The Revenge and Desire...

The Revenge and Desire...

Pari🖤
The mafia love story🖤


පෙර කොටසට....

https://telegra.ph/The-Revenge-and-Desire-01-05



හයවන කොටස....


පැය දෙකකට විතර පස්සේ ලීලම්මාත් එක්ක කයියක් ගහලා දවල්ට කෑමත් ලෑස්ති කරලා ලියායි එමායි සාලෙට ආවා. ඒ එනකොට සෝෆා එකේ ගෑනු කෙනෙක් ඉඳන් හිටියා.


එයාව දැක්ක ගමන් එමා,


" දුවිනි...." කියලා කිව්වා.



" එමාෂා.... සෑහෙන කාලෙකින් නේද.... ඔයා ගොඩාක් වෙනස් වෙලානේ...."


" ඔව් දුවිනි එකම විදිහට ඉන්න ඕන කියලා එකක් නෑනේ..."


" මේ කවුද මේ..." දුවිනි ලියා දිහා අමුතුවට බලමින් ඇහුවා.


" එයා තමා අපේ චූටි නංගී... නැද්ද ලියා..." කියන ගමන් සෙත් ඇවිත් කෙල්ලගේ කරට අත දාගත්තා. ඊට පිටිපස්සෙන් කිරනුයි යෂුයිත් ආවා.


" යෂ් බේබ්..." කියන ගමන් දිවිනි ගිහින් එල්ලුනේ නැතැයි යෂ්ගේ අතේ.


" දුවී ඔයා මොකද මෙහෙ කරන්නේ...."


" මං ඩඩාට කිව්වා මං ඔයත් එක්ක මෙහාට වෙලා ඉන්නවා කියලා... ඩඩාත් පර්මිෂන් දුන්නා.."


"ඕකේ... බට් මාව කලින් දැනුවත් කරන්න එපැයි..."


" සප්‍රායිස් බේබ්...." කියන ගමන් දුවිනි යෂ්ගේ කම්මුලක් සිපගත්තා.


" ඔයාලා කාට හරි තුවාල වුනාද..." ලියා ඇහුවේ සෙත්ගේ මූණ දිහා බලමින්.


" මොකක් කාටද තුවාල වුනේ..." එමාෂා කලබලෙන් ඇහුවා.


" කාම් ඩවුන් මැණිකේ... මට නම් කිසිම තුවාලයක් නෑ... මේ.." කියලා කිරන් රවුමකුත් කැරකිලා පෙන්නුවා.


" මටත් නෑ... යෂ්ට තමා පොඩ්ඩක් තුවාල වුනේ..." සෙත්.


" මයි ගෝඩ් බේබි ඔයාගේ කොහෙද තුවාල වුනේ..." කියන ගමන් දුවිනි යෂ්ගේ ඇඟ අතගාන්න වුනා.


ලියා දිහා බලමින් ඉක්මනට දුවිනිගෙන් ඈත් වෙච්ච යෂ්,


" ලීලම්මේ මේ දුවිනිට රූම් එකක් ලෑස්ති කරන්න...." කියලා කෑගැහුවා.


" වෙන රූම්ස් ඕනේ නෑ බේබි මං ඔයාගේ රූම් එකේ ඉන්නම්..." දුවිනි ආයේ යෂ්ට ළං වෙමින් කිව්වා.


" පිස්සුද දුවිනි... කිරන් වරෙන් මේකට බෙහෙත් ටිකක් දාපන්... ලියා තමුසෙත් එනවා..." කියලා යෂ් ගියේ ලිෆ්ට් එකට. කිරනුයි ලියායි දෙන්නත් ඒ පස්සෙන්ම ගියා. දුවිනි නම් ලියා දිහා බලන් හිටියේ මාර තරහකින්.


කිරනුයි ලියායි දෙන්නත් එක්ක යෂ් රූම් එකට ආවට පස්සේ තමා කෙල්ල දැක්කේ යෂ්ගේ තුවාලේ. යෂ්ගේ දකුණු අතේ අල්ල මැදිනි පිහිපාරක් තිබ්බා.


" දෙයියනේ... මේ මොකද..."


" තමුසෙට වැඩක් නෑනේ ඒක..."


