The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love ......


Previous Episode ......❤️‍🔥

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-24



32nd Episode ......❤️‍🔥


" ආයුග් ඔයා මට ඔයාව නැතුවම බැරි කරා...." 


නිරූ ආච්චි එක්ක නිදාගන්න ගිය හින්දා කාමරේ තනිවුනු ආරු ආයුග් එක්ක එයාගේ මතක අස්සෙත් තනිවුනා. 


ආයුග්ගේ කොට්ටේ බදාගෙනම ආරුට නින්ද ගියා. 



ආයුග් කාර් එකේ කොළඹ යන ගමන් ඉද්දි එකපාර වැස්සක් වහින්න ගත්තේ පාර පේනවත් අඩුවෙද්දි. ඒත් ආයුග්ට යන්න තිබ්බ හදිසිය හින්දම වැස්ස ගණන් ගන්නෙත් නැතුව ගියා. 


ඒත් එක්කම ඉස්සරින් ආව ටිපර් එකක් ආයුග්ගේ කාර් එකේ හැප්පුනේ කාර් එක කැරකිලා එහා පැත්තේ තිබ්බ හෙළට වැටෙද්දි. ඒත් එක්කම කාර් එකේ තෙල් ටැංකිය ඩැමේජ් වෙලා තිබ්බා කාර් එක පිපිරුවා. ඒකෙන් කාර් එක උඩ ගිහින් බිම වැටුනා. 



" ආයුග්......" ආරු කෑගහගෙන නැඟිට්ටේ ඒ දැක්ක දේ හීනයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්. ආරුගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තිබ්බා. ඒ මදිවට එළියේ එයා හීනෙන් දැක්ක වගේම හයියෙන් වහිනවා. 


ආරු ඇඳ පුරාම අත ගගා හෙව්වේ ෆෝන් එක. කෙල්ලව ගැහෙනවා එකසිය ගාණට. 


ෆෝන් එක හොයාගත්තත් ෆෝන් එකේ ලොක් එක ඇරගන්නවත් ආරුට සිහියක්නෑ. ඒ තරන් බය වෙලා හිටියේ. විනාඩි ගාණකට පස්සේ ආරුට පුලුවන් වුනා ආයුග්ට කෝල් එකක් ගන්න. 


ඒත් අවාසනාවකට ආයුග් කෝල් එක ආන්ස්වර් කරේ නෑ. ආරු හොඳටම අඬනවා. 


" අනේ ආයුග් ප්ලීස් ආන්ස්වර් කරන්න...." 


තව කෝල් එකක් ගත්තත් ඒක ආන්ස්වර් කරෙත් නෑ. 


ඒ කෝල් එකත් කට් වෙලා යද්දිම ආයුග්ගෙන් වීඩීයෝ කෝල් එකක් ආවා.


" බේබි... මොකෝ මාව දාලා පැය තුන හත..... ඒයි ආරන්‍යා මොකද ඔය... ඇයි අඬන්නේ... බබා... කතා කරන්නකෝ... මොකද අඬන්නේ... ඔයාට කරදරයක්වත් වුනාද කොහෙහරි වැටුනද...."


ආයුග් දිගට හරහට ප්‍රශ්න ඇහුවේ ආරු හොඳටම අඬනවා පේන හින්දා. 


" ආයු.... ඔයා... ඔයා... හොඳින් නේද... "


" බබා... මම හොඳින් ඉන්නවා මේ... මම හෙඩ් ඔෆිස් එකටත් ඇවිල්ලා ඉන්නේ... ඇයි අඬන්නේ මාව බය ක්අරන්නැතුව කියනවා ඕයි..."


" ඕයි කියන්නෙපා හරිද.... මම නරක හීනයක් දැක්කා... ඔයා... ඔයා... යන කාර් එක.... හැප්පෙනවා... දැක්කා...." කියලා ආරු ආයෙමත් අඬන්න ගත්තා. 


" Baby... I am fine... look... now sleep...."


" Nope... I don't wanna sleep... please ayu come back....." 


" Baby.... මම ඉක්මනට වැඩ ටික ඉවර කරලා එන්නම්... okay... දැන් නිදාගන්න හොඳ ළමයා වගේ.... මම කෝල් එකේම ඉන්නම්.. කෝ නිදාගන්න... " 


ආරු ආයුග් දිහාම බලාගෙන හිටියා.


පහුවදා උදේ ආරු නැඟිටිනකොටත් තාම ආයුග් කෝල් එකේ...


" නැඟිට්ටද බබා...." ආයුග් ඔෆිස් එකේ ෆයිල් වගයක් පැත්තකින් තියන ගමන් ඇහුවා.


" ඔයා කෝල් එකේම හිටියද...."


" හ්ම්ම්... ඔයා ආයේ බය වෙලා නැඟිට්ටොත් කියලා හිටියේ..."


