වැඩ ටික බලන් දීලා කපල් එකයි සෙතුයි කිරනුයි ගෙදර ආවා.
ගෙදර එනකනුත් කිසිම සද්දයක් බද්දයක් නැතුව ෂටර් එකෙන් එළිය බලන් හිටිය ලියා ආපු ගමන් අනිත් අයටත් කලින් රූම් එකට දිව්වා.
රූම් එකට ගියපු ලියා රූම් එකේ තිබ්බ ලොකු කණ්නාඩිය ඉස්සරහා හිටිගෙන කණ්නාඩියෙන් පේන තමන්ගෙම රූපේ දිහා බලමින්,
" අම්මා... ඔයා මොනාද මගෙන් තවත් හැංගුවේ... " කියලා කිව්වා.
මේ අතරේ සාලෙට වෙලා කිරන් යෂ්ගේ තුවාලෙට බෙහෙත් දාමින් හිටියේ.
"යෂ් මොකක්ද මේ අද වෙච්ච දේවල්වල තේරුම.. ලියා කොහොමද බ්රයිඩ් වුනේ...." සෙත් ඇහුවේ ප්රශ්න කෝටියක් විතර එකතු කරගෙන.
" ඇත්තටම බන්... නංගි කොහොමද එතනට ගියේ..."
ඊටපස්සේ යෂ් කියන්න මීට සතියකට කලින් වෙච්ච සිදුවීමක්.
එදා දුවිනි එයාගේ යාලුවත් එක්ක වෙඩින් ඩ්රෙස් එක ෆිටෝන් කරලා බලන්න ගියා. යෂ්ටත් දුවිනි එන්න කිව්වත් යෂ් බෑ කියලා තිබ්බේ. ඒත් ඉතින් පස්සේ යෂ්ට හිතිලා දුවිනිට කියන්නෙත් නැතුවම යෂ් ගියා. ඒ යනකොට යෂ්ට ඇහුනා දුවිනි එයාගේ යාලුවත් එක්ක කිව්ව කතාවක්.
" දුවී.. ඒකි ඔහොම යෂ්ගේ ඇඟේ එල්ලි එල්ලි යනවා නම් සද්ද නොකර ඉන්න එපා පිරිමින්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා..."
" මම ඒකිව තාම පණ පිටින් තියල තියෙන්නෙ මට ඒකි ඉස්සරහම යෂ්ව මැරි කරලා පෙන්නන්න ඕන හින්දා නැත්තන් මෙලහකටත් ඒකිව මං මරලා දාලා.. කොහොමත් මම ඒකිව වෙඩින් එක දවසෙම මරලා දානවා...හහ්... "
" යෂ් ඒකිට කැමතිද... ඔය කිව්වෙ ඒකි යෂ්ව කිස් කරද්දි යෂ් සද්ද නොකර ඉන්නවා කියල.. අනික ඔයාගේ ඔලුව පැලුවටවත් ඒකිට යෂ් මුකුත් කරේ නෑනේ..."
" යෂ්... මම ඌව ලෝකෙට පේන්න විතරයි කොහොමත් මැරි කරන්නේ.. මං ඌගේ පස්සෙන් අවුරුදු කීයක් නම් ගියාද මේ වෙනකන් මට එක කිස් එකක් දිලා නෑ..ඒත් ඒකිට... මම ඌව මැරි කරාට පස්සේ ඩෑඩ්ට කියලා ඌව මගේ අල්ලේ නවටවන හැටි බලන්නකෝ..."
දුවිනිගේ මේ කතාව අහන් හිටිය යෂ්ට නම් දුවිනිව මරලා දාන්න තරන් තරහක් ඇවිත් තිබ්බේ. යෂ් දුවිනි හම්බෙන්න යන්නැතුව ආහේ ගෙදර ආවා. යෂ්ට ඕන වුනේ දුවිනිට හොඳ පාඩමක් උගන්නනන්න.. යෂ් ගියේ ලියාව හොයාගෙන. ලියා ඒ වෙලාවේ තමා එදා දවසේ තිබ්බ ප්රැක්ටිස් ඉවර කරලා වොෂ් එකක් දාගෙන රූම් එකට ආවේ. කෙල්ල අල්මාරියේ දොරත් ඇරගෙන ඇඳුමක් හොය හොය හිටියේ.
එකපාර රූම් එකේ දොරත් ඇරගෙන යෂ් ආවම කෙල්ලට කේන්ති ගියා. මොකද යෂ් හැමතිස්සෙම කෙල්ලගේ රූම් එකට මෙහෙම කඩා පනින හින්දා. අනික කෙල්ල මේ දවස් ටිකේම යෂ්ව මඟ ඇරියා මොකද කෙල්ල කරන්න ගියේ හොඳ වැඩක් නෙවෙයි කියලා යෂ් එදා කෙල්ලට mistress වෙන්න කතා කරලු එකෙන්ම තේරුන නිසා.
