The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-Desire-01-04
පස්වැනි කොටස....
මේක අහන් හිටිය යෂ් ඇඳුම අස්සේ හංඟන් හිටිය ගන් එක අරන් නිහාල්ගේ පැත්තට එල්ල කරා.
ඒත් එක්කම එතනට තවත් කෙනෙක් ආව හින්දා නිහාල්ව වැහුනා.
" අර්... මදි පාඩුවට එකත් ආවා... අපි යන්... මුන්ගේ මේ කතා අහන් හිටියොත් ඇඟේ ලේ රත් වෙන එක විතරයි වෙන්නේ..." කියලා කෙල්ල යෂ් දිහාට හැරුනා.
එතකොට තමා දැක්කේ යෂ් ගන් එක අතේ තියන් ඉන්නවා.
" මොනාද මනුස්සයෝ කරන්න යන්නේ ඕක ඇතුළට දාගන්නවා... යන් ඉක්මනට..." කියලා ලියා හැරුනත් අර පස්සෙ ආපු කෙනා කියපු දේට කෙල්ල හැරුනා.
" ඕ ෂිට් ඩැඩී... ඇයි ඒකිව එච්චර ලේසියෙන් දුන්නේ... ෂිට් ඒකිට kiss එකක් දීගන්න බැරිවුනා..."
" මේකගේ අප්පට යකෝ... මේ වලත්තයා මාව කිස් කරන්න... හහ්... හීනෙන් තමා... ඕකා මගෙන් කනවා හැබැයි අනාගතේ අඳුරු වෙලා යන්න... ආ.. මේ තියෙන්නේ දෙන්න තියෙන්නේ ෂොට් එකක් මැරිලා වැටෙන්න..." කියලා ලියා යෂ්ගේ අතේ තිබ්බ ගන් එක උඳුරලා ගත්තා.
ඒත් යෂ් ආපහු කෙල්ලගෙන් උඳුරලා අරන්,
" මෙතන තව හිටියොත් ඉවරයි යමන්... අර්.. තෝ මගේ නම්බුව කනවා..."
ඊටපස්සේ දෙන්නා ආයේ තාප්පෙන් පැනලා කොහොමහරි කාර් එකට ආවා.
" මොකාද ඒ පස්සෙ ආව එකා..."
" නිරූෂ්.... කුඩම්මගේ පුතා... මේ ඔන්න ඔය ලොකේෂන් එකට යන්න ඕනේ...." කියලා කෙල්ල කාර් එකට ලොකේෂන් එකක් දාලා කිව්වා.
" ඒ ගමන මොන මඟුලකද යන්නේ..."
" යන්කෝ..."
ඒ ලොකේෂන් එක තිබ්බ තැනට එනකන් කෙල්ලගේ සද්දයක් නෑ. පාඩුවේ ලැප් එකේ වැඩක්. අන්තිමට තැනට ආවාම තිබ්බේ ලොකූ ගේට් එකක්.
" ඇයි බලන් ඉන්න දාන්න ඇතුළට..."
" පේන්නැද්ද යකෝ ගේට් එක වහලා..."
" මේ මම කියනවට දාන්නකෝ..."
" පිස්සුද බන් මේ ගේට් එකේ හැප්පුනොත් දවස් ගාණක් හොස්පිටල් ඉන්න වෙනවා..."
" believe me..."
" හැබැයි සීරීමක්වත් වුනොත් උබට බරපතල වැඩ ඈ..."
" හරි හරි වලහෝ දාන්නකෝ ඇතුළට...."
යෂ් කෙල්ලව විශ්වාස කරලා කාර් එක ගේට් එක ඇතුළට දැම්මා.
" අඩොහ් නෝ... මොකක්ද ඒ වුනේ..." යෂ් පුදුමෙන් කෑගැහුවේ ආයේ පිටිපස්ස බලන ගමන්.
මොකද ගේට් එක වහලා තිබ්බත් ඒක ඇතුළෙන් ආවට මෙයාලට මුකුත් වුනේ නෑ.
