The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-09
අටවැනි කොටස...
දොර වහලා පිටිපස්ස හැරුනු කෙල්ල හිටපු කෙනා දැකලා ගල් වෙලා බලන් හිටියේ දැන් මොකද කරන්නෙ කියලා හිත හිත.
" තමුසේ මොකද මෙතන කරන්නේ..."
" දුවිනි..."
ලියාට එච්චරයි කියන්න හම්බුනේ දුවිනි කෙල්ලගේ කම්මුලට ගැහුවා.
ඒ ක්ෂණික කෙල්ලත් ආපිට ගැහුවා.
" තමුසේ කොහොමද මට ගහන්නේ ආ.. " කියමින් දුවිනි කෙල්ලට ආයේ ගහන්න ගියත් කෙල්ල දුවිනිගේ අත අල්ලගෙන අනිත් පැත්ත හැරෙව්වෙ දුවිනි වේදනාවෙන් කෑගහද්දි.
" ආව්.. අතහරිනවා... අතහරිනවා මාව..."
" මම තමුසෙව අතහරිනවා හැබැයි ආයේ මාත් එක්ක හැප්පෙන්න එන්න එපා.. අහකට වෙනවා..." කියලා ලියා යන්න හැදුවත් දුවිනි කියපු දේත් එක්ක කෙල්ල ආයේ නැවතුනා.
" තමුසේ මගේ යෂ්ගේ ඇඟේ එල්ලෙන්න එන්න එපා හැමතිස්සෙම.. තමුසේ දන්නෑ මම කවුද කියලා.. තමුසේ ආයේ යෂ් ළඟ හරි ඉන්නවා දැක්කොත් මම තමුසෙව මරනවා..."
යන්න ගිය ලියා අයේ ඇවිල්ලා..
" Oh really... I'm waiting...." කියලා දුවිනිගේ මූණටම කියපු කෙල්ල එතනින් ගියා.
කෙල්ල ගියාට පස්සේ යෂ්ගේ රූම් එකට ගියපු දුවිනි දැක්කේ යෂ් නිදාගෙන ඉන්නවා.
දුවිනි යෂ් ළඟට ගිහින් යෂ්ගේ ඔලුව අතගාද්දි යෂ්,
" ලියා... ලියා..." කියලා මුමුණන්න ගත්තා.
ඒක අහපු දුවිනි යකා ආයේ ඇවිස්සුනා.
යෂ්ගේ බැල්කනි එකට ගියපු දුවිනි කෝල් එකක් ගත්තේ එයාගේ තාත්තට.
" හෙලෝ ඩෑඩ්..."
" කියන්න දුවී...."
" ඩෑඩ් මට යෂ්ව මැරි කරන්න ඕනේ... පුලුවන් තරන් ඉක්මනට... I can't wait..."
" ok.. ඔය දෙන්නා date එක fix කරගෙන මට කියන්න.. ලංකාවේද ගන්නේ නැත්තන් russia එනවද..."
" ලංකාවේ ගමු ඩෑඩ්... මම යෂ් එක්ක කත කරන් ඩේට් එකක් දාගන්නම්.. ඩෑඩ් වෙඩින් එකටමද එන්නේ..."
" ඔව් දුවී...මේ දවස්වල වැඩ වැඩී.. බලමු ඔයාලා දාගන්න ඩේට් එකත් එක්ක මට පුලුවන් වෙයිද කියලා.. කවදා කොහොම තිබ්බත් මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එනවා.. ඇයි දැන් මේ ඔයා හදිසියෙන්ම වෙඩින් එක ගන්න යන්නේ..."
" මෙහෙ එකියක් ඉන්නවා ඩෑඩ් ඒකි යෂ්ගේ කරේ එල්ලෙන්නමයි හදන්නේ... "
" එහෙනම් ඉතින් ඒකිගේ වැඩේ ක්ලෝස් කරා නම් ඉවරනේ... ඉන්න මම කට්ටියව එවන්නම් අදම..."
" නෝ ඩෑඩ් ඒකි පණ පිටින් ඉන්න ඕනා... මම යෂ්ව මැරි කරන හැටි ඒකි දකින්න ඕනේ... "
" okay...එහෙනම් ඔයා වෙඩින් එක ඉක්මන් කරන්න ඊටපස්සේ ඒකිව ඉවරයක් කරලා දාමු..."
" okay dad.. bye..."
