The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode .......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-14
40th Episode....❤️🔥 ( The final)
ආයුග් ආරු දිහා බලන් හිටියේ ඇස්වලින් කඳුලු වැටෙද්දි. ආරු වේදනාවෙන් කෑගහනකොට ආයුග්ට දැනුනේ කියාගන්න බැරිතරන් වේදනාවක්.
" ආරන්‍යා.. මම එනවා මැණික..." කියන ගමන් ආයුග් එක කකුලක් අමාරුවෙන් බිම තිබ්බ.
ආයුග් අනිත් කකුලත් අමාරුවෙන් බිම තියලා හිතට හයිය අරගෙන නැඟිට්ටා. ආයුග්ට ඕන වුනේ ආරු ළඟට යන්න විතරයි.
ආරු ආයුග් දිහා බලන් ඉද්දි ආරුට මතක් වුනේ මීට සතියකට විතර කලින් වෙද මහත්තයා කිව්ව දේ.
" ආයුග් පුතාගේ කකුල් දෙක දැන් හොඳයි දුවේ.. හැබැයි කොල්ලා නැඟිටින්න උත්සාහ කරන්නෙ නෑ.. කොල්ලාගේ හිත හදන්න පුලුවන් නම් නැත්තන් මොකක් හරි නැඟිටින්නම වෙන දෙයක් වුනොත් තමා කොල්ලා ඇවිදින්නේ...."
ආරුට කකුලෙන් දැනෙන වේදනාවත් අමතක වෙලා සතුටින් ආයුග් දිහා බලන් හිටියා.
මුල් අඩිය දෙක හිතේ සැකෙන් තිබ්බත් ඊටපස්සේ ආයුග් ආරු ළඟට ආවේ දුවගෙන.
" බබා... මොකක්ද වුනේ... බඩ රිදෙනවද..."
ආරුට ආයුග්ට උත්තර දෙන්න ඕන වුනේ නෑ. ආරු ආයුග්ව බදාගත්තා.
" ආයු ඔයා ඇවිදිනවා.. ඔයා ඇවිදිනවා ආයු...."
" ඔව් බබා.. ඔයාට අමාරුද.. මොකද වුනේ කියන්න මාව බය කරන්නෙ නැතුව..."
" මගේ කකුල පෙරලුනා ආයු.. ඒක ගොඩාක් රිදෙනවා... බඩ වැදුනේ නෑ බය වෙන්නෙපා..."
" පුතා මොකද වුනේ.. දුව ඇයි කෑගැහුවේ..." වත්ත පහළ හිටිය ආච්චි දුවගෙන දුවගෙන එන ගමන් ඇහුවා.
" කකුල පෙරලිලා ආච්චි..." කියන ගමන් ආයුග් ආරුව හරහට ගත්තා.
" ආයු.. මාව බිමින් තියන්න.. ඔයාට තාම හොඳටම හොඳ නෑ.. මම බරත් වැඩියි.. ඔයාගෙ කොන්දට හොඳ නෑ..."
" පුතේ ඔයා ඇවිදිනවා.. දෙයියනේ මගේ කොල්ලා..." ආච්ච්ට ඇඩුනා.
" අයියෝ ආච්චෝ.. අඬන්නේ මොකටද දැන්.. ඉක්මනට වෙද මහත්තයව එක්කන් එන්න කාව හරි යවන්න..." කියලා ආයුග් ආරුව එක්කන් කාමරේට ගියා.
ඊට ටික දවසකට පස්සේ ආයෙමත් කට්ටියම කොළඹ ගියා. ආයුග් ආයෙමත් වැඩට ගියා. ඒත් ඉස්සර තරන් දැන් බිසී නෑ. මොකද බ්ලේඩ් නැති හින්දා අපරාධ සෑහෙන්න අඩුවෙලා තිබ්බේ. ඒ හින්දා ආයුග්ට ගෙදර ඉන්න වෙලාව තිබ්බා.
එදත් ඒ වගේ දවසක්. ආයුග් නිරූ ආරු තුන්දෙනාගේ කැමතිම වැඩේ තමා සාලේ පෙරලිලා ඉන්න එක.
