The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසි අටවන කොටස


යන්තම් ඉර බහින්න ගද්දිත් එදා දවසටම වුණ එකම රාක්ෂ ප්‍රහාරය දැල්ලොන්ගේ වුණ එක නම් කට්ටියටම පුදුමයි.මොකද ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ නේ.


කොහොම වුණත් අවදානමට පෙර සූදානම කියලා කට්ටියම හිටියේ ( හේෂි,මේදා,කේෂි ඇර හොඳේ.මොකෝ ඉතිං ඒ තුන්දෙනා දිගටම මායා ස්වරූපෙන් ඉන්න යෑ.) තමන්ගේ ආයුධත් ලෑස්ති කරගෙන.මොකෝ ඉතිං කොයි වෙලේ රාක්ෂයෙක් කඩන්පාත් වෙයිද දන්නේ නෑ නේ.


හැබැයි ඉතිං ළමයි ඔයැයිලා දන්නවා නේ යෑන්ට කටපියාගෙන ඉන්නවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා.ඉතිං ඉතිං ඔන්න ඔහේ අර තුන්දෙනාගේ රැවිලිවලට බම්බු ගහගන්න කියලා යෑන් කට ඇරියා එයාගේ උත්තම රාජකාරිය ඉටු කරන්න.


" අද දවසට මෙච්චරයි ද? මොනා වුණත් මං මීට වඩා බලාපොරොත්තු වුණා." අනිත් අය බැහැගෙන යන ඉර දිහා බලන් ඉද්දි යෑන් කිව්වේ හැමෝම යෑන් දිහා බලද්දි.


" ඇයි ඔහොම බලන්නේ? කොල්ලා ලස්සනයි කියලා ඔහොම බලන එක හරි නෑ නේ ඉතිං." යෑන් කිව්වා.


" උගුඩුවෝ දිහා බලන්න අපිට වෙන වැඩ නෑ නේ." පර්සි කිව්වා.


" වෙන වැඩ නැත්තම් මොකටද දන්නේ නෑ බලන් හිටියේ? " යෑන් ඇහුවා.


" බලන් හිටියේද? ඇත්තටම තමුන්ට වෙන කිසිම දෙයක් තිබුණේ නැද්ද කියන්න.අම්මපා යෑන් මට හිතෙනවා තමුන්ව මුහුද මැද අත ඇරලා යන්න." පර්සි කිව්වා.


දැන් කොහොමත් මෙතන ඉතාමත් සුහද වචන හුවමාරුවක් වෙන්න නියමිත බව දන්න නිසාම ඇනබෙත් වගේ ම කේෂිත් එතනින් ගියේ රෑ කෑම ලෑස්ති කරන්න.

මොකටද නේද ළමයි නිකන් ඔය රණ්ඩුවලට කන් දෙන්නේ.එහෙම කිව්වට බෑනේ ඉතිං මං ඔයලට වළියක රසත් ගේන්න එපැයි.සරි සරි ආයෙත් වළියට.


" මාව මුහුද මැද අත ඇරලා යන්න! හා.කෝ.ඒවනම් හදේ තමයි හොඳේ.අමතකද මට පුළුවන් පියාඹන්න හරියෑ.අනික ඉතිං ඔයාගේ නංගිගේ ජීවිතේට ඔයා මට ණයයි හරිද? " යෑන් කිව්වේ ඇහිබැමක් උස්සලා.


" හේෂිගේ ජීවිතේට කොහොමද මං ඔයාට ණය වෙන්නේ ආ?" පර්සි ඇහුවා.


" ඒක අහන ලස්සන.ඇයි දෙයියනේ අච්චර කට්ටක් කාලා කුරුමිට්ටෙක්ටත් ගේමක් දීලා මෙයාගේ පරණ මතකේ අරගෙන අවේ මං නේ.ඒ විතරක් යෑ මං නැත්තම් පුළුවන් වෙයි ඔයාලට මෙයාව නැගිට්ටවන්න." යෑන් කිව්වේ මහ නෝන්ඩි හිනාවක් දාලා වෙද්දි, පර්සි යෑන්ටත් ඔරවලා පැත්තකට වුණා.


