The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-11
39th Episode .....❤️🔥
" ඒයි කවුද තමුසේ.. මොන මඟුලකටද මගේ ඇගේ එල්ලෙන්නේ.. අහකට යනවා..."
ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවේ මේ මොනාද වුනේ කියලා.
ආරු ඩොක්ටර් දිහාත් බැලුවේ ආයුග්ට මේ මොනාද වුනේ කියලා අහන්න.
" ආයු.. ඔයාට මාව මතක නැද්ද... මම ආරන්‍යා ආයු... මම ඔයාගේ වයිෆ්.. අනේ මාව මතක නැද්ද ආයු..." ආරු ආයුග්ගේ අතකින් අල්ලගෙන අඬමින් ඇහුවා.
" what the hell are you doing... Leave me.. " කියලා ආයුග් එකපාර කෑගැහුවම ආරු ආයුග්ගේ අතත් අතහැරලා ඈත් වුනේ හයියෙන් අඬන ගමන්.
" ඩොක්ටර් මගේ මහත්තයට මොකද වුනේ.. ඇයි එයාට මාව මතක නැත්තේ.. " ආරු ඩොක්ටර් ළඟට ගිහින් ඩොක්ටර්ගෙන් ඇහුවා.
" මිසිස් සිංහවංශ... මට පේන විදිහට මිස්ටර් සිංහවංශගේ ඔලුවට වැදිලා තිබ්බ පාරත එක්ක එයාට එයාගේ අතීතය අමතක වෙලා වගේ.. ඉන්න මම චෙක් කරන්නම් ආයේ සැරයක්..."
ඩොක්ටර් ආයුග් ළඟට ගිහින් ආයුග්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.
" ඔයා කවුද කියලා මතකද..."
" ඔව්.. මම ආයුග්..."
" රායිට්.. එතකොට අන්තිමට ඔයා කර කර හිටිය දේ මතකද.."
" මම අන්තිමට... අපිට අල්ලගන්නම ඕන වෙලා තිබ්බ අපරාධකාරයෙක්ව අල්ලන්න ගිහින් හිටියේ.. මම ඌ එක්ක ෆයිට් කරා.. ඒ වෙලාවේ ඌ මට පිහියෙන් ඇන්නා දෙතුන්පාරක්ම.. ඊටපස්සේ ඌ මාව එකපාර තල්ලු කරපු හින්දා මාව වැටුනා.. ඒ වෙලාවේ මගේ ඔලුවෙනුයි කොන්දෙනුයි වේදනාවක් ආවා මතකයි..."
" හරි.. එතකොට මේ ඉන්නේ කවුද කියලා මතකද..." ඩොක්ටර් ආරුව පෙන්වමින් ඇහුවා.
" නෑ.. එයා මං දිහා බලාගෙන අඬන්නේ මම එයාව දන්නවද... මොකක්ද අනික වයිෆ් කිය කිය කිව්වේ..." ආයුග් එහෙම කියද්දි ආරු තවත හයියෙන් අඬන්න ගත්තා.
" මේ ඉන්නේ ඔයාගේ වයිෆ් මිස්ටර් සිංහවංශ... ඔයාලා තව මාස කිහිපයකින් දෙමව්පියෝ වෙන්න ඉන්නේ..."
" පිස්සුද ඩොක්ටර් මේ මම..." කියලා ආයුග් හිනාවුනා.
මේ වෙන දේ තවත ඉවසගන්න අමාරු වුන ආරු ආඬනගමන්ම එළියට යන්න ගියා.
" ඒයි බේබි... මාව අතහැරලා වෙන කෙනෙක් මැරි කරන්නද යන්නෙ ඔය ආ..." කියලා ආයුග් හිනාවෙමින් කිව්වා.
ආරු එකපාර නැවතිලා ආයුග් දිහා බැලුවම තමා තේරුනේ ආයුග් මෙච්චර වෙලා බොරුවක් කරලා තියෙන්නෙ කියලා.