අදත් තුන්දෙනා සාලේ හිටියේ. ආරු බිම දිගා වෙලා ආරුගේ කුස සම්පුර්ණයෙන්ම නිරාවරණය කරලා තිබ්බේ ආයුග්.
" තාත්ති මල්ලි බබාගේ කට මේ වගේද..." නිරූ ආරුගේ බඩේ කටක් අඳින ගමන් ඇහුවා.
" අන්න හරි බබා.. ඔය වගේ තමා...ම්ම්ම්.. දත් දාන්න එපා.. මල්ලිට තාම දත් නෑනේ..." තාත්තයි දුවයි දෙන්නා ආරුගේ කුස බදු අරගෙන. දෙන්නා ඉඳගෙන මාකර් දෙකක් තියාගෙන චිත්‍ර අදිනවා. ආරුගේ කුස තමා කැන්වස් එක.
" ඒමද.. අම්මී ... ආත්ති එන්නෙ නැද්ද.. චූති පුංති ආවෙත නෑනේ.. "
" එයි බබා.. පුංචි වැඩනේ.. ඉක්මනට එයි..."
" නිරූ.. මේ කුරුල්ලා..."
ආයුග් කුරුල්ලෙක් ඇදලා පෙන්නුවා. නිරූ එතන තව ලොකු කුරුල්ලෙකුයි චූටි කුරුල්ලෝ දෙන්නෙකුයි ඇන්දා.
" මොකක්ද ඒ බබා..." ආයුග්.
" මේ තාත්තී.. මේ අම්මී.. මේ මම.. මේ මල්ලි බබා .."
" ෂෝයිනේ මගේ මැණික.. " කියලා ආරු නිරූව තුරුලු කරගත්තා.
ටික වෙලාවකින් තුන්දෙනම එහෙම්මම නින්දට වැටුනේ සාලේ ඉද්දිමයි.
සුපුරුදු විදිහටම කට්ටියගේ නින්ද කැඩුවේ ටෂ්මි.
" අයියේ.. අයියේ.. මේ නැඟිටිනවා හලෝ.. ඉක්මනට.. හදිස්සියක්..."
" මොකද ඕයි.. වද දෙන්නෙ නැතුව හිටපන්කෝ..." ආයුග් ඇස් ඇරලා බලන්නෙවත් නැතුව ආරුව තුරුලු කරගෙන ආයෙමත් නිදාගත්තා.
" අක්කේ.. අක්කේ.. ඔයාවත් නැඟිටින්නකෝ..." ආරුට තට්ටු කරමින් ටෂ්මි කියනකොට ආරු නම් නැඟිට්ටා.
" ඇයි චූටි..."
" අම්මලා ඇවිල්ලා අක්කේ..."
" ඉතින්.. එන්න කියන්න..." ආරු නිදිමරගාතෙම කිව්වා.
" අයියෝ අක්කේ.. ඇවිල්ලා ඉන්නේ අපේ අම්මා.. මගෙයි අයියාගෙයි අම්මා.. සරලා ඇවිල්ලා ඉන්නේ..."
ඒක ඇහුනම නම් ආරුගේ නිදිමත කොහෙන් ගියාද මන්දා. ආරු ඉක්මනට ආයුග්ව අයින් කරන්න ගත්තා.
" ආයු.. ආයු.. නැඟිටින්න.. ඔයාලාගේ අම්මා ඇවිල්ලා තියෙන්නෙ..."
"බිතින් මට මොකද අප්පා..." කියලා ආයුග් ආයෙම නිදි.
" නැගිටිනවා මිනිහෝ... දැන් මම හොඳ වැඩක් කරනවා හැබැයි ඈ..."
ඔන්න ඒ පාර නම් ආයුග් නැඟිට්ටා.
" කෝ නංගි..."
" දොර ළඟ අක්කේ.. මම ගෙදර එද්දිමයි ආවේ..."
" හරි ඔයා මූණ කට හෝදගෙන එන්නකෝ මම ඇතුළට එන්න කියන්නම්..." කියන ගමන් ආරු නැගිටලා ඇඳුම හදාගත්තා.
