The Immortal Vampire
🦋🦋🦋38 කොටස

ඉතින් මම අතඇරියා.
කොහොම හරි අන්තිමට විනාඩි 5ක් යන්නත් කලින් අර දෙන්නවත් බලෙන් ම නැගිට්ටෙව්වා.
එස්කිමෝ කියන විදිහට කරන දෙයක් ඉක්මනට කරන්න ඔනෙලු.
එස්කිමෝ ගෙම ක්‍රමයකින් තමයි නැගිට්ටෙව්වේ.
මොකක් ද දන්නව ද ක්‍රමය.
" ඕයි බූරු පැටව්නේ මෙන්න ගේ ඇතුලේ තඩි නයෙක් නැගිටපාාන් "
එස්කිමෝ ඔහොම කියාගෙන මහ හයියෙන් කෑ ගැහුවේ අපිටත් ඒ විදිහට ම කෑ ගහන්න කියලා.
කොච්චර හොඳට රඟපෑව ද කිව්වොත් මුලින්ම කෑ ගහපු වෙලේ ක්ලාරාත් ළඟ තිබුන කොස්සක් අරගෙන කොහෙවත් නැති නයෙක් හෙව්වා. මගෙ අතේ තමයි කොහොමත් අර සාස්පාන තිබ්බේ.
කියලා වැඩක් නෑ ඒක නම් මොකද එස්කිමෝ නම් කොහොමත් actor කෙනෙක්.
ඒ වුනටෙ හොඳටම කලේ ක්ලාරා තමයි.
ක්ලාරා බිම දිගාවෙලා මට දශ්ට කලා කියලා කෑ ගහන්න ගත්තා.
ඒ acting පාරට නම් එස්කිමෝටත් කියාගන්න දෙයක් නැති වුනා.
ඉතින් ඕක ඇහුන ගමන් අපේ අයියා නැගිට්ටේ උඩ ගිහින්. මොනව වුනත් කැම්රන් පවා නැගිට්ටා.
ඔන්න ඔහොමයි අපි නිදාගෙන ඉනන මිනිස්සුන්ව නැගිට්ටව ගන්නේ.
කොහොම හරි නැගිට්ටට පස්සේ ඇති වුන රණ්ඩුත් බේරගෙන අපි විනාඩි 5න් මොකක්ද වෙන නූඩ්ල්ස් ටිකක් හදාගත්තා
විනාඩි 5යි කිව්වට මොකද විනාඩි 10ක් විතර ගියා
ඊට පස්සේ සාලේට ගිහින් කතාව පටන්ගත්තා හරියට නිකන් bussiness meeting එකක් වගේ. මොනව වුනත් හැමෝම හොඳ serious විදිහට හිටියා.
මුලින් ම අපි කලේ අර recoding එක මුල ඉඳන් හොඳට ම අහගෙන හිටියා
දෙපාරක් නෙවේ කොයිකටත් කියලා තුන් පාරක් ම ඇහුවා.
හා හපුරා කියලා මුලින් ම කතාවට බැස්සේ මේ මම ම තමයි.
" මේ කියන විදිහට මෙච්චරකල් අපි ඩ්‍රැකියුලා ගැන හිතන් ඉඳපු දේවල් වැරදියි එහෙම නැත්තම් පොඩ්ඩක් විතර වෙනස් නේද? "
" ඔව්. මෙතන කියන විදිහට එයාට wife ල ම තුනක් ඉන්නවා. ඒත් එයාග ලේ වලින් ලමයි නෑ කියන්නේ වැම්පයර් රාජධානියට අනුව මෙයාට කොච්චර ළමයි හිටියත් ඒ මෙයාගෙම ළමයි නෙමේ."
