The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode .......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-04
36th Episode ....❤️🔥
" Then...1....2...3..." ආයුග් කවුන්ට් කරලා ඉවර වෙනවත් එක්කම ආරු එයාගේ ඔලුවෙන් එකපාර පිටිපස්සට ගැහුවා.
නොහිතුව වෙලාවක ආව ඒ පහරෙන් ආයුශ්ගේ අතින් ආරුව අත හැරුනා.
ආරු අහකට වෙනවත එක්කම ආයුග් කොහෙන්දෝ ඇදලා ගත්ත ගන් එකකින් ආයුශ්ට වෙඩි තිබ්බා.
ආයුශ්ගේ කකුලට වැදුනු ඒ වෙඩිපාරෙන් ආයුශ්ව බිම වැටුනා.
ආරු දුවගෙන ගියේ ආයුග් ළඟට. ආයුග් ආරුව තදින් වැළඳගත්තේ ආයේ කිසිම කෙනෙක්ට ආරුව අල්ලන්නවත් බැරිවෙන්න.
" ආයුග් ඔයාට පිස්සුද මේ ඔයාගේ මල්ලි.. තමුන්ගේ මල්ලිටම මෙහෙම කරේ තමුසේ මනුස්සයෙක්ද...." සරලා ආයුශ ළඟට දුවලා යමින් කිව්වා.
" මිසිස් සරලා මම මනුස්සයෙක් තමා... ඒත් කවුරුහරි මගේ දේකට අත තියන්න ආවොත මම ඌට අපාය පෙන්නන රාක්ෂයෙක් වෙනවා... තමුන් කිව්ව මගේ මල්ලි කියන එක හින්දා තමා මුගේ කකුලට මම ෂූට් කරේ... නැත්තන් ඒ ෂොට් එක වදින්නේ මුගේ හාර්ට් එකට... මම එදා සිංහලෙන් කිව්වා ආයේ ආරන්‍යාට අත තියන්න ආවොත වෙන දේ...."
" ආයුග් තමුසේ... තමුසෙගේ ජොබ් එක මම නැති කරනවා... තාත්තේ මට මූට විරුද්ධව කම්ප්ලේන් එකක් දාන්න ඕනේ... " ආයුශ.
ඒක ඇහුනම ආයුග් හයියෙන් හිනාවුනා.
" තමුසේ... මගේ ජොබ් එක නැති කරන්න... හහ්.... හීනෙන් තමා... කෝ තමුසෙට සාක්ෂි ආයුශ... කෝ සාක්ෂි..."
" හහ්... සාක්ෂි.... මෙතන ඉන්න හැමෝම දැක්කා තමුසෙ මට වෙඩි තියන එක... අනික මෙහේ සීසීටීවීවලත ඇති... තමුසෙගේ ගන් එකම සාක්ෂි දෙයි ආයුග්..." ආයුශ.
" හහ්... තමුසෙ හිතුවද මම තමුසෙ වගේ මෝඩයෙක් කියලා ආයුශ... මේ මගේ රාජකාරි ගන් එක කියලද හිතුවේ.. තමුසෙට අමතක වුනාද මම කවුද කියලා ආයුශ... තමුසෙගේ කකුලෙන් බුලට් එක අයින් කරන කොට මට ඒක අතුරුදහන් කරලම දාන්න පුලුවන්.. අනික මේක මගේ හොටෙල් එක.. මේකේ සීසීටීවී වැඩ කරන්නේ මට ඕන වුනොත් විතරයි... ත්ව එකක් මෙතන ඉන්න එකෙක්වත් සාක්ෂි දෙයි කියලා මම නම් හිතන්නෙ නෑ... අපි තමුසේගේ අම්මගෙන්ම අහමුකෝ.. මිසිස් සරලා ඉතින් මට විරුද්ධව සාක්ෂි දෙනවද...."
