The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-11



දහවැනි කොටස....



කිරන් ඉක්මනට ලියාව චෙක් කරේ කෙල්ලට ඇයි කියලා බලන්න. ඒ අතරේ තමා යෂ් දැක්කේ කෙල්ලගේ අත කැපිලා තියනවා. 


ලියාව චෙක් කරපු කිරන්,


" අඩෙහ් ලියා.... "


" ඇයි බන්... නංගිට...."


" නෑ බන් නංගිට ප්‍රශ්නයක් නෑ.. නංගි කාලා නෑ වගේ.. ඒකයි කලන්තේ දාලා තියෙන්නේ..." 


" හම්මෝ ඇති යන්තන් යකෝ උබ සීරියස් විදිහට කියන්න ගියපු එකෙන් මං හිතුවේ නංගිත් සොම්බියෙක් වෙන්න යනවා කියලා..." සෙත්.



ලියාට සිහිය එනකොට එදා වගේම අදත් කෙල්ලගේ මූණට කට්ටිය එබීගෙන.


" බුදාම්මෝ... අහකට වෙනවා මනුස්සයෝ... සිහිය නැතුව හිටිය මනුස්සයොන්ගේ මූණට එබෙන එක ඔයාලාගේ පුරුද්දක්ද..." කෙල්ල කෑගහගෙන අයින් වුනා.


වටපිට බලනකොට දැක්කේ කෙල්ල ඉන්නෙ සාලේ කියලා. 


ලීලම්මා කෙල්ලට සුප් එකක් ගෙනත් දුන්නා.


" චූටි නෝනා මේක බීලා ඉන්නකෝ... මං ඊටපස්සේ නෝනට රහට උයලා දෙන්නම්.." ලීලම්මා ලියාගේ ඔලුවත් අතගාලා කිව්වා.


" ඈ ලීලම්මේ එයා විතරද දැන් ඔයාට ලොකු.. අපිත් ඉන්නවා අපිත් කාලා නෑ.. " සෙත් නහයෙන් අඬමින් කිව්වා.


" අයියෝ සෙත් මහත්තයෝ.. පොඩි එකෙක් වෙන්නනේ හදන්නේ.. මම ඔයාලටත් එක්ක තමයිනේ හදන්නේ ඉතින්..." ලීලම්මා සෙත්ගෙත් ඔලුව අතගාලා කිව්වා. 


" ලීලා මට බ්‍රෙක්ෆස්ට් අරන් එන්න..." කියමින් සාලෙට ආවේ දුවිනි. 


" මොකද දුවිනි නලල බැන්ඩේජ් කරගෙන..." සෙත් ඇහුවේ දුවිනිගේ නළලට දාලා තියන ලොකු බැන්ඩේජ් එක දැකලා.


යෂුත් ෆෝන් එක ඔබ ඔබ ඉදලා දුවිනි දිහා බලලා ආයෙ ෆෝන් එක ඔබන්න ගත්තා.


" ඒක ඔයාලාගේ මහලොකු නංගිගෙන්ම තමා අහන්න ඕනා..."


" මොකක්ද ඒ කතාවේ තේරුම දුවිනි..." ලියා සුප් එක බොන ගමන් පුදුමෙන් ඇහුවා.


" ඇයි තමුසේ ඊයේ මාව තල්ලු කරේ මාව ගිහින් බිත්තියේ වදින්න... තමුසෙ මගෙන් යෂ්ව උදුරගන්නවා කියලාත් මට කිව්වේ... මම තමුසෙට මාව බෙහෙත් දාන්න එක්ක යන්න කිව්වත් තමුසේ ගණන්වත් ගන්නෙ නැතුව ගියේ..."


යෂ් ෆෝන් එකත් පැත්තකින් තියලා මේ සිද්ධිය ගැන බැලුවා.


සෙතුත් කට ඇරන් අහන් හිටියේ අගක් මුලක් දන්නැති හින්දා.


" හහ්.. මම කොයි වෙලේද එහෙම දෙයක් කරේ දුවිනි.. තමුසේ හිතුවද මට ගැරඩින්ට ගහලා පව් පුරෝගන්න තරන් පිස්සු කියලා..."