" ඔව්.. මම වෙන කෙනෙක් මැරි කරනවා තමා.. " කියලා ආරු ආයුග්ටත් ගස්ස්ගෙන එළියට ගියේ තරහෙන්මයි.
ආරුව ආයෙමත් යාළු කරගන්න ඕන හින්දා ආයුග් ඇඳෙන් බිමට බහින්න හැදුවේ. ඒත් ඒ වෙලාවේ තමා ආයුග්ට තේරුනේ මොකක් හරි වැරැද්දක් වෙලා කියලා. ආයුග් ඩොක්ටර්ගේ මූණ දිහා බැලුවේ හරිම අසරණ විදිහට.
" ඩොක්ටර්.. මට... මට මගේ කකුල්... මගේ කකුල් දැනෙන්නේ නෑ..."
එළියට ගිය ආරු ආයුග් පව් කියලා හිතලා ආයෙමත් ඇතුළට එන්න දොර අරිද්දිම තමා ආයුග්ගේ ඒ කතාව ඇහුනේ. ඒ දේ ඇහුනම ආරුට දැනුනේ අකුණක් වැදුනා වගේ හැඟීමක්.
" ඩොක්ටර් ඇයි මට මගෙ කකුල් දැනෙන්නේ නැත්තේ...." ආයුග් ආයෙමත් ඩොක්ටර්ගෙන් අහද්දි ආරු දොර ළඟම බිම ඉඳගත්තේ ඇතුළට යන්න තරන් ශක්තියක් ඇඟට දැනුනේ නැති හින්දා.
" මම මේ දේ වෙයි කියලා හිතුවා මිස්ටර් සිංහවංශ... ඔයාගේ කොන්දට වැදුන පාරත් එක්ක සුසුම්නාව ටිකක් ඩැමේජ් වෙලා තිබුනා.. අපි ඒක රිකවර් කරන්න හැදුවත මට පේන විදිහට වැඩක් වෙලා නෑ.. "
" ඒ කියන්නේ ඩොක්ටර් මට ආයේ ඇවිදින්න බැරිවෙයිද..."
" ඒක හරියටම කියන්න බෑ මිස්ටර් සිංහවංශ.. මොකද ඩැමේජ් එක හරි නම් රිකර් වෙලා තියෙන්න ඕනා. එහෙම වුනා නම් ඔයාට ඇවිදින්න පුළුවන්.. අයිම් සොරි මිස්ටර් සිංහවංශ..."
මේ දේවල් එළියට වෙලා අහන් හිටිය ආරු කටට අතක් හිර කරගෙන ඇඩුවේ පිටට සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න.
මේ වෙලාවෙම තමා කේශ්, දිව්‍යා, ආච්චි තුන්දෙනාත් ආයුග්ව බලන්න ආවේ. දොර ළඟට වෙලා අඬන ආරුව දැක්කම තුන්දෙනාම බයවෙලා ආරු ළඟට දුවගෙන ආවා.
" සාක්ෂි..."
" ආරු..."
" අනේ දුවේ... ඔයා මොකද මේ අඬන්නේ. මොකද වුනේ මැණිකේ..." ආච්චි ආරුව පපුවට තදකරගනිමින් ඇහුවා.
ඒත් ආරු කරේ අඬපු එකමයි. ඒ හින්දා කේශ් දොර ඇරලා බලනකොට දැක්කේ ආයුග් ඩොක්ටර් එක්ක කතා කර කර ඉන්නවා.
" සර් නැඟිටලා... සාක්ෂි.. ඇයි ඔයා අඬන්නේ සරුත් නැඟිටලානේ ඉන්නේ..."
" ආයුග් නැඟිටලාද.. ආරු මොකද වුනේ.. බය කරන්නැතුව කියන්න..." දිව්‍යා..
මේ වෙලාවේ ආයුග් දැක්කා දොර ළඟ මේ කට්ටිය ඉන්නවා.
" අම්මේ.. ආච්චි ඇයි දොර ළඟ ඉන්නේ එන්න ඇතුළට..."
