The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....


Previous Episode .....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-18



30th Episode .....❤️‍🔥


ආරු ඇඟත් හෝදගෙන ටවල් එකත් ඇඟේ පටලවගෙන එළියට ආවා. ඒත් එකපාර ඇඳේ කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැකලා කෙල්ල යටිගිරියෙන් කෑගැහුවා.


" කෑගහන්නෙපා යකෝ.... " කියන ගමන් ආයුග් ඇවිල්ලා ආරුගේ කට වැහුවා.


" ම්ම්ම්ම්....ම්....." ආරුට කතා කරගන්න බැරුව දඟලනවා.


" දැන් බලහන් අර ඩබල දුවගෙන එයි ඈ..." ආයුග් කිව්වේ දොර දිහා බලාගෙන.

මේ වෙලාවේ ආරු ආයුග් දෙන්නා ගොඩාක් ළං වෙලා හිටියේ. ආයුග්ට ආරුගේ ඇස් දිහා බලන් ඉදලා ඉබේම කටින් අත අයින් වෙලා තොල්වලට ළංවෙන්න ගත්තා. ආරුත් ආයුග් දිහාම බලන් හිටිය හින්දා ලොකු ගාණක් තිබ්බෙ නෑ. දෙන්නට දෙන්නා ළං වෙලා එකිනෙකාගේ හුස්මවදින තරමටම ළංවෙලා හිටියේ. ආයුග් ආරුගේ තොල්වලට බර වෙනවත් එක්කම ඇහුනේ ආච්චිගේ කටහඩ.


" අනේ දුවේ මොකද වුනේ...."


දෙන්නා ඉක්මනට අයින් වුනා.


" මුකුත් නෑ ආචිචි මෙයා මේ කැරපොත්තෙක්ට බය වෙලා...." ආයුග් කෑගහලා කිව්වා. ආරු ආයුග් දිහා බැලුවේ මොන තරන් ගල් පැලෙන බොරුවක්ද කියලා.


" දුවට කරදරයක් නෑ නේද කොල්ලෝ...."


" නෑ නෑ සුමනෝ මෙයා හොඳට ඉන්නවා... ඔයා බය වෙන්නෙපා... "


" හරි එහෙනම් ඉක්මනට එන්නකෝ කෑම කන්න..."


" හා හා..."


ආච්චි යන සද්දෙ ඇහුනට පස්සේ ආරු ඉණටත් අත්දෙක තියාගෙන බලන් හිටියේ ආයුග් දිහා.


" මොකද...."


" මොකක්ද මිනිහෝ ඒ කිවේ මම කවද්ද කැරපොත්තොන්ට බය වුනෙ...."


" නෑ ඉතින් සාමාන්‍යයෙන් කෙල්ලො බය කැරපොත්තොන්ටනේ..."


" ඒත් මම බය නෑ හරිද... ෂිහ්.. මොන තරන් ලැජ්ජාවක්ද...."


" මේ ඒක නෙවෙයි ඔහොම්ම ඉන්නද කල්පනාව..."


ආයුග් ආරුගේ උඩ ඉඳලා පහළට බලද්දි තමාඅ ආරුට මතක් වුනේ තාම ඉන්නෙ ටවල් එක පිටින් කියලා. කෙල්ල ඉක්මනට අත්දෙකෙන් පපුව වහගත්තා.


" ම්හ්... හරියට මම දැකලා නෑ වගේ...." ආයුග් මිමිණුවා.


" මොකක්ද කිව්වේ...." ආරු ඇස් දෙකත් කුඩා කරගෙන ආයුග් දිහා බලමින් ඇහුවා.


" නෑ මේ මමත් නාගන්න ඕන කියලා කිව්වේ... ගිහින් එන්නම්කෝ...." කිව්ව ආයුග් ටවල් එකක් අරන් බාතෲම් එකට ගියා.


ආයුග් නාලා එනකොටත් අඅරු තාම කාමරේ.


" මොකෝ තාම කාමරේ..."


" මට තනියම යන්න බෑ ඒකයි...."


" හ්ම්ම්... යමු එහෙනම්...."


ආරුලා යනකොට නිදන් හිටිය නිරූත් ඇහැරිලා ආච්චියි සීයයි එක්ක එකතුවෙලා. නිරූට ආච්ව්වයි සීයවයි හොඳට හිතට අල්ලලා.


ආරු එනවා දැක්ක නිරූ සීයාගේ ඔඩොක්කුවෙන් බැහැලා ආරු ළඟට දුවගෙන ආවා.


