The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena



🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිපස්වන කොටස


ඒ වෙද්දිත් ඇපලෝ මුහුදේ ගිලෙන ගමන් හිටියේ.රත්තරන් පාටින් දිලිසුණ මුහුදේ තිබුණේ අමුතු ලස්සනක්.හරියට හේෂිව ආයෙත් මේ ලෝකෙට පිළිගන්න මුහුදත් ලෑස්තියි වගේ.


මේ වෙද්දි යෑන් හිටියේ නැව් තට්ටුව කෙළවරට ම වෙලා බැහැලා යන ඉර දිහා බලාගෙන කල්පනාවක.මොකක් හරි හේතුවකට යෑන්ට හිතුණෙම හේෂි සම්පූර්ණ කතාව නොකියා උවමනාවෙන් ම කොටසක් මඟ හැරියා කියලා.


ඉර සම්පූර්ණයෙන් ම මුහුදේ ගිලිලා අඳුර වැටෙනකම්ම නැවට කිසිම රාක්ෂයෙක්ගෙන් කරදරයක් නම් ආවේ නැති වුණත් යෑන්ගේ හිත වෙනදට වඩා අද කලබලයි.ටිකෙන් ටික හඳ අහසට ආවත් වෙනදා හඳේ තියෙන ලස්සන එදා යෑන් දැක්කේ නෑ.ටිකෙන් ටික වෙලාව ගියා.


ඒත් එකපාරට ම යෑන්ගේ ඉස්සරහින් මුහුදු රලක් ඉහළට එසවෙද්දී යෑන්ගේ අත ක්ෂණිකව තමන්ගේ කඩුව ඇදලා ඇරන් ඉවරයි.මුහුදු රළ එසවුණත් එක්කම අවට හුළඟ සැර වෙද්දි යෑන් තමන්ගේ කඩුව තද කරලා අල්ලගත්තා. යෑන් කට්ටියට ම ඒ ගැන කියන්න කට අරින්න හදද්දීම පිටිපස්සෙන් ඇහුණ හිනාවෙන සද්දෙට යෑන් අංශක 180 ක් කැරකිලා බැලුවේ කවුද කියලා.


වෙන කවුද ඉතිං අපේ මිතුරු තුන් කට්ටුව මිසක්.ඒත් එක්කම හුළඟ අඩු වෙලා මුහුදු රළ කඩන් වැටුණේ නැව් තට්ටුව අයිනෙම හිටපු යෑන්ව ලාවට තෙමන ගමන්.


" ඔබට සතුටුයි ද දැන්?" යෑන් ඇහුවේ එයා දිහා හිනාවෙවී බලන් ඉන්න තුන්දෙනාගෙන්.


" නෑ නේ.ඔයා තව ටිකක් තෙමුණා නම් සතුටු වෙන්න තිබුණා." මේධා කිව්වා.


" ඔයා දැන් යන්න යෑන්.අපි තුන්දෙනා ඉන්නම් ඊළඟ ටික." කේෂි කිව්වා.


" යවාගන්න කලින් මාව තෙමුව විදිහට ම වේලන එකයි ඇත්තේ." යෑන් කිව්වේ රවාගෙන.


" හරි." හේෂි එහෙම කියනවත් එක්කම යෑන්ව වේලුණා.


" මම යනවා.ඔයාලා ඕන එකක් කරගන්න.හැබැයි ආය ඔයලගේ විහිළුවලට මාව ගාවගන්න එපා." යෑන් එහෙම කියලා යන්න ගියා.


යෑන් යනකම් ඉඳලා හේෂි කියපු දේට කට්ටියම හිනා වුණා.


" මොනා නැතත් මේධා යෑන්ට සියුස් ගේ කුකුල් කේන්තිය නම් ඇවිත්."


ඒත් එක්කම අහසේ අකුණක් කෙටුවා.


" මං හිතන්නේ හේෂිට ආයේ ඉක්මනට අපිව දාලා යන්න ඕන නැතුව ඇති නේ." කේෂි කිව්වේ අකුණ කෙටුව දිහා බලාගෙන.


