The Revenge and desire...

The Revenge and desire...

Pari🖤
The mafia love story....


පළවෙනි කොටස





පාළු සුසාන භූමියක ඉඳලා එළියට ආවේ සියුමැලි තරුණියක්.

හීනි අත්පටි ඇති දණහිසින් මඳක් පහළට වූ කඩාහැලෙන ගවුමක් ඇඳ සිටි ඇයගේ දිගු කෙස් කළඹ ඇගේ ඉණ දක්වා නිදහසේ කඩාහැලුනා.

කළු ගවුම සුදු කරගන්න ළමයි😁



මේ තරුණිය වටපිට බලමින් ඉක්මනින් අඩිය තියන්න වුනේ පරිසරය කලු කරමින් මහ වැස්සක පෙරනිමිති පෙන්වූ නිසා.

ඒත් ඇය ප්‍රමාද වැඩි.

එකවර හයියෙන් වැස්සක් ඇඳහැලෙන්න වුනේ ඇයව තෙතබරිත කරමින්.



girl's pov:


Oh my god...

මේ වැස්ස...

දැන්ම වහින්න ඕන වුනානේ...

වැහි දෙවියනේ මේ ගැත්තිට අනුකම්පා කරලා ටිකක ගෙදර යනකන්වත් ඉන්නකෝ අප්පා..

දැන් ඉතින් මොකද කරන්නේ...

ටැක්සි එකක්වත් පේන්න නෑ..

කෝ මේ ෆෝන් එක...

අර්... අර්.. මේකටත් මේ වෙලේම බැටරි ඩෙඩ් වෙන්න ඕන වුනානේ...




තනියම කියව කියව පාරේ යන මේ කෙල්ල දිහා බලන් තව පිරිසක් හිටියා.

ඒ පිරිස එකවරම සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණ ඇයව ඇතුළට දාගත්තේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර.



" what the hell are.."


කෙල්ලට එච්චරයි කියන්න ලැබුනේ ලේන්සුකින් මූණ ආවරණය කිරීමත් සමඟ ඇයට සිහිය නැති වුනා.




පැයකට පමණ පසු සිහිය ආපු ඇය වටපිට බලද්දි දැක්කේ තමන් ඉන්නේ කවදාවත් දැකලා නැති තැනක කියලා. ඒ මදිවට කෙල්ලගේ අතුයි කකුලුයි පුටුවක තියලා බැඳලා. ඒ විතරක් මදැයි කටත් බැඳලා.


" පොඩි බොස් මේන් මේකිට සිහිය ඇවිල්ලා..."


ඊට ටික වෙලාවකට පස්සේ කෙල්ල ඉස්සරහට ආවේ බ්ලැක් කලර් ට්‍රවුසර් එකට බ්ලැක් කලර් ෂර්ට් එකක් ඇඳගත්ත කෙනෙක්.


කෙල්ල ආපු කෙනාගේ ඔලුවේ ඉඳන් කකුල් දෙකට බැලුවා.


" මැඩම් ඉවරද බලලා... මං ඉඳගත්තට කමක් නැද්ද..."


කෙල්ල කමක් නෑ කියලා කියන්න කට අරින්න හැදුවත් බැරිවෙච්ච හින්දා ඔලුව වැනුවා.

ඒක දැකපු අර කෙනා පුදුමෙන් එතන තිබ්බ පුටුවේ ඉඳගත්තා.


" තමුන්ගේ තාත්තා නිහාල් සූරියවංශ නේද..."


කෙල්ල හිස සැලුවේ ඔව් කියන්න.


" ම්ම්... ගුඩ්... කවියා ගනින් නිහාල්කාරයට කෝල් එකක්..."


ඒ කෙනා ළඟ හිටිය කෙනෙක්ට කිව්වා. ඒ කවියා කියන කෙනා කෝල් එක අරන් පුටුවේ හිටපු කෙනාට දුන්නා.


" හෙලෝ..."


" හෙලෝ මිස්ටර් නිහාල්..."


" ඔව්... මේ කවුද කියලා දැනගන්න පුලුවන්ද..."