" අම්මී අපි ආත්තියි තීයයි අපේ ගෙදල එක්කන් යන්... එයාලා තෝයි අනේ..."


" එහෙමද.... ඒත් නිරූ ආච්ච්‍යි සීයයි නම් මේ ගෙදර දාලා කොහෙවත් යන්නෑ.. ඔයාට තමා ආච්චියි සීයයි එක්ක ඉන්න වෙන්නේ..." ආයුග් නිරූව වඩා ගන්න ගමන් කිව්වා.


ආච්චි ආරු ළඟට ඇවිල්ලා ආරුගේ අතින් අල්ලන් ගිහින් පුටුවක ඉන්ඳුවා.


" අනේ.... ඒත් බබාත අම්මි ඕනනේ... ඒනම් අම්මිටත් මේ ඉන්න කීමූ... "


" අම්මිගෙන් අහන්න බලන්න මෙහෙ ඉන්න කැමතිද කියලා..."


" අම්මී අපි මෙහෙ ඉමු... තීයා කිව්වා හෙට අලි බලන්න යන් කියලා.. මේ තීනවලු ගඟක්... තා මොනාද තීයේ තීනවා කීවේ බබාත මතක නෑනේ..." නිරූ.


" ම්ම්.. තව ගොඩක් දේවල් තියනවා නිරූ බබා දියඇලි තියනවා.. හේන් තියනවා... පන්සල් තියනවා..."


" ඒකනේ අම්මී..."


" හරි හරි නිරූ බබෝ... අපි මෙහෙ ඉමුකෝ..." ආරු.


" දුව දැන්ම කනවද... නැත්තන් මොනාහරි බීලා ඉන්නවද..."


" මුකුත් ඕන්නෑ ආච්චි... බඩගිනි නෑ..."


" ඒත් දුවේ මේ කාලෙට බඩගින්නේ ඉන්න හොඳ නෑ.. මේ කාලෙට දෙන්නටම ඇතිවෙන්න හොඳට කන්න ඕන..."


ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවේ මේකත් ආච්චිලා දන්නවද කියලා..


" එයා දිහා බලන්නෙපා දුවේ... කොල්ලා අපිට හැමදේම කිව්වා... මම මේ යකාට බැන්නත් එක්ක කිසිම දෙයක් දුරදිග බලන්නෙ නැතුව කරනවට... " සීයා ආයුග්ට රවන ගමන් කිව්වා.


" දුවේ ආයේ මේ කොල්ලා මොනා හරි කරදරයක් කරොත් කියන්නකෝ මම හොඳ පාඩමක් උගන්නන්න..." ආච්චි.


ආච්චියි සීයයි එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉඳලා කට්ටිය කෑමත් කාලා ආයේ තවත් වෙලා කතා කර කර ඉඳලා නිරූට නින්ද ගිහාම තමා කට්ටිය නිදියන්න ගියේ.


ආයිග් නිරූව ඇදෙන් තියලා ටැබ් එක අරන් ආවේ ආරු ළඟට. ආරු හිටියේ ඇඳේ වියලට හේත්තු වෙලා. කටින් නොකිව්වට ආරුට දැන් ඉස්සර වගේ ගොඩාක් වෙලා ගමන් යන්න අමාරුයි. අනික කාලත් හිටිය හින්දා ආරුගේ කටත් අප්පිරියාවෙන් ඇඹරි ඇඹරි තිබ්බේ.


" ආරන්‍යා... මට මේ යාලුවෙක් එව්වේ ඉන්විෂාන් ඩිසයින් එකක්.. බලන්නකෝ ඔයා කැමතිද කියලා මේකට.. නැත්තන් ඔයා දැනට හිතාගෙන ඉන්න එකක් තියනවද..."


" ම්ම්.. නෑ.. දැනට නම් නෑ දෙන්න බලන්න..." කියලා ආටු ටැබ් එක ගත්තා. ආයුග් ඒ ඉන්විටේෂන් එක ගැන විස්තර කරන්න ගත්තා.


" ඕක මේ ළඟදි ආව ඩිසයින් එකක්.. අපි ඔය වගේ කාඩ් එකක් ගිහින් දෙනවා ඒ කෙනාට... ඊටපස්සේ පේනවනේ ඔය තියන QR code එක... ඒක ස්කෑන් කරහම වෙඩින් එකේ විස්තර පෙන්නනවා ඔය තියෙන්නේ අන්න ඒ ව්ඉදිහට.. කොහෙද තියෙන්නේ කවද්ද තියෙන්නේ ආන් ඒ ඔක්කොම.. අනික් එක තමා අපිට පුලුවන් රිසෙප්ෂන් එකෙන් මේ කර්ඩ් චෙක් කරලා කට්ටියව ඇතුළට ගන්නත්...."