ආයුග් එහෙම කිව්වම ආරු ඉක්මනට කඳුලු පිහදගෙන නැගිට්ටා. ඊටපස්සේ ආයුග් ළඟට ගියා.
අනිත් තුන්දෙනාත් පුදුමෙන් ඒ පස්සෙන්ම ගියා.
" පුතේ දැන් හොඳයිද.. අනේ දෙවියනේ ඔයා අපිව බය කරපු තරන්.. මේ කෙල්ල දවස් තුනක්ම මෙතන.. කන්නෙ බොන්නෙත් නෑ ගෙදර යන්නෙත නෑ.. " ආච්චි ආරුගේ ඔලුව අතගාමින් ආයුග්ට කිව්වා.
" බබා ඔයාට පිස්සුද කන්නෙ බොන්නෙත් නැතුව මං ළඟට වෙලා හිටියේ..."
ආරු සද්ද නොකර හිටියා.
" ආ කේශ්.. මොකෝ තත්වේ.. කෝ සරස් එහෙම..."
" සර්.. සරස් සර්ගේ ටිකට් කැපුවේ ඊයේ.. සර් පටන් ගත්ත මිෂන් එක සාක්ෂි ඉවර කරා හැබැයි.."
" ඒ කිව්වේ..."
" බ්ලේඩ් මැරුනා සර්... එදා සර්ගේ සර්ජරි එක වෙන අතරේ බ්ලේඩ් ඌව ඇඩ්මිට් කරපු හොස්පිටල් එකෙන් පැනගෙන මෙහාට ඇවිල්ල සාක්ෂිට කරදර කරන්න හැදුවා.. ඊටපස්සේ බ්ලේඩ් බිල්ඩින් එකෙන් පහළට වැටිලා මැරුනා..."
" මැරුනා.. එහෙම නිකන්ම..." ආයුග් ආරු දිහා බලමින් කිව්වා.
" නෑ මම කවීන්ව මැරුවා... ඌට පරණ දේවලුත මතක් කරලා දීලා බිල්ඩින් එකෙන් පහළට තල්ලු කරා..."
" ආරු ඔයා..." දිව්‍යා පුදුමෙන් ආරු දිහා බැලුවා.
" අම්මේ.. ඒ මිනිහා මැරෙන්න ඕන කෙනෙක්මයි... ආරන්‍යා කරේ හොඳම දේ.. මට අර වෙලේ සිහිය නැතිවුනේ නැත්තන් මමයි ඌව මරන්නේ.. කේශ්.. එතකොට එතන දේවල්..."
" ආ සර්.. මම ඒවා ඔක්කොම ක්ලියර් කරා.. ඒක සූසයිට් එකක් විදිහට ඔක්කොම හැදුවා.. එදා උගෙ උන් ඔක්කොම ටිකත් අල්ලගෙන හිරේ දැම්මා.."
" එහෙනම් ඒකත ඉවරද..."
" ඔව් සර්...."
" හම්මෝ ඇති යන්තන්... අවුරුදු කීයක් නම් ඒ මඟුලට ඔට්ටුවුනාද... මේ.. බබා.. තව දෙයක් තියනවා.. මට වැඩ වගේකට ටික කාලෙකට රට යන්න වෙනවා ඔයාට අම්මා එක්ක ඉන්න පුලුවන් නේද..."
" වැඩ.. මොන වැඩද.. මමත් එන්නම්.."
" නෑ බබා.. මම එන්න කොච්චර කල් යයිද කියන්න බෑ.. මම ඉක්මනටම එන්නම්..."
" ආයු.. ඔයා මොනාද මගෙන් හංඟන්නේ.."
" මොනාද.. මම.. මම.. මුකුත් නෑ..."
" ආයු.. මම ඔයා ඩොක්ටර් එක්ක කතා කරපු දේවල් ඔක්කොම අහගෙන හිටියේ.. ඔයා මාව දාලා යන්නද හදන්නේ ආයු..."