" ඒක hologram එකක් මෝඩයෝ...."
" ඒක මරුනේ බන්... කාගෙද මේ ගේ... අයිතිකාරයට සුපිරි මොළයක් තියෙන්න එපැයි යකෝ... එතකොට ඔතන ගේට් එකක් ඇත්තෙම නැද්ද..."
" නෑ තියනවා.... අපි එනකොට ගේට් එක ඕපන් කරලා තිබ්බේ..."
කාර් එක ගෙනැත් යෂ් නැවැත්තුවේ අර කියපු ගේ ඉස්සරහා. box model එකට තනිකර black color එකෙන් හදලා තිබ්බ ඒ ගෙදර අමුතුම පෙමක් තිබ්බා. තට්ටු තුනට හදලා තිබ්බ ඒ ගෙදර ලයිට්ස් හින්දා මාර ලස්සනක් තිබ්බේ.
" යන්..." කියලා කෙල්ල බැහැලා ගිහිල්ලත් ඉවරයි. කොල්ලත් ඉක්මනට කෙල්ලගේ පස්සෙන් ගියා.
ගෙදර main door එකට ගියපු කෙල්ල නිකන්ම ගෙදර දොර ඇරන් යද්දි කොල්ලා බලන් හිටියේ පුදුමෙන්.
එතකොට තමා දැක්කේ door එක unlock කරන්න තිබ්බේ fingerprint එකෙන් කියලා.
හැබැයි ඉතින් යෂ් ඔක්කොටම වඩා පුදුම වුනේ ගේ ඇතුළට යනකොට ඉස්සෙල්ලම දැක්ක photo එක හින්දා.
ලියාගේ ලොකු photo එකක් බිත්තියේ එල්ලලා තිබ්බේ බිත්තියට අමුතු ලස්සනක් එද්දි.
" ඒයි මේ ගේ කාගෙද ඇත්තටම...." යෂ් ඇහුවේ ඉස්සරහ යනගමන් හිටිය ලියාගෙන්.
" photo එකෙන්ම පේන්නැද්ද මෝඩයෝ මේක මගේ ගෙදර...."
" what.... ඒත් තමුසෙට කොහෙන්ද එච්චර සල්ලි..."
" මිස්ටර් යෂේන්... මම hacking වැඩ official විදිහට පටන් ගත්තේ මට අවුරුදු 13න්... මගේ මුල්ම වැඩේට මට රුපියල් 30000ක් හම්බුනා... මේ වෙනකොට මගේ වයස අවුරුදු 20ක්... දැන් මම වැඩක් කරන්න ගන්න අවම ගාණ ලක්ෂ 20ක්... "
" වට් ලක්ෂ විස්සක්... ඒ කියන්නේ තමුසේ hackersලගේ top rank ඉන්න කෙනෙක් වෙන්න එපැයි.... තමුසෙගේ havker ID එක මොකක්ද...."
" යාරා... ඒක තමා මගේ ID එක..."
" Are you kidding me..."
" Nope... ඉතින් ඔයා එදා දැක්කේ මම අච්චර හිමින් කරලත් මට එදා ඔයාලාගේ ටාස්ක් එක සම්පූර්ණ කරන්න ගියේ විනාඩි 13යි... "
"තමුසේ කියන්නේ තමුසේ එදා හිමීට කරේ කියලද...."
" ඔව්... normally මට ඒ site එක hack කරන්න විනාඩි 5ක් හොඳටම ඇති.. මම එදා එහෙම කරේ ඔයා මට කිව්වනේ කොල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට හරි කලින් කරන්න කියලා... මොනා වුනත් කොල්ලෙක් කෙල්ලෙක්ට පරාද වුනොත් ලැජ්ජ හිතෙන හින්දා තමා මම හිමීට කරේ... ඒත් ඉතින් කියලා වැඩක් නෑ..."
" නිහාල් දන්නවද තමුසෙගේ මේ වැඩ..."