"ම්ම්...  interesting...ඒකත් මරු හැබැයි... ම්ම්ම්.... මම කැම්ති මේකට... ඒත් ෆොටෝස් ගන්න වෙනවා නේද එතකොට කල් යන්නෙ නැද්ද..."


" ආ ෆොටෝස් ගන්න මෙහෙ ඕන තරන් ලොකේෂන් තියනවා ඒ හින්දා අවුලක් නෑ.. ඕන්නන් හෙට ගිහින් අපි ඒ තැන් බලලා එමු අනිද්දට ෆොටෝ ටික ගහලා කාඩ් ටික ප්‍රින්ට් එකට දාමු.. මේ සතිය ඇතුළත කට්ටියටම ඉන්විටේෂන් යවලා ඉවර කරන්න පුලුවන් එතකොට...."


" ඒකත් හොඳයිනේ.. එහෙනම් එහෙම කරමු.. අහ්..." කියලා ආරු එකපාර කෙදිරි ගෑවා.


" ඇයි ඇයි මොකද වුනේ... " ආයුග් කලබලෙන් ආරුගෙන් ඇහුවා.


" ආහ්.. නෑ නෑ මේ ගොඩක් වෙලා ඉඳන් හිටිය හින්දා වෙන්නැති කොන්ද රිදෙනවා..."


" මොනාහරි ගාන්නද..  "


" නෑ එපා එපා... අවුලක් නෑ... ඒක ටිකකින් හරියයි... නිදාගත්තම ඕවා ගාණක් නෑ..."


" හරි එහෙනම් නිදාගන්න..." කියලා ආයුග් ගියේ නිරූගේ එහාපැත්තට.


" ඔයත් මේකෙද නිදියන්නේ..." ආරු.


" නැත්තන් යකෝ මේක මගේ කාමරේනේ..."


" හෑ.. ඒත්..."


" මම තමුසෙව කන්නෑ නිදාගන්නවා හලෝ...."


ආරු අඅයුග්ට රවලා නිදාගත්තා. ආරුට ඉක්මනටම නින්ද ගියේ මහන්සියත් එක්කම. ආයුග්ට නම් නින්ද ගියේ නෑ. ආයුග් කරේ ආරුගේ මූණ දිහා බලන් හිටිය එක.




පහුවදා උදේ ආරු නැඟිටිනකොට දැක්කේ නිරූ ආයුග්ට තුරුල්වෙලා හොඳට නිදියන් ඉන්න හැටි.


ආරුට මතක් වුනේ මේ විදිහටම නිරූට ආයුශ් එක්ක නිදියන් හිටිය විදිහ. ඒත් අද ආරුට හිතුනේ නිරූට දැන් හොඳ තාත්තා කෙනෙක් හම්බෙලා තියනවා කියලා.


ආරු මූණ හෝදගෙන එහෙම කුස්සිය පැත්තට ගියේ හොඳ සුවඳක් ආව හින්දා. ඒ යනකොටත් ආච්චි නැඟිටලා වැඩ.


" අනේ දුව උදෙන්ම නැගිට්ටද..."


" අද වෙන්දටත් වඩා පරක්කු වෙලා නැගිට්ටේ ආච්චි.. මොනා ද අප්පා උයන්නේ මාර සුවඳයිනේ..."


" ආ.. ඒ නම් මේ කරවල බැඳුම වෙන්නැති... මම සම්බෝලයක් හදලා කරවලා බැඳුමක් හැදුවා.. ඇතිද දුවේ නැත්තන් තව මොනාහරි හදන්නද.. "


" අම්මෝ හොඳටම ඇති අඅච්චි... මගේ කටට කෙළත් ඉනුවා... "


" එහෙනම් දුවට බෙදලා දෙන්නද බත් ටිකක්..."


" එපා ආච්චි දැනම කන්න බෑ කට්ටියම ඇහැරෙනකන් ඉමුකෝ..."



එදා ආයුග් ආරුව ගම වටේ එක්කන් ගියා. ආරුව ගමේ අයට අඳුන්වලා දුන්නා. නිරූ නම් මාරම සතුටකින් හිටියේ. ගමේදී හම්බුනු පොඩි ළමයි එක්ක සෙල්ලම් කරා. ආයුග්ගේ සීයා ගමේ මුලාදෑනියා හින්දා ගමේ අය මාරවිදිහට ආයුග්ට ගරු කරා. කුඹුරු, හේන් මේ හැමතැනම ඇවිද්දා. අන්තිමට ආයුග් ආච්චිගෙන් බැනුනුත් ඇහුවා ආරුව මහන්සි කෙරෙව්වා කියලා. හවස ආරු ආච්චි එක්ක කුස්සියට වෙලා කැම හදන්න උදව් කරා. ආච්චි ආරුට උදව් කරන්න ඉඩ දුන්නෙත් නෑ.