" තමුසේ මගේ රූම් එකට ඔහොමකඩා පනිනවද ආ... මැනස් කියලා එකක් නැද්ද...." ලියා කොටට කොටේ ටවල් එකත් ඇදගෙන නාලා හින්දා තවමත් කොණ්ඩෙන් වතුර බේරෙද්දී යෂ්ගේ හැඟීම් ඇවිස්සුනේ නිකන්මයි. ලියාව ඇදමතට පෙරලගත්ත යෂ් කෙල්ලව සිපගත්තේ වෙනදා වගේම කෙල්ල යෂ්ගෙන් බේරෙන්න පොරකද්දි.
" තමුසේ මට උදව්වක් කරන්න ඕනේ..." යෂ් විනාඩි පහක් විතර කෙල්ලව සිපගෙන අන්තිමට කෙල්ලගෙ ඇඟ උඩ ඉඳන්ම කිව්වා.
" අයින් වෙනවා මනුස්සයෝ... තමුසෙගේ ඔය අලි බර මගේ ඇස්ගට දරාගන්න බෑ..."
" මම කියපු දේ ඇහුනද ආ..."
" මොකක්ද උදව්ව...."
" තමුසේ මාව බඳින්න ඕනා..."
" වට්... පිස්සුද..."
" තමුසේ මැරෙන්න කැමතිද..."
" ඔයාට මොනාද වෙලා තියෙන්නේ යෂ්.. අර දුව්නි ඉන්නේ මැරි කරන්න..."
" තමුසෙව වෙඩින් එක දවසේ දුව්නි මරන්න ඉන්නේ..."
" මාව මරන්න.. මේ දුව්නි..." කෙල්ල සමච්චලෙන් හිනා වෙලා කිව්වා.
" තමුසේ දන්නවද දුවිනි කියන්නේ කවුද කියලා... දුව්නි කියන්නේ russiaවල මාෆියා කින්ග්ගේ දුව... තමුසෙව බේරගන්න මටවත් බැරිවෙයි..."
" එතකොට මං ඔයාව මැරි කරොත් කොහොමද මාව බේරගන්නේ ආ..."
" ඒක කොහොමහරි කරන්න පුලුවන් තමුසේ මගෙ වයිෆ්නේ එතකොට..."
"මට හිතන්න කාලේ ඕනේ..."
" තමුසෙට හිත හිත ඉන්න දෙයක් නෑ.. මොකද තමුසේ මගේනෙ.. මං තමුසෙව සල්ලි දීලා අරන් තියෙන්නේ කියලා අමතක කරන්න එපා.."
" හහ්.. ඒක යකෝ..."
" මොකද කියන්නේ අදම හනිමූන් යන්ද.." යෂ් යටි තොලක් හපන් කෙල්ලගෙන් අහපු විදිහට කෙල්ලට බයටම කෙලත් ගිලුනා.
" අයින් වෙනවා අයින් වෙනවා... මං බදින්න කැමති ප්ලීස් එළියට යන්න මට ඇඳුමක් දාගන්න ඕනේ..."
" ඉතින් දාගන්නකෝ මම අල්ලගෙනඇයි ඉන්නේ...."
" යෂ්..." කෙල්ල තරහෙන් කෑගහද්දී යෂ් එළියට ගියා.
යෂ් සෙත්ටයි කිරන්ටයි විස්තරේ කිව්වම සෙත්,
" උබ ලියාව පරිස්සම් කරන්න ඒකිව බැන්දට අද තව පොඩ්ඩෙන් ඒකිත් ඉවරයි උබත් ඉවරයි... අද මොකක්ද බන් ඒ වුනේ... අංකල් සද්ද නොකර යන්න තරන්..."
" අනේ මන්දා මට නම් හිතෙන්නේ අංකල් ලියාගේ අම්මව හොඳට අඳුරනවා..." කිරන්.
" මටත් හිතෙන්නේ එහෙම තමා... ඒත් ලියා දන්නේ නෑ කිව්වා නේද අංකල්ව.." සෙත්.
කොහොමහරි යෂ්ගේ තුවාලෙටත් බෙහෙත් දාලා කොල්ලො තුන්දෙනා බාර් එකට ගිහින් ෂොට් එකක් දැම්මා. අනිත් එන්න හොඳට බිව්වත් යෂ් නම් එච්චර බිව්වේ නෑ.
" අඩෙහ් ඒක නෙවෙයි අරකි වෙඩිනෙකට පරක්කු වෙලා එන්න තරන් මොකද වුනේ බන්..." සෙත් ඇහුවේ දුවිනි වෙඩින් එකට එද්දි පරක්කු වෙච්ච හින්දා.