" ඇත්ත කිව්වම ඔරවන්න එපා ඉතිං." යෑන් කිව්වා.


" තමුසෙට නම් තියෙන්නේ කටක් නෙවෙයි වක්කඩක්." පර්සි කිව්වා.


" ඒ වුණාට යෑන් ඔයා කියන විදිහට මගේ ජීවිතේට ඔයාට තිබ්බ ඔය ණය තමුන් අර කරපු ගොන් තකතීරු වැඩේට හිලවු විදිහට කැපිලා ගියා.හරිද ? " කට වහගෙන සේරම අහන් හිටපු හේෂි කිව්වා.


" අඩේහ් ඒක යකාගේ කතාවක් නේ." යෑන් එහෙම කියද්දි,


" නෑ නෑ ඒක හේෂිගේ කතාවක්." හේෂි කිව්වා.


" ඇත් ද මෙතන මාව ණය කාරයෙක් කරන්න ආවා." පර්සි කිව්වා.


" ඇති නෑ මදි.කොහොම වුණත් ඔය අයියයි නංගියි ඩබලම මට ණයයි." යෑන් කිව්වේ ඒක තමයි අන්තිම තීරණේ වගේ.


" අයියෝ මොකක් ද අනේ අදත් පටන් ගත්තද රණ්ඩු වෙන්න පොඩි උන් වගේ.වෙනදා නම් පර්සි විතරයි යෑන්ගේ හරහට.දැන් අයියයි නංගියි ඩබලම පටන් ගත්තද යෑන්ව අවුස්සන්න." රෑ කෑමත් එතනට අරගෙන එන ගමන් ඇනබෙත් කිව්වා.කේෂිත් එයාගේ පස්සෙන් ම ඇවිත් මේධාගේ කරට අතක් දා ගත්තා.


" අන්න අන්න ඉතිං වැරදිනේ කතාව.මොකෝ අවුස්සන්න මං කුණු ගොඩක් යෑ." යෑන් කිව්වා.


" හිත රිදෙයි කියලා නොකිව්වට ඒක එහෙම තමයි." මේධා කිව්වා වෙද්දි,


" ඔයත් එහෙමයි නේ.මේ සහෝදරයට කැපිල්ල නේ.ඔහොම යන්කෝ.කොහොමත් කියූ විතරයි මට ආදරේ.එයත් හිටිය නම්." යෑන් කිව්වා.


" කියූ කිව්වම මතක් වුණේ.කඳවුරට කතා කරලා බලමුද?" කේෂි කිව්වා.


" ගුඩ් අයිඩියා." යෑන් එහෙම කැමැත්ත පල කරද්දි,


" හරි දැන් රෑට කෑම කන්න කෝ. හෙට උදේට කතා කරමු." ඇනබෙත් කිව්වා.


ඊට පස්සේ කට්ටියම වටවෙලා කෑම ටිකට වග කිව්වා ඉතිං.

ඕවා දකිද්දි මං නොකා ඉන්නද ළමයි.එහෙම කරන්න බෑ නේ.

" මොනා වුණත් අපිට මෙහෙම කන්න වෙලාවක් දෙන්න තරම් රාක්ෂයෝ ආචාරශීලී වුණ එක ගැන නම් මට සතුටුයි." යෑන් කිව්වේ කෑම එක කාලා ඉවර කරන ගමන්.


" රක්ෂයෝ මතක් නොකර තමුන්ට ඉන්න ම බෑ ද? " පර්සි ඇහුවා.


" මොකෝ බැරි මට පුළුවන්." යෑන් කිව්වා.


" එහෙනම් ඒ විදිහට ඉන්නවා." පර්සි කිව්වා.


" හාකෝ ඉතිං." යෑන් කිව්වා.


ඇපලෝට ටටා කියලා ආර්ටෙමිස් කට්ටියට ම හායි කියද්දිත් අපේ වීරයන්ට රාක්ෂයන්ගෙන් කිසිම කරදරයක් වුණේ නෑ ලු ඉතිං.

