The Magical Lotus Flower
Ashvini Nuweena
🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼
දොළොස්වන කොටස
සුවදායක සිහින දකින්න කියලා නිදාගත්තට කවද් ද අනේ අපේ වීරයන්ට සුබ සිහින පෙනුණේ.ඉර අනිත් පැත්තෙන් පෑයුවත් ඔය සිහින සුබ වෙන එකනම් තව අවුරුදු කල්පයක් ගියත් සිද්ධ වෙන්නැති වැඩක් නේ ඉතිං.වීරයන්ට කෙසේ වෙතත් මෙච්චර මේ අහිංසක මට පේන හීනවත් සුබ නැති එකේ වීරයන්ට පේන හීනවල සතුටුදායක බව ගැන කවර කතා ද?
මගේ පතරංග ජාතකේ වගේ හෑල්ල අහන්න ගියොත් ඔයාලට කතාවත් එපා වෙයි ළමයි.ඔය මොකුත් නැතුව මම කතාව ඔයාලට කියන්නම් කෝ ඉතිං.
හා හා පුරා කියලා ගිම්හාන නිවාඩුව ගත කරන්න කඳවුරට ආව අපේ වීරයෝ තුන්දෙනාට රේචල්ගේ අනාවැකියක් නිසා ඒකත් නැති වුණා නෙ පෙන්ස්.ඒ හින්දා ඉතිං ගවේෂණේට යන්න කලින් හොඳ නින්දක් දාන්න තමයි අපේ වීරයෝ තුන්දෙනා ලක ලෑස්ති වුණේ.
වීරයෝ තුන්දෙනා කිව්වට හය දෙනෙක්.මේධා,කේෂි,යෑන් ගැන කියනවා නම් ඉතිං මේ වෙද්දිත් ඒ තුන්දෙනා කට කපලා හොදට නිදි.ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ පෙන්ස් එයාලගේ නින්ද ගැන.ඒ තුන්දෙනා ඒ විදිහට තම තමන්ගේ හීන ලෝකවල පාවෙවී ඉන්නැද්දී පර්සි, ඇනබෙත්,නිකෝ නම් හිටියේ වෙනස් ම තත්ත්වයක.
නිදාගන්න ඇහැපිය වෙනවත් එක්ක ම ඒ තුන්දෙනා හිටියේ කඳවුරේ ගෝලාකාර මණ්ඩපේට වෙලා තමන්ගේ උදේ කෑම භුක්ති විඳින ගමන්.තමන්ගේ උදේ කෑම වේල රස විඳින මෙයාලා ගාවට එකපාර ම කඩන් පාත් වුණේ අඟහරු ලෝකේ ජීවියෙක්. නෑ නෑ අනේ හෙකේට් දෙවඟන ආවේ.
තනියෙන් නෙවෙයි තව ගෑණු ළමයි තුන්දෙනෙකුත් එක්ක ම.එයාලත් කෑම එහෙම කෑවට පස්සේ හෙකේට් දෙවඟන එයාලව හඳුන්වා දුන්නා.එතන හිටපු දෙන්නෙක්ව නම් පර්සිලා කලින් ම අඳුරගත්තා.ඒ මේධායි කේෂියි.අනිත් කෙනා තමයි තමන්ගෙ සහෝදරී කියලා කිව්ව හේෂි කියන කෙනා කියලා පර්සිට තේරුණා.එයාලව හම්බ වුණ තැන ඉඳලා වුණ සේරම සිදුවීම් ටික එකදිගට වීරයෝ තුන්දෙනාගේ මනසේ චිත්රපටියක් වගේ පෙළ ගැසෙද්දී හේෂිගේ මරණයත් එක්ක ම හීනය අවසාන වුණා.
ඒ ඛේදනීය තත්ත්වයෙන් හීනය අහවර වෙද්දී ඇපලෝ නැගෙනහිරින් නැව් නැඟලා හැමෝටම ආයුබෝවන් කියන්නත් පටන් අරන්.ගවේෂණේට යන්න පර්සි, ඇනබෙත් වගේ ම නිකෝත් ලෑස්ති වෙද්දී සියුස් කැබින් එකේ නම් තිබුණේ යුද්ධෙකට නොදෙවැනි තත්ත්වයක්.
