The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....


Previous Episode ......❤️‍🔥

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-05-01



35th Episode .....❤️‍🔥


" ආරු...." 


ආරුට ඇහුනු ඒ හුරුපුරුදු කටහඬත් එක්ක ආරු පුදුමෙන් දොර දිහා බැලුවේ ඒ කට හඬේ අයිතිකාරයා ඇත්තටම ඇවිල්ලාද කියලා බලන්න.



" අම්මා......" 


දිව්‍යා ආරු ළඟට ආවේ ඇස්වල කඳුළු පුරවගෙන. ආරුගේ මූණේන් අල්ලගත්ත දිව්‍යා,


" ආරු... ඔයා අද ගොඩාක් ලස්සනයි මගේ දුවේ...."


" අම්මේ...." ආරුට කියන්න වචන ආවේ නෑ.

අම්මටයි දුවටයි කතා කරගන්න දීලා අනිත අය එළියට ගියා.

" මට සමාවෙන්න ආරු... මම වැරදි.. මම කවදාවත් ඔයා කියන දේට හරියට ඇහුන්කන් දුන්නෙ නෑ... එදත් මම ඔයාට අවස්ථාවක් දුන්නනෑ කතා කරන්න... මට සමාවෙන්න ආරු.. මම හැමවෙලාවෙම ඔයාව පාලනය කරන්න හැදුවා... ඔයා මම කියන විදිහටම ඉන්න ඕන කියලා හිතුවා.... මට සමාවෙන්න දුවේ.. එදත මම හැදුවේ ඔයාගෙන් ඔයාගේ දරුවව උදුරගන්න... මම මහ හොඳම නැති කෙනෙක් විදිහට හැසිරුනේ..."


" නෑ අම්මේ... එහෙම කියන්නෙපා... මමත වැරදි... ඕනම අම්මා කෙනෙක්ට දුව ඒ විදිහට ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගත්තම තරහ යනවා.. මගෙත් ලොකුකමනේ මමත් අම්මට නිකමටවත කෝල් එකක් දුන්නෙ නෑ...."


" නෑ ආරු... ඔයා කරපු දේ හරි.. හැමදාම ඔයා මගෙන් නොකරපු වැරදිවලට බැනුම් ඇහුවත් ගුටි කෑවත් පොඩිකාලේ ඉඳන් කරේ සද්ද නොකර හිටිය එක... මම කතා නොකළත ඔයා ඇවිල්ලා කතා කරා... ඔයා තමා මට මගේ ජීවීතේට හම්බුනු හොඳම තෑග්ග ආරු... ඔයා මාව මේ ලෝකේම දන්න කෙනෙක් කරා.. මට අමාරු තැනක් එන හැමවෙලේම ඔයා මාත් එක්ක ඉඳලා මට උදව් කරා.. ඔයා ඔයාගේ හොඳම කාලේ මට උදව් කරන්න වැය කරා.. මට සමාවෙන්න ආරු.. ආයෙ මේ අම්මා ඔයාව දාලා යන්නෙ නෑ.. මම මගේ දුව එක්කම ඉන්නවා... " කියලා දිව්‍යා ආරුව වැළඳගත්තා.


ඒ අවස්ථාව ආරුට වගේම දිව්‍යාට සංවේදි අවස්ථාවක්.


" ආරු මම තව පොඩ්ඩෙන් ඔයාගේ ජීවිතේ විනාශ කරනවා. ... ඔයා ආයුශ එක්ක යාලු වෙන්න මමත එක කාරණයක්... ආයුග් කියන්නේ මම හිතුවා වගේ කෙනෙක් නෙවෙයි දුවේ... ආයුග් හරිම හොඳ කෙනෙක්..."


" අම්මා කොහොමද...."