" හහ්.. තමුසේ ඔහොම කියයි කියලා මම දන්නවා මේ බලනවා..." කියලා දුවිනි පෙන්නුවේ සීසීටීවී රෙකෝඩ් එකක්.. ඒකේ දුවිනි කිව්ව සිද්ධිය එහෙම්මම වුනා. 


" ෂහ්.. මරු ඩ්‍රාමා එක.." ලියා අත්පුඩියකුත් ගහලා හිටිය තැනින් නැගිටින ගමන් කිව්වා.


" තමුසේ එතකොට කියන්නේ මම තමුසෙගේ ඔලුව පැලුවා. එතකොට යෂ්ව තමුසෙගෙන් ගන්නවා කිව්වා එහෙම නේ..." කියපු ලියා දුවිනිගේ කොණ්ඩෙන් අල්ලන් නළලේ තිබ්බ බැන්ඩේජ් එක ගැලෙව්වා.


සෙතුයි යෂුයි පුදුමෙන් දුවිනිගේ නළල දිහා බලන් හිටියේ ඒකේ කිසිම තුවාලයක් නැති හින්දා. 


" මාව අතහරිනවා ලියාරා..." කියමින් දුවිනි කෙල්ලගෙන් මිදෙන්න වෑයම් කරා.


ඒත් ඉතින් කෙල්ලට හොඳටම යකා නැඟලා හිටියේ කෙල්ලව බොරු වැරැද්දකට අහු කරලා විතරක් නෙවෙයි ඒක ඇත්ත කියලා පෙන්නනන්න බොරු සාක්ෂිත් හදලා හින්දා.


" අතහරින්න ඉන්න මම තමුසෙව අතහරින්නම්..." කියපු ලියා දුවිනිගේ කොණ්ඩෙන් ඇදගෙන ගිහින් ඔලුව අල්ලලා බිත්තියේ ගැහුවේ.


දුවිනිගේ නළල පැලිලා බිත්තිය දිගේත් ලේ ගැලුවා.


" ලියා නවත්තනවා ඕක..." සෙත් දුවලා ගිහින් දුවිනිව කෙල්ලගෙන් බේරගත්තා.


ඒත් ලියා නැවතුනේ නෑ.


" තමුසේ ආයේ කිව්වා නේ මම යෂ්ව උදුරගන්නවා කියලා.. එහෙනම් ඒකත් බලාගන්නවා..." 


ලියා සෝෆා එකේ ඉඳන් හිටිය යෂ් ළඟට ගිහින් යෂ්ගේ ඇඟ දෙපැත්තෙන් කකුල් දාලා යෂ්ගේ ඇඟ උඩ ඉඳගත්තා.


යෂ්ට හිතන්නවත් වෙලාවක් නොතියා යෂ්ගේ දෙතොල් කෙල්ලගේ ග්‍රහණයට ගත්තා.


සෙත් බලන් හිටියේ මොනාද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව.


දුවිනි සෙත්ගෙන් මිදිලා දුවගෙන ආවේ ලියාව යෂ්ගෙන් ඈත් කරන්න.


ඒත් ඉතින් කෙල්ල විනාඩි දෙකක් විතර යෂ්ව කිස් කරලා තමයි යෂ්ගෙන් ඈත් වුනේ. ඒ විතරක් නෙවෙයි යෂ්ගේ බෙල්ලත් හැපුවේ කෙල්ලගේ දත් පාර යෂ්ගේ බෙල්ලේ රටාවක් වගේ හිටිද්දී. 


"තමුසේ ඉල්ලගෙන කන්නේ දුවිනි... යෂ් නියුලික් දාපු කෙනා හොයාගත්තොත් මට කියන්න.. මටත් ඒකගෙන් අහන්න දේවල් ටිකක් තියනවා.. " කියපු කෙල්ල කාමරේට ගියා. 


" තමුසේව මම මරනවා ලියාරා... තමුසෙව මං මරනවා..." දුවිනි කෑගැහුවා. 


සෙත් ගල් ගැහිලා මේ දේවල් දිහා බලන් හිටියේ හිතාගන්න බැරුව.