" ඒකිට මම සුපිරි ගේමක් දුන්නා.. ඒකිට වයින් එකක් දුන්නා සුපිරි බඩුවක් මික්ස් කරලා.. ඒකි මම දුන්න හින්දා වෙන උන්ටත් නොදී ඒකම බීලා ඒකි නැඟිටිද්දී කොහොමහරි සුපිරියට වෙලා ගිහින්.. මම ඒකිගේ ෆෝන් එකෙන් ඒකිගේ අර මගුලේ යාලූවත් මැසේජ් එකක් දැම්මා... වැඩේ ඉවරයි..." යෂ් හෙන ගැම්මෙන් කිව්වා.
" හොද වැඩේ එකිට.. මොනාවුනත් මට සතුටුයි... ලියා මගේ නෑනා උන එකට... එහෙනම් කොල්ලෝ හැපි හනිමූන්...." සෙත් යෂ්ගේ කරටත් අත දාගෙන කියලා නින්ද ගිහින් වැටුන.
එවෙලේ තමා යෂ්ට මතක් වුනේ ගෙදර ආවටවත් කෙල්ල ගැන බැලුවේ නෑ නේද කියලා. යෂ් ගියේ කෙල්ලව හොයාගෙම කෙල්ලගේ රූම් එකට.වෙනදා වගේම කඩාගෙන බිඳගෙන රූම් එකට ගියා. කෙල්ල පේන්න හිටියේ නැති හින්දා යෂ් වටේම ඇවිදිද්දී තමා දැක්කෙ කෙල්ල ඇඳ ළඟ බිම ඉඳගෙන දණහිසේ මූණත් ඔබන් ඉන්නවා.
"ලියා.." යෂ් කතකරද්දී කෙල්ල ඔලුව උස්සලා බැලුවා. කෙල්ලගේ ඇස් දෙක රතු වෙලා තිබ්බේ හොඳටම අඬලා හින්දා.
" ඒයි මොකද මේ තමුසේ අඬන්නේ..." කියමින් යෂ් කෙල්ල ළ්zඅගට් ආවා.
"මට ඉන්න දීලා යන්න ප්ලීස්ස්..." කෙල්ල බිඳුනු කටහඩකින් කියද්දී යෂ් ආයේ කෙල්ල ළඟට යන්නගියත් කෙල්ල ආයේ කෑගැහුවා. ඒ හින්දා ලියාට තනියම ඉන්න දීලා යෂ් රූම් එකෙන් එළියට ආවා. ඒත් යෂ්ට ආයේ මතක් වුනේ කිරන් මීට සති දෙකකට විතර කලින් කියපු දෙයක්.
" අඩෙහ් බන්... මට ලියා ගැන දෙයක් හොයාගන්න හම්බුනා.. ලියා කියන්නේ එමාගේ මාමගේ පේෂන් කෙනෙක්. කෙල්ල අවුරුදු 8 ඉඳන්ලු අංකල්ගෙන් බෙහෙත් ගන්නේ. කෙල්ලගේ අම්මා මැරුනට පස්සේ කෙල්ලට හොඳටම ඩිප්රෙෂන් හැදිලා. සති ගාණක් හොස්පිටල් ඉදලත් තියනවා. නිහාල්කාරයා පොඩි කාලේ ඉඳන්ම කෙල්ල ගැන බලලා නෑ. කෙල්ලගෙ අම්මා එමාගේ මාමාට මොකක්ද උදව්වක් කරලා හින්දා මාම ලියා ගැන බලලා තියෙන්නෙ. කෙල්ල තාමත් ඩිප්රෙෂන්වලට බෙහෙත් බොනවලු. කෙල්ල තනියමම ඉන්න හින්දා ඩිප්රෙෂන් එන්න වැඩි වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙත් නෑලූ..."
යෂ් ආයෙමත් හැරිලා ගියේ ලියා ළඟට. යෂ් එනව ඇහිලා ලියා ආයේ ඔලුව ඉස්සුවේ බනින්න. ඒත් ලියාට වචනයක් කියන්නවත් ඉඩක් තියන්නේ නැතුව යෂ් කෙල්ලව උස්සලා කරට ගත්තා.
" මාව බිමින් තියනවා වලස් තඩියෝ... මාව කොහෙද එක්ක යන්නෙ..."
" ඇයි වයිෆි අද අපි දෙන්නගේ ෆස්ට් නයිට් එකනේ...."
_____________________________________
First night එකනේ... මොකද කරන්නේ දැන්...😁😁
ඔයාලාගේ ගෙසින් නම් කියලා වැඩක් නැ ළමයි.. excellent❤️❤️
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