" ආයුග් මට දැන් දවස් තුන හතරකට කලින් කතා කරා.. එදා වුන සිද්ධියත් කිව්වා.. මගෙන් සමාව ඉල්ලුවා.. පහුගිය දවස් ටිකේ වුන හැම්දේම කිව්වා... මට සමාවෙන්න ආරු ඔයාගේ අමාරුම කාලේ මම ඔයා ළඟ හිටියේ නැති එකට..."


" නෑ අම්මේ ඒකට කමක් නෑ.. ඉස්සරහට මෙයා ලොකු වෙද්දි තමා තව අමාරු වෙන්නෙ..." ආරු සතුටින් කුසට අත තියමින් කිව්වා.


" ඒක නෙවෙයි කෝ නිරූ..."


" නිරූ ආයුගේ ආච්චියි සීයායි එක්ක අම්මේ.. එයා ඒ දෙන්නා එක්ක හොඳට එකතු වුනා.. මම නැතුව තනියම ඒ දෙන්නා ළඟ සතියක් විතර හිටියත් එක්ක..."


" මම නිරූට සැලකුවෙත නපුරු විදිහට ආරු..."


" දැන් ඕවා අමතක කරන්න අම්මේ.. දැන් අතීතය අමතක කරලම දාන්න.. උන දේ උනානේ.. ඒවා ගැන හිතලා වැඩක් නෑ..."


ඒත් එක්කම දොරට තට්ටු කරේ සංජු.


" ආරු.. photoshoot එකට වෙලාව හරි...."


" හරි එන්නම් සංජු... අම්මේ යන්..."


ආරු කට්ටියත් එක්කම ආවේ හොටෙල් එකේ ගාඩ්න් එකට. ඒ ගාඩ්න් එක photoshootවලටම හදපු එකක්.


ආරු යද්දිත් ආයුග් ඉන්නවා ඉවසිල්ලක් නැතුව ආරුව බලාගන්න.


ආරුව දැක්ක ගමන් ආයුග් දුවගෙන ඇවිල්ලා ආරුව වටයක් කැරකෙව්වා.


" බේබි... You are so beautiful today... I wanna eat you..." ආයුග් ආරුගේ කනට කරලා කිව්වා.


ආරුව රතුවෙලා ගියා.


" ඔයා මාව දැන් කෑවොත් හැබැයි මැරි කරන්න වෙන කෙනෙක් හොයාගන්න වෙයි...."


ආයුග් ඉන්න තැනත අමතක වෙලා ආරුගේ තොල්වලට බර වුනා.

" Hey beautiful..... Will you marry me.."

ආයුග් ආරුගේ අත් දෙකෙන් අල්ලගෙන මූණට ළං වෙලා ඇහුවා.


" Of course Handsome... I want to marry you.."


" ආරන්‍යා ඇත්තටම අද ඔයා princess කෙනෙක් වගේ...."


" ෂාහ්... මරු ඈ.. මම සුපිරි ෂොට් ටිකක් ගත්තා.. මම හිතුවේ උබලා දෙන්නා එක්ක preshoot එකට කාපු කට්ට කන්න වෙයි කියලා.. මරු ඈ..." කැමරාමන් කොහෙදෝ ඉඳලා කෑගැහුවා.


" උබ කොයි වෙලේද යකෝ ෆොටෝ ගැහුවේ.. අපි තාම පටන් ගත්තෙවත් නෑනේ..." ආයුග්.


" උබලා දෙන්නා මෙතනට එන තැනේ ඉඳලම ෆොටෝස්වලට ඕන පෝස් තමා දුන්නෙබන්..."


කොහොමහරි තවත පැය භාගයක් විතර කට්ටිය ෆොටෝ ගහලා එහෙම ආරු පැත්තකින් ඉඳගත්තේ මහන්සියට.


" බබා.. කකුල රිදෙන්නෙ නැද්ද... තාම තුවාලේ හොඳත් නෑනේ... හීල්ස්වලට රිදෙන්නෙ නැද්ද..."


" ඒක ගාණක් නෑ ආයු...."