තුන්දෙනා නැව් තට්ටුව උඩ ඉඳගෙන අහස දිහා බලාගෙන කතා කරේ අවුරුද්දක් තිස්සේ වුණ දේවල්.හේෂි සේරම අහගෙන හිටියේ හඳ දිහා ම බලාගෙන.අවසානෙට,


" දෙයක් පෙන්නන්නද?" හේෂි ඇහුවා.


" මොනවද?" දෙන්නම ඇහුවේ එකට.


" බලාගන්නකෝ."


එහෙම කියලා හේෂි එයාලගේ ඉස්සරහින් උඩට එසෙව්වේ මුහුදු රළක්.ඒක ටිකෙන් ටික පාරදෘශ්‍ය වෙලා පේන්න ගත්තේ ඒ තුන්දෙනාව.හැබැයි මීට අවුරුදු පන්සීයකට කලින් ඒ තුන්දෙනාව.ඒ තුන්දෙනා හිටියේ දුන්නෙන් විඳින්න පුරුදු වෙන ගමන්.එකින් එකට ඒ තුන්දෙනාගේ ඒ කාලේ රූප මුහුදු රළ තුළින් පේන්න ගත්තා.එයාලා කඩු සටන් පුරුදු වෙනවා.එතකොට මුහුද ඇතුළේ කරපු සංචාර.අවසානෙට ම මුහුදු රළ තුළින් පෙනුණේ යෑනුත් එක්ක ඒ හතර දෙනා ම එකට ඉන්න රූපයක්.


" ඒ කාලේ මතකය අපිටත් ලැබුණා නම්." කේෂිට කියවුණා.


" ඔයාලගේ ඒ මතකය වෙලාවට ලැබෙයි.එතකම් ඒවා මතක වෘක්ෂයේ පරිස්සමට තියෙයි." හේෂි කිව්වා.


" නෑ,ඒවා මතක වෘක්ෂයේ නෑ." හේෂි කියනවත් එක්කම එයාලගේ පිටිපස්සෙන් ඇහුණේ යෑන්ගේ කටහඬ.


" මොකක්ද ඔයා කියන්නේ." හේෂි ඇහුවේ කලබලයෙන්.


" ඔයාගේ මතකය ගත්ත මම අනිත් ඒවා නොගෙන ඉඳීද? "


" ඔයාට බෑ.."


" නෑ මට පුළුවන් ඔයාමනේ කිව්වේ මතක මාළිගාවේ අනෙක් භාරකරු මම කියලා.ඉතිං මාළිගාව වගේ ම එහෙ දේවලුත් ඔයාට වගේ ම මටත් අවනතයි."


" ඒවා දැන්ම ම නිදහස් කරන්න සියෑන්.ඒවා හරි වෙලාවට ඔයාලට ලැබෙයි."


එතකොට යෑන් අතට ගත්තේ රත්තරන් පාටින් දිලිසෙන මතක පත්‍ර දෙකක්.


" කෝ අනිත් එක." හේෂි ඇහුවා.


" ඒක මේ වෙද්දිත් අදාළ කෙනා ළඟට ගිහින් ඇති." යෑන් කිව්වා.


. " ඔහ්..නෑ." එහෙම කියපු හේෂි එක පාරටම තමන්ගේ කඩුව මවාගෙන යෑන්ගේ පැත්තට පැන්නේ මේධායි කේෂියි බයෙන් බලා ඉද්දී.පැත්තකට පැන්න යෑන් කඩු පාරින් බේරුණේ නූලෙන්.


" ඕවා නිදහස් කරන්න ඉයුරාන්.ඒවා දැන් ම ලැබෙන්න ඕන නෑ." හේෂි එහෙම කියන ගමන් යැන්ගෙන් ඒවා ගන්න හැදුවත් ඒක හරි ගියේ නෑ.


" ම්හ්...මම සියෑන් හේෂි.එයාලට දැන්ම පරණය මතකය ලැබුණා කියලා වෙනසක් වෙන්නේ නෑ."


