The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිහතරවන කොටස


ඊළඟ තත්පරේම කට්ටිය ම හිටියේ එයාලගේ නැව් තට්ටුව මත.බිම වාඩිවෙලා.


" ඔහ්.අවුරුදු ගාණකින් මම මේ ඇපලෝව දකින්නේ." හේෂි කිව්වේ නැව් තට්ටුව මත දිගා වෙලා.


" ඇපලෝව විතර ද ? එතකොට අපිව?" මේධා ඇහුවේ හේෂි ළඟින් ම දිගාවෙලා.කේෂිත් හේෂිට එහා පැත්තෙන් දිගා වුණේ කාලෙකට පස්සේ මේ යාළුවෝ තුන් දෙනාගෙම මූණුවල හරි ලස්සන හිනාවක් ඇදිලා තියෙද්දී.


" ඔයාලව බලන්න නම් මම ගොඩක් වෙලාවට ආවා නේ." හේෂි කිව්වා.


" හේෂි,ඔයාගේ කතාව කියන්න ඕන නැද්ද අපිට ?" පර්සි ඇහුවා.


" හ්ම්..." බර හුස්මක් පාතට දාපු හේෂි නැව් තට්ටුව මත එරමිණිය ගොතාගෙන ආයෙමත් වාඩි වුණේ හැමෝම හේෂිව අහන්න ලෑස්ති වෙද්දී.


" යුරාන්‍යා..... මීට අවුරුදු පන්සීයකට කලින් හිටපු කිඳුරු රාජධානියේ මිනිස් භාරකරුවන් දෙදෙනාගෙන් කෙනෙක්.හරියට ම බැලුවොත් මගේ මීට අවුරුදු පන්සීයකට කලින් ආත්මේ.ඒ කාලෙදීත් මගේ හොඳම සහයිකාවෝ විදිහට හිටියේ මේධායි කේෂියි.මගේ ආරක්ෂාව භාරව හිටියේ ග්ලෝඩියා.හැම අවුරුදු පන්සීයකට ම සැරයක් තමයි මතක මාළිගාව මිනිසුන් දෙදෙනෙකුට භාර වෙන්නේ.මිනිස්සු වුණත් ඒ අය අනිත් අයට වඩා වෙනස්.මොකද එයාලට දේව ආශිර්වාදය වගේ ම දේව බලයත් උරුම වෙලා තිබුණ නිසා.ඒ කාලේ මාළිගාවේ ආරක්ෂාවට හිටපු ඇලන්ව තමයි ඔයාලට හම්බ වුණේ.කෙටියෙන් ම කිව්වොත්...


කොහොමත් අපිට කාලය වටිනාවා නේ.ඒ නිසා දිග හෑලි ඕන ම නෑ.ඉතිං එයා තමයි රක්ෂයන්ගේ මවගේ අවුරුදු ගාණක මහන්සිය.ඒ කියන්නේ මේ රාක්ෂයා එචිඩ්නාගේ දරුවෙක්.බලයන් කීපයක එකතුවක්.පෙනුම මනුස්සයෙක්ට බොහෝ දුරට සමානයි එහෙම වෙන්නේ එයා ඉපදෙන්න මනුසයෙක්ගේ රුධිරයත් බලපාලා තියෙන නිසා.මනුස්ස වගේම රාක්ෂ රුධිරයත් තියෙන නිසා එක ඇහැක් රතු වගේ ම අනික් ඇහැ නිල්.ඕන ම ආයුධයක් මවා ගන්න පුළුවන්.පියාඹන්න පුළුවන් රාක්ෂයෙක්.එයා ඉපදුණේ ම අපේ මරණය වෙනුවෙන්.කොහොමහරි අවසානෙදී එයා ඒක කරා.ඒ වගේ ම මම කිව්වා වගේම මමත් ආයේ ආවා.ඔන්න ඕකයි කතාව."

මෙන්න මෙහෙමයි කියලා හිතාගන්නකෝ


හේෂි කතාව කියලා ඉවර වෙලා කට්ටියගෙ ම මූණු බැලුවා ම නම් තේරුණේ කට්ටියට ම අහන්න දේවල් ගොඩක් තියෙනවා වගෙයි.කට්ටියගෙ ම කුතුහලයට ඉඩදීලා හේෂි කරේ බලාගෙන හිටපු එක.වැඩි වෙලාවක් යන්නත් කලින් ම පළවෙනි ප්‍රශ්නේ ආවේ කේෂිගෙන්.


"හරි එතකොට ඔය රාක්ෂයා කවුද? "


" හොඳයි.මේ වෙද්දි නම් ඒ රාක්ෂයා ආයෙත් පාරක් අපිව මරන්න බලාගෙනයි ඉන්නේ.එයාට කියන්නේ සිනේටර් කියලා." හේෂි කිව්වා.


" අපි කවදාවත් ම එහෙම රාක්ෂයෙක් ගැන ඉගෙන ගෙන වත් අහලාවත් නෑ." ඇනබෙත් කිව්වා.


" ඔව්,ඒක වෙන්න පුළුවන් මොකද කිව්වොත් සිනේටර් එළියට ආවෙම අපිව මරන්න විතරයි.කිසිම යුද්ධෙකදිවත් රාක්ෂයන්ගේ පැත්තට සිනේටර් සටන් කරලා නෑ.එචිඩ්නා වගේ ම සිනේටරුත් හිටියේ පොළොව අභ්‍යන්තරයේ.අදටත් ඒක වෙනසක් නෑ.සිනේටර් එළියට එන්නේ අපිව මරන්න විතරයි." හේෂි කිව්වා.