" ආච්චි එතකොට ආයුග් පොඩිකාලේ ඉඳලම මෙහෙද හිටියේ...."


" අවුරුදු දහයේ විතර ඉඳන් හිටියේ දෝණි.. කොල්ලා ශිෂ්‍යත්වේ ලිව්වට පස්සෙ තමා ඒ ගෑණිගෙන් බේරෙන්නහම්බුනේ... අනේ මගේ කොල්ලට ඒකි දුන්න වදයක්... මගේ පුතා අපි එක්ක කාලයක් කතා නොකරත් හිටියේ.... දුවට කියන්න ඒකි මගේ කොල්ලගෙන් ගෙදරම වැඩ ගත්තා...අනේ අර චූටි කාලේ ඒකා කොහොම වැඩ කරන්නද... ගේ අතුගානවා ම්දුල අතුගානවා රෙදි හෝදනවා ඔක්කොම දාස වැඩටික කරේ මේ අසරණයා... මම කී පාරක් නම් කොල්ලව ඉල්ලුවද ඒකි කිව්වේ ස්කෝල මාරු කරන්නයි අරකයි මේකයි කරන්න බෑ අන්තිමට කියලා කියලා කොල්ලව මෙහෙ ස්කෝලෙකට දාගත්තා විභාගේ ලිව්වට පස්සේ.. ඒත් ඒකි මේ කොල්ලව අතහැරියේ නෑ නිවාඩු මාසවල ගෙන්නගත්තා කොල්ලා ගෙදර එනකොට කෙට්ටුවෙලා කලු ගැහිලා... ඒ මදිවට ඇඟේ හැමතැනම ගුටිකාපු පාරවල්... ඇත්තමයි ඒ ගෑනිව මගේ පුතාට බන්ඳපු එකට මම මටම සාප කරගන්නවා... "


" ආච්චි ඇයි ඒ සරලා නැන්දා එච්චර නපුරු... අනික ආයුග් කියපු දෙයක්වත් එයා එදා අහලා නෑනේ...."


" ඒ  ගෑනි මේ කොල්ලා ඉපදුනු දවසේ ඉඳන් කරේ වෙනස්කම් දුවේ... දුවට කියන්න මේ කොල්ලා ඉපදෙනකොට හදවතේ හිලක් තිබ්බා කොල්ලව වීදුරු පෙට්ටියේ දාලා තිබ්බේ මේගෑනි නිකමට ආවේ නෑනේ කොල්ලා ළඟට අනික් දරුවා එක්කම හිටියා... ඒ දවස්වලත් මමම තමා කොල්ලා ළඟ ඉඳලා කොල්ලව බලාගත්තේ... "


" ආයුග් පව් ආච්චි... මම.. මමත් එයාට නපුරු වුනා...."


ආයුග් දුක්විඳලා තිබ්බ හැටි අහලා ආරුගේ ඇස්වලට කඳුලු උණලා තිබ්බේ..


" නෑ දුවේ... එතන ඔයාගේ කිසිම වැරැද්දක් නෑ... මේකා හැසිරිලා තියෙන්නේ සතෙක් වගේනේ එතකොට ඉතින් ඕනමකෙනෙක් ඔහොම වෙනවා... දුව ඒ අතින් බලද්දි මේ කොල්ලට සමාව දීලා... ඇත්තටම ඔයා හරිම හොඳයි දුවේ.. මට ද්ඇන් සැනසීමේ මැරෙන්න පුලුවන් මේ කොල්ලා සතුටින් හින්දා...."


" සුමනෝ එහෙම කොහොමද ඉක්මනට මැරෙන්නේ ආ... තාම 18යිනේ.. මගේ ළමයිව බන්ඳලා දෙනකන්වත් ඉන්න ඕනා.. එනවා මෙතන...."


ආයුග් කුස්සියට ඇවිල්ලා ආච්චිගේ කරට අතක් දාගන්න ගමන් කිව්ව. ආරු දිහා බලද්දි තමා ආයුග් දැක්කේ ආරුගේ ඇස්වල තියන කඳුලු. ඉකමනට ආච්චිව අතහැරලා ආරු ළඟට ආව ආයුග් ආරුගේ මූණෙන් අල්ලලා කඳුලු පිස දැම්මා.