" මොනාද.. පිස්සුද බබා..."
" එහෙනම්.. එහෙනම් මොනාටද ඔයා වැඩකට යනවා කියලා බොරු කියන්නේ ආයු.."
" බබා.. මම..."
" ඇති ඇති ආයු.. ඔයාට ඇවිදින්න නෙවෙයි ඔයාගේ මුළු ඇඟම පණ නැතිවුනත මම ඔයාව දාලා යන්නෙ නෑ. මම ඔයා එක්කමයි ඉන්නේ.. මාව දාලා යන්න නම් හිතන්නවත එපා.. ඔයා හොඳටම දන්නවනේ මගේ හැටි. මම කවදාවත මාව දාලා ගිය අය පස්සෙන් යන්නෙ නෑ කියලා.. "
" බබා.. මට සමාවෙන්න..."
" පුතා මොකක්ද ඒ දුව කිව්ව කතාවේ තේරුම.. ඔයාට ඇවිදින්න බැරිද..." ආච්චි.
" ආච්චි මගේ සුසුම්නාව ඩැමේජ් වෙලා ඒ හින්දා මට ඇවිදින්න බෑ.. ගොඩක් දුරට මුළු ජීවිත කාලෙටම..."
" මොකක්..." ආච්ච්ට එකපාර මොකක්ද වුනා. ඒත් ආච්චිට ඒ එක්කම මතක් වුන දෙයින් කාමරේ හිටිය හැමෝගෙම හිතට ලොකු සහනයක් දැනුනා.
" පුතේ ඔයාට මතකද අපේ ගමේ වෙද මහත්තයා..... එයා පුතාව හොඳ කරයි.. එයා අවුරුදු ගාණක් ඇඳටම වෙලා හිටිය මනුස්සයෝත දුවන්න පුලුවන් කරලා තියනවා එතකොට පුතාව ඇවිද්දන එක වෙද මහත්තයට එච්චර දෙයක් නෙවෙයි..."
තවත දවස් දෙකක් ආයුග්ට හොස්පිටල් එකේ ඉන්නවුනා. ඩිස්චාර්ජ් වුන ගමන් කට්ටිය ගියේ ආච්චිලාගේ ගෙදර. ටෂ්මිටත් නිවාඩු හම්බෙලා තිබ්බ හින්දා ඒක ලේසි වුනා.
එහෙ ගිය දවසෙම වෙද මහත්තය ඇවිල්ලා ආයුග්ව චෙක් කරා.
" වෙද මාමේ.. මගේ මහත්තයට ඇවිදින්න පුලුවන් වෙයිද ආයේ..." ආරු හිතේ බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ඇහුවා.
" ම්ම්.. මට මාස දෙකක්වත් යයි... ඔව් මාස දෙකෙන් කොල්ලා හිටියත වැඩිය හොඳට දුවලා පැනලා ඉඳියි..." වෙද මහත්තය එහෙම කියද්දි ආරුගේ හිතට දැනුනේ ලොකු සතුටක්.
ඒ මාස දෙකේම ආච්චිලාගේ ගෙදර තමා ආරුලා හිටියේ. ටෂ්මි නම් නිවාඩුව ඉවර වුනාම ආපහු ගියා. සරස් සංජනා දෙන්නත් විඩෙන් විඩේ ආවා ආයුග්ව බලන්න.
ඒ මාස දෙකේම ආයුග්ගෙ වැඩඔක්කොම කරේ ආරුමයි. අඩුම ආරුගේ ඇඳුමක්වත වෙන කෙනෙක්ට හෝදන්න ආරු ඉඩ දුන්නෙ නෑ. ආයුග්ට කවලා පොවලා තෙල් ගාලා කසාය පොවලා මේ හැමදේම ආරු කරා.
මාස අටකටත් කිට්ටුවුන බඩත් උස්සගෙන ආරු එහෙමෙහෙ දුවන දිහා ආයුග් බලන් හිටියේ හරිම වේදනාවකින්. ආරු ළඟ ඉඳලා එයාගේ වැඩ කරන්න ඕන කාලේ ආයුග්ගේ වැඩ ආරු කරනවා දකින්න ආයුග්ට බැරිවුනා.
