The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
දහසයවන කොටස
ඒ දෙන්නා නැඟිටිද්දීත් යෑන් ඇරෙන්න අනිත් අය නම් නැඟිටලා ලෑස්ති වෙලා හිටියේ.කොහොමත් ළමයි යෑන්ට ඉතිං මේධාගේ දේශනාව ඇහුවේ නැත්තම් දවස සුබ නෑ ලු නේ.ඒ හින්දා දේශනාව පටන් ගන්නකම් ම යෑන් නිදි.
වෙනදා වගේම මේධා යෑන්ව ඇහැරවන්න හදද්දී මැදින් පැන්න පර්සි,
" අද ඔයා ඉන්න නංගි.වෙනසකටත් එක්ක මේ නිදිකුම්බරයාව මම අද නැඟිට්ටවන්නම්." එහෙම කිව්වා.
" ඔයාගේ කැමැත්තනේ මගේ අකැමැත්තක් නෑ ඉතිං." මේධා කිව්වා.
යෑන් වටේට වටවෙලා කට්ටිය බලන් හිටියේ පර්සි මොනවා කරන්න යනව ද කියලා.එකපාරට ම යෑන්ව සම්පූර්ණයෙන්ම නෑවිලා යන විදිහට පර්සි වතුර පාරක් යෑන්ට ගැහුවේ යෑන් කැහැ කැහැ ම නැඟිටිද්දී.
" Good morning කොල්ලෝ!" යෑන් නැඟිට්ට ගමන් පර්සි කිව්වා.
" එතකොට ඔයා ද මාව නෑව්වේ?" යෑන් ඇහුවේ වතුර බේරෙන තමන්ගේ ඇඳුම් දිහා බලාගෙන.
" මෙහෙමනේ ඉතිං ඔයා නාලත් නැති එකේ පොඩ්ඩක් නෑවට අවුලක් වෙන එකක් නෑ.කොහොමත් ඉතිං අපිත් මෙතන නහයක් තියාගෙන ඉන්න එපැයි." පර්සි කිව්වා.
ඒත් එක්ක ම ඔක්කොට ම කලින් මේධායි කේෂියි දෙන්නා කැකිරි පලන්න ගත්තේ අනිත් අයත් ඒකට එකතු වෙද්දී.
" හරි ෂෝක් විහිළුව.හරියට හිනා යනවා." යෑන් කිව්වා.
" ඒකනේ යෑන් අපි මේ හිනා වෙන්නේ. " මේධා කිව්වා.
" මෙහෙමත් සහෝදරියෝ.තමන්ගේ සහෝදරයට වඩා වෙන එවුන් ලොකු වෙලා.අපිට කුඩම්මගේ සැලකිලි තමයි ඉතිං." යෑන් කිව්වා.
" කවද්ද යෑන් මම ඔයාගේ කුඩම්මා වුණේ?" මේධා ඇහුවා.
" මං කියන්නෑ වුණ දවස ඉතිං." යෑන් කිව්වා.
" ඇති ඇති ඉතිං දැන් යෑන් ලෑස්ති වෙලා එනකම් අපි උදේ කෑම ලෑස්ති කරමු නේ." ඇනබෙත් කිව්වේ තව ටිකකින් මෙතන වළියක් යන්න තියෙන ඉඩකඩ අහුරා දමමින්.
උදේට බඩ පිරෙනකම් කාලා කට්ටිය ම ලෑස්ති වුණේ මුහුද යටට යන්න.කෑම කන අතරතුර හේෂි එයාලට කිව්ව දේවල් ටික මේධායි කේෂියි අනිත් අයට විස්තර කළා.
" දැන් අපි මේ සීතලේ මුහුද යටට යන්න ඕන කියලද ඔයා කියන්නේ." යෑන් ඇහුවේ පර්සිගෙන්.
" ඔව් ඉතිං හේෂි කිව්වෙත් එහෙම නේ." පර්සි කිව්වා.
" එතකොට අපි හුස්ම ගන්නේ?" යෑන් ඇහුවා.
" ඒක ද තිබුණ ලොකුම ප්‍රශ්නේ?" පර්සි ඇහුවා.