සරලා කලබලෙන් බැලුවේ බිමල් දිහා. බිමල් බිම බලාගත්තේ කරන්න දෙයක් නැති හින්දා. මොකද එයාලා වෙඩින් එකට ආපු එකෙන් දැනගත්තා ආයුග්ට මොනතරන් පවර් එකක් තියනවද කියලා. ආයුග් එක්ක හැප්පෙන්න ගියොත් විනාශ් වෙලාම යනවා කියන එකත දැනගෙන හිටියේ.
" මොකද මිසිස් සරලා.. උත්තරයක් නැද්ද...."
" අහ්... නෑ.. නෑ... මම මුකුත් දැක්කේ නෑ..." සරලා.
" ගුඩ්.... ආයුශ් තමුසේ දැන් මොකද කියන්නේ... දැන් කටවහගෙන ගිහින් ඕකට බෙහෙත් දාගන්නවා..."
" ආයුග් මම තමුසෙව අතහරින්නෙනෑ... ආරු මගේ... මගේ විතරයි... ඒකිව හොඳින් හරි නරකින් හරි මගේ කරගන්නවා..."
ඒක ඇහුන ආයුග්ට ආයේමත් තරහා ඇවිස්සිලා ආයුශ්ගෙ අනිත් කකුලටත් වෙඩි තියලා තවත වෙඩි තියන්න ආයුශ් දිහාට ගන් එක දික් කරන් හිටියා. ආරු මේ හැම්දේම බලන් හිටියා මිසක් ආයුග්ව නවත්තන්න ගියේ නෑ. මොකද ආයුශ්ගේ මේ හැසිරීම නිසා ආරුගේ හිතේ ආයුශ් ගැන පොඩි හරි ආදරයක් තිබ්බා නම් ඒකත නැතිවෙලා ගිහින් තිබ්බේ.
ඒත් කොහෙන්දෝ ඉඳන් දුවගෙන ආවේ මන්දනා. මන්දනා ආයුග්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටුනා.
"අනේ ආයුග් ප්ලීස් ආයුශ්ව අතහරින්න... ප්ලීස් ආයුග්..."
ආයුග් මන්දනාව ගණන් ගන්නෙ නැතුව මන්දනාට පයින් ගැහුවේ පැත්තකට යන්න. ආයෙමත් ට්‍රිගර් එක අදිද්දිම මන්දනා කෑගැහුවා.
" මම ප්‍රෙග්නන්ට්.... ප්ලීස් ආයුග් මගේ දරුවට එයාගේ තාත්තාව නැති කරන්න එපා...."
ආරු ඉක්මනට ගියේ මන්දනා ළඟට. මොකද ආයුග් පයින් ගැහුව හින්දා මොනාහරි වෙයි කියලා ආරු කලබල වුනා. ආයුග් ගන් එක පහළ දැම්මා මොකද ආයුග්ට මොනා වුනත් දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති කරන්න බෑ මොකද එයත තාත්තා කෙනෙක්.
" ආයුශ් තමුසේ අද බේරුනා.. ඒකට හේතුව මන්දනාගේ බඩේ ඉන්න දරුවා නැත්තන් මම තමුසෙට අඩිහයක් යටට යවලා... දැන්වත් මන්දනා එක්ක ගිහින් සතුටින් ඉන්නවා අපිට වද දෙන්න එන්නෙ නැතුව..." කියලා ආයුග් මන්දනා ළඟට ගියා.
" මන්දනා Icm Sorry...ඔයා ප්‍රෙග්නන්ට් කියලා දන්නවා නම් මම කවදාවත ඔයාට පයින් ගහන්නෙ නෑ..."
" කමක් නෑ ආයුග්... කමක් නෑ... ඔයා ආයුශ්ව අතහැරිය එකම මට ඇති... ඔයාට ගොඩාක් පින් ආයුග්... ආරු මට සමාවෙන්න ඔයාට කරපු දේවල්වලට... "
" ඒවා අමතක කරන්න මන්දනා... දැන් ඔයා ආයුශ් එක්ක සතුටින් ඉන්න.. තව එකක්.. ආයුශ්ව psychiatrist කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි කියලා මම හිතනවා...." ආරු.
