The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-10


නවවැනි කොටස.....


" බොස්.. අපේ කොල්ලො සෙට් එකක්ම එකපාර කලන්තේ දාලා වැටුනා..." කවි එතනට දුවන් ඇවිත් කියපු දේ හින්දා මේ දැන් වුන දේ ගැන දුවිනිට යෂ් එක්ක කතා කරන්න බැරුව ගියා.


කිචන් එකට ගිය ලියා ආයේ සාලෙට ආවත් කවුරුත් පේන්න හිටියේ නැති හින්දා ආයේ කිචන් එකට යන්න ගියා.


එත් එක්කම සෙත් කලබලෙන් කාටහරි කෝල් එකක් ගන්න ගමන් සාලෙට ආවා.


" හරි හරි බන් පුලුවන් ඉක්මනට වරෙන් දැනටමත් සීයක් විතර කලන්තේ දාලලු.. අඩෙහ් නංගි වතුර එකක් ගනින් බන් ඉක්මනට... මේ උබ එද්දි පුලුවන් නම් හොස්පිටල් එකෙන් සෙට් එකක් එක්කන් වරෙන් සීයක් උබට තනියම බලන්න පුලුවන් ඇයි.."


ලියා සෙත්ට වතුර එකක් දෙන ගමන්,.

" ඇයි අයියේ මොකද වෙලා තියෙන්නේ..."


" කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි එකපාර කලන්තේ දාන්න අරන් බන්... "


"අප්පටසිරි ඇයි ඒ..."


" දන්නෑ බන් මං යනවා යෂුත් එතන...."


" ඉන්න මාත් එනවා..." කියමින් ලියාත් සෙත්ගේ පස්සෙන් ගියා.


සෙතුයි ලියායි ගියේ එයාලාගේ මේන් හෝල් එකට. ඒකේ එකපාර දාහකට උනත් ඉන්න පුලුවන් විදිහට පහසුකම් තිබ්බා.


ඒ යනකොටත් හෝල් එකේ බිම පෝලිමට කොල්ලොකෙල්ලෝ බිම තියලා ඉන්නවා.


යෂ් ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා.


" කිරා එනවා බන් මඟලු.. මං කිව්වා හොස්පිටල් එකෙන් ටීම් එකක් එක්කන් එන්න කියලා..." සෙත්.



කෙල්ල කට්ටිය දිහා හොඳට බලලා,

" අයියේ මම චෙක් කරලා බලන්නද ටිකක්..."


" තමුසේ ඩොක්ටර් කෙනෙක්ද නෑනේ පැත්තකට වෙලා ඉන්නවා අනුන්ගේ ඒවට ඇඟිලි ගහන්නේ නැතුව..." දුවිනි කෙල්ල දිහා බලලා සමච්චලෙන් කිව්වා.


" මේ දුවිනි මට ඔයා එක්ක දැන් තර්ක කර කර ඉන්න ඕන නෑ... මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි තමා... ඒත් මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.. මටත් යම්තාක් දුරට රෝග විනිශ්චෙකට එන්න පුලුවන්.. අනික මේ ඉන්නේ අනුන් නෙවෙයි මගෙම අය තමා..." කියලා කෙල්ල පෙන්නුවේ කලන්තේ දාලා ඉන්න විදුරව.


" කරන්න පුලුවන් දෙයක් තියනවා නම් කරන්න..." යෂ් කෙල්ලට කිව්වා.


මොකද යෂ්ටත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ කලන්තේ දාන පිරිස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ...


කෙල්ල විදුර ළඟට ගිහින් මැණික් කරුවට අත තියලා නාඩි චෙක් කරලා ඇස් ඇරලා බලලා තව මොනා මොනාද කරා. විදුරව අනිත් පැත්ත හරවලා බෙල්ල ළඟත් මොනාහරි චෙක් කරා...


"Oh no...." කෙල්ල විදුරගේ බෙල්ල චෙක් කරාට පස්සෙ එකපාර පස්සට වුනා.