" පිස්සුද... ඔයා හිතනවද මං මෙච්චර හරියක් කරනවා කියලා දන්නවා නම් මට අර විදිහට සලකයි කියලා... "
" ඉතින් තමුසේ මෙච්චර සල්ලි තියන් ඇයි අර බලු කූඩුව වගේ කාමරය අස්සට වෙලා හිටියේ..."
" මං මේ ගෙදර වැඩ ඉවර කරලා තාම අවුරුද්දක් විතර වගේ... පහුගිය අවුරුද්දෙන් වැඩි හරියක් මං හිටියේ මෙහෙ තමා.... " කියන ගමන් කෙල්ල යෂ්ට කූල් ඩ්රින්ක් එකක් දුන්නා.
" හ්ම්ම් හ්ම්ම් දැන් තමුසෙට මොනාද ගන්න ඕනේ කිව්වෙ ඉක්මනට අරන් එනව දැන් 12ත් පහුවෙලා.."
" හරි හරි ඉන්න එන්නම්... " කියපු කෙල්ල උඩ තට්ටුවට ගියා.
යෂ් කූල් ඩ්රින්ක් එක බොන ගමන් ගේ වටේ ඇවිද ඇවිද බැලුවා.
පැය භාගෙකට විතර පස්සෙ කෙල්ල එන සද්දෙ ඇහිලා පඩිපෙළ දිහා බලපු කොල්ලගේ ඇස් දෙක උඩ ගියා.
" තමුසේ මොනාද ඔච්චර අරන් යන්නේ..." කෙල්ල සූට්කේස් දෙකක් බොහොම අමාරුවෙන් පඩිපෙළ දිගේ උස්සන් එද්දි කොල්ලා ඇහුවා.
" ඕන ඒවා තමයි... "
" ඔච්චර..."
" ඇඳුම් තියෙන්නේ මනුස්සයෝ ..."
" ආ ඒක මිසක්..."
ලියා යෂ් ළඟට ඇවිත් කොල්ලට කාඩ් එකක් දික්කරා.
" මේ මොකක්ද..."
" මේකේ කෝටි 20ක් තියනවා..."
" තමුසෙට පිස්සුද..."
" ඇයි ඉතින් ඔයා මං වෙනුවෙන් අද සල්ලි දුන්නනේ..."
" ආ ඒකද මට සල්ලි එපා...මට තමුසෙව ඕනේ මොකද කියන්නෙ..." කියන ගමන් කොල්ලා හිමීට හිමීට කෙල්ල ළඟට ආවා.
කෙල්ල පිටි පස්සට පිටිපස්සට ගිහින් අන්තිමට බිත්තියේ වැදිලා තමා නතර වුනේ.
" ආ... මොකෝ කට වැහිලා... මට තමුසෙව ඕනේ... මොකද කියන්නේ..."
" ආ... මේ... මො...ක..ක්..ද...මේ... " කෙල්ලට බයටම කටට වචන එන්නෙත් නෑ. එන වචන ටිකත් ගොත ගැහෙනවා.
කොල්ලා ඒත් එක්කම කෙල්ලගේ ලිප්ස්වල ඇගිලි අරන් යද්දි කෙල්ලගේ හාඩ්බීට් එක වැඩි වුනේ බයටද වෙන මොනාට හරිද කියලා කෙල්ලටත් හිතාගන්න බැරිවුනා.
මේ වෙනකොට යෂ්ගේ ඉවසීමේ සීමාවත් හොඳටම පැනලා තිබ්බේ
යෂ් කෙල්ලගේ දෙතොල් තමන්ගේ දෙතොලින් අල්ලගත්තේ දෙපාරක් හිතන්නේ නැතුව. කෙල්ලට එකපාර හිතාගන්න බැරිවුනා වෙනදේ ගැන. විනාඩියක් දෙකක් ලියාගේ දෙතොල් සිප ගත්ත යෂ් කෙල්ලගෙන් ඈත් වුනා.
