The Magical Lotus Flower

The Magical Lotus Flower

Ashvini Nuweena



🌼🌼🌼 The Magical Lotus Flower 🌼🌼🌼


https://telegra.ph/The-Magical-Lotus-Flower-01-13 - පෙර කොටස


දහවන කොටස


හැමදාමත් සැමට ම ප්‍රථම ව අවදිවන මේධා වොයිස් එකේ උපරිම පවර් එක දාලා අපේ මේධා එයාගේ උදෑසන ගීතිකාව ගැයුවා.ඉතිං කට්ටිය වෙනදා වගේ ම අපේ යෑනුයි කියූයි දෙන්න ම නැඟිට්ටේ මේධාගේ ඔය සුපුරුදු ගීතිකාවෙන් කන් පුරවගෙන තමයි.


කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති දේවල් අතරේ මේක නම් යෑන්ටයි කියූටයි එපා ම වෙලා.කොච්චර ඇහුවත් ඉවරයක් නෑ නේ ඉතිං.


හැමදාම එක ම බයිලේ.ඉතිං ඔය කොච්චර බණ ඇහුවත් මේ ඩබල නම් එක දශමයක්වත් වෙනස් වෙලාත් නෑ වෙන්නෙත් නෑ.සියුස් වගේ තමා.වෙනස් වෙන්නේ නෑ පොඩ්ඩක්වත්.


මෙයාලා හැදුණේ නෑ කියලා මේධා බණ කියන එක නතර කරයි ද ළමයි.ඒක වෙන්නෙත් නෑ ඉතිං.තුන්දෙනා ම සියුස්ගේ දරුවොනේ.


ඒවාට ඉතිං මේ අහිංසක අපිට කරන්න දෙයකුත් නෑ මිත්‍රවරුනි.අපි ඉතිං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න උදවියනේ.


කට්ටියත් එක්ක ම උදේ කෑම කන්න ගෝලාකාර මණ්ඩපේට ගියා.හැමෝම තම තමන්ගෙ කැබින් මේසවල ඉඳගත්තා.පර්සි විතරක් ඉන්න පොසෙයිඩන් මේසේ දැක්කම මේධාටයි කේෂිටයි මතක් වුණේ හේෂිව.


යෑන් ආවත් හරි ඇෆ්රොයිඩ් කෙල්ලෝ ටික වැඩ පටන් අරගෙන ඉතිං.යෑන් කියලත් වෙනසක් නෑ ළමයි හතර වටේට ම සිරික්කිය දාගෙන ඉන්නවා.පරණ පුරුදු එහෙම ලේසියෙන් අත අරින්න බෑ නේ ඉතිං අපි කොච්චර කිව්වත්.


" නිදාගෙන හිටපු දවස් ටිකටත් එක්ක වැඩ අල්ලන්න එපැයි නේද ඉතිං?" මේධා කිව්වා.


" මට මල් ගෙනත් දුන්නට පොඩි ස්තූතියක් දෙන්න එපැයි ඉතිං." යෑන් කිව්වා.


" අපි අච්චර නොකා නොබී මෙ යකාගේ ළඟ හිටියා.අපිට මොනාත් නෑ හුළං තමයි" කියූ කිව්වා.


" මං කිව්වේ නෑ නේ කාටවත් නොකා නොබී ඉන්න කියලා." යෑන් කිව්වා.


" කිව්වේ නම් නෑ" කියූ කිව්වේ අමනාපෙන්.


" ඔන්න ඔන්න ඉතිං මූණ එල්ල ගත්තනේ.විහිළුවක් නේ කළේ." යෑන් කිව්වා.


" ඔයාට හැමදේම විහිළු අයියා.ඔයා දන්නව ද අපි කොච්චර බය වුණා ද කියලා." කියූ කිව්වා.


" බය වුණ තරම නම් මට තේරුණා මාව බදාගත්ත විදිහෙන් ම." යෑන් කිව්වේ හිනා වෙවී.


යෑන් කොල්ලා කෙල්ලෝ පිස්සු වැටෙන විදිහට හිනා වෙද්දි ඇෆ්රොයිඩ් කෙල්ලෝ ටිකගේ ඇස් තිබ්බේ ම යෑන් ගාව.


" ආං ආං ඔයාගේ මල් කුමාරියෝ ටික වශී වෙලා." මේධා කිව්වා.


" කාට ද ආඩම්බර ඉතිං කෙල්ලෝ පිස්සු වැටෙන සහෝදරයෙක් ඉද්දී." යෑන් කිව්වා.


" අපෝ මට නම් ඇති ආඩම්බරයක් නෑ , ඔයාට ආඩම්බර ද කියූ" මේධා ඇහුවා.


" මොන ආඩම්බරයක් ද අක්කි.මේ වගේ නිදිකුම්බරයෙක් ගැන." කියූ කිව්වා.


" මං හිතලා නිදාගත්තැයි.ඔයාගේ අර මහ ලොකු යාළුවානේ මට එහෙම කළේ." යෑන් කිව්වා.


" මොන යාළුවා ද?" මේධා අහද්දී ම,


එතනට ආවේ කයිරොන්,මිස්ටර් ඩී වගේ ම රේචල්.එයාලත් එක්ක ම නිකෝත් ආවා.


කට්ටිය ම වාඩි වුණාට පස්සෙ කයිරොන් කෑම කන්න කිව්වා.


කාලා ඉවර වෙලා කයිරොන් කතා කරන්න පටන් ගද්දී ම,


රේචල්ගේ ඇස් කොළ පාට වෙලා කොළ පාට මීදුමක් එයා වටේ පැතිරුණා.


" අනාවැකියක්" කඳවුරු කාරයන්ගේ කටින් එහෙම පිට වෙද්දී රේචල් අනාගත වාක්‍යයක් ප්‍රකාශ කළා.


පුරාණ විරුවන්ගේ ආගමනයත් සමඟ
නැවතත් අන්ධකාරය පැතිරේවි!
අන්ධකාරය සමඟ මුසුව
රකුසන්ගේ යළි පිබිදීම සිදුවේවි!
ජලය,සුළඟ සහ අග්නිය එක්ව
සියපත් කුසුමේ දිස්නය විහිදුවාවී!
අන්ධකාර වූ එක් රාත්‍රියක
යළිත් ඇයගේ පැමිණීම සිදුවේවි!
ලෙයට ලෙයින් ගත් පළිගැනීමක
අවසන සංසාරික ප්‍රේමය ඇරඹේවි!



අනාවැකිය කියලා ඉවර වෙනවත් එක්ක ම මම දැක්කේ පුදුමයෙන් මහත් වුණ ඇස් ගෙඩි සීයක් විතර කයිරොන් පැත්තට යොමු වෙලා තියෙනවා.


රේචල් යථා තත්ත්වයට පත් වෙනවත් එක්ක ම,


" එහෙනම් අපිට ගවේෂණයක් අරඹන්න වෙනවා ළමයි." කයිරොන් කිව්වා.


🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ගවේෂණේට යන කට්ටියත් එක්ක ඊළඟ කොටසින් එන්නම්.කවුරු කවුරු ද ගවේෂණේට යන්න ඕන කියලා අදහසක් කියාගෙන ම යන්නකෝ ළමයි.සලකලා බලන්නම් මම.
ටටා බායි කට්ටිය.


මම නුවී💫




Report Page