The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena

🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිහයවන කොටස


" මොකද වුණේ?" ඇනබෙත් ,පර්සි වගේ ම නිකෝත් ඇහුවේ එකවරමයි.


" මොකක් ද වුණේ කිව්වොත් මේ සේරම මෙයාගේ තකතීරු වැඩවලට පිං සිද්ධ වෙන්න තමයි." හේෂි කිව්වේ යෑන් දිහාට ඇඟිල්ලක් දික් කරලා.


" ආ...දැන් මං ද වැරදි? නැතුව හැමදේම නොකියා හංගපු ඔයා නෙවෙයි ද? ආ..තමුන් නිසාමයි තමුන්ගේ යාළුවෝ අද අර විදිහට ඉන්නේ.තමුන් මට දේවල් හැංගුවේ නැත්තම් මෙහෙම වෙන්නේ නෑ." යෑන් කිව්වෙත් තරමක් කේන්තියෙන්.


" මං මොනවද හැංගුවේ?"


" මං ගැන සම්පූර්ණ විස්තර. ඒ නිසයි මෙහෙම වුණේ.ඒක කිව්වා නම් මං අර මතකය කවදාවත් විවෘත නොකරන්න තිබුණා." යෑන් කිව්වා.


" මට කියන්න පුළුවන් සේරම මං කිව්වා."


"හරි ඔය දෙන්නගේ රණ්ඩුව නවත්තලා හරියට කියනවද මෙයාලට මොකද වුණේ කියලා." ඇනබෙත් කිව්වා.


" වුණේද? අපි මාළිගාවෙන් එද්දි යෑන් එයාලට අයිති මතක පත්‍ර තුනත් අරගෙන ඇවිත්.ඒ මතක එයාලට නොලැබී මට විතරක් ලැබුණේ ඒ මතකය මාව අවදි කරවන්න ඕන වුණ නිසා විතරයි.ඒක එයාලට ලැබෙන්න ඕන වෙලාවට ලැබෙයි.ඒත් ඒකට වෙලාව දැන් නෙවෙයි.හැබැයි ඉතිං මේ ගොං පුතා තමන්ගේ මතකය එයා තුලට අරන්.එකපාරට ම ඒ මතකය යෑන් තුළින් උඩට එන්න ගත්ත නිසායි ඒ බලය වැඩි නිසායි තමයි යෑන්ට එයාවම පාලනයක් නැති වුණේ.එතකොට මේධායි කේෂියි ගැන කියනවා නම් මට හිතාගන්න බෑ."


" හිතාගන්න බෑ කියන්නේ, " පර්සි ඇහුවා.


" මෙහෙමයි ඒක මතකයක් ම විතරක් නෙවෙයි.තවත් ආත්මයක් වගෙයි.හරියට එකම ශරීරය ඇතුළේ කාලයන් දෙකකට අයත් පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා වගේ.ඉතිං ඒක පාලනය කරගන්න අපි දෙන්නට ලේසියෙන් පුළුවන් වුණත් මේධාටයි කේෂිටයි ඒක ටිකක් අමාරු වෙයි.මොකද කිව්වොත් ආත්ම දෙකේදීම ඒ බලයන් ගොඩක් දුරට සමාන නිසා.මෙයාලට ඒක එකපාරට දරාගන්න බැරි නිසයි එයාලා මේ විදිහට ඉන්නේ.ඒක එයාලට ලැබෙන්න ඕන වෙලාවට ඒක ලැබුණම ඇති කියලා මං කිව්වේ ඒකයි.ඒ දෙන්නා ඒ මතකයන් යටපත් කරලා මේ ජීවිතයට ආය එනකම් අපිට මොකුත් කියන්න බැහැ." හේෂි කිව්වේ මේධායි කේෂියි ළඟින් දණ ගහගෙන.


" මට සමාවෙන්න." යෑන් කිව්වත්,


" වැරැද්ද කරලා සමාව ඉල්ලුවහ ම හරි යනවද? " හේෂි ඇහුවා.


" මං... මං හිතන්නේ මං ඉක්මන් වුණා වැඩියි.ඉක්මන් තීරණ ගන්න එක මං හිතන්නේ ඒක තමා මගේ දුර්වලතාවය." යෑන් කිව්වා.


