The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


දහ අටවන කොටස


තුන්දෙනාගේ ඇඟේ උණුසුම එන්න එන්න ම අඩු වෙනවා කියලා තේරෙද්දී ඇනබෙත් ,පර්සි වගේ ම නිකෝ පුළුවන් තරම් එයාලට සිහිය ගන්න උත්සාහ කළා.එයාලගේ මූණත් සුදුමැලි වෙද්දී එයාලට සිහිය එන පාටක් නම් තිබුණේ නෑ.


මේ කට්ටිය මෙහේ ඔළුව ගිනි අරන් මෙයාලව නැඟිට්ටවන්න හදන වෙලේ මේ තුන්දෙනා හිටියේ එයාලගේ අතීත මතකයක් ඇතුළේ.කොටින් ම කිව්වොත් කලින් සැරයක් වුණා වගේම යෑන් එක්ක මේධායි කේෂිත් ඇවිල්ලා හිටියේ එක්තරා විදිහක හීනයක් ඇතුළට.එහෙමත් නැත්තම් කිසියම් සිදුවීමක් ඇතුළට.


කලින් පාර වගේ ම මේ තුන්දෙනා හිටියේ මෙයාලා දැන් මේ ඉන්න ලස්සන මාළිඟාවේ ලස්සන උද්‍යානය ඇතුළේ.කලින් දැක්කා වගේ ම මෙයාලා දැක්කේ අපැහැදිලි බොඳ වුණු තරුණියකගේ රූපයක් සහ තරුණයෙකුගේ රූපයක්.රූප අපැහැදිලි වුණත් මේ දෙන්නා ඉන්නේ බොහොම සතුටින් කියලා කියන්න පුළුවන් වුණා.හිනා වෙවී අත් අල්ලගෙන උද්‍යානය පුරා ඇවිද ඇවිද තමයි මේ දෙන්නා හිටියේ.


මේ සිද්ධ වෙන හැමදේම පැත්තකට වෙලා යෑන්,මේධා වගේ ම කේෂිත් බලාගෙන හිටියා.මේ රූපවල මොකක්දෝ හුරු පුරුදු බවක් එයාලට දැනුණා.හරියට ම ඒ මේකයි කියලා කියන්න බැරි වුණත් එයාලට හිතුණෙ ම එයාලා මෙයාලව දන්නවා කියලා.එදා දැක්ක විදිහට ම එයාලා ගාවින් ම ඇදිලා ගියපු ඊතලයක් අර තරුණියගේ පපුව පසාරු කරගෙන යද්දී එයා බිමට වැටෙන්න ගියත් තරුණයා එයාව අල්ලගත්තා.ඒත් එක්ක ම ආපු තව ඊතලයකින් ඒ තරුණයාගෙත් පපුව පසාරු වුණේ දෙන්න ම උද්‍යානය මත ඇදගෙන වැටෙද්දී.


උද්‍යානය මතට ඇදගෙන වැටෙණවත් එක්ක ම මෙච්චර වෙලා අපැහැදිලි වුණ රූප පැහැදිලි වෙන්න ගත්තා.ටිකෙන් ටික පැහැදිලා වුණ රූපවලින් පෙනුණේ යෑන්වයි හේෂිවයි.කිසිම වෙනසක් කියන්න බැරි තරමට ම ඒ රූප සමානයි.එදා මුහුදු වෙරළෙදී යෑන් හිටපු විදිහට ම ඒ ඇඳුම්වලින් ම තමයි මෙතනත් හිටියේ.හේෂිත් ඒ විදිහමයි.වෙනසකට තිබුණේ මෙයාලගේ වයස විතරයි.හරියට බැලුවොත් මේ තියෙන්නේ යෑන්ගෙයි හේෂිගෙයි තව අවුරුදු කීපෙකින් පෙනුම වගෙයි.


උද්‍යානය පුරා ලේ විසිරාලා යද්දී එයාලා ඇදගෙන හිටපු සුදු පාට ඇඳුම් රතු පාට ලෙයින් පෙඟිලා ගියා.එතකොට ම ඒ දෙන්නා ඉස්සරහින් මතු වුණේ රාක්ෂයෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක්.එයාගේ ඇස්වල තිබුණේ තනිකර ම වෛරයක්.තමන් සාර්ථකයි කියලා දැක්කහම ඒ රාක්ෂයා හිනාවෙන්න ගත්තා.ඒ හිනාව තනිකරම වියරුවක් විතරයි.


