The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-06
37th Episode .....❤️🔥
" Oh my god... I'm sorry... " කියන ගමන් ආරු බිම වැටුන කොළ අහුලන්න පටන් ගත්තා.
" ආ ඒකට කමක් නෑ සාක්ෂි..."
හුරුපුරුදු කටහඬක් හින්දා ආරු ඔලුව උස්සලා බලනකොට දැක්කේ මන්දනා ඉන්නෙ කියලා.
මන්දනාට එහාපැත්තෙන් රෝද පුටුවක හිටියේ ආයුශ්..
" මන්දනා... ඔයාලා මෙහෙ...." ආරු ආයුශ් දිහා බලමින් ඇහුවා.
" ආ... අපි checkup එකට ආවා සාක්ෂි... ඔයාලා..."
" අපිත් ඒකට තමා... අර්... අපි නම් යන්න කියලා බැලුවේ..."
" ආ... එහෙමද.. "
" ඉතින් මොකේද ආවේ..."
" කාර් එකේ ආවේ සාක්ෂි... "
" ඔයාලා දෙන්නා විතරද..."
" ඔව් සාක්ෂි... දැන් මේ ජීවිතේට පුරුදු වෙලා ඉන්නේ ඒ හින්දා කිසිම ප්රශ්නයක් නෑ... "
" ම්ම්.... ආයුශ්ගෙ කකුල් මොකද දැන්..."
" දැන් නම් ටිකක් හොඳයි සාක්ෂි... ඩොක්ටර් කිව්වා තව මාසයක් විතර යද්දි ඇවිදින්න පුලුවන් වෙයි කියලා..."
" ආ.. එහෙනම් හොඳයි... අපි ගිහින් එන්නම්කෝ මන්දනා... පස්සෙ හම්බෙමු..."
" ආ හරි සාක්ෂි..."
ආරු ආයුග්ගේ අතෙන් අල්ලගෙන එන්න යද්දිම කතා කළේ මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය ආයුශ්.
" ආරු...."
ආරු ආයුග්ගේ මූණ දිහාත් බලලා හැරුනා.
" ආරු මට සමාවෙන්න... මම පිස්සෙක් වගේ හැසිරුනේ... මට ඒ හැමදේටම සමාවෙන්න..." කියලා ආයුශ් ඊළඟට බැලුවේ ආයුග් දිහා.
" අයියේ..."
ආයුග් පුදුමෙන් බැලුවේ ආයුශ් දිහා. මොකද ආයුශ ආයුග්ට අයියේ කියලා කතා කරේ අවුරුදු විසිපහකට විතර පස්සෙ.
" අයියේ මට සමාවෙන්න.. මම කරපු හැම්දේටම... මම ආයේ ඒ කිසිම වැරැද්දක් කරන්නේ නෑ.. මට දැන් ඒ හැමදේම තේරෙනවා.. පොඩිකාලේ ඉඳන් මම කරපු හැමදේටම සමාවෙන්න..." කියන ගමන් ආයුශ් අමාරුවෙන් රෝද පුටුවෙන් බහින්න හැදුවා. මන්දනා නවත්තන්න හැදුවත ආයුශ් මන්දනාගේ අතත් ගසලා දාලා රෝද පුටුවෙන් වැටිලා බඩගාගෙන ආවේ ආයුග් ළඟට.
ආයුග්ගේ කකුල් දෙකෙන් අල්ලගත්ත ආයුශ්,
" මට සමාවෙන්න අයියේ... මම කවදාවත් ඔයාට හොඳ සහෝදරයෙක් වුනේ නෑ.. මට සමාවෙන්න... මම ඔයාගෙන් ආරුව උදුරගන්නත් හැදුවා ඒකටත මට සමාවෙන්න... ආයේ මම ආරු දිහා පරණ විදිහට බලන්නෙ නෑ.. දැන් ආරු කියන්නෙත් මට මගේම නංගි වගේ.. මට සමාවෙන්න අයියේ..."
