The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story 🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-08



හත්වැනි කොටස....


" සිරා බන්... අනික බලහන් උබලා ඒකිව පැහැරගෙන ආවට අන්තිමට ඒකිනේ එකෙනුත් ප්‍රයෝජනේ ගත්තේ... ඒකි කොහොමහරි ටීම් එකට පැනගත්තා.. ඒකිට ඔය කියන විදිහට මුගෙන් උදව්වක් ගන්න තිබ්බා නම් yara කියන්නේ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ.. සල්ලි දීලා කරගන්න තිබ්බනේ... මේකි කවුද බන්..." කිරන්.


" CID එකෙන්වත්ද බන්..." සෙත්.





පහුවදා උදේ කිරන් එමා එක්ක සාලෙට එද්දි ලියා සාලෙට වෙලා වැඩ. ඒත් එක්කම සෙතුත් පහළට ආවා. ඊයේ කතා වුන දේවල් හින්දා සෙත්ට වගේම කිරන්ට ලියා ගැන තිබ්බේ සැකයක්. ඒ නිසාම ඒ දෙන්නා ලියාව වැඩියේ ගණන් ගත්තේ නෑ.


" ගුඩ් මෝනින් නංගෝ..." එමා.


" ගුඩ් මෝනින් අක්කේ... ගුඩ් මෝනින් කිරන් අයියේ.. ගුඩ් මෝනින් සෙත් අයියේ..."


" මෝනින්..."


" මෝනින්..."


  කිරනුයි සෙතුයි දෙන්නම ඕනෑවට එපාවට කිව්වා. ලියාට වගේම එමාටත් ඒ බව තේරුනා. ඒත් ලියා ඒ දේ වැඩියේ ගණන් ගත්තේ නෑ.


එමා ලියාගේ අවදානේ වෙනස් කරන්න ඕන හින්දා.


" මොනාද අප්පා ඔයා උදේ පාන්දර ඉඳන් කරන්නේ... assignment එක ඉවර කරේ නැද්ද තාම..."


" නෑ අක්කී ඒක ඉවර කරා ඊයේ රෑම.. මේ අද කට්ටියට දෙන test එක ලෑස්ති කරනවා... හතත් වෙලා නේ... සෙත් අයියේ මට hacker's hall එක තියන තැන කිව්වෙ නෑනේ ඊයේ..."


" ආ... ඔයා second floor එකට යන්න.. මං කවියට කියන්නම් එක්ක යන්න එන්න කියලා..."


" හරි එහෙනම් මං යනවා... කවී අයියට කියන්න..."


" ඔයා කාලද යන්නේ නංගි..."


" ඔව් අක්කේ මම උදෙන්ම කෑවා.. අක්කලා අද යන්නෙත් නෑනේ..."


" නෑ දැන් යනවා මැණිකේ..."


" අනේ මං හිතුවේ අදත් ඉන්නවා කියලානේ..." කියපු ලියා එමාව හග් කළා.


" හරි හරි ඉතින් ඔයා වෙලාවක එන්නකෝ ඒපැත්තේ... මේ මනුස්සයාත් නැති හින්දා මම පාලුවෙන්නේ ඉන්නේ..."


" අනිවාර්යයෙන්ම එන්නම්...."




ලියා කවී එක්ක hacker's hall එකට ආවා. ඒ වෙනකොටත් තුන්හතර දෙනෙක් ඇතුළේ හිටියා. ඒක ලොකු හෝල් එකක්. hackersලා සේරටම ඕනේ විදිහට එක්කෙනාට එක ගානේ චූටි චූටි කැබින් හදලා ඒක වෙනම ලෝකයක් වගේ...


" ලියාරා ඔයාට තියෙන්නේ මේ රූම් එක..." කියලා කවි කෙල්ලව රූම් එකක් ඇතුළට එක්ක ගියා. එතනට කෙල්ලට ඕන computers වගේ හැමදේම තිබ්බා.