" වැඩක් නැත්තන් මොකටද මට දැන් එන්න කිව්වේ..."


" හෝව් හෝව්... රණ්ඩු වෙන්න එපා.. ලියා ඔයා කොහොමද ඒ තුවාල වෙලා කියලා හොයාගත්තේ... මුගේ තුවාලේ වෙලලානේ තිබ්බේ..."


" මම පොඩි කාලෙ ඉඳන්ම සුවඳවල්වලට සංවේදි ඩොක්ටර්... ඉතින් මට ලේසියෙන් සුවඳවල් අඳුනගන්න පුලුවන්.. මට ලේ සුවඳක් ආපු හින්දයි ඇහුවේ..."


" අයියෝ ඔය ඩොක්ටර් ගාන එක නවත්තගනින් බන්... එක්කෝ කිරන් කියපන් නැත්තන් අයියේ කියපන්... ඒක නෙවෙයි වයස කීයද බන්..."


" මට විස්සයි.. අයියට..."


" ආ.. මට නම් තිස් එකයි..."


" හෑ එච්චර වයසද අප්පා.."


" යකෝ හැට පැනලා බන්... තිස් එකයි යන්තන් මේකත් කොල්ලා වගේ හිටුයට මුටත් තිහක්...."


" සිරාවට... නාකියිනේ...."


" දැන් තමුසෙට ඕප දූප කියවන්නද මං එන්න කිව්වේ...." යෂ්.


" දැන් වලස් තඩියෝ මට කිව්වද මොකටද එන්න කිව්වෙ කියලා... යැයි යැයි ගාන්න දන්නවා..."


" තමුසෙ නම් මගෙන් කනවා ඔය කට හින්දා කොයි වෙලෙ හරි..."


" පුලුවන් ද දන්... අප්පට... කනවා කියලා නේ කිව්වේ..." කෙල්ලට මතක් වුනේ කිස් එක. අතින් කට වහගත්තා ඉක්මනට. යෂුත් ඒක දැකලා හිනා වුනේ කෙල්ල කට වහගත්ත හේතුව දන්න හින්දා.


" තොපි දෙන්නට පිස්සුද යකෝ... දැන්වත් කියපන් මේ කෙල්ලට එන්න කිව්වෙ ඇයි කියලා..."


" තමුසේ හවස හතර වෙද්දි ලෑස්ති වෙනවා තමුසෙගේ ටීම් එක බලන්න යන්න... තමුසෙට ට්‍රේනින් හෙට ඉඳන් පටන් ගන්නවා.. පස්සට ඉර එළිය වැටෙනකන් නිදියන්න බෑ... උදේ හය වෙද්දි ඇහැරෙන්න ඕනේ... සෙත් දෙයි ශෙඩුල් එක..."


" අප්පෝ හයද.. මං හිතුවා මේ පාන්දර තුනට හතරටවත් නැගිටින්න ඕනේ කියලා... ඒක නෙවෙයි මොකක්ද මගේ ටීම් එක..."


" ඈ වැස්සියේ තමුසේ හැකර් ටීම් එකේ ලීඩර් නේද..."


"අම්මටසිරි එහෙම එකකුත් තියනවා නේ... මේ මං වැස්සියෙක් නෙවෙයි හරිද..." කියපු කෙල්ල යෂ්ටත් ගස්සලා කාමරෙන් එළියට ගියා.


" ඇයි බන් උබ ඒ කෙල්ලව ඔච්චර අවුස්සන්නේ..."


" ආතල් එකටනේ...."


" උබ ඒකිට ලව්ද බන්..."


" පිස්සුද යකෝ... මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ..."


" අර දුවිනි... උබම හිතපන් උබ දුවිනි එක්ක ඔය කෙල්ල එක්ක ඉන්න විදිහටද ඉන්නේ කියලා.. උබ ලියා එක්ක කතා කරද්දී මට මතක් වෙන්නේ අර අවුරුදු 14දි හිටිය යෂ්ව බන්... ඌ හරි සැහැල්ලු කොල්ලෙක්... මේ දැන් ඉන්න එකා වගෙ හැමවෙලේම මොකෙක් හරි මරාගෙන දරුණුවට හිටිය එකෙක් නෙවෙයි..."


