The immortal Vampire

The immortal Vampire

Dulaya Dinali


02 කොටස

https://telegra.ph/The-Immortal-Vampire-02-23


03 කොටස (අද) 2024/02/27)



මමත් ඉතින් එදා එතැන පන්තියෙ ඉඳන් ම උන සිද්ධිය කියාගෙන කියාගෙන කියාගෙන ගියා.


හැබැයි වෙනද වගේ නෙමෙයි. මෙයා කිසි සද්දයක් නැතුව හැම දේම හොඳටම අහගෙන හිටියා.


​ මොකද වෙනදට නම් මට මොනවා හරි මෙයාට කියන්න ඕන නම් මෙයා යන යන තැනට පස්සෙන් යන්න එපැයි.


"ඇමී මම පොඩි බඩ්ඩක් අහන්නද?"


"මොකක් ද?"


"මම ඊයේ චිත්‍රපටියක් බැලුවා Twilight කියලා.ඒකෙ ඉඳපු කොල්ලා මාර ලස්සනයි ඕයි."


"ඉතින් ක්ලාරා දැන් ඕක මට කියන්නේ මොන එහෙකටද"


"පොඩ්ඩක් ඉන්නවා කට පියාගෙන."


"ඒත් ප්‍රශ්නයකට තිබ්බෙ ඒ පිරිමි එක්කෙනා වැම්පයර් කෙනෙක්. ගැහැනු කෙනා සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් ඒ දෙන්නා අන්තිමට යාළු වෙලා පොඩි ළමයෙකුත් හම්බ වෙනවා.හරි ද?"


"ම්ම්ම්.....මට පොඩි මතකයක් තියෙන මං ඒ කතාව බලල තියෙනව වගේ."


"එහෙනම් වැඩේ තවත් ලේසියි''


''මොන වැඩේද ක්ලාරා"


"මම කෙලින්ම අහන්නම් ඇමීලියා එහෙනම්. දැන් ඔයා මට කියන්න හදිස්සියේවත් ඔයා දැන ගත්තොත් කොහේ හරි යන vampire කෙනෙක් ඔයාට කැමැතියි කියලා. එතකොට ඔයා මොකද කරන්නේ"


"අම්මෝ මෙයාගෙ ප්‍රශ්න. දැන් කව්ද ඔයාට කිව්වෙ vampire කෙනෙක් මට කැමැතියි කියලා. අනික දැන් ඔය මනස්ගාත ගැන හිතන එක නවත්තනව. මේ ලෝකෙ දැන් එහෙම ජාතියක් නෑ"


"නෑ. ඇමීලියා මේ මුළු ලොකෙම හිතාගෙන ඉන්නවා වැරදියි. එහෙම කට්ටියක් ඉන්නවා."


"හහ්.. කොහෙද? මට පෙන්නන්නකෝ නැත්තම් මම ඔයා ඔය කියන දේ පිළිගන්නෑ ක්ලාරා"


"හරි මම ඔයාට හැම දෙයක් ම කියන්නම්. හැබැයි ඉතින් මේවා දැනගත්තාට පස්සෙ මම පත්තරේ විස්තරේට දැම්මා ​වගේ වෙන්න නම් හදන්න එපා. මේවා අවුරුදු ගානක් තිස්සෙ මමයි අපේ පවුලයි රකින රහස් හරිද මම මේ ඔයාට කිව්වාට. අනික හොඳට මතක තියාගන්න මට මේවා ඔයාට කියන්න හේතුවක් තියෙනවා කියලා."


"හාකෝ...හාකෝ ඉතින් හැබැයි ක්ලාරා ඔයාට ඔය රහස් මට කියනවා කියලා නම් කිසිම බය වෙන්න දෙයක් නෑ.මොකද මට අද උදේට කාපු ඒවත් මතක නෑනි."


"ඒකනම් ඇත්ත. ඔය මැටි මොළේට මොනවද මතක තියෙන්නේ? "


"මේ.. මේ....එන්න එපා මගුල් කියාගෙන හරිද ගහනවා දෙකක් දත් සෙට් එක බඩට යන්න"


"හරි හරි අහගන්නකො දැන්."


"හ්ම්ම්..."


"පේරේදා ඔයා අර වාහනයකට accident වෙලා තිබ්බේ ඒ අපේ අයියාගෙ වාහනේ.හරිද... "


"ඒක මං දැන් දන්නවා මෝඩියේ.."