" ඔයාට මොනාහරි අඩුපාඩු තිබ්බොත් කියන්න.. මම දැන් යන්නම්... උදව්වට කවහරි එවන්න ඕනද.."


" නෑ ඕන්නෑ අයියේ... එහෙම ලොකුවට මොනවත් කරන්න දෙයක් නෑ..."

" Okay..."


කවි ගියාට පස්සෙ කෙල්ල එයාගේ රූම් එක ලස්සනට අස් කරගෙන එයාට ඕන විදිහට හදාගත්තා. ඊටපස්සේ හරියටම අට වෙද්දි කෙල්ල රූම් එකෙන් එළියට ආවා. ඒ වෙනකොටත් කට්ටිය ඇවිත් හිටියා.


" Good morning all... දැන් කට්ටියම ඇවිල්ලද ඉන්නේ..." කෙල්ල hall එකේ තිබ්බ පොඩි stage එකට නැඟලා ඇහුවා.


" නෑ මිස් කීප දෙනෙක් අඩුයි..." ඊයේ ලියාට කැමතියි කියලා කියපු ගෑනු ළමයෙක් කිව්වා.


" ඒ කියන්නේ මට attends mark කරන්නත් වෙයි වගේ නේ.. හරි කමක් නෑ.. දැන් තම තමන්ගේ තැන්වල ඉඳගන්න.." ලියා කිව්වම කට්ටියම ගිහින් ඉඳගත්තා. එතකොට තමා කෙල්ලට තේරුනේ සෙට් එකක් අතුරුදහන් කියලා.


" ok...මං හිතන්නේ ඔයාලා කට්ටියම msg දාන group එකක් ඇතිනේ ඒකට Msg එකක් දාන්න කවුරුහරි ආපු නැති අය තව හරියටම 08.07 වෙද්දි මෙතන ඉන්න ඕන කියලා... ඒ කියන්නේ මේ විනාඩි පහ ඇතුළත හැමෝම එන්න ඕනේ... "


ඔන්න වෙලාව ළං වෙද්දි එකා දෙන්නා ආවා.. කෙල්ලත් සද්ද නොකර බලන් හිටියා. ඒත් තවත් පිරිසක් අඩුයි.. ඒ වෙන කවුරුත් නෙවෙයි ඊයෙ කෙල්ලගෙන් කාපු කොල්ලයි ඒ සෙට් එකයි තමා.


" හරි ළමයි එහෙනම් ඔයාලට 8.10 වෙද්දි test එක පටන් ගන්නවා. ඔයාලට task තුනක් හම්බෙනවා. ඒ තුනම complete කරන්න ඔයාලට හම්බෙන්නේ පැයයි.. හරි දැන් පටන් ගන්න..."


හෝල් එකේ තිබ්බ ලොකු screen එකේ මේ අය කෙල්ල දුන්න task ඉවර කරන විදිහ වෙලාවෙන් වෙලාව වැටුනා.


8.30ට විතර අර හිටපු නැති වෙට් එක ආවා.


" ඔහොම නවතිනවා... කවුද තමුන්ලට ඇතුළට එන්න කිව්වේ..."


" හහ්... මේක අපේ තැන... අපිට ඕන්නන් අපි එනව..."


" okay...sir... එන්නකෝ එහෙනම්..." ලියා ඒක කියපු විදිහට කට්ටියට තේරුනා සුපිරි පරිප්පුවක් සෙට් වෙන්න යන්නේ කියලා..


" මූණ දිහා බලන් ඉන්නේ පටන් ගන්නවලා වැඩේ තමුසෙලා පරක්කු වුන එකෙන් තමුසෙලාගේ වෙලාව තමා අඩුවුනේ..."


" හහ්.. අපි බයවෙයි..." එක කොල්ලෙක් එහෙම කිව්වා. ඒක ඇහුන ලියා ඒ කොල්ලා ළඟට ගිහින් කනේ පාරක් ගැහුවේ කොල්ලගේ කන කීන් ගාද්දි.