" නිදාගත්තේ නැද්ද...."


" නෑ බබා.... වැඩ... අද නිදියන්න වෙන්නෙ නෑ... මේක ඉවරයක් කරලම දාන්නම ඕනේ...."


" ඒත් ආයුග් ඔහොම මහන්සි වෙලා මොනාහරි වෙයි... ටිකක් නිදාගන්න... "


" ඕකේ මැඩම්.... මම නිදාගන්නම්.. බය වෙන්නෙපා... ඔයමැඩමුත් හොඳට කාලා බීලා ඉන්න ඕනේ... හරී... " 


" හ්ම්ම්... හ්ම්ම්... කවද්ද එන්නෙ...."


" තවස් තුන හතරක් යයි බබා.... මොකෝ මම නැතුව පාලු ද...."


" පිස්සුද... මම යනවා... බායි....." කියලා ආරු කෝල් එක කට් කරා.



දවස් දෙක තුනක්ම ගියේ ආයුග් එනකන් ආරු මඟ බලන් ඉද්දි.. 


ආයුග් කෝල් ගත්තත් ඒකත් දවසටම එකයි නැත්තන් දෙකයි.... ඒකත් විනාඩි දහයයි...


මේ දවස්වල වලව්වට එන කෙනෙක්ට දකින්න ලැබෙන සුලබ දසුනක් තමා ආරු ඉස්තෝප්පුවට වෙලා පාර බලන් ඉන්න එක. 


ආරුටම මේ වෙනකොට තේරිලා තිබ්බේ එයාට දැන් ආයුග්ව නැතිවම බැරිවෙලා කියලා. 


ආයුග් හිටියෙත් කියාගන්න බැරි තරන් ව්ඇඩ කන්දක හිර වෙලා. මොකද ආයුග් කියන්නේ පොලිස් ලොක්කෙක්නේ. ඒ මදිවට තාම කවීන්ව හොයාගන්නත් නෑ.ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ ආයුග් කවීන්ගේ ඩීල්ස් යන මේන් පොට් ටිකට ඇටෑක් කරලා තිබ්බ හින්දා ලංකාවේ මත්ද්‍රව්‍ය එහා මෙහා යන එක සෑහෙන්න අඩුවෙලා තිබ්බා. ඒත් මත්ද්‍රව්‍ය නැතුව පිස්සු වැටුන කොල්ලො කෙල්ලෝ කරන අපරාධ ඊට වඩා වැඩිවෙලා තිබ්බා. 


ආයුග් කරේ ලංකාව පුරාම කවීන්ගේ ඩ්‍රග්වලට ඇඩික්ට් වෙච්ච අයව හොයපු එකයි කවීන්ව හොයපු එකයි. මොකද ආයුග් හොඳටම දැනන් හිටිය දෙයක් තමා කවීන් වැඩිකල් නොයා ආරුව මරන්න එනවා කියන එක. ආයුග්ට දැන් ආරු කියන්නේ එයාගේ පණටත් වඩා වටින කෙනෙක් ඒ හින්දම තමා ආයුග් රෑ දවල් නැතුව වැඩ කරේ. ඒ අතරේ ආරුගේ කටහඬ ඇහෙනකොට ආරු ළඟට දුවන්න හිතෙන හින්දා තමා කතා කරන එකත් අඩු කරේ.


මේ වෙනකොට හැබැයි තවත් අයට ආරු නැති පාලුව දැනිලා තිබ්බා. එකෙනෙක් තමා දිව්‍යා කියන්නේ. 


දිව්‍යා අර වෙලේ අරහෙම ආරුට කිව්වේ ආරුගේ හොඳට වුනත් ටික කාලයක් යනකොට දිව්‍යට මතක් වුනේ එයාගෙම අතීතේ. සෙතූ බඩට ආවා කියලා දැනගත්තම සුදේශ්ට ඕන වුනේ සෙතූව නැතිකරලා දාන්න. සුදේශ් තමන්ගෙම ලේ මරලා දාන්න තරන් දරුණු වුනා. ඒ විතරක් නෙවෙයි දිව්‍යාගේ නැන්දම්මා ඒ කියන්නේ සුදේශ්ගේ අම්මටත් ඕන වුනේ ඒ දේමයි. දිව්‍යා ඒ දවස්වල ගත කරේ සෑහෙන දුක්බර ජීවිතයක්. 


