The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-29-2
34th Episode ......❤️🔥
ඒත් එක්කම ඇහුනේ දොර ඇරිලා වැහෙන සද්දේ. ඒකට නම් ආයුග් කලබල වෙලා කෑගහන එකත් නතර කරා. ආයුග්ගේ කෑගැහිල්ල හින්දා ආරුට දොර ගැන කල්පනාවක් තිබ්බෙ නෑ. ආයුග් කෑගහන එක එකපාර නතර කරහම ආරුට තේරුනා ආයුග් කරෙ බොරුවක් කියලා.
" බොරුකාරයා..." කියන ගමන් ආරු ආයුග් ළඟට එන්න ගත්තා.
දොර පැත්තට අවදානේ යොමු කරලා තිබ්බ ආයුග් එන කෙනාව දැක්කත් ඒ කෙනා ආයුග්ව දැක්කෙ නෑ.
ඒ එන කෙනාව දැක්කම කලබල වුන ආයුග් ආරුව එකපාර ළඟට ඇදලා අරන් අතහැරිය.
ආයුග් එකපාර ඒ ළඟට ඇදලා ගත්ත එකෙන් ආරුගේ බැලන්ස් එක නැතුව ගියා ඒ විතරක් නෙවෙයි කකුල එකපාර අර තෙල් ගොඩටම තිබ්බ හින්දා වැටෙන්න ගියා.
ආරු වැටෙන එක නවත්තන්න සෝෆා එක අල්ලගත්තත් අනිත් කකුලක් තෙල් ගොඩටම තිබ්බ හින්දා ආරු ඒ එක්කම අතට අහුවුන එකකින් අල්ලගත්තා.
ඒත් අවාසනාවට ඒක වීදුරු මල්පෝච්චියක් ආරුට හිතන්නවත් වෙලාවක් නොතියා වැටුනේ මල්පෝච්චිය බිඳිලා ඒකේ කෑල්ලකට ආරුගේ කකුල කැපිලා යද්දි.
ආරු කුස තරයේ අල්ලගත්තේ දරුවට නම් මුකුත් වෙන්න එපා කියලා හිතන ගමන්.
ඒත් ආරුගේ කුස වටේට අතක් බැඳුන හින්දා ආරුගේ කකුලේ තුවාලේ ඇරෙන්න වෙන සීරීමක්වත් වුනේ නෑ. ඒත් මේ වුන දෙයින් ආරු හොඳටම බය වෙලා අඬන්න ගත්තා.
" ආරන්‍යා look at me... මුකුත් වුනේ නෑ... මම ඔයාව අල්ලගත්තා... කෝ අඬන්නෙපා...." ආයුග් කතා කරද්දි තමයි ආරුට සැනසීමක් දැනුනේ.
ආයුග් ආරුව වඩාගෙන සෝෆා එකෙන් තිබ්බා.
" ආයු.... මගේ දරුවා...." ආරු ආයුග් දිහා බලමින් ඇහුවා.
ඒ වෙලාවේ ආරුට තේරුනා මොකක් හරි වැරැද්දක් තියනවා කියලා.
මොකද ආරුව සෝෆා එකෙන් තියලා ආරු ළඟ ඉන්න ආයුග්ගේ මූණ මහන්සියෙන් මැලවිලා ඇස් යට කළු වෙලා.
ආරු බැලුවේ එතකොට කලින් ආරු එක්ක කතා කරේ කවුද කියලා. එයත් තාම ඉන්නවා.
ඒ කෙනාගේ ඇස් තරහෙන් දිලිසෙනවා.
සෝෆා එක ළඟ විසිවෙලා තිබ්බ චිකන් ෆ්‍රයිඩ් බෑග් එකක් දැක්කම ආරුට තේරුනා ඒ කලින් ඇවිල්ලා තිබ්බෙ වෙන කවුරුත් නෙවෙයි ආයුශ් කියලා.