හොටෙල් එකේ තිබ්බ කලබලෙත අඩුවෙලා ආරුලා ගෙදර එන්න පිටත වුනා. කපල් එක තනියම එක කාර් එකක යද්දි අනිත් අය වෙන වාහනවල වෙනම පිටත වුනා.
වෙනදා ගෙදර යන පාර නැතුව වෙනම පාරක යනවා දැකලා ආරු ආයුග් දිහාට හැරුනා.
" ආයු අපි කොහෙද යන්නේ... මේ ගෙදර යන පාර නෙවෙයිනේ.."
" ම්ම්ම්.. ගෙදර තමා යන්නේ... හැබැයි ඔයාගේ ගෙදර නෙවෙයි..."
" මොකක්.... ඒ කියන්නේ ඔයාගේ ගෙදරද යන්නේ... ආයු.... ප්ලීස්... මට බෑ... අපි මගේ ගෙදරම යන් මට ඒ ගෙදර යන්න බෑ..."
ආරුට පරණ අඳුරු මතක පිරුනු ඒ ගෙදරට යන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ.
" wait... wait... අපි යන්නෙ අපේ ගෙදර බබා... අපි දෙන්නගේ ගෙදර... මම අර ගෙදර විකුණුලා දැන් මාසෙකටත වැඩී මමත ඒ ගෙදරට කැමති නෑ.. මේ ඔය ඉස්සරහා කැබින් එක අරින්නකෝ..."
" මොකක්ද.. මේකද..." කියලා ආරු කාර් එකේ කැබින් එකක් ඕපන් කරා.
ඒක ඇතුළේ තිබ්බේ රතුපාට රිබන් එකක්. රිබන් එක අතට ගත්ත ආරු,
" මේක මොකටද..."
" ඕක ඇස්වල බැදගන්නකෝ.."
" මොකටද..."
" බැදගන්නකෝ මම කියන්නම්..."
ආරු ඒ රිබන් එක බැදගෙන ටික වෙලාවකින් කාර එක නවත්තනවා ආරුට තේරුනා. ඊටපස්සේ ආයුග් ආරුව හරහට අරන් ගිහින් එක තැනක හිට්ටෙව්වා. ඊටපස්සේ රිබන් එක අයින් කරා.
" සප්‍රායිස් ....."
එයාලා හිටියේ මැන්ෂන් එකක් ඉස්සරහා. බීච් එක පැත්තකින්. කලබලකාර නගරෙන් ටිකක් ඈතට වෙන්න තිබ්බ ඒ මැන්ෂන් එකට ආරුගේ හිත ගියේ දැක්ක වෙලාවෙමයි.

ආරු මැන්ෂන් එක ඇතුළට දුවගෙන ගියේ ඇතුළ බලන්න. ආරුගේ පස්සෙන් ඒ හැමතැනටම ආයුගුත් ගියා.
" ආයු... මේක මගේ ඩ්‍රීම් හවුස් එක... මම ඒක ඇන්ඳේ පොඩිකාලේ.. ඒක මම කැම්පස් යන කාලෙත් මම ළඟ තිබ්බා.. ඒත් ඒකට වෙච්ච දෙයක් නැතිවුනා..."
" ආ.. ඒක හොරකන් කරේ මම... මට ඒ ඩිසයින් එකට හිතගියා.. ඒ හින්දා මම ගත්තා.. මම ටිකෙන් ටික මේක හදාගෙන ගියා වැඩ ඉවර වුනේ ගිය සතියේ..."
" ආයු... ඔයා නම්... "
" ඇති ඇති දැන් කතාව... බලන්න බබා ඔයාගේ කකුල් දෙක.. හොඳටම රතුවෙලා.. ඔය මඟුලේ හීල්ස් දාන් ඉඳලා..." කියලා ආයුග් ආරුව හරහට අරන් ගිහින් මාස්ටර් බෙඩ් රූම් එකේ ඇඳෙන් තිබ්බා.
