The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....


Previous Episode ....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-16


29th Episode .....❤️‍🔥



" තමුසෙ මොකද මෙතන කරන්නේ..."


" අහ්... සොරි... මම... මම..."


ඒත් ඊළඟට ආරු කිව්ව දෙයින් ආයුග්ගේ කටත් ඇරුනා.


" ආයුග් මාව මැරි කරනවා... මේ මාසේ ඉවර වෙන්න කලින්... හැම කෙනෙක්ටම එන්න කියන්න ඕන වෙඩින් එකට...."


" මොකක්..."


" මම කිව්වේ මේ මාසේ ඉවර වෙන්න කලින් මාව බඳින්න කියලා.. ඒක බෑ නම් කියනවා මම වෙන මිනිහෙක්ව හොයාගන්නම්... තමුසේ මගේ ළමයාගේ තාත්තා හින්දා කිව්වේ.. තව එකක් මම සමාව දුන්නා කියලා හිතන්නත් එපා.. මොකද මම තමුසෙව පාවිච්චි කරනවා විතරයි මගේ වැඩවලට...."


ආරු ඒ කිව්ව දෙයින් ආයුග්ගේ හිතේ තුවාලේ ආයෙමත් පෑරුනත් ඒ අස්සේ හීනියට සතුටකුත් තිබ්බා.


" ආ.. මම කැමතියි... කවද්ද වෙඩින් එක ගන්න ඕන... කොහෙද තියන්න ඕන.. ඔක්කොම ටික මම බලාගන්නම්...."


" හ්ම්ම්... එකපාර 1000ක්වත් දාන්න පුලුවන් luxury hall එකක් මට ඕන... කීයක් ගියත් කමක් නෑ.. අර නෑදෑයෝ කියන ඔක්කොම උන්ට අඬගහන්න ඕනේ.. එන්න බෑ කියන උන්ව බලෙන් හරි එක්ක එන්න ඕන..  විශේෂයෙන්ම ආයුශ්... මන්දනා.... සරලා... නයෝමි... ඒ වගේම මගේ අම්මා... ඒ හැමෝම එන්න ඕන... බලෙන් හරි ගෙන්නන්න ඕනේ...."


" හරි ඔයා කිව්ව විදිහටම කරන්නම්... වෙඩින් හෝල් එකට මම අලුතෙන් හදාගෙන යන හොටෙල් එක තියනවා  ඒකේ ඕපනින් එක මම ලබන මාසේ තියන්න හිටියේ එහෙම වුනොත් මම මේ මාසෙම ඕපන් කරලා අපේ වෙඩින් එකට ලෑස්ති කරන්නම්...  "


"හ්ම්ම්....."


එතනින් පස්සේ දෙන්නා අතරේ කිසිම කතාබහක් තිබ්බේ නෑ.. ආරු මුහුද දිහා බ්අලාගෙන ලොකු කල්පනාවක වැටිලා හිටියා. ආයුග් හොරෙන්ම බලාගෙන හිටියේ ආරු දිහා. ආරු දිහා කොච්චර බලන් හිටියත් ආයුග්ට එපා වෙන්නෙ නම් නෑ.


ටික වෙලාවකට පස්සේ ආරුගේ ඔලුව එකපාර පැත්තට කඩාවැටෙන්න වුනේ ආරුට නින්ද ගිහින්. ආයුග් ඉක්මනට ආරුව එයාගේ උරහිසට ගත්තා. ආරු ඇහැරෙයි කියලා තවත් පැයක් විතර බලන් හිටියත් ආරුට ආයුග් ළඟ හොඳටම නින්ද ගියා. මුහුද හුළඟත් එක්ක ආව සීතල නිසා ආරු අන්තිමට ආයුග්ගේ පපුවටම තුරුල් වුනා.


ආයුග් හෙමින් සැරේ ආරුගේ හිස සිප ගත්තා. ඊටපස්සේ ආරුව එක්ක ගිහින් ආරුගේ කාර් එකෙන් තිබ්බේ ආරුව ඇහැරෙන්නේ නැතිවෙන්න.


