The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode .......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-21
31st Episode .....❤️🔥
මේ අතරේ තමා ගෙදරට කාර් එකක් ආවේ. ඒකෙන් බැහැපු කෙනෙක්ට ඇහුනේ ඇළ පැත්තෙන් එන ආරුගෙයි ආයුග්ගෙයි සද්දේ. දෙන්නා කෑගගහානේ සෙල්ලම් කරේ.
ඒ කෙනා ඇළ දිහාට ඇවිල්ලා බැලුවම දැක්ක දෙයින් ඇස් දෙක ඊර්ෂ්‍යාවෙන් පිරිලා ගියා.
ඒ ආවේ ආයුශ් ගෙදර අයත් එක්ක.
ආරු ආයුග් එක්ක වතුර ගහගන්න ගමන් ඉද්දි දැක්කේ ඈතින් කවුරුහරි බලන් ඉන්නවා. ආරුට පෙනුනා ඒ ඉන්නේ ආයුශ් කියලා. ආයුග් හිටියේ ආයුග්ට පිටුපාලා හින්දා ආයුග් මේ මුකුත් දැක්කෙ නෑ.
ආරු හෙමින් හෙමින් ආයුග් ඇඟට ආවේ ආයුශ්ට පේන්න. ආයුග්ට ළං වෙලා ආයුග්ගේ තොල්වලට ළංවුනා.
මේ වෙනකොට ආරු හොඳටම තෙමිලා හිටිය හින්ද නිසා ඇඳන් හිටිය ඇඳුමෙන් විනිවිද පෙන්න අරන් තිබ්බේ. ඒ නිසාම ආයුග්ට ආරු ළං වෙද්දි ආයුග්ටත් ඉවසන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ආයුග්ම ආරුව ඇදලා අරන් තොල්වලට බර වුනා.
විනාඩි දෙකක් විතර ඉඳලා ආරු ආයුග්ගෙන් අයින් වෙලා ගොඩට ආවේ ආයුශ්ට පේන්නමයි.
ඒ වෙලාවේ තමා ආයුග් පිටිපස්ස හැරුනේ.
ආයුග්ට ආයුශ් දැක්කම තේරුනා ආරු මෙච්චර වෙලා කරේ රඟපෑමක් කියලා.
ආයුග් ඒ එක්කම ගොඩට ඇවිල්ලා ආරුව කරට ගත්තේ ආරු බිමින් තියන්න කියලා පිටට ගහද්දි. ඒත් ආයුග් ගණන් ගත්තෙ නෑ. ඇත්තටම කිව්වොත් අඅයුග්ට හීනියට තරහක් ඇවිල්ලා තිබ්බේ. ආයුශ්ට මේ දෙන්නා දිහා බලන් ඉද්දි ආවේ කියාගන්න බැරිගන්න බැරි තරන් ඊර්ෂ්‍යාවක්.
ආයුග් ආරුව එක්කන් ගියේ කෙලින්ම කාමරේට. ආයුශ් එක්ක ආව අය සාලේ හිටපු හින්දා මේ දෙන්නව දැක්කේ නෑ.
ආරුව ඇඳට දැම්ම ආයුග් ආයෙමත් ආරුගේ තොල්වලට බර වුනා.
ආරු අඅයුග්ව අයින් කරන්න හැදුවත් ආයුග් නෙවෙයි අයින් වුනේ. ආයුග් ආරුගේ කණට කරලා,
" බේබි... ඔයා මොන සෙල්ලම කරත් මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා... ඒකෙන් ඔයාටමයි අමාරු වෙන්නේ.." කියලා මිමිණුවා.
ආරුටත් තේරුනා එයා සෙල්ලම් කරේ ගින්දරත් එක්ක කියලා. ආයුග් ආරුගේ තෙත ඇඳුම් එකින් එක ගලවලා දාන ගමන් ආරුගේ මුළු ඇඟම සිප ගත්තා. අන්තිමට ආයුට් ආරු ඇඳන් හිටිය ෂෝර්ට් එකත් ගලවන්න යද්දි ආරු ආයුග්ව නතර කරා.
