The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


දහහතරවන කොටස


මං අර කලින් කිව්ව නිශ්චල මුහුද එකපාරට ම චංචල වෙලා මුහුදු රළක් ඉස්සුණා අහස උසට.මුළු මුහුද ම කැළඹිලි ස්වභාවයක් ගනිද්දී පර්සි යෑන් දිහා බලන් හිටියා දැන් ඇත් ද උබට වගේ බැල්මකින්.


" මොකෝ ඔහොම බලන්නේ? මමැයි කළේ?" යෑන් කිව්වා.


" මං කියන්නෑ කරේ මොකා ද කියලා." පර්සි කිව්වා.


" තමුන් දෙන්නාගේ කටවල් නිසා දෙවිවරු දෙන්නෙක්ගෙ උදහසට ලක් වෙන්න වෙලා." ඇනබෙත් කෑ ගැහුවා.


" ඒත් මම නෙවෙයි නේ." යෑන් කිව්වා.


" දැන්වත් කට වහගන්නවා යෑන්.පිස්සෙක් වගේ කියවන්නේ නැතුව." මේධා කිව්වා.


අහසත් අඳුරු වෙලා කළු වළාකුළුවලින් වැහිලා යද්දී මුහුදු රළ තව තවත් උස් වුණා.


පැත්තේ පළාතක තිබුණේ නැති වැස්සක් කඩන් හැලෙද්දී පර්සි ඇරෙන්න අනිත් හැමෝම තෙත බරිත වුණා.වැස්ස නවතින පාටක් නොවෙද්දී උස් වුණ මුහුදු රළ එකපාරට ම පොළොවට කඩන් වැටුණේ මුහුදු වතුරවලින් කට්ටියව සුපිරියට නාවන ගමන්.ඔය කිසි දේකින් ප්‍රශ්නයක් නැති පර්සි නම් හිටියේ ෆුල් ආතල් එකේ.


ලුණු වතුර ගිහින් දැවිල්ල අල්ලපු ඇස් ඇරගන්න ට්‍රයි එකක් දෙන ගමන් තමයි පර්සි ඇරෙන්න අනිත් අය හිටියේ.


කට්ටිය හෙමීට ඇස් අරිද්දී කරුම වැස්ස නැවතිලා වගේ ම කිසි ම දෙයක් නොවිච්ච ගාණට මුහුදත් සන්සුන් වෙලා.


තෙමෙච්ච කුකුල්ලු වගේ හිටපු අයත් කිසිම දෙයක් නොවුණ විදිහට ඩ්‍රයි ක්ලීන් වෙලා තමයි හිටියේ.


ඇස් ඇරලා දැකපු දේ නිසා කට්ටිය හිටියේ ටිකක් ෂොක් වෙලා.ඈතින් එයාලා දිහාවට එනවා පෙනුණේ තරමක් විශාල නැවක්.යන්තම් ගවේෂණේ ඉවර කරනකම් ඒ නැව නොකැඩී තියෙයි කියලා කට්ටිය විශ්වාස කළා.එයාලට සමීප වුණ නැව එකපාරට එක තැනක නවතිද්දී කට්ටිය බලන් හිටියා ඊගාවට මොකක් වෙයි ද කියලා.


නැවතුණ නැව ඉදිරියෙන් ආයෙත් රළක් ඉහළට එසවෙද්දී කට්ටිය හිතුවෙ දෙවැනි පාරටත් නාන්න වෙයි කියලා.


ඒත් හිතුවෙ වත් නැති විදිහට ඒ රළ නිල් පාටින් දිලිසෙන්න අරන් ඒක ඇතුළෙන් මැවුණේ පොසෙයිඩන්ගේ මූණ.


" එහෙනම් වීරයිනේ අපි ආයේ හම්බ වුණා.ඔයාලට ගවේෂණේට ලැබෙන පුංචි තෑග්ගක් කියලා හිතාගන්න කෝ මේ නැව.ඒත් එක්ක ම නොමිලේ ඔයාලට උපදෙසකුත් දෙන්නම් මං.හොඳට අහගන්න.