" ඇයි නංගි..." සෙත් බයෙන් ඇහුවා.


" මොකක්ද වුනේ ලියා..." යෂ්.


කෙල්ල මුකුත් නොකියම තව දෙතුන් දෙනෙක්ගේ බෙල්ල චෙක් කරා.


ඊටපස්සේ යෂ් ළඟට ආව කෙල්ල,

" මෙයාලා කලන්තේ දාන්න කලින් මොකද කරේ... මොනාහරි කෑවද..."


" මං හිතන්නේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න ඇති..." යෂ්.


" බ්‍රෙක්ෆස්ට් ගත්තේ නැති කවුරුහරි ඉන්නවද.. මෙයාලා ගත්ත තැනින්ම..."


" අපෙ හැමෝම මෙහෙ කෑම කන්නේ මිස්.. මං නම් කෑවේ නෑ තාම.." ළඟ හිටපු පිරිමි ළමයෙක් කිව්වා.


ලියා ඒ පිරිමි ළමයා ළඟට ගිහින් එයාගේ බෙල්ල චෙක් කරා.


" මම හිතන්නේ මේක වෙන්නේ බ්‍රෙක්ෆස්ට් එක ගත්ත අයට... දැන්ම බ්‍රෙක්ෆස්ට් ගන්න එක නවත්තන්න.." ලියා යෂ්ට කිව්වම යෂ් කවි දිහා බැලුවා. කවිට යෂ් අඟවන දේ තේරිලා එතනින් ගියා.



ඒත් එක්කම කිරන් ආවා.


" අඩෙහ් මෙච්චර ගොඩාක් අරූ මට කිව්වේ සීයක් විතර කියලානේ දැන් මෙතන දෙසීයක් විතර ඉන්නවා..." කිරන්.


" උබට කියන කොට ඒ ගාණ තමා දැන් එන්න එන්න වැඩි වෙනවා..." සෙත්.


" කිරන් අයියේ.. මෙයාලාගේ ඇඟට විෂක් ඇතුළු වෙලා තියෙන්නෙ... මම හිතන විදිහට මම ඒ විෂ මොකක්ද කියලා දන්නවා..."


" මොකක්ද..."කිරන්.


" ඒ නියුලික්..."


" නියුලික්.. එහෙම එකක් මම අහලා නෑනේ..."කිරන්.


" ඒක රිලීස් කරපු එකක් නෙවෙයි.. ඒක ඇත්තටම කිව්වොත් විෂක් නෙවෙයි පිළිකාවලට හදපු බෙහෙතක් ඒත් ඒක ඕනෑවට වඩා ගත්තොත් ඇඟට හොඳ නෑ මැරෙන්න වුනත් පුලුවන්..."


" වට්..." සෙත්.


" ඒකට antidote එකක් නැද්ද..." යෂ්.


" තියනවා ඒත් ඊටකලින් මට මේ ඒකමද කියලා දැනගන්න ඕන.. මට මේ අයගේ බ්ලඩ් සාම්පල් එකකුයි කෑම සාම්පල් එකකුයි ඕනේ.. සෙත් අයියේ මාව කැම්පස් එකට ගිහින් දානවද..."


"මෙතන මෙහෙම දෙයක් වෙලා තියෙද්දි කැම්පස් යන්න හදන්නෙ ඇයි බන්..." සෙත්.


" මට මේ නියුලික්මද කියලා බලලා ඒකට antidote එක හදන්න ලැබ් එකක් ඕනේ ඒකයි..."


" දැන් මේක ගැන කිරන්වත් දන්නෙ නැත්තන් තමුසේ දන්නේ කොහොමද..." යෂ්.


" මොකද මේක මගේ අම්මා හදපු එකක්... ඒ හින්දා මම ඒ ගැන හොඳට දන්නවා..."


" තමුසේ අපිත් එක්ක සෙල්ලම් කරන්වද ලියාරා... කවුද දන්නේ මේක තමුසෙම අපේ අයට දුන්නද කියලා..." දුවිනි.