" ඔව් ඉතිං." යෑන් කිව්වා.
" අනේ මෝඩයෝ ඇයි මතක නැද්ද අපිට පොසෙයිඩන් දුන්න පෑළෑටි ටික." මේධා ඇහුවා.
" අර තණකොළ ගස් ටිකද?" යෑන් එහෙම කියද්දී පර්සි යෑන්ට හොඳට රැව්වා.
" හරි ඔයාට එපා නම් ඔයා ඕන දෙයක් කරගන්න.අනිත් අයට ඒ ටික දෙන්න මේධා." පර්සි කිව්වා.
" ආ..හරි.ඒත් මෙතන තියෙන්නේ පෑළෑටි පහයි නේ.එතකොට අපි හයයි." මේධා කිව්වා.
" අයියෝ මේධා,පර්සි අයියට ඕවා ඕන නෑ නේ.එයා පොසෙයිඩන්ගේ පුතෙක් නේ" කේෂි කිව්වා.
" අමතක වුණා." මේධා කිව්වේ පැළෑටි ටික කට්ටිය අතරේ බෙදන ගමන්.යෑන්ට නොදී මේධා ඉතිරි පැළෑටිය පෙට්ටගමට ම දාගත්තා.
" මටත් දෙන්න." යෑන් කිව්වා.
" මං හිතුවෙ ඕන නෑ කියලා." ඉතිරි පැළෑටිය යෑන්ට දෙන ගමන් මේධා කිව්වා.
කට්ටිය ම පැළෑටිය කාලා මුහුදට පැන්නා.ඒත් එක්ක ම නැව අතුරුදහන් වෙලා ගියේ කට්ටිය බලන් ඉද්දීමයි.
" දැන් අපි ආපහු යන්නේ මොකේද?" යෑන් ඇහුවා.
" ඒක නොපෙනී ගියා විතරයි කොල්ලෝ.තාම ඒක මෙතන තියෙනවා." පර්සි කිව්වා.
" හ්ම්...."
" අපි දැන් මොකද කරන්නේ? " කේෂි ඇහුවා.
" හේෂි කිව්ව කෙනාව හොයාගන්න වෙනවා." පර්සි කිව්වා.
" මතකයි නේ පර්සි,කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා." ඇනබෙත් කිව්වා.
" හරි මට මතකයි." පර්සි කිව්වා.
හය දෙනා ම මුහුදේ කිමිදෙන්න පටන් ගත්තා.
" ඇත්තට ම මුහුද යට මාර ම ලස්සනයි නේ.හැමදාම ඉන්න හිතෙනවා." යෑන් කිව්වා.
" එහෙම තමා.මුහුද ලස්සනයි කොහොමත් ඔය වළාකුළු පිරිච්ච අහසට වඩා." පර්සි කිව්වා.
" හා හා..දෙන්න ම ඕක නවත්ත ගත්තොත් හොඳයි.කොච්චරවත් ඇවිලෙන්නමයි බලන්නේ." ඇනබෙත් කිව්වා.
" තව කොච්චර දුර ද අප්පා." නිකෝ ඇහුවා.
" හරියට ම කියන්න බැ.හැබැයි අපි ඉන්නේ කිඳුරු රාජධානියේ." පර්සි කිව්වා.
" එක කිඳුරෙක්වත් පේන්න නැත්තේ මොකද එතකොට?" කේෂි ඇහුවා.
" ඒකනම් මටත් ප්‍රශ්නයක් කේෂි" පර්සි කිව්වා.
ටික දුරක් පීනුවත් කිසිම කිඳුරෙක් බලාගන්න පුළුවන් කමක් මේ අයට තිබුණේ නෑ.
" අපිට ඉක්මන් කරන්න වෙනවා.එක දවසයි අපිට තියෙන්නේ." මේධා කිව්වා.
ඒත් එක්ක ම පර්සි හිටිගමන් නැවතුණා.
" ඇයි පර්සි මොකද වුණේ?" ඇනබෙත් ඇහුවා.