" ආයුග්.... අපේ දරුවා...."
දැනටමත් සුළු දේකින් වුනත් ආරුට miscarriage එකක් වෙන්න පුලුවන් කියලා ඩොක්ටර් ආයුග්ට කියලා තිබ්බේ.
ඒ නිසා ආයුග් ආරුගේ නළලට කිස් එකක් දීලා කරන්න ගිය දේ නතර කරා.
ඊටපස්සේ ආරුව එක්කන් ගිහින් නෑව්වේ හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් ආයුග්ට ආච්චිගෙන් ගුටි කන්න වෙන හින්දා. ආරුව නාවලා ටවල් එක අන්ඳලා කොණ්ඩෙත් වේලලා ආයුග් ආරුව ඇඳෙන් තිබ්බා.
" ආයුග් ඔයා මට සලකන්නේ හරියට චූටි බබෙක්ට වගේනේ... අම්මා කෙනෙක් ළමයාව නාවලා පිහලා කරලා ඇඳෙන් ගෙනත් තියනවා වගේ...."
" අම්මා තව දෙයක් කරනවා...."
" මොකක්ද..."
" බබාට ඇඳුම් අන්දලා පවුඩර් ගාලා කිස් එකක් දෙනවා මොකද කියන්නේ.. ඒ ටිකත් කරන්නද...."
" අනේ මේ හඩ්ඩා... ගිහින් නාගෙන එන්න... එනවා මෙතන ඇඳුම් අන්ඳන්නත් තව.... " කියල ආරු ඇඳුමක් දාගන්න න්ඇඟිටිද්දි ආයුග් ආයෙමත් බාතෲම් එකට ගියා.
ආරු ඇඳුමක් දාගෙන එහෙම ගියේ කුස්සිය පැත්තට.
ආරු යනකොට සරලාත් කුස්සියේ.
" දෝණි... මොනාද කන්නේ බඩගිනිද..." ආච්චි ආරු ළඟට එනගමන් ඇහුවා.
" නිකන් ඉන්න කුමාරිහාමිලාට කන්න බොන්න දෙන්න අම්මටත් පිස්සුනේ..." සරලා ආරුගේ මූණ දිහා බලාගෙන කිව්වා.
" අනේ මේ... දෝණි බත් කන්න නම් තව වෙලා යයි... කොණ්ඩේ තෙතයිනේද... මහත්තයා කිව්වා දෙන්නා ඇළට බැහැලා කියලා..."
" ආයුග් කොණ්ඩේ වේලුවා ආච්චි... චුට්ටයි තෙත.... බඩගිනි නෑ... මේ මම... පේරකෑවා...."
" අනේ අනේ... කෝ අර කොල්ලා ඕකා තමයි පේර කඩලා දෙන්න ඇත්තේ....."
" මේ අම්මේ ඔයාට පිස්සුද අප්පා මේකිව හුරතල් කරන්නේ.. මේ ගෑනි දැන් මගේ අනික් කොල්ලාගේ ඇගෙත් එල්ලිලාද..." සරලා.
ආරුට ඒ කතාවට තරහ ගියේ සරලා කියන්නේම ආරු එයාලාගේ පුතාලාගේ ඇඟේ එල්ලුනාකියන එක හින්දා. ආරු මේ පාර නම් සරලාට අත උස්සන්න දෙපාරක් හිතුවේ නෑ. කලින් ආරු සරලාව ඉවසන් හිටියේ ආයුශ් හින්දා ඒත් පහුගිය දවස්වල ආච්චි සරලා ගැන කිව්ව දේවල් එක්ක සරලා එක්ක සුපිරි තරහක් ආරුට තිබ්බා.
ආරුගේ අත සරලා කම්මුලේ වැදුනේ ඒ කනේ පාරේ සැර පිටටත් ඇහෙද්දි.