ආයුග්ගේ ජීප් එක කොල්ලෙක්ට ගේන්න කියලා ආයුග් ආරුගේ කාර් එකේ  ගෙදර ආවා. නිරූව ඇනී අම්මා නිරූගේ රූම් එකට එක්ක ගිහින් තිබ්බා. ආයුග් ආරුව ඇඳ උඩින් තියලා සෙරෙප්පුත් ගලවලා බෙඩ්ෂීට් එක පිරෙව්වා. තාමත් ආරු හොඳට නිදි. ආරුගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොදක් හදලා ආයුග් හෙමින් සැරේ ඒ පාර ආරුගේ දෙතොල් සිප ගත්තා. pregnancy එක හින්දා වෙන්නැති ආරුට තදින්ම නින්ද ගිහින් තිබ්බේ. ඊටපස්සේ ආයුග්ගේ දැන් දවස් ගාණක ඉඳන් තිබ්බ එයාගේ ආසාවක් ඉෂ්ට කරගත්තා. ආරුගේ ටී එක චුට්ටක් උස්සලා ආරුගේ කුස ආයුග් ආසාවෙන් අතගෑවේ තමන්ගේ දරුවා අතගානවා වගේ හැඟීමකින්. ටිකකින් ආයුග්ටත් ආරු ළඟම නින්ද ගියේ ආරුගේ කුසට අතතියාගෙනමයි.



පහුවදා උදේ ආරුට උදේම ඇහැරුනා. ආරුට එයාගේ කුස උඩින් වෙන්දා නැති අමුතු ස්පර්ශයක් වගේම බර ගතියක් දැනුන හින්දා ආරු ඉක්මනට ඇස් ඇරලා බැලුවා. එතකොට තමා ආරු දැක්කේ ආයුග් එයාගේ කුසට අතක් තියාගෙන ඇඳට ඔලුව තියන් නිදාගෙන ඉන්න විදිහ.


" තමුසේ මොකද මගේ කාමරේ කරන්නේ...." ආරු එකපාර කෑගැහුවේ ආයුග් ගැස්සිලා ඇහැරෙද්දි.


" අහ්.... මම...." ආයුග්ට එකපාර එයා ඉන්න තැන හිතාගන්න බැරුව වටපිට බැලුවා. වටපිට බලලා රවාගෙන ඉන්න ආරු දිහා බැලුවම කොල්ලට බයටම කෙළත් ගිලුනා.


" අහ්... මේ... මම යන්නම්...." කියලා ඉක්මනට කාමරෙන් එළියට දිව්වා.



ආරු උදේට කාලා එහෙම වෙඩින් එකට ඇඳුම් බල බල ඉද්දි සංජනා ආවා.


" ආරු උබ මේ ආයුග් අයියව බඳින්න යනවා කියන්නේ ඇත්තද...."


" හ්ම්ම්..."


" අම්මෝ ඇති යන්තම්...."


" ඒත් මම එයාට සමාව දුන්නෙ නෑ...."


" මොකක්... එහෙනම් මොන මඟුලකටද..." සංජනා කියද්දි ආරු ටැබ් එකේ ඕපන් කරලා දුන්නේ pdf එකක්. සංජනා ඒක අරන් බැලුවම දැක්කේ වෙඩින් ඉන්විටේෂන් එකක් තියෙන්නෙ කියලා.


ඒකත් මන්දනාගෙයි ආයුශ්ගෙයි.


" මුන් යකෝ... ලැජ්ජ නැතුව උබටම එවලනේ... පොඩ්ඩක් හිටපන් එතකොට උබ මේ හදිස්සියේ බඳින්න හඳන්නේ මුන්ට පේන්නද...උබට ශුවර්ද මේ දේ කරන්නම ඕන කියලා... කසාදය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි බන්... මම කියන්න ඕන නෑ උබ හොඳටම දන්නවනේ ඒ ගැන.. හරි මනුස්සයා තෝරගත්තෙ නැත්තන් වෙන දේ උබ හොඳටම දන්නවනේ..."