" මැඩම්... රුක්ෂි මිස්ව එක්කන් ආවා...." විහස් ආරු ළඟට ඇවිල්ලා කිව්වා.


" එන්න කියන්න..."


ටිකකින් රුක්ෂි ආවා. රුක්ෂි ආව ගමන් ආරු ඉස්සරහ දණ ගැහුවා.


" පිස්සුද ලොකු නංගි... නැඟිටින්න..."

" නෑ අක්කේ මට මේ ටික කියන්න දෙන්න... ඊටපස්සේ මම නැඟින්නම්... මට සමාවෙන්න අක්කෙ මම පහුගිය කාලේ කරපු හැමදේටම.. මම දන්නවා ඒ දේවල්වලට සමාව දෙන්නත් බෑ කියලා.. මම ඒ හැමදේටම පසුතැවෙනවා අක්කේ... මම අච්චර දේවල් කරලත ඔයා මාව රට යවලා මට හොඳට ඉගැන්නුවා.. මට ඉන්න තැන හදලා දුන්නා... තැන්ක් යූ අක්කේ.. මම ආයේ කවදාවත්ම අර පරණ නිශූ වෙනෙ නෑ... "


" ලොකු නංගි... ඔයාටත් කියන්න තියෙන්නේ අතීතය අමතක කරන්න කියලා තමා.. ඒ හින්ද..."


" නිශූ...." දිව්‍යා මාසගාණකට පස්සෙ අද තමා නිශූව දැක්කේ.


" අම්මේ මට සමාවෙන්න... මම අක්කටත් කිව්වා... අම්මේ පහුගිය කාලේ කරපු හැම්දේටම... ප්ලීස් අම්මේ..."


" ඔයා ආයේ ඒ විදිහටම හැසිරෙන්නෙ නැත්තන් මට සමාව දෙන්න පුලුවන් නිශූ...."


" හරි අම්මේ... මෙයා දැන් හැදිලා ඉන්නේ... කෝ චූටි නංගි... ඒ... චූටි නංගි එන්න ෆොටෝ එකක් ගහන්න...." කියලා ආරු නංගිලා දෙන්නයි අම්මා එක්කයි ගිහින් ෆොටෝ ගැහුවා.


ආරු ආයෙමත් ආයුග් ළඟට එද්දි ආරුගේ ඇස්වල කඳුලු පිරිලා.


" ඇයි බබා මොකද මේ..."


" ආයු.. අවුරුදු දහයකට පස්සෙ අපි හතරදෙනාම එකට ඉඳලා ෆොටෝ එකක් ගත්තේ...."

" දන්නවද බබා.. මට මේ දැන් ඔයාව දැකලා ඊරිසියා හිතුනා... ඔයා අවුරුදු දහයකට පස්සෙ හරි ෆැමිලි ෆොටෝ එකක් ගට්ග්තා...ඒත් මම.... ඒ චාන්ස් එක මට කවදාවත්ම එන්නෙ නෑ..."


" ඔයා එයාලට සමාව දෙන්නම නැද්ද ආයුග්..."


" මම හිතුවා එයාලට සමාව දෙන්න... ඒත් ඒ හැමවෙලේම එයාලාම ඒ දේ නැති කරගන්නවා... මට එයාලට සමාව දෙන්න බෑ බබා... "

ආරු ආයුග්ගේ පිටට තට්ටු කරන ගමන්,

" ආයු... ඔයාට එයාලව එපා නම් කමක් නෑ.. ඔයාට මම ඉන්නවා... අපි දෙන්නාගේ දරුවා ඉන්නවා. ඉතින් අපේ පවුල සම්පූර්ණයි නේද..."