" bye.."
කට කොණේ හිනාවක් රඳවගත්ත දුවිනි,
" තමුන්ගේ අවසානේ ළඟයි ලියාරා.. තමුසේ හැප්පුනේ වැරදි කෙනා එක්ක.. මම තමා russiaවල mafia kingගේ එකම දුව.. මට ඕනදේ මම අනිවාර්යයෙන්ම ගන්නවා..." කියලා හයියෙන් හිනා වුනා.
හවස හය හමාරට විතර වගේ තමා ලියාගේ practice ඉවර වුනේ.. ඒ වෙනකොට කෙල්ලට නම් හොඳටම මහන්සි.
ලියා සෙත් එක්ක සාලෙට ආවේ රූම් එකට යන්න කලින් මොනාහරි බීලා යන්න..
ඒ එනකොට යෂ් සාලේ සෝෆා එකේ ඉඳගෙන ලැප් එකේ මොනාද වැඩක් කරනවා.
දුවිනිත් යෂ්ගේ ඇඟේ ගෑවී ගෑවී ඉඳගෙන ටීවී බලනවා. ලියා එනවා කියලා දැක්කම දුවිනි යෂ්ගේ කරවටේට අත යවන්නත් ගත්තා.
ඒත් ඉතින් අපේ යෂ් දුවිනිගේ අත දූවිලි කෑල්ලක් වගේ ගසලා දැම්මා.
ඒක දැක්ක ලියාට හයියෙන් හිනා ගියා.
වැඩේ කියන්නේ සීන් එක දැකලා තිබ්බෙත් කෙල්ල විතරයි. කෙල්ලගේ හිනාවට තමා යෂ් දැක්කෙත් කෙල්ල ආවා කියලා.
" මොකද බන් පිස්සෙක් වගේ එකපාර හිනා වෙන්නේ..." සෙත් කෙල්ලගේ ඔලුවට තට්ටුවක් දාලා ඇහුවා.
" දූවිලි කෑල්ලක් අහකට විසිවෙනවා දැක්කා.. මරු ඈ දකින්න තිබ්බේ.. " කියමින් කෙල්ල ආයේ හිනාවුනා.
සෙත්ට තේරුනා කෙල්ල හිනාවෙන්නේ දුවිනිට කියලා. දුවිනිගේ මූණ තරහෙන් පුපුරනවා.
" අඩෙහ් මේ ලීලම්මාගෙන් මටත් බොන්න මොනාහරි ඉල්ලන් වරෙන් ඈ..." සෙත් කිචන් එක පැත්තට යන ලියාට කිව්වා.
" මටත් ඕනේ.. " යෂුත් කිව්වා.
" ඉන්න බේබ් මං ඔයාට මගේ අතින්ම ඩ්රින්ක් එකක් හදාගෙන එන්නම්..." කියලා දුවිනිත් කිචන් එකට ගියා.
" දැන් මොකද උබට උණ අඩුයිද..." සෙත් යෂ් ළඟින් ඉඳගන්න ගමන් කිව්වා.
" දැන් අඩුයි බන්.. උබ කොහොමද දන්නේ..."
" මට ලියා කිව්වේ... කෙල්ල උබව බලාගන්න ගිහින් practice ආවෙත් පරක්කු වෙලා..."
" වට්.. ලියා මාව බලාගත්තා.. ඒත් දුවිනි කිව්වේ එයා බලාගත්තා කියලනේ..."
" පිස්සුද බන්.. ඒකි ෂොපින් ගිහිල්ලනේ හිටියේ... උබ දන්නවනේ ඒකි ෂොපින් ගියොත් වරුවකට එන්නේ නෑ කියලා..."
" මං නැඟිටිනකොට මං ළඟ හිටියේ දුවිනි.. "
" ලියා කිව්වේ එයා ලීලම්මාට සුප් එකකුත් හදා දෙන්න කියලා තමා ආවේ කියලා.. කෙල්ල ඇඳුම් මාරු කරලා හිටියෙත් නෑ.. උදේ එකෙන්මයි හිටියේ.. හැබැයි බන් කෙල්ලගේ කම්මුලක් රතු වෙලා තිබ්බා කවුරුහරි ගහලා වගේ මං ඇහුවට ඇයි කියලා කිව්වෙ නෑ..."
" දුවිනිගෙත් තිබ්බා බන්.. " කොල්ලො දෙන්නම එකපාර හැරිලා බැලුවේ කිචන් එක පැත්ත.
