The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
දහහත්වන කොටස
බිමට වැටුණ මල පොළොවට සවි වෙලා පිපෙනවත් එක්ක ම එච්චර වෙලාවක් සැඟවිලා තිබුණ මාළිගාව කට්ටියගේ ඇස් ඉස්සරහා මැවුණා.තනිකර ම ධවල වර්ණයෙන් බබළමින් තමයි මාළිගාව තිබුණේ.තමන්ට පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා බලපු කට්ටිය දැක්කේ කිඳුරන්ව.මාළිගාව ළඟට එනවත් එක්ක ම කිසියම් ආවරණයක වැදිලා එයාලා අඩි ගාණක් ඈතට විසිවෙලා ගියා.
" ඒ මොකද වුණේ?" එකපාරටම වුණ දේ හිතාගන්න බැරුව හිටපු යෑන් ඇහුවා.
" අනේ ඇත්තට ම ඔයාගේ මොළේ මැටි ද තියෙන්නේ කොල්ලෝ? මං මෙච්චර කාලෙකට හිතන් හිටියේ පර්සිට විතරයි එහෙම කියලා.බලන් යද්දී ඔයත් එහෙම නේ." ඇනබෙත් ඇහුවා.
" මගේ මොළේ නම් හොඳට තියෙනවා.ඔයාගේ කොල්ලගේ මොළේ නම් කොහොමත් පාසි තමයි ඉතිං." යෑන් කිව්වා.
" තමුන්ට මම....." පර්සි එහෙම කියනවත් එක්ක ම යෑන් දිහාට වතුරෙන් පීඩනය එල්ල කරන්න හැදුවත් පර්සිගේ වතුර පාර ආපස්සට ඇවිත් පර්සිට ම වැදුණේ පර්සි අඩියක් දෙකක් පිටිපස්සට විසික් වෙද්දී.
" පර්සි ඔයා හොඳින් නේද?" ඇනබෙත් ඇහුවා.
" අවුලක් නෑ.ඒක කොහොමද කළේ?" පර්සි ඇහුවේ කිසි ගාණක් නැතුව ඔහේ මාළිගාව දිහා බලන් ඉන්න යෑන්ගෙන්.
" මොකක්ද?" යෑන් ඇහුවේ එක තත්පරේකට මාළිගාවෙන් ඇස් අයින් කරගෙන.
" ඔයා කොහොමද ඒ වතුර පාර ආපස්සට එව්වේ කියලා ඇහුවේ." පර්සි කිව්වා.
" මොන වතුර පාරක් ද අනේ.අනික මම කරපු දෙයක් නෑ.මම මේ මාළිගාව දිහා නේ බලන් හිටියේ." යෑන් කිව්වා.
" ඒක දැන් වැඩක් නෑ.අපි ඉක්මන් කරන්න ඕන." කේෂි කිව්වා.
" ඔව්, මම හිතන්නේ තව ටිකකින් කොහොමත් අර ආරක්ෂක ආවරණෙත් කැඩිලා යයි." නිකෝ කිව්වා.
" එහෙනම් අපි ඉක්මන් කරමු." පර්සි කිව්වා.
කට්ටිය ම මාළිගාව දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.එයාලා මාළිගාවට ළං වෙන්න වෙන්න ම මාළිගාවේ දිස්නය වැඩි වෙන්න ගත්තේ කට්ටියව පිළිගන්න වගේ.හැබැයි ළමයි මෙයාලගේ කරුමෙක තරම කියන්නේ විනාඩි දහයක් ඇවිදලාත් තාම බැරිවුණා මාළිගාවේ දොර ළඟට යා ගන්න.
" තව කොච්චර දුර ද අප්පා.අනේ මන්දා හරියට අපි ළං වෙන්න වෙන්න මාළිගාව ඈතට යනවා වගේ නේ." යෑන් කිව්වා.
" අනේ මන්දා යෑන්,දැන් නම් මටත් එහෙම හිතෙනවා." මේධා කිව්වා.
තවත් විනාඩි ගාණක් මෙයැයිලා මාළිගාවේ දොරටුව ළඟට පිය මැන්නා.