දිව්‍යාට තමන් ගැනම කලකිරුනත් කරන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි දිව්‍යා දන්නවා ආරු එයාව කවදාවත් අතහරින්නෙ නෑ කියලා. මොකද ආරු මාසෙකට සැරයක් දිව්‍යාට වියදමට දෙන සල්ලි මේ මාසෙත් ඒ විදිහටම දාලා තිබ්බා. දිව්‍යා ආරුගේ ෆොටෝ එකක් තියාගෙන ඇඩුවේ තමන් ගැනම කලකිරීමෙන්. දිව්‍යාට තිබ්බ එකම සැනසීම ඇනී අම්මගෙන් ආරු ගැන ලැබෙන තොරතුරු. ආරු ආයුග් එක්ක සතුටින් ඉදී කියලා දිව්‍යා හිත හදාගත්තා.



ආරු නැති තනිකම දැනුන අනික් කෙනා තමා ආයුශ්.


ආරු මොන වැඩ තිබ්බත් ආයුශ්ට කතා කරලා කෑවද බ්ඉව්වද කියලා අහන්න පුරුදු වෙලා හිටියා. ආයුශ් දැනටත් සමහර වෙලාවට කෝල් එක එන වෙලාව ළංවෙද්දි ෆෝන් එක දිහා බලන්නේ ආරුගෙන් වැරදිලාවත් කෝල් එකක් එයිද කියලා. එදා ආරු ආයුග් එක හිටිය හැටි දැකලා ආයුශ්ගේ හිතේ ඊර්ෂ්‍යාවත් උඩු දුවලා තිබ්බේ. කොටින්ම කිව්වොත් ආයුග්ට මොනාහරි කරලා හරි ආරුව ගන්න ආයුශ්ට ඕන වුනා. අනික් දේ තමා ආයුශ්ට මන්දනාව අතහරින්න වුවමනාවක් තිබ්බෙත් නෑ. ඇත්තම කතාව තමා ආරුත් එක්ක ආයුශ් යාළු වුනේ ආරු මන්දනා වගේ හින්දා. 



මේ කිසිදෙයක් නොදන්න ආරු ආයුග් නැතුව හතරවෙනි දවසත් ආරම්භ කරලා තිබ්බේ. ආච්චිට සීයට වුනත් ඒ දවස් ටිකට ආරුගේ පැහැදිලි වෙනසක් පෙනුනා. මොකද ආරු ආසාවෙන් ආච්චි උයන ගමේ කෑම වෙනදට කනවා ඒත් මේ දවස් ටිකේම කරේ බත් එක අතගාපු එක විතරයි.



ආරු එදා එයා ආයුග් එක්ක ඇළට බැස්ස තැනට වෙලා ඉඳගෙන වතුර දිහා බලාගෙන හිටියා. 


ආරුට වාහනයක් එන සද්දෙවත් එයා දිහාට කවුරුත් එන ස්අද්දෙවත් ඇහුනේ නෑ. 


" මොකෝ කියන්නේ අදත් ඇළට බහිමුද...." 


පිටිපස්සෙන් ඇහුනු ඒ හුරුපුරුදු කටහඬට ආරු හැරිලා බැලුවේ විදුලි වේගෙන්. 


ආරුගේ පිටිපස්සට වෙලා අත වැනුවේ ආයුග්. 


ආරුගේ දුවගෙන ගිහින් ආයුග්ගේ ඇඟේ එල්ලුනා. ආයුග්ගේ ඉණ වටේට කකුල් දෙක දාලා ආයුග්ගේ ඇඟේ එල්ලිලා ආයුග්ගේ පපුවට තුරුල් වුනා. 


" බේබි අනික් දවසේ මම ඔයා ළඟට දුවන් එන්නම්.. ඔයා දුවන් එද්දි මගේ ඇඟත් එක්ක හිරිවැටුනා.. වැටුනා නම් එහෙම...." කියලා ආයුග් ආරුව තදින් වැළඳගත්තා.


" මම එහෙම වැටෙන්නේ නෑ හරිද මම ස්ට්‍රෝන්ග්...."


" ස්ට්‍රෝන්ග් නේද... එන්න බලන්න ඒක කොහෙද තියෙන්නෙ කියලා බලන්න.. " කිව්ව ආයුග් ආරුගේ තොල් සිපගත්තා.


" මෙහෙමබෑ බන් යමු කාමරේට...." කිව්ව ආයුග් ආරුව වඩාගෙනම කාමරේට ගියා. 


ඒ යද්දි ඇඳ දැකලා ආයුග්ට හිනාත් ගියා. ඇයි ආරු ආයුග්ගේ ෂර්ට් තමා මෙච්චර දවසක් බෙඩ්ෂීට් විදිහට පාවිච්චි කරලා තියෙන්නෙ.


" මොකද බබා මේ..." ආයුග් අහද්දී ආරු ලැජ්ජාවෙන් ආයුග්ගේ පපුවට තුරුල් වුනා.


ආයුග්ගේ ඇඳේ තිබ්බ ෂර්ට් ටික එහාට මෙහාට කරලා ආරු ළඟින්ම ඉඳගත්තා.


