The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


තිස්වන කොටස


පැය දෙකින් දෙකට ඇහැරිලා ඉන්න අපේ වීරයෝ හතර දෙනා ගේ ආරක්ෂාව මැද්දේ අනිත් අය විවේක ගද්දි රාත්‍රිය ගෙවිලා ගිහින් පහුවදාට ඉර අහස එළිය කරේ කට්ටියට ම තමන්ගේ ගවේෂණේ ඉවර කරන්න තව තියෙන්නේ දවස් හයක කාලයක් කියලා මතක් කරලා.


ඇපලෝගේ පැමිණීමත් එක්ක ම කට්ටියම ඊළඟට හිටියේ නැව් තට්ටුවේ තමන්ගේ උදේ කෑම වේලත් එක්ක බිසී වෙලා.කාට කියන්නද මොනා කරන්නද තමන්ගේ අන්තිම කෑම වේල හා සමානව අපේ වීරයෝ ටික උදේ කෑම වේල රසවින්ඳා.

සමහරවිට මේක අන්තිම එක වෙන්නත් පුළුවන් ළමයි.බැරි වෙලාවත් නැව එකපාර බ්ලාස්ට් වුණොත් එහෙම මොන දෙයියන්ට කියන්නද මන් අහන්නේ? මං මේ වෙනවට කියනවා නෙවෙයි හොඳේ.බැරි වෙලාවත් වුණොත් කියලා කිව්වේ.

කොහොමහරි උදේට කුස පුරවාගත් පිරිස තමන්ගේ ගමන් මලු ලෑස්ති කර ගත්තා.කෑම බීමත් අනෙක් අවශ්‍ය නෙක්ටාර් වගේ ඒවත් ඒ මලුවල අසුරලා තිබුණා.කී දවසක් දූපත ඇතුළේ කරක්ගහන්න වෙයිද කියලා නොදැන හිටියත් කට්ටියම දැනගෙන හිටියා මොනා කරන්නත් එයාලට තියෙන්නේ දවස් හයක් විතරයි කියන්න.


නැංගුරම් දාපු නැවේ ඉඳලා දූපතට ගොඩබහින්න ලෑල්ලක් දාලා මාර්ගය සකස් කරලා තිබුණා වෙද්දි අපේ වීරයෝ ටික එකා පිටිපස්සේ එකා ගානේ හරි ලස්සනට පිළිවෙළට ලෑල්ල දිගේ ඇවිත් දූපතට පය තිබ්බා.ඒ වුණාට ළමයි අපේ යෑන්ට කම්මැළියි ලු නේ අඩියක් දෙකක් තියන්න.ඉතිං යෑන් මොකද කරේ ගුවනින් ම දූපතට සම්ප්‍රාප්ත වුණා.

යෑන්ද වැඩිපුර කම්මැළි ඔයාලද කට්ටිය.

අන්තිම කෙනත් දුපතට ගොඩබැස්සට පස්සේ නැව නොපෙනී ගියා.


" දැන් මොන පැත්තට ද?" කේෂි ඇහුවේ රූස්ස ගස්වලින් පිරුණු දූපත දිහා බලාගෙන.


" කැලේ මැද්දට" නිකෝ කිව්වා.


" ඒ කියන්නේ දූපත ඇතුළට ම" මේධා කිව්වා.


" දවස් කීයක් විතර....." ඇනබෙත් එහෙම අහද්දිම,


" හරියට ම කියන්න බෑ."කියලා නිකෝ කිව්වා.


ඊට පස්සේ කට්ටියම කැලේ ඇතුලට යන්න ගත්තා.ඔයාලට කියන්න අර යෝධයෝ වගේ රූස්ස ගස්වලට පින් සිද්ධ වෙන්න කැලේ ඇතුළේ තිබ්බේ මහා ම මහා මළානික එළියක්.


හරියට නිකන් හොල්මන් වනාන්තරයක් ඇතුළට ගියා වගේ ෆීලින්ග් එකක් තමයි ළමයි මට නම් දැනුණේ.

ඔහොම පැයක් දෙකක් නෑ සමහරවිට පැය තුනක් වෙන්න ඇති.හරියට ම කියන්න බෑ.ඒත් ඒ වගේ වෙලාවක් කට්ටිය ම කැලේ ඇතුළට ම ඇවිදගෙන ගියා.


" තව කොච්චර යන්න ඕනද?" යෑන් ඇහුවේ ගහකට හේත්තු වෙලා.


" තාම අපි එතෙන්ට කිට්ටු වෙලාවත් නෑ." නිකෝ කිව්වා.


" ඔහ්.ඒත් අපිට පොඩ්ඩක් මහන්සි අරින්නවත් ......" යෑන් කියන්න කට හදනවත් එක්කම,


" යෑන්! අපිට තියෙන්නෙ දවස් හයයි." හේෂි කිව්වා.