" මම ආයුග්ගෙන් යැපෙන්නේ නෑනේ බන්... අනික මට හිතෙනවා මම ආයුග් එක්ක මොන තරහෙන් හිටියත් මේ දේට ගැළපෙනම කෙනා ආයුග් කියලා... මොකද ආයුග් කියන්නේ.... ම්හ්... ඒක ඕන්නෑ...."


" උබට හොඳයි කියන දේ කරපන්... හැබැයි පසුතැවෙන්න ඉඩක් තියන්නෙ නැතුව... දැන් කොහෙද වෙඩින් එක තියන්නේ උබ උඩරටනේ අදින්නේ..."


" ආයුග්ගේ හොටෙල් එකකම තමා තියන්නේ... western අඳින්නේ බන්... වෙන්න ඕන දේවල් ඔක්කොමත් වෙලා ළමයෙකුත් බඩේ තියාගෙන පෝරුවල නඟින්න බෑනේ...."


" ඒකත් ඇත්ත තමා... දැන් ඩ්‍රෙස් එකක් බැලුවද..."


" ම්ම්... බලන ගමන්...."


සංජනාත් එබුනේ ආරු බලන ඩ්‍රෙස් ටික බලන්න... ඒ ටික දැක්කම සංජනාගේ ඇස් නළලේ..


" මොනාද යකෝ ඔය... උබ මැරි කරන්නද යන්නේ ඩිවෝස් වෙන්නද යන්නේ... යකෝ වෙඩින් එකට කළු අඳින්නේ මොකාද... "


" සංජූ... උබ හොඳටම දන්නවනේ මම සුදුපාටට කැමති නෑ කියලා..."


" යකෝ එහෙම කියලා... මට මතක් වෙන්නේ අර ඩ්‍රාමා එකකුත් තිබ්බා ඔය වගේ කලුපාටට ඇඳගෙන ඩිවෝස් එක ගන්න... උබ කලු පාට අඳිනවා නම් මම එන්නෙ නෑ වෙඩින් එකට එච්චරයි..." කිව්ව සංජනා එළියට ගියා.


සංජනා එද්දි සරසුත් ආවා. සරස් හිටියේ ආයුග් එක්ක කතාවක.


" අඩෙහ් නංගි උබව බඳින්න හදන්නේ අරුන්ට පේන්නද එතකොට..."


ආයුග්ටත් ඉන්විටේෂන් ඇවිල්ලා තිබිලා සරස්ට ඒක පෙන්නුවා.


" එහෙම හරි කමක් නෑ බන්... එයා එක්ක ඉන්න පුලුවන්නේ...."


" අනේ මන්දා බන්... මේවා ඉතින් උබේ වැරැද්දෙන්ම උබ ඒවා තමා... ඒකත් හරි ඒත් බන් කවීන්ට මොකද කරන්නේ ඌ ආයේ අනිවාර්යයෙන්ම එනවා නංගිව හොයාගෙන. ඌ කොහොමත් නංගි එක්ක තරහෙන්නේ ඉන්නේ...."


" ඒකත් එහෙම තමා... වෙඩින් එකට කලින් ඌව ඉවරයක් කරන්න ඕන..."


එතකොටම තමා සංජනා ආවේ ආරුටත බැන බැන.


" ම්හ්... මං නම් එයි වෙඩින් එකට.... ඇඳපන්කෝ කළු...."


" මොකද සංජූ... " සරස්.


" අරකිට පිස්සු හැදිලා.. වෙඩින් එකට කළු අඳින්න හදනවා...."


" කළු.... සුදුනේ අඳින්න ඕනේ..." සරස්.


" එයා සුදු අඳින එක නැවැත්තුවේ... ඔයාගේ මහලොකු යාලුවා හින්දා තමා...."