ආරු දොර ළඟට ගිහාම දැක්කේ සරලා, බිමල්, ආයුග්ගේ මල්ලි, ආයුශ්, මන්දනා කට්ටියම ඇවිල්ලා ඉන්නවා. මීට කලින් දෙතුන් සැරයක් ආයුශ් මන්දනා දෙන්නා ආවත් අද තමා පළවෙනි වතාවට සරලලා ආවේ.
" එන්න ඇතුළට..." කියන ගමන් ආරු කට්ටියව ඇතුළට එක්කන් ආවා.
සරලා ගේ පුරාම බැලුවේ හරිම කුතුහලෙන්. මොකද මේ තරන් ලොකු ගෙදරට සරලා ආව පළවෙනි වතාව තමයි මේ.
සාලෙට කට්ටියව එක්කන් ඇවිල්ලා ආරු කට්ටියට ඉඳගන්න දීලා බැලුවේ කෝ ආයුග් කියලා.
ඒත් එක්කම ආයුග් උඩ තට්ටුවේ ඉඳලා පහළට ආවා.
" කෝ නිරූ..." ආරු.
" ඇඳෙන් තිබ්බා.. " ආයුග්.
ආයුග් ගිහින් සෝෆා එකෙන් ඉඳගත්තේ සරලා දිහා බලන්නෙවත නැතුව. සරලා ආවේ මොකටද කියලා හිතාගන්න බැරුව හිටිය නිසා ආරු සරලාව හොඳට නිරීක්ෂණය කරන ගමන් හිටියේ. ආයුග් කරපු දෙයින් සරලාට රිදුනු බවක් ආරුට තේරුනා.
" ඇනී අම්මා.. බොන්න මොනාහරි අරන් එන්න කට්ටියටම..." කියලා කියන ගමන් ආරුත් ගිහින් ආයුග් ළඟ ඉඳගත්තා.
ටික වෙලාවක් කට්ටිය මූණට මූණ බලන් හිටියා. කිසිම කෙනෙක් කතා කරේ නෑ. ඇනී අම්මා කන්න බොන්නත් ගෙනත තිබ්බා. ඒත් එක්කෙනෙක්වත් ඒවට අත තෛබ්බෙත් නෑ. ඒ හින්දා බැරිම තැන ආරුම කට ඇරියා.
" නැන්දේ කන්න... මාමේ.. මල්ලි... ඔය දෙන්නට නම් කියන්න ඕන නෑනේ අදම ආවා වගේ ඉන්නවා.. කන්නකෝ අප්පා.. "
" දුවේ.. ආරු.. මට සමාවෙන්න..." සරලා මෙච්චර වෙලා හිරකරන් හිටිය දේවල් එකපාර එළියට පැන්නේ කඳුලු එක්කමයි.
" දුවේ මම ඔයාගෙන් සමාව ඉල්ලන්නේ මම ඔයාට කරපු හැමදේටමයි.. මම දිව්යාටත් අපහාස කරා.. මට සමාවෙන්න දුවේ.. මට හැම්දේම තේරුනේ පරක්කු වෙලා.. එතකොට මම ගොඩාක් පරක්කුයි.. මගේ බඩෙන් වැදුව දරුවම මගේ මූණවත් බලන්නේ නෑ. මම ඒ තරන් පව්කාරියක්.. මට සමාවෙන්න දුවේ.. මට සමාවෙන්න.. මම කරපු හැම්දේටම.." සරලා ආරු ළඟට ඇවිල්ලා ආරු ළඟ බිම වැටිලා ආරුගේ අත් දෙකෙන් අල්ලගෙන අඬ්මින් කිව්වා.
" නැන්දේ නැඟිටින්න.. නැඟිටින්න නැන්දෙ..." ආරු එහෙම කිව්වත් සරලා ඊළඟට අල්ලගත්තේ ආයුග්ගේ අතකින්. ඒත් ආයුග් ඒ අත ගසලා දැම්මා. සරලාට තවත් හයියෙන් ඇඩුනා.
