The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-08
38th Episode .....❤️🔥
" සාක්ෂි සන්සුන් වෙන්න.. මට කියන්න.. සර්ගේ බ්ල්ඩ් ගෲප් එක මොකක්ද කියලා ඉක්මනට..."
" B negative... ඒත්.. ඒත්.. කේශ්.. ඒ කියන්නේ ආයුග්ද...."
" සාක්ෂි.. මම මේ කියන දේ අහලා කලබල වෙන්නෙපා ප්ලීස්... ඔයාගේ බඩේ ඉන්න දරුවා ගැනවත හිතන්න..."
" කේශ්.. මගේ මහත්තයට මොකද වුනේ....කියන්න කේශ්..."
" සාක්ෂි... සර්ට වෙඩි වැදුනා... කලබල වෙන්නෙපා... "
" කේශ්.. මොකක්ද හොස්පිටල් එක... මම දැන්ම එනවා..."
" ආරෝග්‍යා එක සාක්ෂි... කලබල නැතුව එන්න..."
ආරු කෝල් එක කට් කරලා කතාකළේ එතන හිටිය ගාඩ් කෙනෙක්ට.
" ආරෝග්‍යා එකට යන්න වාහනේ ගන්න මම ඉක්මනට එන්නම්..."
" මැඩම් සර් කිව්වේ සර් එනකන් ගෙදර කාටවත් කොහෙවත යන්න දෙන්න එපා කියලාම්.."
" තමුසෙට එක්කන් යන්න බෑ කියලානේ කියන්නේ.. මමම යන්නම්... තමුසෙලාගේ සර් ඉන්නේ හොස්පිටල් එකේ..." කිව්ව ආරු ගේ ඇතුළට ගියේ ඉක්මන් ගමනින්.
" අක්කේ අයියට මොකද වෙල තියෙන්නේ..."
" වෙඩි වැදිලා චූටි.. මම ඉක්මනට හොස්පිටල් එකට යන්නම්..."
" ඉන්න අක්කේ මාත් එන්නම්..."
" එපා ඔයා නිරූ එක්ක ඉන්න...."
පැය භාගයක් යන්නත ඉස්සරවෙලා ආරු හොස්පිටල් එකට ආවා. කේශ්ගෙන් ඉන්න තැන කෝල් එකක් දීලා අහගත්ත ආරු දුරදිම කේශ්ව දකිද්දි ඇඩෙන්න ගත්තා.
බඩදරු අම්මෙක් කියන එකත අමතක කරලා ආරු දිව්වේ කේශ් ළඟට.
" කේශ්... කේශ්... මේ මගේ ආයුගේ නේද... අනේ.. එයාගෙන් මෙච්චර ලේ ගියේ.. මගේ ආයුට මොකද වුනේ කේශ්.. මගේ ආයුට මොකද වුනේ..."
කේශ් ඇඳන් හිටිය ලානිල් පාට ෂර්ට් එක ලේවලින් නෑවිලා තිබ්බේ.
" සාක්ෂි... මම කියන දේ අහලා කලබල වෙන්න එපා... බ්ලේඩ් එක්ක වෙච්ච ෆයිට් එකකදි සර්ට පිහියෙන් දෙතුන්පාරක්ම ඇනුනා... ඒක ගැඹුරටම ඇනිලා හින්දා... ඒ හින්දා.. සර්ට ටිකක් අමාරුයි..."
" ආයු...." කිව්වා ආරුව කලන්තේ දැම්මා. හොඳ වෙලාවට කේශ් ආරුව අල්ලගත්තා.
ආරුට සිහිය එනකොට හිටියේ හොස්පිටල් එකේ ඇඳක් උඩ. කේශ් ආරු ළස්ග හිටියා.
එකපාර නැඟිට්ට ආරු අල්ලගත්තේ කේශ්ගේ කොලර් එකෙන්.
" කේශ් මට කියනවා මොකද වුනේ කියලා... මුල ඉදලම.. කවීන් කෝ දැන්..."
" හරි හරි මං කියන්නම්.. අතහරින්න ඉස්සරවෙලා..."
