The Revenge and Desire...
Pari🖤
පෙර කොටසට....
https://telegra.ph/The-Revenge-and-desire-01-03
හතරවන කොටස.....
පැයක් විතර ගියත් ලියා නම් එළියට ආවේ නෑ. යෂ් ගිහින් බාත් රූම් එකේ දොරට තට්ටු කරත් ලියාට කතා කරත් කිසිම ප්රතිචාරයක් දැක්වුවේ නෑ.
බැරිම තැන කොල්ලා බාතෲම් එකෙ දොර කඩන් ඇතුළට ගියා.
එතකොට යෂ් දැක්කේ ලියා ෂවර් එක යට බිම වැටිලා ඉන්නවා...
යෂ් ඉක්මනට ගිහින් ෂවර් එක ඕෆ් කරලා ලියාගේ කම්මුල්වලට තට්ටු කර කතා කළත් ලියාගේ කිසිම reaction එකක් නෑ..
" ලියාරා.. ඇස් අරිනවා... ලියාරා... ලියාරා... නැඟිටිනවා ඕයි.. ඕ ෂිට්.... මේකි හොඳටම සීතල වෙලා..."
යෂ් බාත් ටබ් එකට උණුවතුර පිරෙන්න තියලා කෙල්ලව ටබ් එකෙන් තිබ්බා.ඊටපස්සේ සෙත්ට කෝල් එකක් ගත්තා.
" සෙත්.. ලීලාම්මා තාම ආවේ නැද්ද..."
" මේ දැන් ආවේ බොස්..."
" ලීලාම්මාත් එක්ක ඉක්මනට ලියාරාගේ රූම් එකට වරෙන්... ඩොක්ටර්ටත් එන්න කියපන්..." කියලා කෝල් එක කට් කළා.
විනාඩි පහක් ගියේ නෑ ලීලාම්මා ආවා. යෂ් ලියාව බාත් ටබ් එකෙන් එළියට අරන් ලීලාම්මාට කෙල්ලව බාර දීලා ඇඳුමක් අන්ඳලා කතා කරන්න කියලා එළියට ගියා.
පැය භාගෙකට විතර පස්සෙ කෙල්ලට සිහිය ආවා. කෙල්ල ඇස් ඇරලා බලනකොට සෙත් යෂ් ඩොක්ටර් කෙනෙක් කෙල්ලගේ වටේ ඉන්නවා.
" බුදු අම්මෝ..." කෙල්ල එකපාර කෑගැහුවා.
" මොකද ගෑනියේ කෑගහන්නේ..." යෂ්.
" බය වුනා මනුස්සයෝ... ඔහොම මූණට එබීගෙන ඉද්දී බය හිතෙන්නේ නැද්ද..."
" අනේ පලයන් යන්න..."
" මිස් ලියාරාට ඇඟේ අපහසුතාවයක් වගේ දැනෙනවද..." ඩොක්ටර් යෂ්ගෙයි ලියාගෙයි රණ්ඩුව දුරදිග යන්න කලින් ඇහුවා.
" අ... මේ... ඔලුවේ කැක්කුමක් නම් තියනවා... වෙන අමාරුවක් නෑ.. තව මේ ලොකූ බඩගින්නක් තියනවා.. මේ මිනිස්සු මට ඊයේ රෑ ඉඳන් කන්න දුන්නේ නෑ..." කෙල්ල යෂ් දිහාට ඇඟිල්ලක් දික්කරලා කිව්වා.
" තමුසේ පස්සට ඉර එළිය වැටෙනකන් නිදියගත්තා කියලා කරන්න දෙයක් නෑ..." යෂ්.
" ආ.. මේ.. මිස් ලියාරා ඔයා මොනාටහරි බෙහෙත් බොනවද මොකද මේ..." ඩොක්ටර්.
" ආ.. ඔව් ඩොක්ටර් මම ඩිප්රෙෂන්වලට බෙහෙත් බොනවා ඒත් ඊයේ රෑ බෙහෙත් වේල මඟ ඇරුනා..."
" ආ හරි.. මට හිතුනා... හරි මිස් රෙස්ට් කරන්න.. බෙහෙත් ටික වෙලාවට බොන්න... මේ මිස්ටර් යෂ් මට දැන් යන්න පුලුවන්ද..." ඩොක්ටර් යෂ් දිහා බලලා ඇහුවා.
" උබ කවදා ඉදන්ද යකෝ ඔච්චර ප්රොෆෙෂනල් වෙන්න ගත්තේ... " යෂ් ඩොක්ටර්ගේ පිටට හයියෙන් එකක් ගහන ගමන් ඇහුවා.
" ආව් බල්ලො... තෝ වගේ මාත් ගලක් කියලා හිතුවද..."
" අනේ තෝ... මං උබ ගැන..." යෂ්.
