The Immortal Vampire
🦋🦋🦋 පෙර කොටස
https://telegra.ph/The-Immortal-Vampire-09-04
39 කොටස
" ඉතින් දැන් මොකද මුලින් ම කරන්න ඕන"
මම එහෙම ඇහුවේ හැමෝම තම තමන්ගෙ කල්පනා වලට වැටිලා ඉඳපු නිසා.
ඉතින් මගෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුනේ එස්කිමෝගෙනුයි කැම්රනුගෙනුයි.
" මෙහෙමයි. ඔක්කොටම කලින් අපි කරන්න ඕන
"ස්ස්ස්... පොඩ්ඩක් ඉන්නවා එස්කිමෝ... මුලින ම මට දැන් තවුසේ කියනව බලන්න ඇමීලියාට ලියා කියලා කතා කරන්න තමුසෙට කොහෙන් ද අයිතියක් ආවේ කියලා
"ඒ කැම්රන්ගෙ පැහැදිලි ඉරිසියාව නැද්ද??? ආාා නැද්ද???"
අපේ අයියා එහෙම කිව්වේ හෙන ම අමාරුවෙන් මොකද ඒ යකා හොඳට ම හිනාවෙනවා.
මොනව වුනත් මටනම් ටිකක් ලැජ්ජත් එක්ක ඒ වුනාට ටිකක් නිකම් පොඩි ආදරණීය ගතියක් නැත්තෙමත් නෑ.
ඒ වුනාට අපේ කස්ටිය කොයි වෙලේ ද serious වෙලා ඉඳියේ. අපිට උලත් එකයි පිලත් එකයි ගිලිලා ගියත් බෑන් චූන්.
ආාාාා නැද්ද???
අපේ අයියගෙනම් ඔය පැහැදිලි ඉරිසියාව...
ආ නැද්ද????
ක්ලාරාට කියලා ඔහොම කියවනගන්න බැරි එක තමයි ඔය හෙනේ...
" කව්ද කැකිරි
මොකද කෙල්ල
ගෝරි මල්ල
යන්නෙ දාලාාා ද
ශෑන් තමයි මගෙ රන් කඳ
ආලෙ බඳින මගෙ පෙම් කඳ
ගියානෙ බොල සද්දෙ දාලා දැන්
කැවුවේ මොකද බිරියානි
මොකද වෙන්නෙ මට සිගේරාාා"
"ක්ලාරෝ.... පපුවත් හොස් ගාලා කව්ද යකෝ ඒ ටකරමට ගල් ගසන්නා." මම ඉතින් එහෙම ඇහුවේ උපහාසයට නොව අපහාසයට ම පමණයි.
වචන වැරදුනාදත් මන්දා....
ඒ වුනාට ඒ විදිහත් වැරදියි කියන්න බෑ. ඇත්තටම ගල් ගහන්න වගේ කව්දෝ කෑ ගහනවා ඇහුණා කියන්නකෝ...
ඒකත් මේ ගේ, මන්දිරේ ඇතුලෙම...
මම විතරක් නෙමේ අපේ අයියයි ක්ලාරයිත් බය වෙලා තමයි ඔය ඉන්නේ.
බය නොවී ඉඳිායාත් දොර දෙකේ කණ්ණාඩි මේසයක් දිනා ගන්න තිබ්බා.
මොනව වුනත් එස්කිමෝයි කැම්රනුයි නම් එච්චර ගනන් ගත්ත බවක් පේන්න තිබ්බේ නෑ...
මොනව වුනත් එස්කිමෝගෙ මූණෙ තිබ්බ මහ අමුතු මනමාල හිනාව නම් මට එච්චර ඇල්ලුනේ නෑ පුතේ.
ඉතින් මම මගෙ පිච්ච මල් වැටෙන තරම් ලස්සන voice එකෙන් ඇහුවේ කවුද ඒ කියලා...
" ඕකා තමයි මගෙ එකා "එහෙම කිව්වෙ එස්කිමෝ. හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් දුන්නටත් වඩා අපිව අති සාර්ථක ලෙස තවත් ප්‍රශ්නෙක පැටලෙව්වා.
ඕක කියනකොටත් එස්කිමෝගෙ කට කනේ.
ඊට පස්සේ ඉතින් කැම්රන් තමයි තත්වය ටිකක් හරි පැහැදිලි කරලා දුන්නෙ.තව පොඩ්ඩෙන් අපි ඔළුව කොලොප්පං වෙනවා මේ වැඩ අස්සේ.