" බේබි.... දරුවට මුකුත් වුනේ නෑ... මම ඔයාව අල්ලගත්තා.. ඒත් කකුල..."
ආයුග් කියද්දි ආරු බලාගෙනම හිටියේ ආයුශ් දිහා. ඊටපස්සේ ආරු ආයුග් දිහා බලලා.
" ආයු.... අතන මොනාද තියනවා මට හිතෙන්නේ ඒ තෙල්... ඒ හින්දා තමා මම ලිස්සුවේ.. ඒත් මම ගේ මොප් කරලා වැඩිවෙලාවක් නැති හින්දා එතන තෙල් තියෙන්නෙ විදිහක් නෑ... ආයුශ් තමුසේ නේද ඒ වැඩේ කරේ... තමුසේ මගේ ආයු වගේ ඇවිල්ලා මාව රවට්ටන්න ද හැදුවේ..."
ආයුශ් ඇවිල්ලා තිබ්බේ ආයුග් වගේම කොණ්ඩේත් හදලා ආයුග් අඳින විදිහේම ඇඳුමක් ඇඳලා ඒකයි ආරුට මේ ඉන්නේ ආයුශ් කියලා අඳුනගන්නත් බැරිවුනේ.
ආයුග්ට ඒ කියපු දේත් එක්ක තරහ හොඳටම ඇවිස්සුනා.
ආයුග් ගිහින් ආයුශ්ට පාරක් ගැහුවේ ඒ පාරේ සැරට ආයුශ් බිම වැටෙද්දි. එතනින් නැවතුනේ නැති ආයුග් ආයුශ්ට ගැහුවේ මූණ පුරාම තැලුම් පාරවල් ලේ පාරවල් හිටිද්දි.
" උබේ මගේ කෙල්ලටද යකෝ අත තියන්න හැදුවේ.. උබ මගේ ළමයවත් මරන්න නේද හැදුවේ... මම අද උබව මරනවා බල්ලා...." කිව්ව ආයුග් ආයුශ් බෙල්ල මිරිකන්න ගත්තා.
ඒක දැක්ක ආරු අමාරුවෙන් කොර ගගහාම ආයුග් ළඟට ඇවිල්ලා ආයුග්ව ආයුශ්ගෙන් ඈත් කරන්න හැදුවා.
" ආයු ඕක නවත්තන්න ආයු... ප්ලිස් ඕක නවත්තන්න....."
" පැත්තකට වෙනවා ආරන්‍යා මම අද මේකව මරනවා..."
" ප්ලීස් ආයු... එයාව අතහරින්න... ප්ලීස්.. ප්ලීස්... මං වෙනුවෙන්වත් ඒ දේ කරන්න ආයු... ඕක නවත්තන්න....." ඒ පාර නම් ආයුග් ආයුශ්ගෙන් ඈත් වුනා.
ආයුශ් කහිනගමන්ම අමාරුවෙන් නැගිටලා ආයුග්ට සමච්චලේට හිනා වුනා.
ඒක දැකලා ආයුග් ආයෙමත් ආයුශ් දිහාට පනින්න ගියත් ආරු ආයුග්ගේ අතින් අල්ලගත්තා.
" උබට තවත් තේරෙන්නෙ නැද්ද ආයුග් ආරු තාමත් ආදරේ මට..."
ඒ පාර නම් ආයුග්ගේ අත අතහැරපු ආරුම ඇවිල්ලා ආයුශ්ගේ කනට ගැහුවා.
" ආයුශ් මම තමුසෙව බේරගත්ත අවසාන වතාව මේක.... අද මං තමුසෙව බේරගත්තේ තමුසෙට තියන අඅදරේකට නෙවෙයි ආයුග්ගේ පිටට මිනීමැරුමක් වැටෙන්න ඔක්න නැති හින්දා.. හැබැයි තමුසේ තව එකපාරක් හරි මේ වගේ බලු වැඩක් කරන්න ආවොත් එදාට මම ආයුග්ව නතර කරන්නෙ නෑ... යනවා මෙතනින්... යනවා...." කියලා ආරු ආයුශ්ට කෑගැහුවා.