" ඒක තේරුම් ගත්තා නම් දැන්වත් මොළේ ඇතුව වැඩ කරනවා යෑන්." පර්සි කිව්වා.


" එයාලාට අවුලක් නැති වෙයි." නිකෝ කිව්වා.


" මමත් එහෙම හිතනවා.හැබැයි අයියේ ඒ දෙන්නට මොනාහරි වුණොත් මම මේ යෑන්ව ඉවරයක් කරනවා." හේෂි කිව්වා.


" ඔයාට බෑ." යෑන් කිව්වා.


" ඔව් මට බෑ හැබැයි යුරාන්‍යාට පුළුවන්." හේෂි කිව්වා.


පැයක් විතර ගෙවිලා ගියත් මේධාගෙයි කේෂිගෙයි කිසිම වෙනසක් වුණේ නෑ.තව ටික වෙලාවක් ගියොත් හේෂි නම් යෑන්ව මරන සයිස් එකේ තමයි ඉන්නේ.


යෑන්ගේ වාසනාවට සියුස් යෑන්ගේ මූණ බලලා තවත් විනාඩි දහයකට විතර පස්සේ මේධාටයි කේෂිටයි යන්තම් සිහිය ආවා.


" ඇති යන්තම් ඔයාලා හොඳින්." හේෂි කිව්වේ මේධායි කේෂියි ලා හිනාවක් පාද්දි.


" හොඳ වෙලාවට සිහිය ආවේ.නැත්තම් මටයි මැරෙන්න වෙන්නේ." යෑන් කිව්වේ ආයෙත් එයාගේ සුපුරුදු චරිතය ආරූඪ කරගන්න ගමන්.


ඒ කියවිල්ලත් එක්ක තුන් දෙනා ම යෑන්ට හොඳ හැටි රවද්දී,


" යකෝ මේක මාර රැවිල්ලක් නේ.මං හිතන්නේ ඔය තුන්දෙනා අවුරුදු පන්සීයකට කලින් ඉඳන්ම ඉයුරාන්ට රැව්ව රැවිලි ටික මටත් ඉතුරු කරන් ඇවිල්ල ද කොහෙද? යෑන් කිව්වේ අනිත් අයගේ මූණු දිහත් බලලා.


ඒත් එක්කම හේෂිටයි මේධාටයි කේෂිටයි හිනා ගියේ එයාලා ගිය ආත්මෙදී යෑන්ට රවපුවා මතක් වෙලා වෙන්න ඇති.


එදා දවස ඒ විදිහට ගෙවිලා යද්දි පහුවදා උදේ වුණේ කට්ටියට ම අමාවකට තව සතියකුයි දවසකුයි විතරක් ඉතිරි වෙලා තියෙනවා කියලා මතක් කරලා.


" Good morning කට්ටියට ම." පුරුදු විදිහටම එදත් අන්තිමට ම ඇහැරිලා ආවේ යෑන්.


" දැන් හරිනේ අඩුපාඩුව." කේෂි කිව්වේ උදේ කෑම කන්න පටන් අරන්.


කට්ටිය ම කෑම කාලා එයාලගේ ඊළඟ පියවර ගැන කතා කරන්න ගත්තා.


" අපි දැන් යන්නේ පාතාල ලෝකෙට එහෙම නේ." නිකෝ ඇහුවා.


" ඔව්,ළඟ ම දොරටුව තියෙන්නේ කොහෙද? " හේෂි ඇහුවා.


" ම්ම්..ඒ දොරටුව ඇරිලා තියෙන්නේ නම් ළඟ දී.ඒක තියෙන්නේ පොඩි දූපතක.අපිට බටහිරින් වගේ."


" හොදයි අපිට යන කාලය?" ඇනබෙත් ඇහුවා.


" හෙට දවල් වෙද්දි පුළුවන් වෙයි."


" අයියේ එහෙනම් නැව හරවමු." හේෂි කිව්වා.


බටහිරට නැව හරවපු කට්ටිය ම බලන් හිටියේ එයාලගේ ඊළඟ නැවතුම හම්බ වෙනකම්.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

වීරයෝ හත්දෙනාට ඊළඟට මොනා වෙයි කියලද කට්ටිය හිතන්නේ.අදහසක් දෙන්න.

මම නුවී💫








Report Page