" බුදු අම්මෝ!ඇති යන්තම්." එකපාරට යෑන් එහෙම කියද්දී කට්ටිය ම බැලුවේ එයා දිහා.
" ඇයි ඔහොම බලන්නේ?මොකක්ද පුරශ්නේ?" යෑන් ඇහුවා.
" ප්‍රශ්නෙ ද? ප්‍රශ්නේ තමයි තමුන්ගේ කට." මේධා කිව්වා.
" ඇත්තට.මං දැක්කනේ මේ කට නැති ටිකේ කෙනෙක්ගේ මූණ.සත පහේ කාසියත් හොඳයි ඊට වඩා." යෑන් කිව්වා.
" මම කියන්නෑ ඉතිං කාගේ මූණ ද සත පහ වගේ කියලා." මේධා කිව්වා.
" ඇයි අනේ කියන්නේ නැත්තේ? කියන්නකෝ බලන්න.මමත් ඉන්නේ ආසාවෙන් අහන්න." යෑන් කිව්වා.
" ගවේෂණේ ඉවර වුනාම බලාගන්නම් මම තමුසේ ගැන." මේධා කිව්වා.
" ඇයි ඉවර වුණා ම,මේ ඉන්නේ කොල්ලා ලස්සනට.බලාගන්නකෝ දැන් ම." යෑන් කිව්වා.
" පස්සේ ඔය දෙන්නා වාද කරන්න.අපිත් එන්නම් සපෝර්ට් එකට.දැන් යමු ඇතුළට.නැත්තම් මේ දොර තව ටිකක් ඈතට යයි." ඇනබෙත් කිව්වා.
" හරි හරි යමු." මේධා කිව්වා.
ඔක්කොට ම කලින් ඉස්සර වුණ පර්සි මාළිගාවේ දොරටුව අරින්න හැදුවත් ඒ වැඩේ හරි ගියේ නෑ.පුදුමේ කියන්නේ ළමයි.යෑන් එක අතයි දොරටුවට තිබ්බේ දොරටුව ඇරුණා.
කට්ටියගේ ඇස් කටේ.ස්පෙශලි පර්සිගේ.
" යන්නැද්ද ඇතුළට?" යෑන් ඇහුවා.
කට්ටිය ම මාළිගාවට ඇතුළු වුණා.ඒත් එක්කම එයාලට පිටිපස්සෙන් දොරටුව වැහිලා ගියේ කට්ටිය ම ගැස්සිලා පිටිපස්ස හැරෙද්දී.
" ඒකත් හරි,විහින් අහුවුණා ද මන්දා." යෑන් කිව්වා.
" පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවකෝ යෑන්." කේෂි කිව්වා.
" හරි හරි ඉතිං,ඕකට කෑ ගහන්න ඕන ද?" යෑන් කිව්වා.
මේධාගෙන් ලැබුණ අති දරුණු ගණයේ රැවිල්ලක් නිසා යෑන්ගේ කට ඉබේම වැහිලා ගියා.
හැමෝගෙම ඉස්සරහ තිබුණේ සුදු පාට කොරිඩෝවක්.කිසිම කතාවක් නැතුව හැමෝම නිශ්ශබ්දව කොරිඩෝව දිගේ ඉස්සරහට ගියා.කට්ටියට ම එහෙම යන්න පුළුවන් වුණේ බොහොම පොඩි දුරයි.එයාලගේ ඉස්සරහින් මතුවුණේ තඩි තඩි ම යෝධ හිකනැලෙක්.නෑ නෑ එච්චර දරුණු දෙයක් නෙවෙයි සුදුපාටින් දිලිසෙන කණ්ණාඩියක් තමා මෙයාලගේ ඉස්සරහින් තිබුණේ.
" මේක මොකට ද මෙතන? අපි දැන් මේකෙන් මූණ බලන්න ඕනද?" යෑන් ඇහුවා.
" ඔය සත පහ මූණේ ආයේ මොනා බලන්න ද යෑන්." මේධා කිව්වා.