ආරු ආයුග්ගේ අතින් අල්ලගෙන සරලා අතත අරන් ආයුග්ගේ අත උඩින් තිබ්බා. ආයුග් පුදුමෙන් ආරු දිහා බැලුවා.
" මම දන්නවා ආයු.. ඔයට නැන්දාට සමාව දෙන්න බෑ තමා.. ඔයා ඔයාගේ හොඳම කාලේ නැන්දා හින්දා දුක් වින්ඳා.. ඒත් අද එයා ඔයා ළඟ දණින් වැටිලා ඉන්නේ සමාව ඉල්ලන්න ආයු.. මොනා වුන්ත් ඒ ඔයාගේ අම්මා ආයු.. පුළුවන් නම් සමාව දෙන්න.. මම ඔයාට බල කරන්නෙ නෑ.. " ආරු ආයුග්ගේ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා.
" මාව අතහරින්න බබා.. ඒත් මෙයා ඔයාට කිව්ව කරපු දේවල්..."
" අතීතය අමතක කරන්න ආයු.. අපි හැදෙන්න චාන්ස් එකක් දීලා බලමු.. නැන්දේ ඔයා ආයුට කරපු දේවල්වලට පසු තැවෙනවද..."
" අනේ දුවේ මම සිය දහස්වතාවක් ඒ දේවල්වලට පසු තැවෙනවා.. මට සමාව දෙන්න පුතේ. නැත්තන් මාව මරලා දාන්න පුතේ.. ඔයාට කරපුවා මතකෙට එද්දි මම මැරි මැරි ඉපදෙනවා මගේ පුතේ.. මට සමාව දෙන්න.. මම ඔයාට කරපු හැම්දේටම සමාව දෙන්න..." සරලා ආයුග්ගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා.
ඒක මොනාවුනත ආයුග්ට බලන් ඉන්න අමාරු වුනා. ආයුග්ට එයා තාත්තෙක් කියන හැඟීමත එක්ක සරලාට සමාව දෙන්න හිතුනා. ඒ නිසා ආයුග් බැලුවේ ආරු දිහා. ආරුට තේරුනා ආයුග් මොනාද මේ කියන්න හදන්නෙ කියලා. ඒ හින්දා ආරු ආයුග්ට සන් කළේ හරියි කියලා හිතෙන දේ කරන්න කියලා.
ආයුග් සරලා උරහිසෙන් අල්ලලා සරලාව නැගිට්ටවලා සරලාව වැළඳගත්තා. හරිම සංවේදි මොහොතක් වුන ඒ අවස්ථාව හැමෝගෙම ඇස්වලට කඳුළු ගේන්න සමත වුනා. ආයුග් ඒ විදිහට එයාගේ පවුලේ අයට සමාව දුන්නා.
රෑ වෙනකන්ම කට්ටිය කතා බහ කරමින් ඉඳලා කට්ටිය පිටත් වෙලා ගියා.
ආරු වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා බැල්කනි එකට වෙලා බලන් හිටියේ මුහුද දිහා. මුහුදට හද එළිය වැටිලා පේන දර්ශනය හරිම ලස්සනයි.
ඒත් එක්කම ආරුට මැසේජ් එකක් ආවා. ආරු බලනකොට ඒක එවලා තිබ්බේ මන්දනා. ඒ ෆැමිලි ෆොටෝ එක. අද හවස ආරුගේ ඉල්ලීම මත කට්ටියම ගත්ත ෆොටෝ එක.
ආරු ආසවෙන් ඒ දිහා බලන් ඉද්දි ආයුග්ගේ අත් ආරුගේ කුස වටේ බැඳුනා.
" ආයු.. අන්තිමට ඔයාට ඕන වුන දෙයක් ඔන්න වුනා.. මම මේක රාමු කරනවා.. කමක් නෑනේ..."