" ඒයි මොකද මේ අඬලා.. සුමනා මොනාද මෙච්චර වෙලා කිව්වේ ඔයා මගේ වයිපරේට බැන්නද..."


" අනේ මේ කොල්ලෝ මගේ දෝණිට බනින්න මට පිස්සු කියලා හිතුවද... යනවා යන්න.. එනවා මෙතන... "


" ආරන්‍යා ඇයි අඬන්නේ ආ...."


" නෑ ආයුග් මුකුත් නෑ..."


" එහෙනම් නිකන් අඬන්නේ පිස්සුද... මේ එනවකෝ ගමනක් යන්න...."


" අනේ අප්පා තව නම් කොහෙවත් යන්න බෑ මගේ කකුල් රිදෙනවා..."


ආයුග් ඒ එක්කම ආරුව වඩාගෙන එක්කන් ගියේ ගෙදර තවත් කාමරේකට. කාමරේට ගිහින් ලයිට් එක දැම්මම තමා ආරු දැක්කේ තිබ්බ ඇඳුම් ටික.


" වාව්... ඒවා ලස්ස්නයි ආයුග්... කොහෙන්ද ගෙනාවේ..."


" මම ඊයේ රෑම සංජනාට කිව්වා තෝරලා එවන්න කියලා... මෙහෙ එන්නකෝ තව දෙයක් තියනවා මේක තමා විශේෂම...."


ආයුග් අරුව එක්කන් ගියේ ඩමියක් ළඟට. ඒක රෙද්දකින් වහලා තිබ්බේ ආයුග් ආරුට ඉඟි කරේ රෙද්ද අයින් කරන්න කියලා.


ආරු රෙද්ද අයින් කරා. ඒත් ඒ තිබ්බ දේ දැක්කම ආරුගේ හද ගැස්ම වැඩිවෙලා ඇඟටම පණ නැතිවුනා. වැටෙන්න ගිය ආරුව අල්ලගත්තේ ආයුග්.


ආයුග් ආරුව එයාගේ පැත්තට හරවගත්තා.


" ආරන්‍යා මට සමාවෙන්න... මමයි ඔයාට තුවාල කරේ ඒ හින්දා මටම ඒ තුවාලේ සනීප කරන්න දෙන්න... ප්ලීස්.. මම කැම්ති නෑ ඔයා ඒ මතකෙන්ම ජීවත් වෙනවට... "


එතන තිබ්බේ ආරු මීට අවුරුදු තුනකට කලින් ඇන්ඳ සුදු ගවුම වගේම ගවුමක්. ඒක තනිකර ඒ ගවුමම තමා.


" ආරන්‍යා මාව විශ්වාස කරන්න.. මම කිසිම කෙනෙක්ට ඔයාට වේදනාවක් දෙන්න ඉඩ දෙන්නෙ නෑ... එහෙම කරනවුන්ට මම ජීවත් ව්එන්න දෙන්නෙම නෑ... "කිව්ව ඩමි එකේ තිබ්බ ගවුම ගලවලා අතට අරන් ආරුට දුන්නා.


ආරු ගවුම දිහාම බලාගෙන හිටියේ ඒ ප්‍රණ මතක තාමත් හිත ඇතුළේ හොල්මන් කරන හින්දා.


" ආරන්‍යා ප්ලීස්... ඒ අතීතයට යන්න දෙන්න..." ආයුග්ගේ වචන ඇහෙද්දි ආරුටත් තේරුනා හැම්දාම එයා ඒ දේවල් ගැනම හිත හිත හිටියොත් ඉස්සරහට යන ගමන තවත් අමාරු වෙනවා කියලා.


ආරු ආයුග්ගේ අතට ආයේම ගවුම දුන්නා. ඊටපස්සේ එයා ඇඳන් හිටිය ටී එක ආයුග් ඉස්සරහම ගලවලා දැම්මා. ආයුග් එළියට යන්න ගියත් ආරු නවත්ත ගත්තා.


ආරු ආයුග්ගෙන් ගවුම අරගෙන ඇඳගෙන ගැහෙන ගමන්.


ආයුග් ආරුව බඳාගත්තේ ආයුග්ගේ හිතේ තිබ්බ දුව පසුතැවීම නැතිකරගන්න වගේ.


ආයුග්ගේ ඇස්වලින් වැටෙන කඳුලු ආරුගේ උරහිසට වැටෙද්දි ආරු ආයුග්ව ඈත් කරලා ඒ කඳුලු පිහ දැම්මා.