ආයුශ් ආයුග් දිහාත් තරහෙන් බලලා යන්න ගියා.
ආයුග් ආරුව වඩාගෙන ගිහින් සෝෆා එකෙන් තියලා ඉස්සරවෙලාම කරේ ගිහින් දොර ලොක් කරලා ආව එක.
ඊටපස්සේ වැටිලා තිබ්බ චිකන් ෆ්‍රයිඩ් බෑග් එකත් ආරුටදීලා ආරුගේ තුවාලෙට බෙහෙත් දැම්මා.
" ආයු ඔයාට හොඳටම මහන්සි පාටයි.... දැන් ආයේ වැඩට යන්න නම් හදන්නෙපා ඔයා ලෙඩ වෙයි ඔහොම ගිහින්...."
ආරු ආයුග්ගේ කම්මුලක් අතගාන ගමන් කිව්වා.
" මම ආයේ අනිද්දට වැඩට යන්නේ... හැපී..."
" ඇත්තටමද... ෂොක් අනේ.. මම මේ ගේ ඇතුළේ කොච්චර පාලුවෙන්ද හිටියේ කියලා දන්නවද...."
" හ්ම්ම්.... ඔක්කොටම කලින් මට හොඳට නිදාගන්න ඕන... එන්න මගේ කොට්ටේ අපි නිදාගන්න යමූ... " කියලා ආරුව වඩාගත්ත ආයුග් කාමරේට ගියා.
ආයුශ් තිබ්බ තරහටත් එක්කම කෙලින්ම ගියේ ගෙදර. සමාන්‍යයෙන් වෙනදට පැය තුනක්වත් යන ගමන අද පැය දෙකෙන් ගියා.
ඒ යනකොට මන්දනාලගේ ගෙදර කට්ටියම ආයුශ්ලගේ ගෙදර ඇවිල්ලා.
ආයුශ්ව දැකලා කට්ටියම පුදුමෙන් බලන් හිටියේ ඒ ආයුග් කියලා හිතලා.
ඒත් සරලට අදුරගන්න පුලුවන් වුනා මේ ඉන්නේ ආයුග් කියලා.
" ආයු මොකද වුනේ... මොකද මේ තුවාල වෙලා... ආයුශ් කියන්න මොකද වුනේ... අනික ඇයි ඔයා අද ඔහොම ඉන්නේ..." සරලා ආයුශ් ළඟට එන ගමන් ඇහුවා.
එතකොට තමා මන්දනාටත් මේ ඉන්නේ ආයුශ් කියලා තේරිලා ළඟට ආවේ.
" ආයුග් අම්මේ... මම ඌව මරනවා.. ඌ මගෙන් හැම්දේම උදුරගන්නවා... ඌව මං මරනවා...."
" මොකක්ද වුනේ කියන්න ආයුශ්... ආයුග් මොනාටද ඔයාට ගැහුවේ..." බිමල්.
" අර ආරු කියන එකී හින්දා... මම අරූට මරලා ඒකිටත් හොඳ පාඩමක් උගන්නවා... උන් දෙන්නම එකයි සීයව රවට්ටගෙන දේපල ටිකත් ලියාගත්තා... මම ආයුග්ව මරනවා...." කියලා ආයුශ් කෑගැහුවා.
ඒත් එක්කම ආයුශ් ළඟට ආව ටෂ්මි ආයුශ්ගේ කනට ගැහුවා.
දැනටමත් ආරුගෙනුත් කනේ පාරක් කාලා තිබ්බ හින්දා ඒ පාරත් එක්ක ආයුශ්ට දැනුනේ තරු විසි වෙනවා වගේ.
" චූටි ඔයාට පිස්සුද...." කියන ගමන් ආයුශ්ගේ මල්ලි ඇවිල්ලා ටෂ්මිව ඇදලා ගත්තා.