" ඔයාට කැමති දෙයක් කරන්න මැණික... තැන්ක් යූ බබා.. ඔයා හින්දා තමා අද මං මේ තරන් සතුටින් ඉන්නේ.. ඔයා හම්බුනේ නැත්තන් මගේ ලෝකේ අපායක් වගේ තියෙයි.. මම හිතෙන හිතෙන එකාට වෙඩි තිය තිය මරලා දායි.. හිතක් පපුවක් නැති එකෙක් වෙයි... ඔයා මාව සර්ව සම්පූර්ණ කළා මැණික.. මට ලස්සන පවුලක් දුන්නා.. ආදරෙයි ආරන්‍යා... "
" ඔයාටත් එහෙම තමයි ආයු.. මට පිරිමි කියන ජාතියම එපා වෙලා හිටියේ.. මම ආදරේ කරන අයත් මාව දාලා යද්දි ඔයා තමා මම ළඟ හිටියේ.. මටත නොදැනීම මාව ආරක්ෂා කරේ.. මාත් ඔයාට ආදරෙයි ආයු..."
" අම්මෝ ඇති යන්තන්..."
" ඇයි..."
" ආදරෙයි කිව්වා..."
" අනේ මේ.... ආව්... කොල්ලො...."
ආරුගේ කුසේ ඉන්න දරුවා එකපාර පයින් පාරක් ගැහුවේ දෙන්නාගේ කතාව මාත් අහන් ඉන්නේ කියන්න වගේ.
තවත් මාසයක් ගෙවිලා ගියේ ආරුට දරුවා ලැබෙන්න දින කිහිපයක් විතරක් ඉතිරි වෙද්දි. එදත් සුපුරුදු විදිහටම ආයුග් වැඩට ගියා. ටෂ්මි කැම්පස් ගියා.
ආරු නිරූ එක්ක ගාඩ්න් එකේ මල් පැල වගේකට සාත්තු කර කර ඉද්දි ආරුට එකපාරටම තේරුනා කකුල දිගේ මොකක් හරි දියරයක් යනවා වගේ.
ආරුට තේරුනා දරුවා ලැබෙන්න ළඟයි කියලා.
ඉක්මනට ඇනී අම්මාට කතා කරලා ආයුග්ටත් කියලා ආරු ඇනී අම්මා එක්කම හොස්පිටල් එකට යන්න පිටත් වුනා.
ආරුව හොස්පිටල් එකට එක්කන් එද්දි ආයුග් හොස්පිටල් එක ඉස්සරහට ඇවිල්ලා ආරු එනකන් බලන් ඉන්නවා. ආයුග්ගේ ඇස්වල කඳුලු පිරිලා. ආරුගේ කොන්දෙන් වගේම කුසෙනුත් ලොකු වේදනාවක් දැනුනත ආරු ඒ බව ආයුග්ට නොපෙන්වලා හිනා වුනා. ඒත් ඉතින් ආයුග්ට ආරුගේ හැම ඉරියව්වක්ම පුරුදු හින්දා ඒක වේදනාව මිශ්‍රවුන හිනාවක් කියලා අඳුනගන්න වැඩිවෙලා ගියේ නෑ.
" බබා.. අමාරුයි නේද..."
" නෑ ආයු.. අවුලක් නෑ..."
පැයකට විතර පස්සේ ආරුට හොඳටම අමරු වෙද්දි ලේබර් රූම් එකට ගත්තා. කලින්ම ආයුග් ආරුගේ තනියට ලේබර් රූම් එකට යනවා කියලා තිබ්බ හින්දා ආයුගුත ඒ පස්සෙන්ම ගියා.
" ආයු.. ඔයාට ඉන්නම... ආහ්. ඉන්නම.. ඕනද... ඔයාට.. බලන් ඉන්න.. ආහ්.. අම්මා.. අමාරුවෙයි.. ආයු... ඔයා යන්න... ආහ්.. අම්මා..." ආරු අමාරුවෙන් කිව්වා.
" නෑ බබා.. මට පුලුවන්.. මම ඔයා එක්කම ඉන්නවා..." කිව්ව ආයුග් ඇස්වල කඳුලු පිහද ගෙන ආරුගේ නළලටත කිස් එකක් දීලා ආරුගේ අතකින් අල්ලගත්තා.