ආරු ආයුග් එක්ක මේ ගත කරපු ටික දවසෙන් ආයුග් කියන්නේ හොඳ කෙනෙක් කියලා තේරුම් අරන් තිබ්බේ. ඇත්තමට ආරුට දැනුනේ එයාට නිකන්ම නිකන් රිදී ගොඩක් නැතිවෙලා ඒ වෙනුවට දියමන්තියක් ලැබුනා වගේ හැඟීමක්.


ඔව් ඒ වෙලාවේ ආරු ආයුග්ට සමාව දුන්නා.



පහුවදා උදේම කොළඹින් ටීම් එකක්ම ආවේ ෆොටෝෂූට් එක කරන්න. හවස් වෙනකන්ම තැන් තැන්වලට ගිහින් දෙන්නා ෆොටෝ ගත්තා. ඔය අතරේ සංජනාටත් කෝල් එකක් අරන් කතා කරන්නත් ආරු අමතක කරේ.


රෑ කෑමත් අරන් ආරු නිරූ ළඟට යද්දි,


" අම්මී මං අද ආත්ති එක්ක දොයියන්නම්... මං දවල් ආත්තිගේ ඇඳේ දොයිය ගත්තනේ ආත්ති මත කතාවක් කිව්වා.. ඒක තෝක් අනේ මම ආත්ති එක්ක ඉන්නම්..."


" ආච්චි පව්නේ නිරූ...."


" අනේ පිස්සුද දෝණි මම තියාගන්නම් නිරූ මැණිකව...."


ආරු කාමරේට ආවේ හොඳටම මහන්සියෙන්. ආරුගේ කකුලුත් හොඳටම රිදෙනවා.


ටිකකින් ආයුග් ආවේ කාමරේට බාම් එකකුත් අරගෙන. කෙලින්ම ආරුගේ කකුල් දෙකත් අරගෙන බාම් ගාන්න ගත්තා.


" අම්මෝ.... මාර සනීපයි ඈ....."


" මට තේරුනා හවස හම්බෙන හම්බෙන තැන ඉඳගන්නකොට... "


දෙන්නා අතරේ කතා බහක් වුනේ නෑ. ආයුග් ආරුගේ කකුල් පැය භාගයක් විතර මසාජ් කරා. ආරු ඒ අතරේ කරේ සංජනා එවලා තිබ්බ වැඩ බලපු එක. ඔය අතරේ තමා ආරුට රට නම්බර් එකකින් කෝල් එකක් ආවේ. ආරුට එක එක අයගෙන් කෝල් එන හින්දා ආරු ඒකත් ඉතින් ආන්ස්වර් කරා.


" හෙලෝ අක්කේ..."


" චූටි නංගී...." ආරු පුදුමෙන් කිව්වා.


" අම්මෝ ඔයාට කෝල් එකක් ගන්න නැතුව මම කාපු කට්ටක්... අම්මා මට ඔයාට කෝල් ගන්න එක තහනම් කරා.. මම මැනේජර්ගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හදද්දි අම්මට මාට්ටු වෙලා දවස් දෙකක් කතා කරේ නෑ... මොන මඟුලක් වෙලාද මන්දා... මොකද අක්කේ දැන් ඔයාට.. මම එතකොට ආයේ පුංචියෙක් නේ... ෂෝක් අප්පා..."


" මං හිතුවේ ඔයත් මාව අතහැරලා දාලා කියලා..."


" පිස්සුද අක්කේ.. ඔයා නැත්තන් මම අද මේ වගේ තැනක ඉන්නවද.. අනික මම ඔයා එක්ක තරහ වෙලා තියනවද කවදාවත්... මේ බලන්න එන්න විදිහක්වත් නෑ අප්පා.. අම්මා කිව්වා එක්කෝ අම්මට තෝරගන්න නැත්තන් ඔයාව තෝරගන්න කියලා.. මම මොනා කරන්නද කියන්නකෝ අක්කේ.. අම්මා හෙනට නපුරු වෙලා නිකනුත් බනිනවා දැන්.. "


" මගෙයි වැරැද්ද චූටි නංගි... ඕනම අම්මා කෙනෙක් මේ වගේ වෙලාවට ඔහොමනේ හැසිරෙන්නේ...."


" ඒත් අක්කේ... අම්මා ඉවසන්නේ නෑනේ..."


" එයා අවුරුදු කීයක් නම් ඉවසුවද දැන් ඇතිනේ චූටි නංගි... ඒ ගැන කතා නොකර ඉමු..."


"හ්ම්ම්.... ඒක නෙවෙයි මොකද කරන්නේ දැන් රෑ නේද...."


" ම්ම්.. නිදියන්න යන්නේ...."