ආයුග්ට ඒ වෙලාවේ තමා මතක් වුනේ කලින්දවසක ඒ ගැන ආයුශ් කිව්වා නේද කියලා.


ආයුග් ඊටපස්සේ ගියේ ආරුගේ රූම් එකට. ආයුග් යද්දිත් ආරු තාම ඇඳුම් තෝරනවා.


" ආරන්‍යා මාත් එක්ක ගමනක් යන්න එන්න පුලුවන්ද...."


ආරු ආයුග් දිහා අමුතු විදිහට බැලුවා.


" අර්...මේ ගමේ යන්න ඕනේ... මගේ ආච්චියි සීයයි බලන්න.. දැන් සෑහෙන කාලෙකින් ඒ දෙන්නව දැක්කෙත් නෑ ඒකයි...."


" ඉතින්... ඒකට මං මොකටද ගිහින් බලලා ආවා නම් ඉවරනේ...."


" නෑ මේ මම හිතුවේ ඔයා ගමට ආස වෙයි කියලා... අනික නිරූට එහෙම දැකලා නැති දේවල් ගොඩක් බලාගන්න පුලුවන්... මේ අනික අපේ බබාටත් හොඳයිනේ ඔයා ඒ වගේ තැනක සන්සුන්ව ඉන්න එක.. සමහර විට ගමේ කෑම කද්දි එහෙම ඔයාට දැනෙන අප්පිරියාව අඩු වෙන්නත් පුලුවන්... නිරූ ගැනම හිතන්නකෝ කොච්චර නම් දේවල් දැකගන්න පුලුවන්ද..."


ආයුග් කතාවෙන්ම ආරුගේ හිත වෙනස් කරන්න හැදුවා. ආරුටත් ආයුග්ගේ කතාව ගැන හිතද්දි හිතුනා එයා මේ දවස්වල ඉන්න පීඩනෙත් එක්ක ගමක් වගේ තැනකට ගියොත් හොඳයි කියලා.


"ම්ම්... හොඳයි... කවද්ද යන්නේ දවස් කීයකටද..."


" ම්ම්... දැන් වුනත් යන්... සතියකට විතර ගිහින් එමු නේද..."


" සතියක්... එතකොට වෙඩින් එකේ වැඩ...."


" ආ.. ඒ ගැන කලබල වෙන්නෙපා.. ඔයා කරන්න ඕන දේ විතරක් කියන්න මම ඕකොම ටික කරලා දෙන්නම්... මෙහෙ වැඩ ඔක්කොම හරියට වෙයි ඔයාට තියෙන්නේ සැනසීමේ ඉන්න.... මොකද කියන්නේ දවල්ට කාලා පිටත් වෙමුද එතකොට රෑ වෙන්න කලින් යන්න පුලුවන්..."


" okay...."



ආයුග් ආරුගේ රූම් එකෙන් එළියට ආවේ මාර සැනසීමකින්.



ආරුලා දවල් ආයුග්ගේ සීයලාගේ ගෙදර යන්න පිටත් වුනා. ආයුග්ගේ සීයා ගෙදරත් තිබ්බේ නුවර තමා. ඒත් ඒ පැත්ත නියම ග්‍රාමීය බවක් තිබ්බ ගමක්.


ආරුලා යන මඟදි නිරූට නම් ප්‍රශ්න ගොඩයි.


" අම්මී අපි කොහෙද යන්නේ...."


" ආයුග් ඔයාම ප්‍රශ්නවලට උත්තර දෙන්න එක්කන් ආව නම්..."


" බබා.. අපි යන්නේ මගේ සීයවයි ආච්චිවයි බලන්න...."


" තාත්තිගේ ආත්තිත් මගේ ආත්ති වගේද..."


" නෑ මැණික... මගේ ආච්චි ගොඩාක් වයසයි..."