" හ්ම්ම්... එතකොට තියෙන ප්‍රශ්නෙ එය ඔක්කොම වෙනකොට අන්තිමට මෙයා මිනිස් වාසයට ඇවිත් තියෙන්නේ මැරුණා කියලා අඟවලා. එතකොට vampire කෙනෙක් immoral කියන්න හැමෝම දන්නවා. අනික සාමාන්‍ය වැම්පයර් කෙනෙකුත් නෙමේනේ. එතකොට මැරුණා කියලා ඇඟෙව්වේ කොහොමද?"
ඔය ඇහුවේ අර එස්කිමෝ බඩ්ඩ..
" ඒ වුනාට ඒකෙන් අපිට දැන් අදාළත්වයක් නෑ කියලා හිතෙන්නේ නැද්ද? මම කියන්නේ අපි ඒක පස්සෙ බලාගමුකො. මුලින් ම අපි මෙතන ලියාගේ තාත්තව පුළුවන් තරම් බේරගන්න උත්සාහ කරන්න try කරන්න ඕන. "
කැම්රන් එහෙම කිව්වේ කිව්වටත් වඩා තරවටු කිරීමක් විදිහට කිව්වොත් හරි.
" ඉතින් ඒකට අපි දැන් මොකද කරන්න ඕන"
ඒ ඇහුවේ අපේ අයියා. අපේ කිව්වට මගේ අයියා.ක්ලාරත් අයියා කියන එක වෙනම කතාවක් ඉතින්. කොහොම හරි ඒක මෙතනට අදාළ නෑ.
දැන් ඉතින් අපිට වෙන්නේ මෙතනින් ඉන්න වැම්පයර් දෙන්නා වෙන කැම්රනුයි එස්කිමෝයි කියන දේවල් අහන් ඉන්න තමයි.
" හරි මම පටන්ගන්නම් මුලින්ම මට වැරදෙන හෝ අමතක වෙන තැන් ඔයාලා සම්පූර්ණ කරන්න. හරිනේ?"
" හ්ම්ම් "
ඔය බක පණ්ඩිතයා වගේ කතා කලේ එස්කිමෝ අපිත් ඉතින් සද්ද නැතුව හූ මිටි තිබ්බා.
" ම්ම්ම... මම කියන විදිහට දැන් මෙතන ඉන්න හැමෝම වගේ වැම්පයර්වරු ක්ලාරා ඇරෙන්න. ඒක හරිනේ. මේ කියන දේවල් අනුව ලියමුයි ඇමීලියයි කියන්නේ ඩ්‍රැකියුලාගෙ ලේ වලට මිනිස් ලේ එකතු වෙලා හැදුන දරුවෝ. ඒ වුනාට ඔයාලා half වැම්පයර්වරුන්. ඒක හින්දා ඔයාලා අයිති වෙන්නේ ෆැන්සිස් පෙලපතට.
මිනිස්සුත් එක්ක ඉන්නකොට තාත්තගේ අන්තිම කෑල්ල ළමයින්ට දෙන නිසා ඔයාලගේ නම් ඒ විදිහට දාන්න සිද්ධ වෙන්න ඇති. කොහොම හරි ඇමීලියාගෙ තාත්තා වැම්පයර් පෙළපත අතඇරලා යන්නෙ මම හිතන විදිහට එයාගෙ බලය කොටස් හතරකට බෙදලා දැන් ඉන්න ප්‍රධානීන් හතර දෙනාට බෙදලා දීලා.
ඒක නිසා දැන් එයා ළඟ බලයක් නැති වෙන්න ඕන එහෙම නැත්තම් එයා ළඟ දැනට තියෙන්නේ spiritual power එක විතරක් වෙන්න ඕන.මේ කියන බලයට පුළුවන් වේදනාව දරාගන්න මිසක් කවදාවත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්න බෑ. හැබැයි මොනව වුනත් මැරෙන්නේ නෑ.ඒකම මදෑ ඉතින්.
