The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිහත්වන කොටස


නැව බටහිරට හරවලා මෙයාලට යන්න ලැබුණේ බොහොම පොඩි දුරක්.එකපාරට ම නැව වටෙන් ම මතුවෙලා ආපු යෝධ අඬුවලින් මෙයාලගේ නැව මුහුද පතුලට ම අදින්න ගත්තා.කට්ටිය ම තම තමන්ගේ ආයුධවලින් සටන් කරන්න ගද්දී මේධා කේෂි වගේ ම හේෂිත් එයාලගේ සටන් ස්වරූපවලට මාරු වෙලා සටන් කරන්න ගත්තා.නැව අල්ලගෙන හිටපු යෝධ අඬුවලින් නැව ගලවන්න කොච්චර උත්සහ කරත් මෙයාලගේ එක කඩු පාරක්වත් ඒ දැල්ලට දැනුණ බවක් නම් කට්ටියට ම තේරුණේ නෑ.


අන්තිමට කොහොමහරි පර්සිට එක අඬුවක් කපලා දාන්න පුළුවන් වුණා වෙද්දි තවත් අඬුවකට ශොට් එක දෙන්න අපේ යෑන් කොල්ලට පුළුවන් වුණා.ඒත් කවුරුවත් නොහිතපු විදිහට මුළු වතුරම කළඹගෙන නැව ඉස්සරහින් වගේ ම පිටිපස්සෙනුත් යෝධ දැල්ලෝ දෙන්නෙක්ගේ තඩි ඔළු දෙකක් මතු වෙද්දි තමයි කට්ටියට ම තේරුණේ මේ ඉඳලා තියෙන්නෙ දැල්ලෝ දෙන්නෙක් කියන්න.


" මුන් දෙන්නා ජීවිත් වෙන්නේ වතුරේ වෙන එකේ ඔය අයියටයි නංගිටයි බැයි ද දන්නේ නෑ කතා බහ කරලා මේක විසඳගන්න." යෑන් කිව්වේ වතුරෙන් මතු වුණ යෝධ දැල්ලෝ දිහා බලාගෙන.


" තමුන් හිතුවද වතුරේ ඉන්න හැම රක්ෂයාම අපි කියන දේ අහන්න අපි උන්ට පණ දුන්නේ කියලා." පර්සි කිව්වේ යෑන් දිහා බලාගෙන.


" කවුද දන්නේ පණ දුන්නද කියලා.මොකෝ අපි බලාගෙන හිටියැයි." යෑන් පර්සිට නොදෙවෙනිව කියද්දී,


" සියෑන් තමුන්ගේ කට වහගෙන ඉන්නවා." හේෂි කිව්වේ යෑන්ට හොඳහැටි ඔරවලා.


ඒත් එක්ක යෑන් කුටු කුටු ගගා මොනාද කිව්වත් ඒක මටවත් ඇහුණේ නෑ.


ඒ නිසා ඔයාලට කියන්න වෙන්නෙත් නැ.ඔයලා කැමති දෙයක් හිතාගන්න.


යෑන් කුටු කුටු ගගා ඉන්න අතරේ වැඩට බැස්ස පර්සි වගේම හේෂිත් වතුර තරංගවලින් යෝධ දැල්ලව නැවෙන් ඈත් කරන්න හැදුවත් උගේ ඉතිරි අඩු නැව තදට අල්ලගෙන හිටපු නිසා ඒක සාර්ථක වෙන පාටක් පෙනුණේ නෑ.


ඒක තේරුම් ගත්ත අනිත් කට්ටියම අඬු කපලා දාන්න හැදුවත් එක කඩු පාරක් කොහොමටවත් ඒකට ප්‍රමාණවත් වුණේ නෑ.නැව අඩුවලින් අල්ලගෙන හිටපු නිසා ඒකෙන් නැවටත් හානි වෙන්න තිබුණා.


නැවේ ඉඳන් මේක කරන්න බෑ කියලා තේරුම් ගත්ත මේධායි යෑනුයි සුළං ආධාර කරගෙන අහසට නැගුණේ දැල්ලගේ අඬු කපලා විනාශ කරන්න.ඒ අතරේ කේෂි එයාගේ ගින්දරවලින් එක දැල්ලෙක්ගේ මූණ පුච්චන්න වුණේ දැල්ලගේ අවධානේ ටික ටික නැවෙන් ඈත් වෙද්දි.ඒත් එක්කම උගේ ග්‍රහණයෙන් නැව නිදහස් වෙද්දි උගේ අඬු ටික කපන්න යෑන්ට ගියේ හිතුවටත් වඩා අඩු කාලයක්.

හිතුවට වඩා අපේ යෑන් කොල්ලා වැඩ්ඩා නෙ.කාටද ආඩම්බර ඉතින්.


ඒත් එක්කම ඌව පර්සි මුහුදේ ඈතට ම විසික් කරලා දැම්මා.ඒ ටිකම අනිත් දැල්ලටත් සිද්ධ වෙද්දි යන්තම් නැව සුපුරුදු වේගෙන් ම ඉස්සරහට යන්න පටන් ගත්තා.


මේධා කේෂි වගේ ම හේෂිත් එයාලගේ සුපුරුදු පෙනුමට ඇවිත් නැව් තට්ටුව මත මහන්සි ඇරියා.


" මං හිතන්නේ දැන් අපේ දවල් කෑමට වෙලාව." යෑන් කිව්වෙ අනිත් අයගේ මූණු හොඳට අධ්‍යයනය කරන ගමන්.


" මං හිතන්නේ මගේ පණු පැටවුන්ටත් කෑම ඕන." කේෂිත් කිව්වෙ යෑන්ට හවුල් වෙලා.