" පිස්සු.... මට නෙවෙයි ඔයාලටයි පිස්සු... මේ අයියේ ලොකු අයියව මරන්න තරන් ලොකු අයියා මොනාද ඔයට කරේ ආ... මොනාද ඔයාගෙන් උදුරගත්තේ... ඔයාගේ මෙතනට තට්ටු කරලා අහන්න මොනාද ලොකු අයියා ඔයාගෙන් උදුරගත්තේ කියලා...." ටෂ්මි ආයුශ්ගේ හදවත තියන තැනට ඇඟිල්ලෙන් ඇනලා කිව්වා.
" මම කියන්නද ඔයාට ඔච්චරටම ලොකු අයියා එක්ක තරහ ඇයි කියලා... මොකද ලොකු අයියා පොඩි කාලේ ඉඳලා විඳින්න තියන ද්උක් ඔක්කොම වින්ඳත් අද එයා ඔයාට වඩා සිය දහස් ගුණේකින් සාර්ථක වෙලා ඉන්නවා... පොලිසියේ ලොක්කෙක් විතරක් නෙවෙයි රටවල් ගාණක හොටෙල්වල අයිතිකාරයෙක්... අර ඔයා කිව්ව සීයා දුන්න දේපළ කියන්නේ ලොකු අයියගේ සල්ලි කියන මුහුදට දාපු පොඩිම පොඩි පොල් ලෙල්ලක් විතරයි... අනික් දේ තමා ඔයා ලොකු අයියට වෛර කරන්න්ඒ ආරු අක්කා හින්දා... මොකද ලොකු අයියා ආරු අක්කා එක්ක සතුටින් ඉන්නවා.. ඔයාට ඒ දේ පෙන්නන්න බෑ... අයියේ ප්ලීස් එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.. ඔයා ආරු අක්කට ආදරේ කරේ එයාගේ සල්ලිවලටද කියලත් මට හිතෙනවා..."
" චූටි මේ...."
" ඇයි ඇයි... ඇත්ත තිත්තයි නේද... ඒකනේ ඇත්ත... ඔයා ආරු අක්කව පාවිච්චි කරපු එකනේ කරේ.. මේ අංගනාව ආපු ගමන් එයාව අයින් කරලා දැම්මා... ඒකනේ කරේ..."
සරලා ටෂ්මිගේ කනටගැහුවා.
" චූටි මොනාද තමුසේ ඔය කියවන්නේ ආ... ඒ ආරු කියන එකී ළඟින්වත් තියන්න පුලුවන්ද මේ මන්දනාව මන්දනා කියන්නේ කොච්චර හොඳ කෙල්ලක්ද..."
" ආං අම්මේ... ඔයා තමා මේ හැමදේටම හේතුව ඔයාට ආරු අක්කගේ පේන්නෙම මොකක්මහරි ඇදයක්නේ... මේකත් අහගන්න... ඔයා කිව්ව දේ හරි ආරු අක්කව මන්දනා ළඟින්වත් තියන්න බෑ.. මොකද ආරු අක්කා කියන්නේ කාටවත් ලේසියෙන් අයිති කරගන්න බැරි රත්තරන් කෙල්ලෙක්.. ඔයාගේ මේ මෝඩ පුතා ඒ කෙල්ලව රැවැට්ටුවට අද එයාගේ ලොකු අයියත් එක්ක සතුටින් ඉන්නවා... අනික ආරු අක්කා මේ මන්දනා වගේ පිනට කකා ඉන්න කෙනෙක් නෙවෙයි එයා ගෙදර හිටියත් දවසට ලක්ෂ ගණන්වලින් හොයනවා... එයාගේ ගතිගුන මේ මන්දනා ළඟින්වත් තියන්න බෑ...."
" චූටි ඇති තමුසේ ඔය බනින්නේ තමුසෙව මෙච්චර කල් බලාගත්ත මනුස්සයොන්ටම නේද... තමුසේ කොහොමද අම්මට ඔහොම බනින්නේ...තමුසෙට කොහෙවත් යන උන් ලොකු වුනාද අපිට වඩා.." ආයුශ්ගේ මල්ලි.