ආරුගේ කකුලේ තිබ්බ හීල්ස් අයින් කරලා ආරුගේ කකුල් පිරිමැද්දෙ ආරුගේ කකුල්වල වේදනාව ටිකක් අඩුකරන්න.
" ආයු... ඔයා නම් මාරයි... ඔයා මාව හොඳට තේරුම් ගන්නවා..."
ආයුග් ඒ කතාවට හිනාවකින් විතරක් පිළිතුරු දීලා ආරුව වඩාගෙන ගියේ බාතෲම් එකට.
ආරු ඇඳන් හිටිය ගවුමත් ගලවලා දාලා ආරුව වොෂ් එකක් දාලා ආයුත වොෂ් එකක් දාගෙන දෙන්නම එළියට ආවා.
" ඉන්න මම අපි දෙන්නට කොෆි හදාගෙන ඉන්නම්..." කියලා ආරු කිචන් එකට යන්න හදද්දී ආයුග් ආරුව අල්ලගෙන ආයෙමත් වඩාගෙන කිචන් එකට ගිහින් ප්‍රැන්ට්‍රිය උඩින් තිබ්බා.
" ඔයා ඉඳගෙන ඉන්න මම හදන්නම්..."
" ආයු ඔයා කොෆි හදන්න දන්න්වද..."
" මම උයන්නත් දන්නවා බබ..."
" සීරියස්ලි.."
"භ්ම්ම්... මට පොඩිකාලේ අම්මලා කන්න බොන්නවත හරියට දුන්නෙ නෑ ඒ හින්දා නිවාඩු කාලෙට ගෙදර ගිහාම මම බඩගින්නේ.. ඒ හින්දාම මම ආච්චි උයන කොට ආච්චි එක්ක උයලා යන්න පුරුදු වුනා.. ඊටපස්සේ නිවාඩු කාලෙට මම ගෙදර අය එළියට ගිහාම උයාගෙන කෑවා.. "
ආරු ආයුග්ගේ මූණ අතගාන ගමන්,
" ඔයා පව් ආයු... ඔයාට ආයේ දුක් විඳින්න වෙන්නෙ නෑ ඔයාට මම ඉන්නවා.. අපේ චණ්ඩිය ඉන්නවා...."
" ඒක නෙවෙයි බබා... අපේ චණ්ඩියා ටිකක් ලොකු වෙලාද මන්දා... "
" දැන් මාස තුනත ඉවරනේ.. දැන් ඉතින් ලොකුයි තමා.. මට නම් ඉවසිල්ලක් නෑ තව ලොකු වෙනකන්.. එතකොට මට බඩ අතගගා ඉන්න පුලුවන්නේ..." ආරු චූට්ටක් විතර පේන වඩ අතගාමින් කිව්වා.
" බබා... චණ්ඩියාට මම තෑන්ක්ස් කරන්න ඕන... එයා නැත්තන් මට එයාගේ අම්මව හම්බෙන්නෙ නෑ.. එහෙනම් එදා රෑ එහෙම දෙයක් වුනාද කියලාවත් ඔයා දන්නෙ නෑ.... ඇත්තටම බබා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම ඔයාට මොනාද හිතුනේ..."
" මට එකපාර හිතාගන්න බැරි වුනා ආයු... මොකද මම කිසිම කෙනෙක් එක්ක හිටියේ නෑනේ.. අනික එදා රෑ මගේ ඇඳුම් එහෙම්මම තිබ්බ විදිහටම තිබ්බානේ.. ඔයා කිව්වා වගේ ප්‍රෙග්නන්ට් වුනේ නැත්තන් මම ඒ ගැන දැනගන්නෙ නෑ.. ඇත්තටම එදා රෑ මොකද වුනේ.. එදා කොහොමද මාව ඔයාට හම්බුනෙ..."