පැය තුන හතරක්ම වේදනාවෙන් කෑගහමින් ඉඳලා අන්තිමට ආරු පුතෙක්ව බිහි කරා.
දරුවව පපුව උඩ තියාගෙන ආරු කඳුලු පිරි දෑසින් බැලුවේ හිනාවෙනගමන්මයි. මෙච්චර වෙලා තමන් වින්ඳ වේදනාවත අමතක කරලා දාන්න ආරුට පුලුවන් වුනේ දරුවා හින්දා.
මේ වෙද්දි ආයුග් නම් හොඳටම අඬනවා. ආරු වින්ඳ වේදනාව දැකලා ආයුග්ට ළමයිනුත් එපා කියලා හිතිලා තිබ්බෙ.
" ආයු.. ඒයි මොකද ඔය අඬන්නේ..."
" අනේ බබා.. අපිට මේ ඇති.. නිරූත් ඉන්නවානේ.. අපිට එතකොට දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ඉන්නවානේ ඒ ඇති..."
" ඇයි ආයු..."
" අනේ ඔයා මේ වින්ඳ දුක ආයේ ඕන නෑ බබා.. මට බෑ ඔයාට මෙච්චර වේදනවක් විඳින්න දෙන්න..."
" ආයු.. පුතාව ගන්නකෝ ට්කක්... අරන් පපුවට තුරුල් කරගන්න.. දැනෙනවද.. ඒක අමුතුම හැඟීමක් ආයු.. දෙමව්පියෙක් වෙන එක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි ඒ අතින් අපි වාසනාවන්තයි නේද.. මට නම් හිතුනේ තව දෙන්නෙක්වත් හදන්න ඕන කියලා.. "
" දෙන්නෙක්...."
ටික වෙලාවකින් ආරුව වෝඩ් එකට දැම්මා. කට්ටිය පෝලිමට ආවේ අම්මවයි බබාවයි බලන්න.
ආපු හැමෝම දරුවා ළඟට දුවද්දි සංජනා ආවේ ආරු ළඟට.
" අනේ මගේ මැණිකේ.. කොහොමද බන්..." කියලා සංජනා ආරුව බදාගත්තා
" අවුලක් නෑ බන්..."
" නැත්තෙ නෑ බන්.. උබට සෑහෙන මහන්සි පාටයි... මේක බීපන්.. මම පෝලිමේ ඉඳලා අරන් ආවේ..." කියලා සංජනා ආරුට චොක්ලට් මිල්ක්ෂේක් එකක් දුන්නා.
" අනේ සංජූ.. උබ නම් දෙවියෙක් බන්.. මට දැන් ටිකකට කලින් හිතුනේ මේකක් තිබ්බ නම් ශෝක් කියලා..."
" ඒකට තමා ටෙලිපති කියන්නේ.. හහ්.." කියලා සංජනා කොලර් එක ඉස්සුවා.
" මේ යුග්.. මේ තනිකර උබේ කපාපු පලුව බන්...." සරස් තොටිල්ල දිහා බලාගෙන කිව්වා.
" අප්පටසිරි.. මට තව පොඩ්ඩෙන් අපේ චණ්ඩියාව බලන්න අමතක වෙනවනේ.. " කියලා සංජනා ගිහින් බබාව වඩාගත්තා.
" ඒක නම් ඇත්ත බන්.. තනිකර ආයුග් අයියම තමා.. ඒක නෙවෙයි මොකක්ද දාන නම දැන්..."
" ම්ම්.. මම හිතාගෙන ඉන්නේ ආරුෂ් කියලා දාන්න..."
" ආරුෂ්... නයිස් නේම්..." සංජනා.
වසර පහළොවකට පසු.....
" අම්මේ.. අම්මේ...." නිරූ කෑගහගෙනම ගෙට ගොඩ වුනේ ආරුෂ්ගේ කනකිනුත් ඇඳගෙන.
" අම්මේ.. තාත්තේ... ඉක්මනට එන්ඩෝ... කේලමක් තියනෝ..." ඒ ආරුකි... ආරුෂ්ට වැඩිය අවුරුදු තුනක් බාල ආරුගෙයි ආයුෂ්ගෙයි චූටි දුව.