" චූටි අයියේ මම කාටවත් බ්ඇන්නේ නෑ.. කියලා දුන්නේ ඇත්ත මොකක්ද කියලා.. අනික මම කොහෙවත් යන වුන්ගේ පැත්ත ගත්තේ නෑ... මම කතා කරේ මගේ අයියාගෙයි නෑනාගෙයි පැත්තට... අනික ඔයා... ඔයත් කරේ ලොකු අයියට වෙනස්කම්ම නේද.. මතකද ලොකු අයියට කැම්පස් යන්න ආව දවස... ඔයා කරපු දේවල් මතකද... ඇයි ලොකු අයියා කැම්පස් ගියේ නැත්තේ කියලා මතකද..."
" චූටි නවත්තනවා ඕක... තමුසෙට ඔච්චර ලොකු තමුසෙගේ මහලොකු අයියා නම් ඌ ළඟටම යන එකනේ තියෙන්නේ.. තමුසෙව බලාගනී මේන් කියලා...." සරලා.
" ඔව් යනවතමා.... මම මේ දැන්ම යන්නම්... මට මේ ගෙදර ඉඳලා ඇතිවෙලා තියෙන්නේ ඇත්තටම... හැබැයි ඊට කලින් මම පෙන්නන්නන් ලොකු අයියා කොච්චර හොඳ කෙනෙක්ද කියලා... අනික මෙයා කිව්වෙ නෑනේ ඇයි ලොකු අයියා ගැහුවේ කියලා ඒකත් මම පෙන්නන්නන්...." කියලා ටෂ්මි ආයුග්ට කෝල් එකක් ගත්තා.
" හෙලෝ අයියේ...."
" ආ.. චූටි... අයියා නම් නිදි... මොකක් හරි හදිස්සියක්ද.." ආරු.
" ආ... අක්කේ... හදිස්සියක් නම් තමා...."
" එහෙමද... මට ඒක බලාගන්න බැරිවෙයිද.. අයියා දවස් ගාණකින් හරියට නින්දක් නැතුව ඉඳලා නිදාගත්තේ චූටි..."
" ආ... එහෙමද අක්කේ... මේ අයියා ආයුශ් අයියට ග්ඇහුවද..."
" ගැහුවද.... ගැහුවද කියලාත් අහනවා... ආයු ආයුශ්ව මරන්න ගියේ...."
" අහ්.. ඒ ඇයි අක්කේ..."
" ආයුශ් ආයුග් නැතිවෙලාවේ ආයුග් වගේ ගෙදරට ඇවිල්ලා අපේ දරුවව නැති කරන්න හැදුවේ චූටි.. මගේ වෙලාවට ආයුග් ඒ වෙලාවෙම ගෙදර ආවා... ඒ හින්දා අපේ පණ ටික රැකුනා..."
" මොකක්... ආයුශ් අයියා එහෙම කරාද..."
" ඔව් චූටි... මට හිතාගන්න බැරි මන්දනා ඉදී ඇයි ආයුශ් තාමත් මගේ පස්සෙ පන්නන්නේ කියලා... පුලුවන් නම් එයාට තේරුම් කරලා දෙන්න නංගි... මොකද තවත් සැරයක් ආයුශ් ඔහොම දෙයක් කරොත් ආයුග් අනිවාර්යයෙන්ම ආයුශ්ව මරලා දානවා...."
" මම කියලා දුන්නේ අක්කේ... අක්කේ.. මතකද මම සීයලාගේ ගෙදරදි ඔයාට කිව්වා මම කොළඹ කැම්පස් එකට දානවා කියලා..."
" අනේ කැම්පස් ආවද චූටි.... ෂෝක්නේ... ඔයා කැමති නම් මෙහෙ නතර වෙන්න... කොහොමත් නිරූයි මායි අයියයි විතරනේ ඉන්නේ... ඔයා මෙහෙ ඉන්න කැමති නැත්තන් මම ඔයාට කැම්පස් එක ළඟම තමා අපේ සංජු ඉන්නේ එයා ළඟ නතර කරන්නම්..."