" ආරන්‍යා..." එකපාර පිටිපස්සෙන් ඇහුන ඒ කටහඬට ආරුව ගැස්සිලා ගියේ සරලාගේ මූණේ ආරු වෙනුවෙන් සමච්චල් හිනාවක් මැවෙද්දි.
" ආයුග්...." ආරු බය වෙලා ආයුග් දිහා බැලුවා. ආරුට හිතාගන්න බ්ඇරි වුනා ඒත් ඇයි එයා ආයුග්ට බය වුනේ කියලා.
ආයුග් ආරු ළඟට ආවේ තරහෙන්. ආච්චිත් ඉක්මනට ආරු ළඟට ආවේ ආයුග් ආරුට මොනාහරි කරයි කියලා හිතලා.
" බලන්න පුතේ මේ ගෑනි මට ගැහුවා... මේකිව පන්නලා දාන්න මගේ පුතේ...." සරලා.
" බබා මේ වගේ කමකට නැති ගෑනුන්ට ගහලා ඔයාගේ අත රිද්දගන්න එපා... බලන්න අත... ආයේ ඔය වගේ වැඩක් තියනවා නම් අපේ කොල්ලෙක් දම්මලා කරන්න.. දන්නවනේ උන්ගේ වැඩ... බොරුවට ඔයාට රිද්දගන්න එපා...." ආයුග් කිව්වේ ආරුගේ අත අල්ලගෙන අත අතගාන ගමන්.
ආච්චි සැනසිලි සිනාවක් එක්ක ආපහු කරකර හිටිය වැඩේම කරන්න ගත්තා.
" පුතේ මේකි මට ගැහුවා.. ඔයාගේ අම්මට ගැහුවා...." සරලා.
" මිසිස් සරලා.... මෙක හොඳට අහගන්න... මට ඉන්නේ මගේ ආච්චියි සීයයි.. මගේ වයිෆ් ආරන්යායි මගේ දුව නිරූයි විතරයි...මට අම්මෙක් අප්පෙක් නෑ... අනික ඔයා දැන් කිව්වා මගේ වයිෆ් ඔයාගේ කොල්ලො පස්සෙන් යනවා කියලා... ගිහින් තමුන්ගේ පුතාගෙන් හොඳට අහගන්න කවුද ආරන්‍යාගේ පස්සෙන් ආවේ කියලා... තමුන් හිතුවද ආරන්‍යා තමුන්ගේ පුතා පස්සෙන් එන්න තරන් තමුන්ගේ පුතා වටිනවා කියලා ඒ හින්දා කට වහගෙන පැත්තකට වෙන්න... තමුන් ආයේ මගේ වයිෆ්ට මොනාහරි කිව්වොත් මම තමුන්ට මට ඇයි වන්ෂොට් කියන්නෙ කියලා මතක් කරලා දෙනවා... තේරුනානේ...." ආයුග් සරලාට ඇඟිල්ලක් දික් කරලා කියද්දි සරලාගේ ඇස්වලට කඳුලු ඉනුවා. සරලා කුස්සියෙන් එළියට දිව්වේ කුස්සියට එනගමන් හිටිය නිරූ පුදුමෙන් බලන් ඉද්දි.
" ඒක නම් චුට්ටක් සැර වැඩීද මන්දා කොල්ලො...." ආච්චි හිනාවෙමින් කිව්වා.
හැබැයි ආයුග් මේ වෙලාවේ ආරුගේ පැත්තට කතා කරපු එක ආරුගේ හිතට නම් හුඟක් වැදුනා.
" අම්මී....." නිරූ ආරු ළඟට දුවගෙන ආවේ තේක්ක කොළේකින් හදපු කොළ ගොට්ටක් අතේ තියාගෙන. ආයුග් නිරූව වඩාගත්තා.
" මොනාද නිරූ මේකේ තියෙන්නේ..." ආයුග් නිරූගේ අතේ තියන ගොට්ට ගන්න හදමින් ඇහුවා. ඒත් නිරූ නෙවෙයි ඒක ගන්න දුන්නේ.