" මොකද වුනේ.. දෙයියනේ මොකද ඔය රුෂ්..." ආරු උඩ තට්ටුවේ ඉඳන් පහළට එනගම්න් ඇහුවේ ආරුෂ්ගේ ඔලුවේ ඉඳලා පහළටම බලන ගමන්.
තොල්පටක් පැලිලා ලේ එනවා. සුදු ෂර්ට් එක දුඹුරුම දුඹුරු පාටයි. හොඳටම පොඩිවෙලා. කොණ්ඩේ හොඳටම අවුල් වෙලා.
" රණ්ඩුවකට පැටලුනාද කොල්ලො..." ආයුගුත ආරුගේ පස්සෙන්ම එනගමන ඇහුවා.
" අනේ අම්මේ අක්කට කන අතහරින්න කියන්නකෝ..."
" අක්කට කන අතහරින්න කියන්න කලින් මොකක්ද වුනේ කියන්නකෝ.. අද කා එක්කද ගහගත්තේ..."
ආරුෂ් බැලුවේ නිරූගේ මූණ දිහා.
" මං දිහා බලන්නේ කියන්න කා එක්කද ගහගත්තේ කියලා..." නිරූ ආරුෂ්ගේ කන අතහැරියා.
" මොකද කට ඇරෙන්නෙ නැද්ද කොල්ලො..." ආයුග්.
" තාත්තේ.. මේ අක්කිගේ පස්සෙන් කොල්ලො දෙන්නෙක් එනවා.. ට්වින්ස්ලා දෙන්නෙක්.. මම උන් දෙන්නට ගැහුවේ.. උන් ඕනවට වඩා වැඩියි.. ඇයි යකෝ හිතාගෙන ඇති මගේ අක්කා එක්ක යාලු වෙන්න..."
ආරු බැලුවේ ආයුග්ගේ මූණ දිහා. ආයුග්ගෙ මූණේ ඇඳුනේ දඟකාර හිනාවක්.
" දැන් එහෙමයි කියලා ගහගෙන හරියනවද.. දැන් නිරූ දන්නවද ඔය පස්සෙන් එන කොල්ලො දෙන්නා ගැන...."
" ඔව් තාත්තී.. රුහානුයි විහානුයි ගැන ඔය කියන්නේ.. රුහාන් හැමතිස්සෙම වද දිදී පස්සෙන් එනවා.. කොයි වෙලෙත් මගේ පස්සෙන්මයි.. විහාන් නම් වද දෙන්නෙ නෑ.. පාඩ්ම වැඩ අහගන්න ඒවට මේවට එනවා.. එයා මට ප්‍රපෝස් කළත එක්ක.. ඒත් තාත්තියි මම ඉස්සෙල්ලම ඉගෙන ගෙන ඉන්න ඕන කියලා මඟ ඇරියා... හැබැයි රුහාන් හින්දා මට අනික් කොල්ලොගෙන් කරදර නෑ.. උන් හැරිලවත බලන්නෑ.. ඒත් ඉතින් රුහානුයි විහානුයි ට්වින්ස්ලා වුනාට මරාගන්න හින්දා ඒ දෙන්නා මම ගැන කියලත දැන් ගහගන්නවා.. අද මල්ලි ඇවිල්ලා ඒ දෙන්නටම ගැහුවා කොහොමහරි..."
ආරුට එකපාර බකස් ගාලා හිනාවක් පැන්නා.
" ඇයි අම්මි හිනාවෙන්නේ... මම ගැහුවා ගැහිල්ලා ඔයා දන්නෑ.. අර රුහාන්කරයා තමා ගේමට ඉන්නේ.. මම ඊළඟ දවසේ ඌට ගහන්නේ..."
" ඒයි ඒයි.. තව පාරක් ගහගන්නද කල්පනාව.. අන්තිමට ගහගෙන ආව දවසේ මං කිව්ව දේ මතකද රුෂ්..." ආරු.
