The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ...❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-27
33th Episode .....❤️🔥
බෙහෙත් දාලා ඉවර වුනාම ආරු දිහා හැරුන ආයුග් ආරුගේ මූණේ තිබ්බ කඳුලු පිහදාලා මූණ අත් දෙක අතරට ගත්තා.
" ආරන්යා මට මේක කියන්න ඔයා මට ආදරෙයිද...."
ආයුග් ආරුගේ ඇස් දිහාම බලාගෙන ඉද්දි ආරුගේ ආයුග්ව මඟ අරින්න ගත්තා.
" ආරන්යා මං දිහා බලන්න.... කියන්න... ඔයා මට ආදරෙයිද කියලා...."
ඒත් ආරුගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නෑ. ආයුග් අතහැරියෙත් නෑ.
" ආරන්යා...."
" මම දන්නෑ.. මම දන්නෑ.... ආයු.... මම දන්නෙ නෑ මම ඔයාට ආදරේ කරනවද කියලා.... "
" ඔයා මට මේ සලකන විදිහ.. මම එනකම් දවස් ගාණක් මඟ බලන් හිටිය විදිහ.. දැන් මේ මගේ තුවාලේ දැකලා අඬපු විදිහ... ඇයි බබා ඔයා පිළිගන්නෙ නැත්තේ ඔයා මට ආදරෙයි කියලා..."
" මොකද... මොකද.... මම කලිනුත් එහෙම කරා... මම කලිනුත් එහෙම කරා... මම හිතුවා මම එයාට ආදරේ කරනවා එඑ වගේම එයත් මට ආදරේ කරනවා කියලා ඒත් අන්තිමට වුනේ මම රැවටුන එක විතරයි... මට ආයෙමත් ආදරේ කරලා දුක් විඳින්න ඕන නෑ.. ප්ලීස් ආයුග් දැනට ඇති මේක නවත්තන්න... මට ආදරේ කියන්නේ වේදනාවක් විතරයි...." ආරුගේ ඇස්වලින් කඳුලු කැට අඅයෙමත් කඩාවැටෙන්න ගත්තා.
ආයුග් ආරුගේ කඳුලු පිසදාලා ඔහුගේ නිරුවත් පපුවට තුරුල් කරගත්තා.
" ඔයා මට ආදරේ කරේ නැතුවට කමක් නෑ බබා... මම ඔයාට ආදරෙයි... මම ඔයා වෙනුවෙන් හැම්දාම ඉන්නවා... කවදාවත් කවදාවත්ම ඔයාව දාලා යන්නෙ නෑ... හැමදාම ඔයා ළඟින් ඉන්නවා... ආරන්යා will you marry me.."
ආයුග් හිතුවෙවත් නැති වෙලාවක අහපු ඒ දෙයින් ආරු පුදුම වෙලා ආයුග් දිහා බැලුවා.
ඒත් එක්කම ආරුව අතහැරලා ඇඳ ළඟ බිම දණ ගැහුව ආයුග් සාක්කුවෙන් රින්ග් බොක්ස් එකක් අරන් ඇරලා ආරුට දික් කරා.

" වාව් ආයු... ඒක ලස්සනයි....ඒ Ruby... එහෙම නේද.... "
ආයුග් හිස වනලා ආරුගේ අතින් අල්ලගෙන ඇඟිල්ලට මුද්ද දැම්මා. ඊටපස්සේ ආරු ළඟින්ම ඉඳගෙන ආරුගේ නළල සිපගෙන තුරුල් කර ගත්තා.
" ආරන්යා මාව දාලා යන්න නම් හිතන්නවත් එපා....." කියලා ආරුගේ කණට කරලා මුමුණපු ආරුව ඇඳට පෙරගෙන ආරුගේ පපුවට තුරුල් වෙලා නිදාගත්තා.
