The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


පහළොස්වන කොටස


කොහොමින් කොහොම හරි ඊළඟට ඇහැරිලා ඉන්න වාරය උදා වුණේ අපේ යෑන් කොල්ලට.මේධා කොච්චර උත්සහ කළත් යෑන්ව නැඟිට්ටවන්න පුළුවන් වුණේ නෑ.කලින් පාර වගේ ම යෑන්ගේ ඇඟ සීතල වෙන්න ගත්ත නිසා මේධා හිටියේ හොඳට ම බය වෙලා.අනිත් අයත් යෑන්ව නැඟිට්ටවන්න හැදුවත් ඒක හරි ගියෙ නෑ.


මෙයාලා මෙහේ ඔළුව ගිනි අරගෙන ඉන්න වෙලේ මේ කිසිම දෙයක් නොදන්න යෑන් හිටියෙ සුවදායී නින්දක් ලබන ගමන් ම එයා කලින් වතාවක් දැක්ක මාළිගාව ළඟ.වටේ ම සිරි නරඹ නරඹ යෑන් ඉන්න අතරේ මේධලා මෙහෙ ෆුල් ට්‍රයි එකක් දුන්නා යෑන්ව නැඟිට්ටවන්න.


යෑන් කොල්ලා නිදි අතරේ අනිත් කට්ටිය එයාව නැඟිට්ටවන්න බිසී වෙලා ඉන්න අතරේයි එකපාරට ම මුහුද දෙබෑ කරගෙන කොහෙදේ මුල්ලක හිටපු ලොකු සර්පයෙක් මතු වුණේ මෙයාලව අන්ත අසරණ කරමින්.


" ඕ..ෂික්.මේකා මොන ලෝකෙන්ද කඩන් පාත් වුණේ? මේවට තමයි කියන්නේ අලි මදිවට කොටි කියලා." මේධා එහෙම කියන ගමන් ම කඩුවත් අරගෙන අහසට ඉගිලුණේ සර්පයාව පරලොව යවන්න හිතාගෙන.


යෑන් නම් තාමත් හිටියෙ සැප නින්දක.


හැමෝම සර්පයාට නැවේ ඉඳන් පහර දෙද්දී පර්සි මුහුද යට කිමිදිලා සර්පයාට පහර දුන්නා.


අති උද්වේගකර සටනකින් පසුව සර්පයාව පරලොව අරින්න අපේ මේ වීරයෝ ටිකට පුළුවන් වුණත් යෑන් තාම නිදි.


මෙයාලා සර්පයාට පහර දෙන අතරේ යෑන් හිටියෙ කලින් එයා දැක්ක මාළිගාවේ උද්‍යානේ ඇවිද ඇවිද ඉන්න පරිමි කෙනෙක් සහ ගැහැණු කෙනෙක් දිහා බලාන.කලින් පාර බොඳ වෙවී පෙනුණ රූප වෙනුවට මේ පාර ඒ පිරිමි කෙනාගේ රූපය ගොඩක් පැහැදිලි ව පෙනුණා.


ඒ පෙනෙණ රූපය දිහා යෑන් බලන් හිටියේ පුදුමයෙන්.මොකද ඒ පිරිමි කෙනා තනිකර ම යෑන්ගේ කොපියක්.ඔව් යෑන්ට අවුරුදු විසි පහේදී වගේ පෙනුමක් තමයි එයාට තිබුණේ.යෑන්ට වැඩි වෙලාවක් එහෙම බලන් ඉන්න නොවුණේ එකපාරට ආපු ඊතලයකින් අර ගෑණු කෙනාගේ හදවත පසාරු කරගෙන ගියපු නිසා.ඒත් එක්කම පිරිමි කෙනාගේ හදවතත් ඊතලයකින් පසාරු වුණේ යෑන් ,


" එපා..." කියලා කෑ ගහගෙන නැගිටිද්දී.


නැඟිට්ට ගමන් හයියෙන් හයියෙන් හුස්ම ගන්න යෑන් දිහා අනිත් අය බලන් හිටියේ පුදුම වෙලා.මේධා යෑන්ට වතුර බෝතලයක් දික් කරා.වතුර බෝතලය ගත්ත යෑන් ඒක එක හුස්මට බීගෙන බීගෙන ගියේ අවුරුදු ගාණකින් වතුර බිඳක්වත් බීලා නැති කෙනෙක් ගාණට.


" මරූ ඈ.ඔයා මෙතන නිදා ගන්න.අපි මෙහෙ රාක්ෂයෝ මරන්න." පර්සි කිව්වා.


" ඉතිං ඔයාලත් නිදාගන්න එපැයි.මම එපා කිව්වේ නෑ නේ." යෑන් කිව්වා.