" අරයා එයා තමයි මං හිතන්නේ කෙනා." පර්සි කිව්වේ ටිකක් ඈතින් පීනන් එන කිඳුරෙක් පෙන්නන ගමන්.
" මම කතා කරන්නම්.ඔයාලා ටිකක් හැංගිලා ඉන්න.අවධානමක් ගන්න ඕන නෑ නේ." පර්සි කිව්වා.
කොරල් පර අතර කට්ටිය සැඟවෙද්දී පර්සි හෙමීට අර කිඳුරා ළඟට ගියා.
" කොහොමද ඔයාට?" පර්සි කිඳුරගෙන් ඇහුවා.
එකපාරට බය වුණ කිඳුර තමන් අතේ තිබුණ හෙල්ල වගේ එක ඇදලා ගත්තත් එකපාරට ම දෙයක් මතක් වුණා වගේ පර්සිට ආචාර කලා.
" ඔබ නේද පොසෙයිඩන් දෙවිඳුන්ගේ පුත්‍රයා?" ඔහු ඇහුවා.
" ඔව් ඒ මම තමයි." පර්සි කිව්වා.
" එසේ නම් ඇය පැවසුවා වගේ ම ඔබ පැමිණිලා.ඇයව සොයාගෙන." ඔහු පැවසුවා.
" කෝ අනිත් අය?" පර්සි ඇහුවා.
" ඔවුන් ආයුධ සූදානම් කරනවා.ඊළඟ යුද්ධය සඳහා.දෙවිවරුන්ට විරුද්ධ ව." ඔහු පැවසුවා.
" මොකක්?"
" ඒක ඇත්ත.ඉක්මනින් පැමිණෙන්න මාත් සමඟ.වැඩි වෙලාවක් නෑ." ඔහු පැවසුවා.
" එතකොට ඔයා?" පර්සි විමසුවා.
" මම ඔබලට සහය වෙනවා.මම ඇලන්.අවුරුදු ගණනාවක් තිස්සේ මතක මාළිගාවේ ආරක්ෂකයා." ඔහු පැවසුවා.
පර්සිගෙන් ලැබුණු සංඥාවත් සමඟ අනිත් අය ද එතනට ඉක්මනින් ආවා.
යෑන්ව දැක්කා විතරයි ඇලන් එකපාරට එයාටත් ආචාර කළා කියහන්කෝ.යෑන්ගේ ඇස්දෙක කටේ.
" දෛවයට අනුව ඔබ නැවත පැමිණිලා." ඇලන් කිව්වා.
මේ කියන දේවල් එකක්වත් තේරුම් ගන්න බැරුව යෑන් ඇස් දෙක ලොකු කරගෙන ඇලන් දිහා බලන් ඉද්දී අනිත් අයගේ තත්වයත් ඊට දෙවෙනි වුණේ නෑ.
" ඔබට ඉක්මනින් සියල්ල වැටහේවි.දැන් පැමිණෙන්න මා සමඟ.අපි ඉක්මන් කළ යුතුයි." ඇලන් කිව්වා.
ඇලන් පසුපස සියලු දෙනාම පිහිනා ගියේ වටපිටාව පිළිබඳ හොඳ සෝදිසියකින්.
" තව කොච්චර දුර ද ඇලන්.? " පර්සි ඇහුවා.
" අපි දැන් බොහොම සමීපවයි සිටින්නේ.තව මඳ දුරයි." ඇලන් කිව්වා.
" දැන් නම් එපා වෙනවා." යෑන් කිව්වා.
ඇලන් ඇතුළු ව අනිත් හය දෙනාගෙන් ම ඔහුට මාරාන්තික බැල්මක් ලැබුණ නිසා යෑන් කටවහගෙන ඇලන් පස්සෙන් ම පීනුවා.
ඒත් එකපාරට ම මෙයාලාට පිටිපසුන් හෙලි වර්ෂාවක් එල්ල වෙන්න ගත්තේ කවුරුත් නොහිතපු විදිහට.
" ඔවුන් ඇවිල්ලා." ඇලන් කිව්වා.