" වැඩේ කරනවා..." කියපු කෙල්ල ආපහු stage එකට ගියා. මේ දිහා කෙල්ල දන්නැති වුනාට සෙත් යෂ් දෙන්නා cctvවලින් බලාගෙන හිටියේ.


9.10 වෙද්දි හැමෝගෙම computersවලින් එයාලා කරකර හිටපු ඒවා අයින් වෙලා ගියා.


" ඕ ෂිට්... මොන මඟුලක්ද ඒ වුනේ..  දෙවෙනි එක ඉවර වේගෙන ආවා විතරයි..."


" silence...." කෙල්ල ස්ක්‍රීන් එකේ කට්ටියටම දාලා පෙන්නුවා කට්ටියගේ රෑන්ක්ස් ටික.


" එක්කෙනෙක්ටවත් බැරිවුනා තුන්වෙනි ටාස්ක් එක ඉවර කරලා දාන්න ඒ වුනාට ඊයේ කෑගැහුවේ ඔක්කොම පුලුවන් වගේ... අමෝද් තමා number 01 වුනේ... congratulations.... "


" අපිට තව වෙලාව තිබ්බා නම් අපි කරලා ඉවර කරනවා..." අර පරක්කු වෙලා ආව සෙට් එකේ එකෙක් කෑගැහුවා.


" හහ්.. තමුසේ මටද වෙලාව ගැන ගැන කියන්නේ.. දැන් මමද පරක්කු වෙලා ආවේ... ඒවා තමුසෙලාගෙම වැරදි... දැන් හොඳට අහගන්නවලා..  අද තමුන්ලා ගත්ත rank එක අනුව මම කණ්ඩායම්වලට බෙදනවා... තමුන්ලාට වැඩ දෙන්නෙත් ඒ අනුව.. ඒ විතරක් නෙවෙයි පඩි හම්බෙන්නෙත් ඒ විදිහටමයි... උඩ rankවල ඉන්න අයට තමා වැඩිම පඩිය හම්බෙන්නේ.. මම තව මාස දෙකකින් ආයේ මේ වගේ test එකක් තියනවා ඒකෙන් පහුවෙලා ඉන්න අයට උඩට එන්න චාන්ස් එකක් තියනවා.. එහෙනම් දැන් පරණ ඉතුරු වෙලා තිබ්බ වැඩ මම එක එක්කෙනාට එවලා තියනවා දැන්ම වැඩ පටන් ගන්න.."


" අපිට මේ වගේ test එකක් දුන්නට තමුන්ට පුලුවන්ද මේවා පැයක් ඇතුළත ඉවර කරන්න..."


" ඔව් ඇයි මට බැරි... මොකද දැන් මාව test කරන්න ඕනද... I'm in game baby...." මේ හැමදේම අහන් හිටිය යෂ්ට හොඳ හිනාවක් ගියා.


" පුලුවන් නම් අපි දෙන ඒවා කරලා පෙන්නනවා..." ඊයේ කෙල්ලගෙන් කාපු එකාට ලැජ්ජ නැතුව අදත් කියවනවා.


" okay..." කෙල්ල සන්සුන් විදිහට කියද්දි අමෝද්ට නම් තේරුනා වැඩේ වරදින්න යන්නේ කියලා. අමෝද් කට්ටියව නතර කරන්න හැදුවත් පරක්කු වැඩි.


" Marbal company එකේ site එක hack කරන්න... " අමෝද් කිව්වා.


" අඩෙහ් පිස්සුද බන් මේකිට ඒක හැක් කරන්න බෑ බන්... ඒක හැක් කරන්න සුපිරි හැකින් දන්න එකෙක් වෙන්න ඕනා.. "


" okay... වෙලාවක් එහෙම තියනවද..."


" තමුසෙට ඕන වෙලාවක් හැක් කරනවකෝ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ..."