ඒත් ඉතින් යෂ් නම් හිටියේ වෙනම ලෝකෙක. යෂ්ට මතක් වුනේම කෙල්ලගේ කිස් එක. යෂුත් නැඟිටලා කාමරේට යන්න හැරුනා.


" යෂ් ලියාරා තව දුරටත් මෙහෙ ඉන්න බෑ... ඒකිව යාඅන්න මෙහෙන්.. මම ඩැඩ්ට කියලා ඒකිව මරලා දානවා..." කියමින් දුවිනි යෂ්ට කෑගැහුවත් යෂ්ට නම් මෙලෝ දෙයක් ඇහුනේ නෑ. 


යෂ් ගියේ 7th floor එකට. ඒ ගිහින් කෙල්ලගේ කාමරේට ගියපු යෂ් දැක්කේ කෙල්ල ඇඳේ පෙරලිලා ඉන්නවා. කෙලිනම් කෙල්ලගේ ඇඟ උඩට නැග්ග යෂ් කෙල්ලව මූණම සිප ගත්තේ ලියා යෂ්ගෙන් ගැලවෙන්න දඟලද්දි.


" තමුසේ මාව අවුස්සලා දැන් මාව අයින් කරන්නද හදන්නේ ප්‍රින්සස්..." කියලා කෙල්ලගේ කනට කොඳුරපු යෂ් කෙල්ලගේ දෙතොල් අල්ලගත්තා.


මේ වෙනකොට ලියාටත් නොදැනිම උනත් යෂ් ගැන ආකර්ෂණයක් ඇති වෙලා තිබ්බේ. ලියාත් ඊටපස්සේ කිසිම විරුද්ධත්වයක් දක්වන්නේ නැතුව යෂ්ව සිප ගත්තා.


යෂ් කෙල්ලගේ ගෙලත් සිප ගත්තේ කෙල්ලගේ ගෙල පුරාම රතු සලකුණු ඉතිරි කරමින්. ඒත් එක්කම ලියා ආපහු පියවි සිහියට ආවා.


" යෂ් enough... මේ හොඳටම ඇති යෂ් නවත්තන්න..." කියමින් කෙල්ල යෂ්ව ඈත් කරන්න හැදුවා.


ඒත් යෂ් නම් අයින් වෙන පාටක් නෑ.


" යෂ් කිව්වම අයින් වෙනවා..." කියමින් කෙල්ල යෂ්ගේ කම්මුලට පහරක් ගැහුවා. ඒත් එක්කම යෂ් පියවි සිහියට ආවා. 


" ඔයාට බඳින්න කෙනෙක් ඉන්නවා යෂ් මාව අතහරිනවා..." කියමින් කෙල්ල ඇඳෙන් නැඟිට්ටා.


" කමක් නැ.. මං ඒකිව බදිනවා තමුසෙව තියාගන්නවා..." කියලා යෂ් කෙල්ලගේ බඳ වටේ අත යවමින් කිව්වා.


" I don't want to be a mistress.. leave me alone..." කියපු කෙල්ල බාතෲම් එකට ගියා. 


යෂුත් කෙල්ල යනදිහා බලලා කට කොණින් හිනාවෙලා රූම් එකට ගියා. 


කෙල්ල රෑ වෙනකන් ආයේ රූම් එකෙන් එළියට බැස්සේ නම් නෑ.. ලීලම්මා කෙල්ලට කෑමත් රූම් එකටම ගෙනැත් දුන්නා. 


" ලියා ලියා.. තමුසේ ඉන්නවා නේද ඇතුළේ.. යෂ් කිව්වා තමුසෙට නියුලික් ගෙනාව එකා එක්ක කතා කරන්න ඕන්නන් එන්න කියලා..." සෙත් කෙල්ලගේ රූම් එකේ දොරට ගගහා කියද්දි තමා කෙල්ල රූම් එකෙන් එළියට ආවේ.


එදා කෙල්ලව බැදලා දාලා තිබ්බ තැන අද සාමාන්‍යයෙන් අවුරුදු හතලිහක විතර පිරිමි කෙනෙක් බැදලා දාලා තිබ්බා. 