වෙන මොකක් වත් හේතුවක් නිසා නෙවෙයි මගේ හිතාදර ජනාදරයට පත් මිතුර මිතුරියනි,නිදිකුම්බර පරම්පරාවට බොහෝ ම සමීප ව නෑ කම් කියන යෑන්ව අවදි කරවන්න තමයි ඔය ලෙස යුද්ධ ප්රකාශ කරලා තියෙන්නේ.මෙහෙයවන්නේ ඉතිං සුපුරුදු විදිහට ම සේනාධිපතිනි මේධා තමයි.
" මේ යෑන් දැන් නැඟිටිනවා මනුස්සයෝ ඇති ඔය හීන දැක්කා." මේධා කෑ ගැහුවේ යෑන්ගේ කන ළඟ ඉඳන්.
" තව චුට්ටයි.ටිකක් ඉන්නවාකෝ හලෝ මම එන්නම්." යෑන් කියෙව්වා.
" කොහෙ එන්න ද පිස්සෝ? නිදි විකාරෙන් කියවන්නේ නැතුව නැඟිටිනවා යෑන්." මේධා කිව්වා.
" කෑ ගහන් නැතුව ඉන්නවකෝ වදේ.තමුසේ හිතුව ද මම මල් අතේ තියන් ඉන්නවා කියලා." යෑන් කිව්වා.
" අක්කේ ෂුවර් එකට ම අයියා කෙල්ලෙක්ට දෙන්න මල් කඩනවා ද කොහෙ ද ?" කියූ කිව්වා.
" ඒක තමා කියූ,ඔයාගේ ආදරණීය අයියට හීනෙන් පේන්නෙත් කෙල්ලොන්ව." මේධා කිව්වා.
" අනේ මන්දා අක්කි." කියූ කිව්වා.
" මේ යෑන් ඔය කඩන මලක් පස්සේ කඩා ගන්නවා.දැන් නැඟිටිනවා." මේධා කිව්වේ යෑන්ගේ මූණට වතුර ටිකක් ඉහින ගමන්.
" අනේ තාත්තාට තරහත් ගිහිල්ලා පේනවනේ වැස්සකුත් වහිනවා." යෑන් තාම නිදිමතෙන් කියවනවා.
" අනේ ඇත්තට මෙහෙමත් කොල්ලෙක්." කියූ කිව්වා.
" මේ යෑන් තාත්තාව මම පෙන්නන්න කලින් නැඟිටිනවා." මේධා කිව්වා.
මොන පිස්සු ද ළමයි.නැඟිටිනවා තියා ඇස්වත් ඇරියේ නෑ.අනේ යෑන් කොල්ලා හීනෙන් යසට මල් කඩනවා.ඔන්න ඔහේ මල් කඩාගන්න කියලා අපි එයාට බාධා නොකර ඉමු නේද ළමයි.පව් නේ අහිංසකයා.
" අයියෝ තාත්තේ කේන්ති ගන්න එපා අනේ.මං වැරැද්දක් කළේ නෑ අයියෝ.කෙල්ලෙක්ට මල් ටිකක් දුන්නා විතරයි නෙ." යෑන් ඔහේ කියෙව්වා.
කියූ ඒවා අහගෙන බඩත් අල්ලන් හිනාවෙනවා.මේධා නම් තරහෙන් පුපුරනවා.ළඟදී ම යෑන්ගේ වැඩ නිසා සියුස් කැබින් එක පුපුරනවා ළමයි.අපිට තමයි ඕක හදන්න අන්තිමට මැටල් ගඩොල් සිමෙන්ති එහෙම දෙන්න වෙන්නේ.
කොච්චර කෑ ගැහුවත් නැඟිටින පාටක් නැති නිසා මේධා ඇඳ රෙද්දෙන් ඇද්ද පාර යෑන් කොල්ලා හරි ම ශෝචනීය විදිහට භූමි මාතාව සිපගත්තා.