ආයුග් ගොඩාක් වෙලාවට කරේ ජනේලේ ළඟ රෝද පුටුව තියාගෙන එළිය බලන් කල්පනා කරපු එක. මේ මාස දෙකට ආයුග් සෑහෙන නිශ්ශබ්ද කෙනෙක් වුනා. ආරු එක්ක තමා ටිකක් හරි කතා කරේ. ආයුග් ආසාවෙන් කරපු එකම දේ තමා හැම්දාම රෑට ආරුගේ කුස අතගාමින් දරුවා එක්ක කතා කරපු එක.
මේ වෙද්දි දරුවාගේ චලනත් හොඳටම දැනෙනවා. ඒ වගේ දරුවා ආයුග්ගේ කටහඬ හොඳට අඳුනනවා ආයුග් කතා කරද්දි දරුවත් ඊට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා හිටියා.
හැම්දාම රෑට ආයුග්ගේ කකුල්වලයි කොන්දටයි තෙල් ගාලා ඇඟපත හෝඳන් ඇඳට එන ආරුටඇඟට දැනෙන වේදනාව කියාගන්න බැරි තරන්. වෙලාවකට කෙඳිරි ගෑවෙනවා. ඒත් ආරු ඒ කිසිම අමාරුවක් ආයුග්ට නම් පෙන්නුවේ නෑ.
දවසක් ආයුග් ආරු පේන්න නැති හින්දා රෝද පුටුවක් තල්ලු කරගෙන ගිහින් හැමතැනම ආරුව හෙව්වා.
ආච්චිගේ කාමරෙන් ආච්චියි ආරුයි කතා කරන සද්දෙ ඇහෙන හින්දා ආයුග් හිමීට එබුනා.
එතකොට දැක්ක දෙයින් ආයුග්ගේ ඇස්වලට කඳුලු පිරුනා.
දවසම එහාට මෙහාට දුවලා වගේම මේ වෙද්දි දරුවාත් ලොකු හින්දා මේ හැමදේම ආරුගේ කකුල්වලට දරාගන්න බැරිවෙලා තිබ්බා. ආරුගේ කකුල් පිට්ටු ගෙඩි වගේ ඉදිමිලා විතරක් නෙවෙයි යටි පතුල් රතුම රතුවෙලා.
ආච්චි ආරුගේ කකුල් තවනවා. ආරුගේ ඇස්වලින් කඳුලු වැටෙන්නේ වේදනාවටමයි.
" බලන්න දෝණි.. මම ඔයාට කිව්වා කකුල් ටිකක් තවන්න දෙන්න කියලා.. දැන් හොඳටම ඉදිමිලානේ.. කොහොමද මෙච්චර වේදනාවක් ඉවසන් ඉන්නේ මගේ මැණිකේ.. බලන්න මේ කකුල්.. දෙයියනේ... "
" අනේ ආච්චි ආයුට නම් කියන්න එපා.. එයා දැනටමත ඉන්නේ ජීවිතේම එපා වෙලා වගේ.. මේකත දැක්කොත් එයා තවත් කලකිරෙයි..."
" අනේ දෝණි.. කොල්ලගේ වැඩ අපි කරන්නම් මැණිකේ.. ඔයා ටිකක් දැන්වත් පැත්තකට වෙන්න.. "
" නෑ ආච්චි.. මම පැත්තකට වෙන්නේ ආයු ඇවිද්ද දවසට.. "
" අනේ මන්දා මුරණ්ඩුකමනේ.. ඒත් බලන්න දෝණි.. මේ කකුල් දකිද්දි මගේ හිත වාවන්නේ නෑ..."
මේ කතා අහන් හිටිය ආයුග්ට හිතුනේ එයා මැරිලා ගියා නම් හොඳයි කියලා. ආයුග් සද්ද කරන්නෙ නැතුව ආයෙමත කාමරේටම ගියා.
