The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
දහතුන්වන කොටස
හැමෝගෙම ඇස් දෙක තදට පියවුණේ ඒ එළියත් එක්ක ඇස් දෙක ඇරන් ඉන්න අමාරු නිසා.පෙට්ටගමෙන් විහිදුණ රත්තරන් පාට ආලෝකය ටිකෙන් ටික අඩු වී ගෙන යනවත් එක්ක ම කට්ටිය පියාගෙන හිටපු ඇස් පියන් හෙමීට ඇරලා බැලුවේ පෙට්ටගමෙන් මොනවගේ කුණ්ඩවාලයක් මතු වෙලා ද කියලා.
ඔය දෙවියෝ දෙන දේවල් ගැන වැඩි විශ්වාසයක් තියාගන්න බෑ කියලා ඔයැයිලා දන්නවා නේ සුදූලා.දෙවියෝ ගැන තියෙන භක්ති පූර්වක හැඟීම නිසා ම අපේ මේ වීරයෝ සෙට් එක මාර ම විශ්වාසයකින් තමයි ඇස් දෙක ඇරියේ.
මෙයැයිලගේ වාසනාවට පටන් ගනිද්දී ම පරාල ඇණයක් නම් සෙට් වුණේ නෑ වගේ ම තියෙන පෙර කරුමවල ආනුභාවය නිසා කියන්න තරම් විශේෂ යමක් වෙලා තිබුණෙත් නෑ.ඇස් අරිද්දී ම මේ කට්ටිය විශේෂ අතිවිශිෂ්ට දෙයක් නොදැක්කත් ඇස් ගෙඩි දෙක පොල් සයිස් කරගෙන පෙට්ටගම ඇතුළට එබුණ යෑන් දැක්කේ ඒක ඇතුළේ තියෙන කොළ ම කොළ පාට පැළෑටි වගයක්.
ඒ ටික දැක්ක ගමන් යෑන්ගේ ගොන් හිනාව දෙගොඩ තලා ගිහින් යෑන්ට උඩින් කොක්කුත් ගියා ළමයි.මෙයාගේ හිනාවට පාදක වුණ හේතුව දැන ගැනීම පිණිස තවත් ජිල් බෝල සයිස් ඇස් ගෙඩි දහයක් පෙට්ටගමට එබුණා.අනිත් අයට නම් ඒක හිනාවට කාරණාවක් නොවෙද්දී,පර්සි යෑන් දිහා බැලුවේ මේකා සියුස්ගෙම පුතෙක් ද කියලා තහවුරු කරගන්න වගෙයි.
" ඇයි ඇයි දැන් ඔයාලා මං දිහා ඔහොම බලන්නේ? කොල්ලා හැන්ඩියා කියලා ඔහොමත් බලන් ඉන්නව ද අනේ." යෑන් කිව්වේ තමන් දිහා කන්ඩ වගේ බලන් ඉන්න ඈයෝ පස් දෙනාගෙන්.
ඈයෝ කිව්වට එයාලා ඈයෝ නෙවෙයි හොඳේ.එහෙනම් මොන එහෙකට ද එහෙම කිව්වේ කියලා අහන්න එපා ඉතිං ඈ.
" මං මේ බැලුවේ ඔයා ෂුවර් එකට ම සියුස්ගෙම ද කියලා." ඔක්කොටම කලින් අපේ ධීර වීර පර්සියස් ජැක්සන්ගේ කට ඉස්සර වුණා.
පුදන කොටම කාපි යකා කියලා අපේ පර්සිගේ හොඳ නොහොඳ කට නිසා මේ හයදෙනාට ගවේෂණේ පටන් ගන්න වුණේ සියුස්වත් කෝප කරගෙන.ඔයැයිලා හිතුවා හරි ඒයිලා.( මොනවා හිතුව ද කියන්න මම දන්නේ නෑ ඉතිං.මං හිතනවා ඔයාලා අනුමාන කරන්න ඇති කියලා.) ඩෝං පටෝන් කියලා මාරක අකුණක් පිපිරුවා මෙයාලගේ ඔළුව උඩින්.