" හාකෝ ඉතිං.දරාගමි මම හිත තුටින් ඔබ කරන නින්දා සියල්." යෑන් කිව්වා.
" ඉඳලා ඉඳලා යෑන් කවිත් කියනවා නේ." කේෂි කිව්වා.
" හැකියාව තමයි ඉතිං." යෑන් කිව්වා.
කට්ටියට එයාලගේ සංවාදය ඉදිරියට කරගෙන යන්න බැරි වුණේ කණ්ණාඩිය එකපාරටම රත්තරං පාටින් දිලිසෙන්න ගත්ත නිසා.රත්තරං පාට එළිය අඩු වෙනවත් එක්ක ම කණ්ණාඩියේ දිස්වුණේ වාක්‍ය ත්‍රිත්ත්වයක්.
ඉරණමට අනුව ඔහු නැවත පැමිණේවි!
මතක මාළිගාව යළි ජීවය ලබාවී!
ලෙයට ලෙයින් පළිගැනීම සිදු වේවි!
තත්පර ගාණක් වාක්‍ය ටික පෙනිලා කණ්ණාඩිය අතුරුදහන් වෙලා ගියා.
" ඒ පාර තවත් අනාවැකියක් ද?" නිකෝ ඇහුවා.
" මං හිතන්නේ අනාගතේ වෙන දෙයක් ගැන ඉඟියක් තමයි." ඇනබෙත් කිව්වා.
ආයෙමත් කට්ටිය ඉස්සරහට යන්න පටන් ගත්තා.ටික දුරක් යද්දී කොරිඩෝව දෙපැත්තේ බිත්තිය තුළින් පේන්න ගත්තේ බොඳවුණු අපැහැදිලි රූප වගයක්.යෑන් කිව්වා වගේ ම ඒ තිබුණේ තරුණයෙක්ගෙයි තරුණියකගෙයි රූප වගයක්.හරියට ම බැලුවොත් මතක වගගයක්.
රූප ටික ටිකෙන් ටික පැහැදිලි වෙනවත් එක්ක ම යෑන් ඔළුවත් අල්ලගෙන බිම ඉඳගත්තේ යෑන්ගේ කටින් වේදනාත්මක හඬක් පිට වෙද්දී.
කට්ටිය ම යෑන් ළඟට කිට්ටු වුණේ එකපාරට ම මොකක් වුණා ද කියලා හිතාගන්න බැරුව.යෑන් අත්දෙකෙන් ම ඔළුව බදාගෙන කෑ ගහන්න ගත්තේ අනිත් අය බයවෙලා බලන් ඉද්දී.
එකපාරට ම යෑන් එහෙම්ම ම සිහිය නැතුව වැටුණේ මේධා වගේම කේෂිත් ඒත් එක්ක ම සිහිය නැතුව වැටෙද්දී.කර කියා ගන්න දෙයක් නැතුව හිටපු ඇනබෙත්,පර්සි වගේ ම නිකෝට පුළුවන් වුණේ එයාලා තුන්දෙනාව ම කණුවකට හේත්තු කරලා බලන් ඉන්න විතරයි.කොච්චර කතා කරත් තුන් දෙනාගෙන් එක් කෙනෙක් වත් පුංචි ම සද්දයක් නැතුව ඔහේ හිටියා.
තුන්දෙනාගේ ඇඟේ උණුසුම එන්න එන්න ම අඩු වෙනවා කියලා තේරෙද්දී ඇනබෙත් ,පර්සි වගේ ම නිකෝ පුළුවන් තරම් එයාලට සිහිය ගන්න උත්සාහ කළා.එයාලගේ මූණත් සුදුමැලි වෙද්දී එයාලට සිහිය එන පාටක් නම් තිබුණේ නෑ.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
හායි ළමයි! ගොඩ කාලෙකින් නේද? ඔන්න එහෙනම් ආයෙත් ආවා.මොකෝ කියන්නේ කට්ටිය තුන් දෙනාව ම එකපාර මරලා දාමුද? ටික ටික මරලා දාමුද? තීරණය ඔබ සතුයි.ටටා බායි.
මම නුවී💫