" මම කවුද කියන එක තමුන්ට වැඩක් නෑ... තමුසෙගේ දුව ඉන්නේ අපි ගාව..."


" හහ්... no way... මගේ දුව ගෙදර ඉන්නේ... අනික අද එයාගෙ බර්ත්ඩේ එක එයා දැන් තමා කේක් එක කැපුවේ..."


ඒක අහපුහම පුටුවේ හිටපු කෙනා පුදුම වෙලා කවියා දිහා බැලුවා.


" තොපි හරි කෙල්ලව නෙවෙයිද යකෝ ඉස්සුවේ..."


" හරි කෙල්ල තමා බොස්... මේ ඉන්නේ ලියාරා සූරියවංශනේ...."


මේක කෝල් එකේ හිටිය නිහාලුත් අහගෙබ තමා හිටියේ.


" ආ ඒකිද... දැන් තමුසෙලාට මොනාද ඕනේ..."


" අන්න මිස්ටර් නිහාල් පොයින්ට් එකට ආවා... අපිට නිව් වියානා ප්‍රොජෙක්ට් එක ඕනේ... තමුන්ට පැය දෙකක් දෙන්නම්... නැත්තන් තමුසෙගේ දුවගේ මිනිය කැළණියේ පාලම යටින් හම්බෙයි...."


" හහ්.. ඒකිගේ මිනියවත් මට ඕන්නෑ... තඹ සතේකට වටින්නැති ඒකි වෙනුවට මට අර මිලියන ගාණක ප්‍රොජෙක්ට් එකක් අතහරින්න පිස්සු කියලා හිතුවද...." කියපු නිහාල් කෝල් එක කට් කරා.



" ඒ මොකක්ද යකෝ වුනේ..." කියපු ඒ කෙනා පුටුවෙන් නැඟිට්ටේ කෙල්ල දිහාත් බලලා.

ඒ අතරේ කෙල්ල මොකක් හරි කියන්න දැඟුවත් ඔහු ඒක ගනන් ගන්නේ නැතුව එතනින් එළියට ගියා.



එතනින් ගියපු ඔහු නැවතුනේ තවත් කාමරයක් ළඟ දොරට තට්ටු කරපු ඔහු,


" බොස් ඇතුළට එන්නද...."


" වරෙන්..." ඒත් එක්කම ඔහු දොර ඇරන් ගියා.


" මොකද අරූ කැමති වුනාද...."


සෝෆා එකක ඉඳගෙන දුම් පානය කරමින් හිටිය යෂේන් කළු ආරච්චි... එහෙමත් නැත්තන් හැමෝම දන්න shadow ripper...



" පොඩි ප්‍රශ්නයක් බොස්... ඌ කෙල්ලව මැරුවත් ප්‍රොජෙක්ට් එක දෙන්නෑ කියන තැන ඉන්නේ...."


" සෙත්... උඹලා හරි කෙල්ලව නෙවෙයිද යකෝ ඉස්සුවේ..."


" හරි කෙල්ල තමා බොස් ඒකි තමා නිහාල්කාරයාගේ එකම දුව..."


" යමන් මං එන්නම්..." කියපු යෂේන් සෙත් එක්ක ආවේ කෙල්ල හිටිය කාමරේට.


තාමත් කෙල්ල මොකක් හරි කියන්න දඟලන ගමන් හිටියේ.

ඒත් යෂේන්ව දැක්කම කෙල්ල දඟලන එක නතර කරලා යෂේන් දිහා ඇස් දෙකත් ලොකු කරලා බලන් හිටියා.


" අරකිගේ කට බැඳලා තියන එක ගලවපන්..." යෂේන්.


ඔන්න එතකොට තමා කෙනෙක් ඇවිල්ලා කෙල්ලගේ කටේ තිබ්බ රෙදි පටිය ගැලෙව්වේ.


" අම්මෝ ඇති යන්තන්... මේ මට වතුර ටිකක් දෙන්නකෝ අප්පා.... මම අන්තිමේටම වතුර බිව්වේ දවල්ට කෑවට පස්සෙද කොහෙද..." කෙල්ල එහෙම කියද්දී යෂේනුත් බලන් හිටියේ පුදුමෙන්.


