The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


විසි එක්වන කොටස


" එසේනම් මේ මාණික්‍ය ඔබලාට හිමි වෙනවා." මාණික්‍ය යෑන්ගේ අත මත තැබූ ඩියා අතුරුදහන් වෙලා ගියා.


" අපි දැන් මේ මැණිකෙන් මොකද කරන්නේ?" යෑන් ඇහුවේ තමන්ගේ අතේ තියෙන මැණික එහාට මෙහාට හරව හරව හැඩ බලන ගමන්.


" ඊළඟට මොනදේ කරන්නත් කලින් වීදුරු පෙට්ටිය ළඟට ගිහින් ඉන්න ඕන." කේෂි කිව්වා.


" ඒක හරි,අපි ඊට පස්සේ බලමු මොනා ද ඕකෙන් කරන්න තියෙන්නේ කියලා." මේධා කේෂිගේ කතාව අනුමත කරා.


" ඔයාලා කියන දෙයක් තමා ඉතිං." යෑන් කිව්වේ මැණිකෙන් ඇස් දෙක ඉවතට ගන්න ගමන්.


තුන්දෙනාත් එක්ක ම සුදු පාටින් දිලිසෙමින් තිබුණ වීදුරු පෙට්ටිය ළඟට ළං වුණා.පෙට්ටියේ දිස්නය මඳින් මඳ වැඩි වෙමින් පැවතුණේ අවට උෂ්ණත්වයත් යම් තාක් දුරට වැඩි වෙද්දී.වීදුරු පෙට්ටිය ළඟට ගියපු මේ තුන්දෙනා දැක්කේ සුදුමැළි වෙලා තියෙන හේෂිගේ නිසල සිරුර.ඒ ඇස් පියවෙලා තිබුණේ ඉතා තදින්.සිහිනයන්වල හිටපු විදිහට ම සුදු පාට ඇඳුමකින් තමයි හේෂි සැරසිලා හිටියේ.


හේෂිගේ නිසල සිරුර දකිනවත් එක්ක ම මේධාගෙයි කේෂිගෙයි ඇස්වල කඳුළු පටලයක් ඇති වුණේ නිරායාසයෙන්මයි.එදා ලෝකයක් බේරගන්න හේෂි තමන්ව ම බිලි දුන්න හැටි මේ දෙන්නාගේ මනසේ සටහන් වෙලා තිබුණේ කවදාවත් නොමැකෙන මතකයක් විදිහට.අවසාන මොහොතෙත් හේෂි කරේ ඒ දෙන්නව ආරක්ෂා කරපු එක කියන්න මේධායි කේෂියි දැනගෙන හිටියා.


ඇස්වලට උණපු කඳුළු යටපත් කරගෙන මේධායි කේෂියි දෙන්නා බැලුවේ ඊළඟට තමන් මොකක් කරන්න ඕන ද කියලා.මේ වෙද්දී මැණික අතේ තියාගෙන යෑන් හිටියේ කල්පනාවක.තේරුම්ගන්න බැරි හුරුපුරුදු බවක් යෑන්ගේ හිතට දැනෙන්න ගත්තේ මාළිගාවට ඇතුළු වුණ වෙලාවේ ඉඳන්මයි.අපැහැදිලි ඡායා වගයක් එදා වගේ ම මනසේ ඇඳිලා මැකිලා ගියේ එක ක්ෂණයකින්.ඒ මොනවා වුණත් යෑන්ට ලොකු විශ්වාසයක් තිබුණා ඒ දේවල් සේරම මේ ගෑණු ළමයට සම්බන්ධයි කියන්න.තමන් කවදාමහරි දවසක මේ ගෑණු ළමයව දැනගෙන හිටියා කියන එක නම් යෑන්ට සීයට දාහක් ෂුවර්.


යෑන් දිහා බලපු මේධායි කේෂියි දෙන්නා දැක්කේ යෑන් ඉන්නේ බර කල්පනාවක කියලා.දෙපාරක් විතර ම කතා කරත් යෑන්ගෙන් හාවක් හූවක් නැති තැන මේධා කරේ යෑන්ව කොනිත්තපු එක.


කොනිත්තපු පාර කොච්චර සැර ද කියනවා නම් යෑන්ගේ කටින් නිකන් ම " ආව්." කියලා කියවුණා.