" අම්මේ පුතාලාට කියන්නෙ දසුන් පුතාගේ දුව දෝණිට කන්න කියලා නෙල්ලි කඩලා දුන්නා... දෝණි ගෙඩි දෙකක්ද තුනක්ද අතේ හිරකරගෙන ඒ ගෙදර ළමයි එක්කත් සෙල්ලම් කරලා අතේ තියන එක කාටවත් දුන්නෙත් නෑලු කෑවෙත් නෑලු.. ඇයි කන්නෙ නැත්තෙ කියලා අහද්දි අම්මට තියාගත්තෙ කිව්වලු... ඊටපස්සේ දසුන් පුතා තේක්ක ගොට්ටකට තව ගෙඩි ටිකක් කඩලා දීලා.. කෙල්ල එතනින් පස්සේ ආයේ සෙල්ලම් කරෙත් නෑ දුවට දෙන්න කියලා ඒක අතෙව් තියාගෙනම හිටියා..."
" මගේ නිරූ බබා හොඳයිනේ...." කියලා ආරු නිරූව සිප ගත්තා.
" අම්මී... මේක අම්මිත...." කියලා ගොට්ට ආරුට දුන්නා.
" කෝ බබා නැන්දිට දෙන්නෙ නැද්ද...." කියලා ආවේ ආයුශ්ගේ නංගි ටෂ්මි.
" ඒක අම්මිත...."
" ඒමද... නැන්දිට දෙන්නෙ නැද්ද... කමක් නෑ... මේ අයියේ... ඔයා නම් සුපිරි ඈ.. ආන් අරයා අරහේ අඬනවා..." ටෂ්මි ආයුග්ට කිව්වා.
ආරු පුදුමෙන් බලන් හිටියේ ටෂ්ටි එහෙම කියනකොට.
" මොන දේකට වුනත් ඉවසීමේ සීමවක් තියනවනේ චූටි... එයා ඕනවට වඩා වැඩියි.. ඒක නෙවෙයි මොකද මෙහෙ මතක් වුනේ කට්ටියට එකපාර..." ආයුග්.
" ආ.... අරයගේ වෙඩින් එක ආච්චිටයි සීයටයි කියන්න... අර අංඟනා මන්දනානේ බඳින්න යන්නේ... මේ හලෝ මං කොළඹ කැම්පස් එකට තේරුනොත් මාව හැමදාම ඔයා ළඟම තියාගන්නවකෝ... මම මගේ නෑනා පොඩ්ඩ එක්ක සතුටින් සාමදානෙන් ඉන්නම්... එපා වෙනවා හලෝ අරයට බනිනවා මෙයාට බනිනවා මගේ කන් දෙකත් පිරිලා.... අර ඩබලටත් එයාටම ගැළපෙනවා..."
ටෂ්මි මේ කියන දේවල් ආරුට නම් අලුත්.
" හරි හරි තමුසෙව මං ගන්නම්කෝ... අනේ මන්දා බන්.. මේ සරලාට නම් තනිකර පිස්සු... "ආයුග්.
" මේ මේ මට මෙතන මොකක්ද වෙන්නෙ කියන්න පුලුවන්ද... නංගි එතකොට මෙයා එක්ක තරහ නැද්ද...." ආරු.
" අයියෝ නෑනෝ මේ ඉන්නේ මගේ ෆේවරිට්ම අයියා... මම මෙයාට අපේ අම්මටයි තාතතටයිත් වඩා ආදරෙයි... නැද්ද බ්‍රදර්... "
" ආරන්‍යා මෙයා විතරයි ඒ ගෙදර මාත් එක්ක හොඳින් ඉන්නේ.. තාත්තා එහෙම තරහක් නැතත් කතා කරන්නේ නෑ.. "
" ආහ්... එහෙමද... නංගිජ් ඔයා එනවා නම් එන්න අනේ අපේ ගෙදර ඉස්සරහට තව එක්කෙනෙක් බලාගන්නත් තියනවනේ..."
" තව එක්කෙනෙක්..." ටෂ්මි පුදුමෙන් ආරු දිහා බලමින් ඇහුවා.