" මං අහන්නමයි හිටියේ... නිරූ කවදා ඉඳන්ද මෙයාට තාත්තේ කියන්නේ.. එදා පාර්ටිය දවසෙත් කිව්වා..."


" ඒක සීක්ලට් එකක්නේ තාත්ති..."


" ඒකනේ මැණික.... "


" ආයුග්...."


" අහ්... හරි මේකයි වුනේ... එක දවසක් නිරූ මාත් එක්ක බීච් එකේ සෙල්ලම් කර ක්අර ඉද්දි...."


" නිරූ ඔයා එක්ක බීච් එකේ සෙල්ලම් කරේ එකදවසයි එදා මමත් හිටියා..."


" නෑ මේ.. නිරූ බීච් එන හැම්දාම මම එයා එක්ක හිටියා... එදා කොහොමහරි පොඩි ළමයෙක් නිරූ එක්ක සෙල්ලම් කරන්න ඇවිල්ලා එයාගේ තාත්තා මේවා අරන් දුන්නා.. එයාගේ තාත්තා මෙහෙමයි අරහෙමයි කිය කිය හිටියා... තව දවසක ආයෙම ඒ ළමයම ආවා... එදත් නිරූට ඒ ගැනම කිව්වා.. කෙල්ලට ඇඬෙන්න ඇවිල්ලා හිටියේ ඊටපස්සේ මම ඒ කොල්ලට ටොක්කුත් ඇනලා මම තමා නිරූගේ තාත්තා ඈත්වෙලා හිටපන් කොල්ලො කිව්වා.. එදයින් පස්සෙ ඒ කොල්ලා ආයේ බීච් ආවෙත් නෑ නේද නිරූ..."


" ඒතනේ... තාත්තී මලු... තාත්ති එක්ක බීත් ගියාම මලු අම්මී තාත්ති මත අයික්කීම් වද ඔක්කොම අලන් දුන්නා.. තාත්තී ආයේ යන් ඈ.. අම්මිත් එක්ක යන්..."


" මරු තාත්තයි දුවයි..." කියලා ආරු ෂටර් එකෙන් එළිය බලාගත්තා.


නිරූ ආසාවෙන් කියවනකොට අඅරුට ගොඩක් සතුටුයි. අනික නිරූ අඅයුග්ට කොච්චර එකතුද කියලා ආරුට තේරුනා. පහුගිය දවස් ටිකේ ආයුග් නිරූව බලාගත්ත විදිහට ආයුග් නිරූට කොච්චර ආදරේද කියලත් ආරුට තේරුම් ගිහිල්ලා තිබ්බේ. ඒ දේවල් හින්දා ආරුගේ ආයුග් ගැන තිබ්බ තරහ චුට්ට චුට්ට අඩුවෙන ගමන් තිබ්බේ. සමහර විට මේ ගමනින් පස්සේ නැත්තටම නැතිවෙලා යන්නත් ඉඩ තියනවා.


ආරු මෙහෙම එළිය බලාගෙන ඉන්නකොට තමා දැක්කේ පාරේ කඩ පේළිවල බඩ ඉරිඟු තියනවා. ඒවා දැක්කම කෙල්ලට නිකන්ම කටට කෙළත් ඉනුවා. බඩ ඉරිඟු ගන්න වුවමනාව තිබ්බත් ආයුග් එක්ක කතා කරන්න බැරි හින්දා සද්ද නොකර හිටියා. ඒත් ඉතින් ආයුග් ආරුගේ හැම ඉරියව්වක් දිහාම කාර් එක ඩ්‍රයිව් කරන් ගියත් අවදානෙන් හිටිය හින්දා කාර් එක පැත්තකින් නවත්තලා ගිහින් බඩ ඉරිඟු අරගෙන ආවා.


" මේකේ තම්බපු එක තියනවා. මේකේ පුච්චපු ඒවා තියනවා ඔයා ආස හින්දා මිරිස් දාගෙන ආවේ... නිරූට තම්බපු එකෙන් දෙමු ඒ හින්දා...."