" අනේ මෝඩයො ඔක්කොම නිදාගත්තහම රාක්ෂයෝන්ව බලාගන්නේ කවුද? ඊයෙ රෑ කතාකරගත්ත දේවල් මතක නැද්ද?" මේධා කෑ ගහන්න ගත්තා.


" තාම ඉර පායලත් නෑ.ඔයාලා ඇයි ඇහැරගෙන." යෑන් ඇහුවා.


" දැන් හරිනම් ඔයයි ඇහැරගෙන ඉන්න ඕන.අපි නෙවෙයි.තමුන් මෙතන හොඳට නිදාගෙන නේ හිටියේ.අපි කොච්චර කතා කරාද?" ඇනබෙතුත් මේධාට නොදෙවෙනිව කෑ ගැහුවා.


" ඇත්තට ම ඔයාට මොකද වුණේ යෑන්?" කේෂි ඇහුවා.


" මොනවා වෙන්නද කේෂි? එදා වගේ කෙල්ලෙක්ට මල් කඩන්න ඇති." පර්සි කිව්වා.


" අනේ මේ පර්සි.එහෙම මඟුලක් නෙවෙයි.මං ආයෙත් අර මළිගාවට ගියා.එදා මං දැක්ක........................" යෑන් එයා දැකපු දේවල් සේරම කට්ටියට ම විස්තර සහිතව සවිස්තරාත්මක ව කියලා ඉවර වෙද්දී ඉරත් යන්තම් පායගෙන ඇවිත්.


" ඒ කියන්නේ ඒ පිරිමි කෙනා ඔයා වගේ කියලද?" නිකෝ ඇහුවා.


"ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ." යෑන් කිව්වා.


" ඔයා හිතනව ද එතන තමයි හේෂි ඉන්නේ කියලා." මේධා ඇහුවා.


" ඔව්.එයා ඉන්නේ වීදුරු පෙට්ටියක වගේ එකක." යෑන් කිව්වා.


" හ්ම්...හරි එහෙනම් අපි උදේ කෑම ගමු නේද?" ඇනබෙත් ඇහුවා.


කට්ටියම උදේ කෑම අරගෙන බලන් හිටියේ ඊළඟ රාක්ෂයා කොහෙන් මතුවෙයි ද කියලා.


එදා දවස ඉවර වෙද්දී මේ කට්ටිය රාක්ෂයෝ සීයකට වඩා පරලොව යවන්න ඇති.හොඳට ම හෙම්බත් වෙලා කොහොම හරි එදා රෑ වෙද්දී මේ කට්ටිය කිඳුරු රාජධානිය කිට්ටුවට ආවා.


" හරි කට්ටිය,එහෙනම් දැන් අපි ඇවිත් ඉන්නේ.අපි හෙට උදේම මුහුදේ කිමිදුණොත් තමයි හොඳ මං හිතන්නේ."පර්සි කිව්වා.


" ඔව්.දැන් අපිට හොදට ම මහන්සියි." යෑන් කිව්වා.


" හරි එහෙනම් හෙට උදේම වැඩ පටන් ගමු." ඇනබෙත් කිව්වා.


හෙට උදේට සේරම වැඩ ටික දාගෙන මේ අය ලෑස්ති වුණේ හොඳට නිදාගන්න.


ඇස් පියාගත්ත ගමන් ම මේධායි කේෂියි දෙන්නම හිටියේ මුහුද යට ධවල වර්ණ මාළිගාවේ.යෑන් දැකපු දේවල් සේරම මේ දෙන්නටත් ඒ විදිහට ම දැකගන්න පුළුවන් වුණා.අන්තිමට ම මේධාටයි කේෂිටයි ඇහුණේ හේෂිගේ කටහඬ.


" ඔයාලා ඇවිත්.තව ටිකයි.මුහුද යට සැඟවුණු මාළිගාව සොයා ගන්න.එක දවසක් ඇතුළත.මතක තියාගන්න මම දුන්න රෝස පෙත්ත.ඒක උදව් වෙයි ඔයාලට.විශ්වාස කරන්න එපා කිඳුරු රාජධානියේ කාවවත්.එක් අයෙක් ඇරෙන්න.ඔහුව අඳුරගනීවි සමුදුරේ පුත්‍රයා.ඔහු පෙන්නාවි මාර්ගය ඔබලට.මතක තියාගන්න මා පැවසූ සියල්ල.දැන් අවදි වන්න.මා අවදි කරවිය යුතු කාලය උදා වෙලා."


හේෂිගේ කටහඬ ටිකෙන් ටික නෑසී යනවත් එක්කම මේධායි කේෂියි දෙන්නා අවදි වුණා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

හේෂිව අවදි කරවන්න මෙයාලට පුලුවන් වෙයිද? තව ටිකයි ළමයි කතාව ඉවරයි එතකොට.

ටටා බායි.

මම නුවී💫



Report Page