" හරි,ඔයා ඔක්කොම ගැන කිව්වා.එතකොට මං කවුද? මොකක් ද මේ මාළිගාවටයි මටයි තියෙන සම්බන්දේ?" යෑන් ඇහුවා.


" මතක මාළිගාවේ අනිත් මිනිස් භාරකරුවා තමයි ඔයා.ඒ මීට අවුරුදු පන්සීයකට කලින්.ඒ කාලේ ඔයාගේ නම වුණේ ඉයුරාන්. දැන් හරිද? " හේෂි කිව්වා.


" හ්ම්... ගොඩක් දුරට.." යෑන් කිව්වා.


" අනිත් දේවල් කාලයත් එක්ක හරි යාවී." හේෂි කිව්වා.


" හ්ම්...හරි එතකොට අනාවැකියෙන් කියන විදිහට වුණත් අපිට සටන් කරන්න තියෙන්නේ ටයිපූන් වගේ ම එචිඩ්නා එක්ක." පර්සි ඇහුවා.


" එහෙම තමයි." හේෂි කිව්වා.


"පුරාණ විරුවන්ගේ ආගමනයත් සමඟ
නැවතත් අන්ධකාරය පැතිරේවි!
අන්ධකාරය සමඟ මුසුව
රකුසන්ගේ යළි පිබිදීම සිදුවේවි!
ජලය,සුළඟ සහ අග්නිය එක්ව
සියපත් කුසුමේ දිස්නය විහිදුවාවී!
අන්ධකාර වූ එක් රාත්‍රියක
යළිත් ඇයගේ පැමිණීම සිදුවේවි!
ලෙයට ලෙයින් ගත් පළිගැනීමක
අවසන සංසාරික ප්‍රේමය ඇරඹේවි! " නිකෝ ආයෙත් සැරයක් කට්ටියට ම අනාවැකිය මතක් කරා.


" අමාවකට හරියට ම තව සතියයි දවස් දෙකක් තියෙනවා.හැබැයි අද දවස අයින් කරොත් සතියයි දවසයි." ඇනබෙත් කිව්වා.


" හොඳයි,අපි අද ටිකක් විවේක ගමු.නැව ආයේ ගොඩබිම පැත්තට හැරෙව්වොත් හරි නේ අයියා.හෙට අපිට ලොකු ගමනක් යන්න වෙනවා." හේෂි කිව්වා.


" හරි, දැන් කවුද මුලින් ම මුර කරන්නේ? " ඒ ප්‍රශ්නය ආවේ පර්සිගෙන් ඒකත් කෙලින් ම යෑන් දිහාට හැරුණු ඇස් එක්ක.


" ඔහොම බලන්න ඕන නෑ.මම මුර කරන්නම්." යෑන් කිව්වේ පර්සිට රවාගෙන.


" ඔන්න මේ පාර නම් නිදාගන්න එපා යෑන්." නිකෝ කිව්වේ යෑන්ගේ උරහිසට තට්ටුවක් දාලා.


ඒත් එක්ක හේෂිගේ මූණේ ඇදුණු ලා හිනාව යෑන් නම් හොඳට ම දැක්කා.


වශී වෙලා වගේ ඒ හිනාව දිහා බලන් හිටපු යෑන් පියවි සිහියට ආවේ පර්සිගේ කතාවත් එක්ක.


" බලන් හිටියට වැඩක් නෑ මේ අයියා කැමති නෑ." ඒ වෙද්දිත් එතන හිටියේ පර්සි විතරක් වෙද්දි අනිත් හැමෝම විවේක ගන්න ගිහින් තිබුණා.


" මොකක්? " යෑන් ඇහුවේ පුදුම වෙලා.


" මොකක් නෙවෙයි කොකෙක්." එහෙම කියලා නැව ආයේ ගොඩබිම පැත්තට හරවපු පර්සිත් ගියේ යෑන් එයාගේ මුර සේවය ආරම්භ කරද්දී.


ඒ වෙද්දිත් ඇපලෝ මුහුදේ ගිලෙන ගමන් හිටියේ.රත්තරන් පාටින් දිලිසුණ මුහුදේ තිබුණේ අමුතු ලස්සනක්.හරියට හේෂිව ආයෙත් මේ ලෝකෙට පිළිගන්න මුහුදත් ලෑස්තියි වගේ.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

කොහොමද කට්ටිය.ගොඩ කාලෙකින් නේ.ඔන්න හේෂි ආයේ වැඩේට බහින්නයි යන්නේ.අලුතින් ආපු රාක්ෂයා ගැන වැඩිය හිතන්න එපා ඉතිං.කොහොමහරි මුහුද නම් ලෑස්තියි ලූ හේෂිව පිළිගන්න.ඔයාලා ලෑස්ති ද?
ඉස්සරහට කතාව හේෂිගේ පැත්තෙන් දෙන්න ද? යෑන්ගේ පැත්තෙන් දෙන්නද? නැත්තම් මම ම කියන්නද?
ඔයාලගේ අදහසත් කියන්නකෝ.
මම නුවී💫









Report Page