" ම්ම්... එදා... ඇත්තටම කිව්වොත් මම ඒ සතියෙම ෆලෝ කර කර හිටියේ.. එදත් ඔයගේ පස්සෙන් ක්ලබ් එකට ආවා. මම ඔයා හිටිය රූම් එක ඉස්සරහා තිබ්බ සීසීටීවී එකෙන් බලන් හිටියේ ඔයා පරිස්සමින් එනකන්.. ඒත් ඔයා එළියට එද්දි ඔයා පස්සෙන් කට්ටියක්ම පනගෙන ආවා.. ඊටපස්සේ තමා මම ඔයාව මම හිටිය රූම් එකට ඇදලා ගත්තේ. මුලින්ම මම ඔයාව හොස්පිටල් අරන් යන්න හැදුවේ... ඒත් ඔයා මට ආයු කිය කිය මට ළං වෙන්නම ගත්තා...මට ඒ වෙලෙ තේරුනා ඔයා මාව ආයුශ් කියලා හිතලා කියලා...."
" නෑ ඒක වෙන්න විදිහක් නෑ... මම ආයුශ්ට ආයු කියලා කතා කරලා නෑ..."
" ඒ කියන්නේ ඔයා ඒ හිටියේ මම කියලා දැනන් හිටියා කියලා ද කියන්නේ.." ආයුග් ආරුගේ මූණට එබෙමින් කිව්වා.
ආරුව රතුවුනා.
" ම්ම්.. නෑ... මම දන්නෑ....අනේ..."
" හරි හරි.. ඊටපස්සේ මම සාක්ෂි සාක්ෂි... කියලා කතා කරනකොට ඔය මැඩම් මට කිව්වා සාක්ෂි කියන්නෙපා.. මට ආරන්‍යා කියලා ලස්සන නමක් තියනවා ආරන්‍යා කියලා කියන්න කියලා..."
" ආ... ඒකයි එතකොට ඔයා මට ආරන්‍යා කියන්න ගත්තේ..."
" ඔව්... ඊටපස්සේ ඉතින් අපි දෙන්නා.. ඒ ටිකත ඕනද.."
" අනේ මේ ආයු.. එපා.. එපා.. එතකොට ඔයා මම නැඟිටිනකොට හිටියේ නෑනේ. ඔයාට කියන්න තිබ්බනේ..."
" ම්ම්... එදා රෑ මට කෝල් එකක් ආවා වැඩකට.. ඊටපස්සේ මම ඔයාට ඇඳුම් ටිකත තිබ්බ විදිහටම අන්ඳලා රූම් එක ළඟට ගාඩ් එකට කොල්ලො ටිකකුත දාලා මම ගියා... ආයේ ඔයාව හම්බුනාම කියන්න හිතුනත් ඔයාට මතක නෑ කියලා තේරුන හින්දා මම සද්ද නොකර හිටියා..."
"ම්ම්ම්.. ඒක එහෙනම් එහෙමයි වුනේ... කොහොමහරි අපි දෙන්නා අන්තිමට මැරි කරා...."
දවස් දෙකක් විතර දෙන්නා තනියම මේ මැන්ෂන් එකේ කාලේ ගත කරා. ආරු ඒ වටපිටාවට ගොඩක් කැමතිවුන හින්දා නිරූවයි ටෂ්මිවයි ඇනී අම්මවයිත් එහාට ගෙන්නගත්තා.
ටෂ්මිටත් කැම්පස් එකට ළඟ හින්දා ටෂ්මිත ගොඩක් කැමති වුනා.
දවස් ගත වුනේ ආයුග් පුරුදු විදිහටම බිසී වෙද්දි. සමහර දවස්වලට ආයුග්ව දකින්නත් නෑ.
වෙලාවකට ගෙදර ඇවිල්ලත් වැඩ.
කොහොමහරි ආරුට monthly checkup එකට hospital එකට යන්න තිබ්බ දවසත ආවා.
ආයුග්ට කියන්න ඕන වුනත් ආයුග් බිසී හින්දා වගේම ආයුග්ව මහන්සි කරවන්න බැරි හින්දා ආරු ආයුග්ට ඒ ගැන නොකියා තනියම යන්න හිතාගත්තා.
