The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසි නවවන කොටස


ඔය විදිහට එදා දවස ගෙවිලා ගියා.


පහුවදත් සුපුරුදු විදියට ම ඇපලෝ අහස ආලෝකමත් කරද්දි අපේ වීරයෝ හත් දෙනාගෙන් එකා දෙන්නා මල් සොයා ඇදෙන බඹරුන් මෙන් නැව් තට්ටුව මතට වාර්තා කරන ගමන් හිටියේ ඇපලෝගේ රශ්මිය විඳගන්න.ඒ වෙද්දිත් නිකෝ හිටියේ නැව් තට්ටුවේ.

මතකයිනේ යෑන්ගෙන් පස්සේ නැව ආරක්ෂා කරන්න බාරගත්තේ නිකෝ කියලා.ඉතිං එයා තාමත් ඇහැරිලා.පව් නේද? පැය හතරක් ඇහැරන් ඉන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි නේ.ඒකත් මේ හොඳට නින්ද යන මහ පාන්දර.

කොහොමින් කොහොම හරි ඇපලෝටත් ආයුබෝවන් සුබ උදෑසනක් කියලා කට්ටිය ම ලෑස්ති වුණේ තම තමන්ගේ බඩේ ඉන්න හිඟන්නන්ට කෑම දෙන්න.


" මං පහළට ගිහින් ටිකකින් එන්නම්." කෑම කාලා ඉවර වෙලා නැගිටින ගමන් නිකෝ කිව්වා.එහෙම කියපු ක්ෂණික උත්තරයක් දෙන්නත් කලින් නිකෝ පහළට ගිහිනුත් ඉවරයි.


" හරි එතකොට අපි...." පර්සිට කියන්න හදපු දේවත් කියලා ඉවර කරන්න නොදීම,


" කියූට කතා කරන්න තියෙනවා.ඒක අමතක කරන්න එපා." එහෙම කියපු යෑන් කොල්ලා මැදින් පැනලා ඇඩ් එකක් දැම්මා නේ ළමයි.


" ඒක තමයි බූරුවෝ කියන්න ගියේ." පර්සි කිව්වා.


" මේ මේ මං බූරුවෙක් නෙවෙයි." යෑන් කිව්වා.


කිසිම දෙයක් නොකියපු පර්සි වතුර බිංදුව බිංදුව ගානේ උඩට ගත්තේ ඒවට ඉර එළිය වැටිලා දේදුන්නක් මැවෙද්දි.තමන් ගාව තිබුණ රන් ඩ්‍රච්මාවක් වතුරට විසික් කරපු ඇනබෙත්,


" කියුරි,අර්ධ ලෝහිත කඳවුර, ලෝන්ග් අයිලන්ඩ් තීරය" කියලා කිව්වා.


විනාඩියක් විතර යද්දි කට්ටියම හිටියේ තමන්ට හුරු පුරුදු අර්ධ ලෝහිත කඳවුරේ ලස්සන ම ලස්සන දර්ශන රස විඳින ගමන්.ටිකකින් කට්ට්යටම පෙනුණේ පඹයෝ ගොඩකගේ මරණ චාරිත්‍ර කරන කියුට් කෙල්ලෙක්ව. මූණත් රතු කරගෙන අර පඹයන්ව පරලොව යවන ගමන් තමයි එයා හිටියේ.


කියූව දැක්කා විතරයි සතුට ඉහවහා ගියපු යෑන් බැලුම් බෝලයක් වගේ පිම්බිලා පිම්බිලා පුපුරලා මැරුණා.

එයාගේ කතාව ක්ලෝස්.

නෑ නෑ ඉතිං එහෙම වුණේ නෑ.


කියූව දැක්කා විතරයි සතුට ඉහවහා ගියපු යෑන් 'කියූ' කියලා කෑ ගැහුවේ අනිත් අයගේ කන් කීන් ගාද්දි.ඒ සද්දෙට ගැස්සුණ කියූත් බැලුවේ තමන්ගේ මොංගල් අයියගේ කටහඬ ඇහුනේ කොහෙන්ද කියලා වෙද්දී කටහඬ ආපු ප්‍රභවය හොයා ගත්තු කියූත් ආපිට " අයියා" කියලා කෑ ගැහුවා.


හේෂි නම් හිටියේ ඉතිං කරකවලා අත ඇරියා වගේ.

ඇයි ඉතිං එයා කියූව දන්නවැයි.

ඒක තේරුම් ගත්ත මේධා,


" ඒ ඉන්නේ මගේ නංගි." කියලා කිව්වා.


පුදුමෙන් යෑන් දිහායි මේධා දිහායි බලපු හේෂිට,කේෂි කිව්වේ

" ඔව් ඔව් හේෂියෝ මෙහෙම හිටියට යෑනුයි මේධායි කියන්නේ වගකීම් සහගත පුරවැසියෝ දෙන්නෙක්." කියලා.