ආරු කේශ්ව අතහැරියම කේශ් ස්ටූල් එකක් ඇදලා අරන් ඇඳ ළඟින් ඉඳගත්තා.
" එදා ඔයාවයි බබාවයි කිඩ්නැප් කරාට පස්සේ බ්ලේඩ් පැනගත්තානේ.. එතනින් පස්සේ අපිට බ්ලේඩ් ගැන කිසිම ආරංචියක් ලැබුනේ නෑ.. හැමදාම හැමතැනම හෙව්වා.. ඒ අතරේ බ්ලේඩ්ගේ බලකොටු ඔක්කොම වගේ කඩාකප්පල් කරා... ඒත් බ්ලේඩ්ගේ වැඩ නතර වුනේ නෑ.. ඒ අතරේ තමා අපිට ඔයාගේ ෆොටෝ එකක් ලේවලින් කතිරයක් ගහලා ස්ටේෂන් එකට එවලා තිබ්බේ.. ඒ හින්දා සර් ඔයාගේ ගාඩ් එක වැඩි කරා.. ඒත් ඊළඟ දවසේ ඒ වගේම තව ෆොටෝ එකක් ඇවිල්ලා තිබ්බේ ඔයාලාගෙ ගෙදරටමයි..."
" මොකක්... මම එහෙම එකක් දන්නෙ නෑනේ..."
" නෑ ඔයා දන්නෙ නෑ.. සර්ම තමා දැකලා තිබ්බේ.. එතනින් ඒක නතර වුනේ නෑ.. ගේ ඇතුළේ ඔයාගේ ෆොටෝ ගහපුවා පවා එවන්න ගත්තා... ඔයා ගෙදර නැතිවෙලාවක අපි මුලු ගේම සර්ච් කරා ඒත් කිසිම කැමරාවක් හොයාගන්න බැරිවුනා.. බ්ලේඩ් ඔයාවම තමා ටාර්ගට් එක කරගෙන තිබ්බේ.. ඔයාලා අලුත ගෙදරට ගියාට පස්සෙත එන්න ගත්තා.. ඊයේ ඔයා ස්ටේෂන් එකට ආවේ ඔයා ගිහින් පැය කාලකින් විතර ආයෙමත් ෆොටෝ ආවා.. ඒ විතරක් නෙවෙයි ඊයේ පැයෙන් පැයට ෆොටෝ එන්න ගත්තා.. හොඳ වෙලාවට අපේ කොල්ලෙක් දැකලා තිබ්බා එකෙක් ඇවිල්ලා ෆොටෝ තියලා යනවා අපි කොහොමහරි ඌව අල්ලගත්තා.. ඊටපස්සේ තමා සර් ඇවිල්ලා ඌව භාගෙට මරලා බ්ලේඩ් ඉන්න තැන අහගත්තේ.. එතනට ගියාට පස්සේ බ්ලේඩ්ව අතටම අහුවුනා.. ඒත් බ්ලේඩ් සද්ද නැතුව ඉදලා කරලා තියෙන්නේ ඌගේ කට්ටිය වැඩි කරගත්ත එක ඒ හින්දා අපේ අයට ගොඩාක් තුවාල වුනා.. ඒ අතරේ සර් බ්ලේඩ් එක්ක ගහගද්දි තමා සර්ට පිහියෙන් දෙතුන්පාරක්ම ඇනුනේ.. සරස් සර්ටත වෙඩි වැදුනා.. සර්ස් සර් මෙහෙ නෙවෙයි සර් ජාතික රෝහලේ.. ලොකු සර්ට සිහිය තිබ්බ හින්දා සර් කිව්වේ ආරෝග්‍යා එකට අරන් එන්න කියලා..."
" දැන් බ්ලේඩ් කොහෙද..."
" බ්ලේඩ්වත..." කියද්දිම කේශ්ට කෝල් එකක් ආවා.
කෝල් එක ආන්ස්වර් කරලා එහාපැත්තෙන් කිව්ව දේත් එක්ක කේශ් කලබල වුනා. කෝල් එක කට් කරලා කේශ් කිව්ව දෙයින් ආරුගේ හිතටත් පොඩි බයක් දැනුනා.