" අන්තිමේදී මම තමුන්ලව විනාශ කරා." එහෙම කියපු ඒ රාක්ෂයා තවත් හයියෙන් හිනාවෙන්න ගත්තා.


" අපි ආයෙත් එනවා." ඒත් එක්ක ම එහෙම කියපු අර තරුණියයි තරුණයයි රත්තරන් පාට කුඩක් වෙලා විසිරිලා ගියේ රාක්ෂයාගේ හිනාව වැඩි වෙද්දී.


ඒත් ඒ හිනාව වැඩි වෙලා නොතිබුණේ රාක්ෂයාගේ ගෑවී නොගෑවි ගිය ඊතලයක් නිසා.රාක්ෂයා දිහාට තවත් ඊතලයක් එද්දී රාක්ෂයාගේ ඉස්සරහට ආවේ කලින් තරුණියගේ වයසේ ම කියන්න පුළුවන් තරුණියන් දෙදෙනෙක්.


ඔක්කොට ම වඩා මේක බලන් ඉන්න මේධායි කේෂියි පුදුම වුණේ ඒ ඉන්න දෙන්නා තමන් වගේ නිසා.දෙන්නා මූණට මූණ බලාගද්දී යෑනුත් මේක බලන් හිටියේ කටත් ඇරගෙන.තවත් ඊතලයක් රාක්ෂයා දිහාට අර තරුණියන් එල්ල කරද්දී ඒත් එක්ක ම ක්‍රියාත්මක වුණ රාක්ෂයා ඊතලයක් අර තරුණියන් දිහාට එල්ල කරේ එක තරුණියකගේ උරහිසක් ඊතලයෙන් පසාරු වෙද්දී.අනිත් තරුණිය දිගට ම ඊතල එල්ල කරත් රාක්ෂයා ඒවා පහසුවෙන් ම මඟ හැරලා තරුණියන් දිහාට ළං වුණේ මෙච්චර වෙලා අතේ තිබුණ දුන්න වෙනුවට කඩුවක් සහ පළිහක් මවාගෙන.


ඒත් එක්ක ම උරහිස තුවාල වුණ තරුණියත් කඩුවක් මවා ගනිද්දී අනිත් තරුණිය දිගට ම ඊතලවලින් රාක්ෂයාට පහර දුන්නා.උරහිසෙන් එන වේදනාවත් දරාගෙන තරුණිය එක අතකින් කඩුව හසුරුවමින් රාක්ෂයාත් එක්ක සටන් කරන් ගත්තා.අනිත් තරුණියත් කඩුවක් මවාගෙන රාක්ෂයා එක්ක සටනට එද්දී රාක්ෂයා යම් තරමක් දුරට පසු බෑමට ලක් වුණත් ඒ පසුබෑම තිබුණේ විනාඩි කීපයක් විතරයි.


රාක්ෂයාගේ කඩු පහරක් උරහිස තුවාල වුණ තරුණියගේ දකුණු ඇලය පසාරු කරගෙන යද්දී ඒත් එක්ක ම ක්‍රියාත්මක වුණ අනිත් තරුණිය රාක්ෂයාට කඩු පහරක් එල්ල කරත් රාක්ෂයා ඒක පහසුවෙන් ම නැවැත්තුවා.තුවාල වුණ තරුණිය උද්‍යානය මතට වැටෙද්දී අනිත් තරුණිය දිගට හරහට රාක්ෂයාට පහර එල්ල කරත් තරුණියගේ ශක්තිය රාක්ෂයා නවත්වන්න ප්‍රමාණවත් වුණේ නෑ.


අනිත් තරුණියගේ හදවත හරහා ම රාක්ෂයා ඊළඟ කඩු පහර කිදා බසිද්දී ඇයත් උද්‍යානය මත පතිත වුණා.ඒත් එක්ක ම ඔවුන් දෙදෙනාත් රත්තරන් පාට කුඩක් ව විසිරී යද්දී රාක්ෂයා වියරුවෙන් ඒ දෙස බලා සිටියා.