" එහෙමද... කෝ නිරූ... ඒ කච කචේ නැතුව පාලුයි අප්පා..."


" නිරූට ආච්ව්හියෙකුයි සීයෙකුයි හම්බෙලා ඒ හින්දා ද්ඇන් මාව අම්අතකයි..."


" ඈ... ඒ මොකක්ද ඒ..."


" අපි ඉන්නේ ආයුග් අයියගේ සීයලාගේ ගෙදර.."


" හෑ ඔයා මොකද එහෙ කරන්නේ.. අනික ඔයා අඅයුග් අයියා එක්ක තරහයිනේ..."


" ඒ ඉස්සරනේ දැන් නෑ... මට හම්බෙන්න ඉන්නේ ආයුග් අයියගේ දරුවෙක්... අපි මෙහෙ ආවා නිවාඩුවකට..."


" එහෙමද... අක්කේ පරිස්සමින්... මම ඔයා තරන් ලෝකේ ගැන දන්නේ නෑ.. ඒත් මම ඔයා දුක් විඳිනවට කැමති නෑ...."


" මම දන්නවා... මම සතුටින් ඉන්නේ.. වෙන්දටත් වඩා... "


ඒ එක්කම එහා පැත්තෙන ඇහුනේ සෙතූට කවුරු හරි කතා කරන සද්දයක්.


" අක්කේ මම ආයේ පස්සේ දවසක ගන්නම්... ඉන්ටවල් එක ඉවරයි... බායි පරිස්සමින් ඉන්න..."


" හරී ඔයත් පරිස්සමින්...."


ආරු කෝල් එක කට් කරලා බැලුවේ ආයුග් දිහා. තාමත් කකුල් දෙක මසාජ් කරනවා...


" දැන් ඇති ආයුග්...."


ආයුග් ඊටපස්සේ ආරු ළඟින් ඇවිල්ලා ඉඳගත්තා.


" ආරන්‍යා මට පොඩි දේකට ඉඩ දෙනවාද..."


" මොකක්ද..."


" මට පොඩ්ඩක් දරුවව අහන්න...."


ආරු එයා ඇඳන් හිටිය නයිට් ඩ්‍රෙස් එක ඈත් කරේ කුස පේන විදිහට.


ආයුග් කුසට කන තියලා ටික වෙලාවක් හිටියා.


" එයාට මම කියන ඒවා දැන්ම ඇහෙන්නේ නෑ නේද..."


" ම්හ්.. තව මාසෙකින් දෙකකින් වගේ ඇහෙයි තාම චූටියිනේ... "


" මට හැමදාම බබාව අහන්න දෙනවද... මට එතකොට දැනෙනවා අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නේ නෑ...."


" මේ ඔයාගෙත් දරුවා ආයුග් එඑකට ඔයාට අයිතිය තියනවා...."


මේ දවසට දෙකට ආරුගේ වුන වෙනස් වීම ආයුග්ට ලොකුම ලොකු දෙයක්. ආරුව බදාගත්ත ආයුග් හිස සිප ගත්තා.


" අද එතකොට අපි දෙන්නා තනියම නේ...." ඊටපස්සේ ආරුගේ කනට කරලා කෙඳිරුවා.


" මේ පිස්සුද හලෝ අයින් වෙන්න...." කියලා ආරු අඅයුග්ව ඈත් කරලා.


ඒත් ඉතින් ආයුග් ආරුව පපුවට තුරුල් කරගෙන නිදාගත්තා.


පහුවදා උදේ ආරු ඇහැරෙද්දි ආයුග්ගේ අතක් ආරුගේ ඇඟ වටේ ගිහින් අනිත් අත ආරුගේ බඩ උඩ. ආරු ශේප් එකේ ආයුග්ගේ අත් අයින් කරන්න හැදුවත් ආයුග් ආරුව තව ටිකක් තද කරලා බදාගත්තා.


" ආයුග්... ආයුග්... නැගිටින්නකෝ.... මට වොෂෲම් යන්න ඕනා..." ආරු අඅයුග්ට තට්ටු කර කර කියද්දි තමා ආයුග් ආරුව ලිහිල් කරේ.


" ආයෙම එන්න නිදාගන්න.. මට තව දවස් ගාණක් නිදාගන්න පුලුවන් ඔයා ළඟ ඉන්නවා නම්..."


" පිස්සුද ආයුග් දැනටමත් අටට කිට්ටුයි.. මම යනවා..."




උදේ කෑම එහෙම අරන් ඉවර වෙලා ආච්චි නිරූ එක්ක ළඟ ගෙදරකට ගියේ කැවුම් උයන්න තියනවා කියලා.