" මං හිතන්නේ උත්තරේ හම්බවුණා." යෑන් කිව්වා.
" මේ ඇත්තට ම ඇයි ඔයා අංගොඩින් පැනපු පිස්සෙක් වගේ හිනා වුණේ?" ඇනබෙත් ඇහුවා.
" හිනා වුණේ ද? හිනා වුණේ ඔයාගේ අනාගත මාමණ්ඩිට පිස්සු ද කියලා හිතිලා." යෑන් කිව්වා.
සුනාමියකට පෙර නිශ්චල වුණ මුහුදක් වගේ මුහුද අතිශය නිශ්චල වෙද්දී පර්සි නම් බලන් හිටියේ කොයි මොහොතේ හරි සුනාමියක් ඇවිල්ලා එයාලව ගහන් යයි වගේ බැල්මක් මූණේ තියාගෙන.
" ඔය හැකර කට වහගෙන පාඩුවේ ඉන්නවා ද යෑන්." මේධා කිව්වා.
" ඔයාලා කියනවා නම් එහෙම ඉන්නම් කෝ.හැබැයි පස්සේ කියන්න එපා අනේ යෑන් කතා කරන්නකො කියලා." යෑන් කිව්වා.
" හිනාවෙන්න හේතුව කියලා කට වහගන්න." නිකෝ කිව්වා.
" නෑ මේ තණකොළ වගේ දීලා තියෙන්නේ අපි හරක් කියලා හිතලා ද දන්නේ නෑ නේ ඒකයි ඉතිං........." යෑන්ට වාක්ය සම්පූර්ණ කරන්න නොදී ම,
" තමුසෙට මගේ තාත්තාව පේන්නේ මොකෙක් වගේ ද? තමුන්ට මොළයක් නැත්නම් ඒක ප්රදර්ශනය නොකර ඉන්නවා." පර්සි කියාගෙන ගියේ ඉහවහා ගිය කේන්තියකින්.
" සන්සුන් වෙන්න පර්සි,අපි මෙතන මරාගෙන හරියන්නේ නෑ නේ." ඇනබෙත් කිව්වා.
" කාට හරි අදහසක් තියෙනවා ද මේ මොනවද කියලා." කේෂි ඇහුවා.
" ඔය තියෙන්නේ වතුර යටදී හුස්ම ගන්න පුළුවන් පැළෑටියක්.එක දවසක් ඕකෙන් වතුර යට ඉඳත හැකි." පර්සි කිව්වා.
" අපෝ එච්චර ද? මම හිතුවා ඉඟියක්වත් ඇති කියලා." යෑන් කිව්වා.
අර ප්රසිද්ධ කියමනක් තියෙන්නේ සුදූලා මාළුවා නහින්නෙත් කට හින්දා ය කියලා.දවසක යෑන් නහින්නෙත් ඔය වාචාල කට හින්දා ම තමයි.කට කහනවට නෙවෙයි නේ ළමයි අපේ උගත් පඬිවරු එහෙම කියලා තියෙන්නේ.මං කියපු දේ ඇත්ත වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ පෙන්ස්.
මං අර කලින් කිව්ව නිශ්චල මුහුද එකපාරට ම චංචල වෙලා මුහුදු රළක් ඉස්සුණා අහස උසට.මුළු මුහුද ම කැළඹිලි ස්වභාවයක් ගනිද්දී පර්සි යෑන් දිහා බලන් හිටියා දැන් ඇත් ද උබට වගේ බැල්මකින්.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
යෑන් කොල්ලට මොනා වෙයි ද කට්ටිය.වතුරට ම දියකරලා දායි ද දන්නෙත් නෑ.ඕවට ඉතිං මං වග කියන්නෙත් නෑ හැබැයි.
මං දන්නෑ ළමයි ඉස්සරහට මොනා වෙනවද කියලා ඔයාල ම කියන්නකෝ.එහෙනම් ටටා බායි.
මම නුවී💫