යෑන් තවමත් මතක පත්‍ර තියාගෙන ඉද්දී දෙන්නට දෙන්නා සටන් කරනවා.කවුරු දිනයි ද කියලා හිතන්න බැරි තරමට ම දෙන්නම දක්ෂයි.ඒත් අන්තිම මොහොතේ යෑන්ගේ කඩුව නැවතුණෙ හේෂිගේ බෙල්ල ළඟ.


" යෑන්..." කේෂි වගේ ම මේධාත් කැ ගැහුවේ එකට.


" ඔයාට එදා වගේම අදත් මාව පරාද කරන්න බෑ යුරාන්‍යා." යෑන් කිව්වා.


එහෙම කියන ගමන් ම යෑන් මතක පත්‍ර දෙක කේෂි වගේ ම මේධාගේ පැත්තට යැව්වේ ඒ දෙක ඒ දෙන්නා ළඟට ගිහින් අතුරුදහන් වෙද්දී.


මේධාගෙයි කේෂිගෙයි කෑ ගැහිල්ලට නැව් තට්ටුවට ආපු අනිත් තුන්දෙනා දැක්කේ හේෂිගේ බෙල්ලට කඩුව තියන් ඉන්න යෑන්ව.


ඒ වෙද්දිත් මේධා වගේ ම කේෂි හිටියේ පියවි සිහියෙන් ඈතට යන ගමන්.එකපාරට ම ඒ දෙන්නව නැව් තට්ටුව මතට කඩාගෙන වැටෙද්දී ඇනබෙත් දිව්වේ ඒ දෙන්නා ළඟට.


" යෑන් ඔය කඩුව පැත්තකට දානවා.තමුන්ට මොකද වෙලා තියෙන්නේ." පර්සි කෑ ගැහුවා.


" යෑන් නෙවෙයි ඉයුරාන්" යෑන් කිව්වේ රත්තරං පාටින් දිලිසෙන ඇස්වලින් පර්සි දිහා බලන්.ඒක දැකලා පර්සි වගේ ම නිකෝත් පුදුම වුණා.


හේෂි අතින් සන් කරේ මොකුත් කරන්න එපා කියලා.ඇස්වලින් මේධාවයි කේෂිවයි පෙන්නලා කිව්වේ ඒ දෙන්නව බලන්න කියලා.


" ඉයුරාන් සන්සුන් වෙන්න.ඔයාගේ බලය පාලනය කරගන්න.ඔයා කවුද කියලා මතක් කරන්න.මම කවුද කියලා මතක් කරන්න." හේෂි සන්සුන් කටහඬකින් එහෙම කිව්වේ යෑන් හෙමීට කඩුව අයින් කරලා ඇස් පියාගෙනම නැව් තට්ටුව මත ඉඳ ගනිද්දී.


හේෂිගේ අතක් ගිහින් යෑන්ගේ නළල මත නවතිද්දී යෑන් ඇස් ඇරියා.ඒ ඇස් ආයේ සාමාන්‍ය පෙනුමට ඇවිත් තිබුණා වෙද්දී හේෂි ඇහුවේ,


" ඔයා කවුද ?" කියලා.


" මම සියෑන්.ඒ වගේ ම ඉයුරාන්."යෑන් උත්තර දුන්නා.


" හරි." එහෙම කියපු හේෂි ගියේ සිහි නැතුව ඉන්න මේධයි කේෂියි ළඟට.


" මොකද වුණේ?" ඇනබෙත් ,පර්සි වගේ ම නිකෝත් ඇහුවේ එකවරමයි.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ඔන්න ළමයි යෑන්ටත් කලින් අත්මය මතකයි ලූ.අපරාදේ නේ කොහොමද හේෂි මැරුණා නම්.පර්සි යෑන්ව කෑලි කපයි නේ.අන්තිමට පොසෙයිඩන් සියුස් මරා ගද්දි.ආතල් නේ.
දැන් ඉතිං මේධාටයි කේෂිටයි මොකද වුණේ කියලා ඊළඟට බලමු.ඇයි මෙච්චර හේෂි එයාලගේ මතකේ එනවට බය කියලත් ඊළඟ කොටසෙන් බලමු.
එහෙනම් මම ගියා.ටටා බායි.

මම නුවී 💫









Report Page