" හරි එහෙනම් ඔහොම ඉන්න මම පැහැදිලි කරනකං. මෙහෙමයි ඔය ඉන්නෙ යීබෝ. හැබැයි දැන් එයා ජීවතුන් අතර නෑ. අපේ එස්කිමෝයි යීබෝයි කියන්නේ හරියට නිකන් ආත්මීය සහකරුවෝ වගේ දෙයක්. හරියට කිව්වොත් මේ ඩබල කපල් එකක්. කොහොම වුනත් ඔයාලට සිද්ධ වෙනවා මේක විශ්වාස කරන්න. ඇත්තට ම කිව්වොත් යීබෝ කියන්නේ දැන් මැරුණු කෙනෙක්. ඉතින් මං හිතනවා මේ වෙනකොට වැම්පයර්වරු වෙච්ච ඔයාලා වැම්පයර්වරුන් වගේම werewolves ල ඉන්නවා කියන එක විශ්වාස කරනවා වගේ ම මේ ලෝකෙ හොල්මන් ඉන්න බවත් විශ්වාස කරන්න."
කැැම්රරන් එහෙම කිව්ව ගමන් heart attack ආවෙ අපේ ක්ලාරාට. ඉතින් ඊළඟ ප්‍රශ්නෙ ආවේත් ක්ලාරට.
" හරි එතකොට දැන් ඔය අපි මේ වෙනකල් අහලා තියෙන පිටසක්වල ජීවීන්, දිය කිඳුරෝ ඒ වගේ අයත් ඉන්නවද?"
" ඔව් හැමෝම ඉන්නවා මිනිස්සු අතරම. අපි උන් දිහා සාමාන්‍ය මිනිස් ඇහෙන් බැලුවොත් ඒ මිනිස්සු ම තමයි.
ඇත්තට ම කිව්වොත් පෘතුවිය තමයි මේ විශ්වයෙම එකම තැන ඔය වගේ හැම ජීවියෙක්ට ම ජීවත් වෙන්න පුළුවන්.
දැන් නිකන් හිතලා බලන්න කාන්තාරයක් ගත්තොත් ඒකෙ ජීවත් වෙන්න පුළුවන් අයටත් පෘථිවියේ ඉන්න පුළුවන්නේ. එතකොට තනිකරම වතුරෙ විතරක් ජීවත් වෙන අයටත් පෘථිවියේ ඉන්න පුළුවන්.
රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැති සීතලෙ විතරක් ඉන්න පුළුවන් අයටත් පෘථිවියේ ජීවත් වෙන්න පුළුවන්. ඔය හිම කඳුවල වගේ...
වාතයේ ජීවත් වන අයටත් එහෙම ඉන්න පුළුවන්.
ඉතින් මම නම් කියන්නේ පෘථිවියෙ තමයි ඔය කියන දිව්‍ය ලෝකයයි අපායයි දෙකම තියෙන්නේ. ඒක නිසා ඕනම ජීවියෙක්ට පෘතුවිය අයිතියි."
ඉතින් ඔය දිගම දිග කෑල්ල කිව්වේ කවුද දන්නවද??? වෙන කවුද අපේ එස්කිමෝ මිසක්.
" හරි දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි කියමුකෝ. ඔය කියන හැම එකෙක්ම මේ පෘථිවියේ ජීවත් වෙනවා කියන එකත් අපි පිළිගත්තා. අර දැන් සින්දුවක් කිව්ව එක්කෙනා ඉන්නේ? අපි කොහොමද එයා හොල්මනක් කියන එක පිළිගන්නේ?"
හා හපුරා කියලා ඒ ප්‍රශ්නය ඇහුවේ මම guys...
" ඉන්නකෝ මං දැන් එයාට කතා කරනකන්" එහෙම කියපු එස්කිමෝ මහ හයියෙන් බෙරිහන් දුන්නෙ බෝ කියලා.
තත්පරයක් යන්නත් කියන්නත් කලින් එතනින් මතු වුණ මොකෙක් ද මන්දා අනේ මගෙ රන් කඳ කියලා කෙලින්ම එස්කිමෝගෙ ඇඟට වැටුනේ හරියට පොඩි බබෙක් වගේ..
අපි ඉතිං ඇස් ලොකු කරන් බලන් හිටියා.
විනාඩි දෙක තුනක් ඒ විදියට ඉඳියට පස්සේ තමයි ඒ මනුස්සයට මීටර් වුනේ මෙතන තව කවුරුහරි ඉන්නවා නේද කියන එක.
" ම්හුක්... ශෑන් කව්ද මෙයාලා" අර යීබෝ තමයි එහෙම ඇහුවේ.
" හරි අහන්නකෝ. මෙයා තමයි මං කිව්වා අර කැම්රන්ගෙ girlfriend ඇමීලියා. එතකොට මේ ඉන්නේ කැමරන්ගේ හොඳම යාලුවා ඒ වගේම ඇමීලියගෙ අයියා ලියම්. එතකොට මේ ඩබල තමයි අපේ උතුමාණන්ගේ දුවයි පුතයි.එතකොට අර ලියම් ළඟ ඉන්න අනිත් කෙල්ල තමයි ක්ලාරා. ලියම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ වගේම මේ ඇමීලියගේ හොඳම යාළුවා."