ආරුට බඩට අත තියලා පෙන්නද්දි ටෂ්මි එකපාර ආරුව බදාගත්තා.
" අනේ ෂෝයි අප්පා... මම අනිවාර්යයෙන්ම එනවා... නැනීලා ගන්න එපා මම නිරූ බබාවයි මේ බබාවයි දෙන්නවම බලාගන්නවා... " ටෂ්මි සතුටින් කිව්වා.
" ආ හරි හරි දැන් ඇති කට්ටිය කියෙව්වා බත් ටිකක් කමුනේ.. දැන් එකටත් කිට්ටුයිනේ.. " ආච්චි.
කට්ටියම සද්ද බද්ද නැතුව දවල්ට කෑවා. කිසිම කෙනෙක්ගේ සද්දයක් තිබ්බෙ නෑ. ආයුශ්ගේ ඇස් තිබ්බේ ආරු දිහාටමයි. ආරු ඒ බව දෙතුන් වතාවක්ම දැක්කත් ගණන් ගත්තෙ නෑ. හැබැයි ආයුග් නම් හිටියේ ආයුශ්ගේ ඇස් ගලවලා දාන්න තරන් තරහකින්.ඒ හින්දම කාලා ඉවර වුනාට පස්සෙ ආයුග් ආයුශ්ව හොයාගෙන ආවේ ඉස්තෝප්පුව පැත්තට.
" උබ මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා හිටපන් ඈ... උබ දන්නවනේ මම කවුද කියලා...." ආයුග් ආයුශ් ළඟට ගිහින් කිව්වා.
" උබේ කෙල්ල... උබ හිතන් ඉන්නේ ඒකි උබට ආදරෙයි කියලද ආයුග්.. ඒකි ආදරේ මට... මට විතරයි..." ආයුශ්.
ඒකට සමච්චලෙන් හිනාවුන ආයුග්,
" උබ උබවම රවට්ටගෙන ඉන්නේ.. ආරන්‍යා උබට දැන් චුට්ටක්වත්... අබමල් රේණුවක් තරන්වත් උබට කැමති නෑ යකෝ..."
" පිස්සුද බල්ලො... මගේ ආරු ආදරේ මට විතරයි... උබ උබේ උබේ ගෑවට... උබ දන්නවද ඒකී මාත් එක්ක කීපාරක් එකට හිටියද කියලා..." ආයුශ්.
" මොකක්ද ඒ කතාවේ තේරුම මිස්ටර් ආයුශ්... මම තමුසේ එක්ක කවද්ද හිටියේ.. " ආරු ආයුග්ගේ පස්සෙන්ම ආව හින්දා මේ හැමදෙයක්ම දැක්කා.
" ආරු... ඔයා මට ආදරෙයි නේද... ඔයා මට පේන්න නේද මූත් එක්ක ඉන්නේ...." ආයුශ් ආරු ළඟට එනගමන් ඇහුවා. ඒත් ආයුග් ආරුව කවර් වෙන්න හිටගත්තා.
" ආයුග් මට ටිකක් ඉඩක් දෙන්න... මෙයාට මං සිංහලෙන්ම කියලා දෙන්නම්.. " කියලා ආරු ආයෙමත් අඅයුශ්ගේ ඉස්සරහට ආවා.