" සාක්ෂි.. බ්ලේඩ්වත හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබ්බේ.. ඒත් ඌ පැනගෙන.. මට යන්න වෙනවා.. මොකද සරස් සර්ටත තාම සිහිය නෑ.. ලොකු සරුත් තාම ඔපරේෂන් තියර්ටර් එකේ..."
" හරි කේශ් ගිහින් එන්න..."
කේශ් එහෙම කියලා ගියාට පස්සේ ආරු ගියේ ඔපරේෂන් තියර්ටර් එක ළඟට. ගිහින් එතන තියන පුටුවකින් ඉදගෙන බලන් හිටියේ ඒ දොර දිහා.
පැයකට විතර පස්සේ ඩොක්ටර් කෙනෙක් එළියට ආවා.
" ඩොක්ටර් මගේ මහත්තයා..."
" මිසිස් සිංහවංශ... මිස්ටර් සිංහවංශගේ අක්මාවටත් පිහියෙන් ඇනිලා තියනවා.. අපි අභ්‍යන්තර ලේ ගැලීම නම් නතර කරා.. ජීවිතේට අනතුරක් නෑ.. හැබැයි එයාගේ ඔලුවයි කොන්දයි කොහෙහරි තදට වැදිලා තියනවා.. ඒ නිසා... ඒ නිසා..."
" ඇයි ඩොක්ටර් ...."
" සමහර විට මිස්ටර් සිංහවංශ දීර්ඝ කෝමා එකකට යන්න ඉඩ තියනවා.. නැත්තන් ඇඳටම වෙලා ඉන්න ඉඩ තියනවා..."
ඩොක්ටර් කිව්ව ඒ දේවල් ඇහෙනවත් එක්කම ආරුට දැනුනේ ආයේමත් කලන්තේ ගතියක්..
" මිසිස් සිංහවංශ ඔයා හොඳින් නේද..."
" අහ්.. නෑ ඩොක්ටර් මම හොඳින්...."
" හරි එහෙනම් තව ටිකකින් වෝඩ් එකට දානවා..."
" තැන්ක් යූ ඩොක්ටර්..."
ආරු ඩොක්ටර් ගියාට පස්සේ හිටිය තැනම ඉඳගත්තේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ආරුට දැනුනේ එයාගේ ඔලුව පැලෙන්න තරන් වේදනාවක්.
ඊයේ හවස පුරාම තමන් එක්ක විනෝදෙන් හිටිය ආයුග් මේ වෙනකොට ඒ වගේ තත්ත්වෙක ඉන්නවා කියන එක ආරුට පිළිගන්න බැරිවුනා. ඒ හින්දාම ආරුට හයියෙන් ඇඩුනා.
ටික වෙලාවක් අඬ අඬ ඉන්නකොට ආරුට තේරුනා කවුරුහරි තමන් ළඟ හිටන් ඉන්නවා කියලා. ආරු ඔලුව උස්සලා බලනකොට දැක්කේ ඒ ඉන්නේ කවීන් කියලා.
" කවීන්..." කියලා ආරු පුදුමෙන් කිව්වා.
" එහෙනම්.. අපි ආයෙත් හම්බුනා සාක්ෂි..." කිව්ව කවීන් ආරුගේ මූණට ලේන්සුවක් ඇල්ලුවේ ආරු සිහිය නැතුව වැටෙද්දි.
ආරුට ආයෙමත් සිහිය එනකොට හිටියේ හොස්පිටල් එකේම රූෆ්ටොප් එක උඩ. ආරු කවීන් කොහෙද කියලා බලනකොට දැක්කේ පහළ බලාගෙන කාත් එක්කද මන්දා කෝල් එකක ඉන්නවා.
ටික වෙලාවකින් කවීන් දැක්කා ආරුට සිහිය ඇවිල්ලා කියලා.
" ඉතින් සාක්ෂි.. කොහොමද.. සෑහෙන්න වෙනස් වෙලානේ.. දැන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්නේ නේද..." කියලා පිහියකුත් එක්ක ආරු ළඟට එනගමන් කවීන් කිව්වා.