එහෙම බැලුවොත් ඉස්සර ඉඳන්ම මේ මුළු වැම්පයර් පෙළපතත් එක්ක ලොකු වෛරයකින් ඉන්න අයට ඒක ලොකු අවස්ථාවක් වෙනවා පලිගන්න වගේ දේකට. එතකොට එයාලා මුලින්ම කරන්න ඕන මේකේ සැබෑ අයිතිකාරයව අයින් කියන එකනෙ. ඒ කියන්නේ ලියාගෙ තාත්තා.
අනික වැම්පයර් රජ්ජුරුවන්ටයි මේ හැම වැම්පයර් කෙනෙකුටයි මේ වෙනකල් ම ඔය වගේ අත තියන්න පුළුවන් වුන එකම කට්ටිය තමයි werewolf ල කියන්නේ. එහෙම බැලුවොත් අපේ ප්‍රධානතම සැක කාරයෝ ටික තමයි එයාලා.
Powers නැති වුනාම අර මම කිව්ව spiritual power එක විතරක් තිබිලා මොනව කියලා කරන්න ද ඉතින්. මේ විදිහට ඉන්න කොට ඩ්‍රැකියුලා වුනත් අවුරුදු 18ක් වගේ කාලයක් හොඳ හමුදා පුහුණුවක් ගත්ත මනුස්සයෙක් ට ගොඩක් ම සමාන වෙනවා.එහෙම බැලුවා ම werewolf ල ඇමීලියාගෙ තාත්තට වඩා බලවත් නෙ.අන්න එතන තමයි අවුල.
එතන එයා ඉන්නෙත් තනියම නම් මම හිතන්නේ නෑ මේ ගෙවුන කාලෙත් එක්ක ශාරීරිකව ඇමීලියා ල ගෙ තාත්තා හොඳ තත්වෙක ඇති කියලා. "
එස්කිමෝ හුස්ම ගන්නෙත් නැතිව ඔය මාගල වගේ හෑල්ල කියවගෙන ගියහම තමයි අපිටත් තේරුනේ මෙහෙම නිකරුණේ කාලය කන්න හොඳ නැති බව. කොටින් ම කිව්වොත් මේ අපි කතා කර කර ඉන්න වෙලාවෙත් තාත්තා හොඳට ම දුක් විඳිනවා වෙන්න පුලුවන්.
මොකද අවරුදු ගාණක් තිස්සේ ඉඳපු තරහ කාරයෙක් ව අතට ම හම්බ වුනාම මම හිතන්නේ නෑ අනේ පවුනේ කියලා කන්න දීලා හුරතල් කර කර ඉඳියි කියලා. අනිවාර්යයෙන්ම තාත්තා දැන් අපා දුක් විඳිනවා ඇති. අනික බලයක්වත් නෑනෙ දැන්.
" ඔය කිව්ව විදිහට මොනව වුනත් තාත්තා මැරෙන්නෙ නෑනෙ නේද? "
ඒ ඇහුවේ ලියම්.
" නෑ. එහෙම මැරෙන්න තියෙන එක නැති කරන්නේ spiritual power එක. ඒත් ඒකත් එහෙම වැඩි කල් තියෙයි කියලා මට හිතෙන්නේ නෑ. මොනව වුනත් werewolf ලත් බලවත් නේ. "
එස්කිමෝ කියනවත් වගේ මැරෙන්නේ නෑ කියන එක හිතට කොච්චර සහනයක් වුනත් නොමැරී මැරෙන එක මැරෙන එකටත් එහා නෙවේද?
අනේ මන්දා....
මට තේරුනේ එකම දෙයයි මොනව වුනත් අපි පුළුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න ඕන.
" ඉතින් දැන් මොකද මුලින් ම කරන්න ඕන"
මම එහෙම ඇහුවේ හැමෝම තම තමන්ගෙ කල්පනා වලට වැටිලා ඉඳපු නිසා.
අදට ඇතීිිිි...
මම,
🦋🦋🦋Millicent🦋🦋🦋