ආරුට ආයුග් ගැන පුදුමත් හිතුනා. ආරුව ආයුග් කොයි තරන් හොඳට තේරුන් අරන් ඉන්නවද කියලා.


ආරු පිඹ පිඹ අමාරුවෙන් කන දිහා බලන් හිටිය ආයුග්ට හිනත් ගියා. ඊටපස්සේ ආයුග් ආරුගෙන් බඬ ඉරිඟු කරල අරන් නිවලා දිලා ඩ්‍රයිව් කරන් ගියා.


" ඔයා කන්නේ නෑ...." ආරු ආයුග්ගෙන් ඇහුවා.


" මම කන්න ගියොත් තවත් රෑ වෙනවා.. එතකොට මේ පාරවල්වල යන එක ටිකක් අමාරුයි..."කියලා ආයුග් කිව්වා.


ආරු ඊටපස්සේ එයා කකා හිටිය එකම ආයුග්ට දික් කරද්දි ආරු දිහ ආයුග් පුදුමෙන් බැලුවා.


" ම්ම්.. කන්න...."


ආයුග් ඒකෙන් කටක් කෑවේ හිතෙ ඇතුළෙන් හෙණ සතුටෙන්.


ටික දුරක් යද්දි සීතලත් වැඩි වුන හින්දා නිරූව නින්දට වැටුනා. මෙච්චර වෙලා නිරූ හිටියේ ආරු ළඟ හින්දා ආරුටත් ටිකක් අමාරු බව පෙනුන නිසා ආයුග් කාර් එක නතර කරලා නිරූව පිටිපස්සෙන් තිබ්බා. ආරුට එකදිගට ඉඳගෙන ඇවිල්ලා ටිකක් මහන්සි හින්දා එයත් කාර් එකෙන් බැස්සා.


ආයුග් කාර් එක නවත්තපු තැනට ඈත ලස්සන වීව් එකක් පෙනුනා. ආරු ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඈතින් දිය ඇලි දෙක තුනක්ම චූටියට පේනවා. ෆයින් ගස් ගොඩ ඒ අතරින් පතර රෝසම රෝස පාටින් වැහුන රොබරෝසියා ගහක් දෙකක්.


" ලස්ස්නයිනේ...." ආයුග් ආරු ළඟට ඇවිල්ලා ඇහුවා.


" හ්ම්ම්... නගරේ තියන කලබල ගතිය නැතුව මේ නිස්කලංකව තියන කොට හිතට ලොකූ සැනසීමක් දැනෙනවා..."


" එහෙනම් ඔයා සීයලාගේ ගෙදරට ගොඩක් ආසවෙයි... එහෙ මීටත් ව්අඩා ලස්ස්නයි... මම ඔයාව ගම වටේම එක්කන් යන්නම්කෝ..."


" ආච්චියි සීයයි මොකද කරන්නේ...."


" ම්ම්.. ඒ දෙන්නා වතුපිටි බලගෙන ඉන්නවා.. එයාලා අක්කර සීයක් විතර එක එක ජාති වගා කරලා තියනවා.. ඉතින් උදේ ඉදන් හවස් වෙනකන් ඒවා එක්ක තමා..."


" හරි ලස්සන ඇති එයාලාගේ ජීවිතේ..."


" ඔව්... මං කවදාහරි රිටයර් වුනාම ඒ වගේ ජීවිතය්ක් තමා ගෙවන්න කැමති... ඔයත් කැම්ති නම් එන්න..."


"ම්ම්... මේ.. මම... ඇයි ආයුග් ඔයා මට කැමති.. එහෙම නැත්තන් මට අනුකම්පා කරනවද...." ආරු ආයුග් දිහා නොබලා ඉස්සරහා පේන වීව් එක දිහාම බලාගෙන ඇහුවා.