" මිස්ටර් ආයුශ්.. මම තමුසෙට ආදරේ කරා... එදා අර සිද්ධිය වෙනකන්ම.. ඒත් තමුසේ එදා මාව දාලා ගියාට පස්සේ මගේ හිතේ තමුසේ වෙනුවෙන් තිබ්බ ආදරේ මැරුනා... දැන් ඒකේ දූවිල්ලක්වත් නෑ.. මම දැන් ආදරේ ආයුග්ට විතරයි... ආ... තව දෙයක් අහගන්න.. මම තමුසේ මගේ පස්සෙන්ම ආව හින්දා කැමැත්ත දුන්නා මිසක් මම තමුසේගේ පස්සෙන් ඇවිල්ලා කැමැත්ත ගත්තෙ නෑ.. එඑක තමුසෙගේ අම්මට කියලා දෙන්වා.. අනික් දේ මේ වෙනකන් කවුරුත්ම නොදන්න දේ... මම තමුසෙට එහෙම හරි කැමතිවුනේ තමුසෙට අඅයුග්ගේ රූපේ තිබ්බ හින්දා... මොකද මම ආයුග්ව දැක්ක දවසෙම එයාට කැමති වුනා... පස්සෙ තමා ආයුග් හැසිරුනු විදිහයි තමුසේ හැසිරුන විදිහයි එක්ක මම තමුසෙට ආදරේ කරේ.. ඒත් තවදුරටත් ඒක එහෙම නෑ... ඒ හින්දා ආයේ මගේ දිහා බලන්නවත් මගේ පස්සෙන් එන්නවත් හිතන්න එපා.. මොකද මම දැන් තමුන්ගේ අයියාගේ වයිෆ්..."
" නෑ නෑ... ඒක වෙන්න බෑ.. ආරු ඔයා ආදරේ මට.." ආයුශ්.
ඒක එක්කම ආරු ආයුග්ගේ පැත්තට හැරිලා ආයුග්ගේ ෂර්ට් එකෙන් අල්ලලා ආයුග්ව ආරු දිහාට නවාගෙන ආයුග්ව සිප ගත්තා.
ඊටපස්සේ ආයුග්ට සමච්චල් හිනාවක් දාලා දෙන්නම ඇතුළට ගියා.
ඒ වෙනකොට ගේ ඇතුළේ ලොකු කතාවක් යන ගමන් තිබ්බෙ...
" මම මේ වලව්වයි ඉඩමයි ආයුග්ට දෙනවා..." සීයා.
" මොකක්... තාත්තේ ඔයා එහෙම කරන්නේ කොහොමද... තව දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ඒ අයට එතකොට..." බිමල් ආයුග්ගේ තාත්තා.
" ඇයි මම උබට දුන්න කොටහ තියෙන්නේ එතන තේ අක්කර දහයයි පොල් අක්කර විසි පහයි තියනවනේ ඒක බෙදලා දෙන්න..."
" තාත්තේ ඒත් එතකොට ආයුග්ට සෑහෙන කොටසක් හම්බෙනවා.. වලව්වම වටිනවා මිලියන 25ක් විතර.. තව තේ අක්කර පහයි රබර් අක්කර දහයයි.. වෙල අක්කර විස්සයි පොල් අක්කර පහළොවකයි තියනවා.. වලව්වේ වත්ත දෙනවා කියන්නේ ආයුග්ට මටත් වඩා පංගුවක් හම්බෙනවානේ... තාත්තේ මමනේ ඔයාගේ පුතා..."
" ඉතින්... ආයුග් මගේ මුණුපුරානේ.. ඇයි ආයුග් කියන්නේ උබෙත් පුතා උබට ඒක අමතක වුනාට... කොල්ලට මම මේ දේවල් දෙන්වා කියලා හිතාගත්තේ කොල්ලා පොඩිකාලෙමයි... මේවා මම හම්බ කරපුවා උබට මගේ ඒවට ඇඟිලි ගහන්න බෑ මම දෙන්නෙ මට ඕන කෙනාට...." සීයා සද්දෙන් කිව්වා.
" ඒකත් එහෙමයිනේ... එහෙනම් ඕන මඟුලක් කරගන්නකෝ... එහෙනම් අතේ පයේ වැඩ කරගන බැරි වුනාම ඌට කියලම කරගන්න..." බිමල්.
" මේ තමුන් ඒවා කියන්න ඕන නෑ මම කොහොමත් ආච්චිටයි සීයටයි බලනවා ඒ දෙන්නා මට මොනා දුන්නත් නැතත් මම ඒ දේ කරනවා... කරුණාකරලා යනවද කට්ටියම දැන් කෑවා නම් බිව්වා නම්...."ආයුග්.