කෙල්ල ස්ක්‍රීන් එකේ කට්ටියට පේන්නම හදලා හැක් කරන්න ගත්තා. කට්ටියගේ කටවල් ටික වැහෙන්න විනාඩි පහක් ගියේ නෑ. කෙල්ල site එකේ හැක් කරේ විදුලි වේගෙන් කීබෝඩ් එකේ අත යවන ගමන්.


" වාව්..."


" done... " කෙල්ලට විනාඩි දහයක් ගියේ නෑ site එක hack කරලා දාන්න.


" ඔයාලට තව මොනාහරි කරන්න ඕනද..." කෙල්ල සමච්චල් හිනාවක් දාලා ව්දුරගෙන් ඇහුවා.


" මැඩම් ඔයාගේ හැකර් අයිඩී එක මොකක්ද..." පරක්කු වෙලා ආව කොල්ලෙක් කෙල්ලගෙන් ගරුසරුවට කතාකරලා අහද්දි කෙල්ලට නිකන්ම හිනාගියා.


" Yara..."


" වට්... " ඒක අහපු හැමෝගෙම කටවල් ඇරුනේ මෙයාලා යාරා කියන්නෙ කවුද කියලා හොඳටම දන්න නිසා.


මෙච්චර වෙලා ඇවිලෙන ගින්නට අනිත් අයට නොදැනෙන්න පිදුරු දදා හිටිය අමෝද්ටත් තේරුනා ලියා එක්ක තමන්ට හැප්පෙන්න බෑ කියලා.  එදා ලියා තමන්ව පරද්දපු එකේ වාඩුව ගන්න තමා අමෝද් විදුරව ඇවිස්සුවෙ. ඒත් දැන් ඉතින් ඒ හැම්දේම ඉවරයි.


" මම හිතන්නේ දැන් නම් කවුරුත් මට විරුද්ධ වෙන්නෙ නැති වෙයිනේද.. විදුර... am I coreect?"


" Yes madam you are correct..."


" හරි දැන් කට්ටියම වැඩට..." කියපු ලියා හෝල් එකෙන් එළියට ගියා.



මේ අතරේ මේ දිහා හොඳට බලන් හිටිය සෙත්,


" මුන් ටික මේකි යාරා කියපු ගමන් බය වුනා.. ඉතින් මේකිට ඒක ඊයෙම කියන්න තිබ්බනේ බන්.. එහෙනම් ඔච්චර කට්ටක් කන්න වෙන්නෙ නෑනේ..."


ඒකට කට කොණෙන් හිනා වුන යෂ්,


" ඒක තමා නියම නායකයෙක්ගේ විදිහ බන්.. තමන් කවුද කියලා එළියට පෙන්නන්න කලින් ලියාට ඕන වුනේ ටීම් එකේ කට්ටියගේ හැටි බලන්න.. කෙල්ල ඒකයි කරේ.. she is perfect..."


" අනේ මන්දා බන්.. මට නම් ඒ වුනාට තාම මේකිව සැකයි..."


" උබ හිතනවද මම දැන දැන නයි ඇඟේ ගහගන්නවා කියලා..."


" ඒ කියන්නේ ලියා ගැන උබ දන්නවද..."


" ම්ම්... නෑ... ඒත් මම දන්නවා ඒකි CID එකේ නම් නෙවෙයි කියලා..."


ඒත් එක්කම සෙත්ට කෝල් එකක් ආවේ ලියාගෙන්,


" හෙලෝ අයියේ.. මේ වෙලාවේ මට ප්‍රැක්ටිස් කරන්න කියලා දාලා තියෙන්නෙ මම මොනාද කරන්න ඕනේ..."


" ආ නංගි රූම් නම්බර් 18 වලට එන්න..." කියපු සෙත් කෝල් එක කට් කරා.


" මං යනවා උබත් එනවද...." සෙත්.


" නෑ උබ පලයන් මට තව වැඩක් තියනවා..." යෂ්.



ලියා රූම් නම්බර් 18වලට එද්දි සෙතුත් ඇවිත් හිටියා.