ආරු ටිකකින් ඇවිල්ලා ආයෙමත් ආයුග්ගෙ වැඩ කරලා නාලා එහෙම ආවේ නිදාගන්න.
ආයුග් වෙනදා වගේ දරුවා එක්ක කතා කරන්නෙ නැතුව ආරුගේ මූණෙන් අල්ලන් බලන් හිටියේ හරිම දුකෙන්.
" ඇයි ආයු මොකද වුනේ..."
ඒත් ආයුග් කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇඳෙ දිගේ පහළට ගිහින් ආයුග් ආරු ඇඳන් හිටිය දිගම දිග ගවුම ඉහළට කරා. මේ දවස් ටිකේම ආරු දිගටම ඇඳන් හිටියේ ඇයි කියලා ආයුග්ට ඒ වෙලාවේ තමා තේරුනේ..
" බබා. ඇයි මට කිව්වෙ නැත්තේ..." ආයුග්ගේ ආරුගේ කකුල් හිමීට අතගාමින් ඇහුවා.
" ආ.. ඕක එච්චර දෙයක් නෙවෙයි ආයු.. කොහොමත මේ කාලෙට කකුල් ඉදිමෙනවානේ.."
ආයුග් ආරුගේ කකුල් හිමීට හිමීට අතගෑවේ ආරුට සනීපෙටම නින්ද යද්දි. ආරුට නින්ද ගියාට පස්සේ ආයුග් ආරුගේ නළල සිපගෙන අරුව පපුවට තුරුල් කරගෙන නිදාගත්තා.
එකදවසක් ආරු ආයුග්ගේ රෝද පුටුව එළියේ නතර කරගෙන බලන් හිටියේ ආරු එක්ක සෙල්ලම් කරපු ඇළ දිහා. පරණ මතක අස්සෙ ආයුග් තනිවෙලා ඉද්දි බරට අඩිතිය තිය හිමීට කවුරුහරි එන සද්දයක් ඇගෙද්දි ආයුග්ට තේරුනා ඒ එන්නේ වෙන කවුරුත් නෙවෙයි ආරුට තමයි කියලා.
ආයුග් ඒ පැත්තට රෝද පුටුව හරවගද්දි ඊළඟට දැක්ක දෙයින් ආයුග්ගේ ඇඟම සීතල වෙලා ගියා.
ආරු පලතුරු දීසියකුත් අරගෙන ආයුග් ළඟට එනගමන් හිටියේ. ඒත් එකපාර ආරුගේ මූණ වෙනස් වුනේ මොකක් හරි වේදනාවක් දැනුන හින්ද.
ආරුගේ කකුලක් පෙරලුනේ එකපාර ආරුව බිම වැටෙද්දි. කුස බිම නොවැඳී බේරුනත් ආරුට කකුලෙන් දැනුන වේදනාව නම් දරාගන්න බැරිවුනා.
ආරු වේදනාවෙන් හයියෙන් කෑගැහුවේ කකුලත් අල්ලගෙන.
ආයුග්ට මේ වෙලාවේ ආරු ළඟට යන්න ඕන වුනත් ආයුග් හිටියේ අසරණ වෙලා. ගෙදර කවුරුත හිටියෙත් නෑ..
ආරු බිම ඉඳගෙනම අඬනවා. කකුල පෙරලුන හින්දා ආරුට නැඟිටගන්නත බෑ.
ආයුග් ආරු දිහා බලන් හිටියේ ඇස්වලින් කඳුලු වැටෙද්දි. ආරු වේදනාවෙන් කෑගහනකොට ආයුග්ට දැනුනේ කියාගන්න බැරිතරන් වේදනාවක්.
" ආරන්‍යා.. මම එනවා මැණික..." කියන ගමන් ආයුග් එක කකුලක් අමාරුවෙන් බිම තිබ්බ.
________________________________________
එහෙනම් අවසාන කොටසෙන් හම්බෙමු...
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