මේ දෙන්නගේ කතාවට අනිත් අය හිනාවුණේ දෙන්නගේ බඩගින්න ගැන හොඳට දන්න හින්දා.නැව් තට්ටුවෙන් නැගිටපු ඇනබෙත් වගේම පර්සිත් ගියේ කට්ටියට ම කෑම අරන් එන්න.


එතනින් නැගිටපු හේෂිත් නැව් තට්ටුව කෙළවරට ගිහින් බලන් හිටියේ කෙළවරක් නොපෙනෙන මුහුද දිහා.හැමදාමත් කඳවුරු වෙරලේ ඉඳන් මුහුද දිහා බලන් හිටපු ඒ අතීතය හේෂිට මතක් වුණා.


" මොකෝ මොනාද කල්පනා කරන්නේ?" මේධා ඇහුවේ හේෂිගේ එහාපැත්තෙන් හිටගෙන.


" ඒක තමා මොකක් ද බර කල්පනාව?" කේෂිත් ඇහුවා.


" ඉස්සර දවස් මතක් වුණා මුහුද දිහා බලාගෙන හිටපු." හේෂි කිව්වා.


" හිතන්න එපා කෙල්ලේ.ඉස්සරහට ඒ වගේ තව දවස් ගොඩක් එයි." කේෂි කිව්වා.


" අනිවාර්යයෙන්ම." මේධාත් ඒ කියමන අනුමත කරා.


මේ තුන්දෙනත් වෙනම සාකච්චාවක ඉන්න අතරේ නැව් තට්ටුවේ වාඩි වෙලා වේලි වේලි ඉන්න වුණේ යෑන් කොල්ලටයි නිකෝටයි.හොඳ වෙලාවට ඒත් එක්කම රස නහර පිනා යන කෑම වේලක් මෙතෙන්ට ආවා.


" ඉක්මනට එනවා නම් එන්න.කෑම නැති වුණොත් මම දන්නෙ නෑ." යෑන් කෑ ගහලා කිව්වේ කේෂි ඒ ක්ෂණිකව ඇවිත් එතනින් වාඩි වෙද්දි.සෙට් එකේ හිටපු මේධා ඉස්සර ඉඳන්ම සන්සුන් වුණත් සෙට් එකේ පිස්සු කෝච්චිය වුණ හේෂි නම් අවුරුද්දකින් පස්සේ මාර විදිහට සීරියස් වෙලා හිටියා.


" අවුරුද්දකට කලින් හිටපු පුංචි කටකාරී නම් දැන් වෙනස් වෙලා වගේ.නේද පර්සි?" ඇනබෙත් කිව්වේ හේෂිව පෙන්නලා.


" ඒක තමා මමත් හිතුවේ." පර්සි කිව්වා.


හේෂි මොනාහරි කියන්න කට අරිද්දි ම,


" ආ..ඒකද දැන් ඉන්නේ හේෂවි විතරක් නෙවෙයි නේ.යූගේ කොටසකුත් ඉන්නවා නේ ඒකයි." මැදට පැනලා යෑන් කිව්වේ අනිත් අයගේ ටික් බෝල ඇස් එයාගේ පැත්තට හැරෙද්දි.

මොකක් නිසා කියලද ඔයැයිලා හිතන්නේ?


කොහොම වුණත් යෑන් එයාගේ කෑම වේල රස විඳිමින් හිටපු නිසා එයාට නම් එයාගේ පැත්තට එල්ල වුණ ටික් බෝල සයිස් ඇස්ටික ගාණක් වුණේ නෑ.


" මොකක් යූ .....? " හේෂි ඇරෙන්න අනිත් හැමෝම මහ සද්දෙට එහෙම කියද්දි යෑන්ගේ අතින් කකා හිටපු කෑම එකත් අත ඇරුණා.


" පිස්සු ද අනේ ඔයාලට? මගේ කෑම එකත් වැටුණා.මොකට යූ යූ කියලා කෑ ගහනවද මන්දා." යෑන් කිව්වා.


" ඔයා යූ කිව්වෙ හේෂිට ද? ආ..." ඇනබෙත් ඇහුවා.


" මේ මං එහෙම කිව්වද? කියන්නත් ඇති.අනේ මන්දා මට මතක නෑ." යෑන් කිව්වෙ කිසි ගාණකට නැතුව.


කාට නැතත් හේෂිට නම් ඒකට ලාවට හිනා ගියේ ඉස්සර ඉයුරාන්ගේ හැසිරීම මතක් වෙලා වෙන්න ඇති.


" කොහොමහරි කමක් නෑ ඒ කතාව ඇත්ත නම්.මට දැන් හරි බඩගිනියි." කේෂි කිව්වා.


" ඔව් ඔව් අපි කමු." හේෂිත් කිව්වෙ එයාලගේ කෑම වේලට සමවැදිලා.


කට්ටියම කෑම කාලා ඉවර වෙලා ලෑස්ති පිට හිටියේ අයෙත් කොයි වෙලේ රාක්ෂ ප්‍රහාරයක් එයි ද කියලා කියන්න බැරි නිසා.


යන්තම් ඉර බහින්න ගද්දිත් එදා දවසටම වුණ එකම රාක්ෂ ප්‍රහාරය දැල්ලොන්ගේ වුණ එක නම් කට්ටියටම පුදුමයි.මොකද ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ නේ.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

අසාමාන්‍ය නිහඬ බව දරුණු කුණාටුවක පෙර නිමිත්තක් ද මන්දා ළමයි.
යුරාන්‍යාව එකපාරට ම යෑන්ට යූ වුණා නේ.ඒකත් මරු.
ඉදිරිය පිළිබඳ අදහසක් දෙන්නකේ එහෙනම්.

මම නුවී💫




Report Page