උද්‍යානයේ හතර වට දෙස ම දෑස් යොමු කළ රාක්ෂයා අසුරු සැනෙකින් අතුරුදහන් ව යද්දී කලින් තරුණිය සහ තරුණයා මිය ගිය ස්ථානයේ තිබූ රුධිරය එක් වෙමින් වෘක්ෂයක හැඩයක් නිර්මාණය වුණා.ටිකෙන් ටික එය ප්‍රාණවත් වෘක්ෂයක් බවට පත් වෙද්දී උද්‍යානයේ පිපී තිබූ සුදු රෝස මල් වලින් පෙත්ත ගානේ ඒ ගසේ අතුවල රැදුණේ ශාකයේ කොළ වෙනුවට.ඒත් එක්ක ම රත්තරං පාට රෝස පෙති හතරක් ඒ ගසේ ඉහළ ම අත්තේ තැන්පත් වුණා.


ගසෙන් රන්වන් පාට දිස්නයක් විහිදෙනවත් එක්ක ම මේක බලන් හිටපු මේධා,කේෂි වගේ ම යෑනුත් උද්‍යානය මතට කඩන් වැටුණා.


මේ සියල්ල ම වෙන අතරේ මේධාගේ කේෂිගේ වගේ ම යෑන්ගෙත් සිරුරුවල උෂ්ණත්වය තවත් පහත බසිමින් තමයි තිබුණේ.පර්සි,ඇනබෙක්,නිකෝ තමන්ට පුළුවන් උපරිමෙන් මේ අයට සිහිය ගන්න හැදුවත් ඒක හරි ගියේ නෑ.ඒත් එක පාරට ම මේධා,කේෂි,යෑන් තුන් දෙනා ටිකෙන් ටික ඇස් අරින්න ගත්තා.එයාලගේ සුදුමැලි බව ටිකෙන් ටික අඩු වෙද්දී සිරුරේ උෂ්ණත්වයත් මදින් මද යථාතත්වයට පත් වුණා.


තවත් විනාඩි කීපෙකට පස්සේ ඒ තුන්දෙනා ප්‍රාණවත් ව නැගිට්ටේ අනිත් තුන් දෙනා සැනසුම් සුසුම් හෙලද්දී.යන්තම් ඒ තුන්දෙනාට සිහිය එද්දී අනිත් තුන්දෙනා හිටියේ සිහිය නැතිවෙන තත්වෙක.වෙන මොකක් නිසාවත් නෙවෙයි බය වෙලා.එකපාර කණ්ඩායමේ තුන්දෙනෙක්ට සිහිය නැතිවුණාම හිතන්නකෝ නේ දැනෙන දේ.බැරි වෙලාවත් මුන් තුන්දෙනා මෙතන මැරුණා නම් එහෙම මොනවා කරන්න ද කාට කියන්න ද නේ.අන්තිමට ඕකට තරහ ගිහින් සියුස් මේ තුන්දෙනාව අලු කරන්න හැදුවොත් තවත් ලෙඩක් නේ.ඇයි ඉතිං සියුස්ගේ දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක් ම මෙතන නේ.


අන්තිමට පර්සිව මැරුවා කියලා පොසෙයිඩනුත් යුද්ධ ප්‍රකාශ කරා ම තවත් ෂෝක්.ඇයි එතකොට හේඩීස් ලොක්කා.කොහොම ද නේ ප්‍රධාන දෙවි තුන් කට්ටුව මරා ගනිද්දී.හරි ම සතුටුදායක තත්වයක් නේ.මොනා නැතත් මං නම් ආසයි ළමයි ඒ තුන් කට්ටුව මරා ගන්නවා බලන්න.කවදාහරි එහෙම තත්වයක් උදා වුණොත් මම එනවා ඒ යුද්ධයේ විස්තර විචාරය අරන් ඔයාලා ගාවට.ඔයාලටත් රසවිඳින්න දෙන්න ඕන නේ නේද? නැත්තම් හරි නෑ නේ.


කොහොම හරි ඉතිං මේ ත්‍රිබලට සිහිය ආවට පස්සේ මුලින් ම කළ යුතු රාජකාරිය වුණේ තමන් දුටුවේ යම් කිසි දෙයක් ද ඒ දුටු සියල්ල ඒ අයුරින් ම අනික් ත්‍රිබල ඉදිරියේ දිගහැරිමයි.තමන්ගේ ප්‍රථම රාජකාරිය වුණ ඒක මේ ත්‍රිබල හදවත පත්ලෙන් ම ඉටු කරා.කොහොම හරි මරා ගන්නේ නැතුව තුන්දෙනා සමඟියෙන් ඒක අනික් ත්‍රිබලට කිව්වා.