" මුන් දෙන්නා ගහගත්තාවත්ද..." සෙත්.
" මොකට..."
" උබට තමා වෙන මොනාටද... හැබැයි දුවිනි ලියාට ගැහුවා නම් අනිවාර්යයෙන්ම දුවිනි තමා ගුටි කන්න ඇත්තේ..."
"අහ්..."
" ලියා ෆයිට් කරනවා සුපිරියට බන්.. උබ කියන්නේ අද මම ඒකි එක්ක ෆයිට් කරා පැය කාලකට වැඩියේ..."
" උබ එහෙනම් වැඩියේ සැර කරන්නැතුව ෆයිට් කරන්න ඇති..."
" මුල් විනාඩි දෙක තුනේ එහෙම තමා ෆයිට් කරේ ඒත් බන් ඒකි ගහන පාරවල් එක්ක මම උබත් එක්ක ෆයිට් කරනවා වගේ ඒකි එක්ක ෆයිට් කරේ..."
" කවුද වින් කරේ..."
" වින් කරේ නම් මම.. ඒත් ඒකත් නිකන් ආපු චාන්ස් එකක් හින්දා.. නැත්තන් තව වෙලාවක් ෆයිට් කරන්න වෙනවා බන්.. "
" එතකොට gun practice එක..." සෙත් ලියාට ground එකට එන්න කිව්වේ gun practice එකට.
" ඒකිට ගන් පාවිච්චි කරලා නම් පුරුද්දක් නෑ.. උබ කියපු හින්දා මම හැම ගන් එකක් ගැනම ඒකිට කියලා දුන්නා.. හොඳම දේ තමා ඒකිගේ මෙමරිය.. උබ කියන්නේ එක පාරයි කියන්න ඕනා ඒක මතකයි.. ඒකිට ෂූට් කරන විදිහත් කියලා දුන්නා.. කවියා කියද්දි තමා මාත් දන්නේ ඒකි මම කරන හැම දේ දිහාම සුපිරියටම බලන් ඉදලා.. ඒකිට ෂූට් කරන්න දුන්නම කෙලින් 6 points බන්... මං මෙච්චර කල් දාහකට වඩා පුරුදු කරලා ඇති ගන් පාවිච්චි කරන්න ඒත් මේකි තමා ඉක්මනටම ඉගෙන ගත්තේ.. අනිවා තව දවස් දෙක තුනක් ඇතුළත ඒකි 10 points ගන්න එකත් ගන්නවමයි..."
" ම්ම්.. ලියා කියන්නේ හිතන තරන් ලේසි එකියක් නෙවෙයි කොහොමත්.. මට ඒකි දැක්ක දවසෙම හිතුනා..."
" තව එකක් බන්.. අද මට ඒකිගෙන් අහගන්න පුලුවන් වුනේ.. ඒකිගේ අම්මා scientist කෙනෙක්.. "
" වට්... ඒත් නිහාල්ගේ පළවෙනි ගෑනි ගෙදරටම වෙලා හිටියා කියලානෙ බන් කට්ටිය කියන්නේ.."
" ඔව් බන් ඉතින් මමත් ලියා ගැන සැක හින්දා ආරංචි කරපු වෙලේ එහෙම තමා හිතුවේ.. ඒත් උබට මතකද එදා ඒකි කිව්වා ඒකිගෙ අම්මා විෂ ජාති බෙහෙත් ජාති එහෙම හැදුවා කියලා..."
" ඔව්... ඒවා නිහාල්ලා ගත්තා කියලනේ කිව්වේ..."
" ඔව් බන්... හොඳම වැඩේ කියන්නේ ඒකිගේ අම්මා experiment කරලා තියෙන්නේ පණ තියන මිනිස්සුන්ගෙන්... ඒකිගේ අම්මගේ..."
සෙත් තව මොනාහරි කියන්න යද්දිම කවුරුහරි එන සද්දෙ ඇහුන හින්දා කතාව නැවැත්තුවා.
බලනකොට දුවිනියි ලියායි දෙන්නම කිචන් එකේ ඉඳන් එනවා දෙන්නට දෙන්නා රව රව.
ලියා සෙත්ට ගෙනත් දුන්නේ chocolate කෝප්පයක්.