" මිනී මස් කන්න ඔච්චර ආසාවක් තියෙනවද අප්පා." යෑන් ඇහුවේ කොනිත්තපු අත දිහා බලාගෙන.


" අනෙ මේ යෑන්,මට ඇති ආසාවක් නෑ.කතා කරාට සද්දයක් නැති හින්දා බැලුවේ ගල් වෙලාවත් ද කියලා." මේධා කිව්වා.


" දැන් දැනගත්ත ද ගල් වෙලා නෑ කියලා." යෑන් ඇහුවා.


" ඔව් ඔව් දැනගත්තා.ගල් වෙලා නෙවෙයි වශී වෙලා ඉඳලා තියෙන්නේ කියලා." මේධා කිව්වා.


ඒ කිව්ව අපබ්‍රංසය තේරුම් ගන්න බැරුව යෑන් උඩ බිම බැලුවේ මේකෙ තේරුමක් හොයාගන්න.ඒ කරලත් විනාඩියක් විතර ම ගියාට පස්සෙ තමයි යෑන් කොම්ලට මේධා කිව්ව එකේ තේරුම වැටහුණේ.කොහොමත් ළමයි අපේ යෑන් කොම්ලා ටියුබ් ලයිට් නේ නේද? පොඩ්ඩක් ප්‍රමාද වෙනෝ ඉතිං දෙයක් තේරුම් ගන්න.මොනා කරන්න ද නේ.


" අනේ මට වැඩේමයි වශී වෙන්න." යෑන් කිව්වේ අහක බලාගෙන.


" හාකෝ හාකෝ ඉතිං නැද්ද කේෂි?" මේධා ඇහුවා.


" අපිත් දැක්කනේ ඉතිං." කේෂි කිව්වා.


" ඔය දැක්ක දේවල් එහෙම්ම ම හිතේ ම තියාගෙන ඊළඟට කරන්න ඕන දේ හොයමු නේද? යාළුවා ඔයාලගෙනේ.ඇහැරවන්න වුවමනාවක් නැද්ද?" යෑන් කිව්වා.


" අපේ යාළුවා ව කොහොමත් අපි ඇහැරවනවා තමයි.ඔයා ඉන්න ඕන නෑ." කේෂි කිව්වා.


" මං නැතුව කොරයි කියලා තමයි බය." යෑන් කිව්වේ අහක බලාගෙන.


" ඇයි බෑ කියලා ද කියන්නේ?" කේෂි ඇහුවා.


" ඔව්,බෑ තමයි." යෑන් කිව්වා.


" බලමුකෝ." කේෂි කිව්වා.


" මොනා බලන්න ද? මැණික තියෙන්නේ මං ගාව.ඉතිං මැණික නැතුව ඔයාලට මෙයාව ඇහැරවන්න බෑ.ඒ කියන්නේ මං නැතුව ඒක කරන්න බෑ කියන එක." යෑන් කිව්වේ ආඩම්බරෙන්.


කේෂි ඉන්නේ තමන්ව උපරිම පාලනය කරගෙන කියලා දැකපු මේධා,


" යෑන් ඔයා ඔය හදන්නේ ඉල්ලගෙන කන්න.ඒක නිසා පාඩුවේ කට පියාගෙන අපිට උදව් කරන්න." කියලා කිව්වා.


කේෂිට ගොඩක් වෙලාවට තරහ නොගියත් තරහ ගියා ම එයාව එයාටවත් කන්ට්‍රෝල් නෑ කියන්න මේධා දැනගෙන හිටියා.ඒක නිසාමයි මේ දෙන්නගේ වළිය මැද්දට මේධා පැන්නේ.


" ඔයාලට මාර තරහක් නේ අප්පා මගේ කටත් එක්ක තියෙන්නේ." යෑන් කිව්වේ ඔරවගෙන.


යෑන් කියපු දෙය නෑහුණ ගානට මේධායි කේෂියි දෙන්නා ගිහින් වීදුරු පෙට්ටිය වටේ ම පරීක්ෂා කරලා බැලුවා.අහම්බයකින් වගේ මේධාගේ අත වීදුරු පෙට්ටියේ ස්පර්ශ වුණේ වීදුරු පෙට්ටිය රත්තරන් පාටින් දිලිසෙද්දී.විනාඩියකට විතර පස්සේ රත්තරන් පාට වාක්‍යක් අහසේ පාවෙන්න වුණා.