" අයියේ මොනා අප්පා කරන්න තියෙන්නේ.."


" ගහගන්න..."


" සිරාවට.. මරු ඈ කාලෙකින් ඇඟේ හිරි ඇරගත්තෙත් නෑ... කාත් එක්කද ගහගන්න ඕනේ..."


" මාත් එක්ක..." කියපු සෙත් බැනියම ඉතුරු වෙන්න ඇඳන් හිටිය ෂර්ට් එක ගැලෙව්වා. ඒක දැකපු ලියාත් ෂර්ට් එක ගලවන්න යද්දි,


" ඒයි ඒයි තමුසේ මොකද ඔය කරන්නේ පේන්නැද්ද වටේ කොල්ලො ගොඩ ඉන්න..."


" පිස්සුද මනුස්සයෝ..." කියපු කෙල්ල ෂර්ට් එක ගැලෙව්වා. කෙල්ලත් සෙත් වගේම යටට බැනියමක් ඇඳලා හිටියේ.


" හරි කාගෙන්ද පලවෙනි ශොට් එක..." සෙත්.


" මොකද කියන්නේ rock paper scissor කරලා බලමුද..."


"පිස්සුද බන්..."


" මං සීරියස් කිව්වෙ ඇයි දන්නැද්ද ඒක කරන්න..."


" හහ්... අපි ඕව දන්නේ හිච්චි කාලෙ ඉඳන්... හා පටන් ගනින්..."


rock paper scissor


සෙත්ගේ අවාසනාව. කෙල්ල අත දිග අරිද්දි සෙත් අත මිට මොලව ගත්තා.


" යේ මං දිනුම්..." කෙල්ල උඩ පැන පැන කෑගැහුවා. මේ වෙද්දි රූම් එකේ හිටිය අනිත් අයත් මේ දෙන්නගේ වටේට එකතු වෙලා හිටියේ ෆයිට් එක බලන්න.


" ඇති ඇති බන්...1...2...3.."


කෙල්ල සෙත්ට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතුව සෙත්ගේ නිලයක් ඇල්ලුවේ සෙත්ගේ දකුණු අත පණ නැති වෙලා යද්දි. ඒත් ඉතින් සෙත් කියන්නෙත් නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයිනේ... මේ වෙනකන් ම සෙත්ව ෆයිට්වලින් පරද්දන්න පුකුවන් වුනේ යෂ්ට විතරයි...


සෙත් වම් අතින් දකුණු අතේ තවත් නිලේකට ගහලා දකුණු අත ගසලා දැම්මේ අත ආයෙමත් යථා තත්වෙට පත් වෙද්දි. ලියා ඒකෙන් පුදුම වුනාත් ඒ පුදුමේ වැඩි වෙලා තියාගන්න බැරි වුනේ සෙත් කෙල්ලගේ බඩට පහරක් දුන්න හින්දා. ඒකෙන් කෙල්ලව පස්සට විසි වෙලා ගියා. ඒත් වේදනාව ගැන හිතන්නෙවත් නැතුව ලියා ඊළඟ පහරත් සෙත්ට දුන්නා. මේ විදිහට එකිනෙකාට නොදෙවෙනි විදිහට ෆයිට් කරමින් පැය කාලක් විතර ෆයිට් එක ගියා. මේ වෙනකොට ලියාගේ වගේම සෙත්ගේ කට කොණෙනුත් ලේ පෙරෙනවා. එත් ෆයිට් එක නම් නැවතුනේ නෑ. අනපේක්ෂිත විදිහට සෙත් ලියාට පහරක් දුන්නේ අන්තිමට ලියාව ෆයිට් එකෙන් පරාජය කරලා.


ඒත් එක්කම වටේ හිටපු අය අත්පුඩි ගැහුවා. වැටිලා හිටිය ලියාට අත දුන්න සෙත් ලියාව නැඟිට්ටෙව්වා.