දුවිනි යෂ්ට ගෙනත් දුන්න කෝප්පේ මොනාද තියෙන්නේ කියලා යෂ්ට හිතාගන්න බැරි වුනා. ගොම කොළ පාටට හුරු මොනාහරි තමා තිබ්බේ.
බොනවද නැද්ද කියලා හිත හිත කොල්ලා උගුරක් බිව්වා. කොල්ලාගේ මූණ ඇඳ වුනා.
සෙත් නම් කෙල්ල ගෙනැත් දුන්න chocolate එක රස කර කර බිව්වා.
" අඩෙහ් මරුනේ බන්.. මේක ලීලම්මා හැදුවා වෙන්න බෑ.. උබද හැදුවේ..."
" ඔව්..."
" අඩොහ් නංගි මොකෝ කියන්නේ අපි දෙන්නා juice bar එකක් දාමුද..."
" මරු අදහස ඈ.. කාලෙ කන්න මරු..."
සෙත්ට ඕන වුනේ යෂ්ව අවුස්සන්න.
ඒ හින්දම සෙත් තවත් රස කර කර බිව්වා.
යෂ් නම් හිටියේ ඉරිසියාවෙන් පැලි පැලී.
යෂ් තරහටම තව උගුරක් බිව්වත් ආයෙත් කට අමුතු වුනේ ඒකේ එන අමුතුම රහට..
ඒක හොඳ රසක් නම් නෙවෙයි..
ඒත් ඉතින් ලැජ්ජාව වහගන්නත් ඕන හින්දා අමාරුවෙන් හරි බිව්වා.
හැබැයි ඉතින් සෙතුයි ලියායි නම් මේ දිහා බල බල මාර ආතල් එකක් ගත්තේ.
" යෂ් බේබ්.. ඩෑඩ් කිව්වා අපි දෙන්නාගේ වෙඩින් එකට ළඟට ඩේට් එකක් ෆික්ස් කරගන්න කියලා..." යෂ් අමාරුවෙන් බිබී හිටිය එකත් ඉස්මොල්ලේ ගියා.
" වට්... ඒ ඇයි..."
" බලන්න ලව්... දැන් අපි දෙන්නාගේ affair එකට අවුරුදු කීයක්ද කියලා.. ඉතින් අපි වෙඩින් එක ගන්නෝන නේ ඉක්මනට.. මම හිතුවේ ලබන මාසේ 20 වගේ හොඳයි කියලා.. ඔයා මොකද කියන්නේ..."
" දුවිනි..."යෂ් කතා කරන්න ගත්තත් දුවිනි යෂ්ට කතා කරන්න දුන්නේ නෑ...
" මම දන්නවා යෂ් බේබ්.. ඔයා මගේ තීරණවලට අකමැති වෙන්නේ නෑ කියලා.. එහෙනම් තව සති තුනක් වගේනේ තියෙන්නේ.. මම හෙටම යනවා අපෙ ඩ්රෙසස් ලෑස්ති කරන්න... ඉන්නකෝ මම appointment එකක් දාන්නම්..." කියලා දුවිනි ගියා.
" එහෙනම් සුබ මංගලම් කොල්ලෝ..." සෙත් යෂ්ගේ පිටට එකක් ගහලා කිව්වා.
" පලයන් යන්න..."
ලියා බීලා ඉවර වෙලා කෝප්ල ටිකත් අරන් ආයේ කිචන් එකට ගියා.
කෙල්ල රූම් එකට යන්න කියලා ලිෆ්ට් එකට යන්න හැදුවත් කෙල්ලගේ පිටිපස්සෙන් ඉඳන් කතා කරේ දුවිනි.
" ලියාරා ලියාරා ලියාරා... කොහොමද තමුසේ මගෙන් මගේ යෂ්ව ගන්නනේ බැලුවේ.. දැන් ඉතින් යෂ්ව මම මගේම කරගන්නවා තමුසෙට බකන් ඉන්න තමා වෙන්නේ.. හහ්.. තමුසේ හැප්පුනේ වැරදි කෙනා එක්ක..."
" ඔහ් ගෝඩ්.. ඔයා එතකොට මට පේන්නද මේ යෂ්ව මැරි කරන්න යන්නේ.. දන්නවද දුව්නි මට මේ වෙනකන් යෂ් ගැන එහෙම interest එකක් තිබ්බේ නෑ.. ඒත් දැන් ඉතින් තමුසේ හැමතිස්සෙම මට ඕක කියවන හින්දම මම යෂ්ව මගේ කරගන්නවා.. බලන් ඉන්නවා.. මම තමුසේ ඉස්සරහම යෂ්ව මගේ කරගන්න විදිහ..."