" චී චී... ඔයාලාගේ වාග්මාලාව නම් අන්තිමයි... විශේෂයෙන්ම මෙන්න මේ තඩි වලහාගේ...." ලියා.
" මේ මේ තමුසෙගේ සත්තු ලිස්ට් එකට වඩා මගේ වාග්මාලාව හොඳයි හරිද.. අපරාදේ තමුසෙව ෂවර් එක යටම ඉන්න දෙන්න තිබ්බේ..." යෂ්.
ඒක කියද්දි තමා කෙල්ලට මතක් වෙලා ඇඟ දිහා බැලුවේ.
" ඈ.... අනේ අම්මේ...." කියමින් කෙල්ල අඬන්න ගත්තා.
" අඩේ... ලියා... නංගි... මේ ඇයි අඬන්නේ...." සෙත් කෙල්ලගේ ඔලුව අතගාලා ඇහුවා.
" මේ තඩි වලහා මගේ ඇඳුම් මාරු කරලා.. දැන් මං කොහොමද කාවහරි කසාද බදින්නේ දෙයියනේ... මේ වලස් තඩියට හොඳක් නම් වෙන්නේ නැ...."ලියා.
" මේ මේ... මම නෙවෙයි තමුසෙගේ ඇඳුම් මාරු කරේ ලීලම්මා... අනික මේ තමුසෙගේ බලන්න ඒවා තියෙනවානේ... බර කලඳක් නෑ.. අඩි පහක්වත් උස තියනවා නම් කමක් නෑ..."
" මේ වලහෝ... ඔයා තරමට නැතත් මගේ බර කිලෝ 52යි... මෙහෙම හිටියට මං ලේත් දෙනවා... හහ්... උස කිව්වනේ මම අඩි පහයි අඟල් දෙකයි.. එන්නෙපා මෙතන...ම්හ්... " කෙල්ල යෂ්ට ගස්සලා අහක බලාගත්තා.
" අම්මෝ ඇති ඇති බන් ඕක... අර ලීලම්මා කෑම ටික උස්සන් අතනට වෙලා වරුවක් තිස්සේ ඉන්නවා.. යමන් මේ කෙල්ලට කන්න දීලා..." ඩොක්ටර් යෂ්වත් ඇඳගෙන එළියට ගියා.
" සෙත් උබට වෙනම කියන්න ඕනෙද මෙහෙ වරෙන්..."
කට්ටියම කෙල්ලගේ රූම් එකෙන් එළියට ගියා.
" අඩෙහ් තඩි වලහා... මරු නම ඈ..." ඩොක්ටර් කියමින් හිනාවුනා.
" පලයන් යන්න... උබට වැඩ නැද්ද..." කියපු යෂ් කෙල්ලගේ රූම් එකට අල්ලපු රූම් එකට ගියා.
ඇත්තටම කිව්වොත් ඒක තමා යෂ්ගේ රූම් එක.
කෙල්ලට seventh floor එකේ රූම් එකක් දෙන්න කියන කොට සෙත් පුදුම වුනේ ඒකයි.
" මූ බලහන්කෝ අපිට තමා ගෑස්... අඩෙහ් සෙත් මට මූගේ වෙනසක් පේනවා බන්... බලහන්කෝ හිනා වෙන හැටි..."
" ඔව් බන්... ලියාරා ද මන්දා ඒකට හේතුව... අනික මූ කෙල්ලෙක් ගැන ඔච්චර වද වෙනවා මං දැක්කමයි..." සෙත්
" ඒක ඇත්ත... මූ කෙල්ලට සිහිය එනකන් හැසිරිච්ච විදිහ වුනත් අමුතුයි... මූ දුවී එක්කවත් එහෙම නෑනේ බන්..."
" ඔව් බන්... මොකක් හරි වෙන්න යන්නේ එක්කො ඒක හොඳ අතට පෙරළෙයි නැත්තන් නරක අතට පෙරළෙයි... මූ ඉක්මනට ලියාරවත් විශ්වාස කරා.. ලියාරා කියන්නේ මොනා වුනත් නිහාල්ගේ දුව..."
" බලමුකෝ වෙන දෙයක් වෙයි... මම යනවා බන්... "
" හරි කිරා...හෙට දිහාටවත් වරෙන් සෙට් වෙන්න... "
" හරි කොල්ලො අරූටත් කියපන් මං ගියා කියලා..."
යෂේන් කලුආරච්චි, සෙත් වීරසිංහ, කිරන් දුනුපිටිවෙල කියන්නේ පොඩිකාලේ ඉඳන් යාලුවෝ.
කාලා බීලා එහෙම ආයේ ටිකක් නිදියලා ලියා නැඟිටිනකොට හවස හයට විතර. ඈනුමකුත් ඇර ඇර කෙල්ල ගියේ බැල්කනි එකට.