යෑන්ව දැක්කට පස්සෙ තමයි කියූ අපේ මේධා කෙල්ලව දැක්කෙ,ඒත් එක්කම,


" අනේ! මේ ඉන්නේ මගේ සුදු අක්කි බබා.ඔයාට කියන්න අක්කේ ඔයැයිගේ අර එලාම් පොඩ්ඩ නැතුව මට නිකන් කෑවේ නෑ වගේ අප්පා." කියූ කියවන්න ගත්තේ යෑන්ට හරියනම කටක් කියලා හේෂිට හිතෙද්දි.ඒත් එක්කම හේෂිටත් ඉස්සර එයාගේ කියවිල්ල මතක් වුණා.


" ආ..මෙ ඉන්නේ අර ඔයාලගේ යාළුවාද? අනෙ එයා හරි ශෝක් නේ." කියූ කිව්වේ හේෂිව දැක්ක පාර හිනාවෙලා.


හේෂිත් කියූට හරි ලස්සන හිනාවක් දුන්නා.


" ඔයත් ලස්සනයි හිනාවත් ලස්සනයි." කියූ ආයෙම කිව්වා.


" ලස්සන වුණාට වැඩක් නෑ කියූ මේ ත්‍රිබල ම එකතු වෙලා මට කරන්නේ ම වෙනස්කම්." යෑන් පොඩි එකෙක් වගේ කියූට නෝක්කාඩු කිව්වා.


" අනා..මගේ අයියට මෙයැයිල වෙනස්කම් කරනවද? කෝ එන්න බබා නළවන්න." කියූ කිව්වා.


" ඔයත් හවුල් වුණාද දැන්" යෑන් ඇහුවා.


" ඔය වෙනස්කම් දරන්න බැයි නම් එන්න ඔයා මෙහෙ.මෙහෙ ඉන්නවා නේ ඉතිං කට්ටිය ඔයාව මල් බොකි දීලා පිළිගන්න.මට මතකයි නේ එකපාරක්..." කියූ කියවගෙන යද්දි,


" හා හා ඇති ඇති." යෑන් කිව්වා.


" කොහොමද ඔහේ තත්වේ කියූ?" මේධා ඇහුවා.


" මෙහෙද? කියලා වැඩක් නෑ අක්කියෝ.දවසකට එක රාක්ෂයෙක් හරි අනිවා එනවා මේ අහිංසක සූටි අපිව කාලා යන්න.අපිටත් නිකන් කෑම දැක්කේ නෑ වගේ උන්ව නොදැක හිටියම.කයිරොන් කියන විදිහට ටයිපූන් අවදිවෙන්නලූ යන්නේ.හොඳම කාරණේ ඒ මදිවට එචිඩ්නාත් දැන් සියුස්ට කොන්ට්‍රෝල් නැල්ලූ.ඔක්කොම එකතු වෙලා අපිව හමගහන්න.වෙනදට වඩා රාක්ෂයොත් දැන් බලවත්.පරද්දන්න අමාරුයි.දෙවිවරු අතරත් ආයෙමත් ප්‍රශ්න වගේ." කියූ එක හුස්මට කියාගෙන ගියා.


" ඒ කියන්නේ තත්ත්වේ බරපතලයි." ඇනබෙත් කිව්වා.


" බරපතලයි කියන්නේ අතිශය බරපතලයි.ඒ මදිවට ක්ලැරිසුත්...." කියූට ඉතිරි ටික කියන්න හම්බුනේ නැත්තේ රූප බොඳවෙලා ගිහින් එයාලට හම්බුණ වෙලාව ඉවර වුණ නිසා.


" අයියෝ...අහගන්න බැරි වුණා නේ ඉතිරි ටික." යෑන් කිව්වා.


" ඔයාලා කඳවුරට කතා කරාද?" එතකොටම නිකෝ ආවේ එහෙම කියාගෙන.


" ඔව්.ඒත් එහෙ තත්ත්වේ නම් බරපතලයි." පර්සි කිව්වා.


" මං හිතන්නේ දැන් එහෙ තත්ත්වේ කෙසේ වෙතත් අපේ තත්ත්වේ නම් නරක් වෙන්න වගේ යන්නේ." කේෂි කිව්වේ නැවට ඉස්සරහින් ලාවට උඩට ඉස්සෙන වතුර රළක් දිහා බලාගෙන.


" සුනාමියක් ද? රාක්ෂයෙක්ද?" යෑන් ඇහුවා.


කවුරුත් ඒ ප්‍රශ්නෙට මොකුත්ම කිව්වේ නෑ.ඒ වෙනුවට තම තමන්ගේ ආයුධ ලෑස්ති කරගෙන බලාගෙන හිටියා.


ආයෙත් පාරක් නැවට ඉස්සරහින් අර තඩි දැල්ලෝ තුන්දෙනෙක් මතු වෙද්දි.උන් ටික නැව වටකරගත්තා.ඒත් එක්කම ඉස්සරහින් මතු වුණේ කවුරුත් නොහිතපු දෙන්නෙක්.


" Ceto සහ Phorcys!" පර්සි කිව්වේ පුදුමෙන්.


" මුහුදු දෙවියන්ගේ පුතාට අපිව මතකයි එහෙනම්." සේටෝ කිව්වා.