" අක්කේ මම ඔයාලා එක්ක ඉන්න එක ඔයාලට ප්‍රශ්නයක් නැද්ද...."
" පිස්සුද චූටි... ඔයා එනවා නම් මට ගොඩක් සතුටුයි මොකද මමත් ගෙදරමයි ඉන්නේ මේ දවස්වල පාලුයි අනේ අයියා වැඩට ගිහාම එන්නේ රෑ වෙලා....හරි ඔයා කවද්ද එන්නේ...."
" අක්කේ මම අදම එනවා...."
" අදම... මේ හදිස්සියේ... ඇයි චූටි ගෙදරින් ප්‍රශ්නයක්වත් දාගත්තද...."
" ප්‍රශ්නයක් කියන්නේ... අම්මාම කිව්වා මට අයියා ළඟට යන්න කියලා මොකද මේ ගෙදර අයට මම ඔයාලාගේ පැත්තට කතා කරන එක දරාගන්න බෑ..."
" අනේ චූටි ප්‍රශ්න එනවා තමා ඒත් ගෙදර අය එක්ක තරහ වෙන්නෙපා... ඔයා එන්න මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් අම්මා තාත්තා එක්ක තරහ වෙන්නෙපා..."
" නෑ අක්කේ එයාලා මාව අතහැරියත් මම එයාලා එක්ක තරහ වෙන්නෙ නෑ...."
" හරි ඔයා දැන් කොහෙද ඉන්නේ.. මොකේද එන්නේ.. රෑ වෙයිද එන්න..."
" මං තාම ගෙදර අක්කේ... බස් එකේ තමා එන්නේ... මට ලොකේෂන් එක එවන්න මම එන්නම්..."
" දෙයියනේ රෑ වෙයිනේ චූටි... ම්ම්ම්... මෙහෙම කරන්නකෝ... මම ඔයාට නුවර මගේ කම්පැනි එකේ ලොකේෂන් එක එවන්නම්... ඔයා එතනට යන්න.. විහස් ඉන්නවා එහේ.. මම එයාට කියන්නම්.. එතකොට එයා ඔයාට එන්න වාහනයක් ලෑස්ති කරලා ද්එයි.. බස්වල රස්තියාදු වෙන්න එපා... හරිද... එහෙනම්.. ඉක්මනට පිටත් වෙන්න නැත්තන් තවත් රෑ වෙනවනේ.."
" හරි අක්කේ මම එන්නම්... බායි..."
" බායි චූටි මට පැය භාගෙන් භාගෙටවත් කෝල් දෙන්නකෝ එහෙනම්..."
ටෂ්මි කෝල් එක කට් කරලා හැරුනේ සරලා දිහාට.
" අම්මේ ඇහුනනේ ආරු අක්කා කතා කරපු එක... එයා මං ගැන කොච්චර සැලකිලිමත් වුනාද කියලා දැක්කනේ... එතකොට ඔයාගෙ හොඳ පුතා කරා කිව්ව දේ ඇහුනනේ..." කිව්ව ටෂ්මි එයාගේ කාමරේට ගියා.
පැය කාලකට විතර පස්සෙ සූට්කෙස් එකකුත් අරගෙන ටෂ්මි පහළට ආවේ යන්න.
" චූටි ඔයා දැන් මේ ගෙදරින් යනවා නම් ආයේ එන්න හිතන්නවත් එපා..." සරලා.
" හරි අම්මේ..." කිව්ව ටෂ්මි සරලාටයි බිමල්ටයි වැදලා ගෙදරින් එළියට ගියා.
ආරු නොන්ඩි ( නොන්ඩි ආරු😁) ගගහාම කුස්සියට ඇවිල්ලා උයන්න ගත්තේ දැන් ආයුග් නැගිට්ටම බඩගින්නේ හින්දා.