ආයුශ් අඬ අඬාම ආයුග්ගේ කකුල් දෙක අල්ලගෙන කිව්වා.
ආයුග්ගේ හිත කොයිතරන් ගලක් වුනත් ආයුග්ට පුලුවන්කමක් තිබ්බෙ නෑ එකම කුසේ මාස දහයක් හිටිය තමන්ගෙම අනික් බාගෙ මෙහෙම ඉන්නවා දකින්න.
ආයුග් ඉක්මනට ආයුශ්ව ආයෙමත් රෝද පුටුවෙන් තිබ්බා.
" අයියේ මට සමාව දෙනවද...."
" හ්ම්ම්...." කිව්ව ආයුග් බැලුවේ ආරු දිහා. ආරු ආයුග් දිහා බලාගෙන සතුටින් හිනාවුනා.
" checkup එක කරගෙන එන්න.. අපේ ගෙදර ගිහින් ඩිනර් අරගෙනම ගෙදර යන්න..." කිව්ව ආයුග් ආරුත් එක්ක එතනින් ආවා.
කාර් එක ළඟට ඇවිල්ලා ආයුග් එකපාර ආරුව බදාගත්තා. ආරු ආයුග්ගේ පිටට තට්ටු දැම්මේ ආයුග් මේ වෙලාවේ ඉන්න තත්වේ ආරුට තේරෙන හින්දා.
" ආයු.. ඔයා ඇත්තටමද ඒ දෙන්නට අපේ ගෙදර එන්න කිව්වේ..."
" ඔව් බබා... අවුලක් නැද්ද මම ඔයාගෙන් ඇහුවෙත නෑ..."
" නෑ මට කිසිම ප්රශ්නයක් නෑ.. ගෙදරට කෝල් කරන්න වෙයි නේද..."
" ආ.. මම කියන්නම්..."
ආයුශ් මන්දනා එක්ක එළියට එද්දි ආයුග් ආරු දෙන්නා කාර් එක ළඟ බලන් ඉන්නවා දකිද්දි ඒ දෙන්නාත් පුදුම වුනා.
ආයුග් ආයුශ් ළඟට ඇවිල්ලා ආයුශ්ව කාර් එකටත නැග්ගුවා.
ඊටපස්සේ කට්ටියම ගියේ ගෙදර.
ආයුග්ගේ කාර් එක එනවා දැක්ක ගමන් පූල් ඒකට බැහැලා හිටිය ටෂ්මි ඉක්මනට නිරූවත් එක්කන් පූල් එකෙන් එළියට ඇවිත් ගේ ඇතුළට දුවන්න ගියා. ඒත් ඉතින් ඒවා කොහෙද ආයුග් එක්ක.
ආයුග් අල්ලගත්තේ ටෂ්මිගේ කනෙන්.
" දැන් වෙලාව කීයද ටෂ්මි..."
ටෂ්මිගේ අතේ හිටිය නිරූත් ශේප් එකේ බිම බලාගත්තා.
" ආව්.. ආව් අයියේ... තාම හයට විතර ඇති...."
" හය... දැන් හය හමාරයි වෙලාව... තමුසේ මේ පොඩි එකිත් එක්ක මේ හවස පූල් එකේ බැහැගෙන ඉඳලා හෙම්බිරිස්සාව හදාගන්නද හදන්නේ... ආ... නිරූ මොකද හොරගෙඩියා බිම බලාගෙන..."
" අනේ අයියේ... අපි දෙන්නා මේ හොඳට ඉන්නේ.. නැද්ද නිරූ.. අපිට හෙම්බිරිස්සාව නෑ නේද..." කියලා ටෂ්මි ඉහළට ඇදලා පෙන්නුවම නිරූත් ඒ විදිහටම කරලා ආයුග් දිහා බැලුවේ කියුට් විදිහට හිනාවෙලා.