මීළඟ අන්ධකාර රාත්‍රිය වන විට
ඉරණම්කාරිය සමඟ නැවත පැමිණිය යුතුයි.
අඳුරේ පූදින සියපත අඳුරට ප්‍රථම
ඔබ නෙළා ගත යුතුයි.
ඊළඟ අන්ධකාර රාත්‍රියේ සියල්ල
දෛවයට අනුව අවසන් විය යුතුයි.

ඔන්න ඕකයි උපදේසේ.දැන් ඉතිං පිටත් වෙනවලා තවත් කාලේ නොකා." එහෙම කියලා අර මූණ අතුරුදහන් වෙලා ගියා විතරයි රළත් පාත වැටුණා.


" ඒ මොන ඉලව්වක් ද හලෝ ඒ කිව්වේ?" යෑන් අහද්දී,


මේධායි ඇනබෙතුයි දෙන්නම යෑන්ට රැව්වා පිච්චිලා අළු වෙලා යන්නම.


" මෙහෙමයි කට්ටිය අපි මේ එන අමාවක වෙද්දී ආයේ එන්න ඕන කියලයි කිව්වේ හේෂි එක්ක.මට තේරුණ විදිහට නම්." නිකෝ කිව්වා.


" එතකොට අර අඳුරේ සීන් එක." පර්සි ඇහුවා.


" මං හිතන්නේ අපිට පාතාලෙට යන්න වෙයි."නිකෝ කිව්වා.


" හේඩීස්ගේ රාජධානියට?" යෑන් කිව්වා.


" ඔව් කොල්ලෝ." පර්සි කිව්වා.


කට්ටිය ම නැවට නැඟලා ටිකක් වටපිටාව නිරීක්ෂණය කළා.කියන්න තරම් නරකක් නැවේ තිබුණේ නම් නෑ.පහළ තට්ටුවේ කන්න කෑම ගොඩගහලා තිබුණ එක නම් මෙයාලගේ වාසනාව.


" මගේ තාත්තා අපි ගැන මාර විදිහට හිතනවා නේ." පර්සි කිව්වා.


" අපි ගැන කෙසේ වෙතත් එයාගේ දුව ගැන නම් හිතනවා කියලා පේනවා." යෑන් කිව්වා.


" තාත්තලා වුණාම දරුවෝ ගැන හිතන්න එපෑ.අනික ඒ මගේ නංගි නේ." පර්සි කිව්වා.


" ඔයාට මතක ද?" ඒක ඇහුණ කේෂි එකපාරට ම ඇහුවා.


" ඔව් ඔව් අපි තුන්දෙනාට හැමදේම මතක් වුණා." ඇනබෙත් කිව්වා.


" ඒ කියන්නේ ඔයාලට අපිව මතකයි නේද?" මේධා ඇහුවා.


" කොහොමද අමතක කරන්නේ අතීතෙට ඇවිත් අතීතය බේරපු වීරයෝ තුන්දෙනාව." නිකෝ කිව්වා.


" හ්ම්.." කේෂි කිව්වා.


"මේ පස්සේ ඔයාලා අතීතාවර්ජනය කරන්න.දැන් පිටත් වෙමුද?" යෑන් ඇහුවා.


" තමුන් ඒක කියන්න ඕන නෑ."පර්සි කිව්වා.


" මාර කේන්තියෙක් නේ මේකාට යන්නේ.මුළු පවුල ම එහෙම ද දන්නේ නෑ" යෑන් ඒක හෙමීට කිව්වත් ඒක පර්සිට ඇහුණා.


" තමුන් අපේ පවුල ගැන වදවෙන්න එපා." පර්සි කිව්වා.


" අනේ මට වැඩේමයි." යෑන් කිව්වා.


පර්සි නැව මුහුද දෙසට යාත්‍රා කෙරෙව්වා.