" දුවිනි තමුසේ එහෙම කියනවා නම් මාත් කෑම කාලා පෙන්නනන්... ඒත් මතක තියාගන්නවා මේ හැමෝටම ඉතුරු වෙල තියෙන්නේ තව පැය 24කටත් අඩුවෙන්..."


" මොකක්... දුවිනි තමුසේ කටවහගෙන ඉන්නවා දැන්.. ලියා එනව යන්න මාත් එක්ක.. සෙත් හොයපන් මේවගේ ඇත්ත නැත්ත..." කියපු යෂ් හෝල් එකෙන් එළියට ගියා.


ලියාත් ඒ පස්සෙන් ගියා. යෂ් කෙල්ලව එක්කන් ගියේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තව දොරකින් ඒකත් අර වගේ උමඟකින් ගිහින් අන්තිමට තවත් දොරක්.


ඒක ඇරන් ඇතුළට යද්දි තිබ්බේ ලැබ් එකක්... ඒකත් එසේ මෙසේ එකක් නෙවෙයි... අලුත්ම විදිහේ ලැබ් එකක්...


" මෙතන ඕන දේවල් සේරම තියනවා මෙන්න තමුසෙට ඕන සාම්පල් ටික.." කියලා යෂ් එවෙලෙම එතනට ආව කවි දුන්න ටියුබ් වගයක් කෙල්ලට දුන්නා.


ඒත් එක්කම ලැබ් එකේ දොර ඇරන් තව කෙනෙක් ඇතුළට ආවා.


" රජී අංකල්..." කෙල්ල පුදුමෙන් කෑගහද්දි ලැබ් එකේ වැඩ කර කර හිටපු අයත් පුදුමෙන් කෙල්ල දිහා බැලුවා.


" මැඩම්...." ඒ ආපු කෙනා කිව්වා.


" මැඩම් නෙවෙයි අනේ... මම ලියා අංකල්..."


" අනේ දෝණි ඔයා ලොකු වෙලා ගොඩාක්... දැන් තනිකර මැඩම් වගේමයි...."


" රන්ජිත් අංකල් ලියාව දන්නවද..." මේ දෙන්නාගේ කතාව පුදුමෙන් අහගෙන හිටිය යෂ් ඇහුවා.


" ඔව් පුතා... මේ තමා කලින් වැඩ කරපු ලැබ් එකේ මැඩම්ගේ පණ... ඒක නෙවෙයි දෝණි ඔයා මොකද මෙහෙ.."


" අප්පා තව ටිකෙන් අමතක වෙනවා.. අංකල්.. නියුලික්.. ඒක කවුරුහරි ආයේ හදලා..."


" වට්... ඒත් අපි ඒකෙ සාම්පල් සේරම විනාශ කරානේ..."


" ඒත් අංකල් යෂ්ගේ ගෲප් එකේ මේ වෙනකොට දෙසීයකගේ විතරේ ඇඟේ නියුලික් තියනවා.. මට දැන ගන්න ඕන මේක ඒකමද කියලා.. " ලියා සාම්පල් ටික පෙන්වමින් කිව්වා.


" ඕ මයි ගෝඩ්.. එන්න දෝණි ඉක්මනට චෙක් කරමු.. " රන්ජිත්.


" මේකේ එච්චර තියන බරපතලකම මොකක්ද.. පැය විසිහතරකින් ඒ අය මැරෙනවද...." කවී.


" මැරෙන එක ඊට වඩා හොඳයි.. " කියපු ලියා රන්ජිත් එක්ක ගිහින් සාම්පල් චෙක් කරා.



පැය කාලකට විතර පස්සෙ රන්ජිත් ඔලුවේ අතගහගත්තේ රිසාල්ට් එක දිහා බලලා.


" ඒ නියුලික් තමා.. යෂ් පුතා ඉක්මනට ඒ අයට ---- බෙහෙත දෙන්න ඕනා.. එකෙන් එයාලාට සිහිය එයි.. ඒත් තව දෙයක් එයාලා ඉන්න තැනම ඉන්න දීලා අනිත් අයට එළියට යන්න කියන්න.. විශේෂයෙන්ම එයාලාගේ ලේ අනිත් අයට මික්ස් වෙන්න දෙන්න එපා... "


" අංකල්..." යෂ්.