" වාව්.. මරුනේ බන්... මම යෂ් එක්ක ඇර වැඩිම වෙලාවක් ගහගත්ත එකම එකා වෙන්න ඇති.. ඒකත් උබේ බැලන්ස් එක අඩු වෙච්ච වෙලේ චාන්ස් එක ගත්තේ නැත්තන් තව වෙලාවක් ෆයිට් කරන්න වෙනවා.. great බන්... කවුද උබට ඉගැන්නුවේ..."


" ම්ම්.. අයියා නම් දන්නවද දන්නෑ දේවක කියලා සර් කෙනෙක් තමා මට ඉගැන්නුවේ හැබැයි ඒ සර් දැන් අවුරුදු දහයකට විතර කලින් නැති වුනා..."


" එතකොට බන් ඉගෙනගත්තේ කොයි කාලෙද..."


" මං හිතන්නේ මට අවුරුදු පහේ විතර ඉඳන් වෙන්න ඕන... අම්මිට ඕන වුනා මට ෆයිටින් උගන්නන්න.. ඊටපස්සේ තමා දේවක සර්ට කියලා මට ඉගැන්නුවේ..."


" අඩෙහ් නංගි උබේ අම්මා මරුනේ බන්... වෙන අම්මලා දුවලට උගන්නන්න හදන්නේ උයන පිහින ඒවා.."


" මගේ අම්මා වෙන අම්මලා වගේ නෙවෙයි අයියේ මගේ අම්මට ඕන වුනේ මම අනිත් අය මත යැපෙන්නේ නැති කෙනෙක් වෙන්න.. අම්මා ජීවත් වෙලා හිටියා නම් සමහරවිට මම අද ඉන්න තැන මටවත් හිතාගන්න බැරි වෙයි අයියේ..."


" ම්ම්... ඒක තමා නංගි ඔයාගේ නංගි හරි වෙනස් මට හිතෙන විදිහට... ඒක නෙවෙයි එයා මොකද කරේ..." ස්ස්ත්ට ඕන වුනේ කෙල්ලගේ විස්තර දැනගන්න හින්දා සෙත් කෙල්ල එක්ක කතා කර කරම රූම් එකෙන් එළියට යන ගමන් ඇහුවා.


" අම්මා scientist කෙනෙක් අයියේ.. හැබැයි එයා experiment කරපු විදිහ නම් හරිම වෙනස්..."


" ඒ කිව්වේ..."


" අම්මා experiment කරේ මනුස්සයොන්ගෙන්..."


" වට්..."


" ඔව් අයියේ..  අදටත් මට අම්මා ගැන හිතාගන්න බැරි දේවල් ගොඩාක් තියනවා... අම්මා මගෙන් සමහර දේවල් හැංගුවා... ඒ ඇයි කියලා දන්නෙත් නැ ඒ රහස් අම්මා එක්කම වැළලිලා ගියා..." කෙල්ලගේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන කෙල්ල කිව්වා.


" සමහර දේවල් හංගලා තියන එකම හොඳ ඇතිනේ බන්.. ඒක නෙවෙයි ගොඩාක් බඩගිනි උබත් එක්ක ගහගෙන මගේ ශක්තිය හිඳිලම ගියා... ලීලාම්මේ... මට බඩගිනි...."


" අනේ සෙත් මහත්තයෝ ඉඳගෙන ඉන්න චුට්ටක් ඉක්මනට බෙදාගෙන එන්නම්..."


" ලීලම්මේ මටත් ඕනේ...." කෙල්ලත් කෑගැහුවා.


විනාඩි පහක් ගියේ නෑ ලීලම්මා බත් දෙකක් බෙදාගෙන ඇවිත් දුන්නා.


" අම්මෝ ලීලාම්මට දිව්‍යලෝකෙ යන්න ලැබෙන්න ඕනේ මේ අසරණීගේ බඩ පිරෙව්වට... මේ භූතයාගෙන් ගුටි කාලා මට හොඳටම බඩගිනිවෙලා හිටියේ..."