" ආයු... මේ දෙන්නව අදට අතහරින්නකෝ.. අනිත දවසෙත් පූල් එකට බැහැපු දෙන්.. මම දෙන්නට හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැතිවෙන්න වෙනිවැල්ගැට තම්බලා දෙන්නම්කෝ... ආච්චි එවලා තිබ්බා හොඳ වෙනිවැල් ගැට ටිකක්..."
" වෙනිවැල් ගැට... ආ... නෑ නෑ අයියේ ආයේ අපි දෙන්නා පූල් එකට බහින්නේ නෑ... ගිහින් එන්නම් ඈ..." කියලා ටෂ්මි ආයේ හිමීට මිමිණුවේ,
" අයියා රෑ තිස්සෙත් අක්කා එක්ක පූල් එකේ බැහැගෙන ඉන්න හොඳයි.. ම්හ්ම්.."
" චූටි මොකක්ද කිව්වේ..."
" මම.. මම මුකුත් කිව්වෙ නෑ.. ආ..." ටෂ්මි ඒ වෙලාවේ තමා දැක්කේ ආයුශ්වයි මන්දනාවයි. මන්දනා ආයුශ්ව හෙමින් සැරේ කාර් එකෙන් බස්සලා රෝද පුටුවේ ඉන්ඳන ගමන් හිටියේ.
" චූටි අයියා..." ටෂ්මි පුදුමෙන් ආයුග් දිහා බලමින් කිව්වා.
" ආ... එයාලා ඩිනර් එකට ආවේ.. ගිහින් දෙන්නා ඇඳුම් මාරු කරගන්න..." කියලා ආයුග් දෙන්නව යැව්වා.
රෑ වෙලා ආයුශ්ලා සෑහෙන වෙලාවක් ඒ ගෙදර කාලේ ගත කරලා තමයි ගියේ. ඒකෙන් පරණ සහෝදරකම් අලුත වුනා විතරක් නෙවෙයි නෑකම් ශක්තිමත් වුනා.
තවත් දින සතිමාස ගෙවිලා ගියා. ආරුගේ කුසට දැන් මාස හයකටත් කිට්ටුයි.
ආයුග් මොන වැඩ තිබ්බත් ආරු එක්ක ඉන්නත කාලේ හොයාගත්තා. ඒ නිසා ආරුගේ තත්වෙත් නෝමල් වෙලා රිස්ක් එකත ටික ටික අඩුවෙලා යනගමන් තිබ්බෙ.
එකදවසක් ආයුග් ගෙදර එද්දි ආරුයි නිරූයි දෙන්නා සාලේ බිම පෙරලිලා ඉන්නවා. දෙන්නා බර කතාවක.
ආයුග් ශේප් එකේ සද්ද නැතුව අහන් හිටියේ දෙන්නා මොනාද කියවන්නේ කියලා. ඒත් ආයුග්ට පස්සෙ තමා තේරුනේ කතා කරන්නේ නිරූ විතරයි කියලා.
" මල්ලි බබෝ... ඔයා එන්නේ නැද්ද අප්පා.. අක්කි බලන් ඉන්නානේ ඔයා එනකන්.. අපි දෙන්නා බීත් යන්.. තා... අයික්ක්රීම් කමූ...අම්මී.. අපිත වද අලන් දෙනාද..."
ඒ අස්සෙ ආරුගෙනුත එක එක ඒවා අහනවා.
" ඔව් මැණිකේ... අපි වඩ ගොඩාක් අරන් කමු.."
" ඒනම්.. අම්මියි මායි මල්ලියි බීත් ගිහින් වද කමු..."
" එතකොට තාත්ති..."
" තාත්ති බිතීනේ අම්මි.. එතෝත අපිත විතලයි යන්න වෙන්නෙ.. අම්මි මල්ලි බබා ඇයි මුකුත් කියන්නෙ නැත්තේ.. එයා මාත් එක්ක තලහයිද.."