ඊටපස්සේ ලියා දිහාවත් නොබලා අර සූට්කේස් දෙකත් අරන් එළියට ගියා. ඒත් ලියා නම් තාම හිටපු තැනම ගල්වෙලා බලන් ඉන්නවා.
" තමුසේ එන්නෙ නැද්ද..." යෂ් එළියේ ඉඳන් කෑගහන සද්දෙට තමා ලියා පියවි සිහියට ආවේ.
දෙන්නා ආයේ මැන්ෂන් එකට එනකන්ම කිසිම කතාබහක් තිබ්බෙ නෑ.
ලියා සූට්කේස් දෙකත් තල්ලු කරන් යෂ්ටත් කලින් රූම් එකට ඇවිත් දොර වහගත්තා.
" මයි ගෝඩ් ලියා මොකක්ද ඒ වුනේ... අර තඩි වලහා ඔයාගේ කට කෑවා නේද... දෙයියනේ මොකක්ද ඒ කිව්වේ... මට තමුසෙව ඕනේ.. ඕ මයි ගෝඩ්... ලියා ලියා ලියා... ඒ ඉන්නේ shadow ripper... නෝ නෝ... don't believe ලියා... එයාට ඔයා එක කෙල්ලෙක් විතරයි...." ලියා තමන්ටම කියාගත්තා.
පහුවදා උදේ නැඟිටපු ලියා බැල්කනි එකේ දොරත් ඇරන් ගිහින් පොඩ්ඩක් වටපිට බල බල හිටියා.
එහා පැත්තේ බැල්කනි එක දිහාට නිකමට ඇහැ දානකොට තමයි දැක්කේ යෂ් ඉන්නවා කෙල්ල දිහා බලාගෙන.
කෙල්ල යෂ්ට කටපුරෝලා හිනාවුනා.
ඒත් එක්කම තමා ආයේ මතක් වුනේ මහ රෑ කිස් කරපු එක...
කෙල්ල කටත් වහගෙන කාමරේට දිව්වෙ කොල්ලාත් වික්ෂිප්ත වෙලා බලන් ඉද්දී.
ටිකකින් කෙල්ල ගියේ කිචන් එක පැත්තේ. ලියාගේ වෙලාවටද මන්දා යෂ් නම් නෑ පේනතෙක් මානෙක.
තේ එකකුත් හදාගෙන ලීලාම්මා දුන්න බිස්කට් බෝතලෙත් අරන් කෙල්ල සාලෙට ආවා.
ඒ එනකොට සෙත් ඉඳගෙන ටීවී බලනවා.
" අම්මටසිරි අයියණ්ඩි ගුම් මෝනින්..."
" ගුම් මෝනින්.. මටත් දීපන්කෝ බිස්කට් එකක්... මේ ඔය තේ එකත් දීලා වෙන එකක් හදන් වරෙන්කෝ.. මගේ සුදු නංගිනේ.."
" අනේ... ඒ බටර් පාර... හී.. මං රැවටෙයි ඕවට... ආං ලීලම්මා තේ හදලා තියෙන්නේ අරන් ඇවිල්ලා බොන්න මේක මගේ...." කියපු කෙල්ල තේ එකෙන් ලොකු උගුරක් බිව්වා.
" අම්මෝ...."
" මොකද යකෝ..."
" දිව පිච්චුනා..."
" හොඳ වැඩේ මට දෙන්නැතුව බොන්නනේ හැදුවේ.. "
" අර්... මගේ දිව..."
" මොකද තමුසේ ඔය කෑගහන්නේ ඇයි තමුසෙගේ දිව මොකෙක් හරි කෑවද.. " කියන ගමන් ආවේ යෂ්.
කෙල්ල ශේප් එකේ නැඟිටලා මාරුවෙන්න හැදුවත් යෂ් කෙල්ල ළඟට ඇවිත් අතේ තිබ්බ තේ කෝප්පේ උදුරලා අරන් තේ බිව්වා.
" මගේ තේ එක...."
