The Immortal Vampire

The Immortal Vampire

🦋🦋🦋



​ පෙර කොටස

https://telegra.ph/The-Immortal-Vampire-09-20


40 කොටස



" මෙන්න ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. ඔබ විසින් සඳහන් කරන ලද blood moon යන උත්සවය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන්න."


මං කට හොලවන්නත් කලින් අපේ අයිය ලියමු එහෙම ඇහුවේ අපි හය දෙනාම ආපහු හිනාගස්සගෙන.


යීබෝ ගැන කිව්වොත් ඉතින් එයා හොල්මනක් උනාට මොකද අපි හය දෙනාටම පෙනුනා. ඒ වගේම ඇහෙනවා. එයත් ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වගේමයි. අපි කට්ටියට අවුලක් වුණේ නෑ එයා ඉන්නවද නැද්ද කියන එක.


සෙට් එකේ අනිත් අය වගේ මෙයත් විහිළුවෙන්ම ඉඳියා.



" ඉතින් කියන්න "


මම ආපහු කිව්වේ කට්ටිය හිනා වෙවී ඉඳියා මිසක් අරකට උත්තර දෙන්න ලෑස්ති නැති නිසා.



" අනේ කිමෝ උඹම කියහංකෝ බං මගෙ කටත් රිදෙනවා. අනික කව්ද මේ blood moon උත්සවයක් ගැන මතක් කලේ දැන්. හුහ්..."



කැම්රන් එහෙම කිව්වේ තට්ටු හතේ රස රහස ක්‍රීම් කැකර් එකකට වග කියන ගමන්. හැබැයි ඒකගෙ අතට බිස්කට් බෝතලයක් ආපු විදිහ හොයන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා. ඒක නිසා ඒක ගැන කතා නොකර ඉමු.



" ඉඳහන් මමම කියන්න. හරි guys මේ blood moon කියන උත්සවය ඇත්තටම කිව්වොත් එකම එක රැයක් විතරයි අපි ඔය උත්සවයක් කිව්වට.


එදාට තමයි ඔය කියන හැම මඟුලට ම අලුතින් සාමාජිකයෝ එකතු කරගන්නේ ඒ වගේම උසස් වීම් ලබා දෙන්නේ. හැමෝම කිව්වේ vampiresල werewolvesල sirenල mermaidල angelsල fairyල hydraල zombieල ghost ල dragons ල ඔය වගේ ඔක්කොම ල.තවත් ගොඩත් අය ඉන්නවා.


Aliens ල කියලා මින්ස්සු කියන්නෙ ඔය ඔක්කොටමනෙ ඉතින්. ඉතින් හරියට බැලුවොත් vampires ල වෙන අපිට මිනිස්සු කියන්නෙත් පිටසක්වල ජීවින් තමයි.


බලයයි ශක්තීන් අතරිනුයි ගත්තොත් vampires ල ඉඳියෙ 8 වෙනි තැනට. ඒ ඉස්සර.දැන් අපි 7වෙනි තැන. ඉස්සර අපිට කලන් ඉඳියෙ werewolves ල. ඒ වුනාට එයාලගෙ කට්ටිය එන්න එන්න ම අඩු වෙනවත් එක්ක එයාලගේ බලයත් අඩු වුනා. ඒ වුනාට ආපහු එයාලා උත්සාහ කලොත් එයාලට පුළුවන් අපිට ඉස්සර වෙන්න.


ඉතින් blood moon උත්සවය දවසට අපි කරන්නේ සමරන එක. එදාට තමයි අපි ප්‍රධානීන් හතර දෙනා දකින්න පුළුවන් වෙන එකම දවස. සාමාන්‍යයෙන් මුළු අවුරුද්දට මේ වගේ සේ උත්සවය තියන්න පුළුවන් උපරිම 3වතාවක් විතරයි.


​ ඩ්‍රැකියුලා උතුමාණන් ගියාට පස්සේ සේක තියලා තියෙන්නේ අවුරුද්දට ම එක පාරයි. ඒක ප්‍රධානීන් හතර දෙනාගෙ තීරණයක් මිසක් එහෙම 3ක් කරන්න බැරි නෑ.


ඉතින් vampires ල විදිහට අපි ට එදාට වෙනම චාරිත්‍ර වගේ දේවල් තියෙනවා. විශේෂයෙන් ම අපි හැමෝගෙම weddings ගන්නේ එදාට තමයි.මොකද අපේ විදිහට සුභ ම සභ දවසක් ඒක.


ඉතින් ඔය weddings වගේම මං අර කලින් කිව්ව වගෙ අලුතින් vampires ල ව ගන්නෙත් එදාට. ඒ කියන්නේ ඉතින් උපරිම සරලව කිව්වොත් වැම්පයර් කෙනෙක් වෙන්න ඕන කවුරු හරි අපේ ප්‍රධානීන් හතර දෙනාගෙන් එක්කෙනෙක්ට කියලා හපා ගන්නෙ එදාට.