" මම ඒ දේ හිතලා තමා සතුටින් ඉන්නේ බබා... මට මගේම අම්මා නැති වුනාට අම්මා කෙනෙක් ඉන්නවා.. ඔයා දන්නවද දිව්‍යා නැන්දා මට කිව්වා එයාට අම්මා කියලා කතා කරන්න කියලා... එතකොට සෙතූ. ටෂ්... නිශූ... නංගිලා තුන්දෙනෙක්ම ඉන්නවා... ආච්ච්‍යි සීයයි ඉන්නවා.. නිරූ.. එතකොට අපේ චූටි චණ්ඩියා... ඒ දෙන්නා ඉන්නවා... ඊටත වඩා මට ඔයා ඉන්නවා.. මට ඒ ඇති ආරන්‍යා... මම මගේ ජීවිතේ කරපු හොඳම දේ තමා ඔයාට ආදරේ කරපු එක.. I love you ආරන්‍යා...."


" mee tooo.. ආයු..." කියලා ආරු ආයුග්ගේ උරහිසට හේත්තු වුනා.


" වෙලාව හරි බන්... යමුනේද වෙඩිම පටන් ගත්තෙත නෑනේ තාම..." සරස්.


ටික වෙලාවකට පස්සේ ආරු ආයුග්ගේ අතේ එල්ලිලා වෙඩින් හෝල් එකට ඇතුළු වුනා. ඒක ඇත්තටම පට්ටම ලස්සනයි. දිව්‍යලෝකේ වගේ.



නයෝමි... සරලා... ආයුශ්... මේ හැමෝම ඇවිල්ලා හිටියා. ඇවිල්ලා කියනවට වඩා බලෙන් ගෙන්නුවා කිව්වා නම් තමා හරි. මොකද ආයුග් ආරුගේ ඉල්ලීම අකුරටම ඉෂ්ට කරලා තිබ්බා.


ටික වෙලාවකට පස්සේ ආරු ආයුග් දෙන්නා නීත්‍යානුකූලවම දෙන්නාගෙම වුනා.

" මේක නම් හිනයක් වගේ ආරන්‍යා..." ආයුග්.

ආරු එකපාර ආයුග්ගේ අත අරන් හැපුවා.

" ආව් ගෑනියේ..."

" දැන් තමුසෙනේ කිව්වේ හීනය්ක් වගේ කියලා... මම හීනයක් නෙවෙයි කියලා පෙන්නුවා..."

" මෙන්න අර මෙච්චර දවසක් නැතුව හිටිය ටොම් ඇන්ඩ් ජෙරී ආයේ ඇවිල්ලා..." සරස් දෙන්නා දිහා බලමින් හිනා වෙවී කිව්වා.

ටික වෙලාවකින් ආරු රතුපට ගවුමකට මාරු වුනා.



අන්තිමට කපල් එක පිටත වෙන වෙලාවත ආවා.

ආරු මල් පොකුර විසි කරන්න ලෑස්ති වෙද්දි කෙල්ලො කොල්ලො සෑහෙන ගොඩක් ආරුගේ පිටිපස්සට ආවා.

ඒත් ආරු මල්පොකුර විසි කරද්දිම ඒ හැමෝම අයින් වුනා. ටෂ්මි එයා ළඟ හිටිය සංජනාව තල්ලු කරේ මල් පොකුර සංජනා අතට වැටෙද්දි.

ඒත් එක්කම ස්ටේජ් එක උඩින් රෝස මල් පෙති ගොඩක් වැටුනේ සංජනාව නෑවිලා යද්දි.

" සංජූ... Will you marry me..."

රෝසපෙත් වැස්ස අතරෙම සංජනා ළඟ දණ ගැහුව සරස් ඇහුවා.

එකපෙළට මේ වුන දේවල් එක්ක සංජනා හිටියේ ශොක් වෙලා. සංජනා බැලුවේ ආරු දිහා. ආරු ලස්සනට හිනා වෙන හැටි දැක්කම සංජනා සරස්ට එයාගේ අත දුන්නේ රින්ග් එක දාන්න.