" අනේ චූටි නෝනේ... ඇයි ඒ.. සෙත් මහත්තයෝ ඇයි මේ චුටි නෝනට ගැහුවේ බලන්න මං දැන්නේ දැක්කේ කට කොණේ තුවාලේ... පව් අප්පා චූටි නෝනා.. ඔයාලාගේ සද්දන්ත ශරීරත් එක්ක මේ පොඩි එකිට හැප්පෙන්න පුලුවන්ද..."


ලොකු බත් කටත් කටේ පුරවන් හිටිය හින්දා සෙත්ට කතා කරගන්න විදිහක් නෑ.. ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටිය සෙත් බත් කට හපන්නෙත් නැතුව ගිල්ලා.


" හෑ ලීලම්මේ... ඔයාට ඔයාගේ චූටි නෝනගේ තුවාලෙ විතරද පේන්නෙ මේ.. මේ... මේ... බලන්න මගේ ඇඟේ තියන තුවාල.. ඒවඝ් ඔය චූටි නෝනගේ වැඩ තමා..."


" අනේ... කමක් නෑ චූටි නෝනේ මේ කොල්ලොනේ..." කියපු ලීලම්මා ලියාගේ හිස අතගෑව. ස්ස්ත්ට දිව දික්කරපු ලියා ලොකු බත් කටක් කටේ දාගත්තේ බත් කටේ ලොකු දැකලා සෙත්ට ඉස්මොල්ලේ යද්දි.


" අනේ සෙත් මහත්තයෝ... පරිස්සමට කන්න එපැයි දෙයියනේ.." කියපු ලීලම්මා සෙත්ට වතුරත් බොන්න දීලා ඔලුව අතගෑවා.


" ඒක නෙවෙයි ලීලම්මේ කෝ අර දූවිලි කෑල්ල..." සෙත්.


" දූවිලි කැල්ල..." ලියා.


" දුවිනි බන් දුවිනි.. "


" ආ ඒක මිසක්..."


" දුවිනි නෝනා ෂොපින් ගියා.. මට දවල්ට කෑම තියන්නත් එපා කිව්වා. ලන්ච් ගන්නවා කියලා..."


" අම්මටසිරි එහෙනම් අද යෂ්ගේ කාඩ් එක ඉවරයි... කෝ යෂ් ඌත් ගියාද..."


" නෑ චූටි මහත්තයා දැන් පැයකට දෙකකට කලින් කාමරෙට ගියත් ගියාමයි ආයේ ආවේ නෑ..."


" කොහෙ හරි ගියාද..."


" නැ කාමරේම තමා සෙත් මහත්තයෝ... මම කෑම ගේන්නද කියලා ඇහුවම 1.00ට විතර ගේන්න කිව්වා තව ටිකකින් ගෙනියන්න ඕනෙ..."


" හා හරි එහෙනම්... මේ නංගී ආයේ 2ට වරෙන් ground එකට..."


" 2ට..."


" ඔව්.. දැන් ගිහිල්ලා තියන වැඩක් කරගනින් දෙකේ ඉඳන් ආයේ හය විතර වෙනකන් ground එකේ තමා..."


" මේ ඇයි cricket ගහන්නද යන්නේ... ඇත්තටම කිව්වොත් මම cricket ගැන මෙලෝ හසරක් දන්නෑ..." කෙල්ල සීරියස් විදිහට කිව්වා.


" පිස්සුද බන්... උබ වරෙන්කෝ ඉස්සෙල්ලා..." කියපු සෙත් ගිහින් අත හෝදගෙන යන්න ගියා.


ලියා කාලා ඉවර වෙලා රූම් එකට යන්න යනකොට ලීලාම්මා යෂ්ගේ බත් එකත් අරන් යෂ්ගේ රූම් එකට යන්න ලෑස්තිය. කෙල්ල ලීලම්මාගෙන් බත් එක ඉල්ලගත්තේ යෂ්ට දෙන්නම් කියලා.


