The Immortal Vampire

The Immortal Vampire

Millicent

පෙර කොටස

https://telegra.ph/The-immortal-Vampire-04-13


16 කොටස


කොහොම හරි ටිකක් රෑ වෙනකල් ම කැම්රන් ගැන ම හිත හිත ඉඳලා මම නිදාගත්​තේ මේ සුබ news එක හෙට උදේම ගිහින් ක්ලාරා ගෙ කනේ තියන්න හිතාගෙන...



 පහුවදා උදේම ඉතින් සුපුරුදු පරිදි මම කරන වැඩ ටික කරලා අතට අහු වෙච්ච ඇඳුමක් ඇඳගෙන පටස් ගාලා ලෑස්ති වුනේ ක්ලාරාගෙ ගෙදරට දුවන්න. 



දැන් ඉතින් අම්මගෙනුත් කිසි ප්‍රශ්නයක් නෑනි. හැබැයි මොනව වුනත් එයත් මට full supporr එක දෙනවා. කොටින් ම කිව්වොත් ඇඳුමක් තෝරලා ඒක මැදලත් දුන්නා කියන්නකෝ...



කොහොම හරි මම නැගිටිනකොට නම් අම්මා උදේම නැගිටලා ඉදියා. 



ඊට පස්සේ එයා මට තේ එකකුත් හදලා දීලා මම ඒක බොනකොට හිමින් සැරේ මගෙත් එක්ක කතා කර කර ඉන්නකොට අරයා ගැන විස්තර ටිකකුත් එහෙන් මෙහෙන් ඇහුවා. මමත් ඉතින් කිව්වා. ඇයි තවත් හංගන්න දෙයක් නෑනි. 


කොහොම හරි මම ටැක්සියකින් ක්ලාරගෙ ගෙදරට ආවා.. 


ඔව්.. 


එතකොට මෙන්න ​යකෝ අපේ අයියත් ක්ලාරගෙ ගෙදර ඇවිත්. 


මූ ​යකොව්...


කිව්ව නම් මාත් මේකත් එක්ක එනවනේ...



ඒ කියන්නේ මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ක්ලාරා දැනටමත් දන්නවා...



මාව දැක්කහම අපේ අයියා නම් හොඳට හිනා වුනා. ක්ලාරා නම් ඉතින් ලැජ්ජාවෙ ඇඹරෙනවා. 



මම ඉතින් කින්ඩියට හිනාවක් දාලා ක්ලාරාගෙන් ඇහුවේ අයියා ඉන්නව ද කියලා...


" කැම්රන් ද? ආා.. ඔව්. ඔය උදේ ම එනවා කියලා නම් කිව්වා...තාම නම් නෑ "



ක්ලාරා එහෙම කියනවත් එක්කම පටස් ගාලා කාර් එකක් ඇවිත් මිදුලේ නැවත්තුවා. ඒ කැම්රන් තමයි.මමත් ඉතින් පටස් ගාලා ඉස්සරහට දුවගෙන ගියා. එතකොට එයා මාත් එක්ක ඕනම කෙල්ලෙක්ව වශී වෙන හිනාවක් දැම්මා. 



මම ආසම ඒකට. ඒ වුනාට සමහර වෙලාවට මට ඉරිසියයිත් එක්ක. ඇයි අනේ ඕනම කෙල්ලෙක් වශී වෙනවා කියන්නෙ මම විතරක් නෙමෙයි නේ. 


හුම්.. 



කමක් නෑ....



කොහොම හරි ඔහොම කොහෙවත් නැති ඕප දූප ටිකක් කතා නර කර ඉඳලා අපි කට්ටිය ලෑස්ති වුනේ double date එකකට හවස් වෙලා beach එකට යන්න.



​ කොහොම හරි අපි ඉතින් වෙලාවට වැඩ කරන කට්ටියක් නෙමේ නිසා අපි ලෑස්ති වෙලා කාර් එකට නගින කොට ම වෙලාව හවස 2යි...



අපේ ගෙවල් ළඟ ඉඳලා වැඩි දුරක් නැති නිසා අපි හවස 4 වෙනකොට එතන.දුර නෑ කියන්නත් බෑ නේද ඉතින්. පැය දෙකක් නෙ...



හැබැයි අපරාදේ කියන්න බෑ එදා තරම් ලස්සනට මම කවදාවත් beach එක දැකලා නෑ...



ඒ තරම් මිනිස්සුත් නෑ...



ටිකක් හවසුත් වෙලා නිසා beach එක අමුතුම පාටක් තමා තියෙන්නේ...


ඒ වුනාට පැය ගානක් හා photo 100 කට විතර පස්සේ ක්ලාරයි මමයි ගත්ත ඒවායින් ලස්සනම එක තමා ඔය පහළ තියෙන්නේ.


අපි ඉතින් පැය බාගයක් විතර ම රැල්ල පෑගුවා...


හැබැයි අපේ කට්ටියම ලොකු වුනාට පොඩි උන් වගේ නිසා ඇති වෙන්න වැලිත් නාලා තමයි ඉඳියේ. වෙලාවට ඇඳුම් එහෙම අරගෙන ආවේ නැත්නම් ඉවරයි.



කරදර කරන්න කවුරුත් ව නැති නිසා අපි ඒ ළඟ ම hotel එකකට ගිහින් rooms දෙකක් ගත්තා.



වැරදියට හිතන්න එපා හරිත..



එකක් ක්ලාරටයි මටයි එකක් කැම්රන් ටයි අපේ අයියටයි...



හතර දෙනාම යාළුවෝ නිසා කිසි ප්‍රශ්නයක් නෑ..



ටිකකින් අපි ඒ hotel එකේම cafe එකට ගිහින් coffee එකක් බොන ගමන් රෝල්ස් අරගෙන කෑවා.එතන නම් අපි ඉඳියෙ couple දෙක වෙන වෙනම තමයි..


​ කොහොම හරි අපි ඔහොම කතා කර කර ඉන්නකොට එකපාරටම කොහෙවත් ඉදලා කැම්රන් ළඟට ඒ කියන්නේ අපි දෙන්නා ඉඳපු table එකට ගෑනු ළමයෙක් කඩා පාත් වුනා...



මාරම ලස්සනයි එයා..



​ මට නම් හොඳටම කේන්ති ගියා..



ඇත්තටම කිව්වොත් මට ඉරිසියයි...



​ මොකද එයා කැම්රන් එක්ක ඉඳපු විදිහ මට එච්චර ඇල්ලුවෙ නෑ.මොකෙක් ද වගේ නිකන් හැම වචනයක් ම ඇද ඇද කතා කරන්නේ.



අනික හැම තිස්සෙම කැම්රන් අත පත ගානව.



මල මඟුලක් නේ...



වැඩේ කියන්නේ කැම්රනුත් මෙයත් එක්ක හොඳට හිනා වෙවී කතා කරනවා...


මම ගැන ගානක්වත් නෑ....



කතාව නම් ඉවරයි.....


​ මේ ටිකත් බලලා යන්න...

මතක ද මෙයාව....

ඔන්න දැන් ඇමීලියාට enemy කෙනෙකුත් ඉන්නවා....

ෆ්ලෝරා ෆැන්සිස්( මනෝ විද්‍යාඥය වරයාගෙ ප්‍රධාන සහයිකාව) මෙයා 𝕧𝕒𝕞𝕡𝕚𝕣𝕖 කෙනෙක්)


චුට්ටි එකක් දුන්නා ඔන්න...


මම...

🦋🦋🦋Millicent🦋🦋🦋

Report Page