" ම්ම්.. රසයි.. මේක තමුසෙද හැදුවේ..." කෙල්ල ඔලුව වැනුවා.
" මේක මට තමුසෙ වෙන එකක් අරන් ඇවිල්ලා බොනවා..." යෂ් එහෙම කියලා ආයේ තේ බිව්වා.
සෙත් නම් මේ වෙන දේ දිහා කටත් ඇරන් බලන් හිටියේ.
ලියා යෂ්ටත් ගස්සලා ආයේ කිචන් එක පැත්තට ගියා.
" ඒ ලියා මටත් තේ එකක් අරන් වරෙන් ඈ... ආයේ දෙන්නෙක් යන්න ඕන්නෑ නේ..."
සෙත් එහෙම කියලා යෂ් දිහාට අමුතු හිනාවක් දැම්මා.
" මොකද යකෝ..."
" නෑ.. මේ.. මොකක් හරි ටිලිං ටිලිං එකක් වෙනවානේ..."
" ටිලිං ටිලිං අතේ තැපැල්... පලයන් බූරුවෝ. .."
" ආව්.. ආව්... කොල්ලා රතු වෙනා..."
" පිස්සුද බල්ලෝ...." කියපු යෂ් සෙත්ට කොට්ටෙකින් ගැහුවා.
" අනේ අම්මපා මේ ගෑනිටයි මිනිහටයි කොට්ටවලින් ගහලා මාර පලපුරුද්දක් තියෙන්නේ... "
" කවුද බන් ගෑනියි මිනිහයි..." කියන ගමන් ආවේ කිරන්.
" වෙන කවුද මූයි ලියායි බන්... අම්මට සිරි... එමා කවද්ද එළියට බැස්සේ...." සෙත් ඇහුවේ කිරන් එක්ක ආපු කෙල්ල දිහා බලන ගමන්.
" සති තුනකට පස්සේ මේ මනුස්සයා මාව අද තමා ගෙදරින් එළියට එක්කන් ආවේ මං හිතුවේ එක්කෝ පාර්ක්වත් එක්කන් යයි කියලා.. එත් මේ මිනිහා මාව මෙහෙ එක්කන් ආවා.. දැන් ඉතින් මම මොකාද එකා වගේ ඉන්න එපැයි අද දවසම... " එමාෂා එහෙමත් නැත්තන් කිරන්ගේ වයිෆ් කිව්වා.
" බය වෙන්න එපා එමා උබට අද ඉඳන් කිසිම තනියක් නෑ... ආං ඉන්න කච කච පෙට්ටියක් තනියට..." කියලා සෙත් පෙන්නුවේ තේ දෙකකුත් උස්සන් බිස්කට් එකක් කටේ තියාගෙන එන ලියාව.
ලියා මේ අයව දැක්කේ පස්සෙ.
කෙල්ලට කතාකරගන්න විදිහක් නෑ කටේ බිස්කට් එක හින්දා බිස්කට් එක ගන්න විදිහක් නෑ අතේ තෙ කෝප්ප හින්දා.
කෙල්ල සෙත් ළඟට් ඇවිල්ලා තේ එක දීලා බිස්කට් එක අතට ගත්තා.
" ආ ඩොක්ටර් ගුඩ් මෝනින්... මේ ලස්සන අක්ක කවුද අප්පා..."
" මේ ලස්සන අක්කා මගේ වයිපරේ නංගි.. දැන් නම් ඔයාට හොඳට කන්න දෙනවා වගේ නේ...."
" ඈ.. පිස්සුද ඩොක්ටර්... මේ මනුස්සයා මගේ අතේ තිබ්බ තේ එක උදුරගෙන තාම විනාඩි පහක් ගියේ නෑ..." කියල කිව්වෙ යෂ්ට රවන ගමන්.
එමායි කිරනුයි යෂ් දිහා බැලුවේ කොල්ලෝ උබ නම් ගොඩක් වෙනස් වෙලා කියන්න වගේ.