" ඇති ඇති පලයන්..." කියලා යෂ් කිරන්ට කෑගැහුවා. කිරන් තුවාලෙට බෙහෙත් දාලා ඉවර කරලා එළියට ගියා.



හවස තුන හමාර වෙද්දි ලෑස්ති වෙලා සාලෙට ආව ලියා දැක්කේ එමාෂා දුවිනි එක්ක කතා කර කර ඉන්නවා..


" කොහෙද යන්න යන්නේ නංගී..." එමා ලියාට කතා කරන ගමන් ඇහුවා.


" යෂ් අයියා කිව්වා කොහෙද යන්න තියනවා ලෑස්ති වෙන්න කියලා අක්කේ... කෝ අයියලා..."


" ආ.. එයාලා ඇති ඔය කොහෙහරි...."


" ඒක නෙවෙයි ඉස්සෙල්ලා අර සෙත් මැදට පැන්න හින්දා මට මෙයාව අඳුන ගන්නත් බැරි වුනා... හායි.. I'm Duwini.... Duwini Wijemanna.... Yashen's girlfriend...."


" Oh... Hi.. I'm Liyara singhewansha..."


" ලියාරා... ඉතින් ඔයා මොකද මෙහෙ කරන්නේ..."


" මම යෂ් අයියාගේ ටීම් එකේ කෙනෙක්..."


" යෂ් බේබ්ගේ... මං කලින් ඔයාව දැකලා නැනේ ... අනික තමුන් මොක්ද මෙහෙ කරන්නේ... තමුන් ඉන්න ඕනේ girl's house එකේනේ..."


" විදුනි ඒක යෂ් අයියාගේ තීරණයක්... ඔයාට ප්‍රශ්නයක් නම් ගිහින් අයියාගෙන් අහගන්න..."


" හ්ම්ම්.. ඉන්නකෝ...." කියපු විදුනි ලියාවත් තල්ලු කරන් ගියා.


" ඒකට මොකද අක්කෙ ඒ වෙලා තියෙන්නෙ.."


"පිස්සු තද වෙලා ගණන් ගන්න එපා... අම්මෝ මං හිටියේ කොයි වෙලේද බේරෙන්නේ කියලා... ඔයත් උඩට ගියත් ගියාමයි ආයේ ආවේ නෑනේ..."


" assignment එකක් තිබ්බා අක්කේ කරන්න ඒක හෙට upload කරන්න ඕනේ... පහුගිය දවස් දෙකේම ඒ වැඩේ කරන්න හම්බුනේ නෑනේ..."


" ආ එහෙමද දැන් ඉවරද එතකොට..."


" නැ තව ටිකක් තියනවා රෑ වෙලා කරනවා..."


" මොනා ගැන ද assignment එක..."


" ආ අක්කේ university එකේ second year එකේ last sem එකේ අවසාන assignment එක..."


" university එකේ... කොහෙ එකේද මොන faculty එකෙ ද..."


" colombo අක්කේ.. medical faculty..."


" ෂා මරුනේ... මමයි කිරනුයිත් colombo medical faculty තමා..."


" අක්කිත් ඩොක්ටර් කෙනෙක්ද..."


" ඔව්... දැන් බබා හම්බෙන්න ළඟ හින්දා මම මාස පහෙන් පස්සෙ නතර වුනා..."


" අක්කලා නංගිලාගේ කතා ඉවර නැද්ද තාම..." කියාගෙන එතනට ආවේ කිරන්.


" කත කරන්නත් නංගි දැන්නේ ආවේ... මොකද මේ පැත්තේ ආවේ..."


" අයියෝ අර උරචක්කරමාලාව ආවනේ... මායි සෙතුයි පැන්නා අරූව මාට්ටු කරලා..."


" ආ සෙත් අයියේ මගේ ෆෝන් එක කා ළඟද..." ලියා.


" ඇයි ඒක ඔයාට හම්බුනේ නැද්ද.. මං යෂ්ට දුන්නනේ..."


" නෑ මට නම් දුන්නේ නෑ... ආ ඔය එන්නේ.. මේ යෂ් අයියේ කෝ මගේ ෆෝන් එක..." ලියා.


" අඩෙහ් බලහන් මේකිගේ වයර් මාරු වෙලාද කියලා... මේකි මට අයියේ කිව්ව..."