" කවීන් තමුසෙට මොනාද ඕනෙ.."
" මට ඕනේ තමුසෙගේ ජීවිතේ සාක්ෂි.. මට ඕනේ තමුසෙගේ ජීවිතේ.. තමුසේ නැත්තන් මම මෙලහකටත මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා.. තමුසේ හින්දා මගේ වැඩ හැම්දේම අවුල් වුනා..."
" ඉතින් හොඳයිනේ කවීන්.. තමුසේ කරේ හොඳ වැඩ නෙවෙයිනේ.. අනික මම තමුසෙට කලින්ම කිව්වනේ ඔය වැඩවලින් අයින් වෙන්න කියල..."
" අයින් වෙන්න.. හහ්.. මම අයින් වෙන්නම්.. ඒත් ඊට ඉස්සරවෙලා මට තමුසෙව මරන්න ඕන...ම්ම්.. මම ඉස්සරවෙලාම තමුසෙව මරන්නද නැත්තන්.. තමුසෙගේ බඩේ ඉන්න එකා මරන්නද..." කියලා කවීන් පිහිය ආරුගේ කුස දිගේ යවන්න ගත්තා.
පිහිය කොයිතරන් මුවහත්ද කියනවා නම් ඒකෙන් ආරුගේ ගවුමේ කොටසකුත කැපුනා. ආරුට කොයිතරන් බයක් දැනුනත ඒක කවීන්ට නොපෙන්වා ඉන්න ආරු වගබලාගත්තා.
" මොකද කියන්නේ සාක්ෂි.. ඉස්සරවෙලාම බඩේ ඉන්න එකාව මරන්නද..."
කවීන් පිහිදාරය ආරුගේ මූණේ යවමින් ඇහුවා.
" නිහඬතාවයෙන් පෙනීයන්නේ හා කියලා..." කිව්ව බ්ලේඩ් එකපාර පිහිය ඉස්සුවේ බඩට අනින්න. ආරුට බයටම ඇස් පියවුනා.
ඒත් බඩේ පිහිය වැදෙන්නෙ නැතිවුනාම ආරු හිමීට ඇස් ඇරලා බලද්දි දැක්කේ කේශ් ඇවිල්ලා කවීන්ව අල්ලන් ඉන්නවා.
හොස්පිටල් එකෙන් යන්න ගිය කේශ් දැක්කේ පාර්ක් එකෙන් කවීන් වගේ කෙනෙක් හොස්පිටල් එක ඇතුළට යනවා. හරියටම අඳුනගන්න බැරිවුන හින්දා කේශ් පස්සෙන් පන්නන් ගියත කේශ්ට මඟ ඇරුනා. ඊටපස්සේ කේශ් සීසීටීවී එකෙන් බලනකොට තමා දැක්කේ ආරුට වෙනදේ. ආරුව හොයාගෙන එන්න හැදුවත් ආරුව අරන් ගිය තැන එකපාර හොයාගන්න බැරිවුන හින්දා කේශ් හැමතැනම බලලා බලලා තමා අන්තිමට රූෆ්ටොප් එකට ආවේ. ඒ එද්දි කවීන් ආරුට අනින්න යනවා දැකලා ඉක්මනට කවීන්ගේ අතට ගහල පිහිය බිම දාලා කවීන්ව යටත කරගත්තා. කවීන්ට දැනටමත ආයුග් එක්ක වුන ෆයිට් එකෙන් ඩැමේජ් වෙලා තිබ්බ හින්දා කේශ් එක්ක හැප්පෙන්න තරන් ශක්තියක් තිබ්බෙ නෑ.
ආරු කවීන්ගේ බිම වැටුනු පිහිය අරන් කවීන් ළඟට ගියේ කවීන් ඇස් ලොකු කරගෙන ආරු දිහා බලාගෙන ඉද්දි.
ආරු කවීන්ගේ මූණේ කැප්ම් පාරක් දැම්මේ කවීන් වේදනාවෙන් කෑගහද්දි.
