The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසිදෙවන කොටස


මැණික තැන්පත් කරනවත් එක්ක ම වීදුරු පෙට්ටියෙන් දීප්තිමත් සුදු අලෝකයක් විහිදුණේ ඉබේ ම යෑන්ගේ මේධාගේ වගේ ම කේෂිගෙත් ඇස් පියවෙලා යද්දී.


දැන් ඉතිං ඔයාලා හිතන්න එපා එච්චර පවර්ස් තියෙන එයාලගෙත් ඇස් පියවුණ එකේ මේ පෑනේ බලය විතරක් තියෙන මම ඇස් ඇරන් හිටියා කියලා . ( මෙහරමයි ඉතිං ඔය වීරයන්ගේ නම්බුව ම ලෙෆ්ට් කරන්න පෑනේ බලය හොඳට ම ඇති.බට් ඒක වෙනම කතාවක්.)


ඔය කෙහෙම්මල් එලියට මගේ ඇසුත් පියවුණා.මොනා කරන්නද දුක තමයි.මං කියන්නේ පොඩ්ඩක් මෙයාලත් දැනගන්න ඕන අප්පා විඩෙන් විඩේ ඔය එළිය දාද්දී කතාවේ කොටස් මට මඟ ඇරෙනවා නේද කියලා.ඇයි හත්දෙයියනේ මට කියලා ඔය බලයන් නෑ නේ.හරි නම් ඉතිං මෙච්චර කට්ට කාගෙන මේ කතාව කියන මටත් දෙන්න ඕන පවර් පැකේජ් එකක්වත්.


කොහෙද ඉතිං ඕක හිතන්න නෑ නේ මොළයක්.( කාටද කියලා අහන්න එපා.ඒවා රහසිගතයි.පෞද්ගලිකයි.)


කොහොමහරි ඉතිං ඔය එළිය යන්තම් ඇස් ඇරගන්න පුළුවන් තරමට අඩු වෙද්දී මම යන්තම් ඇස් ඇරගත්තා.හැබැයි හරි ම ශෝචනීය තත්වය නම් මට කලින් අර තුන්දෙනා ඇස් ඇරලා.ඇසුත් ජිල් බෝල කරන් බලන් ඉන්නවා.ඔච්චර බලන්න දේ මොකක් ද කියලා ඔළුව කරකලා ඇස් හොඳට ඇරලා බැලුව මට පෙනුණේ අහසේ පාවී පාවී දිලෙන හේෂිගේ ශරීරය.ඒක දිලිසෙනවා ටිකක් නෙවෙයි ගොඩාක්.


ඒත් ඉතිං කොහෙද ඒකේ සිරි නරඹන්නේ එකපාරට ආයෙත් පාරක් මුහුද යට ම හොල්ලගෙන භූමිකම්පාවක් ද කොහෙද ආවේ ගිය පාර නූරෙන් බේරුණත් මේ පාර මං පොළෝ මාතාව සිපගෙන ම නතර වෙද්දී.


ඒකෙන් නවතින්නේ නැතුව ආයෙත් පාරක් මාළිගාව දෙදරුම් කද්දී මට ඇහුණේ මොකක් හරි දෙයක් මහ සද්දෙට බිම පතබෑවෙන විදිහ.ඒ මොකක් ද කියලා හොයාගන්න විදිහක් නැතුව මගෙ හිත එහෙ මෙහෙ දුවද්දී යන්තම් ඇති දිලිසි දිලිසි තිබුණ හේෂිගේ ශරීරයේ දිලිසීම අඩු වෙනවා වගේ ම ජිල් බෝල වෙලා තිබුණ ඇස් ගෙඩි හයත් සාමාන්‍ය වෙනවා මට පෙනුනා.


" ඉක්මන් කරන්න මේධා.අපිට තියෙන වෙලාව අඩුයි." ඒත් එක්කම ඇහුණේ ඇනබෙත්ගේ කටහඬ.


අඩේ! මෙච්චර වෙලා තිබුණ ආවරණය නැතිවෙලා ගිහින්.ඒකත් මරු.ඇනබෙත්, පර්සි,නිකෝ තුන්දෙනාත් මේධලා ළඟට කිට්ටු වෙද්දී හේෂිගේ සිරුර ආයෙමත් වීදුරු පෙට්ටියේ හරි ලස්සනට තැන්පත් වුණා.කට්ටිය ම ඒ ක්ෂණිකව ම වීදුරු පෙට්ටිය වටේට එකතු වුණේ ඊළඟට වෙන දේ බලාගන්න.


හරි ම ශෝචනීයයි ළමයි.පොල්ගස් වගේ උස මෙයැයිලත් එක්ක බිම්මලක් වගේ ඉන්න මට වෙන දේ බලාගන්න වෙන ම ගේමක් දෙන්න වුණා.කොහොමහරි ඉතිං අස්සෙන් රිංගලා ගිහින් ඉස්සරහට ම පැනගෙන මම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට විස්තර විචාරය කරන්න.