ආයුග් එක්කම නින්දට වැටුන ආරුට ඇහැරුනේ පපුවට දැනුන රස්නේ හින්දා. ඇස් ඇරලා බලනකොට ආරු දැක්කේ ආයුග් කෙඳිරිගාන ගමන් ආරුට තවත් තුරුල් වෙනවා.
ආරු ආයුග්ගෙ නළලට අත තියලා බලද්දි තමා තේරුනේ ආයුග්ට හොඳටම උණ කියලා.
" ආයු... ආයු... නැඟිටින්න... කෝ නැඟිටින්න...." ආරු අමාරුවෙන් ආයුග්ව නැඟිට්ටවලා කොට්ටෙන් තිබ්බා.
ඊටපස්සේ ඉක්මනට ආච්චිව හොයාගෙන ගියේ ඩොක්ටර් කෙනෙක් ළඟට ආයුග්ව එක්කන් යන්න ඕන හින්ද.
" ආච්චි ආයුග්ට හොඳටම උණ.... ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙනවා..."
" ඉන්න දෝණි දොස්තරලා ළඟට යන්න ඕන නෑ මම පටස් ගාලා කසාය ටිකක් හදලා දෙන්නම්කෝ... "
ආරු ආයෙමත් ආයුග් ළඟට යද්දි ආයුග් බෙඩ්ෂීට් එකට ගුලිවෙලා තවත් කෙඳිරි ගානවා. ආරු බාතෲම් එකෙන් වතුරයි රෙදිකෑල්ලකුයි ගෙනැල්ලා ආයුග්ගේ නළලට තිබ්බේ උණ ටිකක් බස්සන්න.
පැය කාලකට විතර පස්සේ ආච්චි කසායක් ගෙනැත් දුන්නා. ආරු නිකමට කටේ ගාලා බලනකොට ඒක කට්ට තිත්තයි.
" එහෙනම් පුතේ අපි දැන් තිත්ත බෙහෙත් බොමු...." කියලා ආරු අයුග්ගේ කටට හැන්ද ළං කරලා එක හැන්දක් බලෙන්ම පෙව්වා. ඒත් ඉතින් ඊටපස්සේ ඒවට නම් ආයුග් නෙවෙයි කට ඇරියේ.
" අනේ ආයු බොන්නකෝ ටිකක්... උණ බහින්නවත්...." ආයුග් කරේ තොල්පටි තද කරගෙන හිටිය එක.
ආරුට වැඩේ හරියන්නෙම නෑ කියලා තේරුනා. ඊටපස්සේ ඉතින් ආරුගේ අන්තිම තුරුම්පුවත් තිබ්බා.
ආරු අමාරුවෙන් උනත් කසාය උගුරක් කටට අරගෙන ආයුග්ට ඒක පෙව්වා. මෙච්චර වෙලා කට තද කරන් හිටපු කෙනා ඒකට නම් කට ඇරියා. ආරු කසාය කෝප්පෙම අමාරුවෙන් හරි පොවලා තමා නතර වුනේ.
කොහොමහරි එදා දවසම ආරුට ආයුග්ව බලගන්න වුනා.
පහුවදා තුන්දෙනාම ආයෙමත් කොළඹ එන්න ලෑස්ති වුනා.
" අම්මී... ආත්තියී තීයායි එක්කන් යන්කෝ..... " නිරූ ආරු ළඟට ඇවිල්ලා දුක හිතෙන මූණකින් කිව්වා.
" නිරූ බබා ගිහාම දැන් ඉතින් ගෙදරත් එක්ක පාලුවට යයි.... අනේ ඇත්තට දුවේ තව දවසක් දෙකක් ඉදලා යන්කෝ...." ආච්චි ආරුගේ අතකින් අල්ලගෙන කිව්වා.
