The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena


🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


පෙර කොටස


එකොළොස්වන කොටස


කයිරොන් එහෙම කියනවත් එක්ක ම මණ්ඩපේ වටෙන් ම එක එක් කෙනාගේ කසු කුසුව ඇහෙන්න ගත්තා.


" හරි හරි කට්ටිය ම ටිකක් නිශ්ශබ්ද වෙන්නකෝ." කයිරොන් කිව්වා.


හැමෝම නිශ්ශබ්ද වුණාට පස්සෙ ආවේ ගවේෂණේට යන වාසනාවන්ත අවාසනාවන්තයෝ ටික තේරීමේ වේලාව.කරුමේ කියන්නේ කට්ටිය මම අර්ධ ලෝහිතයෙක් නොවුණට ගවේෂණවලට යන ටිකට් එක මට නිකන් ම ඇදෙන එක.මාර ලකී ගර්ල් කෙනෙක් මං.


කවදාවත් වැරදිලාවත් පව් කරන්න එපා සුදූලා මොකද කරුමේ ඒතරමට ම බලවත්.මේ පේනවානේ මට.ඔන්න ඔහේ නිකන් දෙන දේ නේ කියලා හැම දේම ඇඟේ ගහගන්න පුරුද්දට මමත් ඔය තියෙන සේරම ටිකට් ටික එපා නොකියා ගන්නවා.


ඔන්න ඉතිං ළමයි ඔයාලට කියන්න මම දෑස් දල්වාගෙන බලන් හිටියා මට මේ පාර හම්බෙන ගමන් සහයකයෝ ටික කවුද කියලා දැනගන්න.මට තියෙන වෙලාවේ හොඳ කමට කුසපත් ටික අදින්න යද්දී ම එතනට කඩන් පාත් වුණා කියහන්කෝ පොසෙයිඩන්.


" කොහොමද වීරයිනේ! කාලෙකින් නේ හම්බ වුණේ." පොසෙයිඩන් කිව්වා.


එයාගේ සුමිහිරි කට හඬින් සිහිය උපදවා ගත්ත කදවුරේ පිරිස කකුල්වලට වාරු අරන් හනික නැඟිටලා පොසෙයිඩන්ට ආචාර කළා.


" වාඩි වෙන්න කෝ කට්ටිය ම. මමත් ආවේ ගවේෂණේට යන අයව ටිකක් දැන අඳුනගන්න කියලා." පොසෙයිඩන් කිව්වා.


කයිරොන්ලා ළඟින් ම පොසෙයිඩනුත් වාඩි වෙලා ජයග්‍රාහකයන්ව තෝරන්න ලෑස්ති වුණා.


" මේ ගවේෂණේට පර්සි, ඇනබෙත් වගේම නිකෝ සහභාගී වෙනවට කාගෙවත් අකමැත්තක් තියෙනවා ද?" කයිරොන් ඇහුවා.


කිසිම කෙනෙක්ගෙන් අකැමැත්තක් නම් පළ වුණේ නෑ.කොහොමත් පොසෙයිඩන් ළඟ ඉදිද් දී එයාගේ පුතාට විරුද්ධ වෙන්නේ මොකා ද නේද?


හැබැයි ළමයි දෙවියන්ට බය වෙලා ඉන්න තියරියක් නෑ නේ අපේ මේධායි කේෂියි ළඟ.කෙළින් වැඩ කරන එක ඒ දෙන්නාගේ පුරුද්ද.


" අපිට ප්‍රශ්නයක් තියෙනවා කයිරොන්." මේධා කිව්වේ හැමෝගෙ ම ඇස් එයාට හැරෙද්දී.


" අපිට ද ඔයාට ද?" පොසෙයිඩන් ඇහුවා.


" මටත් ප්‍රශ්නයක් තියෙනවා" කේෂිත් කිව්වා.


මේ වෙද්දී පර්සිට නම් සාධාරණ සැකයක් තිබුණා පොසෙයිඩන් මේ දෙන්නව මුහුදු අශ්වයන්ටවත් හරවයිද කියලා.


" හරි ඔය දෙන්නාගේ ප්‍රශ්නේ මොකක් ද?" කයිරොන් ඇහුවා.


" අපිට මේ ගවේෂණේට හේෂවී ව ඕන වෙනවා.ඉතිං, එයාව හොයාගන්න වෙන්නේ අපිට.එයා ඒක කිව්වා." මේධා කිව්වා.


" අන්න ඔව් ළමයි නේ ඔයාලට මගේ දුවව හොයාගන්න ම වෙනවා." පොසෙයිඩන් කිව්වා.


" ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා ද එයා මැරුණේ නෑ කියලා.ඔයා අපිට බොරු කළා." කේෂි කිව්වා.


" මං කවදාවත් කිව්වේ නෑ එයා මැරුණා කියලා දරුවනේ.අනික ඕක මෙතනට අදාළ නෑ." පොසෙයිඩන් කිව්වා.


" ඔයා..." මේධා කියන්න ගියපු දේට බාධා කරලා


" අනිවාර්යයෙන්ම හේෂි තෝරලා ඇති එයාව හොයාගන්න පුළුවන් අයව" පොසෙයිඩන් කිව්වා.


ඒ කියනවත් එක්ක ම මේධාගේ,කේෂිගේ වගේම යෑන්ගෙත් ආයුධවල දිලිසෙන්න ගත්තා.ඒවාගේ තිබුණ කැටයම හයිලයිට් වෙලා දිලිසෙද්දී,


" ඊළඟ කට්ටියත් හරි එහෙනම්." පොසෙයිඩන් කිව්වා.


" ආයෙත් හත්දෙනෙක්."මිස්ටර් ඩී කිව්වා.