කට්ටිය ම තමන්ගේ ආයුධ අරගෙන සටනට ලෑස්ති වෙද්දී,
" ඇලන්,ඔබ ඔය කරන්නේ ඔබේ වර්ගයාට ද්‍රෝහි වීමක්.තාමත් වෙලා තියෙනවා එකතු වෙන්න අපිට." කිඳුරන් අතර සිටි අයෙක් කිව්වා.
" මෙයයි මගේ රාජකාරිය." ඇලන් කිව්වා.
" එසේ නම් ඔබටත් හිමි මරණය." අර කිඳුරා කිව්වා.
" මට මෙතනින් එහාට එන්න විදිහක් නෑ.අර ගන්න මේ රෝස පුෂ්පය.එය පෙන්නාවි ඔබලාට මාර්ගය.ඔබලා මෙතනින් පිටත් වන්න.මට හැකියි මොවුන්ව නවතා ගැනීමට.එසේ ම මතක තියාගන්න ඔය පුෂ්පය මාළිගාව ඇතුළු වූ විගස විසි කර දමන්න." ඇලන් පැවසුවේ පර්සි අතින් කහ පැහැති රෝස මලක් තබමින්.
" හරි මට තේරුණා." පර්සි කිව්වා.
පර්සි ඇතුළු පිරිස එතනින් ඉවතට පීනත් ම ඇලන් කිසිම කිඳුරෙකුට ඔහුව පසුකර නොයනු හැකි ලෙස ආරක්ෂක ආවරණයක් සෑදුවා.තම හෙල්ලය අතට ගත් ඇලන් තමා වෙත පැමිණෙන කිඳුරන් සමඟ සටන් කරන්නට ගත්තා.
මේ වෙද්දී තමන්ට පුළුවන් උපරිම වේගෙන් කට්ටිය අර රෝස මල පිටුපස පීනමින් හිටියා.එකපාරට ම ඇසුණු දැඩි ශබ්දයක් සමඟ මුහුද කම්පනය වෙලා ගියා.
" ඒ ඇලන්." නිකෝ කිව්වා.
" ඒ කියන්නේ එයා.." කේෂි ඇහුවා.
" ඔව් එයා මැරුණා.අපි ඉක්මන් කරන්න ඕන.දැනට ම එයාලා අපි පස්සෙන් එනවා ඇති." නිකෝ කිව්වා.
තව මඳ දුරක් පිහිනත් ම රෝස මලේ දිස්නය වැඩි වුණා.එන්න එන්න ම වැඩි වෙන දිස්නයත් එක්ක එයාලා ඉස්සරහින් මැවුණේ රත්තරන් පාට ගේට්ටුවක්.රෝස මල ගේට්ටුවේ හිඩැස් අතරින් ඇතුළට යනවත් එක්ක ම ගේට්ටුව විවර වුණා.කට්ටිය ම විවර වුණු ගේට්ටුවෙන් ඇතුළට ගියා.ඇලන්ගේ උපදෙස් අනුව මාළිගා භූමියට ඇතුළු වුණ ගමන් ම පර්සි අර රෝස මල විසිකරලා දැම්මා.ගේට්ටුවෙන් ඇතුළත තිබුණේ සාමාන්‍ය පොළොවක්.
බිමට වැටුණ මල පොළොවට සවි වෙලා පිපෙනවත් එක්ක ම එච්චර වෙලාවක් සැඟවිලා තිබුණ මාළිගාව කට්ටියගේ ඇස් ඉස්සරහා මැවුණා.තනිකර ම ධවල වර්ණයෙන් බබළමින් තමයි මාළිගාව තිබුණේ.තමන්ට පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා බලපු කට්ටිය දැක්කේ කිඳුරන්ව.මාළිගාව ළඟට එනවත් එක්ක ම කිසියම් ආවරණයක වැදිලා එයාලා අඩි ගාණක් ඈතට විසිවෙලා ගියා.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
මොනා වෙයි ද ඉස්සරහට.කවුද දන්නේ නේ.එක් කෙනෙක්ව මැරුවා.තව ඉන්නවා නේ.බලමු බලමු.එහෙනම් මම ගියා.
මම නුවී💫