" ආයේ එන්නම් ආච්චි ඇවිල්ලා යන්න... දැන් ඉතින් යන්න ඕනේ... සංජු හැම්දාම කෝල් කර කර අඬනවා තනියම වැඩ ටික කරගන්න බෑ කියලා... අනික ආච්චි මෙයාටත් වැඩනේ.. මම නම් රිසයින් වුනා...."
" ඉතින් දුවේ කොල්ලට යන්න කියලා ඔය දෙන්නා ඉන්නකෝ... ඔයාගේ වැඩ ෆෝන් එකෙන් කරගන්න පුලුවන්නේ..." ආච්චි.
" අනේ ආච්චි මෙයා අර දවස් තුනේ නොකා නොබී මම එනකන් බලන් හිටියා වගෙඑ ඉන්නද... " ආයුග්.
" එහෙනම් දුවේ නිරූව තියලා යන්නකෝ.. අපි හොඳට බලාගන්නම්.. කොහොමත් දැන් ඉතින් අපි දෙන්නා සතියකින් විතර එන්නෙපැයි ඔයාලාගේ වෙඩින් එකට....."
ආරු බැලුවේ ආයුග්ගේ මූණ දිහා. ආයුග් හිසින් සන් කළේ කැමති දෙයක් කරන්න කියලා.
ආරු නිරූව වඩා ගත්තා.
" නිරු බබා අම්මියි තාත්තියි නැතුව ආච්චියි සීයයි එක්ක ඉන්න පපුලුවන්ද...ම්ම්ම්ම්..... සීයා එක්ක කුඹුරු බලන්න යන්න පුලුවන්... ආච්චි එක්ක ඇළේ නාන්න පුලුවන්..."
" කුමී අක්කිලා එක්ක තෙල්ලම් කලන්නත් පුලුවන්ද....."
"ඔව්......"
" එතකොත අම්මී ඉන්නෙ නැද්ද...."
" නෑ බබා අම්මි තාත්තා එක්ක ගෙදර යනවා... බබාටත් පස්සේ ආච්චියි සීයයි එක්ක්අ ගෙදර එන්න පුලුවන්...ආච්චිටයි සීයටයි බබා ගියාම පාලුයිලුනේ...."
" ඒනම් මම ඉන්නම්... අම්මි බබාත හැමදාම කතා කලනවද...."
" ඔව්... අම්මි හැමදාම කෝල් ගන්නම් බබාට... හැබැයි ආච්චිටයි සීයටයි කරදර කරන්නෙ නැතුව හොඳ බබෙක් වගේ ඉන්න ඕන... හරිද..."
" නිරූ බබා හොඳ බබෙක්..."
ආරු නිරූව සිපගෙන ආච්චිගේ අතට දුන්න. ආයුග් නිරූගේ බෑග් එක කාර් එකෙන් අරගෙන සීයට දුන්නා.
කාර් එක නොපෙන දුරට යනකලුත් නිරූ දිහා බලන් හිටිය ආරු ආයුග්ට තුරුල් වුනා.
" බය වෙන්නෙපා බබා... ඒ දෙන්නා නිරූව හොඳට බලාගනී අනික නිරූ මෙහෙ ඉන්න එක්ක එයාගේ සේෆ්ටි එකටත් හොඳයි..."
" හ්ම්ම්... මම දන්නවා... මට නිදිමතයි..." කිව්ව ආරු ආයුග්ගේ පපුවට තුරුල් වෙලා නිදාගත්තා.
දෙන්නා හවස් වෙනකොට ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගත්තා විතරයි ආරුට ඇහුනේ ගෙදර බෙල් එක රින්ග් වෙනකොට. ආයුග් ගිහින් දොර ඇරියම කඩාගෙන බිඳගෙන ආවේ සංජනා.
" අනේ මගේ කෙල්ලේ... දැක්ක කල්.... ලස්සන වෙලාද මන්දා... අඩෙහ් මහත් වෙලත් එක්ක..." කියලා සංජනා ආරුව බදාගත්තා.