" නෑ මැණික.. මල්ලි බබාට තාම කතා කරන්න බෑ.. හැබැයි ඔයා කියන ඒවා එයා හොඳට අහගෙන ඉන්නේ.."
නිරූ ආරුගේ කුසට අත තියන ගමන්,
" අම්මි මල්ලිත ඉද ඇද්ද... මගේ රූම් එකේ වගේ මල්ලිත බෙඩ් එකක් තීනවද..."
" අනේ අම්මේ මේ ආච්චි අම්මා අහන ප්රශ්න..." කියන ගමන් ආයුග් ඇවිල්ලා නිරූව වඩා ගත්තා.
" අයියෝ තාත්තී බිමින් තියන්න.. බිමින් තියන්න.. මං මල්ලි එක්ක කතා කල කල හිටියේ.. "
" එහෙමද.. එහෙනම් මම ගෙනාව චොක්ලට් එක නැන්දිට දෙන්නද..."
" තොක්ලට්... බබාට තොක්ලට් ඕනේ..."
ආයුග් චොක්ලට් එක කඩලම දුන්නා. නිරූ ආරුටයි ආයුග්ටයි චොක්ලට් පෙත්ත පෙත්ත කවලා ආරුගේ කුස දිහා බලාගෙන ඉන්නවා.
" මොකෝ නිරූ..." ආරු.
" අම්මී මල්ලිත තොක්ලට් දෙන්නෙ කෝමද..."
" අප්පෝ ඒක ලේසියි.. අම්මිට දෙන්න එතකොට මල්ලිගේ බඩට යනවා..." ආයුග්.
නිරූ ඊළඟට දිව්වෙ උඩ තට්ටුවට. නිරූ යනකන් ඉඳලා ආයුග් ආරුව නැඟිට්ටවලා ඔඩොක්කුවෙන් ඉන්ඳගෙන කුස පිරිමදින්න ගත්තා.
" චණ්ඩියා දවසින් දවස ලොකු වෙනවා නේද... බබා.. මටත් හිතෙනවා රිසයින් වෙන්න.. එතකොට මටත පුලුවන් ඔයාලා එක්ක මෙහෙම ඉන්න..."
ආරු ආයුග්ගේ කටට ඇඟිල්ල තිබ්බා.
" ආයු.. අපි හින්දා ඔයා කවදාවත ඔයා ආසාවෙන් කරන්න ගත්ත දේවල් නතර කරන්නෙපා... මම රිසයින් වුනා තමා.. ඒත් ලැබ් එකක් ඇතුළේ වැඩ කරන එක නෙවෙයි මගේ පොඩිකාලේ හීනේ වුනේ.. මට ඕන වුනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න.. සමහර විට මම ඩොක්ටර් කෙනෙක් වුනා තාමත් හොස්පිටල් එකේ වැඩ.. ඒ හින්දා අපි හින්දා ඔයා කවදාවත්ම ඔයා කැමති දේවල් කැප කරන්නෙපා.. තේරුනාද..."
" තේරුනා මැඩම්..." කිව්ව ආයුග් ආරුගේ හිස සිපගත්තා.
" ආයු... ආච්චිලාගේ ගෙදර ගිහින් එන්න යන් වෙලාවක..."
" යන් බබා... මෙහෙම කරමු.. මම ඔයාලා එක්ක ගිහින් සතියක් විතර ඔයාලාව එහෙ තියලා එන්නම්.. චූටිටත් නිවාඩුනේ ලබන සතියේ ඉඳන් නේද..."
" ම්ම්.. ඔව් ඒකත් හොඳයි.. ඒත් එතකොට ඔයා..."
" බබා.. මේ දවස්වල මම ලොකු වැඩක ඉන්නේ ඒක පුලුවන් තරන් ඉක්මනට ඉවර කරන්න ඉන්නේ ඊටපස්සේ මම හැමදාම ඔයාලා එක්ක තමා..."
