The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිතුන්වන කොටස


" ම...මම.." හේෂි කිව්වේ තමන්ව ම පෙන්වන ගමන්.


" ඔව් දෙයියනේ ඔයා" මේධා කිව්වා.


" මේ ඉන්නේ ඔයාගේ අයියා.එතකොට අපි ... අපි නේ ඔයාගේ පොඩි කාලේ ඉඳලම යාළුවෝ.අනේ මතක නැද්ද අප්පා.අපි අතීතෙට ගිහින් ක්‍රෝනෝස්ව විනාශ කරා මතකයි නේ ද? කියන්නකෝ හේෂි මතකයි නේ ද? " කේෂි කියවගෙන කියවගෙන ගියේ ඇස්වල කඳුළු පුරවගෙන .


" අහ්.....මට ඔය කිසිම දෙයක් මට මතක නෑ.හැබැයි මම දන්නව මම හේෂි නෙවේ ." හේෂි කිව්වා.


" අනේ!" මේධා කිව්වේ අනිත් අය දිහා බලාගෙන.


එතකොට ම වගේ ,


" මං හිතන්නේ අපි දැන් මෙතනින් යන්න ඕන.කිඳුරු සේනාව මාළිගාව ඇතුළට ඇවිත්." නිකෝ කිව්වා.


" ඔව්.මටත් දැන් හුස්ම ගන්න ටිකක් අමාරුයි වගේ." යෑනුත් කිව්වා.


" ඔහ්.මට අමතක වුණා ඒවාගේ බලේ පැය විසිහතරයි කියන්න." පර්සි කිව්වා.


" ඔයාලා මොනා ගැන ද කියවන්නේ?" හේෂි ඇහුවා.


" අපිට සතුරු ප්‍රහාරයක්.ඒ නිසා අපි යන්න ඕන." ඇනබෙත් කිව්වා.


" ඔයාලා යන්න.මට එන්න බෑ." හේෂි කිව්වා.


" ඒත් එයාලා ඔයාව මරයි.අපි ආවේ ඔයාව ආපහු එක්කන් යන්න." මේධා කිව්වා.


" හහ්..එයාලට කීයටවත් බෑ යුරාන්‍යාව මරන්න.මේ මාළිගාව මගේ." හේෂි කිව්වා.


" ඔහ්..එයා තාම ඉන්නේ එයාගේ කලින් ආත්මේ මතක අතර." ඇනබෙත් කිව්වා.


" අපිට එයාව දාලා යන්න බෑ." පර්සි කිව්වා.


මතක වෘක්ෂයෙන් නෙළාගත් මතකය සියල්ල විසඳාවී


එතකොට ම අහසේ රත්තරං පාටින් දිලිසෙන්න ගත්ත ඒ වාක්‍ය නිසා යෑන්ට මේධාට වගේ ම කේෂිටත් මතක් වුණේ එයාලගේ අභියෝගය.යෑන් එයාගේ අතට මෙච්චර වෙලා කලිසම් සාක්කුවේ තිබුණ ඒ රෝස පෙත්ත ගත්තා.ඒක රත්තරං පාටින් දිලිසෙන්න ගත්තා.


" ඕක මොකක් ද?" නිකෝ ඇහුවා.


" මේක තමයි අපිට ලැබුන අභියෝගය" කේෂි කිව්වා.


" ඔව්,මේක තමයි හේෂිගේ නැතිවුණ මතකය." මේධා කිව්වා.


මෙච්චර වෙලා රත්තරන් පාටින් දිලිසුණ රෝස පෙත්ත ඉබේම පාවෙලා ගිහින් හේෂිගේ නළලේ වැදිලා අතුරුදහන් වුණා.ඒත් එක්කම හේෂි වේදනාවෙන් කෑ ගහගෙන බිම වාඩි වුණේ ඔළුවත් අත් දෙකෙන් ම අල්ලගෙන.හේෂිගේ මේ වෙනසත් එක්ක කට්ටිය ම හොඳට ම බය වුණා.


අඩියට දෙකට හේෂි ගාවට දුවන්න ගියපු කට්ටිය ම නැවතුණේ හේෂි එයාලාට අතින් එන්න එපා කියලා කියපු නිසා.ඊටත් වඩා ඒ වෙලාවේ හේෂිගේ ඇස්වල පාට නිසා කට්ටියම එකතැන නතර වුණා.ඒ ඇස් තනි රත්තරන් පාටින් දිලිසෙමින් තමයි තිබුණේ.