එළවලු කප කප ඉන්නකොට එකපාර ආරුගේ කුස වටේට එතුනේ ආයුග්ගේ අත්දෙක.
" නැඟිට්ටද ආයු...."
" හ්ම්ම්.... මොකද මේ කරන්නේ කකුලක් බැරි බැරි ගාතේ ඉඳගෙන...."
" උයනවා..."
" කෝ අයින් වෙන්න මම උයන්නම්..."
" නෑ නෑ.. ඔයා ගිහින් අන්න අරහෙන් ඉඳගන්නකෝ.. මම උයන්නම්.. තව පැයක් යන්නෙත් නෑ ඉවර වෙන්න...."
" මේ මොනාද ඔච්චර උයන්නේ අපි දෙන්නා විතරනේ.. ඔය එකක් මොකක් හරි තිබ්බා නම් ඇති බබා.. "
" අපි දෙන්නා විතරක් නෙවෙයි චූටිත් මඟ එනවා.. තව ටිකකින් එයි... මට දැන් පැය කාලකට විතර කලින් කිව්වෙ කොළඹ කිට්ටු කරලා ඉන්නවා කියලා.."
" චූටි..."
" ඔව්. ටෂ්මි..."
" චූටි මොකද හදිස්සියේ මෙහෙ එන්නේ..."
" ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ ආයු... නංගි ආවම අහගමු....දැන් ඔයා අන්න අතනින් ඉඳගන්නකෝ... මම තෙ එකක් හදලා දෙනකන්...."
ටිකකින් ගෙදර බෙල් එක රින්ග් වුනා.
" නංගි ඇවිල්ලා වගේ ආයු... ඔයා යනවද.. මම යද්දි කෙල්ලට දොර ළඟ හිටන් ඉන්න වෙයි සෑහෙන වෙලාවක්...."
ආයුග් ගිහින් ටෂ්මිව එක්කන් එද්දි ආරුත් නොන්ඩි ගගහම සාලෙට ආවා.
" අක්කේ... මොකද කකුලට වුනේ..." කියන ගමන් ටෂ්මි දුවගෙන ආවා.
" තමුසෙගේ අර මහලොකු අයියගේ වැඩ තමා..." ආයුග් තරහෙන් කිව්වෙ ඒ සිද්ධිය ආයෙමත් මතකෙට ආව හින්දා.
" ආයු ඇති... දැන් ඕක අමතක කරන්න.. මේ අර ලිපේ තියන හොද්ද පොඩ්ඩක් බලන්නකෝ...." කියලා ආරු ආයුග්ව එතනින් ඇරියා.
" අක්කේ... ඔයා මට ඔහොම දෙයක් වුනා කියලා කිව්වෙ නෑනේ.. බබා හොඳින් නේද... එයාට කරදරයක් නෑනේ..."
" නෑ චූටි.. ආයු ආව හින්දා එයාට මුකුත් වෙන්නෙ නැතුව බේරුනා...කෝ ඕවා පස්සෙ කතා කරමුකෝ... යන් ඔයාගේ රූම් එක පෙන්නන්න..." කියලා ආරු ටෂ්මිව රූම් එකකට එක්ක ගියා.
" අක්කේ... ඔයා දැන්ද මේ හැමදේම කරේ..." ටෂ්මි රුම් එක පුරාම බලමින් කිව්වා.
" ආ... ඔව්... ඔයාට අඩුපාඩු මොනාහරි තියනවා නම් කියන්නකෝ... දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න කෑම කමු... අයියා දවල්ට කාලත් නෑ.. "
ආරු ටෂ්මි එක්ක දවස් ගතකරේ හරිම සතුටින්. ටෂ්මිත් ගෙදර හිටියට වඩා සතුටින් මෙහාට වෙලා හිටියා.
වෙඩින් එක දවසත් ආවා.