​ ආවාට ලියාට හපන්නෙ නෑ ඉතින්.ඊය කලින් වෙන වෙනම හොයනවා අපේ ප්‍රධානීන්.


ඒ වගේම එදාට වෙන තවත් විශේෂ දෙයක් තමයි හඳ වෙනස් වෙන එක. සමහර විට ඔයාලා මේක ගැන අහලත් ඇති.එදාට තමයි අපිට නිල් හඳ බලාගන්න පුළුවන්.


​ මේක ඉතින් naturally වෙන දවසක් බලලා තමයි අපි සාමාන්‍යයෙන් ඔය දවසෙ වෙනදට කරන්නේ. පූජාවක් කොරලා හඳ නිල් කරගන්න බැරි කමකුත් නෑ. හැබැයි ඒක අමාරු වැඩක් පුතෝ මොකද ඒකට ඔය හැම ජීවීයෙක්ගෙම blood ඕන වෙනවා. යකාගෙ චාරිත්‍ර තමයි.හැබැයි කොරන්න දෙයක් නෑ ඕව කරන්න ම වෙනවා.


තව තියෙනවා ඒත් දැනට ඔය ටිකෙන් සෑහීමකට පත් වෙන්න වෙනවා."


කිමෝ ඉවර කරපු ගමන් ආපහු එහෙමම පටන්ගත්තෙ අපෙ කැමා. කැම්රන් ඉතින්


​ හෙ.. හෙ..


" එතකොට මම දැන් හිතනවා පැහැදිලි ඇති කියලා මොකට ද මේ උත්සවය කියලා"


" ඒකත් ඔයාම කියන්නකෝ ඉතින් "මම කෑ ගහලා එහෙම කිව්වේ මොනව වුනත් මම තාම අන්දුන් කුන්දුන් නිසා.



" අපි මුලින් ම මේ උත්සවය තියන්න ඕන මොකද අපේ ඇමීලියාටයි ලියම්ටයි බලය ගන්න ඒ උත්සවය තියන්න ඕන. ඒක තමයි විශේෂ ම දේ. අනික් එක තමයි අපේ ප්‍රධානීන් හතර දෙනාව meet වෙන්න පුළුවන් වෙන එක.

ම්ම්ම්...


අපේ ප්‍රධානීන් ගැක කිව්වොත් එතන ඉන්නවා ගැහැනු අය 2න්නයි පිරිමි අය දෙන්නයි. ඒ කස්ටිය ඉන්නේ මෙහෙම හරිද.


1) රැස්කවෙලීන් සිගේරා හැස්ලී

2) ජියෝරීන් ඩ්‍රෑන් හැස්ලී

3) ෆැන්ටූන් ඉසබෙල් ෆ්‍රැන්සිස්

4) වැපින්රෝ රූබි ෆ්‍රැන්සිස්


දැැන් ඔව ලබු නම් කියවන්න ගිහින් දිව පටලවගන්න එපා හරිද???


ඔය විකාර නම් ටික ලේසියට ගත්තොත් මැද කෑල්ල විතරයි අපිට ඕනෙ.


එතකොට

1. සිගේරා- fire

2.ඩ්‍රෑන් -earth

3. ඉසබෙල් - air

4.රූබි - water


ඔය තියෙන්නේ ඔය කස්ටියගේ element හතරත් එක්කම හරිද. චුට්ටක් මතක තියාගන්න.ඇත්තට ම කිව්වොත් ඔතන ඉන්නේ couple දෙකක්.

ඩ්‍රෑනුයි ඉසබෙලුයි එක couple එකක් අනික තමයි සිගේරයි රූබියි. මේ කස්ටිය අලුතින් ම මේ ළඟදි තමයි පත්වුනේ. ඉතින් අපිට සිද්ධ වෙනවා මුන් හතර දෙනාව කැමති කොරෝගන්න ඔක්කොට ම කලින්.


මොකද මම හිතන්නේ නෑ සිගේරයි ඩ්‍රෑනුයි කැමති වුනත් අනික් ඩබල කැමති වෙයි කියලා.මට අනුව නම් couple වෙලා තියෙන්නේ වැරදියට එක නිසා හැමදාම රණ්ඩු.


දන්නේ නැද්ද ඉතින් බල තන්හාවනේ. හදිස්සියෙවත් ඩ්‍රැකියුලා ආපහු ආවොත් එයාලගේ තැන නැති වෙනවානෙ.


​ෙකාහොම හරි පුළුවන් තරම් ඉක්මනට මොනව හරි කරන්න වෙනවා.







​ෙමාකද හිතෙන්නේ.....

කතාව ඇදෙනවා වැඩී වගේද???

කරන්න දෙයක් නෑ ​ළමයි...



කතාවෙ අන්තිමට අපිට ඔය හැම ජීවියෙකුට ම අයත් වෙන couples 100ක් විතර බලා ගත හැකි වෙයි.



මම,

🦋🦋🦋Millicent🦋🦋🦋

Report Page