" එහෙනම් කොල්ලො සුබ මංගලම් උබටත්..." ආයුග් හයියෙන් කෑගහලා කිව්වා.


මේ අතරේ මේ වෙන හැම්දේම දිහා බලන් ඉද්දි ආයුශ්ගේ හිතේ තිබ්බ ඊරිසියව එන්න එන්න වැඩිවුනා.

ආයුශ්ට ඕන වුනේ හොඳින් හරි නරකින් හරි ආරුව එයාගේ කරගන්න.


කපල් එක පිටත වෙන්න කාර් එක ළඟට එන්න එද්දි ආරු වොෂෲම් එකට ගිහින් එන්න ගියා.

වොෂෲම් එකෙන් එළියට එද්දිම එකපාර ආයුශ් ආරුව අල්ලගෙන බෙල්ලට පිහියක් තිබ්බා.

" මැරෙන්න ඕන නැත්තන් සද්ද නැතුව හිටපන්...."


" ආයුශ් තමුසෙට පිස්සුද...."


" ඔව් යකෝ... මට පිස්සු... මම උබ හින්දා පිස්සු වැටිලා ඉන්නේ... උබ දැන් මගේ විතරයි..."


ආයුශ් ආරුගේ නහයට ලේන්සුවක් ළං කරමින් කිව්වා. ඒකෙන් ආරුට සිහිය නැතිවුනා.

ඊටපස්සේ ආයුශ් එයා ගෙනැල්ලා තිබ්බ බුර්කා එකක් ආරුට ඇන්දෙව්වේ ආරුව ඒකෙන් සම්පූර්ණයෙන්ම කවර් වෙද්දි. ඊටපස්සේ කාටවත නෝට් වෙන්නේ නැති විදිහට කැප් එකකුත් දාලා මූණත හංඟගෙන ආයුශ් ආරුව වත්තම් කරගෙන එළියට ආවා.


ඒත් එළියට ආපු ගමන් එකපාර ආරු කෑගහන්න ගත්තා.


" ආයු... මාව බේරගන්න...."


ආරුගේ ඒ කෑගැහිල්ලා ඒ ළඟම හිටිය ආයුග් ඇතුළු හැමෝටම ඇහුනා. ආයුග් දුවගෙන එද්දි ආයුශ් ආයෙමත් ආරුගේ බෙල්ලට පිහිය තිබ්බා.

" උබට මේකිව මම දුන්නත් දෙන්නෙ මිනියක් කරලා ආයුග්.." ආයුශ් හයියෙන් හිනාවෙමින් කෑගැහුවා.

" ආයුශ් ආරන්‍යාව අතහරිනවා...."

" අනේ පුතේ ඔය කෙල්ලව අතහැරලා දාලා මෙහෙ එන්න..." සරලාත් ඒ අස්සෙ කෑගැහුවා.

" නෑ මම අද මේකිව අතහරින්නෙ නෑ.. මේකි මගේ විතරයි..."

" ආරන්‍යා.... ඔයාට මතකද මම එකදවසක් කියපු දෙ....do you believe me...." කියලා ආයුග් ආරුගෙන් ඇහුවා.

" Yes ආයු...."

" Then...1....2...3..." ආයුග් කවුන්ට් කරලා ඉවර වෙනවත් එක්කම ආරු එයාගේ ඔලුවෙන් එකපාර පිටිපස්සට ගැහුවා.

නොහිතුව වෙලාවක ආව ඒ පහරෙන් ආයුශ්ගේ අතින් ආරුව අත හැරුනා.

ආරු අහකට වෙනවත එක්කම ආයුග් කොහෙන්දෝ ඇදලා ගත්ත ගන් එකකින් ආයුශ්ට වෙඩි තිබ්බා.


_________________________________________

බෝරින් නේද....

හරි හරි අවසාන මහා බාල්දිය ළඟ ළඟම එනවා... තව චුට්ටයි ඉවර වෙන්න තියෙන්නෙ.

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page