නිද්‍රාව බිඳිය හැක්කේ නියම හිමිකරුට පමණි.


අවකාශයේ පාවෙවී තිබුණ ඒ වාක්‍ය විනාඩියකින් අතුරුදහන් වෙලා ගියා.


" දැන් අපි එයාවත් හොයන්න ඕන ද?" යෑන් ඇහුවේ මූණත් ඇඹුල් කරගෙන.


යෑන් එහෙම කියනවත් එක්ක ම එකපාරට ම දෙදරීමක් ඇති වුණේ මුළු මාළිගාවම දෙදරීමකට ලක් කරලා.


" මුහුද යටත් භූමිකම්පාවක් වගේ." යෑන් කිව්වා.


" මට නම් හිතෙන්නේ ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.අපි ඉක්මන් කරන්න ඕන." කේෂි කිව්වා.


" හ්ම්..."


හිතුවෙවත් නැති විදිහට වීදුරු පෙට්ටිය වටා තිබුණ රත්තරන් පාට දිස්නය අඩු වෙලා ටිකෙන් ටික යෑන් වටා එක්රැස් වෙද්දී මේධාගෙ වගේ ම කේෂි ළඟත් තිබුණ සුදු රෝස මල් යෑන් වටා පාවෙන්න ගත්තා.යෑන්ට අයිති රෝස මලත් යෑන් වටා පාවෙන්න පටන් ගනිද්දී යෑන්ගේ අතේ රැඳිලා තිබුණ මැණිකත් අවකාශයේ පාවෙන්න ගත්තේ යෑන්ට කෙසේ වෙතත් මේධාටයි කේෂිටයි නම් තමන්ගේ විසඳුම මවා පෙන්වලා.


ටිකකින් දිස්නය අඩු වෙනවත් එක්ක ම යෑන් වටා පාවෙවී තිබුණ සේරම දේවල් යෑන්ගේ අත්ල මත තැන්පත් වුණා.වෙච්ච කිසි දෙයක් තේරුම් ගන්න බැරුව හිටපු යෑන් මේධා දිහා බැලුවේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා වගෙ.


" යෑන්,ඔයාට තමයි හේෂිව නැඟිට්ටවන්න වෙන්නේ.ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්.", මේධා කිව්වා.


" මොකක්! මේ මම....එයාව..නැඟිට්ටවන්න." යෑන් කිව්වා.


" මොකක් නෙවෙයි කොකෙක්.ඔයාට තමයි ඒක කරන්න වෙන්නේ." කේෂි කිව්වා.


" ඇයි දැන් මාව ඕන නෑ කිව්වේ." යෑන් කිව්වා.


" අනේ මේ යෑන්, ඉක්මනට හේෂිව නැඟිට්ටවනවකෝ.අපි පස්සේ රණ්ඩු වෙමු." කේෂි කිව්වා.


" හාකෝ ඉතිං."


වීදුරු පෙට්ටිය ළඟට ළං වුණ යෑන් දැක්කේ පෙට්ටිය මත සටහන් වෙලා තියෙන කැටයමක්.රෝස මල් තුනකට ඉහළින් මැණිකක හැඩයක් තමයි ඒ කැටයම වුණේ.ටිකක් වෙලා කල්පනා කරපු යෑන් තමන්ගේ අතේ තිබුණ රෝස මල් එකින් එක අරගෙන ඒ කැටයමට අනුව ඒ මත තිබ්බා.අන්තිමට ම මැණික අතට ගත්ත යෑන් ඒක අදාළ තැන තැන්පත් කළා.


මැණික තැන්පත් කරනවත් එක්ක ම වීදුරු පෙට්ටියෙන් දීප්තිමත් සුදු අලෝකයක් විහිදුණේ ඉබේ ම යෑන්ගේ මේධාගේ වගේ ම කේෂිගෙත් ඇස් පියවෙලා යද්දී.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ඔන්න එහෙනම් හේෂි ආයෙම එනෝ හොඳ ද? කොහොම ද නේ හේෂි නැඟිටිද්දී එයාගේ මතකේ නැතිවෙලා එහෙම තිබුණ ම ෂෝක් නේ.එහෙනම් ඉතිං ටටා බායි.

මම නුවී💫





Report Page