" අනේ අප්පා මගේ ෆෝන් එක..."


" ආ.. තියාගන්නවා.. " කියලා යෂ් සාක්කුවෙන් ෆෝන් එක අරන් දුන්නා. ඒත් එක්කම ෆෝන් එකට කෝල් එකක් ආවා විදූ අයියා කියලා කෙනෙක්ගෙන්.


" හෙලෝ විදූ අයියේ..." කියලා කෝල් එක ආන්සර් කරන ගමන් කෙල්ල කට්ටියගෙන් ඈතට ගියා.


" කවුද බන් විදූ කියන්නේ.. ලියාගෙ කොල්ලවත්ද..." සෙත්.


ඒත් එක්කම යෂ් කෑගැහුවා.


" ලියා තමුසේ ලෑස්ති වෙලා ඉවරද... මං හතර කිව්වොත් හතර..."


කෝල් එකේ හිටිය ලියා කලබලෙන් දුවගෙන ආවේ යෂ්ගේ කාගැහිල්ලට.


" අයියේ මම වැකේෂන් එක ඉවර වුනාම එනවා... බය වෙන්න එපා මට කිසිම කරදරයක් නෑ.. මම ඔයා එක්ක කතා කළා කියලා කාටවත් දැනගන්න තියන්න එපා... විශේෂයෙන් අර සක්කරවට්ටමට... බායි එහෙනම්..." කියපු කෙල්ල කෝල් එක කට් කරලා ඉණට අත් දෙකත් තියාගෙන යෂ් දිහා රවලා බැලුවා.


" මිස්ටර් යෂේන් මම මෙතනට ආවේ තුන හමාරට. තමුන් තමා පරක්කු වුනේ..."


" කට වහගෙන එනවා යන්න..." කියපු යෂ් ඉස්සර වුනා.


" යෂ් බේබ්... මාත් එනවා..." කොහෙද ඉඳන් කඩාපාත් පෙච්ච විදුනිත් පස්සෙන් ආවා.


" යෂ් බේබ්.. හොඳ බේබි... කොහෙද දන්නෑ බේබිකම කියෙන්නේ..." කෙල්ල කුටු කුටු ගෑවත් ඒක සෙත්ට නම් ඇහුනා. ඒක ඇහුන සෙත් හයියෙන් හිනාවුනේ යෂ්ගේ ඉරිසිරියාව මුසු කෝපය තවත් වැඩි වෙද්දි.


" තමුසේ මොනාද කුටු කුටු ගාන්නේ.. ආ... සෙත් තමුසෙට ඔච්චර හයියෙන් හිනාවෙන්න තරන් මොකක්ද දැන් වුනේ...තමුසෙට රූම් 13 එකට යන්න ඕන වෙලාද..."


" මුකුත් නෑ බොස්.. මේ නිකන් හිනා වුනේ... බොස්ට නම් නෙවෙයි.." කියපු සෙත් අමාරුවෙන් හිනාව තද කරගත්තා.


" කූල් ඩව්න් බේබ්.. " කියපු විදුනි යෂ්ගේ අතක එල්ලුනා.


" බේබ්.. බේබ්.. බෙබ්..." ලියා ආයේ කුටු කුටු ගෑවා.


කොහොමහරි second fllor එකට ගිහින් ඒකේ පැත්තක තිබ්බ දොරකින් ඇතුළට ගිහින් උමඟක් වගේ එකක් දිගේ ගිහින් අන්තිමට තව දොරක් ළඟ නැවතුනා. ඒක ඇරගෙන යද්දි තිබ්බේ ලොකු ground එකක්. අක්කරයක් විතර ලොකු. ground එකේ තිබ්බ stage එකකට තමා කට්ටියම ගියේ. stage එක ළඟ පහළ පනහකට වැඩියේ කොල්ලො කෙල්ලෙ සෙට් එකක් හිටියා පෝලිම් ගැහිලා.


" තමුන්ලා දන්නවනේ අද මෙතනට මොකටද ආවේ කියලා... මේ ඉන්නේ ඔයගොල්ලන්ගේ ලීඩර්... මෙතන ඉඳලා ඔයාලව වැඩවල දී මෙහෙයවන්නේ මෙයා... " කියලා යෂ් ලියාව පෙන්නුවා.