" අප්පෝ... තමුසෙගේ ඔය කට වහගන්නවා..."
කෙල්ලගේ කට අතින් වැහුනේ එහා බැල්කනියෙන් ඇහුන කටහඬට. කෙල්ල හැරිලා බලද්දි දැක්කේ යෂ් ඉන්නවා..
" ආ.. මෙයානේ..." කියලා කෙල්ල ආයේ ඈනුමක් ඇරියා.
" දැන් හොඳද තමුසෙට..."
" ආ. අවුලක් නෑ... නැත්තෙමත් නෑ... මේ කිචන් එක කොයි පැත්තෙද තියන්නේ..." කෙල්ල බෙල්ලත් ඇද කරලා කෝලමක් දාලා ඇහුවා.
" ඕකට තමුසේ හැටහතර මායම් දාන්න ඕන්නෑ... රූම් එකෙන් එළියට එනවා.. කිචන් එක පෙන්නන්න..."
යෂ්ගේ කටින් අවසාන වචනේ පිටවෙනකොට කෙල්ල එතනින් වාෂ්ප වෙලා.
" ඒයි... කොහෙද තමුසේ ඒ ටිකට ගියේ.."
ඒත් එක්කම ඇහුනේ කොල්ලගේ රූම් එකේ දොරට තට්ටු කරන සද්දයක්.
" යෂ් එන්න ඉක්මනට... මගේ බඩට ගොඩාක් බඩගිනියි..." කෙල්ලගේ කටහඩ ඇහෙද්දී කොල්ලාගේ කටේ නිකම්ම හිනාවක් ආවා.
එළියට ඇවිත් කෙල්ලත් එක්ක ලිෆ්ට් එකට ගිය යෂ්.
" කිචන් එකයි ලිවින් ඒරියා එකයි තියෙන්නේ fourth floor එකේ... තමුසෙට කිසිම හේතුවක් මත third floor එකට යන්න බෑ... second floor එකට තමා තමුසේ අර උදේ ගියේ. first floor එකේ තියෙන්නෙත් ඒවම තමා... "
" එතකොට ඉතුරු ඒවා..."
" fifth එකේ bar එක... sixth එකේ බෙඩ් රූම්ස් තියෙන්නේ..."
" bar එක කියලද කිව්වේ... මට ඒ floor එකට යන්න අවසර තියනවද..."
" ඔව් ඇයි...."
" ෂහ්.. ලොක්කා...මරුනේ...ආදරෙයි ඈ..." කෙල්ල එහෙම කිව්වම නම් යෂ්ව පොඩ්ඩක් ගැස්සිලත් ගියා.
ඒත් එක්කම lift එකේ දොර ඇරිලා living area එකට ආවා.
ලියා ලිවින්ග් එකේ හැමතැනම ඇවිදලා ටීවී බලබල හිටිය සෙත්ගේ ඔලුවටත් එකක් ගහලා දිව්වේ කිචන් එකට.
යෂ් ඇවිත් සෙත් ළඟින් ඉඳගත්තා.
" ඒ අරකිට මොංගල්ද බන්... " සෙත් ඔලුව අත ගගා කිව්වා.
" උබ අදද දන්නේ... මම නම් ඒකිව දැක්ක වෙලේ ඉඳලා දන්නවා..."
කොහොමහරි කාලා බීලා ටීවී බලලා සෙත් එක්ක සෝෆා එකේ තිබ්බ කොට්ටවලින් ගහගෙන යෂ්ගෙන් බැනුනුත් අහලා ලියා රූම් එකට යන්න යද්දි යෂ්,
" තමුසෙගේ ඇඳ උඩ ඇඳුමක් ඇති ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්නවා 10 වෙද්දී... තමුසෙ අර ඊයේ රෑ ඉල්ලපුවා අරන් එන්න යන්න..."
" අඩොහ් සිරාවට ඕකේ බොස්... " කියපු කෙල්ල රූම් එකට දිව්වා.
" කොහෙද යන්න යන්නේ..." සෙත්.
" අපායට.. උබත් එනවද..."
" උබත් එක්ක අපායට නෙවෙයි ඕන තැනකට යන්න එනවා කියලා දන්නවනේ මචන්..."
" අරකිගේ බඩු වගයක් ගේන්න යන්නේ..." කියලා යෂ් එතනින් ගියේ සෙත් තව මොනාහරි කියන්න කලින්.
රෑ 10.30 වෙද්දි ලියා යෂ් දෙන්නා හිටියේ නිහාල්ගේ ගෙදර ඉස්සරහ.
" හරි බොස් එහෙනම් මම ඕන ඒවා අරන් එන්නම්.. "
" ඔහොම ඉන්නවා මාත් එනවා..."