" කියපන් තමුසෙට කොහෙන්ද ඒක..." යෂ් ඒ වෙනකොටත් ඒ මිනිහට වද දෙමින් හිටියේ.


ඒ කෙනාගේ මූණ ලේ වලින් නෑවිලා තිබ්බේ. අත්වල ඉතුරු වෙලා තිබ්බේ ඇඟිලි හතරක් විතරයි.. 


ඒ මනුස්සයා වේදනාවෙන් කෑගහමින් හිටියා. සෙත් හිතුවේ ලියා මේ දේ දැකලා බය වෙයි කියලා ඒත් ලියාට නම් කිසි ගාණක් තිබ්බේ නෑ.


කෙල්ල පලපුරුදු කෙනෙක් වගේ ඒ මිනිහා ළඟට ගියා. ගිහින් ඒ මිනිහාගේ කොණ්ඩෙන් අල්ලලා මූණ ඔලුව ඉස්සුවේ ඒ මිනිහා තවත් වේදනාවෙ කැගහද්දි. 


" කියපන් උබට කොහෙන්ද නියුලික්...." ඒත් ඒ මිනිහා කිසිම දෙයක් කිව්වෙ නෑ.


" තමුසෙට dark forest එකට යන්න ඕනද..." සෙත් ඉස්සරහට ඇවිල්ලා ඒ මිනිහාගේ මූණටම කරලා ඇහුවා.


ඒත් නෝ කතා. 


" මේකව අල්ලගන්න සෙත්..." කියපු කෙල්ල ගියේ ඒ රූම් එකේ ආයුධ තිබ්බ මේසේ ළඟට ගිහින් ගත්තා එතන තිබ්බ ඉඳිකටු වගේ කටු වගයක්.


" තමුසේ දන්නවද මේ කටු ඇඟට ඇතුල් කරාම මේවා ඇඟ පුරාම දුවනවා. නිකන්ම නෙවෙයි තමුසේ නහරවල් හැමඑකක්ම සිදුරු කර කර.. " කියමින් කෙල්ල ඒ මිනිහා කෑගහද්දි ඒ කට්ටක් මිනිහාගේ අතෙන් ඇඟට ඇතුල් කරා. ඒ විදිහට තව දෙක තුනක් දාද්දී ඒ මිනිහා තවත් වේදනාවෙන් කෑගැහුවා.


" තමුසේ කවුද දුන්නේ කියලා කිව්වොත් තනුසෙට ඉක්මන් මරණයක් හම්බෙයි හැබැයි තමුසේ පරක්කු කරන තත්පරයක් තත්පරයක් ගානේ තව තව විඳවන්න වෙයි..." යෂ්.


"එපා මං කියන්නම් මං කියන්නම්ම්... මාව මරලා දාන්න... දෙයියනේ.. මට තවත් ඉවසන්න බෑ.. " කියලා ඒ මනුස්සයා කෑගැහුවා.


" කියපන්...." සෙත් ඒ මිනිහාගේ කොණ්ඩෙන් තවත් තද කරලා අල්ලලා කිව්වා.


" මං ඒ කෙනාගේ මූණ දැක්කේ නෑ.. ඒ කෙනා කලු ඇදලා හිටියේ මට ලක්ෂ විස්සකුයි ඒ බෙහෙත් එකයි දීලා ඒක කෑමවලට කලවම් කරන්න කිව්වා.. මම එච්චරයි දන්නේ... තව ඒ කෙනාගේ අතේ ගින්දර වගේ ටැටූ එකක් තිබ්බා...අනේ මාව අතාරින්න...." ඒ මිනිහා කියලා ඉවර වෙනවත් එක්කම යෂ් ඒ මිනිහාගේ ඔලුව කුඩු වෙන්නම වෙඩි තිබ්බා. ඒ මිනිහාගේ ලේවලින් ලියාගේ මූණ නෑවුනා.


" ෂිට්... මේ අරුන්ගේ වැඩක් නේද එතකොට...." සෙත් මිනිහව බිම දාලා පයින් එකකුත් ගහමින් කිව්වා.