" උබ කොහොමද එහෙම කියන්නේ ආ...." කියන ගමන් බිමල් නැඟිටලා ආවේ ආයුග් දිහාට.
ඒත් එක්කම ආච්චිගේ ආයුග්ගේ ඉස්සරහට ඇවිල්ලා,
" දැන් මම කියන්නේ පලයන් මෙතනින්... " කියලා බිමල්ව තල්ලු කරා.
බිමල් තරහෙන් පුටුවකුත් පෙරලලා කට්ටිය එක්කන් යන්න ගියා. ටෂ්මි නම් යන්න කලින් ආරුට ඇහැකුත් ගහලා බායි පාරක් දාලා ගියේ.
" මුන් ආවොත් මගේ ප්‍රෙෂර් වැඩිවෙනවා...." කියන ගමන් ආච්චි ඉඳගත්තා.
ඊටපස්සේ ඉතින් රෑ වෙනකන් හැමදේම සන්සුන්ව තිබ්බා. ඒත් රෑ ආයුග්ට ආව කෝල් එකක් හින්දා ආයුග්ට ආරුලා එක්ක ඉතුරු දවස් ගත කරන්න තිබ්බ එක නැති වුනා.
" ආරන්‍යා මැණික... මම තව දවස් දෙකතුනකින් පුලුවන් ඉක්මනට එන්නම්... ඔයාලා අඅච්චියි සීයයි එක්ක ඉන්න හදිසීයියක් වුනොත් කතා කරන්න... මට කෝල් ගන්න බැරි වුනොත් තරහා වෙන්න එපා... මම අනිවාර්යයෙන්ම යන්න ඕන...මම ටික්කට එන්න කිව්වා ඔයාලාගේ ආරක්ෂාවට මං ගිහින් එන්නම් මැණික...." කියලා ආයුග් ආරුගේ තොල්වලට සියුම් සිපුමක් තියලා නැවත නළල සිපගත්තා. ඊළඟට ආරුගේ කුස ළඟට ළං වෙලා.
" තාත්තා ඉක්මනට එන්නම් චණ්ඩියෝ...." කියලා කුසත් සිපගත්තා.
ආයුග් කාර් එක පැත්තට යන දිහා ආරු බලන් හිටියේ සෑහෙන දුකකින්. මොනාවුනත් ආරු පහුගිය දවස් ටිකේ ආයුග්ට සෑහෙන්න ළං වෙලා තිබ්බා.
ආයුග් කාර් එකට නැග්ගම ආරු දුවගෙන ගියේ කාර් එක පැත්තට. ආරු දුවගෙන එනවා දැකලා ආයුග් ඉක්මනට කාර් එකෙන් බැස්ස.
" මැණික ඇයි මේ..." කියලා ආයුග් අහද්දි ආරුගේ ගිහින් ආයුග්ගේ කරේ එල්ලුනා.
" පරිස්සමින් ඉක්මනට එන්න ආයුග්... මම බලන් ඉන්නවා..." කියලා ආයුග්ගේ පපුව සිපගෙන ආරු ගේ ඇතුළට දිව්වා.
ආයුග්ගේ කාර් එක යනදිහා ආරු බලන් හිටියේ කාමරෙ ජනේලේ ළඟට වෙලා. කාර් එක නොපෙනීම ගිහාම ආරු ඇවිල්ලා ඇඳෙන් ඉඳගෙන ආයුග්ගේ කොට්ටෙ තුරුල් කර ගත්තා.
" ආයුග් ඔයා මට ඔයාව නැතුවම බැරි කරා...."
නිරූ ආච්චි එක්ක නිදාගන්න ගිය හින්දා කාමරේ තනිවුනු ආරු ආයුග් එක්ක එයාගේ මතක අස්සෙත් තනිවුනා.
ආයුග්ගේ කොට්ටේ බදාගෙනම ආරුට නින්ද ගියා.
__________________________________________
හැමතැනම තියෙන්නෙ බල තණ්හාව නේද....
ආයුග් යන්න ඇත්තේ කොහෙද...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