අපි කාටවත් කතා කරන්න නොදී එස්කිමෝ ම අපි හතරදෙනා ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරයක් යීබෝ කියන එක්කෙනාට දුන්නා.
" එතකොට මේ කට්ටියද අපේ ටීම් එක" එස්කිමෝ එහෙම කිව්ව ගමන් මොකක්ද මන්ද ටීම් එකක් ගැන. ඉතින් මම කෙලින්ම බැලුවේ කැම්රන් දිහා මොකක්ද මේ ටීම් එකක කතාව කියලා දැනගන්න.
මම බලපු බැල්මෙන්ම මොකක්ද අහන්න යන්නේ කියලා දැනගත්තා වගේ කැමරුන් ඊගාවට උත්තර දුන්නා.
" හරි ඇත්තටම කිව්වොත් මෙතන ඉන්න හැමෝම එකම එක ටීම් එකක්. ඇමීලියාගේ තාත්තා එහෙමද නැත්නම් අපේ උතුමාණන්ව බේරගන්න ඉන්න කට්ටිය. ටීම් එකේ ඉන්නේ මෙම්බර්ස්ලා ටික පිළිවෙලින් ගත්තොත්.
1) එස්කිමෝ
2) ඇමීලියා
3) ලියම්
4) මම ඒ කියන්නෙ කැම්රන්
5) යිබෝ
6) ක්ලාරා
ඔය මං කිව්වෙ බලය තියෙන අය අනුව පිළිවෙළට වැඩිම එකේ ඉඳන් අඩුම එක වෙනකන්. සාමාන්‍යයෙන් දුවයි පුතයි ගත්තහම ගෑණු ළමයට වැඩි බලයක් එනවා ඒක හින්දා අපේ කට්ටියගෙන් දෙවැනි ස්ථානයට පත්වෙන්නේ ඇමීලියා.දෙවනියලියම් තුන්වෙනියා මම. හතරවෙනියා අපේ හොල්මන්කොල්ලා යීබෝ. ක්ලාරා ඔයා ඉන්නේ අන්තිමට මොකද ඔයා සාමාන්‍ය මනුස්සයෙක් කියලා අපි දැනට හිතෙන හින්දා.
ඒ වුනාට මම හිතන්නේ ක්ලාරාටත් මොකක්ම හරි විශේෂ බලයක් ඇති. මොකද දැන් මෙතන අපේ හොල්මන් කොල්ලා යීබෝ කිව්ව ඒ මාරම ලස්සන හොඳටම පද ගලපලා තියෙන සින්දුව අපේ ක්ලාරට ඇහුන හින්දා.
සාමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් හොල්මනක් ඇහෙනවා කියලා මම අහලා නෑ
එතකොට අපේ බලයන් අතින් ගත්තොත් අපිට තව ටීම් එකට ගොඩක් කට්ටිය ඕන වෙනවා werewolves ලට එරෙහිව සටන් කරන්න නම්.අඩුම තරමේ විස්සක්වත්. තාම අපේ ටීම් එකේ ඉන්නේ හය දෙනයි නේ."
ඔය මහලොකු විස්තරය කළ ඉතින් කැම්රන්.
" ඔව් ඔය මොකක් කරන්නත් කලින් මුලින්ම අපි blood moon උත්සවයක් තියන්න ඕනි නේද?" එහෙම ඇහුවේ එස්කිමෝ guys.
" මෙන්න ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. ඔබ විසින් සඳහන් කරන ලද blood moon යන උත්සවය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන්න." මං කට හොලවන්නත් කලින් අපේ අයිය ලියමු එහෙම ඇහුවේ අපි හය දෙනාම ආපහු හිනාගස්සගෙන.
යීබෝ ගැන කිව්වොත් ඉතින් එයා හොල්මනක් උනාට මොකද අපි හය දෙනාටම පෙනුනා. ඒ වගේම ඇහෙනවා. එයත් ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වගේමයි. අපි කට්ටියට අවුලක් වුණේ නෑ එයා ඉන්නවද නැද්ද කියන එක. සෙට් එකේ අනිත් අය වගේ මෙයත් විහිළුවෙන්ම ඉඳියා.
කාලෙකින් තමයි කතාව ලියන්න ගත්තේ.
අදට කතාව ඇති නේද ගායිස් එහෙනම්...
ඉතින් blood moon උත්වය මොකක්ද කියලා දැනගන්න නම් ඊළඟ එක එනකන් ඉන්නම වෙනවා.
කස්ටිය guess කරමු බලන්න එහෙනම්...
ඉතින් මේ තියෙන්නේ අර යීබෝ කියපු සින්දුව. පද ටික නම් එයාගේ ම ඒවා. ඔය සින්දු සිංහල වචනෙකුත් තියෙනවා බලන්නකෝ.
සින්දුවේ අයිතිය මුල් හිරිමිකරු සතුය.
මම,
🦋🦋🦋Milicent🦋🦋🦋