" කවුද අයියේ...."


" රෙඩ් ෆයර්ස්... උන්ගේ අතේ තමා ෆයර් ටැටූ එක තියෙන්නේ.. උන් බලන් ඉන්නේ කොහොමත් අපි එක්ක හැප්පෙන්න තමා..." සෙත්.


" එතකොට උන්ට නියුලික් කොහෙන්ද..."


" ඒක නම් දන්නෑ...." 


යෂ් කිසිම දෙයක් කියන්නෙ නැතුව නැගිටලා ගියේ බාර් එකට. සෙතුත් ඒ පස්සෙන් ගියා. කෙල්ල ආපහු රූම් එකට ගියේ නාගන්න.


" යෂ් රෙඩ් ෆයර්ස්ලට කොහෙන්ද නියුලික්..."


" දන්නෑ.. රන්ජිත් අංකල් කිව්වේ එයාලා ඒ ඔක්කොම සාම්පල් මීට අවුරුදු ගාණකට කලින්ම විනාශ කරලා දැම්මා කියලා.. "


" ඒත් බන් කොහෙන්ද දැන් ආවේ.. රන්ජිත් අංකල් දන්නවද ඒක හදන විදිහ..."


" ඔව් දන්නවා ඇති... ලියාත් දන්නවා... "


" උබ කියන්නේ ලියා හැදුවා කියලද..."


" ඒකි ඒක හැදුවා නම් කන්නෙ බොන්නෙත් නැතුව ඒකට antidote එක හදනවද බන්... එහෙනම් දැන් බයක් සැකක් නැතුව අපිත් එක්ක එනවද..."


" ඒත් මට නම් හිතෙන්නේ ලියාට ඕන උබට ළං වෙන්න කියලා..." සෙත් වීදුරුවකට විස්කි දාගන්න ගමන් කිව්වා.


" උබ අර උදේ වෙච්ච දේට නම් ඔහොම කියන්නේ.. ඒවට හේතුව දුවිනි... ඒකි තමා ලියාව අවුස්ස්ගත්තේ..."


" ඒත් බන්... බලපන් ඒකි දුවිනිගේ ඔලුව බිත්තියේ ගහපු විදිහ.. දැන් අර මිනිහට වද දුන්න විදිහ... වෙන කෙල්ලෝ ඒ වගේ තැනකට අඩිය තියන්නත් බයයි බන්... ඒකිගේ මූණේ ඒ කිසිම බයක් තිබ්බේ නෑ... මට තනිකර උබේ female version එක තමා ඒකිගෙන් පෙනුනේ..." කියපු සෙත් විස්කි ග්ලාස් එක එක හුස්මට ඉවර කරා.


සෙත් කියපු දේට කට කොණෙන් හිනාවුන යෂ් එයාගේ ග්ලාස් එකට තවත් විස්කි දාගත්තා. 


" උබ හිනාවෙයන්... උබ හිතෙන්නේ මේක සෙල්ලමක් කියලද බන්.. බැරි වෙලාවත් අංකල් දැනගත්තොත් මේ දේවල්.. උබ හිතෙන්නේ මොනා වෙයි කියලද..."


" වෙන දෙයක් වෙයි.. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි..." යෂ් කිසිම ගාණක් නැතුව කිව්වා. 


" බලන් ඉන්න... උබට නම් පිස්සු බන්.. මේ ව්එනකොටත් අර .අඟුල මොනා කරලද දන්නෑ.. මට මේක කියපන්කෝ දැන් උබ ඇත්තටම අරකිව බදිනවද... මම අද උදේ දැක්ක දේත් එක්ක උබ ලියාට ලව්ද කියලත් හිතුනා... උබ අරකි දුවිනිට අච්චර දෙයක් කරලත් සද්ද නොකර හිටියා... උබ වෙනදට ඔහොම නෙවෙයිනේ..."


යෂ් ආයෙත් සෙත්ට හිනාවෙලා බාර් එකෙන් එළියට ගියා.



තවත් සති කිහිලයක් ගෙවිලා ගියේ අන්තිමට වෙඩින් එක තියන දවසත් ළඟ ළඟම එද්දි. 