කවියා ඊටපස්සේ වතුර බෝතලයක් ගෙනැල්ල කෙල්ලට පෙව්වා.


" තෑම්ස් කවියා... ඒක නෙවෙයි ඔයාලා මට මොකද කරන්න යන්නේ මරනවද..." කෙල්ල ඇහුවේ සෙත් දිහා බලන්.


" තමුසෙගේ මහඑකා නිහාල් නේද...." යෂේන් කෙල්ලගෙන් ඇහුවේ ටිකක් බය හිතෙන විදිහට.


" මහ එකා... මහ එකා නම් දන්නෑ හැබැයි නිහාල් කියන්නේ මගේ තාත්තා.. හැබැයි තව එකක්... ඔයාලා කිඩ්නැප් කරේ වැරදි කෙනාව..."


මේ පිරිමි ගොඩක් මැද්දේ බැඳලා දාලා තියෙද්දිත් බරක් පතලක් නැතුව කියවන මේ කෙල්ල දැක්කම යෂේන්ට හිතුනේ මේකිට පිස්සුද මන්දා කියලා.


" මොකක්ද ඒකේ තේරුම... තමුසෙනේ නිහාල්ගේ එකම දුව..." යෂේන්.


" wrong answer... එකම දුව නෙවෙයි දෙවෙනි දුව..."


" වට්... සෙත් මොකක්ද මේකේ තේරුම..." යෂේන් තරහෙන් කෑගැහුවේ සෙත්ට.


" අයියෝ එයාට කෑගහලා වැඩක් නෑ මිස්ටර්.. මම දෙවෙනි දුව කියලා දන්නේ පවුලේ අය විතරයි.... ඔයාලා කිඩ්නැප් කරන්න තිබ්බේ ෂයිනි කියන සක්කරවට්ටම අනේ... එහෙම වුනා නම් මෙලහමකට තාත්තා ඔයාලා ඉල්ලපු ප්‍රොජෙක්ට් එක විතරක් නෙවෙයි සේසතේම ගෙනැත් දීලා...."


ඒක අහපු යෂේන් කෙල්ලගේ බෙල්ලෙන් අල්ලගත්තේ,

" තමුනුයි තමුන්ගේ මහ එකායි එකතු වෙලා අපිව රවට්ටන්නද හදන්නේ ආ... මේකිව මරලා පාලම යටට ගිහින් දාපම්... " කියපු යෂේන් කෙල්ලගේ බෙල්ල අතහැරලා යන්න ගියත්.


" ඒයි තඩි වලහෝ... මගේ බෙල්ල ඔයාගේ අඩු වගේ අත්වලට අහුවුනාම රිදෙනව මී හරකෝ... " කියලා කෙල්ල කෑගැහුවා.


ඒත් එක්කම සෙත් ඇවිත් කෙල්ලට කනේ පාරක් ගැහුවේ,

" තමුසේ දන්නවද මේ ඉන්නේ කවුද කියලා.. Shadow ripper... අපේ බොස් කෙනෙක්ව මරලා දාන්න දෙපාරක් හිතන්නෑ..."


කනේ පාර්ක් කාලා හිටියත් ඒක ගාණක්වත් නැතුව කෙල්ල,

" අඩෙ සිරාවම මේ ඉන්නේ shadow ripper ද කලින් කියන්න එපැයි මනුස්සයෝ... මේ මිස්ටර් shadow ripper... තඩි වලහා... මී හරකා කියපු වචන ටික මම ඉල්ලා අස් කරගන්නවා..මම ඔයාව හම්බෙන්න සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටියේ... කොහෙද ඉතින් ඔයාව හම්බෙන එක ලේසි නෑනේ... දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියන්නෙ මේකට වෙන්නැති... මිස්ටර් shadow ripper මට ඔයාගෙන් උදව්වක් ඕනේ..."



_______________________________________


මොකද ළමයි හිතන්නේ... අවුල් වගේද

හැබැයි ඉතින් හොඳ හොඳ දේවල් පස්සට...

reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page