" බබා ආච්චි කිව්වා පහුගිය ටිකෙ වැඩියේ කෑවේ නෑ කියලා මොකද ඒ.."


" කන්න බෑ අප්පා..."


" කන්න බෑ ද නැත්තන් මං නැතුව පාලුවෙන්ද හිටියේ...." කියලා ආයුග් ආරුගේ මූණටම ළංවෙලා ඇහුවා. 


ඒත් ආරු කරේ ආයුග්ව එකපාර සිපගත්ත එක. ආයුග්ටත් එයාගේ පාලනය නැතුව ගියේ ආරුව දිගින් දිගටම සිපගද්දි. ඒත් ආයුග් එයාගේ සීමාව මතක තියාගෙන හිටියේ දරුවා ගැනත්හිතලා. අන්තිමට ආයුග් ආරුගේ කුසෙන් හිස තියාගෙන හිටියේ ආරුගේ ඇඟිලි තුඩු ආයුග්ගේ හිසකෙස් අතරින් දුවද්දි. දැනුනු සනීපෙටම දවස් ගාණකින් හරිහමන් නින්දක් නොලැබුනු ආයුග්ට හොඳට නින්ද ගියා. 


ටිකකින් ආයුග් නැගිටිනකොට දැක්කේ ආරු තවමත් ආයුග්ගේ හිසකෙස් අතගාමින් කල්පනා කරනවා. 


" මොනාද බබා ඔච්චර කල්... ආහ්...." ආරුගේ කුසෙන් හිස ගන්න ගමන් නැඟිට්ට ආයුග් එකපාර උරහිස අල්ලගත්තේ ලොකු වේදනාවක් දැනුන හින්දා. ආයුග් උරහිස අතගාලා අතගන්න කොට තමා දැක්කේ අතේ ගෑවිලා තිබ්බ ලේ. ඉක්මනට ආරුට පේන්නේ නැති වෙන්න හංඟන්න හැදුවත් ආරු ඒ වෙනකොටත් ඒක දැකලා ඉවරයි.


" ආයු.... මොකද වුනේ.... මොකද මේ ලේ....." ආරු කලබලෙන් ආයුග්ගේ උරහිස බලන්න ඔට්ටුවුනා.


" හෝව් හෝව්... ඒක පොඩි තුවාලයක් බේබි... "


" පොඩි.... එහෙනම් ඔච්චර ලේ...."


" නෑ නෑ බබා...."


" ආයුග් මට පෙන්නන්න...."


" බබා.....".


" ආයුග්...." ආරුව ආයුග්ව ඇදලා අරන් ෂර්ට් එකේ බටන් ගලවලඅ ෂර්ට් එක ගැලෙව්වා. 


ඊළඟට උරහිසේ තිබ්බ තුවාලේ දැක්කම ආරුගේ ඇස්වලට කඳුලුත් ඉනුවා. බැන්ඩේජ් එකක් දාලා තිබ්බත් ඒකෙන් පිටට සෑහෙන්න ලේ ඇවිල්ලා. ආරු හිමින් සැරේ බැන්ඩේජ් එක ගැලෙව්වා. 


මැහුම් අටක් විතර දාලා තිබ්බ දිග කැපුම් පාර දකින කොට ආරුට ඇඬුනා. 


" ආයුග් මේක පොඩි තුවාලයක්ද දෙයියනේ..." කිව්ව ආරු අඬන ගමන්ම ඇඳෙන් නැඟිට්ටා. ඒත් සෑහෙන වෙලාවක් ඇඳේ ඉදන් හිටිය හින්දා ආරුගේ කකුල් දෙක පණ නැතුව වැටෙන්න ගියේ.


" බබා... " ආයුග් ඉක්මනට ආරුව අල්ල්අගත්තා.


" I'm fine...." කිව්ව ආරු ගියේ first aid box එක අරන් එන්න.


ඊටපස්සේ ආරුම ආයුග්ට බෙහෙත් දැම්මේ අඬ අඬාමයි.


බෙහෙත් දාලා ඉවර වුනාම ආරු දිහා හැරුන ආයුග් ආරුගේ මූණේ තිබ්බ කඳුලු පිහදාලා මූණ අත් දෙක අතරට ගත්තා.


" ආරන්‍යා මට මේක කියන්න ඔයා මට ආදරෙයිද...."


___________________________________________


කෙනෙක්ව මෙච්චර ඉක්මනට අමතක කරලා තව කෙනෙක් ආදරේ කරන්න පුලුවන් වෙයිද... ආරු ඇත්තටම ආයුග්ට ආදරේද... ඔයාලා මොකද හිතන්නේ...

ඊළඟ එපියට එද්දි වෙඩින් එකකට සුදුසු ඇඳුමක් ඇඳගෙන එන්න එහෙනම් ඈ😁

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page