" ඉතිං හයක්ම තියෙන්නේ." යෑන් කිව්වා.


" කොයිවෙලේ මොකෙක් කඩන්පාත් වෙයිද කියන්න දන්නේ නෑ.එහෙම එකේ නැවතිලා ඉන්න අපිට බෑ." හේෂි කිව්වා.


" හරි හරි යන් ඉතිං." අන්තිමට යෑන් කිව්වේ හැමෝවම පහුකරන් ඉස්සරහට ම යන ගමන්.


කට්ටිය තවත් පැය තුනක් හතරක්ම කැලේ ඇතුලට ඇවිද්දෙ ඉර මුදුන් වෙද්දී.බෑග් එකකින් ගත්ත බිස්කට් පැකට් දෙකක් කඩපු කට්ටිය ඒක කන ගමන්ම ඉස්සරහට ඇදුනා.


"අර අපිට දෙනවැයි කියපු තෑගි කෝ දන්නෙ නෑ නේ."යෑන් කට්ටියගෙන් අහද්දී දරුණු බැල්මවල් හයක් එයාට නොමිලේම ලැබුණා.


ඊට පස්සේ යෑන් කට පියාගෙන ඉස්සරහට යමින් හිටියා. ඒත් එහෙම යන්න වුනේ ටික දුරයි.ඉස්සරහ තිබ්බ පඳුරක් හෙලවෙන සද්දෙට කට්ටියම එක තැන නතර වුනේ ඒ පාර මොන මරාලයක් ද කඩන් වැටෙන්න යන්නේ කියලා හිතාගන්න බැරුව.


තත්පර ගානකින් පඳුරෙන් එළියට පැන්නෙ ලස්සන බලු පැටියෙක් වෙද්දි කට්ටියම ලොකු හුස්මක් පිටවුණා.ඒත් ඒ කට්ටිය අතරේ පර්සි නම් හිටියේ නෑ.


ඇයි කියලා අහන්න එපා මගෙන්.ඔයාලම බලාගන්න.

"අනේ ලස්සන බලු පැටියෙක්." එහෙම කියාගෙන යෑන් ඉස්සරහට යන්න හදද්දිම පර්සි යෑන්ව නතර කරේ,


" ඌ බලු පැටියෙක් නෙවෙයි." කියන ගමන්.


යෑන් පර්සි දිහා බැලුවේ 'මුට පිස්සුද' වගේ බැල්මකින් වෙද්දී පර්සි කිව්වෙ 'බලන් ඉන්න 'කියලා.


පර්සි කිව්ව දේ ඇත්ත කරමින් වැඩිවෙලාවක් නොයාම බලු පැටියා උගේ වෙස් පෙරලුවා. එතන තවදුරටත් හිටියේ බලු පැටියෙක් නෙවෙයි. එතන හිටියේ චිමෙරා.රෞද්‍ර දෑසින් වීරයෝ දිහා බලාගෙන ඌ හිටියේ මොකාවද මුලින් කන්නේ කියලා පරීක්ෂා කරනවා වගෙයි.

කාවද ළමයි මුලින්ව කෑමට දෙන්නේ යෑන්ව හොඳයි ද? කොහොමත් කට වැඩී නේ නේද?

ඊළඟට කට්ටියම තත්පරෙන් තමන්ගේ ආයුධ එළියට ඇද්දේ චිමෙරව පරලොව යවන්න වුනත් එකපාර සිද්ධ වුන භූ කම්පනයෙන් කට්ටියම පොඩ්ඩක් ගැස්සුනා.


ඒක හිතන්න ගියොත් චිමරා කෙසේ වෙතත් තමන් පරලොව යනවා කියන්න වීරයෝ හත්දෙනාම දැනගෙන හිටියා වෙද්දී ඒ ක්ෂණිකව සටන පටන් ගත්තෙ චිමෙරගේ විෂ සහිත ගිනිදැලුත් වීරයන්ට එල්ල වෙද්දී .සැරින් සැරේ කම්පනය වෙන පොළොවත් වීරයන්ට ආතල් දෙනවා දෝ කියලා සාදාරණ සැකයක් කට්ටියගෙම හිතේ ඇති වුණත් විනාඩි ගානකින් කට්ටියට තේරුණා පොළොව තමන්ට ආතල් දෙනව නෙවෙයි ඒ සයික්ලොප්ස් කෙනෙක් කියලා.


එක පාරට දිව්‍යඥානය පහළ වුණා කියලා හිතන්න එපා ඉතිං දැන් ඔයැයිලා හරිද? ඌ අපි ඉස්සරහට තඩි මුගුරකුත් අරගෙන ආවා ඒ නිසායි හරිද ?