යෂ්ගේ රූම් එකට ගියපු කෙල්ල යෂ්ගෙ දොරට තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ හින්දා කෙල්ල දොර ඇරගෙන ඇතුළට ගියා. යනකොට යෂ් ඉන්නවා බෙඩ්ෂීට් එකට ගුලි වෙලා. කෙල්ල නිකමට ගිහින් යෂ්ගේ නළලට අත තියලා බැලුවා.


" දෙයියනේ හොඳටම උණනේ.. මේ මනුස්සයා නම්..." කියඔඋ කෙල්ල බත් එක පැත්තකින් තියලා බාතෲම් එකට ගිහින් උණු වතුර ටිකක් ගෙනැල්ලා කොල්ලගේ උණ බස්සන්න රෙදි තිබ්බා. ඊටපස්සේ කෙල්ල ගෙදරින් ගෙනාව බෙහෙත් අතරේ තිබ්බ උණට බොන බෙහෙත් එකත් කොල්ලට කොහොමහරි පෙව්වා. පැය භාගයක් විතර යනකොට කොල්ලාගේ උණ ලාවට බැස්සා. එත් ඉතින් කෙල්ල පුලුවන් තරන් කොල්ලට සාත්තු කළා. කොල්ලට උණ වැඩිකමට කොල්ලා හීනෙන් කියවනවා.

" අනේ අම්මේ මාව බේරගන්න.. අම්මේ.. තාත්තේ.. මාව බේරගන්න.." කොල්ලා මුමුණ මුමුණ කිව්වත් කෙල්ලට එ වචන හොඳට තේරුනා.

යෂ් උණ විකාරෙන් ඇඳේ ඉඳන් හිටිය කෙල්ලට ළං වුනේ උණුසුම් පහසක් හොයාගෙන. අන්තිමට කෙල්ල ළඟටම ආව යෂ් කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගෙන මූණ කෙල්ලගේ කුසේ ඔබා ගත්තේ කෙල්ලව සීතල වෙලා යද්දී. ඒත් ඉතින් මොනා වුනත් කෙල්ලට යෂ්ව අයින් කරලා දාන්න හිතුනෙත් නෑ. යෂ්ගෙ හිසකෙස් අතරින් ඇඟිලි යවමින් කෙල්ල යෂ්ගේ ඔලුව මසාජ් කරෙ වෙව්දානාව නිසා කෙඳිරි ගගා හිටිය යෂ්ට ටික වෙලාවකින් නින්ද යද්දී.



" මේ මනුස්සයට බත් නම් කන්න බැරි වෙයි ලීලම්මාට කිව්වා නම් හටි සුප් එකක්වත් හදන්න කියලා..." යෂ් දිහා බලමින් කල්පනා කරපු ලියා හිමීට යෂ්ගේ හිස කොට්ටයක් උඩින් තියලා නැඟිට්ටා.


" අම්මො කකුල් දෙක හිරි වැටිලා වගේ.. දෙයියනේ වෙලාව කීයද දෙකට දහයයි.. සෙත් අයියට කියන්න වෙයිනේ... " ලියා ස්ස්ත්ට කෝල් එකක් ගන්න ගමන් ඔහොම්මම ලීලම්මාව හොයන් එන්න හිතාගෙන යෂ්ගෙ රූම් එකෙන් එළියට ඇවිත් හිමීට දොර වැහුවා. දොර වහලා පිටිපස්ස හැරුනු කෙල්ල හිටපු කෙනා දැකලා ගල් වෙලා බලන් හිටියේ දැන් මොකද කරන්නෙ කියලා හිත හිත.


" තමුසේ මොකද මෙතන කරන්නේ..."


____________________________________


කවුද ආවේ.... කියන්න බලන්න කට්ටිය එහෙනම්...

ගායිස් ලියාගේ අම්මා ගැන කතා කරපු කොටස හොඳට මතක තියාගන්න.. ඒක හරිම වැදගත්...

reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page