" මොකක්ද අප්පා ඔච්චර ලොකු වැඩේ.. මම දැක්කා ඔයා රෑ තිස්සෙත් වැඩ... "
" ම්ම්.. ඉවර කරලම කියන්නම්කෝ.. බඩගිනි බබා.. දවල්ට කාලාත් නෑ..."
" ම්ම්.. ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.. මම මොනාහරි හදන් එන්නම්..."
පහුවදා ආයුග් ගෙදර එන වෙලාව අල්ලලා ආරු ගියා පොලිස් ස්ටේෂන් එක ළඟට. ආරුට ඉතින් එතන වැඩ කරපු හින්දා හොඳට හුරුයිනේ.
ආරු කාර් එකෙන් බැහැලා මාස ගාණකින් දැක්ක ඒ පරිසරය දිහා බලාගෙන හිටියා.
එතකොටම තමා කේශ් පොලිසිය ඇතුළේ ඉඳලා එළියට ආවේ. ආරුව දැක්ක ගමන් කේශ්ගේ මූණ හිනාවකින් පිරුනා.
" අම්මටසිරි.. mom to be... මොකෝ මෙහෙ කරන්නේ..."
" හස්බණ්ඩාව ගන්න ආවා කේශ්..."
" අඩෙහ්.. තනියමද ඩ්රයිව් කරන් ආවේ.. බඩත එක්ක කොහොමද බන්.."
" අඩෙහ් ඔය ඕන තරන් අම්මලා ළමයි බඩේ තියන් වාහන ඩ්රයිව් කරන්නේ.. මට බැයිද...තනියම ආවට අර බලපන් කී දෙනෙක් පස්සෙන් ඇවිල්ලද කියලා..."
ආරු පෙන්නුවේ කාර් එකේ පිටිපස්සෙ නවත්තලා තියන අනිත වාහන. කාර් දෙකයි බයික් හතරයි..
" ෂහ්.. ලොක්කා මරු හැබැයි ඈ.. ඒක නෙවෙයි බන්.. දුවෙක්ද පුතෙක්ද.."
" පුතෙක්..."
" දෙයියනේ.. එහෙනම් බුදු සරණයි..."
" ඒ මොකද බන්..."
" බලපන්.. මේ දවස් ටිකේ ලොක්කා දුන්න වද.. මගෙ බරත් පහුගිය මාස පහට කිලෝ දහයකින් අඩුවෙලා බන්.. තව ලොක්කාගේ ජූනියර් කෙනෙකුත් එනවා කියන්නේ..."
" අනේ පලයන්..."
" පලයන්.. උබ දන්නෑ ලොක්කාගේ හැටි.. උබ කියන්නේ මේ ඊයේ.. නෑ නෑ පෙරේදා.. අර බ්ලේඩ්ගේ එකෙක් අහුවෙලා ඌට ගැහුවා අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න. උබට කියන්න අපේ එකෙක්ට චූත් ගියා ඌට ගහන ගැහිල්ල දැකලා එතකොට හිතපන්කෝ ගුටිල්කාපු එකා..."
" හහ්... ආයුග් කියන්නේ පොලිසියේ විතරක් නෙවෙයි අන්ඩර්වල්ඩ් එකෙත් හිටිය කෙනෙක්නේ බන්.. අමතක වුනාද.."
" පිස්සුද බන්.. අම්මෝ.. ඒත් ඒ ගහපු එක මතක් වෙද්දි ඇඟත් එක්ක හිරි වැටෙනවා. "
" මේ කේශ් ඒක නෙවෙයි.. මොකක්ද මේ දවස්වල ලොකුවට කරගෙන යන දේ.. ආයු ගෙදර ආවත වැඩ.."
" ආ.. ඒකද.. යකෝ ලොක්කා විතරක් නෙවෙයි අපිත් වැඩ මට උබලාගේ වෙඩින් එකට එන්න හම්බුනෙත් නැත්තේ මාව මිෂන් එකකට වැය්යා දවස් හතරක.. ඇයි යකෝ අපිත වැඩ.. බලපන් මම ඊයේ හවස ආව ගමන් තාම මේ..."