" එයාලා සොම්බි වර්ගයක් වෙනවා යෂ්.. මේ වෙනකොට එයාලාගේ ඇඟට නියුලික් ගිහින් පැය දෙකක් විතරනේ.. තව පැය විසි දෙකයි තියෙන්නේ මොනා කරන්නත්..." ලියා.


" කවී ගිහින් සෙත්ට කියපන් මේ දේ ඉක්මනට... දැන් මේකට මොකද කරන්නේ අංකල්... ඔයාලට antidote එක හදන්න පුලුවන්ද..." යෂ්.


" පුතා අපි මේක අපේ ලැබ් එකේ හදපු වෙලේ experiment එකට ගත්ත කෙනාව අපි මරලා දැම්මා.. මොකද අපිට බැරි වුනා antidote එක හොයාගන්න.. ඒ නියුලික් හින්දා අපිට අපේ දෙන්නෙක්ගෙත් ජීවිත නැතිවුනා.."


" එතකොට මගේ කට්ටියව හොඳ කරන්න බැරිද.. ඒත් ලියා කිව්වානේ එයා antidote එක හදනවා කියලා..."


" දෝණි..."


" අංකල් එදා ලැබ් එකේ ඒ පරීක්ෂණේ නතර කරාට අම්මා නතර කරේ නෑ.. අම්මා ඒකට antidote එක හොයගත්තා.."


" ඒත් දෝණි ඒකේ රෙසිපි එක නැතුව අපිට..."


" කවුද නෑ කිව්වේ මං ගාව තියනවා.. ඉන්න මං අරන් එන්නම් ඉක්මනට..." කියපු ලියා එළියට දිව්වා.


ලියා ඉක්මනට දුවගෙන ආවේ එයාගේ කාමරේට එදා ගෙදරින් ගෙනාව සූට්කේස් එකක් ඇරිය ලියා සූට්කේස් එකේ අඩියෙම තිබිලා ගත්තේ පොතක් ඒක අරගෙන ඉක්මනට එළියට ආවත් ලියාට ලිෆ්ට් එකට නැඟගන්න හම්බුනේ නෑ.


ලිෆ්ට් එකෙන් ඇවිත් බැස්සේ දුවිනි.


" කොහෙද තමුසේ මේ දුවන්නේ.. මොකද යෂ්ව දැලේ දාගන්න තව මොනාහරි කරන්නද හදන්නේ.. ආ.. තමුසේ උදේ මගේ යෂ්ව කිස් කරා නේ.. තමුසෙට මම..." කියලා දුවිනි කෙල්ලට කනට ගැහුවා.


එත් ලියාට මේ වෙලාවේ දුවිනි එක්ක රණ්ඩු කරන මූඩ් එකක් තිබ්බෙ නෑ.


" දුවිනි මට තමුසේ එක්ක රණ්ඩු වෙවී ඉන්න වෙලාවක් නෑ දැන්..." කියපු කෙල්ල දුවිනිව තල්ලු කරලා ලිෆ්ට් එකට නැග්ගා.


කෙල්ල ලැබ් එකට එනකොට රන්ජිත් කෑම සාම්පල් එකත් චෙක් කරලා.


" පුතා නියුලික් තියෙන්නේ චිකන් එකේ... ඒ නිසා තමා මෙච්චර ඉක්මනට ඒක react කළෙත්..."


" හරි අංකල් thank you....ලියා තමුසේ මොන මඟුලක් කරලා හරි මට මගේ කොල්ලො කෙල්ලො ටික බේරලා දෙන්න ඕනේ..."


යෂ් ලියාට කියද්දි ලියාට තේරුනා යෂ් ඉන්නේ කොච්චර වේදනාවකින්ද කියලා.