ආරු checkup එකට යන්න ලෑස්ති වෙද්දි හිතුවෙවත් නැති වෙලාවක ගෙදර ආවේ ආයුග්.
" බබා... මට විනාඩි දහයක් දෙන්න ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්..." කියලා ආයුග් ටවල් එකත් අරන් බාතෲම් එකට දිව්වා.
ආරු පුදුමෙන් බලන් හිටියේ ආයුග් කොහොමද දන්නෙ කියලා. ඊටපස්සේ ආයුග් ලෑස්තිවෙනකන් ආරු ගිහින් ආයුග්ට කිරි එකක් හැදුවේ ආයුග් දවල්ට කාලා නෑ කියලා හොඳටම දන්න හින්දා.
කිරි එක ආයුග් අතට දෙනගමන් ආරු,
" ඔයා කොහොමද දන්නේ ආයු.. මම කිව්වෙ නෑනේ..."
" ඔව් ඔයා පණ්ඩිතයිනේ.. නිකමට මට කිව්වෙ නෑ... හොඳ වෙලාවට චූටියා කෝල් කරා.. අනිත දවසේ මට මොන වැඩේ තිබ්බත් කමක් නෑ බබා මට මේ දේවල් කියන්න.. මොකද මම මගේ ජීවිතේ වැදගත්ම දේ ඔයාලා..."
හොස්පිටල් එකට checkup එකට ගියාට පස්සේ ඩොක්ටර් මොනිටර් එකෙන් බබාව පෙන්නද්දි ආයුග්ගේ ඇස්වල කඳුලු පිරුනේ පිය සෙනහසට.
" මිස්ටර් ආයුග්.. බබාගේ හාට්බීට් එක අහන්න ලෑස්තිද..."
" ඔව් ඩොක්ටර්..."
" එහෙනම්... අම්මගේ බඩ උඩින් අත තියන්න.. ඇස් වහගන්න... හ්ම්ම්... දැන් හොඳට අහන්න..."
මොනිටර් එකෙන් එන සද්දේ ආයුග්ගෙ හදවතටම දැනුනේ. ආයුග්ට හොඳටම ඇඩුනා.
" ආයු... ඒයි.. මොකද මේ..." ආරු ආයුග්ගේ ඔලුව අතගාන ගමන් ඇහුවා.
ඩොක්ටර් මේ දෙන්නට අවස්ථාව දීලා එළියට ගියා.
ආයුග් තාමත් දරුවගේ හාට්බීට් එක අහන ගමන් අඬනවා.
" ආයු.. ඇයි අඬන්නේ....ම්ම්..."
" තැන්ක් යූ බබා.. තැන්ක් යූ.. මට තාත්තා කෙනෙක් වෙන්න අවස්ථාවක් දුන්නට....ඔයා මගේ කියලාවත නොදැන දරුවව හදාගන්න හිතුවට...."
ආයුග් තවත වෙලාවක් ආරුගේ කුසට කන තියාගෙනම හිටියා. අන්තිමට ඩොක්ටර් ඇවිල්ලා කතා කරද්දි තමා ආයුග් අයින් වුනේ.
" අර්.. මිසිස් සාක්ෂි.. ඔයා එළියෙන් ටිකක් ඉඳන් ඉන්නකෝ.. මට මිස්ටර් ආයුග් එක්ක ටිකක් කතා කරන්න ඕන...."
" ඇයි ඩොක්ටර් මොකක් හරි..." ආරු බයෙන් වගේ ඩොක්ටර් දිහා බලමින් ඇහුවා.
" ආහ්... එහෙම මුමුත් නෑ.. මට තාත්තට උපදෙස් ටිකක් දෙන්න තියනවා...ං
ආරු එළියට ගියාට පස්සෙ ඩොක්ටර් ආයුග් එක්ක කතා කරන්න ගත්තා.