" රිදෙනවද කවීන්.. රිදෙනවද.. එහෙනම් හිතනවා තමුසේ පහුගිය අවුරුදු ගාණෙම රට පටවපු ඒ පොඩි ළමයි කොච්චර නම් විඳවන්න ඇද්ද කියලා..." කියන ගමන් කවීන්ගේ මූණේ තවත කැපුම් පාරවල් දැම්මා.
" කවීන් තමුසේ කෙල්ලො කීයක්වනම් විනාශ කරාද නේද..." කියන ගමන් කවීන්ගේ රහස් අවයවයටත් ඇන්නේ කවීන් මරලතෝනි දෙද්දි.
" දැනෙනවද ඒ වේදනාව.. එතකොට ඒ අයට කොහොම දැනෙන්න ඇද්ද.. තමුසෙට මතකයිනේද නදුලි අක්කව කවීන්.. තමුසෙට මතකයි නේද.. තමුසේ ඒ කෙල්ලව රේප් කරලා තිබ්බේ තමුසෙගේ මහලොකු බජාර් එක ඉස්සරහමයි ඒ කෙල්ලට දවස් ගාණක් වද දීලා තිබ්බා... ඒකි හරිනම් තමුසෙට වෛර කරන්න ඕනේ.. ඒත් නදුලි අක්කා එයාගේ අන්තිම මොහොතෙත් මොනාද කිව්වෙ කියලා තමුසෙ දන්නවද.. එයා කිව්වේ තමුසෙව හොඳ කෙනෙක් කරලා නිරූව භාර දෙන්න කියලා... චික්..." කියලා කවීන්ගේ මූණට කෙළ ගැහුව ආරු,
" තමුසේ මහ... තමුසේට කියන්න වචන නෑ කවීන්.. තමුසේ අද මැරෙන්න ඕන.. එතකොට තමා ගොඩාක් මිනිස්සුන්ට සැනසීමේ නිදාගන්න පුලුවන්.."
එහෙම කියලා ආරු බැලුවේ කේශ් දිහා.
" කේශ් මේ මිනහට අතන කෙළවරට අරන් එන්න.." කියලා පෙන්නුවේ රූෆ්ටොප් එකේ කෙළවර.
කේශ් කවීන්ව ඇඳගෙන ඇවිල්ල හිට්ටුවා.
" ලබන ආත්මෙවත් හොඳ මිනිහෙක් වෙන්න බලනවා කවීන්..." කිව්ව ආරු කවීන්ව රූෆ්ටොප් ස්කෙන් පහළට තල්ලු කරා.
මීටර් සීයක් විතර උඩක ඉඳලා වැටුන කවීන් ගැහිල ගැහිලා එතනම මැරුනා.
" මම මිනිහෙක්ව මැරුවා..."
කවීන්ගේ ලේවලින් නෑවුන තමන්ගේ අත් දිහා බලන ගමන් ආරු කිව්වා.
" සාක්ෂි.. ඒ ගැන හිතන්නෙපා.. ඌව කොහොමත මරන්න හිටියේ.. ඌව දුටුතැන වෙඩි තියන්න කියලා තිබ්බේ.. ඔයා කරේ හොඳ වැඩක් සාක්ෂි.. මට මාර ආඩම්බරයි.." කියලා කේශ් ආරුගේ ඔලුව අතගෑවා.
" දැන් අපි යන් සාක්ෂි..." කියලා කේශ් ආරුව එක්කන් ගිහින් ආරුගේ ඇඟේ තිබ්බ ලේත් සෝදලා යවලා ඩ්‍රයිවර්ට කියලා ඇඳුමකුත ගෙන්නලා දුන්නා.
ඒ අතරේ ආයුග්ව වෝඩ් එකට දාලා තිබ්බා. ඩොක්ටර් කිව්වා වගේම ආයුග් හිටියේ කෝමා එකක.
ආරු ආයුග්ගේ අතින් අල්ලගෙන ආයුග් දිහාම බලන් හිටියේ වෙන මොනා කරන්නද කියලා ආරුට හිතාගන්න බැරිවුන හින්දා.