ඊටපස්සේ ලියා ඉස්සරහට ගිහිල්ලා.


" Good evening everyone... I'm Liyara... You can call me liya...මට ඔයාලට කියන්න දේවල් ටිකක් තියනවා ඒත් ඊට කලින් ඔයාලට මගෙන් අහන්න මොනාහරි තියනවා නම් අහන්න පුලුවන්...."



" තමුසෙගේ වයස කීයද..." පෝලිමක ඉස්සරහ හිටිය කොල්ලෙක් ඇහුවා. ඒකට නම් යෂ්ටත් තරහ ගියා. ඒත් යෂ්ට ඕන වුනා ලියා මොකද කරන්නේ කියලා බලන්න. සෙත් ඉස්සරහට එන්න හැදුවත් යෂ් නැවැත්තුවා.


" ම්ම්... okay.... මගේ වයස අවුරුදු 20යි..."


" තමුසෙ වගේ පොඩි එකෙක් යටතේ අපි වැඩ කරන්නේ කොහොමද ඒකත් කෙල්ලෙක්... කොහෙන්ද ආවේ ඒ මුකුත් දන්නෙත් නෑ... අපිට තමුසෙව අපේ ලීඩර් කරගන්න බෑ... ඒ වගේම තමුසෙව අපේ ටීම් එකට ගන්නෙත් නෑ..."


" Oh... really... මිස්ටර් යෂේන්... this is my team... right... I can do anything..."


" yeah of course..."


ලියාට අර කොල්ලා කෑගහන එක අහල හැබැයි විදුනි නම් කුරිරු සතුවටක් ලැබුවා.


" Okay... එහෙනම් මම ටීම් ලීඩර් වෙනවට අකමැති අය කරුණාකරලා වම් අත පැත්තට වෙන්න..."


" ඇයි අපි තමුසේ කියන ඒවා කරන්න ඕනේ..."


" හහ්.. ඒකත් එහෙමද... එහෙනම් මම අවසාන වතාවට කියන්නම් මට අකමැති අය වම් පැත්තට වෙන්න...."


ඒත් එක්කෙනෙක්වත් හෙල්ලුනේ නම් නෑ...


" හරි එහෙනම් මට කැමති අය දකුණට වෙන්නකෝ... එතකොට හරි ඉතුරු වෙයිනේ.."


එහෙම කිව්වාම නම් ඔන්න දහපහළොස් දෙනෙක් පැත්තකට වුනා. ඊටපස්සේ එතන හිටිය කොල්ලෙක්ට කතා කරපු ලියා,


" මට කියන්න මේ ටීම් එකේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද... බෝයිස්ලා ගාන ගර්ල්ස්ලා ගාණ එහෙම..."


" මිස් ටීම් එකේ ඔක්කොම අනූපහක් ඉන්නවා මිසුත් එක්ක 96යි... බොයිස්ලා 72යි.. ගර්ල්ස්ලා 12හිටියේ.. දැන් 13යි... "


" ඒත් මට මෙතන අද නම් අනූගණක් පේන්න නෑ.."


" මිස් ටීම් එකක් වැඩ වගේකට නිව්‍ යෝර්ක් ගියා.. එයාලා එන්න සතියක් යනවා.. එතන 22ක් ඉන්නවා.. ගර්ල්ස්ලා දෙන්නයි බෝයිස්ලා 20යි...."


" ඕකේ... එතකොට මම ලීඩර් වෙනවට කැමති දාහතර දෙනෙක් ඉන්නවා.. එහෙනම් ඔයාලා අහගන්න... හෙට උදේ 8ට ඔයාලට test එකක් තියනවා ඒකට ලෑස්ති වෙන්න වැඩි විස්තර මම සෙත්ට කියන්නම්... ඔයාලා කැමති නම් දැන් යන්න පුලුවන්.. කමක් නෑ නේද යෂ්..." කියලා කෙල්ල යෂ් දිහා බැලුවා. යෂ් ඔලුව වැනුවාම ඒ කට්ටියම ගියා.


ඊටපස්සේ කෙල්ල හැරුනේ කෙල්ලට අකමැති අය දිහාට.


