The Immortal Vampire

The Immortal Vampire



පෙර කොටස

https://telegra.ph/The-immortal-vampire-03-24


11 වන කොටස


කොහොම හරි ඊට පස්සෙ අපි අර table එකකින් ගිහින් වාඩිවුනා...


විනාඩි දෙකක් විතර යනකන් අපි දෙන්නම මුකුත් ම කතාවත් කලේ නෑ...


අපි ඉතිම් ගමේ ගොඩේ ලැජ්ජා බයට හැදුන ඉතාමත් දහමට ලැදි ළමයිනේ...නැද්ද??


​ ඇත්තම මොකද වුනේ කියලා කිව්වොත් මටනම් කතා කරන්න මාතෘකාවන් හොයාගන්න අමාරු වුනා..ඒක නිසාමයි මම කට පියාගෙන හිටියේ..


​ කොහොම හරි ටිකකින් එයාම කතාව පටන්ගත්තා....



" ම්ම්ම්...අර ලූනාට කොහොම ද දැන්"

ලූනා හෙවත්


" මොන ලූනා ද???"


" අර පූස් පැටියා අනේ... මම මගේ නමයි පූසාගෙ නමයි දෙකම ලියලා එයාට නේම් tag එකක් ගැහුවා දැක්කෙ නැද්ද???"


හුටා එතකොට මේ පූසාගේ නම ලූන ද..හුම් කමක් නෑ.


" පොඩ්ඩක් ඉන්න මොකක්ද ඔයා කිව්වේ. පූසාගෙ නමත් එක්ක කැම්රන් කියලත් ලිව්වද දෙවියනේ..."


" ඔව් ඇයි මොකක් ද අවුල"


​ දෙවියනේ ඒ කියන්නේ මම දකින කොට එහෙම එකක් ඒ පූසගේ ඇඟේ තිබ්බේ නෑ.


ඒ කියන්නේ ඒක බිමට වැටිලා එහෙම නැත්තම් අම්මට අහුවෙලා.


හරිනේ දැන් අමාරුව.


බිම වැටුනත් අම්මා අතුගානකොට අම්මට අහුවෙනවා...


අද ගෙදරින් බත් කනව බොරු...


හරි කමක් නෑ.


අපි ඒක ගෙදර ගිහින් බලාගමුකෝ...


එහෙම හිතලා මම අපි දැන් මෙතනට ආවේ මට තියෙනවා කියපු ප්‍රශ්නවලට උත්තර හොයන්න නේ...


මම ඉතින් මට පටන්ගත්තා මගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න...


" ම්මිම්..හරි මම අරයට වෙන නමක් දැම්මා.අපි ඒක පස්සෙ කතා කරමුකෝ..

මුලින්ම ඔයා මට කියන්න ඔයා කිව්වනේ ඔයා vampire කෙනෙක් කියලා එතකොට ඔයාට කන්න බොන්න පුළුවන් blood විතරද?"


" නෑ.ඒක මෙහෙමයි. අපිට blood කියන්නෙත් අනිවාර්යයෙන්ම ඕනි දෙයක් තමයි ඒත් අපිට පැය 72 ක් විතර blood නැතුව ඉන්නත් පුළුවන්. තව අපිට ඔය සුදුලූණු වගේ දේවල් නැතුව වෙන මිනිස්සු කන ඕනිම දෙයක් කන්න පුළුවන් ඉතින්"


" එතකොට ඔයා මිනිස්සු මරනව ද blood ගන්න."


" අපෝ නෑ.මම කිව්වෙ අපිට මිනිස්සු මරාගෙන එයාලගේ blood බොන්න අවසර තියෙන්නෙ ටාන්ස්ලේනියාවේ දි විතරයි.වෙන තැන්වල දි එහෙම කරන්න අවසර නෑ."


" අම්මෝ ඇති යාන්තම් " මම එහෙම කිව්වේ නිකන් මුමුණන්න වගේ"


" ඈ.. මොකක්ද කිව්වේ.."


" නෑ මුකුත් නෑ"


" එතකොට ඔයාලට දැන් දවස් 3ක් blood නැතුව ඉන්න බැරිනම් මිනිස්සු මරන්නත් බැරි නම් කොහොමද ද ඔයාලා blood නැතුව ඉන්නේ."


" අපි blood නැතුව ඉන්නෙ නෑ."



"මෙහෙමයි ඒක වෙන්නේ දැන් අපේ පවුලට අයිති hospital එකක් තියෙනවා නේ අන්න ඒකෙ blood bank එකෙන් මට ඕනි වෙලාවට මම blood ඉල්ල ගන්නවා. "



" එතකොට ඔයාට වැම්පයර් දත් තියෙනවා ද?"



" ඔව් තියෙනවා."


" කෝ බලන්න"


එහෙම කියලා මම ටිකක් නැවිලා බැලුවා එතකොට නම් මුකුත්ම පේන්න තිබ්බේ නෑ.


" පිස්සුද මෝඩියේ.දත් එන්නේ මට blood වල සුවඳක් එනකොටයි අමාවක දවසට නිල් හඳක් පෑව්වොත් විතරයි"


" හෑ ​යකෝ මේ පෘථිවියට නිල් හඳවලුත් පායනව ද "


" ඔව් අනේ ඒක දන්නේ නැද්ද. එහෙම වෙන්නෙ එකම මාසෙක බුද්ධාගමට අනුව පෝයවල් දෙකක් යෙදුනහම තමයි. එතකොට හඳ නිල් පාට වෙනවා...


නිල් හඳ

" හම්මට මම අදනෙ දන්නෙ"


" හරි එහෙනම් අද හරි දැන ගන්නකෝ."





අදට ඉවරයි අනී...


පොඩි කොටසයි තමා...


ඉස්සරහට ඇමීලියාට වගේම ඔයාලට ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබෙයි..




මම,

🦋🦋🦋Millicent🦋🦋🦋

Report Page