" ඔය මම කියන දේ විශ්වාස කරයිද නැද්ද දන්නෙ නෑ ආරන්‍යා.. මම ඔයාට ආදරේ කරන්න අරන් තියෙන්නේ ඔයාව දැක්ක මොහොතේ ඉදලමයි... එදා මම ඔයාගේ බෝඩිමට ආවේ අන්න ඒ වෙලාවේ... හරි නම් මම එදා ඔයාව මරන්න ඕන... ඒත් මට ඔයාව දැක්කම ඒ ද්ඒ අමතක වුනා..."


" ඒත්.... ඔයා කියනවා වගේ දැක්ක ගමන් ආදරේ හිතෙන්න මම ඒ කාලේ ලස්සන නෑනේ..."


" ලස්සන කියන දේ වැඩක් නෑ ආරන්‍යා ආදරේ කරන්න... මම දන්නෑ මට ඒ වෙලාවේ මොකද වුනේ කියලා මට ඕන වුනේ ඔයාව මගේ කරගන්න.. මම ඔයාගේ පස්සෙන්ම හිටියා.. එද ඔයාගේ බෙල්ල කැපුනම මට පිස්සු හැදුනේ නැති ටික විතරයි... මට ඒත් ඒ වෙලාවේ තේරුනේ නෑ මම ඔයාට ආදරෙයි කියලා.... එදාම දිව්‍යා නැන්දව ද්ඇක්කම ඔයා එයාගේ දුව කියලා දැනගත්තම මට ඔයා ගැන තිබ්බ ආදරේ යටපත් කරගෙන ආවේ වෛරයක් ඒකයි මම අර වගේ කැත විදිහට හැසිරුනේ... ඇත්තමයි ආරන්‍යා මම මගේ ජීවිත කාලෙම පසු තැවෙයි ඔයාට ඒ කරපු දේට... පස්සේ ඔයා මට වුන හැම්දේම තේරුම් කරලා ආයේ ඔයාව හම්බෙන්න එන්න එපා කියලා ගියාම තමයි මට තේරුනේ මම ඔයාට ආදරෙයි කියලා.. ඒ ව්එනකොටත් ඔයා ආයුශ් එක්ක සතුටින් හිටිය හින්දා මම පැත්තකට වුනා... ඒත් එදා ක්ලබ් එකේදි මට මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුනා.. මට සමාවෙන්න ආරන්‍යා.. මට සමාවෙන්න...."


" thank you ආයුග්... "


" අහ්... ඒ මොනාටද...."


" හැමදේටම.. මම වෙනුවෙන් කරපු හැම්දේටම...මට සරස් අයියා කිව්වා වුන දේවල්... අනික මම ඔයාට ස්තූති කරන්න ලොකුම හේතුව මෙයා..." කියලා ආරු බඩට අත තියාගත්තා.


" මෙයාව මගේ ජීවිතේට දුන්නට ස්තූතියි ආයුග්.... දැන් යමු නේද....මම ඩ්‍රයිව් කරන්නද ඔයාට අමාරුද...."


" මේ පිස්සුද.. ඔයා ප්‍රෙග්නන්ට්... මට පුලුවන්...." කියලා ආයුග් ආරුට කාර් එකේ ඩෝර් එකත් ඕපන් කරලා දුන්නා.


හවස හය හමාර විතර වෙද්දි ආරුලා ආයුග්ගේ සීයලාගේ ගෙදර ආවා. පරණ විදිහට හදපු බංගලාවක් වුන ඒ ගෙදර දැක්කම ආරුට ගොඩක් අඅස හිතුනා.


ආරුලාගේ කාර් එක එනවා දැක්ක සාමාන්‍යයෙන් වයසක පහේ පිරිමි කෙනෙක් දුවගෙන ඇවිල්ලා ගේට්ටුව ඇරියා. ඊටපස්සේ ඒ කෙනා කාර් එක පස්සෙන්ම ඇවිල්ලා ආරුට දොරත් ඇරියා.