ආරු හොටෙල් එකේ එයාට වෙන් කරලා තිබ්බ රූම් එකට වෙලා ලෑස්ති වෙනගමන් හිටියේ.
ටෂ්මියි සංජුයි මේකප් ආර්ටිස්ට් තව දෙනෙක්ම ආරු එක්ක හිටියා.
ආයුග් දෙතුන් පාරක්ම ආරුව බලන්න එන්න හැදුවත් ටෂ්මියි සංජුයි ඒ හැමපාරම ආයුග්ව එලෙව්වා.
ඒත් ඉතින් සරස් නම් ඇතුළට ආවා. මොකද සරස් තමා දෙවෙනි මනමාලයා. සංජු දෙවෙනි මනමාලි.
සරස් ආරුට මල් පොකුර දුන්නා.
" ආරු වැඩේ ඔක්කොම හරි ඈ... ඔයා දන්නවනේ මොකද කරන්න ඕන කියලා...."
" ආ එහෙමද.. මගේ පැත්තෙන් මම උපරිමේම කරනවා බය වෙන්නෙපා.. ටයිමින් බලාගෙන හැබැයි ඈ..."
" ආ.. ඒ ගැන හිතන්නෙපා... එහෙනම් මම යනවා... අරූ ඇති පුපුර පුපුර.. අම්මටසිරි ඌ මට ෆොටෝ එකක් ගහගෙන එන්න කිව්වනේ..."
" කෝ දෙන්නකෝ අයියේ ෆෝන් එක...." කිව්ව ආරු සරස්ගෙන් ෆෝන් එක ඉල්ලගෙන අතේ ෆොටෝ එකක් ගහලා සරස්ට දුන්නා.
" ඕක පෙන්නන්න..."
" මට ගුටි කන්නම වෙයි වගේ අද හැබැයි..." කියන ගමන් සරස් එළියට ගියා.
" මේ ආරු මොකක්ද බන් උබලා කරන කුමන්ත්‍රණේ... මම දැන් දවස් දෙක තුනක ඉඳලම බලන් උබලා දෙන්න තැන තැන කුටු කුටු ගාණවා.." සංජු.
" ආ.. ඒකද... මේ... මායි සරස් අයියයි ආයුට ප්රෑන්ක් එකක් කරන්න ඉන්නේ.. ඒකයි...."
" ඉතින් මටත් කියපන්කෝ..."
" බෑ...."
ආරු ලෑස්ති වෙලා ඉවර වුනාම මාර ලස්සනක් තිබ්බේ. සිම්පල් මේකල් එකක් දාලා ලස්සන වෙඩින් ඩ්‍රෙස් එකකින් සැරසිලා හිටිය ආරු කුමාරිකාවක් වගේ.

" අඩෙහ්... උබ අද මාර ලස්සනයි බන්... මං බයේ හිටියේ උබ අර කලුම කලු පාට එකක් අදී කියලා... බලපන් කොච්චර ලස්සනද කියලා.. ආයුග් අයියට පැත්තකට වෙන්න කියලා මට උබව බඳින්න හිතෙනවා..." සංජ්නා.
" ඊයා බන්... උබ හිතුවද මං එහෙම කියලා... උබ කෝමටත් පොඩ්ඩක් ඈතින් හිටපන් ඈ...." කියලා ආරු සංජනාට විහිලු කරා.
" ආරු...."
ආරුට ඇහුනු ඒ හුරුපුරුදු කටහඬත් එක්ක ආරු පුදුමෙන් දොර දිහා බැලුවේ ඒ කට හඬේ අයිතිකාරයා ඇත්තටම ඇවිල්ලාද කියලා බලන්න.
__________________________________________
කවුද එන්න ඇත්තේ.... දන්න කෙනෙක් තමා ඉතින්....
ආරු සරස් එක්ක ප්ලෑන් කරන්නේ මොකක් වෙන්න ඇද්ද... කියන්න බලන්න..
reaction දාන්න... comment කරන්න..
ආදරෙයි හැමෝටම 🖤