අලි මදිවට කොටි කියලා දැන් සයික්ලොප්සුත් උගේ මහා මෙහෙයුම් පටන් අරන් තිබුණේ.යෑනුයි මේධායි අහසින් ගිහින් ඌට පහර දෙන අතරේ චිමෙරාගේ ගිනිදැල් වලිනුත් අපේ වීරයන්ව මරන්නමයි හදන්නේ.


මාර ගේමක් දීලා යෑන් සයික්ලොප්ස් ලොක්කව අන්ධ කරද්දි කේෂිගෙයි මේධාගෙයි කඩු කිනිසි රහ බලලම ඌ බොහොම සතුටින් අවසන් ගමන් ගියා. ඒත් සටන නම් ඉවර නෑ. වීරයෝ හත්දෙනාම චිමෙරට විරුද්ධව සටනක.


එහෙමයි කියලා උඌ සටන අත් හරියිද? නෑ ඒත් නෑ ඉතින්.


චිමෙරගේ සර්ප වලිගෙත් එක්ක ඔට්ටු වුන යෑන් ඒක කපන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. පැයකට ආසන්නව සටන ඇවිලුණත් චිමෙරාට වෙච්ච හානියක් නම් නෑ.වෙන්න ඕන සේරම අලාභ හානි වෙලා තිබුණේ වීරයන්ටම තමයි.අන්තිමේදී අදෘශ්‍යමාන වුණ ඇනබෙත් එයාගේ කිනිස්ස චිමෙරගේ බෙල්ල හරහා යවද්දි පර්සිගේ රිප්ටයිට් එකේ රහත් චිමෙරගෙ පපු කුහරයටම අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති.


චිමෙරාත් ටටරස්වලට නොමිලේම අපේ වීරයන්ගේ ගානේ ට්‍රිප් එක යද්දි හේෂිගේ අතක් ලාවට පිළිස්සිලා තිබුණේ උගේ විෂවලට. ඇම්බ්‍රෝසියා කෑල්ලක් කාපු හේෂිට යම් තරමකට සුවයක් දැනුනත් විෂ වෙනුවෙන් කරන්න වෙන දෙයක් තිබුණේ නෑ.


විනාඩි දහයක විතර විවේකයකින් පස්සේ කට්ටිය ආයෙම කැලේ ඇතුලටම ඇවිද්දාදවල් කෑමවත් නොගෙන ඇවිද්දා. යෑන්ගෙ වුණත් කට වැහිල තිබුණේ මේක විහිළු කරන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා තේරුම් ගත්ත නිසා වෙන්න ඇති.


ඇපලෝ තමන්ගේ දවසේ රාජකාරි කරලා ඉවරවෙලා සමුගෙන යද්දි මුළු කැලේම කළුවරින් වැහිලා ඉවරයි.අඳුර මැද දිලිසෙන කඩු ටිකට පින් සිද්ධ වෙන්න වීරයෝ ටික තාමත් කැලේ ඇතුළටම යමින් හිටියා.අතරින් පතර ගස් අතරින් පෙරිලා එන සඳ එළිය වීරයන්ට ප්‍රමාණවත් වුණේ නෑ.එහෙමයි කියලා කට්ටිය තමන්ගේ ගමන නැවැත්තුවෙත් නෑ.


කකුල්වලට තවත් යන්න බෑ කියලා කියනකල් ම කට්ටිය ඇවිද්දා.අන්තිමට යන්තම් ගස්කොලන්වලින් අඩු තැනකට ඇවිත් තමන්ගේ ගමන නවත්තපු කට්ටිය කේක්වලින් තමන්ගේ රෑ කෑම වේල සපුරා ගත්තා.


ලාවට පොළොවට වැටෙන සඳ එළිය,අතොරක් නැතුව ඇහෙන රැහැයි හඬ,හෙමීට හමාගෙන යන සුළඟ,මේ සේරම දේවල් මැද එක් වීරයෙක්ගේ ආරක්ෂාව සහිතව කට්ටිය ම විවේක ගත්තා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පාතාල ලෝකෙට පිවිසෙද්දි කවුරුහරි සදහටම පාතාල ලෝකෙට ගිහින් ඉඳීද දන්නේ නෑ .එහෙම යනවා නම් කවුරු වගේද යන්න හොඳ.
වෙලාවකට හිතෙනවා ඔන්න ඔහේ මේ පාර නපුරට දිනුම දෙමුද කියලා.හැමදාම වීරයෝ ම දිනලත් හරියන්නේ නෑ නේ නේද?
එහෙනම් ටටා බායි.පරිස්සමින් ඉන්න.

මම නුවී💫

Report Page