ඒකත් හොඳයි එක අතකට.නැත්තම් ඉතිං ඒ පොළොස් කොට්ටෝරුවන්ගෙන් මමත් බැට කන්න එපැයි.ඔය සටනකදි මට මොකක් හරි වුණා කාට කියන්නද නේ.ඔයැයිලට කතාවේ ඉතිරි ටික කියන්නත් කෙනෙක් නැති වෙනවා නේ.ඒ නිසා රාක්ෂයෝ ඕන නෑ.

කට්ටියම කතා කර කර හිටියේ ඊළඟට එයාලා කරන දේවල් ගැන.

ඒවා රහස් හොඳේ.ඔයාලා රාක්ෂයන්ට ඔත්තු දුන්නොත් එහෙම.


" දැන් ඉතිං කවුද පළවෙනි වටය නිදි මරන්නේ?" ඇනබෙත් ඇහුවා.


" මං කරන්නම්." හේෂි කිව්වා.


" ඔව් ඉතිං මෙයාට නම් නිදිමත නැතුව ඇතී.අවුරුද්දක් නිදා ගත්තා නේ." යෑන් කිව්වා.


" ඒකත් එක හේතුවක්." හේෂි කිව්වා.


" ඈ."


" මං කිව්වේ අවුරුද්දක් ම නිදා ගත්ත නිසා දැන් මට ඕන ඇහැරිලා ඉන්න.අවුරුද්දක් තිස්සේ බලාගන්න බැරි වුණ ගොඩක් දේවල් තියෙනවා දැන් බලාගන්න." හේෂි කිව්වා.


" හරි එහෙනම් දෙවෙනි පැය හතර මං වැඩේ බාර ගන්නම්." යෑන් කිව්වා.


" දෙයියනේ මා මේ දකින්නේ ස්වප්නයක් ද? කවුරුහරි මාව කොනිත්තන්න." කේෂි කිව්වා.


" ඒ පාර මොකද?" යෑන් ඇහුවේ රවාගෙන.


" නෑ ඉතිං එක්කෙනෙක් සිය කැමැත්තෙන් ම නින්ද කැප කරන්න කැමති වුණා නේ.ඒකයි." කේෂි කිව්වේ මේධා යෑන් දිහා ඇද්ද අහගත්තා වගේ බැල්මකින් බලන් ඉද්දි.


" අපහාස කරලා ඉවරද? තව තියෙනවද?" යෑන් ඒක නම් කිව්වේ තරමක කේන්තියෙන් කියන්න කාටත් තේරුණා.


" අපහාස! ඔයාට! අපෝ නෑ අපහාස නොව උපහාස පමණයි." කේෂි කිව්වා.


" ඇත්තද? හා.මං යනවා යන්න." යෑන් එහෙම කියලා එතනින් නැගිටලා ගියේ අනිත් අය ඒ මොකද වුණේ කියලා බලන් ඉද්දි.ඇයි ඉතිං යෑන් කියන්නේ එච්චර පොඩි දේකට කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි නෙ.


" ඒ මොකද ඒ වුණේ? එයාට එච්චර තරහ යන්න දෙයක් මං කිව්වද?" කේෂි ඇහුවා.


" මටත් හිතාගන්න බෑ." මේධා කිව්වා.


" කට්ටියම එහෙනම් දැන් ටිකක් විවේක ගන්න.හෙට අපිට ඉන්න වෙන්නේ පාතාලේ වෙන්න පුළුවන්." පර්සි කිව්වා.


ඇනබෙත්,පර්සි වගේ ම නිකෝත් ගියාට පස්සේ,


" අපි ගියාට කමක් නැද්ද?" මේධායි කේෂියි එහෙම ඇහුවේ හේෂිගෙන්.


" කමක් නෑ මං ආසයි මේ එළියේ ටිකක් වෙලා ඉන්න." හේෂි කිව්වා.


