The Immortal Vampire

The Immortal Vampire

Dulaya Dinali


​ පෙර කොටස

https://telegra.ph/The-immortal-Vampire-02-27



● අද කොටස


"හේතුවක් තියෙනවා. හැබැයි මට ඒක ඔයාට දැම්ම කියන්න බෑ. ඔයාට ඒකට හේතුව ළඟදිම දැනගන්න පුළුවන් වෙයි. හරිද?"


" එහෙම කොහොමද මට කියනවා හේතුව ඇයි යකෝ මෙච්චර දේවල් කියලා ඒවා ඔක්කොම කියපු හේතුව කියන්න බැරිද? හහ්....."


" දැන්ම නම් බෑ එච්චරයි. දැන් ඉක්මනට ගෙදර යනවා නැත්නම් මම එච්චර ලොකු බොරුවක් කියලත් කිසි වැඩක් නැති වෙනවා "


" හාකො තමුසෙට දැන් මාව යවාගන්න නේද ඕනේ ක්ලාරා"


" ඔව් ඇයි මොනවා කරන්නද හිතන් ඉන්නේ? "


" හරි මං යනවා. හැබැයි මට ගොඩක් ප්‍රශ්න තියෙයි හරිද? පස්සේ අල්ලගන්නන්කො මං"


"හා හා එක පස්සේ බලාගමුකෝ "


( අහන්න කොච්චර ලොකු ප්‍රශ්න තිබුණත් ඔක්කොටම කලින් මං ගෙදර යන්න හිතුවා. නැත්නම් ඉතින් මට එළියේ තමා තනි රකින්න වෙන්නෙ.ඇයි ඉතින් අපේ ගෙදර මිනිස්සු හරියට ම රෑ 9.00 වෙනකොට දොරවල් ජනේලුත් ඔක්කොම වහලා නිදා ගන්නවනේ...)


(මම ඉතින් පටස් ගාලා අත දාලා අපේ ගෙවල් පැත්තට යන්න ආපු පළවෙනි ම ත්‍රීවීල් එක නවත්ත ගත්තා.)


මම අපේ ගෙදර යන්න ඒ ත්‍රීවීලර් එකට නැග්ග ගමන් මං දැක්කෙ චක බ්ලාස්ට් වෙන්නම අනිත් පැත්තට වැටිලා කළු පාට BMW එක.එකපාරටම දැකලා පුරුදු ගතියක් ආවත් මම පටස් ගාලා අනිත් පැත්ත බලාගත්තේ අපිට කොහෙන් ද ඕව කියලා හිතාගෙන.


​ කොහොම හරි අපි ඔහොම ටික දුරක් යද්දි තමයි මට වැඩේ මීටර් වුනේ.


දෙවියනේ ඒ ක්ලාරාගෙ අයියගේ වාහනේ නේද!!!


සිද්ධිය මීටර් වුන ගමන් මම ත්‍රීවීලර් එකේ මනුස්සයාට ටකස් ගාලා හරවන්න කිව්වා.


" ඇයි නංගි මොකක් හරි ප්‍රශ්නයක් ද ?"


( යකෝ මුටත් තියෙන ප්‍රශ්න. ඒ මදිවට තව පැණි හිනාවකුත් දානවා මෙන්න.මට දෙන්න හිතුනා ඉතින් මුගෙ හොම්බ රිවට් වෙන්න.ඇයි ඉතින් මම බැරි නෑනි මම පොඩි කාලේ ඔය වූෂු පන්තියකටත් පළවෙනි දවස් දෙක ගියා.)


මම ඒත් මෙතන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දාගන්න ඕනි නැති නිසා මම කට වහගෙන ඒක යකාට සල්ලිත් දීලා ආවා.ඒ පොඩ්ඩ දුරටත් සල්ලි ඉල්ලනවා මේ යකා මරු....



​ කොහොම හරි මම එතනට යනකොට එතන මිනිස්සු ගොඩක් වටවෙලා ඉඳියා.මම ඉතින් අතරින් පතරින් රිංගලා ඉස්සරහටම ගියා.


කාර් එක ගිහින් එතන තිබ්බ ලයිට් කණුවක හැප්පිලා.වැඩේටම කියන්නෙ ඒ කාර් එක ඇතුලේ කවුරුත් ම නෑ.ඊට පස්සෙ මම එතන ඉඳපු මනුස්සයෙක්ගෙන් ඇහුවා කෝ කියලා මෙතන දැන් හැප්පුන කෙනා කියලා.


එතකොට මම දැනටමත් අවුල් වෙලා තිබිච්ච ඔළුව තව ටිකක් අවුල් වුනා. ඇයි යකෝ ඒ මනුස්සයා කියනවා ඒගොල්ලෝ මෙතනට එනකොටත් කවුරුත් ම වාහනය ඇතුලෙ ඉඳියි නැහැයි කියලා. ඒගොල්ලොත් පුදුම වෙලා ඉන්නෙ කවුද වාහන එලවන් ආවේ කියලා.


දැන් ටිකකට කලින් ක්ලාරා කිව්ව දේවලුත් එක්ක මටත් ටිකක් වැඩේ මීටර් වුනා.


​ මං ඒත් එක්කම පටස් ගාලා එතන ඉඳපු මිනිස්සු කට්ටියගෙන් ම ඈත් වෙලා පයින් ම පුළුවන් තරම් වේගෙන් දුවන් ගියේ ක්ලාරාගෙ ගෙදරට.


​ ගෙදර දොරත්


ඔව්. මම හිතුවා හරි.


ඔන්න ඉන්නවා ක්ලාරා කැම්රන්ව ඇඳක් උඩ තියාගෙන.එයාට සිහිය නෑ. හැප්පිලා කියලා කියන්තනවත් බෑ.එයාගේ ඇගේ පොඩ්ඩක්වත් ලේ වත් මුකුත් ම නෑ.


ඒත් මම දැක්කා මොනව හරි ක්ලාරා එයාට පොවනවා.



______________________________________

අදට ඉවරායි.......

අමතකත් වෙලා ඇති නේද කතාව....

Thanks comment කලාට

කලින් එකේ ගොඩක් අය හරියටම guess කරලා තිබුණා....

අද ඔයාලට guess කරන්න තියෙන්නේ මොනවද ක්ලාරා කැම්රන්ට පෙව්වෙ කියලා තමයි.....


comment ගොඩාරියක් ඕනි.


මම,

🦋Millicent 🦋


Report Page