අහෝ! දුකකි ඉරකි තිතකි.තත්වය හරිම අසාමාන්‍යයයි අප්පා.පියවෙලා තිබ්බ හේෂිගේ ඇස් තාමත් පියවෙලා.හරියට ගම් දාලා අලවලා වගේ.හැබැයි එකපාරට ම හේෂිගේ අත්වල ඇඟිලි හෙමීට හෙලවෙන්න ගත්තා.එච්චර වෙලා පියවෙලා තිබ්බ ඇස් හෙමීට හෙමීට ඇරෙන්න ගත්තා.


" හේෂි...." මේධායි කේෂියි දෙන්න ම ඒ නම මිමිණුවා.


දෙපාරක් තුන්පාරක් ම ඇස් පියන් ගහලා ඇලවිලා වගේ තිබ්බ ඇස් හේෂි හෙමීට ඇරගත්තා.වීදුරු පෙට්ටියෙන් හෙමීට නැඟිට්ට හේෂි වටපිට බැලුවේ මේ කොහෙද කියලා දැනගන්න වගේ.


" හේෂි...." ආයෙත් පාරක් මේධා කතා කරත්,


හේෂි තාමත් හිටියේ ඉන්න අය ගැන කිසිම ගාණක් නැතුව වටපිටාව නිරීක්ෂණය කරන ගමන්.වීදුරු පෙට්ටියෙන් හේෂි එළියට අඩිය තිබ්බ ගමන් ම එයා වටා විහිදුණු රත්තරං පාට ආලෝකය හේෂිව වෙළාගත්තා.


රත්තරන් පාට ආලෝකය එක අංශුවක් නෑර අතුරුදහන් වෙලා යද්දි හේෂි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.ඇඳගෙන හිටපු ඇඳුම පවා ආයෙත් කඳවුරේ විදිහට වෙනස් වෙලා වෙද්දී හේෂිගේ බෙල්ලේ තිබුණේ එයාගේ මාලය.පුරුදු විදිහට ම එයාගේ වළළ්ලත් එයාට ලැබිලා තිබුණා.


" හේෂි.." ආයෙත් පාරක් කේෂි එහෙම කිව්වේ හේෂිගේ උරහිසට අත තියන ගමන්.හේෂිගෙන් ප්‍රතිචාරයක් නැති තැන.


යන්තම් ඇස් හරවලා කේෂි දිහා හේෂි බැලුවේ ඇයි කියලා අහන්න වගේ.


ඒත් එක්ක ම මේධා,කේෂි,පර්සි තුන් දෙනා ම හේෂිව බදා ගත්තේ හේෂි නම් එකපාර ම ෂොක් වෙද්දී.


" උබ කොහොමද බන් ඔහොම ඉන්නේ? ඇයි කතා කරන්නේ නැත්තේ හේෂි? කතා කරන්නකෝ.එක වචනයක් එක ම එක වචනයක් කතා කරපන් බන්.ඔය කටහඬ අහන්නේ නැතුව අපි අවුරුදු ගාණක් හිටියා බන්.උබට ඇහෙනව ද බන්." මේධා ඔහේ කියවන් ගියත් හේෂිට ඒකේ ගාණක් වුණේ නෑ.


ඒත්,


" කවුද හේෂි? එතකොට ඔයාලා කවුද? " එකපාරටම හේෂිගේ කටින් එහෙම පිටවෙද්දී තුන් දෙනා ම හේෂිගෙන් ඈත් වුණේ ඇසුත් ලොකු කරගෙන.


" විහිළු කරන්න එපා හේෂි.උබට පුළුවන් ද බන් අපිව අමතක කරන්න." කේෂි කිව්වා.


" අවුරුද්දයි ගියේ යාළුවොත් අමතකයි." කට පියාගෙන ඉන්න බැරි යෑන් මැදින් පනිද්දී, යෑන්ට මේධා,කේෂි,හේෂි තුන් දෙනාගෙන් ම හම්බුණේ දවා අලුකරන බැල්මක්.


" හරි හරි ඉතිං රවන්න ඕන නෑ නේ." යෑන් කිව්වා.


" යෑන්..." මේධා එහෙම කියද්දි ම,


" හරි මං කට පියා ගන්නම්." යෑන් කිව්වා.


" හේෂි මේ බලන්න.අපිව මතක නැද්ද බන්? බොරුනේ ද කරන්නේ?" මේධා කිව්වා.


" ඇයි එක ම නම කියවන්නේ? කවුද හේෂි? " හේෂි ආයෙත් එහෙම ඇහුවේ කට්ටියගෙ ම ඇස් ලොකුවෙලා මූණ ඇද වෙද්දී.


" හේෂි....හේෂි කියන්නේ ඔයා නේ.හේෂවී ගිනේත්‍රා.ඒ ඔයා." කේෂි කිව්වා.


" ම...මම.." හේෂි කිව්වේ තමන්ව ම පෙන්වන ගමන්.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍


ඔන්න ආවා කාලෙකින්.කට්ටියට මතක ද කතාව.ඔන්න ඉතිං කිව්ව විදියට ම මං හේෂිගේ මතකය අමතක කරා.ආයේ ඉතිං මගේ කතා දෙකක් නෑ නේ.කිව්වොත් කිව්වා.


එහෙනම් ටටා බායි.


මම නුවී💫





Report Page