" ඔව් අම්මී... ප්ලීස්.. මම ආයේ ගහගන්නේ නෑ.. "
" නෝවේ.. දැන්ම ලැප් එකයි ෆෝන් එකයි මට ගෙනත් දෙන්න... තව මාස තුනක් රණ්ඩු කරන්නෙ නැතුව හිටියොත් ආපහු හම්බෙයි..."
ආරුෂ් මූණත ඇදග් කරගෙන කාමරේට ගියා. නිරූත් ඒ පස්සෙන්ම එයාගේ කාමරේට යන්නයි හැදුවේ.
" නිරූ...."
" අම්මි...."
" නිරූ... ඔයා ඒ කොල්ලො දෙන්නගෙන් කාටහරි කැමතිද..."
" අම්මි..."
" නෑ නිරූ හැඟීම් කියන දේ යටපත් කරගෙන ඉන්න පුලුවන් වුනාට ඒක එන එක නවත්තන්න බෑ.. මම ඔයාව විශ්වාස කරනවා.. ඔයා කවදාවත වැර්දි තීරණ ගන්නෑ කියලා මම දන්නවා.. ඉතින් කියන්නකෝ... ඔයාට ඒ දෙන්නාගෙන් කා ගැනවත..."
" අම්මී... මේ..."
" කියන්න නිරූ බය නැතුව..." ආයුග්.
" තාත්ති මේ.. මම.. මම.. මේ.. රුහාන්ට... කැමතියි... එයා.. පස්සෙන් ඇවිල්ලා වද දුන්නට හරිම හොඳයි... මේ.. ඉතින්..."
" හරි.. හරි.. මම ඔය කොල්ලා ගැන හොයලා බලන්නම්කෝ.. දැන් යන්න... " ආයුග් කිව්වා.
නිරූ ගියාට පස්සෙ ෆෝෆා එකේ ඉඳගත්ත ආරුට මැරෙන්න හිනා.
" මොකද ගෑනියේ..."
" අනේ මේ මිනිහෝ.... "
" හරි හරි දැන් මොකටද ඔය හිනාවෙන්නේ..."
" මට මතක් වුනේ අපේ අතීතේ.. ආයුශ් ඔයා.. ඔය දෙන්නත් ඒ වගේනේ..."
ඒ අතීතේ ආයෙමත මතකෙට ආව ආයුග්ගේ මූණටත හිනාවක් ආවා.
" බබා මම අද ඔට්ටුවක් අල්ලනවා.. නිරූ යාලු වෙන්නේ ඔය රුහාන් එක්ක... නැද්ද බලන්නකෝ..ම්ම්"
" ඔව් මටත හිතෙනවා.. හැබැයි දෙන්නට රුෂ්ගෙන් නම් බේරිල්ලක් නැතිවෙයි... ඒත් ආයු මට අද මගේ දරුවෝ ගැන ආඩම්බර හිතුනා.. රුෂ් මොනා වුනත ගහගත්ත් එයාගේ අක්කා වෙනුවෙන්... නිරූත් අපිට හංඟන්නෙ නැතුව එයාගේ හැඟීම් ගැන කිව්වා..."
" ඒ ඔයා හොඳ අම්මා කෙනෙක් හින්දා බබා.. ආදරෙයි ආරන්‍යා.."
" ආදරෙයි ආයු...."
_________________________________________
කරදර බාධා ගොඩක් මැද්දෙ ගලාගෙන ගිය ඒ ආදර කතාවටත් තිතක් තිබ්බා ඔන්න..
ඉක්මනට ඉවර කරේ නෑ ළමයිනේ.. කොටස් 40ක්ම ගියා.. මේක තමා මම ලියපු දිගම නවල් එක...
පසුවදනක් දෙනෝ අනිවාර්යයෙන්ම කියවන්න.. මොකද ඊළඟ දෙන කතාව ගැන කියනවා..
හැමදාම reaction දාන්නෙ නැතුව comment කරන්නෙ නැතුව යන ඔයාට කියන්නේ අද අවසාන එක ඒ හින්දාවත reaction දාන්න.. හොඳේ...
ආදරෙයි හැමෝටම 🖤