" දැන් මෙතන ඉන්න ඕනේ 59ක් නේ... හරි දැන් කියනවලා ඇයි මට අකමැති කියලා... "


" තමුසේ කෙල්ලෙක්... අනික අපිට තරන් තමුසෙට experience තියනවද..." පිටිපස්සෙ හිටිය එකෙක් කෑගැහුවා.


" හා හරි දැන් ඔය කෑගහපු එකා කියනවා බලන්න තමුසෙට කොච්චර experience තියනවද කියලා..." කෙල්ලත් කෙලින්ම ඒ අයගේ භාෂාවටම බැස්සා.


" මම මේකේ ඉන්නේ දැන් අවුරුදු 5ක ඉඳන්... "


" ම්ම් සෑහෙන කාලයක්නේ... එතකොට තමුසෙටද මේකේ experience වැඩිම..." ලියා.


" පිස්සුද තමුසෙට... අමෝද් අයියාට අවුරුදු 9ක experience තියනවා...හහ්... තමුසෙට අමෝද් අයියා එක්ක හැප්පෙන්න බෑ..."


" පොඩ්ඩක් ඔහොම ඉන්න... තමුසෙ ඔය අමෝද් අමෝද් ගාන්නේ එදා අර අතනට ඇවිත් හිටිය තුන්දෙනාගෙන් කෙනෙක්ට නේද... ඇයි උන් ඇවිත් හරියට කිව්වෙ නැද්ද එතන සිද්ධ වෙච්ච දේ.. හහ්... තමුන්ලා මේක දැනගන්නවලා... තමුසෙලා මෙතන මොනා කිව්වත් මං තමා තමුසෙලාගේ ලීඩර්.. එකෙක් හරි මට පිටින් යන්න හැදුවොත් අණ්ඩක් කඩාගන්න බලාගෙන ඉන්නවලා... මම අර සෙට් එකට කියපු දේම තමා දැන් තමුසෙලාටත් කියන්න තියෙන්නේ... අහගෙන ඉන්න ඇතිනේ.. මගේ දෙපාරවල් කිවිලි නෑ.. කැමති උන්ට අර සෙට් එක වගේ මෙතනින් යන්න පුලුවන් නැති උන් ටික මෙතන ඉන්නවලා..." කෙල්ල ඒක කියපු සැරට එතන හිටපු සෙට් එකෙන් භාගයක්ම ගියා.


" හහ්.. තමුසෙලාට තාම යන්න බෑනේ එතකොට..."


" ඔව් ඇයි තමුසෙ මොනා කරන්නද... තමුසෙ කියන දේ අපි අහන්නෙ නෑ... අපිට අපේ බොස්ම මුකුත් කියන්නෙ නැත්තන්..."


ලියා යෂ් දිහා හැරිලා බැලුවම යෂ් ලියාටත් සැලියුට් එකක් දාලා එතනින් ගියා. දුවිනිත් කට ඇරන් බලන් හිටියේ යෂ් ලියාට තැන දුන්න හින්දා.


සමච්චල් හිනාවක් දාගෙන කොල්ලො පැත්තට හැරුනු ලියා ස්ටේජ් එකෙන් බැහැලා අර සෙට් එක ළඟට ආවා.


" පුලුවන් නම් හෙට මං දෙන ටෙස්ට් එකෙන් පාස් වෙනවා එතනින් පස්සෙ ඇවිත් ඔය ලොකු කම් කියවලා යනවා... " කියලා කෙල්ල අර ලොකුකම් කියවපු කොල්ලට ඇගිල්ලක් දික්කරලා කියලා හැරුනා. ඒත් එක්කම ඒ කොල්ලා කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලලා ඇද්ද. එක දැකපු සෙත් දුවගෙන ආවත් කෙල්ල සෙත්ට අත පෙන්නලා නවතින්න කිව්වා.


ඊටපස්සේ අර කොල්ලා කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලන් හිටිය අතින්ම අල්ලලා අත අඹරපු කෙල්ල ඒ කොල්ලට හිතන්නවත් වෙලාවක් නොතියා ඌව බිමදැම්මා..


වටේ හිටිය සෙට් එක විතරක් නෙවෙයි සෙතුත් පුදුමෙන් කෙල්ල දිහා බලන් හිටියේ.