ඒ දෙන්නත් ගියාට පස්සේ හේෂි හඳ දිහා බලාගෙන හිටියා.හඳ එළිය වැටිලා දිලිසෙන මුහුද වුණත් මාරම ලස්සනයි.හෙමීට තමන්ගේ හිත කිඳුරු රාජධානියට යොමු කරපු හේෂි ඒ තුලින් මතක මාළිගාව තුළට ගියා.


මතක මාළිගාව හිස් වුණත් ඒකේ මතක තාමත් බොඳ වෙවී දිස්නේ දුන්නා.මතක වෘක්ෂයට තවත් එක මතක පත්‍රයක් එකතු වෙලා තිබුණා වෙද්දි ඒ මතකය ඇලන්ගේ කියන්න හේෂි දැනගෙන හිටියා


" එයත් ආයෙම ඉපදෙයි කවදාහරි." හේෂි තමන්ට ම කියාගත්තා.


මතක මාළිගාවෙන් එළියේ කිඳුරු රාජධානියේ සැරිසරපු හේෂි දැක්කා යුද්ධයට ආයුධ ලෑස්ති කරන කිඳුරන්ව.


කිඳුරු රාජධානියෙන් හිත මුදව ගත්ත හේෂි ආයෙත් හිටියේ අහසේ තියෙන එක එක තරු රටා බලන ගමන්.ගොඩ කාලෙකට පස්සේ හේෂිට ආයෙම එයාගේ උපදෙවියෙක් කියලා දැනගන්න කලින් ජීවිතේ මතක් වුණා.


පැයක් විතරම අහස දිහා බලාගෙන හේෂි අහසේ තියෙන තරු ගැන්නා.

මොකෝ ඉතිං කරන්න වෙන වැඩක් තියෙනවා යැයි.


ඉතිරි පැය හේෂි ගෙවා ගත්තේ මුහුදේ තියෙන වතුරවලින් එක එක රටා හද හද.ඒකත් එපා වුණ තැන හේෂි ඇවිත් නැව් තට්ටුවේ දිගා වෙලා අහස දිහා බලන් හිටියා.ඔහොම ඉන්නැද්දි දන්නෙම නැතුව හේෂිගේ ඇස් පියවෙලා.


" මරු කෙනාටනේ අපිත් මුර කරන්න දීලා තියෙන්නේ.මෙන්න මෙයා නිදි." යෑන් ඇවිත් එහෙම කියද්දි ඒ ටකරන් වොයිස් එකට තමා හේෂි ඇස් ඇරියේ.


යෑන්ටත් රවාගෙනම හේෂි නැගිටලා නැව් තට්ටුවේ ඉඳ ගත්තා.


" ඉස්සර වගේ තාමත් රැවිල්ල නම් තියේ නේ." යෑන් ඇහුවා.


" ඒවා එහෙම නැති වෙන්නේ නෑ.ඒකනේ තමුන්ගෙත් මෝඩ ගති තාම තියෙන්නේ."


" ඇත්තද?"


"ඔව්.ඒක නෙමේ කලින් අර තරහ ගියේ මොකෝ කලින් ආත්මේ අපි තුන්දෙනා එකතු වෙලා ඉයුරාන්ට කරපු විහිළුවක්වත් මතක් වුණාද?"


" එකක් නෙවෙයි හොඳවයින් දෙක තුනක් ම මතක් වුණා."


ඔය විදිහට යෑන් එක්ක පැය දෙකක් විතර කතා කර කර හිටපු හේෂි ගියා විවේක ගන්න.තමන්ගේ ඉතිරි පැයත් ඉවර කරලා යෑන් විවේක ගන්න යද්දි ඊළඟට නිකෝ ඇවිත් වැඩ භාර ගත්තා.


ඔය විදිහට එදා දවස ගෙවිලා ගියා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පාතාල ලෝකේ සවාරියකින් හම්බ වෙමු එහෙනම්.එතකම් ගිහින් එන්නම්.හොඳ හොඳ රාක්ෂයෝ තාම ආවේ නෑ.මේ වෙද්දි කඳවුරට මොනා වෙලා ඇත්ද කියලත් බලමු එහෙනම් ඊළඟ කොටසෙන්.
එහෙනම් ටටා බායි.

මම නුවී💫











Report Page