ආරු කාර් එකෙන් බහිද්දිම දුවගෙන ආවේ ආයුග්ගේ ආච්චි. අවුරුදු 70ක් විතර වගේ පෙනුම තිබ්බ ඒ කෙනා ඔසරියක් ඇදගෙන හිටියේ.


" අනේ දෝණි... එන්න එන්න... මහන්සිත් ඇතිනේ කාර් එකේම ඇවිල්ලා පැය කීයක්ද නේ... යන්කෝ අපි ගිහින් ඇඟ ටිකක් සෝදගෙනම කෑම ටිකක් කමුකෝ... අනේ මහත්තයෝ අපේ මේ චූටි මහත්තයා වැඩකට ඇති වැඩක් කියලා කරේ මේ වගේ සිරියාවන්ත කෙලි පොඩ්ඩක් එක්කන් ආව එක විතරයි...." ආයුග්ගේ ආච්චි කියවගෙන කියවගෙන ගියා. ආරු පුදුමෙන් හිටියේ ආච්චි හරියට ආරුව සෑහෙන කාලෙක ඉඳන් දන්නවා වගේ කතා කරපු හින්දා.


" අනේ නෝනේ.. ඔය දරුවට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්නවත් දෙන්න... බලන්න ඔයාගේ ඔය කියවිල්ලටම දරුවා බයත් වෙලාද මන්දා... දුවේ කෝ චූටි දුව...."


ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවේ එයාලා නිරූ ගැනත් දන්නවද කියලා.


" මේ ඉන්නේ සීයේ.. මෙයාට මඟදිම නින්ද ගියා... " ආයුග් නිරූව අතට ගමන් කිව්වා. සීයා ඉක්මනට ගිහින් නිරූව අතට ගත්තා.


මේ දෙන්නව මුණ ගැහිලා තාම විනාඩියක් දෙකක් ගියත් ආරුට මේ දෙන්නවම හිතට ඇල්ලුවා.


" එන්න දුවේ... අපි යන්කෝ ඇතුළට...." කියලා ආච්චි ආරුගේ අතින් අල්ලගෙන ගෙදර එක්කන් ගියා.


" ඒයි සුමනා... ඔයාට මේ අලුත් අය හම්බුනාම මේ ඔයාගේ ආදරණීය මුණුබුරාව අමතක වුනානේ..."


ආයුග් මූණත් ඇද කරගෙන නෝක්කාඩුවෙන් කිව්වා.


" අනේ වරෙන් කොල්ලො මෙන්න මෙහෙ ඔය සෝබන නැතුව...." ආච්චිත් ඊට නොදෙවෙනි වෙන්න කියලා ආරු එක්ක ඇතුළට ගියා.


ආරුට ඒ ගෙදර ඇතුළට ගියාමත් දැනුනේ හරියට අර ටීවී එකේ දැකලා තිය පරණ කාලේ තැනකට ආවා වගේ.


ආච්චි ආරුව එක්කන් ගියේ කාමරේකට.


" ඔන්න දුවේ... දුව එනවා කිව්ව හින්දා මම අස් කරා මේක නැත්තන් පිස්සන් කොටුව වගේ තිබ්බේ... දුවගේ බෑග් ටික බණ්ඩා කොලුවා ගෙනත් තියයි දුව ඇඟපත සෝදන් එන්නකෝ නාන්න යන්නෙපා දුවේ.. දේසගුණේ හොඳ නෑනේ...." ආච්චි ආරුගේ ඔලුවත් අතගාලා ගියා.


ආරු ඇඳ උඩ තිබ්බ ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා. ඒකත් පරණ කාලේ විදිහට හදපු එකක්.


ආරු ඇඟත් හෝදගෙන ටවල් එකත් ඇඟේ පටලවගෙන එළියට ආවා. ඒත් එකපාර ඇඳේ කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැකලා කෙල්ල යටිගිරියෙන් කෑගැහුවා.



__________________________________________

හැමදාම බාල්දි දාන්නත් හොඳ නෑනේ..

reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤



Report Page