" තමුසේ කෙල්ලෙක්ට අත තියන්න කලින් දෙපාරක් හිතනවා.. " කියපු කෙල්ල එතනින් ගියා.



ආයේ අර උමඟ දිගේ මඟක් ආවම තමා සෙත් උනත් කෙල්ල එක්ක කතා කළේ. ඇයි ස්ස්තුත් හිටියේ අන්දමන්ද වෙලා.


" අම්මෝ නංගි තමුසෙ නම් මාරයිනේ ඕයි... මාත් surprise වුනා යකෝ.. මං හිතුවේ තමුසේ අහිංසක කෙල්ලක් කියලා බන්..."


" No way I'm a bad girl..." කියපු කෙල්ල සෙත්ට ඇහැක් ගැහුවා.


" අයියේ මට ටීම් එක ගැන හැම විස්තරයක්ම ඕනේ... shedule එකත් හදලා ඉවර නම් ඕනේ..."


" හරි මං දෙන්නම්..."




රෑ නවයට විතර යෂ් සෙත් කිරන් තුන් දෙනා හිටියේ බාර් එකේ.


" යෂ් උබ ලියාව විශ්වාස කරනවද..." කරන්.


" මාත් ඕක අහන්න හිටියේ... අද ඒකි කරපු දෙයින් මට නම් ඒකි ගැන සැක හිතුනා..." කියලා සෙත් හවස වෙච්ච දේ කිව්වා. මේ හැමදේම යෂ් හොඳට අහගෙන හිටියා.


" අඩෙහ් ඒකි විදුරයව බිම දැම්මා කියන්නේ ඒකි හොඳට ප්‍රැක්ටිස් වෙච්ච එකෙක් වෙන්න එපැයි... "කිරන්.


" ඔව් බන්... ඒකිට ඌව බිම දාන්න තත්පර ගාණයි ගියේ..."


" ඒකි කවුද බන් ඇත්තට..." කිරන්.


" අනේ මන්දා බන්... වෙලාවකට හරි අහිංසකයි.. වෙලාවකට විහිලුකරනවා.. ඒකිව තේරුන් ගන්න අමාරුයි බන්..." සෙත්.


" ඒකි එසේ මෙසේ එකියක් වෙන්නත් බෑ බන්.. උබ කියපු විදිහට අච්චර security එකක් තිබ්බ site එකක් ඒකි විනාඩි ගානෙන් හැක් කරා කියන්නේ... අනික ඒකි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ලු බන්..." කිරන්.


" ඈ... " සෙත්.


" මට එමා කිව්වා හවස ඒකි කිව්වා කියලා..."කිරන්.


" ඒකිට තමා underworld එකේ Hacker Yara කියන්නේ..." මෙච්චර වෙලා සද්ද නොකර හැමදේම අහන් හිටිය යෂ් කිව්වා.


" මොකක්.. අද අරුන් අච්චර එක එක ඒවා කියදිවත් ඒකි එහෙම දෙයක් කිව්වෙ නෑනේ... මොකක්ද බන් මේ වෙන්නේ... මට නිකමට හිතෙනවා අපි මේකිව පැහැරගෙන ආවට ඒකත් මේකිගෙම ප්ලෑන් එකක්ද කියලා..." සෙත්.


" සිරා බන්... අනික බලහන් උබලා ඒකිව පැහැරගෙන ආවට අන්තිමට ඒකිනේ එකෙනුත් ප්‍රයෝජනේ ගත්තේ... ඒකි කොහොමහරි ටීම් එකට පැනගත්තා.. ඒකිට ඔය කියන විදිහට මුගෙන් උදව්වක් ගන්න තිබ්බා නම් yara කියන්නේ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ.. සල්ලි දීලා කරගන්න තිබ්බනේ... මේකි කවුද බන්..." කිරන්.


" CID එකෙන්වත්ද බන්..." සෙත්.


______________________________________


ඇත්තටම ලියා කියන්නේ කවුරු වෙන්න ඇද්ද ළමයි.....


සොරි ළමයිනේ... දවස් දෙකක්ම කතාව දෙන්න බැරි උනා... අසනීපෙන් හිටියේ...


reaction දාන්න... comment කරන්න

ආදරෙයි හැමෝටම 🖤

Report Page