ආරු ගම වටේ ඇවිද්ද්ට ගෙදර වත්තේ ඇවිද්දේ නැති හින්දා ආරු ගෙදර වටේ ඇවිඳින්න ගත්තා. ආරු කලින් දවසෙත් දැක්කා ගෙදර ළඟින්ම යන ඇළ පාර. ආරු ගියේ ඒ පැත්තට. ඇළ පාර ළඟට ගිහින් ඒ ළඟ තියන ගල්පරයක් උඩ ඉඳගත්තම තමා ආරු දැක්කේ ළඟ තිබ්බ පේර ගහ. පේර දැක්කම කෙල්ලගේ කටට කෙළ ඉනුවේ ඉබේටමයි. ඒත් ඉතින් පේර කඩන්න තරන් උසක් නෑනේ. උඩ පනින්නත් බයයි. ආරු කියන්නෙත් ඉතින් කොට ඩයල් එකක් තමා. ඉස්සි ඉස්සි අමාරුවෙන් කොළයක් අල්ලගත්තත් කොළේ විතරක් කැඩිලා අතට එනවා.


ආරු ව්අරුවක් තිස්සේ පේර ගෙඩියක් කඩාගන්න ඔට්ටු ව්එන දිහා ආයුග් ඈත ඉඳන් බලන් හිටියේ. ආයුග්ට හිනත් එක්ක. ඇයි අඅරු පේර ගෙඩියක් කඩාගන්න බැරිවුනාම ගහටත් බනිනවා ඉඳගෙන. ආරු බැරිමතැන ගිහින් ආයේ ගල්පරේ උඩ ඉඳගෙන ඇළට ගල්ගහහා හිටියා. ඒ එක්කම තමා ආරුගේ ඔඩොක්කුවට පේර ගෙඩි දෙකක් වැටුනේ.


ආරු පුදුමෙන් හැරිලා බලද්දි දැක්කේ පේර ගෙඩියක් කකා ඉන්න ආයුග්ව.


" ඔයා කොයිවෙලේද ආවේ..."


" ඒකේන් වැඩක් නෑනේ... මොකද කියන්නේ ඇළට බහිනවද.."


" අම්මෝ මට නම් බෑ.. "


" බයයිනේ..."


" බයද කියලත් අහනවා..."


" මම ඉන්නවනේ.. බය නැතුවා බහිනවා..."


" අනේ මට බෑ...."


ආරු පේර ගෙඩියක් කද්දි ආයුග් ටී ෂර්ට් එකත් ගලවලා ඇළට බැස්සා. ඒක ඒ තරන් ගැඹුරු නෑ. අනික ආයුග්ට මේ ඇල විතරක් එවෙයි ගමේ තියන ඕනම වැවක් වුනත් පුරුදුයි.


" දැන් එන්න..." ආයුග් ආරුට අත් දික් කරන ගමන් කතා කරා.


" අනේ ගැබුරු නැද්ද...."


" නෑ ඕයි මේ මම ඉන්නේ... තමුසෙට මම ගිලෙන්න දෙන්නෙ නෑ එනවාකෝ... මම ඉන්නවනේ..."


ආරු බයෙන් බයේ හෙමින් සැරේ වතුරට අඩිය තිබ්බා. ඒත් එක්කම අඅයුග් ආරුව ඇදලා ගත්තා. දෙන්නා වතුරට වෙලා ටික වෙලාවක් ඉද්දි ආරුගේ බය ටික ටික ඇරිලා ගියා. ඒත් ඉතින් ආයුග් ළඟින් නම් හෙල්ලුනේ නෑ. දෙන්නා පැයකටත් වඩා වතුරේ ඉඳගෙන සෙල්ලම් කරා.


මේ අතරේ තමා ගෙදරට කාර් එකක් ආවේ. ඒකෙන් බැහැපු කෙනෙක්ට ඇහුනේ ඇළ පැත්තෙන් එන ආරුගෙයි ආයුග්ගෙයි සද්දේ. දෙන්නා කෑගගහානේ සෙල්ලම් කරේ.


ඒ කෙනා ඇළ දිහාට ඇවිල්ලා බැලුවම දැක්ක දෙයින් ඇස් දෙක ඊර්ෂ්‍යාවෙන් පිරිලා ගියා.


_______________________________________


ඒ ගමන කවුද ආවේ නේ.....

බය වෙන්නෙපා බාල්දියක් නම් නෙවෙයි😁

ඔන්න කපල් එකත සෙට් කරා.. සතුටුයිනේ...

reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page