"දැන් මම මොකද්ද කිව්වේ ආාා. කට වහගෙන ඉන්න කියලා නේද. මැදින් පනිනවනෙ ඉතින්. මල කරදරේ."


"හරි හරි ඉතින් කියනවා.ඕකට ඔච්චර තරහ ගන්නෙ නැතුව"


" හරි. මම දැන් ඔයාට මේ කියන කතාව ඔයා කැමති නම්ඇ විතරක් විශ්වාස කරන්න. ඇත්තටම කිව්වොත් අපේ අයියා වැම්පයර් කෙනෙක්.එයා එහෙම වෙලා තියෙන්නේ campus එකෙන් out වුනාට පස්සෙ. මේ යකා අපේ අම්මාගෙන් සල්ලි කඩාගෙන රුමේනියාවට ගිහිල්ලා.ඒ රටෙත් ට්‍රාන්සිල්​වේනියාවට.ඒ කාලෙත් ඒ ගම හරි ප්‍රසිද්ධයි ඔය vampiresලට. එහෙ තියෙන vampire පෙළපත පැවත එන්නේ ඉස්සර ඉඳල ම වැම්පයර්ස්ලගෙ බලවත්ම කෙනා වෙච්ච ඩ්‍රැකියුලාගෙන්.එතකොට ඔය ඩ්‍රැකියුලා කියලා කියන්නෙ මකර රජ්ජුරුවන්ට ඉඳපු පුත්තු 888 න් අන්තිම ම එක්කෙනා හරිද. සාමාන්‍යයෙන් එයා ඉපදිලා තියෙන්නේ ගොඩක් ම ලොකු යුද්ධයක් තිබිච්ච කාලෙක ඒක නිසා එයා පොඩි කාලේ ඉඳන් ම දැකලා තියෙන්නේ මිනිස්සු මරන විදිහයි මිනිස්සුන්ට වද දෙන විදිහයි. ඒ යකා නිකන් අහක බලන් දාපු බිත්තරයක් වගේ කැතම කැතයි. එයාලා අදහන්නෙ මකර රජ්ජුරුවන්වලු. ඒ වගේ දැන් එයා ලේ බොන හැම කෙනෙක් ම immortality ඒ කියන්නේ මරණයක් නැති අ​ය වෙනවා.එතකෙට අපේ අයියා අර මනුස්සයා අපේ අයියගෙත් ලේ බීලා තියෙනවා.දැන් ඉතින් එයත් vampire කෙනෙක් තමයි. ඒත් දැන් එයා ඒ ගමන ගිය එක ගැන හොඳට ම පසු තැවෙනවා."

ඩ්‍රැකියුලා


"යකෝ ඒක නිකන් horror fantasy කතාවක් වගේනෙ. මේ ක්ලාරා ඔයා ඔය මාව රවට්ටන්න හදනවා එහෙම නෙමේ නේද?"


​( මෙච්චර වෙලාම මම ඒක හුම් සද්දයක් නැතුව අහගෙන ඉඳියා.දෙවි​යනේ සාමාන්‍යයෙන් ක්ලාරා ​විහිළුවලට එච්චර කැමති කෙනෙක් නෙමේ නේ.ඒ කියන්නේ මේ ලෝකෙ එහෙම දේවලුත් වෙනවා.අපි ගත කරන්නේ හරිම දුක්ඛිත ජීවිත නේද දෙවියනේ.කව් ද කියන්න දන්නේ හදිස්සියේවත් අපි නිදාගෙන ඉන්නකොට ඔය මඟුල් මදුරුවෙක් ඇවිල්ලා අපේ මේ ලේ ටික බිව්වොත්...)


"නෑ ඇමීලියා මම දන්නවා ඔයාට එක පාරටම මේ දේවල් විශ්වාස කරන්න අමාරු ඇති.


"ඒක නෙමෙයි ඔයා ඇයි ඉතින් දැන් ඔය දේවල් මට කියන්නේ...මොකක් ද හේතුව ආාා....."



______________________________________

අදට ඉවරායි....

ක්ලාරා ඒ දේවල් ඇමීලියා ට කියන්න මොකක් ද හේතුව guess කරම්න...

කොහොමද කතාව....


මම,

Millicent 🦋


🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

Report Page