වෙඩින් එකට කලින් දවසේ කිරන් එමා දෙන්නත් යෂ්ගේ මැන්ෂන් එකට ඇවිල්ලා හිටියේ.


" සෙත් කෝ නංගි... මං ආවටවත් කෙල්ලව දැක්කෙ නෑ.." එමා සෙත්ගෙන් ඇහුවේ එමා ආවෙ උදේ උනත් දැන් දවල් වෙලත් කෙල්ලව තාම දැකගන්න බැරිවෙච්ච හින්දා.


" දන්නෑ බන්.. ඒකි මේ ටිකේම වැඩි හරියක් මැන්ෂන් එකේ නෙවෙයි හිටියේ... ඊයේ ගියපු ගමන් ඔය තාම නැත්තේ..."


" ඇයි ඒ නංගි එහෙම කරන්නේ... එයාට කැම්පස් පටන් ගත්තෙත් නෑනේ තාම..."


" ඒකි කොහොමද බයක් සැකක් නැතුව මෙහෙ එන්නේ.. ඒකි හැදුවේ මගේ යෂ්ගේ ඇඟේ එල්ලෙන්නනේ... හහ්.. ඒකි මොනාවුනත් වෙඩින් එකට එන්න ඕනේ..සෙත් ඒකිට ඉන්න තැනකින් වෙඩින් එකට එන්න කියනවා..." කියපු දුවිනි තව කෙල්ලෙක් එක්ක කොහෙද ගියා.


" මොකක්ද බන් ඒකේ තේරුම..." කිරන්.


" අනේ මන්දා බන්.. මට නම් තේරෙන්නේ නෑ මුන්ට මොනා වෙලාද කියලා.. " 


කොහොමහරි පහුවදා වෙඩින් එක. වෙඩින් එක ගත්තේ යෂ්ගෙම හොටෙල් එකක. වෙඩින් එකක් වුනත් සේරම බ්ලැක් තීම් එකෙන් තමා හදලා තිබ්බේ.


දුවිනි ඒකට අකමැති වුනත් යඇ තමා බලෙන් ම ඒ විදිහට හෝල් එක සැරසෙව්වේ.


අන්තිමට වෙඩින් එක පටන් ගත්තා. තාම දුවිනිගේ ඩෑඩ් නම් ඇවිත් හිටියේ නෑ. හැමෝම වෙඩින් එකට ඇවිත් හිටියත් ලියා නම් වෙඩින් එකට ආවේ නෑ. 


යෂ් හෝල් එකේ තිබ්බ ස්ටේජ් එකට වෙලා බලන් හිටියේ තමන්ගේ මනමාලි එනකන්.


හෝල් එකේ දොර ඇරුනා.

ඇතුළට ආවේ bride.


සුදු දිග ගවුමට මල් මිටක් අතින් අරගෙන වේල එකත් දාගෙන එන මනමාලි දිහා කට්ටිය බලන් හිටියේ වශීවෙලා වගේ.


 දුවිනි ස්ටේජ් ළඟට ආවම යෂ් ගිහින් අත දීලා දුවිනිව ස්ටේජ් එක උඩට ගත්තා.


ඊටපස්සේ විවාහ දිවුරුම් දෙන්න දෙන්නාට කියන්න ඕන වාක්‍ය ටික කියන්න කියලා චාරිත්‍ර කරන කෙනා කිව්වත් 


" ඒවා ඕන්නෑ කෝ දෙනවා ඕක අත්සන් කරන්න..." කියලා යෂ් ඇඳලා අරන් සයින් කරන්න තිබ්බ තැන්වල සයින් කරා. ඊටපස්සේ දුවිනිත් සයින් කරා. 

" හරි දැන් එහෙනම් මනාලයා මනාලිව සිප ගන්න..." 


යෂ් දුවිනිගේ වේල් එක අයින් කරන්නබ්‍යද්දිම ආයේ පාරක් හෝල් එකේ දොර ඇරුනා.


" නවත්තනවා ඕක..."


________________________________


මං මුකුත් කියන්නෑ ඔයාලම කියන්න...

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page