The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
දහනවවන කොටස
එයාලට ඉස්සරහින් දිලිසි දිලිසි තිබුණේ වීදුරු පෙට්ටියක්.ඊට එහායින් සුදු රෝස මලින් හැඩවුණු සිංහාසනයක්.වීදුරු පෙට්ටිය දැක්ක ගමන් ම පර්සි එතනට යන්න අඩිය තිබ්බත් හිතුවෙවත් නැති විදිහට එයාව අඩියක් දෙකක් පිටිපස්සට විසික් වුණේ මොකක් හරි ආවරණෙක වැඳිලා.
එකපාරට ම වෙච්ච දේ හිතාගන්න බැරි වුණ පර්සි එහෙම්ම ම ඉඳලා වීදුරු පෙට්ටිය දිහා බලන් හිටියා.
" මං හිතන්නේ ඒක වටේට මොකක්හරි ආරක්ෂක ආවරණයක් තියෙනවා." ඇනබෙත් කිව්වා.
" පොසෙයිඩන්ගේ පුතා වෙලත් එයාටවත් යන්න බැරි." යෑන් කිව්වා.
" මම තමුන්ට කියන අන්තිම පාර මේක,පාඩුවේ ඉන්නවා කට වහගෙන." පර්සි කිව්වේ යෑන් දිහා රවලා බලමින්.
" යෑන් ඔයා පාඩුවේ ඉන්නව ද ඔය කට පොඩ්ඩක් වහගෙන." මේධා කිව්වා.
" ඔයාලගේ කැමැත්ත ඒක නම් හරි ඉතිං." යෑන් කිව්වා.
දෙවෙනි පාරටත් පර්සි වීදුරු පෙට්ටිය ළඟට යන්න හැදුවත් එයාට ආයෙත් පාරක් සිද්ධ වුණේ අඩි ගාණක් පිටිපස්සට විසික් වෙන්න.තුන්වෙනි පාරත් ඒක ම සිද්ධ වෙද්දී යෑන්ගේ හිනාව එළියට පැන්නේ පර්සිව හොඳට ම කේන්ති ගස්සලා.ඇනබෙත්ගේ ආයාචනාත්මක බැල්ම නිසාම පර්සි අමාරුවෙන් එයාගේ කේන්තිය පාලනය කරගෙන පැත්තකට වුණා.
" මේ අහන්න, අපිට තව ගොඩක් වෙලාව නෑ.කරන දෙයක් ඉක්මනට කරන්න වෙනවා." කේෂි කිව්වා.
මෙච්චර වෙලා හිනා වෙවී හිටපු යෑන්ගේ හිනාව ක්ෂණික ව නැවතුණේ මේධාගෙන් ලැබුණ දරුණු ගණයේ රැවිල්ලට පින් සිද්ධ වෙන්න.මොකද කිව්වොත් යෑන් ඇත්දැකීමෙන් දැනගෙන හිටියා මේධාට තරහ ගියොත් පර්සිට නෙවේ ඔය කාටත් අන්තයි කියලා.
" කේෂි කියන එක ඇත්ත කට්ටිය.අපිට මොකක්හරි ම කරන්න වෙනවා." ඇනබෙත් කිව්වා.
" හරි ඉතිං,ඔය ආවරණෙන් යන්න බැරි වුණේ පර්සිට විතරයි නේ.වෙන කවුරුහරි උත්සාහ කරලා බලන්න." යෑන් කිව්වා.
" හරි,මුලින් ම මම බලන්නම්." නිකෝ එහෙම කියලා ආවරණයෙන් ඇතුළු වෙන්න හැදුවත් එයාටත් වුණේ පර්සිට වුණ දේමයි.
ඒත් එක්ක ම යෑන්ගේ මේධාගේ වගේ ම කේෂිගේ ළඟ තිබුණ සුදු රෝස පෙත්ත රත්තරන් පාටින් දිලිසෙමින් අහසේ පාවෙන්න ගත්තා.
" මං හිතන්නේ මට උත්තරේ හම්බ වුණා." ඇනබෙත් කිව්වා.
" උත්තරේ?" පර්සි ඇහුවේ පුදුමෙන්.
" ඔව්,උත්තරේ.මං හිතන විදිහ හරි නම් මේ ආවරණෙන් ඇතුළට යන්න පුළුවන් ඔය තුන් දෙනාට විතරයි.ඒ කියන්නේ මෙතනින් එහාට හැමදෙයක් ම කරන්න වෙන්නේ ඔය තුන්දෙනාට." ඇනබෙත් කිව්වා.
ඇනබෙත් කතා කරන වෙලේ යෑන් නම් හිටියේ ශාලාවේ සිරි නරඹ නරඹ.මොනවදෝ මන්දා අපැහැදිලි ඡායාරූප ටිකක් මනසේ ඇඳිලා මැකිලා යද්දී බෙල්ල කරක කරක යෑන් ශාලාවේ සුන්දරත්වය වින්ඳා.ඇනබෙත් කියලා ඉවර වෙනවත් එක්ක ම,
" හරි අපි කරන්නම්." මේධායි කේෂියි දෙන්න ම එකට කිව්වා.
ඒ දෙන්නාම යෑන් දිහා බැලුවේ යෑන්ගේ උත්තරේ දැනගන්න.
" මොකෝ ඔහොම බලන්නේ? " යෑන් ඇහුවා.
" ඔයා අපි කියපුවා අහගෙන ද හිටියේ යෑන්?" කේෂි ඇහුවා.