" මේ නැව හදලා තියෙන්නේ කිඳුරු රාජධානියට ම යන්න.ආයේ පාලනය කරන්න දෙයක් නෑ අපිට." පර්සි කිව්වා.


" අපිට දවස් කීයක් යයිද?" කේෂි ඇහුවා.


" රාක්ෂ ප්‍රහාර නොතිබ්බොත් දවස් දෙකක්." පර්සි කිව්වා.


"එතකොට අමාවකට තව දවස් කීයද?" මේධා ඇහුවා.


" තව සති දෙකයි." ඇනබෙත් කිව්වා.


කට්ටිය නැව් තට්ටුවට වෙලා එයාලගේ සැලැස්ම ගැන කතා කරේ වෙන වැඩක් නැති නිසා.එකපාරට ම නැව ගැස්සෙන්න ගද්දී කට්ටිය ආයුධත් ලෑස්ති කරගෙන ම බැලුවේ ඒකට හේතුව.


නැව අඬුවලින් අල්ලගෙන ඉන්න යෝධ බූවල්ලෙක් තමයි ඒකට හේතුව වෙලා තිබුණේ.සුළඟේ ආධාරයෙන් ඉහළට ගියපු යෑන් කෙළින් ම බූවල්ලගේ ඇස් ඉලක්ක කරලා එයාගේ කඩුවෙන් ඇන්නා.යෑන්ගේ කඩු පහරින් බූවල්ලගේ එක ඇහැක් අන්ධ වෙද්දී ඒත් එක්ක ම වැදුණ බූවලු අඬු පහරක් නිසා යෑන් නැව් තට්ටුවට වැටුණා.ඒත් එක්ක ම මේධා බූවල්ලගේ අනිත් ඇහැ අන්ධ කරද්දී කේෂි ගින්දරවලින් බූවල්ලාගේ අඬු පුච්චන්න ගත්තා.


අරකව ඉවර කරන්නත් කලින් ම තවත් බූවල්ලෝ මතුවෙද්දී කට්ටිය ම සටන් කරන්න ගත්තා.අහසේ පාවෙවී යෑන් වගේ ම මේධාත් බූවල්ලන්ව අන්ධ කරද්දී එකේ ප්‍රයෝජනයෙන් පර්සි ඇනබෙත් නිකෝ වගේ ම කේෂි බූවල්ලන්ව සුන්නද් දූලි කරලා දැම්මා.පැය බාගෙකට විතර පස්සෙ ආයෙත් නැව කරදරයක් නැතුව ඉස්සරහට යාත්‍රා කරා.


තවත් හැතැක්මයකට විතර පස්සේ හම්බ වුණ මුහුදු සර්පයෙක් නැව කුඩු පට්ටන් කරන්න යද්දී ඊට කලින් පර්සියි යෑනුයි සර්පයාව අවසන් ගමන් යැව්වා.ඒකරලා හුස්මක් කටක් ගන්න දෙන්නේ නැතුව පටන් ගත්ත අහසින් එල්ල වෙන වෙන්ටිලාගේ ප්‍රහාර මේධායි යෑනුයි එක්ක අනිත් අය ඉවර කළේ තවත් පැයකට දෙකකට පස්සේ.කට්ටියගෙම හොඳ පණ ගිහින් එදා දහවලේ නිමාව ඇපලෝගේ බැසයාමත් එක්ක සිද්ධ වෙද්දී දවල්ට හාමතේ හිටපු අපේ වීරයෝ ටික රෑට හොඳට සප්පායම් වුණා.


පැය දෙකකට සැරයක් එක්කෙනා එක්කෙනා ඇහැරලා ඉන්න ප්ලෑන් කරගෙන මුලින් ම ඩියුටිය නිකෝ බාරගත්තා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ටිකක් කම්මැලියි නේද අද.ගණන් ගන්න එපා.
ටටා බායි.

මම නුවී 💫








Report Page