" ආව්..මගේ කොන්ද." කොන්දටත් අත තියාගෙන ම යෑන් කෙදිරි ගගා නැඟිට්ටා.
" ආ..කොන්ද රිදෙනවා ද?" මේධා ඇහුවා.
" රිදෙනවා තමයි.මමත් හැදිලා ඉන්නේ ඇට ලේ මස් නහරවලින් නේ.නැතුව රබර් නෙවෙයි නෙ." යෑන් කිව්වා.
" ඇත්ත ද අයියා.අනේ පව්." කියූ කිව්වා.
" පව් පව් තමා.කවු ද දැන් මාව වැට්ටෙව්වේ?" යෑන් ඇහුවා.
" වැට්ටුවෙ ද?වැට්ටුවෙ නම් මම තමා." මේධා කිව්වා.
" ඒ මොන එහෙකට ද?" යෑන් ඇහුවා.
" ඇයි දුක ද? තව ටිකක් වෙලා කෙල්ල එක්ක මල් කඩන්න බැරි වුණ එකට." මේධා ඇහුවා.
" මොන මල් ද අනේ." යෑන් ඇහුවා.
" ඇයි අනෙ දැන් අයියා කිව්වේ." කියූ කිව්වා.
එතකොට තමයි යෑන්ට වැඩේ මීටර් වුණේ.
" හරි හරි ඒකෙන් වැඩක් නෑ.ඇයි දැන් මේ උදේ පාන්දර යක්ෂයාවේෂ වෙලා." යෑන් ඇහුවා.
" අද අපි ගවේෂණේට යන්න ඕන යෑන්.දැන්වත් ලෑස්ති වෙනවා.දැනට ම පරක්කුයි." මේධා කිව්වා.
යෑන් ඔළුවේ අතත් ගහගෙන තමන්ට ම බැන බැන යන දිහා මේධායි කියූයි හිනාවෙවී බලන් හිටියා.විනාඩි දහයකට විතර පස්සෙ ආව යෑන් එක්ක මේධායි කියූයි ගියේ ගෝලාකාර මණ්ඩපේට.
ඒ යද්දී හැමෝම ඉන්නවා මේ තුන්දෙනා දිහා බලාගෙන.ඇයි කියලා බැලුවහ ම තමයි තේරුණේ එයාලා තුන්දෙනා විතරයි එතන අඩු කියලා.
' බැදලා කනව ද ඇමුවෙන් කනව ද' වගේ බැල්මකින් මේධා යෑන් දිහා බලන් ඉද්දී යෑන් ඉතිං හරි අහිංසක විදිහට මේධාට හිනා වුණා.
මේධා යෑන්ටත් ගස්සගෙන ගිහින් කියූත් එක්ක කැබින් මේසෙන් වාඩි වුණා.
කට්ටිය ම කෑම කාලා ඉවර වුණාට පස්සෙ කයිරොන් කතා කරන්න ගත්තා.
" මට කියන්න තියෙන්නේ ඔය වීරයෝ හැමෝටම හොදින් ගවේෂණේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා තමයි.එහෙනම් ගවේෂණේ සාර්ථක කරගන්න සුබ පතනවා ඔයාලට."
කඳවුරෙන් පිටත් වෙලා කට්ටිය කෙලින් ම ආවේ මුහුද ළඟට.ඒ පොසෙයිඩන් මෙයෑලට දුන්න උපදේශය නිසා.ඒ උපදේශය හිස් මුදුනින් ම පිළිගෙන ආවා කියලනම් හිතුවේ ඔයාලා වැරදියි පෙන්ස්.නොකර බැරි කමට ආවේ.
පොසෙයිඩන් දුන්න ඒ චූටි ලස්සන පෙට්ටගම මේධා හැමෝම ඉස්සරහා විවෘත කළේ ඒකෙන් රත්තරන් පාට ආලෝකයක් එකපාරට ම විහිදෙන්න ගද්දී.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
මොනවා තියෙයි ද ඔය පෙට්ටගම ඇතුළේ? අදහස් දක්වන්නකෝ කට්ටිය එහෙනම්.මම ගිහින් එන්නම්.
මම නුවී💫