" හරි හරි කියපන්කෝ.. මොකක්ද ඔච්චරටම කරන් යන්නෙ කියලා..."
" ආ.. තාම අර පරණ එකා පස්සෙන්ම පන්නවා බන්.. ඌ ටිකක් නටනවා වැඩියි.. උබට ලොක්කාගෙන් බැනුම් අහන්නත් වෙයිද දන්නෙ නෑ මෙහෙම ආවටත්.. මොකද උබට.."
" ආ.. කේශ්.. ක්වාටර්ස් එකට යන්න ඕන කියලා නේද ආවේ..." කියලා ආයුග් ඇවිල්ලා කේශ්ගේ උරහිසට අත තිබ්බා.
ඒ හින්දා ආරුට කේශ්ගෙන් සේරම අහගන්න බැරිවුනා.
" ආයු ඔයා ආවද... "
" ඔව් බබා.. චණ්ඩියාත් එක්ක මොකද මෙහේ කරන්නේ..."
" මම ද.. අනේ ගෙදරට වෙලා ඉඳලා එපා වෙනවා අප්පා.. ඒ හින්දා මම ඔයාව එක්කන් යන්න ආවා. මේ තව.. තව..."
" තව..."
" චණ්ඩියාට ස්ට්රීට් ෆුඩ් කන්න ඕන කිව්වා.."
" ශුවර් එකට චණ්ඩියාද කිව්වේ.. "
" ඔව් බොරු නම් ඔයා අහන්නකෝ...."
එදා ඉතින් දෙන්නත් එක්ක ගෙදර ගියේ කොළඹ පුරාම රවුම් ගහලා.
ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ආයුග් ආරුගේ කකුල් මසාජ් කර කර ඉද්දි කෝල් එකක් ආවා.
ආයුග් ඉක්මනට ආරුගේන් ටිකක් දුරට ගිහින් කෝල් එක ආන්ස්වර් කරා.
ඊළඟට කෝල් එකෙන් කිව්ව දේත් එක්ක කලබල වුන ආයුග් ඉක්මනට වෙන ඇඳුමක් දාගන්න ගත්තා.
" බබා හදිස්සියක් මම ඉක්මනට ගිහින් එන්නම්..." කියලා ආරුටත් කිස් එකක් දීලා ආයුග් පහළට දිව්වා.
ටිකකින් ආරු බැල්කනි එකට යද්දි දැක්කේ ගේ වටේම ගන් තියාගත්ත ගාඩ්ලා ගොඩාක් ඉන්නවා. වෙනදටත් ගාඩ්ලා ඉන්නවා ඒත් අද ඒ වගේ තුන් හතර ගුණයක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පොලිසියේ දහපහළොස් දෙනෙකුත් ඉන්නවා.
ආරුට හිතට බයක් දැනුනා ආයුග් ගැන. ආයුග්ට කෝල් එකක් ගන්නත් හදලා කරදර කරන්න බැරි හින්දා හිටියා.
ආරු රූම් එකේත එහා මෙහා ඇවිද්දෙ හිතට දැනෙන කලබලය අඩු කරගන්න.
ඊටපස්සෙ ටෂ්මි එක්කවත් කතා කරනවා කියලා හිතාගෙන ටෂ්මිගේ රූම් එකට යද්දි දැක්කේ ටෂ්මි නිරූවත තුරුල් කරගෙන නිදි කියලා.
ඊටපස්සේ පහළට ඇවිල්ලා සෝෆා එකේ ඉඳගෙන බලන් හිටියේ කීයට හරි ආයුග් එනකන්. මොකද කොහෙ ගියත ආයුග් අනිවාර්යෙන් පාන්දර වෙද්දි හරි ගෙදර එන නිසා. ඒත් පාන්දර දෙක වුනත් ආයුග් ගෙදර ආවේ නෑ.