ඕක අහන් හිටපු මහා වීර පර්සි ජැක්සන් කිව්වේ මොළේ ඇති කතාවක්.ඒ කුමක් ද යත්,


" මට නම් හිතෙන්නේ කට්ටිය ෂුවර් එකට ම ඔය දැක්කේ ඔයාලගේ කලින් ආත්මයක් ද කොහෙ ද."පර්සි කිව්වා.


" ඔයා මොළේ ඇති කතාවක් කිව්ව ම ද කොහෙද?" යෑන් කිව්වා.ඔයාලා දන්නවා නේ ළමයි යෑන්ට කොහොමත් කට පියන් ඉන්න බෑ නේ ඉතිං.


පර්සි යෑන්ට හොදට අමතන්න මුඛය විවෘත කරත්,


" දැන් ඔය දෙන්නා මෙතන මරාගන්න එපා හරිද?" ඇනබෙත් එහෙම කිව්ව නිසා ඒ වළිය ආරම්භ නොවී අවසන් වුණා.


" මටත් හිතෙනවා ඒක අපේ කලින් ආත්මයක් වෙන්න ඇති කියලා.ඒත් මේ මුහුද යට මිනිස් පෙනුමට සමානව අපි කොහොමද හිටියේ?" මේධා ඇහුවා.


" අන්න ප්‍රශ්න! ඇත්තට ම කොහොමද?" යෑන් ඇහුවා.


" මට නම් නෑ ඕවට උත්තර." පර්සි කිව්වා.


" එතකොට ඒ රාක්ෂයා කවු ද?" කේෂි ඇහුවා.


" ඒකට ඉතිං නෝ ආන්සර් තමයි." පර්සි කිව්වා.


" ඔයාලට හොදට ම ෂුවර් ද ඒ රාක්ෂයා කිසිම කතාවක ඉන්න රාක්ෂයෙක් වගේ නෙවෙයි කියලා." ඇනබෙත් ඇහුවා.


" ඔව් අපි ඒ වගේ එකෙක් දැක්කෙ අද."මේධා කිව්වා.


" අනේ මන්දා මම හිතන්නේ මේවට උත්තර ඔක්කොම හේෂි ගාව ඇති.අපි දැන් එයාව හොයාගමු." පර්සි කිව්වා.


" පර්සි හරි." නිකෝ කිව්වා.


තවත් කාලය නාස්ති නොකර හය දෙනා ම කොරිඩෝව දිගේ ඉස්සරහට ම ගියා.ඒ වෙද්දී බොඳ වෙලා තිබුණ ඡායාරූප පැහැදිලි වෙලා තිබුණ නිසා කට්ටිය ම ඒවා බලන ගමන් ඉස්සරහට ගියා.ඒ හැම එකක ඹ හිටියේ යෑනුයි හේෂියි.තවත් ටික දුරක් යද්දී මෙයාලා දැක්කේ යෑන්,හේෂි,මේධා වගේ ම කේෂිත් එකට ඉන්න ඡායාරූප පෙළක්.ඒවායින් කියවුණේ එක එක අවස්ථා කියන එක මෙයාලට තේරුණා.තවත් පැය බාගයක් විතර ම ඔහොම යද්දී මෙයාලා ආවේ සිංහාසන ශාලාව කියන්න පුළුවන් තැනකට.


එයාලට ඉස්සරහින් දිලිසි දිලිසි තිබුණේ වීදුරු පෙට්ටියක්.ඊට එහායින් සුදු රෝස මලින් හැඩවුණු සිංහාසනයක්.වීදුරු පෙට්ටිය දැක්ක ගමන් ම පර්සි එතනට යන්න අඩිය තිබ්බත් හිතුවෙවත් නැති විදිහට එයාව අඩියක් දෙකක් පිටිපස්සට විසික් වුණේ මොකක් හරි ආවරණෙක වැඳිලා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

අලුත් රාක්ෂයෙක් මට ඕන විදිහට මං හදනවා හාද? ප්‍රධාන රාක්ෂයෙක් නෙවෙයි.එක අනු චරිතයක් විදිහට.දැන් තමයි පටන් ගත්තේ කතාව හරියට ම.එහෙනම් මම ගියා.ටටා බායි.

මම නුවී💫



Report Page