" මිස්ටර් ආයුග්.. ඔයාලාගේ බබා නම් හොඳින් ඉන්නවා... ඒත් මේක අම්මා ගැන කාරණයක්... මම කලිනුත කිව්වානේ අම්මට බබා ලැබෙද්දි රිස්ක් එකක් තියනවා කියලා.. මොකද මිසිස් සාක්ෂිගේ ගර්භාෂේ ඩැමේජ් හින්දා.. හැබැයි මේ වෙනකොට ඒ ඩැමේජ් එක ටිකින් ටික හොඳ වෙලා තියනවා... ඒත් රිස්ක් එකක් නැත්තෙමත නෑ.. ඒ හින්දා අපි කලින් සූදානම් වෙන්න ඕනා.. මිසිස් සාක්ෂිට ඒ ටයිම් එකේදි ගොඩාක් අමාරු වෙන්න ඉඩ තියනවා... ඒත් මම හිතන විදිහට ජීවිත අවදානමක් නෑ... ඒත්... මිසිස් සාක්ෂිගේ බ්ල්ඩ් ප්‍රෙෂර් පහුගිය මාසෙට වඩා මේ මාසේ ගොඩාක් වැඩී.. මම හිතන්නේ එයා කල්පනා කරනවා වැඩි ඇති.. නැත්තන් තනිවෙලා වගේ ඇති... ඉතින් මම කියන දේ තේරෙනවනේ මිස්ටෆ් ආයුග්ට...."
" ඔව් ඩොක්ටර් ... පහුගිය කාලේ මම වැඩත එක්ක බිසී වෙලා හිටියේ ඒ හින්දා ආරන්‍යා එක්ක කාලේ ගත කරන්න බැරිවුනා.. මම අද ඉඳලම එයා වෙනුවෙන් වෙලාව වෙන් කරගන්නම්..."
" ගුඩ්.. එහෙනම් ඔයාට යන්න පුලුවන්..."
" ඩොක්ටර් ඔයාට පොඩි හෙල්ප් එකක් කරන්න පුලුවන්ද..."
ටික වෙලාවකට පස්සෙ ආයුග් එළියට ආවේ බබාගේ ultrasound එකක් අතේ තියාගෙන ඒක දිහා බලාගෙන.
" ආයු මොකක් හරි ප්‍රශ්නයක්ද...ං"
" නෑ බබා... අපේ බබා දිහා බලන්නකෝ.. අනේ එයා ෂෝක්නේ.. මේක ඉල්ලන්න නම් එපා.. මම ඩොක්ටර්ගෙන් බොහොම අමාරුවෙන් ඉල්ලගත්තේ මේක මගේ..."
" හරි හරි අනේ..."
දෙන්නම ultrasound එක දිහා බලාගෙන ඒක ගැන කියව කියව කොරිඩොර් එකේ ඉස්සරහට ගියා. දෙන්නම පාර බලාගෙන ගියේ නැති හින්දා ආරුව එකපාර ඉස්සරහින් ආව කෙනෙක්ගේ අතේ තිබ්බ ෆයිල් වගේක වැදුනා. ඒ ෆයිල් එකේ තිබ්බ කොළ ඔක්කොම බිම වැටුනා.
" Oh my god... I'm sorry... " කියන ගමන් ආරු බිම වැටුන කොළ අහුලන්න පටන් ගත්තා.
" ආ ඒකට කමක් නෑ සාක්ෂි..."
හුරුපුරුදු කටහඬක් හින්දා ආරු ඔලුව උස්සලා බලනකොට දැක්කේ මන්දනා ඉන්නෙ කියලා.
මන්දනාට එහාපැත්තෙන් රෝද පුටුවක හිටියේ ආයුශ්..
__________________________________________
ජීවිතේ වෙනස් වෙන හැටිනේ...
එහෙනම් අවසාන බාල්දියෙන් හම්බෙමු.. බය වෙන්නෙපා.. හැපි එන්ඩින් එකක් ඉක්මනින්ම දෙනවා..
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