මේ විදිහට දවස් තුනක්ම ආරු ආයුග් ළඟට වෙලා හිටියා.
දිව්‍යා, ආච්ව්හි, සීයා, ටෂ්මි , සංජු, සරස් මේ හැමෝම ආරුව මේ දවස් තුනේම ගෙදර එක්කන් යන්න හැදුවත ආරුව ආයුග් ළඟින් එක්කන් යන්න ඒ කාටවත බැරිවුනා.
ආයුග්ට මේ වුන දේ දැනගත්තාම සරලා බිමල් ආයුශ් මේ කට්ටියමත් ආවා. වෙන්දා වගේ ආරුට එක එක දේවල් කිව්වේ නැති සරලා ආරු එක්ක කතා කරේ තමන්ගේ දුවක් එක්කා කතා කරනවා වගේ.
මේ කවුරු ඇවිත කතා කරත ආරුගේ හිත හදන්න නම් කාටවත බැරිවුනා.
කුසේ ඉන්න දරුවා ගැන කියලා දිව්‍යා ආරුට බත් කටක් දෙකක් කනවා මිසක් ආරුට කෑම දිහා බලන්නවත සිහියක් තිබ්බෙ නෑ. අඩුම නිරූ ගැනවත් ආරු බැලුවේ නෑ. හොස්පිටල් එකේ වොෂෲම් එකෙන්ම ඇඟ සෝදගෙන ඇඳුම් මාරු කරගෙන මේ දවස් තුනම ආරු ආයුග් ළඟ.
කවුරුත් ම ළඟපාත නැතිවෙලාවට ආරු කරේ ආයුග්ගේ නිසර සිරුර එක්ක කතා කරපු එක.
" ආයු ඔයා නැඟිටින්නේ නැද්ද අප්පා.. මට දැන් මේ තනියමම කතා කරලා එපා වෙලා ඉන්නේ.. ඔයා අද දවස ඇතුළත මාත් එක්ක කතා කරේ නැත්තන් මම ඔයාව ඩිවෝස් කරලා වෙන කෙනෙක්ව බඳිනවා.. ආ.. අර මිස්ටර් ඩිගොරි කිව්වා එයාගේ පුතා මට කැමතියි කියලා.. ළමයෙක් එක්ක වුනත බාර ගන්න එයා කැමති කිව්වා.. ඉන්නකෝ මම එයාව බ්ඳිනවා.. එයාට සික්ස් පැක් තියනවා.. මම දැක්කා එකදවසක් ප්‍රාන්ස්වල හොටෙල් එකේ ජිම් එකේදී.. වාව් ආ.. ඉන්නකෝ.. මම එයාව මැරි කරනවා..."
ඒත් එක්කම ආයුග්ට හයි කරලා තිබ්බ මැෂින් එකේ සද්දෙ වැඩි වෙන්න ගත්තා.
" ආයු... ආයු.. මොකද වුනේ..." කලබලෙන් කියන ගමන් ආරු ඇඳ ළඟ තිබ්බ බටන් එක ප්‍රෙස් කරා.
විනාඩි දෙකක් යන්නත ඉස්සරවෙලා ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ආයුග්ව චෙක් කරා.
" වාව්... congratulations මිසිස් සිංහවංශ... මිස්ටර් සිංහවංශට සිහිය එන්න යන්නෙ ..." කියලා ඩොක්ටර් කිව්වා.
ආරුට සතුටටම ඇඩෙන්න ගත්තා.
ටිකකින් ආයුග් හිමීට ඇස් ඇරියා.
ආරු සතුටටම ආයුග්ව බදාගෙන අඬන්න ගත්තා. ඒත් ආයුග් එකපාර ආරුව අයින් කරලා දැම්මා.
" ඒයි කවුද තමුසේ.. මොන මඟුලකටද මගේ ඇගේ එල්ලෙන්නේ.. අහකට යනවා..."
ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවේ මේ මොනාද වුනේ කියලා.
__________________________________________
එහෙනම් අවසනයට පෙර කොටසින් හම්බෙමු...
reaction දාන්න.. comment කරන්න..
ආදරෙයි හැමෝටම 🖤