" ඒත්...." පර්සි තව මොනාහරි කියන්න හැදුවත්,


" හෝව්,හෝව්,ඇයි හදිස්සි.මං ඔයාලට තෑගි ගොඩක් ලෑස්ති කරා.මේ එකක්.පොඩ්ඩක් තෑගි දිහා බලලා සතුටු වෙන්නකෝ." ෆොර්සිස් කිව්වා.


" අපිට මේ තෑගිවලට සතුටු නෑ." කට පියන් ඉන්න බැරිම තැන යෑන් කිව්වා.


" ඔව් ඔව් ළමයිනේ මං දන්නවා නේ ඉතිං ඔයාලා ඒකට සතුටු නෑ කියලා.ඒත් ඉතිං අපි අතින් ම ඔයාලාව හේඩීස් ගාවට අරින්න බෑ නේ.කරන්න දෙයක් නෑ ඔය තෑගිවලින් සතුටු වෙන්න." සේටෝ කිව්වා.


එහෙම කියලා උස මුහුදු රළක් නැව දිහාට එවපු සේටෝ වගේම ෆොර්සිස් ආයෙත් මුහුද ඇතුළට ගියේ ඒත් එක්කම දැල්ලොත් තමන්ගේ රාජකාරිය පටන් ගද්දි.


. පර්සිටයි හේෂිටයි පින් සිද්ධ වෙන්න මුහුදු රලෙන් බේරුණත් දැල්ලෝ ඒ වෙද්දිත් නැව ආක්‍රමණය කරන්න පටන් අරන්.


සේටෝටයි ෆොර්සිස්ටයි පින් සිද්ධ වෙන්න හවස් වෙනකම් ම දැල්ලොත් එක්ක ඔට්ටු වෙන්න අපේ වීරයන්ට සිද්ධ වුණේ එකෙක් යද්දි තව එකෙක් ආපු නිසා.අන්තිමට ඇපලෝ මුහුදේ ගිලිලා යද්දි වීරයෝ හත්දෙනා දැල්ලෝ දහයකට වඩා මරලා දාන්න ඇති.


ඒකෙන් මේකෙන් වුණේ අද දවල් වෙද්දි යාගන්න තිබුණ ගමන
හෙටට කල් ගිය එක.ඇයි ඒ විතරක් ද අපේ වීරයන්ට දවල් කෑම එකත් මිස් වුණා.


නැව ආයෙත් පුරුදු විදිහටම ඉස්සරහට ඇදෙද්දි කට්ටියම නැව් තට්ටුව මත හති ඇරියා.


කිසිම කතාවක් නැතුවම ගෙවිලා ගිය පැය තුන හතරකට පස්සේ නිකෝ කිව්වේ කට්ටියම දූපතට කිට්ටු වෙලා කියලා.


" හරි,අපි නැංගුරම් දාමු එහෙනම්." පර්සි කිව්වේ දූපත ළඟට ම කිට්ටු කරලා.


මොනා වුණත් කට්ටිය දවස ඇතුළත දූපතට ආවත් දූපතට ගොඩබහින එක හෙටට කල් දාන්න වුණේ ඒ වෙද්දිත් කරුවල වැටිලා තිබුණ නිසා.සේටෝගේ තෑගි ගැන තිබුණ විශ්වාසය නිසාම හෙට වෙනකම් අවට ගැන සෝදිසියෙන් ඉන්න පර්සි,ඇනබෙත් එක්ක හේෂියි මේධායි භාර ගත්තා.


අනිත් අය පහළට විවේක ගන්න ගියේ හෙට මූණ දෙන්න වෙන දේවල්වලට විවේකය පොඩ්ඩක් හරි ඕන වුණ නිසා.


" හරි අපිත් එහෙනම් එක්කෙනෙක් පැය දෙක ගානේ ඇහැරලා ඉමු.එහෙම හොඳයි නේ." ඇනබෙත් යෝජනා කරා.


" හරි එහෙම කරමු." කට්ටියම ඒකට කැමති වුණා.


මුල්ම වටේ පර්සි භාරගත්තා.


පැය දෙකින් දෙකට ඇහැරිලා ඉන්න අපේ වීරයෝ හතර දෙනා ගේ ආරක්ෂාව මැද්දේ අනිත් අය විවේක ගද්දි රාත්‍රිය ගෙවිලා ගිහින් පහුවදාට ඉර අහස එළිය කරේ කට්ටියට ම තමන්ගේ ගවේෂණේ ඉවර කරන්න තව තියෙන්නේ දවස් හයක කාලයක් කියලා මතක් කරලා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ඉතින් ඉතිරි දවස් හයේ මොකක් වෙයිද? මොන වගේ තෑගි මෙයාලට ලැබෙයිද?
ඉස්සරහට තමා ඔය සේරම බලන්න වෙන්නේ.හැබැයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ තෑගිවලට ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වෙයි කියලා.
එහෙනම් ටටා බායි.පරිස්සමින් ඉන්න.

මම නුවී💫


Report Page