" අක්කී ඔයාගේ නම මොකක්ද... "
" මම එමාෂා..."
" එමාෂා.. නමත් ලස්සනයි අක්කත් ලස්සනයි... අක්කේ බංඩි ගෙඩියේ ඉන්නේ ඩොක්ටර් කෙනෙක්ද එමාෂා කෙනෙක්ද...." කෙල්ල කිව්වේ එමාෂාගේ කුස දිහා බලමින්.
එමාෂා හත්මස් ගැබිනියක්.
" ම්ම්... එයා නම් ඩොක්ටර් කෙනෙක් තමා... හැබැයි මම නම් එයාව ඩොක්ටර් කෙනෙක් කරන්නෑ..."
" ඇයි ඒ...."
" ඇයි නංගි මේ මිනිහා ගෙදර ඉන්න වෙලාවක් හොයන්න බෑනේ.. මම අර ගෙදරට වෙලා තට්ට තනියම ඉන්න ඕනේ මේ මිනිහා කීයට හරි එනකන්..."
" අක්කී බය වෙන්න එපා... මේ මං ඉන්නවා අක්කිගේ තනියට... ඩොක්ටර් ඔයා මට අක්කිව භාර දෙන්න මං බලා ගන්නම්... "
" එතකොට තමුසෙ මාත් එක්ක ඇග්රිමන්ට් සයින් කරේ නිකන් ඉන්නද..." යෂ්.
" අම්මටසිරි එහෙම එකකුත් තියනවානේ... මේ තඩි වලහෝ... බැරි වෙයිද අවුරුද්දක විතර ලීව් එකක් දෙන්න... ප්ලීස් අප්පා... මං චූටි බබාලට හරිම ආසයි..."
" ආ එකත් එහෙමද මෙහෙ එනවකෝ දෙයක් කියන්න..." කියලා යෂ් කෙල්ලව ඇදලා අරන් කනට කරලා,
" මං ඕන්නං තමුසෙට චූටි බබෙක් දෙන්නම්.. මොකද කියන්නේ එක්කෙනෙක් මදි නම් එක්කෙනෙක් එළියට ආව ගමන් තව කෙනෙක් හදමු..."
කෙල්ලගේ මූණ රතු වෙලා ගියා.
ඉක්මනට යෂ්ගෙන් ඈත් වෙච්ච කෙල්ල කිචන් එකට දිව්වා.
" උබ මොනාද බන් ඒකිට කිව්වේ එච්චරට රතු වෙන්න..." සෙත්.
" මූ මොකක් හරි කුප්ප කතාවක් කියන්නැති උබ කෙල්ලට ළමයි හදන්නවත් කතා කළාද..." කිරන්.
" පව් අනේ නංගි... මං යනවා.. " කියපු එමාෂා ලියාව හොයන් ගියා.
" බොස් වරායේ ෆයිට් එකක්... රවියගේ එවුන් අපේ බඩු ටික උස්සලා..." එකපාර එතනට දුවන් ආව කවිශාන් එහෙමත් නැත්තන් කවියා කිව්වා.
" යමන්.." කියලා තුන්දෙනම ඒ වැඩේට පිටත් වුනා.
පැය දෙකකට විතර පස්සේ ලීලම්මාත් එක්ක කයියක් ගහලා දවල්ට කෑමත් ලෑස්ති කරලා ලියායි එමායි සාලෙට ආවා. ඒ එනකොට සෝෆා එකේ ගෑනු කෙනෙක් ඉඳන් හිටියා.
එයාව දැක්ක ගමන් එමා,
" දුවිනි...." කියලා කිව්වා.
____________________________________
Green tea has arrived....😁😁
කිරන්ගේ වයිපරේට නම දැම්මේ මගේ පාඨීකාවකගෙන් උස්සලා... ඉස්පිල්ල ඇලපිල්ල කරලා... තෑම්ස් ළමයෝ... ඔයා හොඳම වෙලාවේ comment එක දැම්මේ....
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