දුවිනි කෙල්ලට ගහන්න ගියත් කෙල්ල අතින් අල්ලගත්තා.
" මොකෝ දවල් වෙච්ච දේ මතක නැද්ද.. තමුන් මාත් එක්ක හැප්පෙන්න ඉස්සර වෙලා දෙපාරක් හිතනව..." කියල දුවිනි අත හයියෙන් ගසලා දැම්ම ලියා ලිෆ්ට් එකට ගියා.
පහුවදා උදේ ලියා breakfast ගන්න පහළට එද්දි යෂුත් පහළ හිටියා.
කෙල්ල යෂ්ව ගණන් ගන්නේ නැතුව යන්න හැදුවත් යෂ් කෙල්ලගේ අතින් ඇද්ද පාර කෙල්ල ගිහින් යෂ්ගේ උකුලේ.
" මොනාද කරන්නේ මාව අතහරිනවා..." කෙල්ල යෂ්ගෙන් ගැලවෙන්න කොච්චර ට්රයි කරත් බැරි වුනා. අඩුවකට අහුවෙලා වගේ යෂුත් කෙල්ලව අල්ලන් හිටියේ.
" මොකෝ දැන් මම ළඟින් යන්න හදන්නේ ආ... ඊයේ තමුසේ දුවිනිට කොව්වේ මාව තමුසෙගේ කරගන්නවා කියලා මොකද ට්රයි කරන්නැත්තේ දැන්ම..."
" ඕහෝ.. කෙල්ලොන්ගේ කතා හොරෙන් අහන් ඉඳලා වගේනේ.. ඒ කියන්නේ මම දැන් ඔයාව මගේ වසඟෙට ගන්න ඕනද ආ.. " කෙල්ලගේ යෂ්ගේ කනට කරලා කෙඳිරුවා.
ඒත් එක්කම යෂ් කෙල්ලගේ තොල්වලින් අල්ලගත්තා.
කෙල්ල හිතුවේ නෑ යෂ් ඒ වගේ දෙයක් කරයි කියලා. කෙල්ල යෂ්ගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ වැඩේ නම් ලේසි නෑ.
අන්තිමට යෂ්ම තමා කෙල්ලගේ තොල් අතහැරියේ. ඒත් කෙල්ලව නම් අතහැරියේ නෑ.
" තමුසේ පාවිච්චි කරන ලිප් බාම් එක මොකක්ද බන්.. ඒක මාර රසයිනේ... "
" අ..අ.. තමුසේ වගේ එකෙක් නම්.. දැන්වත් මාව අතහරිනවා තඩි වලහෝ.. " කියමින් ලියා යෂ්ගේ පපුවට අත්දෙකෙන් ගහන්න ගත්තා.
" තමුසේ ඔය ගහන ඒවා මට දැනෙන්නේවත් නෑ..."
" අර්.. එහෙමද.." කියපු කෙල්ල යෂ්ගේ ෂර්ට් එකේ උඩ බටන් එක පන්නලා කොල්ලාගේ පපුව හැපුවා.
" තමුසේ මොකක්ද ඔය කරන්නේ ලියාරා..."
දුවිනි කෑගහපු සද්දෙට ලියාව එකපාර ගැස්සිලා ගියා.
ඒත් ඉති කෙල්ල ඒ බව පෙන්නනනේ නැතුව යෂ් දිහා බලලා යෂ්ට ලිප් කිස් එකකුත් දීලා දුවිනිට ඇහැකුත් ගහලා යෂ්ගේ උකුලෙන් නැගිටලා කිචන් එකට ගියා.
" බොස්.. අපේ කොල්ලො සෙට් එකක්ම එකපාර කලන්තේ දාලා වැටුනා..."
කවි එතනට දුවන් ඇවිත් කියපු දේ හින්දා මේ දැන් වුන දේ ගැන දුවිනිට යෂ් එක්ක කතා කරන්න බැරුව ගියා.
____________________________________
එහෙනම් වෙඩින් එකට ලෑස්ති වෙලා එන්න ළමයි...
අපි ලියාව සෙත්ට සෙට් කරමු. එතකොට වැඩේ ඉවරනේ..
reaction දාන්න comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