ආරු බැරිමතැන ආයුග්ට කෝල් ගත්තත ෆෝන් එක වැඩ කරෙත නෑ.
ආරුට එහෙම්මම සෝෆා එකේ නින්ද ගියා.
ආරු ඇහැරුනේ උදේ ටෂ්මි කතා කරද්දි.
" අක්කේ.. අක්කේ... ඇයි මෙතන නිදි.. කෝ අයියා..."
ආරු කලබලෙන් බැලුවේ ෆෝන් එක දිහා.
ආයුග්ගෙන් මැසේජ් එකක්වත් නෑ. ආරුගේ හිතට දැනුනු බය වැඩිකමටම ආරුට ඇඩුනා.
ආරු ආයේ ආයෙම ආයුග්ට කෝල් ගත්තා. ඒත් ෆෝන් එක වැඩ නෑ.
ආරු ඊළඟට කෝල් ගත්තේ සරස්ට.. සරස්ගේ ෆෝන් එක වැඩත නෑ.
" අක්කේ.. අක්කේ.. මොකද වුනේ කියන්නකෝ...."
" ආයු ඊයේ රෑ ආයේ ගියා.. අනේ එයා කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ.. "
ආරුට මතක් වුනේ එළියේ පොලිසියේ අයත ඉන්නවා නේද කියලා.
ආරු එළියේ ඉන්නේ පොලිසියේ කෙනෙක් ළඟට දිව්වා.
" ඔයාලා දන්නවද ආයුග් කොහෙද ගියේ කියලා.. එයාට මොනාද වුනේ කියලා හරි දන්නවද..."
" සොරි මැඩම් අපි දන්නේ සර් මිෂන් එකක් කියලා විතරයි.. එතනින් එහාට අපි මුකුත් දන්නෙ නෑ.."
ගාඩ්න් එකේ තිබ්බ ඔංචිල්ලාවේ ඉඳගත්ත ආරු ආයෙ ආයේ ආයුග්ටකෝල් ගත්තා.
ඊටප්ස්සේ ආරුට මතක් වුනේ කේශ්ව.
කේශ්ට කෝල් දෙකතුනක්ම ගත්තත කේශ් ආන්ස්වර් කරේ නෑ.
හත්වෙනි කෝල් එකත් ගන්නකොට කට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කේශ් ආන්ස්වර් කරා.
" හෙලෝ සාක්ෂි..."
" කේශ්.. ඔයා දන්නවද ආයුග් කොහෙද කියලා..."
" සාක්ෂි.. සර්...මේ...සර්..."
ඒත් එක්කම ආරුට ඇහුනේ කේශ් පැත්තෙන් කවුරු හරි කියන දෙයක්,
" පේෂන්ගෙ බ්ල්ඩ් ගෲප් එක දන්නවද.. ඉක්මනට දැනගන්න ඕන.. පේෂන්ට ඉක්මනටම ලේ දෙන්න ඕනේ.."
" කේශ්.. ඔයාලා හොස්පිටල් එකේද.. කේශ් කතා කරන්න..." ආරු අඬ අඬාම කෑගැහුවා.
" සාක්ෂි සන්සුන් වෙන්න.. මට කියන්න.. සර්ගේ බ්ල්ඩ් ගෲප් එක මොකක්ද කියලා ඉක්මනට..."
" B negative... ඒත්.. ඒත්.. කේශ්.. ඒ කියන්නේ ආයුග්ද...."
" සාක්ෂි.. මම මේ කියන දේ අහලා කලබල වෙන්නෙපා ප්ලීස්... ඔයාගේ බඩේ ඉන්න දරුවා ගැනවත හිතන්න..."
_________________________________________
හැපි එන්ඩින් කිව්වට හැපි එන්ඩින් එකෙත වෙනස්ම විදි තියනවා නේද...
reaction දාන්න.. comment කරන්න..
ආදරෙයි හැමෝටම 🖤