" මගේ ගෑනිව අතහැරපන් බන්.... උබ බදාගෙන ඉන්න විදිහට මගේ පොඩි එකා පොඩිවෙයි යකො....." ඒ අස්සේ ආයුග් සංජනාට කෑගහනවා.
" මේ මෙයා ඔයාගේ ගැනි වෙන්න කලින් මගේ ගෑනි හරිද කටවහගෙන පැත්තකට වෙනවා.. මේ සරා... අර පාර්සලේ දෙනවා මෙහේ...." සංජනා සරස්ට කිව්වා.
සරස් පාර්සලයක් දුන්නම සංජනා ඒක අරන් ආරුට දුන්නා..
" අඩෙහ් සුවඳ... මොනාද බන්... නිකන්.... අඩෙහ් වඩ... උබ මගේ හිත කියෙව්වද බන් මට වඩ කන්න ආසාවක් ඇවිල්ලා තිබ්බේ..."
" ඒකනේ කොහොමද වැඩේ... මටත් දීපන් තනියම කන්නෙ නැතුව.... මේ සරා අයින් වෙනවකෝ හලෝ ඔතනින් මේක කාටූන් ටයිම් එක...." කිව්ව සංජනා ටීවී එක දැම්මා.
" උබ කොහොමද බන් මේකී එක්ක ඉන්නේ...." ආයුග් ඔලුවටත් අතක් ගහගෙන කිව්වා.
තවත් දවස් තුන හතරක්ම ගෙවිලා ගියේ ආයුග් වැඩත් එක්ක බිසී වෙද්දි. නිරූත් නැති හින්දා ආරු ගෙදර තනිවුනා. ජොබ් එකෙනුත් අයින් වුන හින්දා ආරු කරේ කම්පැනි එක පැත්තේ ගිහින් කැරකිලා එන එක තමා.
මේ වෙනකොට වෙඩින් එකටත් තව දවස් හතරක් විතර තමා තිබ්බෙ. ආරු ආයුග්ව දවස් දෙකකින් දැකලා තිබ්බෙ නෑ. මොකද ආයුග් උදෙන්ම පිටත් වෙනවා ඒත් එන්නේ රෑ වෙලා. ආරු ඇහැරන් ඉන්න ට්රයි කරත් හැමදාම ආයුග් එද්දි ආරු සෝෆා එකේ නිදි. ඉතින් ආයුග් කරන්නේ ආරුව ඇඳෙන් තියලා ආරු හදලා තිබ්බ කෑමත් කාලා නිදාගන්න එක. පහුවදා ආරු නැඟිටින්නත් කලින්ම ආයුග් ආයේ වැඩට ගිහින්.
ආරු මේක ඉවසන් ඉන්නම බැරි තැන ආයුග්ට කෝල් එකක් ගත්තා.
" මිස්ටර් සිංහවංශ.... මම මිස් සාක්ෂි ආරන්යා කතා කරන්නෙ... මට ටිකක් කතා කරන්න පුලුවන්ද...." ආරු කතා කරන ටෝන් එකෙන්ම ආයුග්ට තේරුනා ආරුට සුපිරියට තරහ ගිහින් ඉන්නේ කියලා.
" බබා... මේ..."
" මිස්ටර් සිංහවංශ මම මගේ හස්බන්ඩ්ව දවස් දෙකකින් දැකලාවත් නෑ.. මගේ හස්බන්ඩ්ට හාෆ් ඩෙ දාලා ගෙදර එන්න කියන්න පුලුවන්ද.. නැත්තන් ඉතින් එයාට දත් නැතුව තමා බත් කන්න වෙන්නෙ කියන්න..." ආයුග්ට බයටම කෙළත් ගිලුනා.
" අහ්... හරි මිස් මම කියන්නම්.... ඔයාගේ හස්බන්ඩ්ට ගෙදර එද්දි ෆ්රයිඩ් චිකනුත් අරන් එන්න කියන්නම්.. හරිනේ...."