" මොනවාහරි කිව්වද?" යෑන් ඇහුවේ ශාලාවේ ලස්සනට වශී වෙලා හිටපු යෑන්ට කිසිම දෙයක් ඇහුණේ නැති නිසා.
මේධා යෑන් දිහා බැලුවේ දැන් ම මරනවද ටිකකින් මරනවද කියලා තීරණය කරගන්න වගේ බැල්මකින්.ඔන්න ඔහේ ඕන ඉලව්වක් කියලා,
යෑන් " හරි හරි මමත් ඕන දේකට එනවා." කියලා කිව්වා.
" එහෙනම් හරි නේ.මගෙන් සුබ පැතුම් ඔය තුන් දෙනාට ම!" ඇනබෙත් කිව්වා.
" ඔහොම කියන්න එපා අනේ.හරියට නිකන් ඔහොම කිව්වහම ආයේ එන්න වෙන්නේ නෑ වගේ නේ." යෑන් කිව්වා.
යෑන් තවත් මොකුත් කියන්න කලින් ම,
" අපි යනවා එහෙනම්." එහෙම කියපු මේධා යෑන්වත් ඇදගෙන ආවරණය තුළට අඩිය තිබ්බා.
ඇනබෙත්ගේ සිතුවිල්ල නිවැරදි කරමින් ඒ තුන්දෙනා කිසිම අපහසුවකින් තොරව ආවරණයෙන් ඇතුල් වුණා.ආවරණයෙන් ඇතුල් වෙනවත් එක්ක ම මේ තුන්දෙනා ඉස්සරහින් රත්තරන් පාට සුළියක් කැරකෙන්න ගත්තා.ආවරණයෙන් ඇතුළ වෙන දේවල් සේරම එළියේ ඉඳන් පර්සි, ඇනබෙත්,නිකෝ තුන්දෙනා බලන් හිටියා.කැරකෙන සුළිය දැකලා ඒ අයත් පොඩ්ඩක් විතර ගැස්සුණා.
" ඒ පාර තවත් රාක්ෂයෙක් ද?" යෑන් ඇහුවා.
ඒත් ඒ කියපු කිසිම දෙයක් මේධාටවත් කේෂිටවත් ඇහුණු බවක් නම් යෑන් දැක්කේ නෑ.
සුළිය අතුරුදහන් වෙලා එතනින් මතු වුණේ කවුරුවත් හීනෙකින්වත් බලාපොරොත්තු වුණ කෙනෙක් නම් නෙවෙයි.සුළිය නැති වෙනවත් එක්ක ම එතන හිටියේ හේෂිගේ පෙගසස් වුණ ග්ලෝඩියා.
" ඩියා! " මේධායි කේෂියි එහෙම කියනවත් එක්ක ම එකපාරක් පියාපත් සැලුව ඩියා වටා නැවතත් රත්තරං සුළියක් නිර්මාණය වුණා.සුළියේ නැති වීමත් එක්ක ම එතන තවදුරටත් හිටියේ ඩියා කියන පෙගසස් නෙවෙයි.
ඒ වෙනුවට එතන හිටියේ සුන්දර කාන්තාවක්.කට්ටිය පුදුමයෙන් ඇය දිහා බලන් ඉඳ්දී ඩියා කතා කරන්න ගත්තා.
" යුරාන්‍යා රැජිනියගේ ආරක්ෂිකාව මමයි.එතුමියව නිද්‍රාවෙන් මුදවන්න ඔබලා පැමිණි බව දනිමි.නමුත් ඊට පෙර සිදුවේවි ඔබ තිදෙනාට එක්ව ජයගන්න අභියෝගයක්.එයින් ජයග්‍රහණය කළොත් පමණක් හැකිවේවි ලබාගන්න මෙම මාණික්‍ය.එයයි යතුර එතුමියගේ නිද්‍රාව බිඳෙන." ඩියා එහෙම කිව්වේ ඇයගේ නළලත වූ සුදු පැහැ මාණික්‍යයක් තම අත්ල මතට ගනිමින්.
" මොකක් ද අභියෝගය?" කේෂි ඇහුවා.
" එසේනම් ඔබලා සූදානම් ද?" ඩියා ඇහුවා.
" හරි අපි ලෑස්තියි." මේධා කිව්වා.
" හොඳයි එහෙනම් ඔබලාට සිදු වෙනවා මතක වෘක්ෂයෙන් නෙළාගන්න එහි මුදුනෙ ම සහිත රෝස පෙත්ත.එයයි යුරාන්‍යා රැජිනියගේ මතකය.ඔබලා එය නෙළාගත් විට සම්පූර්ණ වේවි අභියෝගය." ඩියා කිව්වා.
" අපි ඒක කරන්නම්." කේෂි කිව්වා.
ඒත් එක්ක ම ඒ තුන්දෙනා මතු වුණේ උද්‍යානයේ වූ මතක වෘක්ෂය අසලින්.
" එසේනම් දැන් ඇරඹෙනවා ඔබලාගේ අභියෝගය." ඩියා කිව්වා.
මතක වෘක්ෂය දිහා බලපු අපේ වීරයෝ තුන්දෙනා දැක්කේ උඩ ම අත්තේ දිලිසෙමින් තියෙන රත්තරං පාට රෝස පෙත්තක්.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
කට්ටිය අභියෝගයට මුහුණ දෙන විදිහ ඊළඟ කොටසෙන් බලමු නේ.ඊළඟට වෙන කිසිම දෙයකට මම නම් වගකියන්නේ නෑ ඔන්න.එහෙනම් ටටා බායි.
මම නුවී 💫