හේෂි තාමත් ඔළුව අත් දෙකෙන් ම අල්ලගෙන.ඒ වෙලාවෙම ශාලාවට කඩන් වැදුණේ කිඳුරු සේනාව.හේෂිට අවට ගැන කිසි ගානක් නොවුණත් අනිත් හය දෙනාම මේ වෙලාවෙ හිටියේ තමන්ගේ ආයුධ ලෑස්ති කරගෙන.තත්පරයක් ගත වෙන්නත් කලින් දෙගොල්ලෝ අතර සටනක් පටන් ගත්තා.හේෂිව වට කරගෙන හය දෙනා සටන් කරන්නේ හේෂිව ආරක්ෂා කරගන්න.ඒත් කවූරුවත් හිතපු නැති විදිහට,


හේෂි එකපාරට ම හිටගත්තේ ඒත් එක්කම ආපු බල තරංගයකින් කිඳුරන්ව ඈතට විසික් වෙලා යද්දී.හේෂි දිහා බලපු කට්ටිය දැක්කේ මෙච්චර කල් එයලා දැනන් හිටපු හේෂිව නම් නෙවෙයි.එතන හිටියේ මේධාගේ,කේෂිගේ වගේ ම යෑන්ගේ හීනවල හිටපු යුරාන්‍යා.


රත්තරං පාට බල වළල්ලක් හේෂි වටේ තිබුණා.කිඳුරන්ගේ මුවින් සිහින් හඬින් පිටවුණේ ඒ නම.යුරාන්‍යා.ඒ හඬේ තිබුණේ ඒ නමට තිබුණ බය වගේ ම ගෞරවය.තනි සුදු පාට දිග ගවුමකින් සැරසිලා හිටපු හේෂිගේ හිස මත තිබුණේ රත්තරන් පාට රෝස මල් ඔටුන්නක්.රෝස මල් කැටයමකින් හැඩ වුණ යෂ්ටියක් අතේ දරාගෙන හිටපු හේෂිගේ ඇස් මේ වෙද්දි සාමාන්‍ය නිලට හැරිලා තිබුණා.


ඇය තම යෂ්ටිය පොළවේ වද්දනවාත් සමඟම මාළිගා බිමෙන් මතුවන සිහින් වැල් විශාල ගණනක් කිඳුරන්ව ඔතා ගත්තා.

මෙන්න හේෂි

මෙන්න යෂ්ටිය

ඒත් එක්කම හේෂිගේ සාමාන්‍ය පෙනුම ආයෙත් ආවා.කට්ටියම බලන් හිටියේ හේෂි කතා කරනකල්.ඒ අතරේ කිඳුරෝ හිටියේ අර වැල්වලින් බේරෙන්න දගල දගල.හරියට හිනා යනවා.


" හේෂි..." හේෂි කතා නොකරන තැන පර්සි හේෂිට කතා කරා.


" ම් හ්....යුරාන්‍යා" හේෂි කිව්වා.


" යුරාන්‍යා...." පර්සි කිව්වා.


" ම්හ්..නෑ හේෂි" හේෂි ආයෙත් කිව්වේ හිනා වෙලා.


" ඔහ්..ඔයාට මතක් වෙලා..." මේධා කිව්වා.


" දැන් අපි මෙතනින් යං.වැඩි වෙලාවක් නෑ." ඇනබෙත් කිව්වා.


" හරි. කට්ටියම අත් අල්ල ගන්න." හේෂි කිව්වා.


" මොකක්!" යෑන් ඇහුවා.


යෑන්ට රවපු හේෂි,


" කියපු දේ කරන්න.ඇස් පියාගෙන හිත එකඟ කරගන්න." කිව්වා.


ඊළඟ තත්පරේම කට්ටිය ම හිටියේ එයාලගේ නැව් තට්ටුව මත.බිම වාඩිවෙලා.

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍


ඔන්න ආවා කාලෙකින්.මතකද දන්නේ නෑ ඉතිං අපේ හේෂිව එහෙම.


ඊළඟට වෙන දේ ගෙස් කරන්න කෝ පුළුවන් අය.එහෙනම් ටටා බායි.


මම නුවී💫









Report Page