ලියා තාප්පේ ළඟ තිබ්බ ගහකට නැගලා වත්තට පැනගත්තා. ඒක දිහා යෂ් බලන් හිටියේ තුෂ්නිම්භූත වෙලා.
" තමුසේ හෙරක්ද ඕයි... ගහ දිගේ බඩගාපු ලස්සන..."
" අප්පෝ මං ඔය ගහට නඟින්න ගත්තේ අවුරුදු 9න්... "
ලියා යෂ් එක්ක ගස්වලට පඳුරුවලට මුවාවෙවී ගියේ ගේ පිටිපස්සේ සර්වන්ට්ලගේ රූම්ස් තියන පැත්තට. යෂුත් සද්ද නොකර කෙල්ලගේ පස්සෙන්ම ගියා. ඒ ගිහින් කෙල්ල මල් පාත්තියක් අස්සට අත දාලා ඇඳලා ගත්තේ යතුරක්.
" මේ තියෙන්නේ භාණ්ඩේ..." කියපු කෙල්ල ගිහින් සර්වන්ට් රූම් එකක් ඇරියා.
" එහෙනම් මගේ කාමරයට සාදරයෙන් පිලිගන්නවා..." ලියා යෂ්ට කිව්වා.
" තමුසේ මේකෙද හිටියේ..." යෂ් පුදුමෙන් ඇහුවේ කෙල්ලගේ රූම් එකේ පොඩි දැකලා. අනික ඒක සර්වන්ට්ලට දෙන රූම් එකක් ක්පොඩි ඇඳකුයි කබඩ් එකකුයි පොත් රාක්කෙකුයි අමාරුවෙන් ඒ රූම් එකට රිංගවලා තිබ්බා.
" ඔව් මේක තමයි... අම්මා මැරුනට පස්සේ මේක තමා මගේ ලෝකේ වුනේ..." කියපු කෙල්ල කබඩ් එක ඇරලා ෆයිල් වගේකුයි ලැප් එකකුයි ෆෝන් එකකුයි ගත්තා.
" තමුසෙගේ ෆෝන් එක මං ළඟනේ..."
" ආ ඒක වැඩක් නෑ.. ඒක ෂෝ එකට තියන් හිටියේ... මේක තමා මගේ වැඩවලට ඕන එක... හරි යන්..."
" ඔච්චරද ඕන වුනේ... නෑ තව ඒවා තියනවා ඒකට වෙන තැනකට යන්න ඕනේ..." කියලා ලියා රූම් එකෙන් එළියට ඇවිත් දොරත් ලොක්කරලා යතුරත් තිබ්බ තැනින් තිබ්බා.
දෙන්නා ආයේ යන්න යනකොට කෙල්ල ආපු පාරේ නෙවෙයි වෙන පාරක යනවා දැකලා කොල්ලා,
" ඔය පාරේ නෙවෙයි ගෑනියේ ආවේ..."
" මං දන්නවා මිනිහෝ... ආපු පාරෙන් ආයේ යන්න බෑ යන්න වෙන පාරක් තියනවා follow me..."
" මෙච්චර වෙලත් ඒක තමා කරේ..."
" යැයි යැයි තමා..."
" යකෝ මම shadow ripper බන්..."
" හී අමතක් වුනා උතුමානෙනි... ෂ්..." කියලා කෙල්ල කටට ඇඟිල්ල තියලා පෙන්නුවා..
එතකොට දෙන්නට ඇහෙන්න ගත්තේ සංවාදයක්.
" එතකොට ඒකිව කෝටි 20කට වික්කා කියලද කියන්නේ..."
" ඔව් කොහොමද... අරූට කෝටි පහකටනේ දුන්නේ... කෝටි පහලවක්ම වැඩිපුර හම්බෙද්දි අතාරින්න මට පිස්සු ඇයි..."
" ඒත් දැන් වීරවංශකාරයා ඒකිව ඉල්ලුවොත් මොකද කරන්නේ..."
" ඒකි ඉන්නේ shadow ripper ගාව කියනවා.. ඒකිව shadow ripper සල්ලි දීලා ගත්තා.. එතකොට අපි බේරෙනවනේ..."
" හහ්... එහෙම වුනොත් නම් හොඳයි තමා.. ඒත් ඩැඩී ඇයි කෝටි දහයක් කිව්වේ...."
" ආ.. ඒක බිස්නස් ජිල්මාට් එකක්නේ..."
මේක අහන් හිටිය යෂ් ඇඳුම අස්සේ හංඟන් හිටිය ගන් එක අරන් නිහාල්ගේ පැත්තට එල්ල කරා.
ඒත් එක්කම....
_____________________________________
ඔන්න reaction 150+වත් ආවොත bonus දෙන්න හිතන්න තිබ්බා...
reaction දාන්න comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