" හ්ම්ම්... ආන් ඒ බය තියාගන්න...." කිව්ව ආරු කෝල් එක කට් කරා.
පැය භාගෙකට විතර පස්සේ බැල්කනි එකට වෙලා පොතක් කියවන ගමන් හිටියේ. එතකොටම තමා ඩෝ බෙල් එක රින්ග් වුනේ.
ආරු ගිහින් දොර ඇරලා බලද්දි ඇවිත් හිටියේ ආයුග්.
" මොකද දැන් දොරේ පාස්වර්ඩ් එකත් අමතකද...." කියන ගමන් ආරු දොර ඇරලා ඇතුළට ආවා.
" බබා.. සොරි සොරී... මේක ඔයාට.." කියලා ආයුග් ආරුට මල් පොකුරක් දුන්නා.
" ෆ්රයිඩ් චිකන්නේ ගේනවා කිව්වේ.. " කියන ගමන් ආරු මල් පොකුර ගත්තා.
ඒත් ඒ ඇහුනම ආයුග් ටිකක් කලබල වුනා.
" අහ්... මේ... ෆ්රයිඩ් චිකන් ටික ඕඩර් කරලා තියෙන්නේ තව ටිකකින් එයි.... බබා වතුර ටිකක්..."
ආරු වතුර ගේන්න ගියාට පස්සේ ආයුග් සාක්කුවෙන් පොඩි බෝතලයක් අරන් ඒක බිම දිගේ හැලුවා. පෙනුමේ හැටියට නම් ඒ තිබ්බේ තෙල්..
ආරු වතුර එකක් අරන් ආයුග් ළඟට එද්දිම කෝල් එකක් එනවා ඇහුන හින්දා ආරු ආයුග්ට ඈත ඉඳල වතුර බෝතලේ විසි කරේ අල්ලගන්න කියලා.
ආරු බැල්කනි එකට ගිහින් ෆෝන් එක අරන් ආවේ කාටහරි බනින ගමන්.
" ඇයි බබා..."
" නෑ මේ කම්පැනි කෝල් එපා වෙනවා..... ඔයා මෙච්චර ඉක්මනට එයි කියලා හිතුවේ නෑනේ.. ඉන්නකෝ මම ඉක්මනට කන්න මොනාහරි හදන්නම්...."
" පස්සේ හදමු බබා. පොඩ්ඩක් එන්නකෝ ආශ්රය කරන්න...."
" බෑ මම ඔයා එක්ක තරහයි තාම...." කිව්ව ආරු ගස්සලා ගිහින් සෝෆා එකෙන් ඉඳගත්තා.
" සොරි බබා... වැඩනේ ඉතින්...."
" වැඩම ජීවිතේ කරගෙන හරියන්නේ නෑනේ ආයු...."
" හරි ආරු මම දන්නවා.... ආයේ එහෙම වෙන්නෙ නෑ.. එන්නකෝ ටිකක්..."
" බෑ ඔයාට ඕනනම් එන්න...."
" ආහ්... ආව්...." කියලා එකපාර ආයුග් අතක් අල්ලගෙන කෑගහන්න ගත්තා.
කලබල වුන ආරු ඉක්මනට ආයුග් ළඟට එන්න වුනා.
ඒත් එක්කම ඇහුනේ දොර ඇරිලා වැහෙන සද්දේ. ඒකට නම් ආයුග් කලබල වෙලා කෑගහන එකත් නතර කරා. ආයුග්ගේ කෑගැහිල්ල හින්දා ආරුට දොර ගැන කල්පනාවක් තිබ්බෙ නෑ. ආයුග් කෑගහන එක එකපාර නතර කරහම ආරුට තේරුනා ආයුග් කරෙ බොරුවක් කියලා.
" බොරුකාරයා..."
_______________________________________
Something wrong... right....
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