" don't worry යෂ්... අපි ඉක්මනටම එයාලව බේරගන්න...."


ඊළඟට පැය විස්සක් තිස්සේම වතුර උගුරක්වත් නොබී ලියා රන්ජිතුයි ටීම් එකේ අයයි එක්ක කරේ antidote එක හදන එක.


මේ වෙනකොට main hall එක්කේ හිටිය අයත් ටික ටික සොම්බිලා බවට පත් වෙමින් තිබ්බා.


ඒක ටිකක් හරි පරක්කු වුනේ රන්ජිත් කියපු බෙහෙත පැය හයෙන් හයට inject කරපු හින්දා.


මේ පැය ගාණෙම යෂ් සෙත් දෙන්නා කරේ ලැබ් එකටයි මේන් හෝල් එකටයි දිව්ව එක. ඒ අතරේ මේ වැඩේ කරපු අයවත් අල්ලගත්තා.


" ඒක හරි අංකල්.. ඒක හරි ගියා.. " ලියා එකපාර කෑගහද්දී ලැබ් එකේ හිටිය අයටත් සතුට වැඩිකමට කෑගැහුනා.


ලියා කට්ටියටම ඕන කරන antidote ටිකත් අරන් ඉක්මනටම මේන් හෝල්කට ආවා.


" යෂ් ඒක හරි ගියා... කිරන් අයියේ මේ ටික ඉක්මනට එයාලට inject කරන්න ඕනේ තව පැයක් විතර වගේනේ ඉතුරු වෙලා තියෙන්නේ..."


ඊළඟ පැය භාගෙම හොස්පිටල් එකෙන් ඇවිත් හිටිය අයයි කිරනුයි කරේ සොම්බිලා වෙමින් හිටිය අයට antidote එක දුන්න එක. ලියාත් ඒ අයත් එක්කම එකතු වෙලා වැඩ කටේ මහන්සිය තකන්නේ නැතුව.


" අම්මෝ ඉවරයි... දෙවියනේ මේ අයව ඉක්මනට නැගිට්ටවන්න...." ලියා දෙවියන්ටත් කන්නලව් කරන්න ගත්තා.


බෙහෙත් එක දුන්නට පස්සේ හැමෝටම ආයේ සිහිය නැතිවෙලා හිටියේ. ඔන්න පැයකට පස්සෙ විදුර නැගිට්ටා..


කිරන් විදුරව චෙක් කරලා කට පුරෝලා හිනාවුනාම තමා කට්ටියගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.


මේ වෙනකොට පහුවදා උදෙත් වෙලා තිබ්බේ.


යෂ් සෙත් ලියා මේ තුන්දෙනා කලින් දවසේ බ්‍රෙක්ෆස්ට් එකවත් අරන් හිටියේ නෑ.


" අම්මෝ අඩෙහ් මට දැනුනේ තුන්වෙනි ලෝක යුද්ධය ඉවර වුනා වගේ බන්.. අම්මෝ.. මුන්ගේ ඇස්වල පාට එහෙම ටික ටික වෙනස් වෙනකොට ඇත්තටම මට මරණ බය දැනුනා..." සෙත් පපුවටත් අත තියාගෙන කිව්වා.


" මේ මට... කවුරුහරි වතුර ටිකක්.." ලියාට එච්චරයි කියන්න හම්බුනේ ලියාව කලන්තේ දාලා වැටුනා.


" අඩෙහ් නංගී... " සෙත් පැනලා කෙල්ලව අල්ලගත්තා.


කිරන් ඉක්මනට ලියාව චෙක් කරේ කෙල්ලට ඇයි කියලා බලන්න. ඒ අතරේ තමා යෂ් දැක්කේ කෙල්ලගේ අත කැපිලා තියනවා.


ලියාව චෙක් කරපු කිරන්,


" අඩෙහ් ලියා...."


____________________________________


ලියා සොම්බි කෙනෙක්ද වෙයිද ළමයි...

ඔයාලා සොම්බි විශ්වාස කරනවද... මම නම් විශ්වාස කරනවා...

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page