" කාගෙවත් අකැමැත්තක් තියෙනවා ද?" ආයෙත් කයිරොන් ඇහුවා.


අංශු මාත්‍රයකවත් අකැමැත්තක් කාගෙන්වත් පළ නොවෙද්දී ගවේෂණේට යන වාසනාවන්ත අවාසනාවන්ත ජීවිත ටික තීරණය වුණා.


ඉන්න තැතින් නැඟිට්ට පොසෙයිඩන් පිලිවෙළට පර්සි,ඇනබෙත් වගේ ම නිකෝගේ ඔළුවට තට්ටුවක් දාගෙන ඇවිත් අපේ මේධා,කේෂිට වගේ ම යෑන්ට පිස්සු හැදෙන හිනාවක් දාලා අතුරුදහන් වෙලා ගියා.


" ඒ හිනාවට නම් මමත් පිස්සු වැටුණා." යෑන් කිව්වා.


" තාත්තාගේ හිනාවට ඔහොම නම් දුවගේ හිනාවට කොහොම වෙයි ද?" කියූ කිව්වේ හෙමින් වුණත් ඒක යෑන්ට නම් හොඳට ඇහුණා.


යෑන් මොනවා හරි කියන්න කට ඇරියත් කයිරොන්ගේ හඬත් එක්ක ඒක නවත්ත ගත්තා.


" ඔන්න එහෙනම් හෙට ඉඳන් ඔයාලගේ ගවේෂණය පටන් ගන්නවා.දැන් හැමෝම සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යන්න." කයිරොන් කිව්වා.


කයිරොන් ගියාට පස්සෙ පර්සි ඇනබෙත් වගේ ම නිකෝ ආවේ මේධායි කේෂියි යෑනුයි ළඟට.


" ඔයාලා කතා කර ගන්නකො එහෙනම්." එහෙම කියලා කියූ එතනින් ගියා.


" හලෝ අලුත් වීරයිනේ, ඔන්න එහෙනම් හෙට ඉදන් අපි එක කණ්ඩායමක්." පර්සි කිව්වා.


" ඔයාලව අඳුන්වලා දෙන්නේ නැද්ද ඉතිං" ඇනබෙත් ඇහුවා.


මේධා හැමෝව ම හඳුන්වලා දීලා යෑන් ගැන කියන්න යද්දී ම,


" ආහ්..මේ අර නිදාගෙන හිටපු කෙනා නේ." පර්සි මැද්දට පැන්නා.


කොහොම හිතෙන්න ඇත් ද නේද යෑන්ට.පව් නේ සුදු එයා.මොනවා කරන්න ද චාටරුත් වෙන්න එපැයි ඉතිං.


" මේක නම් දැන් ඇති වෙලා මට.මම ඕනකමින් එහෙම හිටියේ නෑ ඉතිං.අර ඔයාගේ සහෝදරී තමයි හැමදේටම වග කියන්න ඕන." යෑන් කිව්වා.


" මගේ සහෝදරී? " පර්සි ඇහුවා.


" ඔව් එයා තමයි.දැන් කියන්න එපා එහෙම කෙනෙක් නෑ කියලා" යෑන් කිව්වා.


" ඉතිං..එහෙම කෙනෙක් මට නෑ නේ" පර්සි කිව්වා.


" එතකොට දැන් අර පොසෙයිඩන් කිව්වේ එයාගේ දුව කියලා" යෑන් කිව්වා.


" අනේ මන්දා.." පර්සි කිව්වා.


" මේ යෑන් ඔයාගේ නින්දට හේෂිගේ සම්බන්ධේ මොකක් ද?" කේෂි ඇහුවා.


" එදා මං මුහුදු වෙරළට ගියපු වෙලාවේ එයා තමයි මට රෝස පෙත්තක් දුන්නේ.ඊටපස්සේ මට සිහිය නැති වුණා.ඇහැරෙනකොට මට දැනුණා මාව ආගාධයකට වැටෙනවා වගේ........................" යෑන් එදා වුණ සේරම දේවල් කට්ටියට ම විස්තර කළා.


" ඒ කියන්නේ අපිට ගවේෂණේ පටන් ගන්න වෙන්නේ කිඳුරු රාජධානියෙන්." නිකෝ කිව්වා.


" එහෙනම් ඉතිං මේ මට තමා වැඩි රාජකාරිය." පර්සි කිව්වා.


කතා කර කර ඉඳලා කට්ටිය ම සටන් පුරුදු වෙන්න ගියා.වෙනදා වගේ ම රෑ කෑම කාලා හැමෝගෙන් ම ලැබුණු සුබ පැතුම් ටිකත් හදවත පතුළෙ ම කොටාන කට්ටිය ගවේෂණේට ඕන දේවලුත් ලෑස්ති කරගෙන සුවදායක නින්දක් අතරතුර සුව සිහින දකින්න කියලා තම තමන්ගෙ ඇඳට වැටුණේ සැපට නිදාගන්න.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ගවේෂණේ මොනා වෙයි ද කියන්න දන්නේ නෑ ඉතිං.මොනා වුණත් මම නම් වගකීමක් ගන්නේ නෑ හැබැයි.ඔන්න කට්ටිය මට එහෙම බනින්න එපා.ඉහළින් එන ඕඩර්ස්වලට අනුව තමයි වැඩ වෙන්නේ.
ටටා බායි චූටි පැටව්නේ.මුලින් ම මරලා දාන්න ඕන කාව ද කියලා කියන්න කෝ එහෙනම්.කාවවත් මැරුවේ නැත්තම් මට නින්ද යන්නේ නෑ අනේ.

මම නුවී💫




Report Page